ලංකාවේ පිරිසුදු නගර අතරින් බළන්ගොඩ නගරයට හිමිවන්නේ පළමු තැනය. කැලිකසළ විදිමත්ව බැහැර කරන නගරයක් ලෙස පිළිගෙන ඇති බළන්ගොඩ නගරය පාලනය වන්නේ බළන්ගොඩ නගර සභාව මගිනි. භූ විසමතාව අනුව වැඩිපුරම ඇත්තේ කඳුය. දේශගුණය ගත් කල සාමාන්‍ය සුළං සහිත ශීත දේශගුණයකි. පරිසරය සුන්දරය. සිත්කලුය.
එහෙත් මේ මනරම් නගරයට කිලෝ මීටර් දෙක හමාරක් තුනක් දුරින් කුඩා කඳුගැටයක් මත පිහිටි ගම්මාන කිහිපයක ජනතාව පරම්පරා කිහිපය තිස්සේ උග්‍ර ජල හිඟයකින් පීඩා විඳිති. ඒ තලංගම ග්‍රාමසේවා වසමේ රන්දොලවත්ත, දෙහිගහහෙල, වැරහුන්න, සාප්පුවත්ත, ගල්මුල්තලාව ආදී වූ ගම්මානයි.
ජල හිඟකම නිසා දෛනික අවශ්‍යතා සඳහා ටැංකි, බැරල්, කළ, බාල්දි, ටින් ආදිය පුරවා ගැනීම දෙසිය පනහකට ආසන්න වැසියන්ගේ සිරිතය. කුඩා වැස්සක දී වුව ද, ගෙවල්වල වහලට වැටෙන ජලය පුරවා ගන්නට සෑම ගෙදරකම පාහේ ජල ටැංකි සාදා වහලයට පීලි දමා ටැංකියට හරවා තිබෙන්නේ වහලෙට වැටෙන ජල බින්දුව හෝ පුරවා ගන්නටය.
කඳුකරව පිහිටීම නිසා ළිඳක් කැපුව ද වතුර නැත. එක තැනක පිහිටි පොදු ළිඳේ ජලය කළ ගෙඩියකට පමණක් සීමා කර ඇත. ගමේ ජනතාවගේ ආර්ථිකය බොහෝ විට සැකසී ඇත්තේ ස්වං රැකියා මගිනි. රජයේ සහ පෞද්ගලික අංශවල රැකියා කරන්නෝ ද කිහිප දෙනෙක් සිටිති. තේ සහ ගම්මිරිස් වගාවෙන් ජීවනෝපාය සලසා ගන්නෝ ද සිටිති.
උත්සාහවන්ත පිරිසක් වූ මේ වැසියන් තමන්ගේ ගෙවල් දොරවල් කෙසේ හෝ ස්ථිර ගෙවල් ලෙස තනා ගන්නට කටයුතු කර ඇත. සමහර ගෙවල් වැඩ නිම කර නැත.
ගමට ඇති ප්‍රධානම ගැටලුව පවතින ජල හිඟයයි. අවශ්‍ය ජලය සපයා ගන්නේ කිලෝ මීටර් තුනක් පහළ පිහිටි වේ ගඟිනි. කිලෝ මීටරයක් තරම් දුරකින් පිහිටි පීල්ලකින් ද වතුර ගෙනෙති. ඒ කර මතිනි. නමුත් වැඩි දෙනෙක් වතුර ගෙනෙන්නේ ගමේ පොදු බස් රථයෙනි.
බළන්ගොඩ ඩිපෝවෙන් රන්දොලවත්තට එන පොදු බස් රථය උදේ ගමන් වාරය පාසල් ළමයින් සහ වෙනත් රාකාරීවලට යන පිරිස්වලටය. ඊළඟ ගමන් වාරවල දී රන්දොලවත්තෙන් ගමන් අරඹා රන්දොලවත්ත ජනඋදාන ගම්මානය දක්වා එන විට බූලි අතැති කාන්තාවෝ, පිරිමි බස් රථයට ගොඩ වෙති. එසේ එන පිරිස කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇල්ලෙපොළ කුමාරගම හන්දියෙන් මේ බූලි රැගෙන බස් රථයෙන් බසිති. බස් රථය බළන්ගොඩ නගරයට ගොස් නැවත ආපසු එන විට හිස්ව රැගෙන ආ බූලිවලට ජලය පුරවාගෙන ගමට යති. මෙලෙස යාමට සහ ඒමට රුපියල් පනහක් වැයවන බව ගම්මු කියති. සමහරු බූලි කිහිපයක්ම බස් රථයේ ගෙන එති.
