”දෙමළ කොටි කාන්තාවක්” යනු ඕස්ටේ‍්‍රලියාවේ ඇලන් සහ උන්වින් ප‍්‍රකාශන සමාගම විසින් මේ වසරේ පළ කරනු ලැබූ පිටු 320කින් සමන්විත පොතකි. එම පොතේ පිට කවරයෙහි සන්නද්ධ දෙමළ කොටි සෙබළියකගේ රුවක් වන අතර ”ශ්‍රී ලංකාවේ බිහිසුණු සිවිල් යුද්ධයේ ළමා සෙබළියක ලෙස මගේ කතාව” යනුවෙන් සඳහනක්ද වෙයි. නිරෝමී ද සොයිසා යන ආරූඪ නාමයෙන් මෙය ලියා ඇත්තේ දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ.) සංවිධානයේ හිටපු සාමාජිකාවක විසිනි. ඕස්ටේ‍්‍රලියාවේ හා නවසීලන්තයේ පොත් සාප්පුවල මෙම පොත ඉක්මනින් පැතිරී ගිය බව දක්නට ලැබිණි. ඕස්ටේ‍්‍රලියානු කලා අමාත්‍යංශය සහ ඕස්ටේ‍්‍රලියානු කලා සභාව ඔවුන්ගේ 2011 ”කියවන්න ප‍්‍රචාරක ව්‍යාපාරයේ” ”ඔබට පසකට දැමිය නොහැකි” පොත් 50න් එකක් ලෙස මෙම පොත තෝරාගෙන තිබේ. මෙහි දෙවැනි සංස්කරණයද ඉක්මනින්ම පළ කිරීමට නියමිත අතර එය ලොව පුරා බෙදා හැරීමට ඉඩ ඇත. පොත වේගයෙන් විකිණී යන අතර කතුවරියටද ගුවන්විදුලි, රූපවාහිනී සඟරා සහ පුවත්පත්වල සම්මුඛ සාකච්ඡා සඳහා සහභාගිවීමට සිදුව ඇත. එමෙන්ම උදෑසන ආහාර ගැනීමේ හමුවිම් රැස්වීම් සහ ප‍්‍රසිද්ධ සාකච්ඡුාවලද කතා කිරීමට ඇයට අවස්ථාව ලැබී ඇත. ඇය ටිකින් ටික ජනපි‍්‍රයවන බව සමහරු කියති. මේ අවස්ථාවේ මතුපිටට නොපෙනෙන හේතු රාශියක් මෙම පොතෙහි ජනපි‍්‍රයත්වයට හේතු වන්නට ඇතැයි කියති. ඕස්ටේ‍්‍රලියාව ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන ධාරාව තුළ ශ්‍රී ලංකාව පිළිබඳව දැන් ඇතිවී තිබෙන උනන්දුව පළමු කාරණයයි. කලකට පෙර ඕස්ටේ‍්‍රලියානුවන්ගේ උනන්දුව යොමුව තුබුණේ මුරලි පන්දුව දමා ගසන්නේද? නැතහොත් කඩුලූ ලබා ගැනීමෙන් මුරලි ෂේන් වෝන් අභිභවා යයිද? වැනි කාරණා පිළිබඳවය. දේශපාලන රැකවරණ පතා විශාල පිරිසක් නැව් මගින් ඕස්ටේ‍්‍රලියාවට එති. ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් නම් දැන් සරණාගතයන් පැමිණෙන්නේ ඇයි? යන්න ඕස්ටේ‍්‍රලියානු ජාතිකයන් බොහෝ දෙනෙකුට තිබෙන ප‍්‍රහේලිකාවකි. එබැවින් වැඩි වැඩියෙන් තොරතුරු දැන ගැනීමේ වුවමනාවක් ඇත. මෙම කුතුහලය තවත් වැඩිවී තිබෙන්නේ යුද සමයේ එක්සත් ජාතීන්ගේ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකාවේ සේවය කළ ගෝඩන් වේයිස් නම් ඕස්ටේ‍්‍රලියානුවා ශ්‍රී ලංකාව පිළිබඳව ලියා ඇති මත භේදාත්මක පොතක් හේතුවෙනි. ”කොටුවීම, ශ්‍රී ලංකාව සඳහා සටන සහ දෙමළ කොටින්ගේ අවසන් දවස්” නම් පොතත් වෙයිස් තමන්ගේ අත්දැකීම් ඉදිරිපත්කොට ඇත. එම පොතත් බි‍්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය ”ශ්‍රී ලංකාව - ඝාතන භූමිය” යනුවෙන් විකාශය කළ වාර්තා චිත‍්‍රපට කොටස් හතරක් නිසා තව තවත් තොරතුරු දැන ගැනීමේ උනන්දුවක් ඕස්ටේ‍්‍රලියානුවන් තුළ ඇතිවී තිබේ. එම තත්ත්වය තුළ ”දෙමළ කොටි කතක්” පොතෙන් සැඟවුණු ක්ෂේත‍්‍රයත් පිළිබඳව තොරතුරු රැසක් ඉදිරිපත් වෙයි. එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයකු හෝ සාමාජිකාවක සංවිධානය කළ ඔහුගේ හෝ ඇගේ අත්දැකීම් පිළිබඳව ඉංගී‍්‍රසි භාෂාවෙන් ලියූ ප‍්‍රථම පොත මෙයයි. මෙම පුරෝගාමී කටයුත්ත මගින් ශ්‍රී ලංකාවේ අතීතය පිළිබඳව සුවිශේෂී වෙනස් දැක්මකින් ඉතාම වැදගත් තොරතුරු රැසක් පාඨකයාට ලබාදෙයි. පොත කියවන්නාගේ සිත් ඇද ගන්නා එකකි. නාට්‍යානුසාරයෙන් හා පැහැදිලිව ප‍්‍රථම පුරුෂයෙන් ලියා ඇති පොතෙහි පළමුවෙනි පරිච්ඡේදයේ සිටම පාඨකයාගේ සිත් ඇද ගනියි. ”දකුණු ආසියාතික නොවන” පාඨක පිරිසක් ඉලක්ක කරගෙන ලියා ඇති පොත මගින් පාඨකයා වෙනත් ස්ථානයකට සහ වෙනත් කාලයකට රැගෙන යයි. එය ඇත්තෙන්ම බිම තැබිය නොහැකිය. ”දෙමළ කොටි කත” පොතෙහි කතාවෙන් කියැවෙන්නේ මතවාදයක ප‍්‍රතික්ෂේපවීම හා අහිංසකත්වය විනාශවීමද පිළිබඳවය. ගැටවර වියෙහි සිටි ගැහැණු ළමයකු මතවාදයකට ආකර්ශනය වී කැමැත්තෙන්ම එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධවීමත් අවුල් වියවුල් මානසිකත්වයකට පත්ව තමන්ගේම කටුක අත්දැකීම් මගින් සත්‍ය අවබෝධකර ගැනීමත් පිළිබඳව කතාවෙන් කියැවෙයි. නිදහස්වීම තේරුම් ගැනීම නිසා කතා නායිකාව සංවිධානයෙන් ඉවත්වී තම පවුල සමග නැවත එකතුවී පිටරට රැකවරණ ලබා අවසානයේ ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිවීම පිළිබඳවද කතාවෙන් කියැවෙයි. තමන්ගේ ජීවිතය අලූතින් පටන් ගත් ඇය පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබා කථිකාචාර්යවරියක වූවාය. විවාහවී සිටින ඇය ගැහැණු ළමයින් දෙදෙනකුගේ මවකි. සංක‍්‍රමණය වී සාර්ථකත්වය ලැබීමේ කතාවක් වන මේ ගැන ඕස්ටේ‍්‍රලියාවේදී ”නව සංක‍්‍රමණිකයා” තමන්ගේ ළමා සෙබළ අතීතය අතහැර ආ අයකු වන අතර ඒ ගැන විවෘතව සහ නිරවුල්ව ලිවීමට එඩිතර වූවෙකි. මෙය අගය කළ යුතු ලක්ෂණයකි. ලේඛිකාවගේ දියුණු පෙනී සිටීම සහ අදහස් ඉදිරිපත් කිරීමේ පැහැදිලිබව ඇගේ ඉල්ලීම වැඩි දියුණු කරයි. මේවා පොතේ බලපෑමට හා සාර්ථකත්වයට හේතුවූ කාරණාය. මෙම සාර්ථකත්වය සහ කීර්තිය නිසා අයහපත් ප‍්‍රතිවිපාකද ඇතිවී තිබේ. ශ්‍රී ලාංකික සහ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අය අතර යම් පිරිසක් හිතන්නේ ”නිරෝ ද සොයිසා” නමින් පෙනී සිටින මෙම තැනැත්තිය ඇය කියන කතාවෙහි තැනැත්තිය නොවන බවයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පර්යේෂකයන්, ලේඛකයන් සහ ජනමාධ්‍යවේදීන් ඇතුළත් මෙම කණ්ඩායම කියන්නේ මැය ඇගේ පොතෙහි කියන පරිදි කිසි දිනෙක දෙමළ කොටි කතක්ව නොසිටි බවයි. පොතෙහි තිබෙන වැරැදි සහ නොගැළපීම් පෙන්වා දෙන මෙම කණ්ඩායම ඇගේ කතාවේ සත්‍යතාව ගැන සැක පහළ කරති. ඇයට ගැරහීම සඳහා ඔවුන් යොදන්නේ ව්‍යාජ කොටිකත” සහ ”කූට ගරිල්ලා සෙබළිය” වැනි යෙදුම්ය. එමෙන්ම ”කුමන්ත‍්‍රණ” න්‍යායන්ද මේසම්බන්ධයෙන් පවතියි. ශ්‍රී ලංකාවට සම්බන්ධ බොහෝ දෙනා අතර මෙබඳු මත පැතිර යයි. මේ වේලාවේ පොත නිකුත්වීමත් එහි ඇති ඇතැම් වැරැදිත් පෙන්වමින් ඇතැම් අය සිතන්නේ මෙය ශ්‍රී ලංකාව අප කීර්තියට පත් කිරීමේ ගැඹුරු ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක කොටසක් බවයි. මාස කිහිපයකට පෙර මෙල්බෝර්න් හිදී තම පොතෙහි අත්සන් තබමින් සිටි ”දෙමළ කොටි කත” ලේඛිකාව වට කරගත් ”දේශපේ‍්‍රමී” පිරිසක් ඇයට ”ව්‍යාජ කොටි කත” ලෙස කෑ ගසා කීමේ අප‍්‍රසන්න අත් දැකීමට මුහුණදීමටද ලේඛිකාවට සිදුවිය. චෝදනා වෙනත් අය මේ ගැන සිත්නනේ තවත් ආකාරයකිනි. ඔවුන් කියන්නේ මෙම පොත සැඟවුණු අරමුණේ ඇතිව ලියැවුණු බොරු සාහිත්‍ය කෘතියක් බවයි. ඔවුන් හිතන්නේ මෙය එල්.ටී.ටී.ඊ. හෝ එල්.ටී.ටී.