ගමනාගමනය හා සම්බන්ධයෙන් අද පවතින අලුත්ම රැල්ල අධිවේගී මාර්ග පද්ධතියයි. නැව් මඟින් සිදුකළ දේශ ගවේෂණයන්ට පසුව ඒ ඒ රටවල අභ්‍යන්තර ප්‍රවාහන මාර්ග මාදිලි බොහෝමයක් ඇති විය. උදාහරණයක් ලෙස දහනව වැනි සියවසේ අපේ රට තුළ ක්‍රියාත්මක වූ ට්‍රෑම් කාර් සේවාව දැක්විය හැකියි. එයින් නොබෝ කලකට පසුව අපේ රටේ ගමනාගමන ක්ෂේත්‍රයේ සුවිශේෂී වෙනස්කමක් ඇතිවිය. අදින් වසර එකසිය පනහකට වඩා වැඩි ඉතිහාසයක් හිමි එනම් 1845 වසරේදී ඇති වූ මෙම වෙනස්කම දෙස රට අභ්‍යන්තරයේ වූ බොහෝ ජනතාව පුදුමයට පත්කරවීමට සමත් වූවකි. ජනයා ඒ වෙනස දුටුවේ යකඩ යකෙකුගේ පැමිණීමක් ලෙසය. අද ඒ යකඩ යකා අඟුරු කන්නේද වතුර බොන්නේද නැත. නමුත් තවමත් අපේ රටේ ප්‍රවාහන අවශ්‍යතාවන්ගෙන් වැඩි කොටසකට දායකත්වය සැපයීමට දුම්රිය සේවාවට හැකිවී තිබේ. කඳු ගැට නැඟ පල්ලම් බැස බැස සද්දෙන් හොස හොස කෝච්චි එනවා.
කලක් යද්දී මිනිසුන් කෝච්චියට ආදරය කරන්නට පටන් ගත්තේය. අන්තිමේදී එය නැතුවම බැරි තත්ත්වයට ද පත් විය. මුල් කාලයේ ලත්තෑරුම් මඟින් සිදු කළ සංඥා දැක්වීම් අද වන විට විද්‍යුත් සංඥා පද්ධති දක්වා වර්ධනය වී ඇත. වසර එකසිය පනහක් තරම් දුර අතීතයක් සහිතව වර්ධනයවූ දුම්රිය සේවාවේ, කෞතුක වස්තු රාශියක්ද ඉතිරිව ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව මෙරට පෞද්ගලික සේවා අංශ කිහිපයක් සමඟ එක්ව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත මෙරට ප්‍රථම ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය කෞතුකාගාර ව්‍යාපෘතිය තවත් නොබෝ දිනකින් ආරම්භවීමට නියමිතය.
ඒ සඳහා සංකල්පීය දායකත්වය සැපයූ මෙරට ප්‍රකට නිර්මාණ ශිල්පියෙක් වූ අතුල මහවලගේ මහතා ඒ සම්බන්ධයෙන් දැක් වූ අදහස් සහ අප විසින් සොයා ගන්නා ලද තොරතුරු ආශ්‍රයෙන් මෙම ලිපිය සැකසේ.
යෝජිත නව දුම්රිය කෞතුකාගාරය ඉදිවන්නේ කොළඹ කොටුවත් මරදානත් යන දුම්රිය ස්ථාන දෙකට මැදිව පිහිටි සුවිශේෂී ස්ථානයකදීය. විමර්ශනය කරන ලද තොරතුරුවලට අනුව මෙරට ප්‍රථම දුම්රිය ස්ථානය වන්නේද එම ස්ථානයයි. 1845 වර්ෂයේදී කොළඹ සිට අඹේපුස්සට ගමන්ගත් ප්‍රථම දුම්රිය ගමන ආරම්භ වී ඇත්තේද එම ස්ථානයෙනි.
