නාස්තිය කුමක්දැයි අධ්‍යයනයක යෙදෙන කෙනකුට ශ්‍රී ලංකාව තරම් උදාහරණ සපයන වෙනත් රටක් තිබිය නොහැක. එහි අනෙක් විශේෂත්වය කොතරම් නාස්තිකාර වැඩක් සිදුවුවත් ඒ සම්බන්ධව චෝදනා ලබන කිසිවකු ද නොසිටීමය. හෝල්සේල් එකේ සිදුවන මේ නාස්තිකාර වැඩවලින් පීඩා විඳින්නේ රටේ ජනතාව මිස පාලකයන් නොවීම අවාසනාවන්තම තත්ත්වයයි.
දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 49,000ක් වටිනා අලුත් දුම්රිය එන්ජින් තොගයකින් වැඩක් නොගෙන ධාවනයෙන් ඉවත් කර තිබීම අපට මෑත කාලයේ අසන්නට ලැබුණු එවැනි ලොකුම නාස්තියක් බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවනු ඇත. අපට දැනගන්නට ලැබුණු රාජ්‍ය දේපළ හා සම්බන්ධ ලොකුම නාස්තිය වශයෙන් මෙය හඳුන්වා දිය හැක. කිසිවකුගේ ඇස නොගැටී නාස්තිකාර ක්‍රියා සිදුවන රටක මෙවැන්නක් දැනගන්නට හෝ ලැබීම තරමක අස්වැසිල්ලකි. අඩුම තරමින් එවැනි නාස්තිකාර ක්‍රියා වළක්වා ගැනීමට එය උදව්වක් විය හැකි බැවිනි. ඒ අර්ථයෙන් මේ නාස්තිය හෙළිකරන දුම්රිය ස්ථානාධිපති සංගමයට ස්තුතිය හිමිවිය යුතුය.
දුම්රිය ස්ථානාධිපති සංගමය පවසන පරිදි එක් එන්ජිමක් රුපියල් කෝටි 7000 ක් එනම් බිලියන 70 බැගින් වන දැවැන්ත වියදමක් දරා මෙරටට ගෙන්වා ඇත්තේ ඉන්දියාවෙනි. එහෙත් මේ වනවිට ධාවනයේ යොදවා ඇත්තේ එයින් 03ක් පමණි. ඉතිරි එන්ජින් 07ම දුම්රිය අංගනවල පල්වෙමින් තිබෙන අතර එයට හේතුව ඒවායේ පවතින විවිධ දෝෂ යැයි බලධාරීන් පවසන බව ද සංගමය ප්‍රකාශ කර තිබිණි. එසේ නම් එවැනි දෝෂ පවතින එන්ජින් මිලදී ගැනීමට කොළ කොඩිය වැනූ සියලුම බලධාරීන් මේ විශාල නාස්තියට වගකිව යුතුය.
මේ නාස්තිකාර වැඩේට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට බලධාරීන්ට හැකියාවක් නැත්නම් අඩුම තරමින් විෂය භාර අමාත්‍යවරුන්ට හෝ එම බලධාරීන් අවදි කරවා වගකිවයුතු නිලධාරීන් කවුදැයි සෙවීමට උනන්දුවක් තිබිය යුතුය. දුම්රියේ බලධාරීන් සමග දේශපාලන බලධාරීන් ද නින්දට වැටී සිටිත් නම් එය දුම්රිය මගීන්ට ද කරන බලවත් අසාධාරණයකි. දෝෂ සහිත මේ අලුත් එන්ජින් අනතුරුවලට ලක්වීමේ ප්‍රවණතාවක් තිබීමත් මෑතක දී එක් එන්ජිමක් පීලි පැන තිබීමත් මෙහි දී සියලු බලධාරීන්ගේ අවධානයට ලක්විය යුතුය.
දුම්රිය එන්ජින් 10ට ශ්‍රී ලංකාව වැය කර ඇති මුදල රුපියල් කෝටි 70,000 කි. එනම් බිලියන 700 කි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශයට පත්කළ රාජ්‍ය සේවයේ සහන පැකේජය සඳහා වසරකට වැය කිරීමට නියමිතව ඇත්තේ රුපියල් බිලියන 229 කි. සහන පැකේජය මෙන් තුන් ගුණයකටත් අධික මුදලක් ගෙවා ශ්‍රී ලංකාවට ගෙන්වාගත් එන්ජින් තොගයෙන් අත්හැර දමා තිබෙන එන්ජින් තොගයේ වටිනාකම රුපියල් බිලියන 490 කි. මේ මොන අපරාධයක්ද? මේ අපරාධ සිදු කිරීමට වගකිවයුතු කිසිවකුටත් දඬුවමක් නැද්ද? මේ ප්‍රශ්නවලට දුම්රිය බලධාරීන් විසින් පිළිතුරු ලබාදිය යුතුය.