ඊ. හිතවාදී පිරිසක් මුදල් එකතු කිරීම අරමුණු කොට ගෙන එළි දැක්වූවක් බවයි. ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ජනයා වෙනුවෙන් වැදගත් වැඩ කොටසක් කරන ගෞරවාන්විත සංවිධානයකට එරෙහිව අසාධාරණ පදනම් විරහිත චෝදනා එල්ල කිරීමක්ද මේ කි‍්‍රයාවලිය තුළ සිදුවී ඇත. මෙලෙස චෝදනා කිරීමට එකම හේතුව වන්නේ තම පොත විකුණා ලබන ආදායමෙන් කොටසක් මෙම සංවිධානයේ වැඩ කටයුතු සඳහා ලබාදෙන බව කතුවරිය ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීම පමණකි. තමන්ට එල්ලවූ චෝදනා ප‍්‍රතික්ෂේප කිරීමේ නිවේදයක් එම සංවිධානය විසින් නිකුත් කොට තිබේ. කෙසේ වෙතත් තමන්ට එල්ල වූ චෝදනා බොහොමයකට ”දෙමළ කොටිකත” කතුවරිය පිළිතුරු දී නැත. මෙම නිහඬතාවය බොහෝ දෙනාට අවහිරයක් වී ඇත. මට නම් මෙම නිශ්ශබ්දතාවය තේරුම් ගත හැකිය. ඇත්තෙන්ම මෙම චෝදනාවන්ට පිළිතුරු දීමට කෙනෙකු පටන් ගතහොත් එහි නිමාවක් නැත. ආත්ම ගෞරවයක් ඇති ලේඛකයකු තමන්ගේ සත්‍ය යථාර්ථය ප‍්‍රශ්න කරන අයකුට පිළිතුරු දීමේ තේරුමක් නැත. මෙම ඇතැම් විවේචකයන් මා පෞද්ගලිකව දන්නා උදවිය වන අතර ඔවුන්ගේ බුද්ධිමය කාර්යයන් පිළිබඳව මගේ ගෞරවයක් ඇත. එසේ වුවද මෙම විවේචකයන් කරන්නේ තමන් අවමානයට ලක් කිරීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක කාර්යය ඉටු කිරීමක් ලෙස ලේඛිකාව කල්පනා කළහොත් මම ඇයට දොස් නොකියමි. ඔවුනොවුන්ගේ පෞද්ගලික අභිමතාර්ථ මොනවා වුවත් මොවුන් කරන්නේ ජුලියස් සීසර් ඝාතනයේදී ඝාතකයන් කළ පරිදි ”තම තමන්ගේ පිහියා වෙන වෙනම එළියට ගෙන එක්ව ඇනීමයි” අඩු තරමින් එක් විවේචකයකු කරගෙන යන විවේචනයේ ස්වරුපය හා ප‍්‍රමාණය අනුව මෙහි යම් සැඟවුණු න්‍යාය පත‍්‍රයක් ඇතැයි කෙනෙකු සැක කිරීමටද ඉඩ ඇත. එමෙන්ම මොවුන් එල්ල කරන චෝදනාද හොඳ පදනමක් ඇතිව කරන ඒවා නොවේ. වරදක් සිදුවීම බොරු කීමක් නොවේ. කුඩා කරුණක පවතින වැරැදි අඩුපාඩුවලින් පෙනෙන්නේ නොසැලකිලිමත් බව මිස බොරු කියන බව නොවේ. පෙන්වාදී ඇති නොගැළපීම් සහ සැක සහිත තැන් ඇගේ පොතේ අඩංගුවට හෝ ව්‍යුහයට කිසිසේත් බලපාන්නේ නැත. මේවා පොතෙහි කියා ඇති දෙය සම්පූර්ණයෙන් වෙනස් කරන මූලික වැරැදි නොවේ. පිළිගත හැකිය ”දෙමළ කොටිකත” වැනි සටහනක් සඳහන් කරන සෑම කරුණකම නිවැරැුදිතාවය පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුවන ”ස්වයං චරිතාපදානයක්” නොවන බව මතක තබාගත යුතුය. ඓතිහාසික කරුණු සටහන් කිරීමේදී නිරවද්‍යතාවය අත්‍යවශ්‍යය. මෙබඳු සටහනකදී එය එසේ නොවේ. මෙම අවස්ථාවේදී පොතෙහි ඇත්තේ මිශ‍්‍ර ආකෘතියකි. සටහනක ආකාරයකින් ඉදිරිපත්වන එය යථාවාදී නවකථාවක ලක්ෂණද පිිළිබිඹු කරයි. කෙසේ වෙතත් කතුවරියගේ අනන්‍යතාවයට සහ සත්‍යතාවයට පිළිගතහැකි මට්ටමේ අභියෝගයක් එල්ලවී ඇත්නම් එයට පිළිතුරුදීම සහ තමන්ගේ නම පිරිසුදු කර ගැනීම අවශ්‍යය. මේ අවස්ථාවේදී චෝදනා එල්ල කරන අය ඒ සඳහා පිළිගත හැකි පදනම් ඉදිරිපත්කොට නැති නිසා පිළිගත හැකි අභියෝගයක් එල්ලවී ඇතැයි මම නොසිතමි. මෙයට වෙනත් පැති මානයක්ද ඇත. නිරෝමි ද සොයිසා යන්න ආරූඪ නාමයක් බව කතුවරිය විවෘතව ප‍්‍රකාශ කොට ඇත. ඇගේ නියම නම වෙනත් එකකි. ඇය ඇගේ නියම නමත් පෞද්ගලික තොරතුරුත් විවෘතව කීවේ නම් මෙම විවේචන බොහොමයක් පහව යනු ඇත. කෙසේ වෙතත් ඇයට තම නියම නම කීමේ අකමැත්තක් නැතහොත් නොහැකියාවක් ඇත. කතුවරියගේ හා ඇගේ පවුලේ අයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමේ වුවමනාව මෙයට හේතුවක් විය හැකිය. එමෙන්ම පවුලේ අයගේ ඥාතින්ගේ සහ හිතවතුන්ගේ ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක්ද තිබිය හැකිය. ඇගේ පොතේ අතැම් චරිත සහ ස්ථාන සඳහා වෙනත් නම් යෙදීමටද මෙය හේතුවක් විය හැකිය. ඇගේ මෙම කි‍්‍රයාමාර්ග දිගු කාලීනව සාර්ථක වේද යන්න විවාදාත්මක වුවද ඇගේ අභිලාෂයට ගරුකළ යුතුය. නිසැකවම මෙම අවස්ථාවේ කතුවරිය සිටින්නේ අවාසිදායක තත්ත්වයකය. ඇය විවේචනය කරන්නන් අතුරින් ඇතැම් අය උත්සාහ කරන්නේ කතුවරිය නොකියා මග හරින දේ හෙළිදරව් කරන තැනට ඇය පත් කිරීමටය. ඇය නිහඬව සිටින විට සාමාන්‍ය පාඨකයා තුළ තහවුරු වන්නේ ”ව්‍යාජ” සහ ”කූඨ” යන චෝදනාවලට පිළිගැනීමකි. ”දෙමළ කොටිකත” ලේඛිකාව වැටී සිටින්නේ හෙයිනා කණ්ඩයාමක් විසින් වට කරනු ලැබූ තුවාල වූ කොටි දෙනකගේ තත්ත්වයටය. අව්‍යාජ බව ”දෙමළ කොටිකත” කතුවරිය ගැන ලියන්නට මට අවශ්‍යවන්නේ මෙම පසුබිම