IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


දන්සැල් අනාගතයට අනාවැකියක්

වියළි ආහාර බෙදන දන්සැල් පෝලිම් සාමාන්‍ය බත් දන්සැල් පෝලිම්වලට වඩා වෙනස් ය. බත් සහ මයියොක්කා දන්සැල්වලට යෑම නැතහොත් “දන්සැල් වැඳීම” කවුරු කවුරුත් පන්ති භේදයකින් තොරව අශාවට සහ විනෝදයට කරන්නකි. දන්සැල්වල බත් රහට බොහෝ අය කැමතිය. බඩදරු අම්මලා, ස්ත්‍රීන් සහ ළමයින් ඒ අතර ප්‍රධානය. එහෙත් කට්ටියක් බත් දන්සැල් වන්දනාවට යන්නේ එදා වේල පිරිමසා ගැනීමට බව අර  ආශාවට සහ විනෝදයට යන අය සමහරවිට දන්නේ නැතිව ඇති. විශ්වවිද්‍යාල සිසු අවධියේ අතිශයින්ම නැතිකම් වලින් දුක් විඳි අප එදා වේල පිරිමහ ගැනීමට දන්සැල් ගිය මතකය අමතක කොට නැත. 

ගෑස් මිලත් ඉහළ ගොස් ය. එළවළු ගොවියෝ තම නිෂ්පාදනවලට මිලක් නැති නිසා දුක් විඳිති. ඒවා වීසි කරති. ඔවුන්ව තලන පෙළන කූට අතරමැදියෝ ඉතිරිය සොච්චමකට කිරා ගනිති. වීසි කරන එළවළු කඳු දෙස බලා හිටින නාගරික සහ උප නාගරික පහළ මැද පාන්තිකයන් තමන්ට ඉහළ මිලකට එළවළු ගන්නට වීමේ හේතුව නොතේරී, ඒ අරුමය දැක හූල්ලති. අඩු ආදායම් ලාභීහු සහ කිසිදු ආදායමක් නැති දස ලක්ෂ ගණනින් වූ ජනයා භාණ්ඩ මිල සහ සේවා ගාස්තු ඉහළ යෑමේ නොනවතින අධි වේගය නිසා පවුල ඇතුළෙත් ඉන් පිට සමාජයේදීත් හැළියේ කුණු නෑඹිලියෙන් වසති. එවන් මොහොතක අනෙකුත් දන්සැල් පෝලිම්වලට වඩා වසරින් දික් වෙන වියළි ආහාර දන්සැල් පෝලිම් යනු මහා පාඩමකි.

කුඩයක් ඉහළා ගත් අතකින් දරුවකු වඩා ගත් මවකි. ඇගේ අනිත් අතෙහිපොඩිවුණු හිස් පොලිතින් මල්ලකි. ඒ අතේ එල්ලී සිටින තවත් බහ තෝරණ වයසේ දරුවෙකි. වීදියේ යනවුන් දෙස නොව අනෙක් පසට හරවා ගත් මුහුණු පෙරහරකි. මේ තරම් සෙනඟක් කොහෙන් ආවා දැයි හිතෙන තරමේ දිග පෝලිමකි. මේ පසුගිය මතභේදාත්මක වෙසක් පෝයට පෙර දින කිරිබත්ගොඩ නගරයේ දී මා දුටු දසුනකි. මේ නම් මුළු රටේම ව්‍යුහාත්මක අසාධාරණකම්වල සැබෑව හෙළිදරව් කරගැනීමට යොදා ගත හැකි  කදිම සාම්පලයකි.

ප්‍රමුඛ ඉස්ලාම් චින්තකයෙකු වූ ඉබන් ඛල්දුන් :ෂඉබ ණය්කාමබ* එක්තරා ආකාරයක උපහාසයකින් පෙන්වා දුන් ආකාරයට ආණ්ඩුවක් යනු තමන්ගෙන් සිදුවන අසාධාරණකම් වැළැක්වීම නොව අන් අයගෙන් සිදුවන අසාධාරණකම් වැළැක්වීම සඳහා ක්‍රියා කරන ආයතනයකි. මෙය ඉතා කදිම නිර්වචනයකි. ආණ්ඩුවක දෙපිටකාට්ටුකම වගේම ඇත්තටම ආණ්ඩුවක් කරන දේ ඉන් අඟවයි. 

