IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය

ලබන 21 වැනිදා පැවැත්වෙන උතුරු පළාත් මැතිවරණය නිමිත්තෙන් දෙමළ ජාතික සංධානය සිය ඡන්ද ප්‍රකාශනය නිකුත්කළේය. පක්ෂයේ මහ ඇමැති අපේක්ෂක හිටපු ශේෂ්ඨාධිකරණ විනිසුරු සී විග්නේෂ්වරන් මහතාය.

2010 අප්‍රේල් මාසයේ පැවති මහා මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජනතාවගෙන් අතිවිශාල ජනවරමක් ලැබිණ. දෙමළ ජාතික සන්ධානය එම බල අධිකාරියට අනුකූලව දිගටම ක්‍රියා කළ අතර දැන් උතුරු පළාත් සභා ඡන්ද විමසීමට මුහුණ දෙන්නේ එම අරමුණ සපුරාලීමේ අවශ්‍ය වූ පියවරක් ලෙසිනි. එම බල අධිකාරියේ ප්‍රධාන ලක්ෂණ සිහිපත් කිරීම අදට අදාල වන්නකි.

ලංකාව 1948 දී යටත් විජිත පාලනයෙන් නිදහස ලබන විට සරල බහුතරයේ පාලනයක් සහිත ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලබා දෙන ලදී. 1949 දී මෑත කාලීන ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක ඡන්ද බලය අහෝසි කෙරිණ. දෙමළ කතා කරන ජනතාව වැඩි වශයෙන් සිටි ප්‍රදේශ වල, විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ රජයේ ආධාර ලබන බහුතර ප්‍රජාවගේ ජනාවාස පිහිටුවීම වඩාත් වේගවත් විය. 1949 දෙසැම්බර්  මාසයේ ඇති වූ තත්වයේ ප්‍රතිඵලයක් වශයෙන් ඉලන්කෙයි තමිල් අරසු කච්චි ( ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ) බිහි විය. 1951 අප්‍රේල් මාසයේ දී ද්‍රඑවිපෙ ලංකාවේ දෙමළ ජනතාව ජාතිකත්වය පිළිබඳ සෑම පරීක්ෂණයකින්ම සිංහල ජනතාවගෙන් විශේෂිත ජාතියක් වන නිසා ස්වයං තීරණ අයිතියට හිමිකමක් ඇත්තේය යන ඉල්ලීම පෙරට දමන ලදී. මෙම අයිතිය භාවිතා කිරීමේ අවශ්‍ය වූ පියවරක් ලෙස අපි දෙමළ කතා කරන ජාතීන්ගේ කැපී පෙනෙන බහුතරයක් ඇති උතුරට හා නැගෙනහිරට ෆෙඩරල් වැඩ පිළිවෙලක් ඉල්ලා සිටියෙමු. 1956 දී බහුතර ජනතාවට ලබා ගත හැකි පාර්ලිමෙන්තු බහුතරය නැවත වරක් යොදා ගනිමින් රටේ එකම රාජ්‍ය භාෂාව සිංහල විය. මෙම කාලය සහ 1970 අග භාගය වනතෙක් පළමුව විදේශීය ආක්‍රමණ නිසාත් පසුව දෙමළ ජනතාව පිළිනොගත් බහුතරයේ ආධිපත්‍යය තහවුරු කළ ආණ්ඩු පද්ධතියක් නිසාත් නැති වූ ස්වයං තීරණ අයිතිය නැවත දිනා ගැනිමට නොයෙකුත් සාමකාමී උද්ඝෝෂණ සංවිධානය කරන ලදී. මූලික වශයෙන් උතුරු ජ් නැගෙනහිර රජයේ ඉඩම් ලබාදීමට අදාලව දෙමළ ජනතාවගේ නායකයා වූ එස් ජේ වී චෙලවනායගම් අගමැති වරුන් දෙදෙනෙකු සමග පිළිවෙළින් 1957 දී සහ 1967 දී ගිවිසුම් ඇති කර ගත්තේය. එම ගිවිසුම් දෙකම එවකට පැවති රජයන් විසින් ඒක පාක්ෂිකව අවලංගු කෙරිණ.

1970 දී දේශීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කෙරිණ. ද්‍රවිඑපෙ මෙම කාර්යට සහභාගි වී තම ප්‍රජාතන්ත්‍රීය තීන්දුවට අනුකූලව එක්සත් රටක් තුළ ෙසෙවරීත්වය ඛෙදා හදා ගන්නා පදනමක් යටතේ දෙමළ කතා කරන ජාතීන් සමග පාලන බලය ඛෙදා හදා ගැනීමේ ප්‍රතිපාදන ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටියේය. එම යෝජනා බහුතර ඡන්දයෙන් පරාජය වූ නිසා ද්‍රවිඑපෙ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වූයේය. එමෙන්ම දෙමළ ජනතාව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට තම අනුමැතිය ලබා දුන්නේ නැත. මේ ආකාරයට පළමු හා දෙවන ජනරජ ව්‍යවස්ථා සිංහල එකම රාජ්‍ය භාෂාව දිගටම පවත්වා ගනිමින්, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් ඒකීය රාජ්‍යය තහවුරු කරමින් සම්මත වූයේ දෙමළ ජනතාවගේ අනුමැතියක් නැතිවය.

