දුම්රිය ස්ථානාධිපති සංගමය මගින් දියත් කෙරුණු එක් දින වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා දිග් ගැස්සීමත් සමඟ දුම්රිය මගීහු බලවත් පීඩනයකට පත්ව සිටිති. එකී සංගමයට සහාය දක්වමින් දුම්රිය පාලකවරුන්ගේ සහ උප දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගම් ද වර්ජනයට එක්වීමත් සමඟ සමස්ත දුම්රිය ධාවනය තවදුරටත් අඩාලවීම නිසා දුම්රිය මගීන්ගේ පීඩනය දෙගුණ තෙගුණ වී තිබේ. කාර්යාල සේවක සේවිකාවන් පමණක් නොව දුම්රියෙන් ගමන් ගන්නා පාසල් යන සිසු දරුවෝ ද මේ වර්ජනයේ සෘජු වින්දිතයන් බවට පත්ව සිටිති.
දුම්රියේ බලධාරීන් විසින් දිනකට ධාවනය කරන දුම්රිය වාර සංඛ්‍යාව නිවේදනය කිරීමෙන් දුම්රිය මගීන් විඳින දුක නිම වෙන්නේ නැත. එය මේ බරපතළ ගැටලුව විසඳීමට කිසි ලෙසකින්වත් උදව්වක් නොවේ. දුම්රියෙන් දිනපතා ගමන් ගන්නා කාර්යාල සේවක සේවිකාවන්ගෙන් සහ පාසල් සිසු දරුවන්ගෙන් විමසිය හැකි නම් පවතින තත්වයේ බැරෑරුම් බව බලධාරීන්ට ද අවබෝධ කරගත හැකිවනු ඇත. නිවේදන නිකුත් කිරීමෙන් පමණක් වැඩ වර්ජන ගැටලු විසඳිය හැකි නම් මේ රටේ මේ වනවිට කිසිදු වැඩවර්ජනයකට ඉඩක් නැත. එහෙත් යථාර්ථය එයට වඩා බෙහෙවින් වෙනස් බව දුම්රිය බලධාරීන් ද අවබෝධ කරගත යුතුය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ මෙම වැඩ වර්ජනයට හේතු වශයෙන් දැක් වෙන්නේ දිගු කාලයක සිට නොවිසඳුණු උසස්වීම ප්‍රමාදය, වැටුප් ඉහළ නොදැමීම ඇතුළු ගැටලුවලට විසඳුම් නොලැබීමය. සංකේත වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා ඇදී යාමට හේතුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මර්දනයෙන් වර්ජනය පාලනය කිරීමට උත්සාහ දැරීම බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි. ඒ කාරණය කොතරම් දුරකට යුක්ති සහගත දැයි අපට කිව නොහැක. එහෙත් ඒ ගැන දුම්රිය බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව අමාරුවේ වැටී සිටින දුම්රිය මගීන්ගේ නාමයෙන් අපි ඉල්ලා සිටිමු. දුම්රියේ වැඩ වර්ජිත සංගම් නිලධාරීන් සහ බලධාරීන් අතර සිදු කෙරෙන කඹ ඇදිල්ලෙන් වින්දිතයන් බවට දුම්රිය මගීන් පත්විය යුතු නැත. ඒ වින්දිතයන් අතුරින් එක් මගියකුගේ ජීවිතය ද මේ වනවිට බිල්ලට ගොස් ඇත.
දුම්රිය ස්ථානාධිපති සංගමය පවසන්නේ වැටුප් විෂමතා ඉවත් නොකිරීම, වැටුප් ඉහළ නොදැමීම ඇතුළු තමන්ගේ ගැටලු රැසකට විසඳුම් ලබා නොදෙමින් වසර 14ක කාලයක් තිස්සේ තම සාමාජිකයන් මුළාවට පත්කර ඇති බවයි. තමන්ගේ නොවිසඳුණු වෘත්තීය ගැටලුවලට විසඳුම් ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට එම සංගම්වලට තිබෙන අයිතියට අපි ගරු කරමු. එහෙත් මේ වැඩ වර්ජන හේතුවෙන් පීඩාවට පත්වන දහස් සංඛ්‍යාත මගී ජනතාව ගේ අයිතිය ගැන කතා කරන්නේ කවුද? ඔවුන්ගේ නොවිසඳුණු ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ට ගතහැකි පියවර කුමක්ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබිය යුතුය.
දුම්රිය ධාවනය නැවතීමෙන් අගතියට පත්වන්නේ මගීන් පමණක් නොවන බව ද මෙහිදී සිහිපත් කරදිය යුතුය. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් අතර කඳුකරයේ දුම්රිය ගමනට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. අපගේ දුම්රිය සේවයේ කොතරම් අඩුපාඩු තිබුණත් එකි දුම්රිය ගමන් සංචාරකයන්ගේ ප්‍රබල ආකර්ශනයට ලක්වන ලොව සුපතළ විනෝද ගමන් අතරට වැටෙන්නකි. එයින් මෙරට ආර්ථික වර්ධනයට ද ලැබෙන්නේ ලොකු රුකුලකි. මෙවැනි වැඩ වර්ජන හේතුවෙන් සිදුවන්නේ එවන් සංචාරයන් ද අධෛර්යයට පත්වීමයි. මේ තත්වය නිසැකවම රටේ ආර්ථිකයට බරපතළ ගැටලු ඇති කරනු ඇත. වැඩ වර්ජන සිදුකරන දුම්රිය සංගම් ද මේ ගැන අවධානය යොමු කළ යුතු බව අපි සිතමු.
දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අප මේ සටහන තබන අවස්ථාව වන විට ද අවසන් කෙරෙන බවක් දැක ගන්නට නොතිබිණි. මගී ජීවිතය පරදුවට තබන මේ අපහසුතා තව කොතරම් දිනක් ජනතාව විඳිය යුතුද යන ප්‍රශ්නය රට හමුවේ පවතී. ගොඩ ගැසෙන වැඩ වර්ජන රැල්ලට ප්‍රායෝගික විසඳුම් නොලැබීම එම ගැටලුව අර්බුදයක් දක්වා ඇදී යාමට පාර කපනු ඇත. එවිට විසඳුම් සොයා ගැනීම කළුනික සෙවීමටත් වඩා දුෂ්කර වනු ඇත.
ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන්නෝද මේ රටේම පුරවැසියෝය. ඔවුන්ටද රට වෙනුවෙන් වගකීමක් හා යුතුකම් ඇත. ඔවුහුද පුරවැසි ප්‍රජාවේ කොටසකි. එබැවින් මේ ප්‍රශ්න දෙස ජාතික වගකීමකින් සලකා බැලීම වර්ජක - පාලක සහ රටවැසි සැමගේ යුතුකමකි. වගකීමකි.
(***)
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
දුම්රිය වැඩ වර්ජනය ජාතික ඇසකින් බලමු