එහෙත් ජනයාට වගකියන ශක්තිමත් සහ දියුණු ආණ්ඩු අනුන්ගෙන් සිදුවන අසාධාරණකම්වලින් ජනතාව ගලවා ගන්නවා පමණක් නොව ජනයාට තමන්ගෙන් අසාධාරණකම් සිදු නොවීමට ද වගබලා ගනියි. අවාසනාවකට අප කලක් තිස්සේ ජීවත් වෙන්නේ ආණ්ඩුවෙන් වෙන අසාධාරණකම් තබා පිටින් එළිපිටම සිදුවන අසාධාරණකම් වලින්වත්  අප බේරා නොගන්නා ආණ්ඩු යටතේ ය. මේ ආණ්ඩු අපව බේරාගන්නවා වෙනුවට කරමින් සිටින්නේ ඒ අසාධාරණකම් කරන්නවුන්ට පහසුකම් සහ අනුබල දීමය.

ගෑස් සමාගම්වල නැතහොත් ගෑස් වෙළෙන්දන්ගේ ඉල්ලීම් පිළිබඳව “සානුකම්පිතව” සලකා බලා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245 කින් වැඩි කිරීමට ආණ්ඩුව ඉඩ දුන්නේ රටේ පීඩිත ජනයාට ඔවුන්ගේම මුදල් වැය කොට එස්එම්එස් වෙසක් සුබ පැතුමක් එවන තරමේ සැහැල්ලු_වකින් ය. එසේ කළේ ගෑස් සමාගම් “ගෑස් මිල වැඩි කරනු, වැඩි කිරීමට ඉඩ දෙනු” යනුවෙන් පුවරු ඔසවාගෙන මහමඟට බැස ජල ප්‍රහාර, කඳුළු ගෑස් සහ පොලුමුගුරු පහර කමින් අරගල කළ නිසා නොව ඒ සමාගම් “විඳින අන්ත දුක” එසේ නොකර සිටිද්දීත් ආණ්ඩුවට දැනෙන නිසා ය. ඒ මේ ආණ්ඩුවේ සහ තිබුණු කොයි ආණ්ඩුවේත් මහා කරුණාවේ තරම ය. වැඩි වැටුප්, අලි වැටක්, තම නිෂ්පාදනවලට සාධාරණ මිලක්, බීමට දිය පොදක් ඉල්ලා පාරට බසින ජනයාට ආණ්ඩුවෙන් ලැබෙන්නේ කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් සහ මුගුරු ප්‍රහාර ය. වෙළෙඳ සමාගම්වලට ආණ්ඩුවෙන් ලැබෙන මහා කරුණාව ඒ පීඩිත ජනයාට ලැබෙන්නේ නැත. බලගතු වෙළෙන්දන්ගේ දුක දකින ආණ්ඩු ජනයාගේ දුක නොදකින හේතුව කුමක් ද? 

ජනයා මුළාවේ දමා ආණ්ඩු බලය උදුරා ගන්නා මැති ඇමතීන් ජනයා ගේ දැවෙන ප්‍රශ්න කෙරෙහි ආණ්ඩුවේ දී හෝ පාර්ලිමේන්තුවේ දී හෝ තීරණාත්මක අවධානයක් යොමු නොකරන හේතුව එක්කෝ අඥාන කම විය හැකිය. නැතහොත් කුහක කම විය යුතුය. පීඩිත ගොවීන්ටත් පාරිභෝගිකයන්ටත් සාධාරණයක් වන ලෙස වී, එළවළු, ලොකු ලූනු, රතු ලූනු, ගම්මිරිස්, දොඩම්, දෙහි වැනි කෘෂි නිෂ්පාදනවලට  මිලක් ලැබෙන ක්‍රමවේදයක් සැකසීමේ මුලෝපායන් පිළිබඳ මේ පාර්ලිමේන්තුව කිසිදු ප්‍රතිපත්ති සම්පාදන සංවාදයක් හෝ විවාදයක් පවත්වා තිබේ ද? භාණ්ඩ හා සේවා වෙළඳපොළේ සැහසිකම්වලින් සහ අසාධාරණකම්වලින් පීඩාවට ලක්වන ජනයා ඉන් ගලවා ගන්නේ කෙසේද යන්න පිළිබඳ මුලෝපා තබා අදහසක්වත් “අපේ ප්‍රතිපත්ති සම්පාදකයන්” සිටින පාර්ලිමේන්තුවට තිබෙන බවට සාක්ෂි තිබේ ද?

දශක ගණනාවක් තිස්සේ මගී ජනයා විඳින අනේකවිධ පීඩාවලින් ඔවුන් ගලවා ගෙන ඔවුන් වෙනුවෙන් ප්‍රශස්ත පොදු මගී ප්‍රවාහන සේවාවක් සැලසුම් කොට ක්‍රියාවට නැඟීමට අදාළ ප්‍රතිපත්ති සංවාදයක් හෝ විවාදයක් පාර්ලිමේන්තුව තුළ මෑත ඉතිහාසයේ සිදු කොට තිබේද? වැඩකරන  සියලු ජනයාට සාධාරණ වන ජාතික වැටුප් සහ කුලී ප්‍රතිපත්තියක් වෙනුවෙන් මේ පාර්ලිමේන්තුව වෙහෙස වී තිබේද? 