දෙමළ කතා කරන ජනතාවගේ ඓතිහාසික වාසස්ථාන වන උතුර ජ් නැගෙනහිර ජනවිද්‍යාත්මක රටාව වෙනස් කිරීම සඳහා 1948 නිදහස ලබා ගැනීමේ සිට රාජ්‍ය අනුග්‍රහයෙන් ජනවාස පිහිටුවීම ක්‍රමානුකූලව සිදු කෙරිණ. 2009 යුද්ධය අවසානයත් සමග මෙය උතුරේ වඩාත් වේගවත්ව සිදු වේ. රජය උතුරු පළාතේ මර්දනකාරී ලෙස හමුදාව පවත්වා ගන්නා අතර ‘හමුදාමය කාර්යන්‘ සඳහා ඉඩම් විශාල වශයෙන් අත් කර ගනියි. 

දෙමළ තරුණයන්ගේ තෘතීයික අධ්‍යාපනයට බලපෑ ප්‍රමිතිකරණය ඇතුළත් වෙනස් කොට සැලකීම, රාජ්‍ය අංශයේ රැකියා ලබා දීමේ දී වෙනස් කොට සැලකීමට අමතරව 1956, 1958, 1961, 1977, 1981 සහ 1983 යන වසර වල වරින් වර රටේ දෙමළ ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හරින ලදී. රජයෙන් දෙමළ වින්දිතයන්ට ආරක්ෂාවක් සැලසුවේ නැත. මෙම අවස්ථාවල රජය පීඩාවට පත් දෙමළ ජනතාව රටේ වෙනත් ප්‍රදේශ වලින් උතුරට හා නැගෙනහිරට ප්‍රවාහනය කිරීමෙන් මෙම පළාත් දෙක ඔවුන්ගේ නිජබිම් බවට පිළිගැනීමක් ඇති කෙරිණ. 

 

 

බලය ඛෙදා හදා ගැනීමේ වැඩ පිළිවෙළ.

1983 දෙමළ සංහාරය අවසන් වූ වහාම විකල්ප දේශපාලන වැඩ පිළිවෙළක් තුළින් දෙමළ කතා කරන ජනතාවට වඩාත් වැඩි ස්වාධීනත්වයක් ලබා දෙන විකල්ප දේශපාලන වැඩ පිළිවෙළක් තුළින් දෙමළ ජාතික ප්‍රශ්නය විසඳීමේ ප්‍රයත්නයක් ගනු ලැබිණ. ඉන්දු - ලංකා ගිවිසුමෙන් පසුව 1987 දී එවැනි වැඩ පිළිවෙළක් හඳුන්වා දුන්නේය. මෙම වෙනස්කම් අවම බලයක් සහිත පළාත් සභා පිහිටුවීමට මග පෑදුණ අතර ඒවා ඉක්මණින්ම වැඩි් දියුණු කරන බවට ඉහළම තැන් වලින් පොරොන්දු ලබා දුන්නේය. එවැනි උත්සාහයන්ගේ ප්‍රතිඵල වන්නේ 1993 මංගල මුණසිංහ තේරීම් කාරක සභා යෝජනා, ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යටතේ 1995, 1997 සහ 2000 ව්‍යවස්ථා ප්‍රතිශෝධන සඳහා වූ රජයේ යෝජනා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ 2006 දෙසැම්බර් සර්ව පාක්ෂික විශේෂඥ කමිටුවේ බහුතරයේ වාර්තාව යනාදියයි.

දැවෙන ජාතික ප්‍රශ්නය විසඳීමට දේශපාලන පෙරමුණේ ප්‍රගතියක් නොවන අතර තුර තමිල් ඊළාම් විමුක්ති කොටි   තම සන්නද්ධ අරගලය දිගටම කර ගෙන ගියහ. ආරම්භයේ දී සන්නද්ධ කණ්ඩායම් ගණනාවක් තිබුණ ද 1987 න් පසුව අරගලය ගෙන යන එකම සන්නද්ධ බලය වූයේ එල්ටීටීඊ යයි. එක් එක් රජයන් විසින් වරින් වර එල්ටීටීඊයත් සමග සාකච්ඡා පැවැත් වූ අතර 2002 පෙබරවාරි මාසයේ දී එල්ටීටීඊය හා ශ්‍රී ලංකා රජය අතර සටන් විරාමයක් අත්සන් කොට පසුව ඔස්ලෝ ප්‍රකාශනය නමින් හැඳින්වෙන ප්‍රතිපත්ති මාලාවක් ගැන එකඟතාවයක් ඇති කර ගැනිණ. එහි මෙසේ සඳහන් වේ.

‘එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ෆෙඩරල් ව්‍යුහයක් පදනම්ව දෙමළ කතා කරන ජාතීන්ගේ ඓතිහාසික වාසස්ථාන ප්‍රදේශ වල අභ්‍යන්තර ස්වයං පාලන මූලධර්ම මත පදනම් වූ විසඳුමක් සොයා බැලීමට‘

 

 

