හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ගිනි ඇවිළී පිළිස්සීමෙන් මියගිය බාල වයස්කාර දැරියගේ සිද්ධිය රටේ කතා බහට ලක් වූ ප්‍රවෘත්තියක් බවට පත්ව තිබේ. මේ අවාසනාවන්ත මරණයට ගොදුරු වූ දැරිය වෙනුවෙන් අපි සියලුදෙනා කම්පා වෙමු. ඒ සමඟම මෙවැනි අකල් මරණයකට දැරිය මුහුණ දුන්නේ ඇයි ද යන්න ද විමසා බැලිය යුතු යැයි සිතමු.
මියගිය දැරියගේ වයස අවුරුදු 16ක් බව සඳහන් වෙයි. එසේ නම් ඇය සිටිය යුතු වන්නේ නිවෙසක මෙහෙකාර දැරියක වශයෙන් නොව පාසල් දැරියක වශයෙනි. පාසල් යා යුතු වයසේ පසුවන දැරියක මෙහෙකාර සේවයේ යොදවා ගැනීම නීතිය හමුවේ වරදකි. මෙහෙකාර සේවයේ පමණක් නොව වෙනත් කිසිදු වෘත්තියක හෝ සේවයක හෝ බාල වයස්කාරයකු යොදවා ගැනීම රටේ නීතියට පටහැණි ක්‍රියාවකි. එහෙත් මේ ආකාරයට ධනවත්, බලවත් පවුල් විසින් මෙහෙකාර සේවයේ යොදවා ගනු ලබන දරු දැරියෝ විශාල පිරිසක් මෙරට වෙසෙති. එම වැරැද්දට හවුල් වන සියලු හාම්පුතුන්ට මේ දැරියගේ මරණය මතක හිටින පාඩමක් කියා දී තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ කොළඹ හතේ බෞද්ධාලෝක මාවතේ හිටපු අමාත්‍ය බදුයුදීන් මහතාගේ නිවෙසේ සිටි දැරියට දිගින් දිගටම ලිංගික අතවර සිදුවී ඇතැයි අධිකරණ වෛද්‍ය වාර්තාව තහවුරු කර තිබෙන බව ද උසාවියේදී අනාවරණය වී තිබේ. මරණය සම්බන්ධයෙන් හිටපු ඇමැතිගේ බිරිඳගේ පියාගෙන්, බිරිඳගේ මවගෙන්, බාලවයස්කාර දැරියගේ මවගෙන් මෙන්ම එම දැරිය නිවෙසට රැගෙන විත් භාරදුන් පුද්ගලයාගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලීසිය අධිකරණයට දැනුම් දී තිබිණි. එසේම එකී නිවෙසේ තවත් පිරිමි පුද්ගලයකු ද සේවයේ යෙදී සිට ඇති බවද ඔහුගෙන්ද ප්‍රකාශයක් සටහන් කරගත් බවද පොලිස් ප්‍රකාශයේ සඳහන්ව තිබේ. මවගේ භාරයේ සිටිය යුතු 16 හැවිරිදි දැරියක් නිවෙසක මෙහෙකාර සේවයට යොදවා ගැනීම එම දැරියගේ ජීවිතය කොතරම් අනාරක්ෂිත තත්ත්වයකට ඇද දමා තිබේද? යන්න පැහැදිලි කර ගැනීමට මේ කරුණු ටික පවා ප්රමාණවත්ය.
කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල නිවෙස්වල මෙහෙකාර සේවය සඳහා වතුකරයෙන් පිරිස් ගෙන්වා ගැනීම අමුත්තක් නොවේ. එය කාලාන්තරයක් තිස්සේම සිදුවෙමින් පවතින්නකි. වැඩිහිටි පිරිස් එය රැකියාවක් වශයෙන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරැද්දක් කිව නොහැක. එම සේවකයන්ට ප්‍රමාණවත් වැටුපක් ලබාදීමත්, ඔවුන්ගේ සෙසු පහසුකම් සපයාදීමත් සිදුවන්නේ නම් එය තවත් එක් කම්කරු ශ්‍රේණියේ රැකියාවක් වශයෙන් සැලකෙයි. එහෙත් මේ කිසිදු අවස්ථාවක බාල වයස්කරුවන් මොනම හේතුවකටවත් මෙහෙකාර සේවයට හෝ වෙනත් රැකියාවකට හෝ යොදවා ගැනීම කළ නොහැකිය. එය ළමා අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි.
අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව මෙම දැරිය ගර්භණීභාවයෙන් තොරව කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරයට පත්ව ඇති බව ද කියැවෙයි. ඇය බදුයුදීන් මහතාගේ නිවෙසට කැඳවාගෙන විත් ඇතැයි පැවසෙන්නේ පසුගිය වසරේ ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවල දී බව ද සඳහන්ය. ඒ අනුව ඇයට ලිංගික අඩන්තේට්ටම්වලට මුහුණ දීමට සිදුව ඇත්තේ මේ නිවෙසේදී ද ඇය පදිංචිව සිටි ප්‍රදේශයේදී ද නැතහොත් ඒ අවස්ථා දෙකේදීම ද යන්න තවමත් අනාවරණය වී නැත. එහෙත් දැරියක් මවගේ රැකවරණයෙන් බැහැර කළවිට ඇය සමාජය තුළ ඕනෑම හිරිහැරයකට කරදරයකට පත් කළ හැකි තරමට අනාරක්ෂිත වෙයි. අතවරවලට ලක්වී දුක්විඳ ගින්නෙන් පිළිස්සී මියයාමට මේ අසරණ දැරියට සිදු වූයේ ද ඇය එවැනි අනාරක්ෂිත තත්ත්වයකට ඇද දැමූ බැවිනි. ඇය වතුකරයේ දිළිඳු පවුලක උපත ලැබීම හේතුවෙන් කුඩා කාලයේම රැකියාවකට තල්ලු කළා විය හැක. කෙසේ වුවද වැරැද්ද කොතැනින් සිදු වුවද එවැන්නක් මින්මතුව නොසිඳු විය යුතුය. මෙවැනි වැරදිවලට හවුල් වන කිසිදු පුද්ගලයකුට නීතියෙන් ගැලවීමට ඉඩක් නොතැබිය යුතුය.
බොහොමයක් බලවත් පවුල් විසින් මෙවැනි බාලවයස්කාර දරුවන් නිවෙස් තුළ මෙහෙකාර සේවයට යොදවා ගන්නේ අඩු වැටුප් ලබා දී වැඩිපුර වැඩ ගැනීම සඳහා බව රහසක් නොවේ. ඇතැම් නිවෙස්වල බාලවයස්කාර මෙහෙකරුවන්ට මෙහෙකාරියන්ට අඩු වැටුප් ගෙවනවා පමණක් නොව හරි හැටි කෑම වේලක් හෝ ලබා දෙන්නේ නැත.
ඒ අතරවාරයේ ඔවුන්ට ලිංගිකව ද වෙනත් අතවරවලටද මුහුණ දීමට සිදුවෙයි. මේ දරුවන්ට උගන්වන බවට, පොතට මාස්පතා වැටුප බැර කිරීම ඇතුළු සියලු පහසුකම් ලබාදෙන බවට දෙන පොරොන්දු අනුව ඇතැම් දිළිඳු පවුල්වල මාපියෝ තම දරුවන් මෙහෙකාර සේවයට එවති. එවැනි ක්‍රියාවලදී බ්‍රෝකර් වැඬේ කොට ගාණක් අතමිට මොළවා ගන්නා පිරිස් ද වෙති.
මේ සියල්ලේ ප්‍රතිඵලය රටේ වරප්‍රසාද නොලත් පන්තියේ දූ දරුවන් වරප්‍රසාද ලත් පන්තියේ මෙහෙකරුවන් බවට පත්වීමය. හිටපු ඇමැතිගේ නිවෙසේදී ගින්නෙන් පිළිස්සී මියගිය දැරිය මේ ඛේදවාචකයේ එක් ප්‍රතිඵලයක් පමණි.
(***)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දරුවන් මෙහෙකාර වැඩට ගන්නා කාටත් යස පාඩමක්
fairoos Monday, 26 July 2021 08:11 PM
මේවා අද ඊයේ වෙන දේවල් අනන්තව වෙනවා. මෙදා සැරේ රිෂාඩ්ගේ ගෙදර නිසා එළියට ආවා...
PradeepTuesday, 27 July 2021 10:47 AM
රිෂාඩ්, රටේ පවතින නීතියට පිටින් විශාල වැරදි ගණනාවක් කරපු පුද්ගලයෙක් නිසා ඔහු ගැන රටේ තිබෙන අවධානය වැඩියි. කොහොමත් මේ වගේ සමාජ පිළිල රටෙන්ම ඉවත් කිරීමට වහා පියවර ගත යුතුයි.