රෝහල්වල දිග ගැස්සෙන පොරොත්තු ලේඛන සහ රජයේ රෝහල්වල පහසුකම් පිළිබඳ අවධානය යොමු කොට, විධිමත් මුලෝපායික වැඩ පිළිවෙළක් සකසා ජනතාවගේ සෞඛ්‍ය සහ සුබසාධනය වැඩි දියුණු කිරීම පිළිබඳ දින ගණනින් වූ ප්‍රතිපත්ති සම්පාදන පාර්ලිමේන්තු විවාද ගැන ඔබ අසා තිබේද? “බදු ගෙවීම ඔබගේ යුතුකමකි” කියා ජනයා ගෙවන බදු මුදල්ම යොදවා දැන්වීම් පළ කරමින් බදු බර වැඩිකරන ආණ්ඩුව ඒ බදු මුදලින් පාලකයින්ගේ අධි සුඛ විහරණය සලසා ගන්නවා මිස ඒ බදු ආදායම දුෂණයකින් තොරව රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා යොදවන සැලසුම් තනන මුලෝපායික ප්‍රතිපත්ති සම්පාදන විවාද පාර්ලිමේන්තුව තුළ සිදු කොට තිබේද?

අඩුම තරමින් මහ මුහුදේ ගිල්වන නැව් සහ වෙඩි නොවදින රථ මහජන මුදල් බවට පත් කිරීමේ උපාය ගැන සංවාද පාර්ලිමේන්තුව තුළ ඔබ අසා තිබේද? රේගුව විසින් ගල් රෝල්වලට යට කොට විනාශ කළ ලක්ෂ 310ක් පමණ වටිනා අභ්‍යාස පොත්, පෑන්, පැන්සල් පෙට්ටි සහ සෙල්ලම් බඩු එසේ විනාශ නොකොට අග හිඟකම් ඇති ලක්ෂ ගණනින් වූ පාසල් දරුවන්ට බෙදා දිය යුතුය යන යෝජනාව මේ පොල්මඃක්කාර පාර්ලිමේන්තු හාම්පුතුන්ගේ මොළයට නොඑන එක ගැන ඔබ සිතිය යුතු නොවේ ද?  

ඒ ආකාර වූ පසුබිමක එනම් පොදු මහජන සමාජයට අදාළ, ඔවුන් පීඩාවට පත් කරන කිසිවක් ගැන තීරණාත්මක අවධානයක් යොමු නොකරන, දුක් විඳින ජනයාගේ දුකට සහ ඉල්ලීම්වලට අවධානය යොමු නොකරන පාලකයන්ගේ විශ්වාස භංග, පක්ෂ ප්‍රති සංවිධාන, පක්ෂවල තනතුරු වෙනස් කිරීම හෝ යළි පත්කිරීම, මේ ලිපිය ලියන මොහොතේ සිදු කරන කැබිනට් සංශෝධන, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමති සංශෝධන හෝ පත් කිරීම්, ඒ පැත්තට මේ පැත්තට මාරු වීම් යනාදිය  ජනයාට අදාළද? ඒවායින් පොදු මහ ජනයාට අත්වන සුගතිය කුමක් ද?

විශේෂයෙන්ම විද්‍යාත්මක පදනමකින් සිදු කරනවා යැයි කියන කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමති සංශෝධන යනු ඒවා ලබන්නන් සහ වටේ සිටින්නන්ගේ සන්තෘෂ්ටියට හේතු වන ඒවා මිස රටේ දුක් විඳින ජනයාගේ සතුටට හේතු වන ඒවා නොවේ ය. මෙහි විද්‍යාත්මක පදනම යනු ඇමැතිකම ලබන්නාත්, පවුලේ අයත්, වටේ සිටින අයත් සතුටුවන ආකාරයෙන් පෞද්ගලික වරප්‍රසාද ලැබෙන සේ ඇමැති පදවි බෙදීමේ පදනම ය. එසේ නැතිව රට වඩාත් යහපත් තැනකට ගෙන යාමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා වූ විද්‍යාත්මක පදනමක් නොවන බව නම් සහතිකය. කැබිනට් ඇමති කමක් නොදීමෙන් තමන්ට විශාල පෞද්ගලික අසාධාරණයක් සිදුවූ බව කියමින් අනේක විධ චෝදනා සහ මැසිවිලි නගන  රාජ්‍ය ඇමති පියසේන ගමගේ ඒ නිසා රටට අසාධාරණයක් සිදු වූ බව නොකියයි. ඇත්තටම මේ කිසිවකුටත් ඇමතිකම් නොලැබුණා කියා රටට නම් කිසිදු අසාධාරණයක් සිදු වෙන්නේ නැත. ඉන් පෙනෙන්නේ මේ විද්‍යාත්මක පදනමේ සැබෑ ස්වරූපය ය. 

