කොතෙක් බාධක පැමිණියද ගලන ගඟත් මහ සයුරත් ජීවිතයත් ඒ සියලූ බාධක මැඩ ගෙන සුපුරුදු ගමනෙහි යෙදෙයි. දුම්රියද එලෙසමය. මහ සයුර වරෙක නිසසලය. වරක ප‍්‍රචණ්ඩය. බිහිසුණුය. ජීවත්වන්නවුන් ජීවත් කරවීම උදෙසා කරණ මෙහෙයද අපමණය. සාගර සම්පත් කොතෙක් නම් ලබා දේද? එයින් මිනිස් ජීවිත කොතරම් රැුකදෙයිද? පෝෂණය කරයිද? මිනිස් සිත්හි චමත්කාර කම් සිතිවිලි කෙතෙරම් ඇති කර ඇත්ද? එහෙත් ඒ සයුරම තවත් වරෙක ප‍්‍රචණ්ඩත්වයේ හිණි පෙත්තටම පැමිණ සුනාමියක් බවට පත්ව කෙතරම් ව්‍යසනයක් ඇති කරනු ලැබේද?
ගඟක් ගැන බැලූ විටද අපට එම තත්ත්වයම දැකගත හැකිය. සුන්දර වූ ගඟද තම බිහිසුණු බව වරෙක මුදා හරිනු ලබයි. ගම් නියම් ගම් මෙන්ම ජීවිතද විනාශ කරනු ලබයි. තවත් මොහොතකින් නිසලව ගලා බසියි. ප‍්‍රියජනක දසුන් නිර්මාණය කරයි.
එපරිදිම දුම්රියද මිනිස් ජීවිත හා කෙතරම් නම් ලෙන්ගතුද? මිනිස් දිවියද ධාවනය වන දුම්රියක් හා සමානය. දුම්රියද මහ බරක් දරාගෙන හැල්මේ දුවයි. එහිදී අපහසුතාවක් ඇති වූ විට අති ධාවනය නැවතී හෙමින්, හෙමින්, ඉදිරියටම ගමන් කරයි. කඳු, හෙල් පල්ලම් වලදී පරෙස්සමින් ගමන් කරයි. වරෙක ඉදිරියට ගමන් කිරීමට නොහැකිව ‘‘ලෙඩ’’ වෙයි. ආධාර ඉල්ලා සිටියි. පටන් ගන්නා ස්ථානයේ සිට අවසන දක්වා, අතර මගදී මිනිසුන් දුම්රියෙන් බසියි. තවත් කොටසක් ඇතුළුවෙති. තවත් කොටසක් ගමනාන්තය බලාම ගමන් කරති. එහිදී සමහරු ඕපාදූප කථා කරති. කාඞ් සෙල්ලම් කරති.
සමහරු පොත පත කියවති. අලූත් මිතුදම් ඇති කර ගනිති. ඒ අතර සමහරු එම දුම්රියම කැළි කසළ වලින් පුරවති. විටෙක අලාභ හානිද සිදු කරති. එහෙත් මේ කිසිවක් දුම්රියට බරක් නොවේ. ඈ යන ගමන සුපුරුදු විලසින්ම ඉදිරිය බලා යන්නීය.
ඒත් ඉඳහිට සුපුරුදු ‘‘පීල්ලෙන්’’ ඉවතට වැටෙන අවස්ථාද නැතුවා නොවේ. ඒත් යළිත් ඒ සියල්ල සකස්කරගෙන පුරුදු ගමනේ යෙදීම දුම්රියේ ස්වභාවයයි. ඒ අතරම බිහිසුණු අනතුරුද සිදු කොට ජීවිතද අහිමි කරණ අවස්ථාද ඇතිකරයි.
‘මා රාජකාරි කරන ලද අවධියේදී සිදුවූ හදිසි අනතුරු මරණ කීපයක් ගැන මගේ මතකය ඔබ වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ. මා මුහුණදුන් පළමුවැනි අනතුර සිදුවූයේ අයෙකු දුම්රියට පැනීම නිසාවෙන් හෝ ගැටීමෙන් නොවේ. දුම්රිය මගියෙකු පාලම් ඇන්දෙහි ගැටීම නිසා සිදුවූවකි.
එය පොසොන් පොහොය නිමිතිකර යෙදවූ විශේෂ මගී දුම්රියකි. දුම්රිය අනුරාධපුර සිට කොළඹ කොටුව බලා ධාවනය කරමින් තිබුණි. අනුරාධපුර සිද්ධස්ථාන වන්දනාමාන කර ආපසු පැමිණෙන බැතිමතුන් ගෙන් දුම්රිය පිරී පැවතිණි. මේ වනවිට දුම්රිය ගනේවත්ත දුම්රිය ස්ථානය පසුකර ඊළඟ නැවතුම්පළ වූ කුරුණෑගල බලා ධාවනය වෙමින් පවතී.