දහවල් ගමන් වාර කිහිපය එලෙස ගමට ජලය ගෙනෙන්නට යන එන මගීන්ගෙන් සමන්විත වන අතර පාසල් අවසන් වීමෙන් පසු හවස් වරුවේ කවරවලට රෙදි පුරවාගෙන බූලි ද ඇතැතිව දරුවන් සමග දිය නාන්නට එන අයගෙන් බස් රථය පිරෙයි. ගමන් වියදම වැඩි නිසා වැඩි දෙනෙක් නිවෙස්වල සිට කුමාරගම හන්දියට එන්නේ පාගමනිනි. ආපසු යන්නේ බස් රථයෙනි. ඒ සෝදාගත් රෙදි ටිකට අමතරව වතුර බූලියක් ද රැගෙන ය.
මෙසේ ඉතා අපහසුවෙන් ගෙදරට ගෙනෙන දිය බිඳක්වත් ඉවත දමන්නේ නැත. මුහුණ සේදීමට, අතපය සේදීමට භාවිත කරන වතුර වැසිකිළි කැසිකිළි ආදියට ගැනීමට හෝ ඒවා පිරිසිදු කිරීමට එකතු කරගනිති. ඒ වතුර ගෙනෙන්නට ඇති අපහසුකම නිසාමය.
නමුත් මෙසේ විවිධ භාජනවලට එකතු කරගන්නා ජලයේ සිටි මදුරු කීටයන් නිසා ඩෙංගු රෝග ව්‍යාප්තිය වැළැක්වීමට කටයුතු කරන සෞඛ්‍ය බලධාරීන් විසින් ගම්වැසියන් කිහිප දෙනෙකුටම නඩු පවරනු ලැබ උසාවියෙන් දඩ ද නියම කර ඇත.
මේ එම්.ඒ. ටිකිරි බණ්ඩාර : “මේක ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්. වතුර බින්දුවක් වත් අපි අපතේ දාන්නේ නෑ. වැසිකිළියකට කැසිකිළියකට ප්‍රයෝජනයට ගන්න ටින් එකකටත් වතුර එකතු කරගන්නවා. ඒවා හිස් වෙන්න ඉඩ නොදී නිතරම පුරවලා තියා ගන්නේ. නමුත් අන්තිමේ පොලීසියයි පීඑච්අයි මහත්තුරුයි ඇවිල්ලා බලන කොට ඒවායේ මදුරු කීටයොත් හිටියොත් අපිට නඩු දානවා. මාත් රුපියල් දාහක දඩයක් ගෙව්වා. තව කිහිප දෙනෙක්ම දඩ ගෙව්වා.”
ආර්.එම්. පොඩිමහත්මයා මහතා ගමට ජලය ලබාගන්න කටයුතු කරන්න නායකත්වය ගන්නා කෙනෙකි. ඔහු පවසන්නේ දේශපාලනඥයන් මේ ජනතාවගේ උවමනාවට සවන් නොදෙන බවයි.
තිදරු මවක වූ ඒ.ඩී. ශිරන්ති පුෂ්පකුමාරි පැවසුවේ තම දරුවන් මුහුණ දෙන ගැටලුවයි.
“අපේ ළමයින් පාසල් ගිහිං අවාට පස්සේ පාඩමක් කරන්න තරම් සුදුසු පරිසරයක් අපේ ගෙවල්වල නෑ. ගෙදර එන ළමයි ටික අරගෙන රෙදිත් කවරෙක දාගෙන බූලියකුත් අරගෙන කිලෝමීටර් දෙක තුනක් නාන්න ගිහිං ආවාම දවස ඉවරයි. අර ඇළට යං. මේ ගඟට යං. හෙට අඳින රෙදි ටික හොදාගන්න ඕනෑ. යමු... යමු... කියන වචන ටික තමයි අපේ ගෙවල්වල තියෙන්නේ.”
එම්.ආර්. රේණුකා දමයන්ති මහත්මිය පවසන්නේ ජලය ප්‍රමාණවත් නැතිවීම ගැනය.
“මම දරු දෙන්නත් එක්ක ඉන්නේ. මහත්තයා කොළඹ වැඩ කරන්නේ. බස් එකේ ගිහිං බූලිවලට වතුර ගේන්නෙ. ඒ ගේන වතුර ගෙදර අවශ්‍යතාවලට මදි.”
පී.බී. තමරා නන්දනී මහත්මිය පවසන්නේ වියදම ප්‍රශ්නයක් කර ගෙනය.
“අපි මේ ගමට ඇවිත් අවරුදු 12ක් වෙනවා. බස් එක වැරදුණොත් කුමාරගම හන්දියට පයින් ගිහිං ත්‍රීවිල් එකකට රුපියල් සියයක් දීලා බූලිවලට වතුර පටවාගෙන එනවා.”
මේ චාන්දනී පතිරණ මහත්මියයි. ඇය පවසන්නේ එදා සිටම පැවැති පීඩාවයි.