මිලිටරි ප්‍රහාරය සහ ඉන් පසුව

කෙසේ වුවත් සටන් විරාමය වැඩි කලක් පැවතුණේ නැත. රජයේ හමුදා සහ එල්ටීටීඊය අතර එදිරිවාදුකම් නැවත හට ගෙන 2009 මැයි 19 වැනිදා හමුදා ගැටුම අවසන් විය. වසර 30 ක් පැවති එදිරිවාදුකම් හා යුද්ධයෙන් දෙමළ කතා කරන උතුරු ජ් නැගෙනහිර විනාශයට පත්ව දෙමළ ජනතාව වඩාත් අසරණ කෙරිණ. දශ ලක්ෂයකට අධික දෙමළ ජනතාවක් ආරක්ෂාව පතා වෙනත් රටවලට පලා ගිය අතර තවත් ලක්ෂ පහක පමණ දෙමළ ජනතාව අභ්‍යන්තරව අවතැන් වූහ. ගැටුම් පැවති වසර වල එක් ලක්ෂ පනස්දහසකට වැඩි දෙමළ ජනතාවක් මිය ගිය අතර හමුදා ප්‍රහාරයේ අවසන් අදියරේ දී හැත්තෑ දහසකට වඩා සිවිල් ජනතාවක් මිය ගිය බවට ගණනය කර ඇත. තවත් විශාල සංඛ්‍යාවක් අංග විකලත්වයටත්, බරපතළ තුවාල සිදුවීමටත් ක්ෂතීය අක්‍රමතා වලටත් ලක් වූහ. ඊට අමතරව 500,000 කට අධික දෙමළ ජනතාවකට නිවාස අහිමි වූ අතර බොහෝ දෙනා සියලූ ශිෂ්ට හා අන්තර්ජාතික නියමයන්ට එරෙහිව රැඳවුම් කඳවුරු වල සිර ගත කෙරිණ. මෙම ජනතාව තමන් සිටි ස්ථාන වල නැවත පදිංචි කිරීමට අන්තර්ජාතික ප්‍රජාවට හා එක්සත් ජාතීන්ට පොරොන්දු වුවද එය මෙතෙක් නිම වී නැත.

 

 

දේශපාලන විසඳුමක් ගැන අපගේ ස්ථාවරය

මෙම දිවයින නිවහන කොට ගත් සියලූ ජාතීන් අතර ෙසෙවරීත්වය ඛෙදා හදා ගැනීම තුළින් පාලන බලතල ඛෙදා හදා ගැනීම ප්‍රධාන වශයෙන් අදාල වන ජාතික ප්‍රශ්නය විසඳීමට ප්‍රමුඛතමයැයි දෙමළ ජාතික සන්ධානය සලකන්නේ ඒ සඳහා මූලධර්ම හා ව්‍යවස්ථා ප්‍රතිපාදනයෙනි. ශ්‍රී ලංකාවේ සියලූ ජාතීන් සඳහා අව්‍යාජ ප්‍රතිසන්ධානය, කල් පවත්නා සාමය හා සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට මූලික වන්නේයැයි දෙමළ ජාතික සන්ධානය සිතන්නේ බලය ඛෙදා හදා ගැනීමේ පහත සඳහන් ප්‍රධාන කරුණුය.

  • නිශ්චිත ජන කොට්ඨාශයක් වන දෙමළ ජනතාව අනාදිමත් කාලයක සිට වෙසෙන සිංහල හා අනෙකුත් ජාතීන් සමග මේ දිවයිනේ ජීවත් වෙති.
  • දෙමළ කතා කරන ජාතීන්ගේ ඓතිහාසික වාසස්ථානය වන්නේ අති බහුල වශයෙන් දෙමළ කතා කරන යාබද වූ උතුරු හා නැගෙනහිර ප්‍රදේශයි.
  •  දෙමළ ජනතාවට ස්වයං තීරණ අයිතිය ඇත්තේය.

 

            දෙමළ කතා කරන මුස්ලිම් ජනතාවට ද පිළිගත හැකි ආකාරයට ෆෙඩරල් ව්‍යුහයක් මත පදනම්ව  එකතු කරන ලද උතුරු හා නැගෙනහිර පළාත් වල බලය ඛෙදා ගැනීමේ වැඩ පිළිවෙළක් ස්ථාපනය කළ යුතුය.

            බලය ඛෙදා හැරීම අවශ්‍යයෙන්ම ඉඩම්, නීතිය හා පාලනය, සෞඛ්‍යය හා අධ්‍යාපනය ඇතුළත් සමාජ ආර්ථීක සංවර්ධනය, සම්පත් හා බදු පැනවීමේ බලතල පිළිබඳ ෙසෙවරීත්වය ඛෙදා හදා ගැනීමේ පදනම යටතේ විය යුතුය.

 

 

දෙමළ ජනතාවගේ හදිසි අවශ්‍යතා පිළිබඳ කරුණු.

සාධාරණ හා කල්පවත්නා විසඳුම් සොයා ගැනීමට දිගටම කටයුතු කිරීමට අමතරව අපි අපගේ ජනතාවගේ හදිසි හා ආසන්න අවශ්‍යතා විසඳීමට ක්‍රියාත්මකව සහභාගි වනු ඇත. එ ජා මහ ලේකම් පත් කළ විශේෂඥ කමිටුවේ නිර්දේශ හා 2012 මාර්තු සහ 2013 මාර්තු මස එ ජා මානව හිමිකම් කවුන්සලය සම්මත කළ යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමු. නිශ්චිත කරුණු පහත සඳහන් වන ආකාරයටය:

            උතුරු හා නැගෙනහිර පළාත් වලින් සන්නද්ධ හමුදා, මිලිටරි ආම්පන්න හා අධි ආරක්ෂක කලාප/ පිවිසීම සීමා කළ කලාප ඉවත් කිරීමෙන් එදිරිවාදුකම් ආරම්භ වීමට පෙර 1983 පැවති පූර්ව යුද්ධ තත්වයට පත් වෙන අර්ථාන්විත නිර්- මිලිටරිකරණයක් විය යුතුය.

            ගැටුම් නිසා උතුරෙන් හා නැගෙනහිරෙන් අවතැන් වූ දෙමළ ජනතාව ඔවුන් කලින් සිටි ස්ථාන වල කඩිනමින් පදිංචි කළ යුතු-ය. නිවාස සැපයිය යුතුය, ජීවන මාර්ග ප්‍රතිස්ථාපනය කළ යුතුය, ඔවුන්ගේ ගරුත්වය පිළිගත යුතුය.