ඒ අතරමග වන පටු පාලමක් සහිත දැදුරුඔය පසු කරනවාත් සමගම දුම්රියෙහි හදිසි අනතුරු හැඟවීමේ දම්වැල මගීන් ඇද ඇති බව මාගේ තිරිංග මැදිරියෙහි වූ වැකුම් මාපකයෙහි පෙන්නුම් කරයි. ඒහාම මගීන්ගේ කෑ මොරගැසීමේ හඬඳ ඇසෙයි. දුම්රිය වහාම නවතා පරීක්‍ෂාකර බලනවිට දැනගතහැකි වූයේ දුම්රියේ පා පුවරුවේ ගමන්ගත් මඟියෙකු පාලම් ඇන්දේ වැදී දැදුරුඔයට වැටුණ බවකි.
සෝදිසි කිරීමේදී දකිත හැකි වූයේ පාලම මත සිලපරකොට හා පීලි අතර හිරවී හිස පැත්ත ඔය තුළට එල්ලෙමින් තැලී පොඩිවී ගිය මිනිස් සිරුරකි. සිරුර මිස එහි හිසක් නොමැත. සිදුව ඇත්තේ පාලම් ඇන්දෙහි හිස ගැටීම නිසා එය ගෙල ළඟින්ම ගැලවී යාමය. එය සෙවූ මුත් අවට හෝ දුම්රිය තුළද නොවීය.
මළකඳ ඇති නමුත් හිස අතුරුදහන්ව ගොසිනි. පළමුව මළ සිරුර රැුගෙන ආරක්‍ෂා සහිත ස්ථානයක තැබුවෙමු. දැන් මේ කවන්‍දයට හිමි හිස සෙවිය යුතුය.
රාත‍්‍රී අන්‍ධකාරය පලවාහැරීමට පායා ඇති සඳෙහි කිරණ ප‍්‍රමාණවත්ද නොවේ. අත වූ විදුලිපන්දමෙහි ආලෝකයෙහි ආධාරයෙන් දැනට අතුරුදන්ව ඇති මිනිස් හිස සෙවීමේ මෙහෙයුම අරඹුවෙමි. දුම්රිය භාරව සිටි ප‍්‍රධාන නියාමක ඒ.ටී.පී. ප‍්‍රනාන්දු මහතා ඒ සඳහා අණකරයි. ගස්, මුල්, ගල් මානා පඳුරුවල ආධාරයෙන් ඔය ඉවුර දිගේ ඔය පතුළට බැසගත හැකිවිය. දරුණු ලෙස විකෘති වූ හිස ඔය තුළට වැටී තිබෙනු දකිත හැකිවිය. විදුලි පන්දම් ආලෝකයට එය දිස්වූයේ ගලාගිය ලෙයින් තෙත්ව ඇස් දෙකද ලෙයින් රත්ව ලේ සහිත මුඛය විවෘතව යක්‍ෂයෙකු කට අයා මා දෙස බලා සිටින සෙයකි.
දහස් ගණනක් දුම්රියේ සිටියත් මා යක්‍ෂ මූණක් ඉදිරියේ ගලා බස්නා ඔයක් තුළ ඝන අඳුරක තනිව ඇත. රාජකාරිය දේව කාරියයි. ජීවිතයේ පළමුවරට මිනිස් හිසක් අතින් ගෙන දුෂ්කර ගමනක යෙදෙමින් ගොඩබිමට ළඟාවීම ඇරඹුවෙමි. ගෙන ආ හිස මෘත ශරීරය මත තබා පළමු වතාවට ලැබූ පෙර හුරුව අවසන් කළ හැකිවිය.
එහෙත් එකල අද මෙන් අයෙකු දුම්රිය අනතුරකට හෝ දිවිනසා ගැනීමට ලක්වූ විට එම මෘත ශරීරය රැුගෙන යාමට දුම්රිය නියාමකවරයාට බලයක් නොවීය. ආසන්නම දුම්රිය මාර්ග කම්කරු නිවසකින් මාර්ග සේවකයෙකු හෝ නැතිනම් දුම්රිය ස්ථාන සේවකයකු හෝ පොලිස් ස්ථානයක් වී නම් එම නිලධාරියකු කැඳවා මෘත ශරීරය භාරදිය යුතුය. දැන් ඊළඟට එම කටයුත්ත කළ යුතුය. දුම්රියෙහි වූ එන්ජිම එයින් මුදාගෙන දුම්රිය මාර්ග සේවක නිල නිවෙසක් වෙත ගොස් සේවකයින් අවදිකරවා මෘත ශරීරය රැුක ගැන්ම ඔවුනට භාර දී නැවත ගමන් ඇරඹුවෙමු.