නිසාය. මගේ අභිප‍්‍රාය වන්නේ පොත ගැන විවේචනයක් ලිවීම හෝ ඇයට එල්ලවී තිබෙන බොරු, ව්‍යාජ ගොතන ලද ආදි චෝදනා හෝ පරීක්ෂාවට ලක් කිරීම හෝ නොවේ. පොත සම්බන්ධයෙන් එල්ලවන චෝදනා විග‍්‍රහ කිරීම ප‍්‍රතික්ෂේප කිරීම හෝ එයට පක්ෂව විපක්ෂව හෝ මාධ්‍යස්ථව හෝ තර්ක කිරීමද මගේ අභිප‍්‍රාය නො වේ. එයට හේතුව ඇගේ විවේචකයන් කියන පරිදි කූඨ හෝ ව්‍යාජ හෝ නොවන සත්‍ය කතාවක් ඇය කියන බව මා හොඳින්ම දැන සිටීමයි. එල්.ටී.ටී.ඊයේදී ඇය හඳුන්වන ලද ආරූඪ නාමය ෂෙනුකායි ඇය සත්‍ය වශයෙන්ම නියම තැනැත්තිය බවත් ඇගේ පොතේ කියන අත්දැකීම් ඇය සැබැවින්ම විඳ ඇති බවත් පැහැදිලිවම දන්නා නිසා ඇගේ පොත ගැන විවේචනයක් කිරීමට මට අවශ්‍ය නැත. මෙම ඇතැම් චෝදනා දැන් දෙමළට පරිවර්තනය වී ඇති අතර ඒවා දෙමළ මාධ්‍යය තුළ තවත් ගැටුමක් නිර්මාණය වීමට හේතුවී තිබේ. තමන් වැනිම තව පිරිසක් සමග ප‍්‍රංශ සිනමාව නව මගකට යොමු කළ සුප‍්‍රසිද්ධ ප‍්‍රංශ සිනමාකරු ජීන්-ලූක් ගොඩාර්ච් 1967 නිර්මාණය කළ විශිෂ්ට කෘතිය හඳුන්වන ලද්දේ ”ඇය ගැන මා දන්නා කරුණු එකක් දෙකක්” යනුවෙනි.”දෙමළ කොටි කත” කතුවරිය සම්බන්ධයෙන් ගත්කල මා දන්නේ කරුණු එකක් දෙකක් නොවේ. ඈ ගැන තවත් බොහෝ, බොහෝ දේ මම දනිමි. එමෙන්ම ඇය ගැන තවත් බොහෝ දේ දන්නා පවුලේ සාමාජිකයන්, ඥාතීන්, අසල් වැසියන් එක පංතියේ සිටි අය, පාසලේ සිටි අය සගයන් සහ එකට අවිගෙන සිටි උදවිය ගැනද මම දනිමි. එමෙන්ම ඇය ප‍්‍රකාශ කරන සිදුවීම් වූ කාලයේ බොහෝ දේ ගැනද මම දනිමි. ඇගේ පොතේ පැහැදිලිව විස්තර කරන ස්ථාන, පුද්ගලයින්, සහ සිදුවීම් ගැනද මට දැනුමක් ඇත. දශක ගණනාවක් තිස්සේ යුද්ධය වාර්තා කළ මම මෙම කාලයේ උතුරේ සංචාරය කෙළෙමි. 1986 දී ”සැටඬේ රිවීව්” හි නියෝජ්‍ය කර්තෘ ලෙස කටයුතු කරද්දී මාස බොහෝ ගණනක් මම එහි පදිංචිව සිටියෙමි. ඉන්දියන් හමුදාව සහ එල්.ටී.ටී.ඊ.