            යුද්ධයේ අවසාන අදියරේ දී ශ්‍රී ලංකා රජය හා එල්ටීටීඊය යන දෙපාර්ශ්වයෙන්ම සිදුවූයේයයි චෝදනා කෙරෙන අන්තර්ජාතික මානව අයිතිවාසිකම් හා මානුෂිකවාදී නීති උල්ලංඝණය කිරීම් ගැන ස්වාධීන අන්තර්ජාතික විමර්ශනයක් සිදු කොට සත්‍යය තහවුරු කර ගෙන වින්දිතයන්ට සාධාරණය හා වන්දි ගෙවීම ඇතුළත් හානිපූරණය කළ යුතුය.

  • චෝදනා නැතිව රඳවා ගෙන සිටින පුද්ගලයන් වහාම නිදහස් කොට සියලූ දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබා දිය යුතුය.
  • දහස් ගණන් වූ අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ අවසාන නිගමනයකට පැමිණ ආසන්න ඥාතීන්ට වන්දි ගෙවීමක් කළ යුතුය.
  • රටින් පලා ගිය දෙමළ ජාතිකයන්ට තම නිවෙස් වලට ආපසු පැමිණීමට ඉඩ දිය යුතු අතර ඔවුන්ගේ ආපසු පැමිණීමට හිතකර වාතාවරණයක් නිර්මාණය කළ යුතුය.

            තරුණයන්ට රැකියා අවස්ථා නිර්මාණය කිරීම ඇතුළත්ව උතුර හා නැගෙනහිර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය, දෙමළ ඩයස්පෝරාව සහ අන්තර්ජාතික ප්‍රජාවේ ක්‍රියාත්මක සහාය ඇතිව පුළුල් වැඩ සටහනක් ක්‍රියාත්මක කරනු ඇත.

ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිය වන අපි අන්තර්ජාතික සම්මුතීන් හා සන්ධාන වලට අදාල අර්ථ ගැන්වීම් අනුව නිශ්චිත ජාතියක් වන්නෙමු. අපිට ජාතියක් වශයෙන් අපගේ රටේ අනෙකුත් අය සමග සාමකාමී සහජීවනයෙන්, අභිමානයන් හා ආත්ම ගෞරවයෙන් යුතුව ස්වාධීනව හා නිදහසේ  බියෙන් තොරව බහුතරයේ අධිපතිවාදයට ලක් නොවී ජීවත්වීමට අවශ්‍ය ය.

ජාතියක් වශයෙන් අපි අපගේ ඓතිහාසික වාසස්ථාන, ජාතියක් වශයෙන් අපට අයත්වන අපගේ සාමුහික අයිතිය හා එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ කතා කරන උතුරු ජ් නැගෙනහිර ස්වයං පාලනයක් සහතික කිරීමට වඩාත් සුදුසු කුමක්දැයි තීරණය කිරීමට විකල්පයන් භාවිතා කිරීමට ඇති අපගේ අයිතිය ගැන උනන්දු වන්නෙමු.

මේ සඳහා දැනට ඇති ව්‍යවස්ථාමය වැඩ පිළිවෙළ සතුටුදායක නොවන බව ඔප්පුවී ඇත. දැනට පවතින්නේ බහුතරයට හා බහුතරයේ අධිපති බවට ගැලපෙන ව්‍යවස්ථාමය ආකෘති රාමුවකි. යුක්තිය, සමානත්වය, සාමය හා සුරක්ෂිත භාවය තහවුරු කරන ව්‍යවස්ථාමය ආකෘති රාමුවක් නොමැතිව බහුත්ව සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක විය නොහැකිය. එළඹෙන උතුරු පළාත් සභා ඡන්ද විමසීම අප දකින්නේ මෙවැනි සන්දර්භයක් තූළ පිහිටාය.

ෙසෙවරීත්වය ඇත්තේ ජනතාව වෙත විනා රජයේ නොවන බව දෙමළ ජාතික සන්ධානය තරයේ විශ්වාස කරයි. දෙමළ ජනතාව පාලනය කිරීමට අයිතිය ඇත්තේ කොළඹ ඇති ආණ්ඩුවට නොව එම ජනතාවටමය. ඒ අනුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වැනි සංශෝධනය සදොස් වන්නේ බලය මධ්‍යය හා එහි නියෝජිත ආණ්ඩුකාරයා වෙත ඒකරාශී වන බැවිනි. අපගේ දේශපාලන දර්ශනය පදනම්ව ඇත්තේ අත්තනෝමතික රාජ්‍යයකට කෙරෙන මූලික ප්‍රජාතන්ත්‍රවාදී අභියෝගයක් තුළය. එමනිසා අපගේ දේශපාලන වැඩ සටහන පදනම් වන්නේ යුක්තිය හා සාධාරණත්වය සඳහා දෙමළ කතා කරන ජනතාවට ඇති අවශ්‍යතා හා අභිලාෂයන් මතය.

ඉහත සඳහන් දේ සාක්ෂාත් කර ගැනීම සඳහාත් ස්වයං විශ්වාසය සඳහාත් අපට ස්වයං පාලනයක් තිබීම අත්‍යාවශ්‍යය. එය අත් කර ගැනිම සඳහා අපි අදියර දෙකක ව්‍යවස්ථාමය ක්‍රියාවලියක් ඉදිරිපත් කරන්නෙමු. උතුරු - නැගෙනහිර  දෙමළ කතා කරන ජනතාව සඳහා ස්වයං පාලනයක් ප්‍රවර්ධනය කරන්නාවු සාධනීය භුමිකාවක් ඉටු කිරීමට අපගේ උපරිමය යොදවන අතර පාලන බලතල අර්ථාන්විතව ඛෙදා හදා ගැනීම සඳහා දේශපාලන සාකච්ඡාව ද දිගටම පවත්වා ගනු ඇත. නිවැරදිවම අප සතු විය යුතු පාලන කාර්යන් හිමි කර ගැනීමට ව්‍යවස්ථාදායක, විධායක හා බදු පැනවීමේ බලතල සහිත ප්‍රජාතන්ත්‍රීයව තෝරා පත්කර ගන්නා ආයතනයක ක්ෂණික අවශ්‍යතාවය අපට මීටත් වඩා අවධාරණය කළ නොහැකිය.