එකල මෘතශරීරයක් රැුගෙනයාමේ බලය පැවතියේ පොලිසිය වෙතය. එයද හදිසි මරණ පරීක්‍ෂකවරයා හෝ මහේස්ත‍්‍රාත්වරයා කැඳවා සිද්ධිය වූ ස්ථානයේ මූලික පරීක්‍ෂණ කටයුතුවලින් පසුවය. දුම්රිය රියදුරු මහතාත් ප‍්‍රධාන නියාමකවරයාත් හදිසි මරණ පරීක්‍ෂණය සඳහා කැඳවිය යුතුය. එහෙත් මෑත භාගයේ සිට ඕනෑම හදිස් අනතුරකදී සිදුවන මරණ මෘතශරීර රැුගෙන යාමේ බලය ප‍්‍රධාන නියාමක වරයා සතුය. එසේ රැුගෙන යන මෘතශරීර අදාළ පොලිස් ස්ථානයට භාර දීමට කටයුතු කළ යුතුව ඇත. එවැනි බලයක් හිමි සිවිල් රාජ්‍ය නිලධාරියා දුම්රිය නියාමකවරයා පමණි. එහිදී අදාළ පොලිසිය මෘතශරීරය රැුගෙන ගොස් ආසන්නම තම රෝහලෙහි මෘත ශරීරාගාරයෙහි තැන්පත් කර පසුව හදිසි මරණ පිළිබඳව පරීක්‍ෂණ කටයුතු කරයි.
සාමාන්‍යයෙන් වන්නේ පුද්ගලයකු දුම්රියට පැන හෝ ගෙල තබා සිය දිවි තොර කර ගැන්මකි. එහෙත් දුම්රියට තම බඩ තබා සියදිවි තොරකර ගත් අයෙකු පිළිබඳව ඔබ අසා තිබේද? නමුත් එවැනි සිදුවීමක් උඩරට දුම්රිය මාර්ගයේ රදැල්ල උප දුම්රිය ස්ථානයේදී සිදුවිය. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ නානුඔය දුම්රිය ස්ථානය පසුකර කොළඹ දෙසට ධාවනය කරන විට රදැල්ල උප දුම්රිය ස්ථානය හමුවෙයි. හරියටම රදැල්ල ක‍්‍රීඩාංගණය පසු පසිනි.
මෙදින දහවල් බදුල්ලේ සිට පැමිණි ‘‘පොඩිමැණිකේ’’ දුම්රිය මගීන් සඳහා රදැල්ල උප දුම්රිය ස්ථානයෙහි නැවත්වූ පසු සුපුරුදු ලෙස වතු කම්කරුවන් පිරිසක් දුම්රියෙන් බැස ගිය අතර තවත් පිරිසක් දුම්රියට ඇතුළු වූහ. ඒ අතර තරුණයකු නවතා ඇති දුම්රිය අසලටම වී දුම්රිය දෙසම බලා සිටිනු දකිත හැකි විය. දුම්රිය ධාවනය ඇරඹීමත් සමගම දුම්රිය මැදිරි අතරින් මාර්ගයෙහි වැතිරෙනු දකිත හැකි විය. ඔහු පැහැදිලිවම දිවිතොර කර ගැන්මට තැත් කරන අයෙකු බව වැටහී ගිය හෙයින් වහාම තිරිංග බලය යොදා දුම්රිය නවතා ගතිමි.
දුම්රිය මඳක් ඉදිරියට ගොස් නැවතිණි. නිරීක්‍ෂණය කිරීමේදී දක්නට ලැබුනේ පෙර කී තරුණයා හරියටම තම බඩ දුම්රිය පීල්ලමත තබා ඇති බවත් දුම්රිය ඒ මතින් ගමන් කිරීම නිසා ඔහුගේ බඩ මැදින්ම සිරුර දෙකඩවී ඇති බවත්ය. එහිදී දක්නට හැකි වූයේ ඔබවත්, මා වත් විශ්වාස කරනු ඇතැයි සිතිය නොහැකි සිදු වීමකි. එහෙත් සත්‍යයකි. දෙකඩවූ කුස තුළින් මතුව ඇත්තේ මහා පණුවන් පොදියකි. කෑලි කැපුන පනුවන් මෙන්ම නොකැපුන පණුවෝද එක පොදියට දඟලමින් සිටිති. සමහරු එළියට ඇදී යති. කුසෙහි වූ අප ද්‍රව්‍යද සමග දඟලන පණුවන් නිසා දැකීමට පවා අප‍්‍රසන්න දසුනකි. පසුදින පැවති හදිසි මරණ පරීක්‍ෂණය සඳහා සාක්‍ෂිදීමට නුවරඑළිය මහරෝහලෙහි හදිසිමරණ පරීක්‍ෂකවරයාගේ කාර්යාලය වෙත යාමට සිදුවිය. එහිදී අනාවරණය වූයේ මොහු දීර්ඝකාලයක් තිස්සේ තම කුසෙහි වූ පණුවන්ගෙන් දැඩි පීඩනයකට පත්ව සිටි බවය.
