රන්ගිරි දඹුල්ල ලෙන් විහාරය ලෝක උරුමයකි. මුහුදු මට්ටමේ සිට අඩි 1118 ක් උසින් පිහිටා ඇති මෙම ලෙන් විහාර සංකීර්ණය ශී‍්‍ර ලංකාවේ විශාලතම ලෙන් විහාරය ද වෙයි. කි‍්‍රස්තු පූර්ව 104 - 76 අතර කාලයේ ශී‍්‍ර ලංකාවේ රජකළ වළගම්බා රජු විසින් කරවන ලදැයි සැළැකේ .
ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මානව සාධක රැසක් ද හමුවන මෙම විහාර භූමියේ දැකිය හැකි ශිලා ලේඛන රැසකි. අනුරාධපුර යුගයේ මුල් අවධියේ මූල බ‍්‍රාහ්මීය අක්ෂර වල සිට මහනුවර යුගය දක්වා වූ එම ශිලා ලේඛණ වලින් විහාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සහ විහාරයට කරන ලද පූජා ආදිය පිළිබඳ සඳහන්වේ.
ඓතිහාසික සාධක අනුව මෙම සුවිසල් ලෙන් ප‍්‍රතිසංස්කරණය පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජු (කි‍්‍රස්තු වර්ෂ 1198 - 1206) පිළිමවල රන් ආලේප කැර ඇත. ඒ නිසාම දඹුල්ල ලෙස හැඳින්වීමට පටන්ගත් බව පුරාවෘත්ත වල දැක්වේ. මහනුවර රජ පැමිණි සෙනරත් රජු (කි‍්‍රස්තු වර්ෂ 1604 - 1633) සහ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජු (කි‍්‍රස්තු වර්ෂ 1746 -1778) මෙම විහාර සංකීර්ණය ප‍්‍රතිසංස්කරණය කැර තිබේ.
විශාල පර්වතයෙන් සෑදුණුු ලෙන් විහාර පහක් දැකිය හැකි මෙහි විශේෂත්වය වන්නේ පොළොන්නරු යුගයේ පටන් කොළඹ යුගය දක්වා සෑම කාල වකවානුවකම ලක්ෂණ සහිත බිතු සිතුවම් දැකිය හැකි වීමයි. එමෙන්ම ශිලාමය, දැවමය, මෙන්ම මැටියෙන් හා බදාම මිශ‍්‍රණයකින් තනන ලද පිළිම රැසක් ද දැකිය හැකිය.
මෙම විහාරයට ඇතුළුවන විට හමුවන ප‍්‍රථම ගුහාව හඳුන්වන්නේ දේවදාර විහාරය නමිනි. එය ඇතුලත මීටර14 ක් දිගින් යුතු විශාල ශෛලමය සැතපෙන පිළිමයකි. ඒ අසල ඇති ආනන්ද හිමියන්ගේ යැයි සැළකෙන පිළමය හා විෂ්ණු දෙවියන් සහ සුමන සමන් දෙවියන්ගේ යැයි සැළකෙන පිළිමද විශිෂ්ට නිර්මාණයෝය.
විහාර සංකීර්ණයේ දෙවැනි ගුහාව විශාලතම ලෙනයි. එය මහාරාජා විහාරය ලෙස හැඳින්වේ. එහි හිටි පිළිම 16 ක් සහ හිදි පිළිම 40 ක් නිර්මාණය කැර තිබේ. ඒ සමග විෂ්ණු හා සුමන සමන් දේව පිළිම ද නිර්මාණය කැර ඇති අතර මධ්‍යයේ කුඩා දාගැබක් තිබේ. මෙයට අමතරව ගල් පර්වතයෙන් වෑස්සෙන කුඩා දිය බිඳුවක් වැටෙන්නට තැබූ විශාල පාත්තරයකි. එම ජල බිංදුව කිසිදු නියගයකදී නොසිදෙන බව ද පැවැසේ.
එළාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන සිතුවමක්ද ඇත. මුළු පර්වත බිත්තියේ සහ පර්වත මහලේ විවිධාකාර සිතුවම් වලින් පිරී ඇති අතර එළාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන සිතුවම ඒ අතරින් සුවිශේෂී වේ. ආගමික නොවන සිදුවීමකට අදාල සිතුවම් විහාර මන්දිර වල දැකිය හැක්කේ ඉතා අල්ප වශයෙන් බැවින් පර්යේෂකයෝ මෙම සිතුවම ගැන වැඩි අවධානයක් යොමු කරති.