ප්‍රශ්නයට තුඩු දී තිබෙන දුම්රිය එන්ජින් ගෙන්වා දැන් සෑහෙන කාලයක් ඉක්ම ගොස් තිබුණද ඒවා නිවැරදි කර සේවයට යොදවා ගැනීම සඳහා ප්‍රමාණවත් පියවරක් නොගැනීම සම්බන්ධයෙන් දුම්රියේ බලධාරීන් පවසන්නේ කුමක්දැයි දැන ගැනීමට නැත. ඒ සඳහා මාධ්‍යයෙන් කළ විමසීම්වල දී දුරකථන ගොළු වී තිබූ බව ද සඳහන්ය. එසේ නිහඬව සිටීමෙන් මේ නාස්තිය නැතිකර ගැනීමට තිබෙන අවස්ථා තවදුරටත් අඩාල වෙයි. පාඩුව රටටමය.
එසේම මේ සමඟ පැවසිය යුතු තවත් කාරණාවක් ද වෙයි. මේ නාස්තිය හෙළිකරන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පසුගිය දිනවල සිදුකරන ලද වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි ගණනක අලාභ හානියක් සිදුව තිබූ බවට දුම්රිය බලධාරීන් විසින් චෝදනා කර තිබිණි. වෘත්තීය අරගලයක් හේතුවෙන් රටට ආර්ථික අලාභ හානි සිදුවීම ද එක්තරා අන්දමක නාස්තිකාර ක්‍රියාවකි.
දුම්රිය ස්ථානාධිපති සංගමය එන්ජින් 07ක් වැඩකට නොගැනීමෙන් සිදුවන නාස්තිය හෙළි කළේ තමන්ට එල්ල කෙරුණු චෝදනාවට ප්‍රතිචාරයක් වශයෙන්දැයි අපි නොදනිමු. එහෙත් බැලූ බැල්මට පෙනී යන්නේ එහි සම්බන්ධයක් තිබෙන බවය. එන්ජින් නාස්තිය පිළිබඳ චෝදනාවට දුම්රිය බලධාරීන් නිහඬ වීම එම සම්බන්ධය තහවුරු කරයි.
කෙසේ වුවද මේ සමස්ත සිද්ධියෙන් පෙනී යන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදුවන නාස්ති වළක්වා ගැනීමට පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගැනීමට බලධාරීන් තවමත් අසමත්ව සිටින බවය. දුම්රියේ පමණක් නොව බොහොමයක් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ද ඇත්තේ මීට සමාන තත්ත්වයකි. ‘‘අයිස්’’ ගහන රාජ්‍ය සේවකයන් අතින් අපතේ යැවෙන වැඩ කරන පැය ගණන ද විශාල නාස්තියකි. මේ නාස්ති ගැන කතා කිරීම පමණක් ප්‍රමාණවත් නැත. ඒවා දුරලන ක්‍රියාමාර්ග ගැනීම රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මහෝපකාරී වනු ඇත.
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්රිය එන්ජින් මකර කටට දැම්මේ කවුද?
Eng. H.S.A.J. Fernando (Athula Fernando) Tuesday, 11 January 2022 07:31 AM
මෙය SLR හි එක් දූෂණ ක්‍රියාකාරකමකි. 2019 වර්ෂය තුළ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ආදායම් ප්‍රමාණය = රු. මිලියන 7,901.31 .2020 වර්ෂය තුළ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ආදායම් ප්‍රමාණය = රු. මිලියන 4,515.24 (COVID 19 වසංගතය හේතුවෙන් 2020 කාලය තුළ ආදායම 42% කින් අඩු වී ඇත) 2020 වර්ෂය තුළ ශ්‍රී ලංකා රුපියල් මිලියන 4,515.24 මුළු වියදම පහත පරිදි වේ; 2020 වසර සඳහා වෙන් කිරීම = රු. 2020 වර්ෂය තුළ සැබෑ වියදම් මිලියන 53,055.92 = රු. මිලියන 48,467.80 ක් ඉහළ ශ්‍රේණියේ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිළධාරීන් මෙවැනි විශාල පාඩුවක් සඳහා වගකිව යුතුය
R .upul Tuesday, 11 January 2022 12:22 PM
තාම ප්‍රමාද නෑ මේ ආයතන පුද්ගලීකරණයට . ජනාධිපති නිහඬ ඇයි ??
ජානූෂ ආර් සි Thursday, 13 January 2022 08:44 AM
පෞද්ගලිකකරණය කරන්න ඕන නෑ රජයෙන් ගෙවන පඩියට හරියන වැඩ කොටසක් සේවකයින්ගෙන් හොඳින් හෝ නරකින් ලබාගත්තා නම් ඕකට හොඳම විසඳුම.
නිමල් Saturday, 15 January 2022 09:54 AM
නාස්තිය හා දූෂණය මුලිනුපුටා දැමීමෙන් පමණක් වුවද අප රටට පවත්නා අර්බුදයෙන් ගොඩ යා හැක. ලදුසේ හි නම් හොරකම් ඉහවහා ගිහින්... සේවක සමිති ගණනින් නම් ලදුසේ කප් එක ගසා ඇත. කලකට පෙර අධිකාරියක් කර නැවත අකුලා ගන්නට වුණා සේවකයින්ගේ විරෝධය මත. ඉතින් පෞද්ගලීකරණය ගැන කුමන කතාද?