කොතෙකුත් වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගෙන ඇතත් එයින් මිදීමට අපොහොසත්ව ඇත. එම නිසාම මොහු මෙයට පෙරද කීපවතාවක්ම දිවි හානිකර ගැන්මට උත්සාහ කර තිබුණි. වතු කම්කරුවකු වන ඔහුගේ මාපියෝ ශාක්‍ෂි දෙමින් ඒ බව කියා සිටියහ. ශාක්‍ෂි සහ වෛද්‍ය වාර්තාව අනුව දුම්රියට පැන සිය දිවිහානිකර ගැන්මක් බවට තීරණය විය. එහෙත් දුම්රියට දිවි දීමට හේතුව වශයෙන් දක්වා තිබුණේ ඔහුගේ කුසෙහි වූ පණු රෝගය නිසා වූ වේදනාව ඉවසා දරා ගැනීමට නොහැකි වීම මුල් වී ඇති බවය. ඔහු එයින් කොතරම් ශාරීරික හා මානසික වේදනාවක් විඳ ඇතිදැයි, පණුවන් හා වූ වෛරයෙන්ම ඔවුන් විනාශකර, තමනුත් මියයාමට තම කුසම දුම්රිය පීලිමත තැබීමෙන් පැහැදිලිය.
එය උතුරු දුම්රිය මගයි. මෙය මහව සිට කුරුණෑගල දක්වා ධාවනය වන ‘‘බේබි’’ හෙවත් ‘‘කුඩා’’ දුම්රියකි. කුඩා වූවත් බබා වුණේ එයට එලෙස නම බැඳී ඇත්තේ කුඩා වීමක් නිසාද නොවේ. සාමාන්‍යයෙන් දුම්රියක් නවත්වනු ලබනුයේ දුම්රිය ස්ථානවල සහ උප දුම්රිය ස්ථානවලය. එහෙත් එම ස්ථාන වලට අමතරව අතර මග වේදිකා ඇති හෝ නැති සම්මත ස්ථානයන්හි මේ දුම්රිය නවත්වයි. එම කුඩා නැවතුම්පළවල නැවතීම නිසාම කුඩානම ව්‍යවහාරව පවතී.
එදිනද මහවින් ගමන් අරඹු මේ දුම්රිය නාගොල්ලාගම දුම්රිය ස්ථානය පසුකර හිරියාල උප දුම්රිය ස්ථානය කරා ගමන් අරඹා තිබුණි. මේ දුම්රියේ හිරියාල උප දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට මහව විත් ගොඩවූ මවක් හා දියණියකි. ඒ අතරතුර නාගොල්ලාගමින් දුම්රියට ගොඩවූ තරුණයකු දුම්රිය පා පුවරුවේ ගමන් කරමින් මවට රහසින් තරුණිය සමග කථා කරමින් මිත‍්‍රත්වයක් ඇති කර ගනිමින් සිටී. මේ වනවිට ඔහු දුම්රියට ඇතුළුවී විනාඩි හත අටක් පමණ ගතව ඇත.
ඒ අතර තමන් හිරියාල දුම්රිය ස්ථානයෙන් බැසයාමට සිටින බව තරුණයාට දැනුම් දුනි. ඔහු වහාම තම ලිපිනයද, දුරකථන අංකයද ලියා දුම්රිය පාපුවරුවේ එල්ලී තරුණිය අතට එය ලබාදීමට උත්සුක විය. වෙනත් ලොවක සිටි තරුණයාට, හිරියාල දුම්රිය ස්ථානය අසලින් ගලා බස්නා කිඹුල්වානා ඔයත් එහි වූ පාලමත්, පාලම් ඇන්දත් අමතකව ගොසිනි. පාලම් ඇන්දෙහි හිස වැදුන තරුණයා, පාලම මත යොදා ඇති යකඩ තහඩුවක් මතට ඇද වැටුණි. මොහොතකින් කිඹුල්වානාඔය තුළට ඇද වැටිණි. සියල්ලෙහිම අවසානය දැකීමට ඔහු ගතකර තිබුණේ දුම්රියට ඇතුළුවූ තැන සිට විනාඩි දහයක් පමණි.
හිරියාල නැවතුම්පළෙහි දුම්රිය නැවතූ පසු දුම්රියෙන් බැසගත් තරුණිය තම මවද සමග කිසිවක් නොවූ පරිදි සතුටු සිතින් ගමන් කරනු දක්නට ලැබිණ. සිද්ධිය වූ ස්ථානයට ගොස් බැලූවිට දකිත හැකි වූයේ ඔහු ඔයට වැටී පාලම අසලම වූ වක්කලමට (ගැඹුරු දිය වළකට) වැටී දියයට සිටින ඡුායාමාත‍්‍රයක් පමණි. ගත වූයේ ටික වෙලාවකි. ඔහුගේ හිස දිය යටටත් දෙපා උඩටත් එසවිණි. දැන් ඔහු දියෙහි ඔළුවෙන් සිටවී සිටියි.