දිවයිනේ උතුරු ජ් නැගෙනහිර ජනතාව දශක තුනක යුද්ධයෙන් මානසික කම්පනයකට පත්ව සිටිති. සෘජු ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵල වන්නේ ජ් සටන්කරුවන්ට තුවාල සිදුවීම, භට කණ්ඩායම් වල විනය විරෝධී හැසිරීම් හා බිම් බොම්බ ඇතිරීම පමණක් නොවේ. සාගින්න උත්සන්නවීම, බලහත්කාර සංක්‍රමණය හා උතුරු ජ් නැගෙනහිර ආර්ථීක හා පරිපාලන ව්‍යුහයන් කඩා වැටීම නිසා රාජ්‍ය සේවය බිඳ වැටීම ද එහි ප්‍රතිඵල වේ.

 

 

අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයන්.

අභ්‍යන්තරව අවතැන් වූවන්ට චිරස්ථායී විසඳුමක අයිතියක් පැවතීමට අමතරව ඔවුන්ගේ ප්‍රයත්නයන්ට බොහෝවිට ආධාර ලබා දීම ද අවශ්‍යතාවයකි. පළාත් සභාව අභ්‍යන්තරව අවතැන් වූවන්ගේ අයිතීන්ට කඩිනම් අවධානය යොමු කොට කල් පවත්නා විසඳුම් යෝජනා සකස් කිරීමෙන් ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා බලාධිකාරීන්ගේ වගකීම් පැහැදිලි කර මානුෂිකවාදී හා සංවර්ධන ක්‍රියාකාරීන්ගේ සහාය පහසු කරනු ඇත.

අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයන්ට ස්වේච්ඡාවෙන් ආරක්ෂිතව හා ගරුත්වයෙන් යුතුව තම නිවාස හෝ සුපුරුදු වාසස්ථාන වලට ආපසු පැමිණීමේ මාර්ග සැලසීම මෙන්ම ඒ සඳහා තත්වයන් ස්ථාපනය කිරීමේ යුතුකම හා වගකීම විශ්වසනීයත්වයෙන් හා වගවීමෙන් යුතුව ඉටු කිරීම සහතික කිරීම සඳහා එය මූලික වශයෙන්ම පළාත් පරිපාලනය සතු විය යුතු බව දෙමළ ජාතික සන්ධානය පිළිගනී.

 

 

මුස්ලිම් ජාතිකයන්.

1990 දී අවතැන් කිරීමට පෙර උතුරු පළාතේ පදිංචිකරුවන් වූ මුස්ලිම් ජාතිකයන් ඔවුන් ජීවත්ව සිටි ප්‍රදේශවල සම්ප්‍රදායික නිවැසියන්ය. තම දේපොළ අතහැර දැමීමට බලකරනු ලැබීමෙන් රටේ වෙනත් ප්‍රදේශවලට යෑමට සිදු වීම නිසා ඔවුන්ට අපමණ වූ දුක් ගැහැට වලට මුහුණ දීමට සිදුවීම කණගාටුවට කරුණකි.

උතුරු පළාත හැර ගිය සියලූ මුස්ලිම් ජාතිකයන්ට ඔවුන් ජීවත් වූ ප්‍රදේශ වලට ආපසු පැමිණීමත්, හැකිතාක් ඉක්මණින් ඔවුන්ගේ ජීවන මාර්ග නැවත පටන් ගැනීමත් තහවුරු කිරීමට අපි කැප වන්නෙමු. ඔවුන් ආපසු පැමිණීමට දිරිමත් කෙරෙන අතර ඔවුන්ගේ දිවි පෙවත නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සියලූ සහාය උතුරු පළාත් සභාවෙන් ලබා දෙනු ඇත.

මුස්ලිම් ජනතාවගේ සුභ සාධනය පිළිබඳ කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් ඒවාට උතුරු පළාතේ ජීවත් වන අනෙකුත් ජන කොටස් වල ප්‍රශ්න වලට දක්වන සැලකිල්ලම යොමු වනු ඇත. පළාතේ ජීවත් වන සියලූ ප්‍රජාවන්ට යුක්තිය හා සමානව සැලකීම පළාත් පරිපාලනය විසින් තහවුරු කරනු ඇත.

 

 

යුද වැන්දඹුවන්.

යුද්ධය නිසා උතුරු පළාතේ පමණක් වැන්දඹුවන් 50,000 කට අධික සංඛ්‍යාවක් සිටිති. යුද වැන්දඹුවන්ගේ හැකියාවන් ගොඩ නැගීමේ හා ඔවුන්ගේ ජීවිත නගා සිටුවීමේ ප්‍රතිපත්තියක පැහැදිලි අවශ්‍යතාවයක් පවතී. මෙම වැන්දඹුවෝ ආර්ථීක හා සමාජයීය වශයෙන් අවදානම් තත්වයක සිටිති. මෙම වාතාවරණය යටතේ පළාත් සභාව ජීවන මාර්ග වැඩ සටහන් කඩිනමින් හා ඵලදායීව නිර්මාණය කිරීමට හා ඔවුන්ගේ වත්මන් තත්වය සමනය කිරීමට අවශ්‍ය වෙනත් පියවර ගැනීමේ වගකීම පළාත් සභාව භාර ගනු ඇත.