ය අතර යුද ගැටුම් ආරම්භ වූ 1987 ඔක්තෝබර් 10දාද මම එහි සිටියෙමි. එම යුද ගැටුම් ඇරැඹීම ගැන වාර්තාකරණය නිසා මා අත්අඩංගුවට ගෙන හතරවැනි තට්ටුවේ රඳවාගෙන උසාවියට ඉදිරිපත් කරනු ලැබීය. ආරූඪ නාමය ”දෙමළ කොටි කත” කතුවරිය ගැන මෙම තීරුවේ අවධානය යොමු කිරීමට මට අවශ්‍ය වූයේ එම පසුබිම යටතේය. මට ඇගේ කතාව ලිවීමට අවශ්‍ය වූයේ ඇයට චෝදනා කරන පරිදි ඇය ව්‍යාජ හෝ කූඨ චරිතයක් නොවන බව තේරුම් කරදීම සඳහාය. මගේ දැනුමේ හැටියට ඇගේ කතාව කීමට මම අදහස් කරමි. ඇය ගැන සහ අතීතයේ ඇතැම් සිදුවීම් ගැන ලියන අතරම දෙමළ තරුණයන් සන්නද්ධ කණ්ඩායම් වටා ගොනුවී ජාතික නිදහස නම් උසස් අරමුණ වෙනුවෙන් සටන් වැදීමේ යුගයේ පසුබිම හා සන්දර්භය පිළිබඳවද කරුණු ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි. ”දෙමළ කොටි කත” කතුවරිය යොදාගත් නිරෝමී ඞී සොයිසා යන්න ආරූඪ නාමයකි. නිරෝමී යන්න ඇගේ පාසල් මිතුරියකගේ නමක් වන අතර එම නමට ඇය කැමැතියි. ඞී. සොයිසා යනු 1990 පෙබරවාරි මාසයේදී ”රාජ්‍ය ත‍්‍රස්තවාදීන්” විසින් පැහැරගෙන ගොස් මරා දමන ලද ප‍්‍රසිද්ධ ජනමාධ්‍යවේදියකු රූපවාහිනී නිවේදකයකු සිනමා හා වේදිකා නළුවකුවන රිචඞ් ද සොයිසා සඳහා යෙදුවකි. රූපවාහිනියේ පෙනී සිටියකු ලෙස රිචඞ් ද සොයිසා එම කාලයේ යාපනයේ විශාල ජනපි‍්‍රයතාවයක් හිමිකරගෙන සිටියෙකි. නිවට ලෙස ඔහු මරා දැමීම කතුවරියට විශාල වේදනාවක් වූ සිදුවීමකි. තමන්ගේ ආරූඪ නමේ කොටසක් ලෙස රිචඞ් ද සොයිසාගේ නම යොදා ගැනීම සිදුකොට ඇත්තේ ඔහුට ගෞරව කිරීමක් වශයෙන් මෙන්ම රාජ්‍ය ත‍්‍රස්තවාදයට ගොදුරුවූ මාධ්‍යකරුවන්ට සහෝදරත්වය ප‍්‍රකාශ කිරීමක්ද වශයෙනි. රිචඞ්ගේ නම තෝරා ගැනීම සංඛේතාත්මකය. මෙම ආරූඪනාමය යොදා ගැනීමද ඇතැම් අංශවල සැකයට හේතුවී තිබේ. ද සොයිසා යන්න පෘතුගීසි සම්භවයකින් යුත් නමක් වුවද ශ්‍රී ලංකාවේදී එය සැලකෙන්නේ සිංහල නමක් වශයෙනි. එබැවින් ඇතැම් අය එය දෙමළ කාන්තාවක් සිංහල නමකින් ලිවීමක් ලෙස සිතන අතර තවත් පිරිසක් සිතුවේ හිටපු දෙමළ කොටි කතක් ලෙස පෙනී සිටීමට සිංහල කාන්තාවක් දරණ උත්සාහයක් වශයෙනි. එසේ නම් ඇගේ නියම නම කුමක්ද? කලින් සන්නද්ධ සෙබළියක ලෙස ෂේනුකා නමින් හා දැන් නිරෝමී යන නමින් සිටින්නේ කවරෙක්ද? ඇගේ අනන්‍යතාවය ගැන සැකය දුරු කිරීම සඳහා ඇගේ නියම නම ප‍්‍රසිද්ධ කිරීමට මම කැමැත්තෙමි. එසේ වුවද මේ අවස්ථාවේදී මම එසේ නොකරමි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දමිල කොටි කතගේ සත්‍ය කතාව