එහෙත් අපද අසරණව ඇත. ගැඹුරු ජලයට බැස ඔහුගේ සිරුර ගොඩ ගැනීමට අප අපොහොසත්ය. ඒ සඳහා හැකියාවක් ඇති එකද දුම්රිය මගියකු ද නොවීය. ඒ අතර අසල්වාසිහු බොහෝ දෙනෙක්ද එක්වූහ. ඔවුන් නිවසක් කරා ගොස් පුද්ගලයන් දෙදෙනකු රැුගෙන ආහ. ඔවුන් උපකාර කිරීමට ස්වකැමැත්තෙන්ම ඉදිරිපත් වූහ. ඔවුහු දුෂ්කර ගමනකින් ඔයට බැස පීනාගොස් ඉවුරු උස නොවූ පහළ වූ පහත් තැනකින් තරුණයාගේ සිරුරද රැුගෙන ගොඩබිමට ළඟා වූහ. ඔවුන්ගේ උපකාරය නිසාම මළ සිරුර ගෙන ගොස් ගනේවත්ත දුම්රිය ස්ථානයෙහි තබා ඉදිරි කටයුතු සඳහා වැල්ලව පොලිස් ස්ථානයට දැනුම් දුනිමි.
එම තරුණයා නාගොල්ලාගම පලූගස්වැව ගමෙහි අයකු බව මරණ පරීක්‍ෂණ කටයුතුවලදී හෙළිවිය. ඔහු ජලය මත දෙපා උඩට එන ලෙස ඔළුවෙන් හිට ගන්නට ඇත්තේ ඔහුගේ දෙපයෙහි වූ නවීන පන්නයේ රබර් සපත්තුව නිසා වන්නට හැකිය. ඔහු ගමන් කළ විනාඩි කීපයෙදී ඔහුගේ අනතුරුදායක ක‍්‍රියාව දැක නියාමක ගුරුසිංහ මහතා දුන් අවවාදය තැකුවේ නම් ඔහු අදත් ජීවතුන් අතරය.
මෙවැනි ආපදා අවස්ථාවලදී ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වන පුද්ගලයින් නොවේනම් ඔහුගේ ශරීරයද එහි දමා යාමට සිදුවීම නොවැළැක්විය හැකිය. එහිදී කළ හැකි වන්නේ පොලිසිය ප‍්‍රමුඛ බලධාරීන්ට ක්‍ෂණික ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස දැනුම් දීමය.
මෙය තවත් දිනක කනගාටුදායක වූ සිදුවීමකි. මෙදින ගනේවත්ත දුම්රිය ස්ථානයෙන් පිටත්වූ දුම්රිය වැල්ලව දුම්රිය ස්ථානය දක්වා ගමන් කරමින් තිබිණ. නෙළුම්පත්ගම වේදිකා දුම්රිය නැවතුම පසු කරනවාත් සමගම රියදුරු මහතා විසින් හදිසියේම සම්පූර්ණ තිරිංග බලය යොදා දුම්රිය නවත්වනු ලැබිණි. දුම්රියෙන් බැස බැලීමේදී දැක ගත හැකිවූයේ කැබලි වී ගිය මිනිස් සිරුරක කොටස්ය. එහෙත් මෙතරම් ශරීර කොටස් එක මිනිසකුගේ විය හැකි දැයි සැක සිතන තරම්ය.
එහෙත් සැකයක් සිතීමට හේතුවක් නැත. එක් පුද්ගලයකු දුම්රියට පනින අයුරු රියදුරු මහතා පැහැදිලිවම දුටු බව කියා සිටි නිසාය. ඔහුගේ ඥාතියෙක් අසල ඇත්නම් මරණ පරීක්‍ෂණ කටයුතු කෙරෙනතුරු ශරීර කොටස් එකතුකර ඔවුන්ට භාර දී එම ස්ථානයේම තබා යා හැකිය. එහෙත් අයිතිකරුවෙක් සොයා ගැනීමට නොමැත. එසේ නම් දැන් කළ යුතුව ඇත්තේ සිරුරු කැබලි එකතු කර රැගෙන යාමය.
හදිසි අනතුරකදී ආපදාවට පත්වන තුවාලකරුවන්, රැුගෙන යාමටත් මෙලෙස දිවි තොරකර ගන්නා අයගේ මෘත ශරීර ගෙන යාමටත් ඇති එකම උපකරණය දුම්රිය නියාමක මැදිරියේ ඇති ගිලන් ඇඳ පමණි. සියලූම ශරීර කොටස් එකතු කළවිට විශාල ප‍්‍රමාණයකි. සියල්ල ගිලන් ඇදෙහි දමා දුම්රිය නියාමක මැදිරියට ඇතුළු කිරීමට සූදානම් වූවා පමණි.