දුම්රිය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා දුම්රිය තාක්ෂණික කොටස් පන්සියයක පමණ ප්‍රමාණයක් මේ වන විට හඳුනාගෙන ඇත. ඊට අමතරව දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් භාවිතා කරන ලද උපකරණ, නිලධාරි ඇඳුම් ආකෘති, මුද්දර, දුම්රිය සම්බන්ධ ලේඛන, පුවත්පත් ආදී සම්පත් රාශියක් මෙම කෞතුකාගාරය සඳහා මේ වන විට එක්රැස්වෙමින් පවතියි. ඇතැම් දුර්ලභ දුම්රිය එන්ජින් වැනි දෑ ශ්‍රී ලංකාව පුරා පිහිටි විවිධ ප්‍රදේශවල ඇති දුම්රිය ස්ථානවල සංරක්ෂණය නොකෙරීම නිසා දිරාපත් වෙමින් පවතියි. ඒ සියල්ල මෙම කෞතුකාගාරයට එකතු කිරීමට නියමිත අතර දැනට දුම්රිය කෞතුකගාර වශයෙන් කොළඹ කොටුව හා කඩුගන්නාව දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඇති දුම්රිය කෞතුකාගාරවල නියම ආකාරයෙන් සුරක්ෂිත නොවී පවතින දුම්රිය කෞතුක වස්තු ද මේ මගින් යළි සංරක්ෂණය කිරීමට ද නියමිතව පවතියි.
මෙරට විදේශ සංචාරක ආකර්ෂණයට ලක්වීම සඳහා කොළඹ ආශ්‍රිතව පවතින්නේ ස්ථාන සීමිත සංඛ්‍යාවකි. ඒ අනුව යෝජිත නව ජාතික දුම්රිය කෞතුකාගාරය මගින් සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහා ද ඍජු දායකත්වයක් සැපයීමට නියමිතය. ව්‍යාපෘතියේ මූලික අරමුණක් වශයෙන් පවතින දකුණු ආසියාවේ හොඳම දුම්රිය කෞතුකාගාරය අප රට තුළ ස්ථාපිත කිරීමේ අරමුණ මේ ඔස්සේ සපථ කිරීමට ඔවුන් අපේක්ෂාවෙන් සිටියි. වසර එකසිය පනහකට වැඩි දුම්රිය ඉතිහාසය තුළ අප රටට ඉතිරි වූ මුල් කාලින දුම්රිය තාක්ෂණයේ උපාය මාර්ග පිළිබඳව ලෝකයේ බෝහෝ දෙනා අදටත් ඍජු අවධානයකින් පසුවේ. දුම්රිය ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව අධ්‍යයනය කරන බොහෝ අය අදටත් අප රටට පැමිණ විවිධ අධ්‍යයනයන්හි නිරත වේ. දේශීය මෙන්ම විදේශීය මට්ටමෙන් ද දුම්රිය ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව අධ්‍යයනය කරන බොහෝ අයට මෙම කෞතුකාගාරගත තොරතුරු බොහෝ අත්වැලක් සපයනු ඇත.
යෝජිත නව දුම්රිය කෞතුකාගාරය තුළ විශාල ප්‍රමාණයේ පුස්තකාලයක්, දුම්රිය ආකෘති, පැරණි දුම්රිය ස්ථාන ඒ ආකාරයටම නිරූපණය කිරීම සඳහා විඩියෝ පට, විවිධ නිරූපණයන් ආදිය ද යොදා ගැනීමට නියමිතය. මෙම දුම්රිය කෞතුකාගාරය ආශ්‍රිතව ජාත්‍යන්තර මට්ටමේ දුම්රිය කෞතුකාගාරවල ආදර්ශයන් රැසක් එක් කිරීමට යෝජිත අතර දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා විවිධ ආකාරයේ නැරඹුම් කුටි, ආපනශාලා, රථවාහන අංග, සමරු සටහන් මිලදී ගත හැකි වෙළෙඳකුටි ආදී අංශ රාශියක් ඇතුළත් කිරීමට නියමිතය. ඒ ඔස්සේ දේශීය ආයෝජකයන් රැසකට සහන සැලසීමට ද මෙම ව්‍යාපෘතිය මඟින් සැලසුම් කොට ඇත.