කෙසේ හෝ ආණ්ඩු බලය ඉදිරියට නඩත්තු කිරීමට අවශ්‍ය ඔළුගෙඩි ගණන රැක ගැනීම සඳහා වන විද්‍යාත්මක පදනම හැමටම වඩා ප්‍රබල ය. අපනයනය කිරීමට භාණ්ඩ සුලබ නැති, එනම්  මහ ලොකු නිෂ්පාදන ආර්ථිකයක් නැති රටක “රුපියල අවප්‍රමාණය වීම පැති ගොඩකින් හොඳයි” කියන අයද සහිතව මුළු ආණ්ඩුවම ඇමැතීන්ගෙන් පිරී ගොස් ය. 

මෙවැනි පසුබිමක මේ අයගේ පක්ෂ ප්‍රතිසංවිධාන රටට සහ පොදු ජනයාට අදාළ නැත. වැඩකුත් නැත. එසේම පාර්ලිමේන්තුව පුරා කෙටූ විකාර පච්චයක් සේ පෙනෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනවලින් ඇති පලයකුත් නැත. දැන් අත්‍යවශ්‍ය වන්නේ රටේ පොදු ජනතාව ප්‍රති සංවිධානය කිරීම සහ සංශෝධනය කිරීමය. එසේ නොවුණහොත් වසරකට සැරයක් හෝ දෙකක් වියළි ආහාර මලු_ බෙදන දන්සල් ඉදිරිපිට අප කාට කාටත් හිට ගැනීමට සිදුවනු ඇත. ඇතැම් විට දන්සලුත් නැතුව අහස දෙස බලා සිටීමට සිදු වනු ඇත. 

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ 
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ 
ධම්ම දිසානායක



අදහස් (1)

දන්සැල් අනාගතයට අනාවැකියක්

buddhi Saturday, 05 May 2018 06:54 AM

මේ අපේ ඡන්දදායක හරක් රැලෙන් ඇසිය යුතු පැනයයි. පීඩිත ගොවීන්ටත්, පාරිභෝගිකයින්ටත් සාධාරණයක් වන ලෙස වී, එළවළු, ලොකු ලූනු, රතු ලූනු, ගම්මිරිස්, දොඩම්, දෙහි වැනි කෘෂි නිෂ්පාදනවලට මිලක් ලැබෙන ක්‍රමවේදයක් සැකසීමේ මූලෝපායන් පිළිබඳ මේ පාර්ලිමේන්තුව කිසිදු විවාදයක් පවත්වා තිබේද? භාණ්ඩ හා සේවා වෙළඳපොළේ අසාධාරණකම් වලින් පීඩාවට ලක්වන ජනයා ඉන් ගලවා ගන්නේ කෙසේද යන්න පිළිබඳ අදහසක්වත් අපේ පාර්ලිමේන්තුවට තිබෙන බවට සාක්ෂි තිබේද? දශක ගණනාවක් තිස්සේ මගී ජනයා විඳින අනේකවිධ පීඩාවලින් ඔවුන් ගලවාගෙන ප්‍රශස්ත පොදු මගී ප්‍රවාහන සේවාවක් ක්‍රියාවට නැඟීමට අදාළ ප්‍රතිපත්ති සංවාදයක් හෝ විවාදයක් පාර්ලිමේන්තුව තුළ මෑත ඉතිහාසයේ සිදුකර තිබේද? වැඩකරන සියලු ජනයාට සාධාරණ වන ජාතික වැටුප් සහ කුලී ප්‍රතිපත්තියක් වෙනුවෙන් මේ පාර්ලිමේන්තුව වෙහෙස වී තිබේද? රෝහල්වල දිග් ගැස්සෙන පොරොත්තු ලේඛන සහ රෝහල්වල පහසුකම් පිළිබඳ අවධානය යොමු කර, විධිමත් මූලෝපායික වැඩ පිළිවෙළක් සකසා ජනතාවගේ සෞඛ්‍ය සහ සුබසාධනය වැඩි දියුණු කිරීම පිළිබඳ දින ගණනින් වූ ප්‍රතිපත්ති සම්පාදන පාර්ලිමේන්තු විවාද ගැන ඔබ අසා තිබේද?

:       88       67

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 150 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 17 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 146 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 185 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 134 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 187 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site