එහෙත් අවාසනාවක තරම. ගිලන් ඇඳෙහි එක පැත්තක් දුම්රියට ඔසොවා තැබීමට හදනවාත් සමගම එකතු කර තිබූ ශරීර කොටස් පහතින් සිටි අයගේ ඇඟමතට වැටී යළි දුම්රිය මගට ඇද වැටුණි. සහායට පැමිණි පිරිස්ද එයින් පසු පසෙකට වූහ. මේ අවස්ථාව වන විට වේලාව දහවල් දොළහ පසු වී තිබුණි. එනිසා මෙය නම් අද්භූත අයකුගේ මරණයක් බවත්, එයට සහභාගී වීම තමන්ට ද විපත් සිදු වීමට හේතුවිය හැකි බවත් ඔවුන්ගේ අදහස විය.
යක්‍ෂ, පේ‍්‍රත භූත බලවේග වලට නතුව රාජකාරිය පැහැරහැරිය නොහැකිය. තවත් ප‍්‍රමාද වීමටද නොහැකිය. අසල්වාසී නිවෙස් වලින් ගෝනිත් ලනුත්, ලීත් ඉල්ලා ගෙන යළි ගිලන් ඇඳ සකස්කර ගත හැකි විය. සියලූ කොටස් යළි එකතුකර දුම්රියට රැුගෙන ගමන් අරඹීමු. මළ සිරුර සඳහා අයිතිවාසිකම් කීමට කිසිවකුද නොවිණි. දින ගණනාවක් රෝහල් මෘත ශරීරාගාරයෙහි තැන්පත් කර තිබූ සිරුර කොටස් හදිසි මරණ පරීක්‍ෂණ කටයුතු වලින් පසු රජයේ වියදමින් මිහිදන් කෙරුණි.
මෙලෙස සිය දිවිහානිකර ගැනීම් ගැන මතකයට නැගෙද්දී කන්තලේ දුම්රිය ස්ථානයට ආසන්න ගන්තලාවේදී දුම්රියට දිවිදුන් බිහිරි පුද්ගලයාගේ මරණයත් කුරුණෑගල දුම්රිය ස්ථානයට ආසන්නයේදී මරළුවාවේ දී දුම්රියට ගෙළ තැබූ ගොළු පුද්ගලයාගේ මරණයත් ඉතාම ශෝචනීය අවස්ථා විය. ප‍්‍රදේශයේම දක්‍ෂ බීරලූ කාර්මිකයකු වූ ඔහුගේ ගෙලබැඳි රන් දැම්වල ද කොටස් කීපයකට කැඞී ගොස් තිබිණ. මෙයද තවත් අකල් මරණයකි. ඔහු කුරුණෑගල නගරයේම පදිංචි තරුණයෙකි. ඇය කුරුණෑගල නගරයේම ගැට්ටුවානේ පදිංචි තරුණියකි. දෙදෙනාම එකවර සරසවි ගොස් එකටම ඉන් පිටවූවන්ය. ඇයට රජයේ රැුකියාවක් ලැබිණි. ඔහු දඹුල්ල නගරයේ සුපිරි වෙළෙඳ සලක සහකාර කළමනාකරුවකු වශයෙන් රැුකියාවක නිරතව ඇත. දෙදෙනාම පාසල් අවධියේ සිටම ආදරයෙන් බැඳී උන්හ.
එහෙත් ඔහුට ඇයගේ මව්පියන්ගේ කැමැත්ත නොලැබිණ. ඔවුහු තම දියණියට වෙනත් සහකරුවකු සොයා මංගල්‍යයට දිනද නියම කර ගත්හ. ඇයද ඔහු අමතක කර අලූත් මනාලයා සමග සරණයාමට එකඟ වූවාය.
මංගල උත්සවය සඳහා ඇත්තේ තව දින දෙකකි. දුරකතනයෙන් ඇය ඇමතීමට කොතෙක් උත්සාහ කළද ඇය නිහඬය. රැුකියා ස්ථානයෙන් නිවාඩු ලබා ගත් ඔහු ගමට පැමිණ ඉතිරිව ඇති දින දෙක පුරාවටම ඇය හමුවීමට උත්සාහකර ඇත.
අවසන් දින රාත‍්‍රී අටට පමණ ඔහු කෙළින්ම ඇයගේ නිවාසය වෙත ගොස් ඇත. එහිදී ඇයගේ පවුලේ අය විසින් ඔහුට පහරදී පළවාහැර තිබුණි. ඔහු ඇයගේ නිවසට පේනතෙක් මානයේ වූ දුම්රිය මාර්ගය කරා දිව ආවේය.
මේ වනවිට කුරුණෑගලින් පිටත් වූ කාර්යාල දුම්රිය කුරුණෑගල නගර සීමාවෙහි පිහිටි මුත්තෙට්ටුගල උප දුම්රිය ස්ථානය වෙත ළඟා වෙමින් තිබුණි. යම් පුද්ගලයකු තම දුම්රියට පනිනු රියදුරු මහතාට පැහැදිලිවම දර්ශනය වී ඇත. දුම්රිය මුත්තෙට්ටුගල උප දුම්රිය ස්ථානයෙහි නවතා ආපසු සිද්ධිය වූ ස්ථානයට පැමිණ දිවිතොර කරගත් පුද්ගලයා ගැන සොයා බැලූවෙමු. පළමුව හමුවූයේ සපත්තුවක් පමණි. තවදුරටත් සෝදිසි කිරීමෙන් එක් පාදයක කොටසකුත් අතක කොටසකුත් පමණක් හමුවිය. කොතෙකුත් සෙවු නමුත් ඉතිරි ශරීරයට කුමක් වීද? මාර්ගයෙහිද නොමැත. දෙපස වූ මානා කැලයෙහිද නොමැත.