“අපි අසූ හයේ ඉඳලා මේ ගමේ පදිංචිය. එදා ඉඳලා වතුර හිඟය තියනවා. වතුර බවුසරයක් ගමට එන්න රුපියල් 2500ක් ගන්නවා. හැම ගෙදරකටම බවුසරය යන්න බෑ. ගෙයක් දොරක් හදාගන්න වගේ දේවල් කරන්නෙත් බොහොම අමාරුවෙන්. ඇයි වතුර නැහැනේ. වතුර හොයාගෙන තමයි ඒ වගේ වැඩකට බාස් කෙනෙක් හොයන්නේ.”
නිලූකා දමයන්ති මහත්මිය ද මේ කතාවට හවුල් වූවාය. ඇය පිනට ලැදි තැනැත්තියකි.
“මේ වතුර ප්‍රශ්නය නිසා අපිට පිනක් දහමක්වත් කරගන්න බෑ. ගමේ පන්සලක් තියනවා. වතුර නැති නිසා හාමුදුරු කෙනෙක් නවත්වා ගන්න බෑ. මේ වස්කාලේ දානයක් දෙන්නවත් අපිට විදියක් නෑ.”
ආර්.ටී. කරුණාදාස මහතා අපට පැවසූවේ තිබුණු පහසුව නැති වූ අන්දමය.
“ප්‍රධාන පාරේ වතුර බට දාලා තියනවා. ගෙවල් කිහිපයකට කාලෙකට ඉස්සර වතුර දුන්නා. කුමාරගම ඉඳලා මෝටරයකින් උඩහ තියන ටැංකියට පොම්ප කරලා සතියකට දවසක් වතුර දුන්නා. ඊට පස්සේ එක් සතියකට පැයක් වුණා. දැන් කාලෙක ඉඳලා වතුර දෙන්නෙම නෑ.”
එම්.ඒ. ටිකිරි බණ්ඩාර මහතා පවසන්නේ නළ ප්‍රමාණවත් පරිදි එළා නොතිබීම ගැනයි.
බළන්ගොඩ වැලිගෙපොළ පාරේ ප්‍රධාන ජල නළ ගිහිං තියනවා. කිරිමැටිතැන්න හන්දියේ ඉඳලා රන්දොලවත්ත උදාකළ ගම්මානයේ සොහොන් කනත්ත ළඟට නළ එලුවා නම් පැය විසිහතරම මේ ජනතාවට වතුර දෙන්න පුළුවන්. උපරිම දුර කිලෝමීටර් තුනක් ඇති. කන්ද පහළ ඉඳලා උඩහට මොටර් දාලා වතුර ගහනවට වැඩිය වියදමක් නැතුව කිරිමැටිතැන්න පැත්තෙන් ජලය දෙන්න පුළුවන්.”
මේ අතර මේ ජල ගැටලුව තම නිවෙස්වල නෑදෑ සබඳකම්වලට පවා බලපා ඇති බව ගම්මු කියති. පිටතින් පැමිණෙන අයට මුහුණ අතපය සෝදන්න, වැසිකිළි කැසිකිළියකට ගන්න අවශ්‍ය වතුර සපයා ගැනීම ඒ ගැටලුවයි.
මේ ගම්මානයට ඇති ජල ගැටලුවට විසඳුම් දීමට ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ අවධානය අවස්ථා කිහිපයකම යොමු කළ ද මෙතෙක් ඉන් ප්‍රයෝජනයක් වී නැති බව ගම්වාසීහු කියති.
මෙම තොරතුරු සොයා යාමේ දී රත්නපුර දිස්ත්‍රික් ත්‍රිරෝද රථ සගමයේ සභාපති බී. රාජපක්‍ෂ මහතා සහ රෝහණ වසන්ත මහතා දුන් සහයෝගයට විශේෂ ස්තුතිය පුද කරන්නෙමු.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දිය දෝතකට හඬන මිනිස්සු
මැටිපහන Tuesday, 06 September 2016 10:43 AM
කඳු මුදුන් වල නැතුව කඳු පාමුල පහසුකම් තියෙන තැනක මේ අය පදිංචි කල යුතුයි. මේ ගම වහල දැමිය යුතුයි. වනාන්තර අවශ්‍ය වෙලා තියෙන වෙලාවේ මේ ගම වනයක් ලෙස වර්ධනය වෙන්න දිය යුතුයි. එතකොට වසර පහ-හයක් යනකොට කන්දේ සිට නැවතත් දිය පාරවල් ඇති වෙලා ජල ප්‍රශ්නය විසඳිලා යාවි. (අ)
ජී.ඩී.කරුණාතිලක Monday, 12 September 2016 05:30 AM
ඒකනම් ඇත්ත (බ)