රන්ගිරි දඹුලූ විහාරයේ තුන්වැනි ගුහාව අලූත් විහාරය නමින් හැඳින්වේ. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජ සමයේ අදින ලදැයි පැවැසෙන චිත‍්‍ර රැසක් දැකිය හැකියි. මෙම ගුහාවේ ප‍්‍රධාන පිළිමයට අමතරව තවත් කුඩා පිළිම 50 කි. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ පිළිරුවක්ද එහි තනා තිබේ. හතරවැනි සහ පස්වැනි ගුහා ඉතා කුඩා වුවද පිළිම සහිත ඒ ගුහා දෙකද සිතුවමින් අලංකාර කැර ඇත.
විශාල ප‍්‍රමාණයේ හිඳි පිළිමයක් පැරණි ලෙන් විහාර සංකීර්ණයට ඉදිරියෙන් ඉදිකර තිබේ.
දඹුලූ පර්වතය සොබාදහමෙ මහගු නිර්මාණයකි සීගිරිය හා රිටිගල ඇතුළුව තෙරක් නොපෙනන මහා තැනිතලාව දඹුලූ ගලට දර්ශනය වන සොඳුරු දසුන් සමූහයයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඹූල්ල අපි රැක ගත යුතුයි....!!
ඒ කුරිරු යුද්ධයද හමාර නිසා හැමෝම මේවා බලන්න යන්න.
පිරිත් පොත, ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා හොදට බලන්න..
පොළොන්නරුව රජ සමයේ සිතියම්,ටොලමිගේ ලෝක සිතියම ආදිය ගැන දැනගෙන අදහස් පළ කරනවා නම් හොදයි
ත්‍රිපිටකය, ධාතුවංශය වැනි පොත් පත් වගේම රේරුකානේ චන්දවිමල හිමියන් සහ ආනන්ද මෛත්‍රීය හිමියන් ලියපු පොත් පත් බලන්න. (ස)
අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න..
අපේ පැරණි ශීර විභූතිය මතු පරපුරට දැකගන්න, ආරක්ෂ කරදීම බලධාරීන් වගකීමයි.
ලෝක උරුමය රැකගැනීම ඒවා සතු රාජ්‍යන්ගේ වගකීමකි
ලෝක උරුමයන්හි පවතින තත්තවයට හානිදායක කිසිවක් සිදු කිරීමට හැකියාවක් නොමැත. ඒ සියලූ උරුමයන් රැකගනු ලබන්නේ මුළු මහත් ලෝකයේම දායාදයක් ලෙස සලකමිනි.
ලෝක උරුම දඹූල්ල අපි රැක ගත යුතුයි.. දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි
ඉතාමත් හොඳ ක්‍රියාවක්
කරුණාකර කැකිරාව පාරෙ තියනෙ රිටිගල නම් ස්ථානය පිළිබදවත් තොරතුරැ පළකරන්න....ලංකාදිපයට ස්තුතියි.
පැරණි බෞද්ධ සිද්ධස්ථාන රැකගත යුතුයි..
ගමයි - පන්සලයි - වැවයි දාගැබයි යන අපූර්ව සංස්කෘතියට නෑකම් කියන වෙහෙර විහාර රාශියක් දඹුල්ල පිහිටා තිබේ.
අද ජීවමාන බුදුරජාණන් වහන්සේ නැතත් ජීවමාන බුදු හිමියන්ට කරන පුද පූජා සත්කාර එලෙසම කරමු. බෞද්ධාගමික උරුමයත් රැක ගත්න නම් දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි .
අපේ උරුම උතුම් පින් බිම මතු පරපුරට දැකගන්න, රැකගන්න ආරක්ෂා කරදීම බලධාරීන්ගේ වගකීමයි. ලංකාදිපයට ස්තුතියි.
ලංකාදීප පුවත්පත ලංකාදීපයේ ඉතිහාසය රැකිම අගය කරනවා . සාමය උදාකරදුන් සේනාධිනායක ඇතුළු සියලු රණවිරුවන්ටත් පිං
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ වගකීම, අපේ උරුම මතු පරපුරට දැකගන්න, රැකගන්න සැලැස්වීමයි. ඒකට ආරක්ෂක හමුදාවගේ සහය ගන්න ඕනා.
දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි සැඟව ඇති මේ උරුමයන් අපේ අනන්‍යතාවයයි.ලංකාදිපටය ස්තුතියි.
ඔබ කරන මේ මහගු ක්‍රියාවට රටේ පුරවැසියන් වශයෙන් ඔබට තුති. මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. නමුත් මේවා සංචාරකයන්ට පෙන්නන්න කියා විනාශ කරල දාන්න එපා