ඒ සමගම අවධානය යොමු කළ යුතු අනෙක් ජන කොටස් වන්නේ යුද්ධයෙන් පීඩා විඳි ළමයින්, වැඩිහිටියන්, ආබාධිතයන් හා ප්‍රචණ්ඩත්වයෙන් මිදීම සඳහා රටින් පලා ගිය සරණාගතයන්, විශේෂයෙන්ම ඉන්දියාවේ තමිල් නාඩුවේ සරණාගතයන්ය.

 

 

පශ්චාත් යුද සමයේ ඉඩම් ප්‍රශ්නය:

යුද්ධය අවසන්ව වසර හතරක් ගත වුවද රජය තවමත් සමහර ප්‍රදේශ අධි ආරක්ෂක හෝ පිවිසීම සීමා කෙරෙන ප්‍රදේශ වශයෙන් නම් කොට එම ප්‍රදේශවල පදිංචි වී සිටි අය නැවත පදිංචි වීමෙන් වළක්වයි. රජය විශාල භූමි ප්‍රදේශයක් නිසි ක්‍රියා මාර්ගයකින් තොරව අත්පත් කර ගෙන ඇත. නිසි ක්‍රියාවලියකින් තොරව ඉඩම් අත්පත් කර ගැනීමේ අයිතියක් ප්‍රජාතන්ත්‍රවාදී රජයකට නැත. රජය පෞද්ගලික දේපොළ හිමියන්ගේ අයිතියට ගරු කළ යුතු අතර අත්පත් කර ගත් ඉඩම් එහි නිත්‍යානුකූල අයිතිකරුවන්ට ලබා දිය යුතුය. එවැනි ඉඩම් වලින් ඉවත් කරනු ලැබු සැලකිය යුතු සංඛ්‍යාවක් ඉතා දුෂ්කර තත්වයන් යටතේ ජීවත් වෙති. ඉඩම් පවරා ගැනීමේ හා නැවත අත්පත් කර ගැනීමේ රජයේ දරද~ු රෙගුලාසි වලින් දෙමළ ජාතිකයන් දහස් ගණනකට සරු සාර කෘෂිකාර්මික ඉඩම් අහිමි වූ අතර මසුන් මැරීම පිළිබඳව පනවා ඇති සීමා කිරීම් වලින් දහස් ගණන් දෙමළ ධීවරයන්ට තම ජීවන මාර්ගය අහිමි කර ඇත.

 

රජය විසින් උතුරු ජ් නැගෙනහිර ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන භාවිතා කිරීමට අදාල ප්‍රශ්න විසඳීමේ හදිසි අවශ්‍යතාවයක් පවතී. දෙමළ ජාතික සන්ධානය පළාත් පරිපාලනය උතුරු ජ් නැගෙනහිර ඉඩම් පිළිබඳ පාලනය තබා ගැනීමට කැපවී සිටී. උතුරු ජ් නැගෙනහිර භාෂාමය හා සංස්කෘතික අනන්‍යතාවය ඉලක්කර ගත් ඉඩම් අයිතිය, පාලනය හා භාවිතාව පිළිබඳ පවතින ප්‍රතිපත්ති ප්‍රතිශෝධනයක් නොමැතිව ප්‍රතිසන්ධානයක් විය නොහැකියැයි දෙමළ ජාතික සන්ධානය විශ්වාස කරයි. 

 

 

නීතිය හා පාලනය

උතුරු පළාත නීතිය හා සාමය පිළිබඳ අර්බූදයකට මුහුණ දී සිටින අතර එහි ජනතාව බියෙන් හා අනාරක්ෂිත භාවයෙන් වෙළා ගෙන සිටිති. අපරාධ සිදු කරන්නන් බොහෝ අවස්ථාවල ගැලවී ගොස් ඇත. තම මානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය කරනු ලැබු ජනතාවට යුක්තිය හෝ වගවීම යන දෙකම ලැබී නැත. වැරදි කරුවන් නීතිය ඉදිරියට පමුණුවා නැති අතර වින්දිතයන්ට හා දිවි ගලවා ගත් අයට සහනයක් ලැඛෙන්නේ නැත. මෙම තත්වය මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට ඇති ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික යුතුකම් බරපතළ කඩකිරීමක් වන්නේය. ශ්‍රී ලංකාවේ උතුරු ජ් නැගෙනහිරත් හා වෙනත් තැන් වලත් මානව අයිතිවාසිකම් හා මානුෂිකවාදී නීතිය උල්ලංඝණය කිරීම ගැන නීතිය ක්‍රියාත්මක නොවීම ව්‍යතිරේකයකට වඩා නියමය වී ඇත.

උතුරු ජ් නැගෙනහිර වඩාත් පලදායී පොලිස් බලකාය වන්නේ පළාත් සභාවෙන් මෙහෙයවන්නක් බව දෙමළ ජාතික සන්ධානය විශ්වාස කරයි. දැනට උතුරු පළාතේ ජනතාව හා පොලිස් සේවය අතර විශ්වාසයක් නැත. තම පොලිස් නිලධාරීන් කෙරේ ජනතාවට විශ්වාසයක් නැති නිසා ඔවුහු තම ප්‍රජාවේ අපරාධ හා ගැටුම් පිළිබඳව පොලීසියට දැනුම් දීමට බොහෝවිට බිය වෙති.

 

 

රැකියා නිර්මාණය

ඕනෑම පළාත් සභාවකට විරැකියා ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය වන නිසා එසේ කිරීමට මෙවලම් ද තිබිය යුතුය. ඇත්තෙන්ම උතුරු පළාතේ විරැකියාවේ මූලික හේතු සාධක වලට පිළිතුරු සෙවීම දෙමළ ජාතික සන්ධානයේ ප්‍රමුඛතාවයකි.