දිනකට පන්සියයක පමණ විදේශීය සංචාරකයන් ප්‍රමාණයක් මෙම දුම්රිය කෞතුකාගාරය නැරඹීමට පැමිණෙනු ඇතැයි මේ වන විට කරන ලද සමීක්ෂණ අනුව හෙළිදරව්වී ඇත. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදයන්ගේ කිසිදු දායකත්වයකින් තොරව ඉදිවන මෙම කෞතුකාගාරය සඳහා දිවයිනේ ප්‍රමුඛ පෙළේ බැංකු ඇතුළු ආයතන රැසක් මේ වන විට සිය මූල්‍ය ආධාර ලබාදීම සඳහා කැමැත්ත ප්‍රකාශ කොට ඇත.
දුම්රිය කෞතුකාගාරය සඳහා මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වෘත්තීය සමිති රැසක අනුමැතිය ලැබී ඇත. අදාළ යෝජනාව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ඇතැම් පුද්ගලයන් දක්වන විරෝධතාවය පදනම් විරහිත බවද තොරතුරු මගින් හෙළිදරව්වී ඇත. ජාතික මට්ටමේ කාර්යභාරයක් වන මෙම කෞතුකාගාරය ඉදිකිරීම් ක්‍රියාවලිය සඳහා විරුද්ධත්වය ප්‍රකාශ නොකරන මෙන් බොහෝ දෙනා ඉල්ලා සිටිති. රටට යම් ආදායම් මාර්ගයක් උත්පාදනය කරගැනීමට හා රැකියා අවස්ථාවන් උත්පාදනය කළ හැකි මෙම කෞතුකාගාරය ඉදිකිරීම සඳහා සහයෝගය ලබාදෙන මෙන් වෘත්තීය සමිති නියෝජනයන් තම සේවක ප්‍රජාවගෙන් ද ඉල්ලීම් සිදුකොට ඇත. තවද දුම්රිය හා සම්බන්ධ සමරු සිහිවටන සුරක්ෂිතව තබා ගෙන ඇති බොහෝ අයට මෙම ජාතික කෞතුකාගාරයට එවා එක්කිරීමෙන් ජාතික මෙහෙවරක් ඉටු කිරීමට ද හැකියාව, අවකාශය ඔබටද හිමිවේ.
පැරණි ආකෘතිවලට අනුව හා පැරණි සම්ප්‍රදායන්ට අනුව සියයට සියයක් පෞරාණික බව අරක්ෂිත කරමින් ඉදිකෙරෙන මෙම කෞතුකාගාරය දේශීයත්වයට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් ඉදිකෙරෙන්නකි.
දුම්රිය හා ලබැඳි ඔබටද මෙම කෞතුකාගාර ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමට හැකියාව ඇති අතර ඔබ සතු ශ්‍රම සම්පත් හා භෞතික සම්පත් මෙන්ම දැනුම් සම්පත් ද ඒ වෙනුවෙන් එක් කළ හැකිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්රිය උරුමය සුරකින්න කෞතුකාගාරයක්
සෑම් Thursday, 09 February 2017 04:53 AM
මුළු ලෝකෙටම තිබුණ එකම පටු ආමාන ගැරට් එන්ජිම පරණ යකඩ වලට කපලා විකුණපු රටට මොන කෞතුකාගාරද?? (නි)
රංග Wednesday, 08 February 2017 03:55 PM
දැනටමත් ප්‍රමාදයි.. (නි)
රංග Thursday, 09 February 2017 04:07 PM
සෑම් එක්ක එකඟයි..!! කැළණිවැලි මාර්ගයේ ඉතා වටිනා උපකරණ තිබුනා. ඔය ෆොටෝ එකේ තියන පටු ආමාන "සෙන්ටිල් කැමල්" රේල් කාර් එක ලෝකයටම ඉතිරි වෙලා තියෙන්නේ දෙකයි. සමහර එන්ජින් විදේශිකයෝ දැනටමත් ලංකාවෙන් රැගෙන ගිහින්..!! (නි)