ආපසු දුම්රිය වෙත ගොස් එහි යට පරීක්‍ෂා කළෙමු. එහිද නැත. අවසන එන්ජිම යට පරීක්‍ෂා කෙළෙමු. එහි යටි පැත්තෙහි අභ්‍යන්තරයට වන්නට ඔහුගේ ශරීරය හිරවී තිබෙනු දකිත හැකිවිය. එම ස්ථානයට මොනම ලෙසකින්වත් කිසිවකුට ළඟාවීමටද නොහැක. මියගිය අයකුගේ ශරීරයක් සමග දුම්රිය ඉදිරියට ගෙනයාමද කළ නොහැක්කකි.
එසේනම් කුමක් කළ යුතුද? දුම්රියත් ඉරිදියට යා යුතුය. මෘත ශරීරයද එන්ජිමෙන් ඉවත් කළ යුතුය. කළයුතු වෙන විකල්පයක් නොවූයෙන් අසල වූ නිවසකින් දිග ලීයක් ඉල්ලා ගතිමු. එම රිට යොදා සිරුර ගලවාගත හැකි විය. අනතුරුව තැලී පොඩි වී තිබූ ශරීර කොටස් ගිලන් ඇඳෙහි දමා ගෙන ගමන් ඇරඹුවෙමු. ඔහුගේ කලිසම් සාක්කුවෙහි වූ මුදල් පසුම්බිය නිසා සියලූ තොරතුරු අපහසුතාවකින් තොරව දැනගත හැකි විය. එහි මුදල්ද ජාතික හැඳුනුම්පත, සේවා ස්ථානයේ හැඳුනුම්පත, කෙඩිට්කාඞ්, බැංකු ගිණුම් ආදී සියලූ තොරතුරුද විය. එමෙන්ම ජංගම දුරකථනයක් විය.
මියගිය අය පිළිබඳ සියලූ තොරතුරු හා හමු වූ සියලූ දෑ පිළිබඳව කරුණු අඩංගුකර ලිඛිත දැනුම් දීමක් සමග ඊළඟ දුම්රිය ස්ථානය වූ වැල්ලව දී වැල්ලව පොලිස් ස්ථානයට භාරදීමට දුම්රිය ධාවනය වෙමින් තිබියදීම කටයුතු වල නිතරවෙමින් සිටියෙමි. ඔහු සතුව තිබූ සියලූ දෙය මාගේ මේසය මත විය. මෙහිදී සහායට පැමිණි මගීහු කීප දෙනෙක්ද මාගේ මැදිරියෙහි වූහ. ඔවුන් උපකාරයට පැමිණි නිසාම එසේ ගමන් කිරීමට ඉඩ දුන්නෙමි.
එහෙත් කොතන උනත් හොරා හොරෙක්මය. තරුණ ජීවිතයක් මෙතරම් ව්‍යසනයකට පත්ව තිබියදී මාගේ මේසය මත වූ ඔහුගේ ජංගම දුරකථනය කවුරුන් විසින් හෝ සොරා ගෙනය. අනෙකුත් දේ පමණක් භාරදීමට එහිදී සිදුවිය. පසුව හදිසි මරණ කටයුතු සඳහා පැමිණි අවස්ථාවේදී දුරකථනය නැති වීම පිළිබඳව වෙනම පැමිණිල්ලක් කිරීමටද සිදුවිය. යමෙකු මිය ගියද ඔහු පරිහරණය කළ දෙය ඔහුගේ ඥාතීන්ට වටිනා සිහිවටනයන්ය. එය අපගේ සංස්කෘතියේ අංගයක්ද වැනිය.
මෙසේ දිවිතොරකරගත් තරුණයා ගේ පියාද ජීවතුන් අතර නොමැති බව මරණ පරීක්‍ෂණයේදී තවදුරටත් අනාවරණය විය. මවද විදේශීය රටක රැුකියාවක් සඳහා පිටත්ව ගොසිනි. ඔහුගේ අවසන් කටයුතු කිරීමට මව පැමිණෙන තුරු දින ගණනාවක් බලා සිටීමට ඥාතීන්ට සිදුවිය.