ආර්ථීකයේ රැකියා අවස්ථා උපරිම කිරීම සඳහා ව්‍යවසාය හා ව්‍යාපාරික අංශ වලට සහයෝගය ලබා දීමට දෙමළ ජාතික සන්ධානය කැමැත්තේය. මෙය විශේෂයෙන් වැදගත් වන්නේ අප ප්‍රජාව තුළ කළ යුතුව ඇති වැඩ, පරිසරය ආරක්ෂා කිරීම හා වැඩි දියුණු කිරීම, පොදු ප්‍රවාහනය වැඩි දියුණු කිරීම, වඩාත් හොඳ ප්‍රජා රැකවරණය, අපරාධ හා පොදු දේපොළ වැනසීම හා සටන් කිරීම, නව යටිතල පහසුකම් වල ආයෝජනය යනාදිය සිහිපත් කිරීමෙනි. මේ සියල්ල වත්මන් රජයෙන් විසඳුම් ඉදිරිපත් නොකරන හදිසි අවශ්‍යතාවයන්ය. රජයේ ආකල්ප වලින් දෙමළ ජනතාව විශිෂ්ට ලෙස පරාජය කර ඇත. ඊට වෙනස්ව දෙමළ ජාතික සන්ධානය, කර්මාන්ත වශයෙන් හා සමාජයීය වශයෙන් බල රහිත කරනු ලැබු ජනතාව පුනර්අන්තර්ග්‍රහණය හා චිරස්ථායී සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පෙනී සිටී.

 

 

ජාතික හා අන්තර්ජාතික ආධාර ඇතිව සංවර්ධනය කිරීම

පශ්චාත් යුද කාලීන යළි ඉදිකිරීම් සඳහා යුද්ධයෙන් උරුම වූ ප්‍රශ්න විසඳීමට වෙළඳ පොළ ආයතන වලට සහාය වන, දුප්පතුන් ට හිතකර වූ සමස්ත පිවිසුමක් අවශ්‍ය බැවින් පුද්ගලික අංශයේ නිමැවුමේ දීර්ඝ කාලීන වර්ධනයක් සඳහා හැකියාවන් නිර්මාණය කරයි. මෙම පළාතේ දීර්ඝ කාලීන ආයෝජනය හා ආධාර පිළිබඳ ගැටලූ විසඳීම සඳහා දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකා රජය, අන්තර්ජාතික ප්‍රජාව හා දෙමළ ඩයස්පෝරාව සමග සම්බන්ධ වෙනු ඇත.

දෙමළ ඩයස්පෝරාව පීඩාවට පත් ජනතාවගේ පුනර්ජීවනය හා සුභ සාධනය සුරක්ෂිත කිරීමේ වැදගත් අංශයකි. අප සංවර්ධන ක්ෂේත්‍රයේ පමණක් නොව යුක්ති සහගත, ක්‍රියාත්මක කළ හැකි හා කල් පවත්නා දේශපාලන විසඳුමක් සොයා ගැනීමේ දීද ඔවුන්ගේ අගනා ආධාර සහ විශේෂඥතාවය ලබා ගන්නෙමු.

ප්‍රජා සහභාගිත්වය ප්‍රජා සංවර්ධනයේ ඉතා වැදගත් කොටසක් ඉටු කරයි. කෙසේ වෙතත් ගැටුම් උත්සන්න වෙත්ම උතුරේ ප්‍රජා ක්‍රියාකාරිත්වය, නිදසුනක් වශයෙන් සමුපකාර සමිති පසු බෑමට ලක් විය. දැන් යුද්ධය අවසන්ව ඇති තත්වයක් යටතේ පළාත් පරිපාලනය තල් ආශ්‍රීත නිෂ්පාදන, කෘෂිකර්මය හා ධීවර කර්මාන්තය සංවර්ධනය වැනි ප්‍රජා සංවර්ධන කටයුතු නැවත පන ගැන්වීමට පියවර ගනු ඇත.

 

 

අන්තර්ජාතික ප්‍රජාවේ භූමිකාව

දෙමළ ජනතාව හැම විටම දේශීය ක්‍රියාවලීන් තුළින් ජාතික ප්‍රශ්නයට සාධාරණ හා පිළිගත හැකි විසඳුමක් සොයා ගැනීමට කැපවී වැඩ කෙළේය. මෙම අවස්ථා ඉවත දමා නැවත නැවතත් සිදු කළ දෙමළ විරෝධී ප්‍රහාර තුළින් දෙමළ ජනතාව යටපත් කෙළේ ශ්‍රී ලංකා රජයයි. ශ්‍රී ලංකා රජයේ මෙම පිළිවෙත නිසා ජාතික ප්‍රශ්නය අන්තර්ජාතික වී ශ්‍රී ලංකා රජයට අන්තර්ජාතික භූමිකාව පිළිගැනිමට සිදුවිය. එහිම අනිවාර්ය ප්‍රතිපලයක් වූ දෙමළ සටන්කාමිත්වය දැන් අවසන්ව ඇත.

අන්තර්ජාතික මැදිහත් වීම තුළින් අත්කර ගත් අවම ප්‍රගතිය පවා ඉවත් කිරීමට දැන් ශ්‍රී ලංකා රජය උත්සාහ ගනී. මෙහි ප්‍රතිපලයක් විය හැක්කේ ශ්‍රී ලංකාවේ ජාතියක් වශයෙන් දෙමළ ජනතාවගේ පැවැත්ම අවසන් වීමය. ශ්‍රී ලංකාවේ වෙසෙන සියලූ ජාතීන්ට සාධාරණත්වයක් ඉටු විය හැකි වන්නේත්, ස්ථාවර සාමයක් තුළින් අව්‍යාජ ප්‍රතිසන්ධානයක් අත් කර ගත හැකි වන්නේත් අන්තර්ජාතික අනුග්‍රහය යටතේය යන මතයේ  දෙමළ ජාතික සන්ධානය දැඩිව සිටී.