සේවයේ යෙදී සිටියදී සිදුවූ බරපතල අතපසුවීමක් පිළිබඳ මෙහිදී මගේ මතකයට නැගෙයි. ස්ථානය නැගෙනහිර දුම්රිය මාර්ගයෙහි කලාවැව දුම්රිය ස්ථානයයි. මඩකළපුව බලා ධාවනය වන දුම්රියකි. මගී අවශ්‍යතා සඳහා එහි දුම්රිය නතර කෙරිණි. එහිදී දුම්රිය වේදිකාවට විරුද්ධ පසින් වූ දුම්රිය මගෙහි යම් අයකු සිටගෙන සිටින අයුරු දැකගත හැකි විය. යළි දුම්රිය ධාවනය ඇරඹෙනවාත් සමගම එම පුද්ගලයා දුම්රියෙහි මැද හරියෙහි වූ පෙට්ටි අතරින් දුම්රිය පීල්ලමතට ගෙල තබනු දකිත හැකි විය. වහාම දුම්රිය නවතා බලනවිට දක්නට ලැබුණේ හිස වෙන්වූ මළ සිරුරකි. ඔහු එක් සරමක් ඉනෙහි සිට පාදය දක්වා ඇඳ සිටියි. තව සරමක් ගෙලෙහි ගැට ගසා සිටි අතර එය දණහිස දක්වාම දිගට පැවතුණි.
සිදුවීම මා හොඳින්ම දුටු නිසා ශරීරය වෙනත් කිසිම සෝදිසි කිරීමකින් තොරව මෘත දේහය කලාවැව දුම්රිය ස්ථානාධිපති වෙත භාර දුනිමි. දුම්රිය ස්ථානාධිපතිව සිටියේ කරුණාපාල මහතාය. ඉදිරිකටයුතු කිරීම සඳහා පොලිසිය ඇතුළු බලධාරීන් වෙත ලිඛිතව දැනුම් දී යළි පිටත්ව ගියෙමු. පසු දිනම කැකිරාව පොලිසියේ දැනුම්දීම මත හදිසි මරණ කටයුතු ඇරඹින.
මා හදිසි මරණ පරීක්‍ෂකවරයා ඉදිරියේ අදාළ සිදුවීම පිළිබඳ ශාක්‍ෂි දුන්නෙමි. සියල්ල සටහන්කරගත් මරණ පරීක්‍ෂකවරයා බෙල්ල කැපී වෙන්වීම හැර වෙනත් විශේෂ ශරීර ලක්‍ෂණයක් මළ සිරුරෙහි නොවීදැයි මගෙන් ප‍්‍රශ්න කෙරින. එවැනි කිසිම ලක්‍ෂණයක් නොදටු බව මම කියා සිටියෙමි. සිද්ධිය හොඳාකාරව දැකීම නිසා මා මෘත ශරීරය ගැන සොයා නොබැලීමෙන් ලොකු අතපසු වීමක් සිදුව ඇති බව මරණ පරීක්‍ෂකවරයා කියා සිටියේය.
මියගිය අයගේ ශරීරයෙහි අත් දෙකම නොමැති බව ඔහු කියා සිටියි. සුළු අතපසු කිරීමක් නිසා විශාල අතපසුවීමක් සිදුව ඇති බව මම වටහා ගතිමි.
මේ පුද්ගලයා මෙයට පෙරද කීප වත්වක්ම දුම්රියට ගෙල තබා දිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇත. එහිදී දෑතෙහි වැඩි කොටසක් අහිමිව ඔහු බේරී ඇත. මේ වතාව එහි අවසානය විය.
දිවි නසාගැනීම පිළිබඳ දුක්ඛිත සිදුවීම් අතරම හදිසි අනතුරුවලින් සිදුවන ජීවිත හානිද බොහෝය.
‘‘ජීවත්වන ඔබගේ වගකීම වන්නේ තම හිස තුළට එන ආවේගයන් මනාව පාලනය කර ගනිමින් කටයුතු කිරීමට වගබලා ගැනීමයි. එසේ නොමැතිව ඒවා ක්‍ෂණිකව ඒ ආකාරයෙන්ම මුදා හැරීම නොවේ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුම්රියෙන් පීලි පැන්න ජීවිත
සෙනරත් Friday, 13 March 2015 02:46 AM
කුරුණෑගල වැල්ලව අතර ගොඩක් අනතුරු වෙනවා. (නි)
ගුණවර්ධන Wednesday, 11 March 2015 04:54 PM
මනුශ්‍ය ජීවිතවල වටිනාකම මේලෙස නැතිවෙන එක ගැන හිතෙන විට සිතට දැනෙන්නේ විශාල කණගාටුවක්. (නදී)
විපුල Thursday, 12 March 2015 03:39 AM
මේ කියන සරසවි සිසුවා මම දන්න කෙනෙක්. වැහැර ග්‍රවුන්ඩ් එක ලඟ තමයි ගේ තිබුනේ. ඊට වසරකට පස්සේ මම දැක්ක කැම්පස් එකට ඇවිත් ඉන්නවා, පව් මෙයාගේ අම්මට හිටියේ මෙයා විතරයි (නදී)
දයා අලහකෝන් Wednesday, 11 March 2015 11:37 AM
බියගුලු රසවත් කතන්දර උනත් මේ මරණ ගැන දුක හිතෙනවා (නදී)