දෙමළ ජනතාවගේ අපේක්ෂාවන්ට ගැලපෙන ආකාරයට ප්‍රතිව්‍යුහ වීමට ශ්‍රී ලංකා රජයට නොහැකි වීමත්, ඒ තුළින් ජාතික ප්‍රශ්නය විසඳිය නොහැකි වීමත් සහ දෙමළ සිවිල් ජනතාව මත ප්‍රචණ්ඩත්වය මුදා ගැරීමෙන් අන්තර්ජාතික ප්‍රජාවේ භූමිකාව වැඩි වැඩියෙන් අනිවාර්යක් වූ බව පෙන්වා දීමට දෙමළ ජාතික සන්ධානය කැමැත්තේය. මෙවැනි තත්වයන් තූළ ලොව පුරා නොයෙකුත් ස්ථාන වල අන්තර්ජාතික ප්‍රජාව නිවැරදිව තීරණාත්මක භූමිකාවක් ඉටු කර ඇත.

 

 

නිගමනය.

අපගේ ජනතාවගේ ජීවිත නැවත ගොඩ නැගිය යුතු වන්නේ ජාතියක් වශයෙන් අපගේ නිශ්චිත අනන්‍යතාවය පවත්වා ගනිමිනි. ජාතියක් වශයෙන් අප නැවතත් අපේ දේශපාලන අයිතිවාසිකම් ලබා ගත යුතුය. එමනිසා ධෛර්ය සම්පන්නව නැගී සිට, ඉලංකෙයි තමිල් අරසු යන නමින් තරග කරන දෙමළ ජාතික සන්ධානයට ඡන්දය දීමෙන් මෙම ඡන්ද විමිසීමේ දී තම අධිෂ්ඨානය ප්‍රදර්ශනය කරන මෙන් අපි ආයාචනය කරමු.

 



අදහස් (0)

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය

වජන්ත Thursday, 12 September 2013 08:57 AM

පැටලී ඇමතිතුමා කිව්වා හරි

:       0       0

අමාර Thursday, 12 September 2013 08:57 AM

පාටලී ඇමතිතුමා කිව්වා වගේ දෙමල සන්දනේ නන්දිකඩාල් යන්න වගේ හදන්නේ (දී)

:       0       0

ජාබීර් Wednesday, 11 September 2013 07:47 AM

රටක් දියුණුවීමට ප්‍රධාන හේතුව සියලු ජාතීන් ගැන සම්බන්ධව එක නීතියක් තිබීමයී. (නි)

:       0       0

ඇසළ Sunday, 08 September 2013 02:51 PM

ලංකාවේ ජනගහනයෙන් 13% ක් වුන එයිනුත් 50% උතුරේ සහ නැගෙනහිර පදිංචි නැති මොවුන් දකින දවල් සිහින. ලංකාවේ අග නගරයේ ඉන්න දෙමල ජාතිකයනට මේවා අවශ්‍ය නැද්ද. අයිත් ඉල්ලන් කන්න දගලනවද. ටි .එන් .ඒ ලොක්කට වයස 80 හිටියත් එකයි මලත් එකයි. ඉන්න අයගේ අනාගතේ ගැන තමයි දුක. (දී)

:       0       0

කුමාර Saturday, 14 September 2013 05:49 AM

පළමුව තමුන්ගේ පක්ෂය නීත්‍යානුකූල කරගන්න ඕනෑ (නි)

:       0       0

රුවන්ත Friday, 13 September 2013 01:55 PM

ඇත්තටම බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

කවී Monday, 09 September 2013 01:09 PM

අසේල, ඔබ හරියට හරි. අපේ ඉවසීම පරීක්ෂා කරනවද කියලත් හිතෙනවා (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 14 September 2013 09:31 AM

පාටලී ඇමතිතුමා කිව්වා වගේ,දෙමල සන්දානය අයෙත් නන්දිකඩාල් යන්න වගේ,ඇයි දෙයියනේ දෙමල සන්දානයට ප්‍රබකරන්ව අමතක කරලා දේශ පාලනයට එන්න බැරි,(දී)

:       0       0

කමල් Friday, 13 September 2013 03:13 PM

ද්‍රවිඩ ජාතිකයින් ලාංකිකයින් නොවේ කියලද මේ අය කියන්නේ? (ස)

:       0       0

චමින්ද Monday, 09 September 2013 02:42 PM

ඔන්න ඕකයි අපි කියන්නේ මනාප ක්‍රමය අහොසි කරන්න කියලා - අනුපාත ක්‍රමයක් ගෙනාවා නම් නියම උරුමක්කාරයෝ කවුද බලා ගන්න පුලුවන්.(නදී)

:       0       0

සංජීව Monday, 09 September 2013 11:51 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

දිලීප Tuesday, 10 September 2013 01:50 PM

අපේ සිංහල පාලකයෝ චන්දෙ අරන් ගිහින් මොනවද කෙරුවේ ඒ අයටත් සමහරදෙවල් දියයුතුය එතකොට අපේ කට්ටියගේ රෙදි ගැලවෙනවා අපේ සිංහල අයට මොලේ පෑදෙනවා මීට වඩා දේවල් කරන්න පුළුවන් කියල (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5398 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 764 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1330 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 118 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 205 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 273 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site