IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


දේශපේ‍්‍රමී කැරැල්ලේ අවසන් මොහොත

 10_SLMA_P20_Back

 

ජනතා විමුක්ති පෙරමුණේ යාවජීව - ජීවමාන අයිතියක් සෝමවංශ අමරසිංහට හෙවත් සිරි අයියාට ඇත. අද ඔහු පක්‍ෂයේ නැතත් මේ රටේ ජන හදවතින් සිරි අයියා සහ ජ.වි.පෙ බෙදීමක් කළ නොහැක. ඒ බැඳීම අතිශය තීව‍්‍රය ය, ශත්තිමත්ය.

 


ඉතිහාසය තුළ ජ.වි.පෙ මුහුණ දුන් තීරණාත්මක සිදුවීම් පෙළෙහි රූපමය අත්දැකීම් හා හඬපටියේ ජීවමාන සාක්ෂියේ බහුතර අයිතිය ඔහු සතුය. පක්‍ෂයේ නායකයන් සමග එක්ව ගතකළ හැටි වෙන්ව ගිය හැටි හමුවූ තැන් ගතකළ හැටි, රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, සිරි අයියා යන තිදෙනා පොලිසියට හසුවීත් බේරී ගිය හැටි දේශපාලන මණ්ඩල සාකච්ඡුා ආදී චිත‍්‍රණය අතිශය සුවිශේෂීය. එයට හේතුව ජ.වි.පෙ වෙනුවෙන් කෑ ගසන, ජ.වි.පෙන් කැඞීගිය වැඩි දෙනෙකුට එම අත්දැකීම බොහෝ සෙයින් අහිමි හෙයිනි.


දශක කීපයකට එහා සෝමවංශ අමරසිංහ සතු එම චිත‍්‍රණයේ මතකය ලියන්නට අරඹමි. රෝහණ විජේවීර හමුවූ අවසන් මොහොතේ සිට සිරි අයියා කතා කරයි.


1989 නොවැම්බර් 11 වැනිදාට එළිවිය. ජ.වි.පෙ ප‍්‍රධාන සගයන් සියලූ දෙනා එකට එකතු වූ අන්තිම දවස එදාය. ගලහ පාරේ අරලිය උයනේ පක්‍ෂ සගයකුගේ නිවස තීරණාත්මක සාකච්ඡුාවේ නවාතැන්පොළ විය. පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය විටින් විට රැුස්වෙයි. කලින් රැුස්වීමේ තීරණය කළ ආකාරයට අරලිය උයන දේශපාලන මණ්ඩල රැුස්වීමට ආරක්ෂිත තැනක් ලෙස තෝරාගෙන තිබිණි.


නොවැම්බර් 11, 12, 13 දවස් තුන දේශපාලන මණ්ඩල රැස්වීමට කතිකා කරගෙන තිබුණත් සාකච්ඡා දවස් දෙකෙන් අවසන් විය. ඒ අනුව 11,- 12 දෙදින පමණක් සාකච්ඡා පැවැත්විණි.

 

2


රෝහණ විජේවීර සහෝදරයා දේශපාලන මණ්ඩලය හමුවූ අවසන් හෝරා කීපය සිරි අයියා ගැඹුරින් විස්තර කරයි.


එදා දේශපාලන මණ්ඩල රැස්වීමට රෝහණ විජේවීර ඇතුළුව උපතිස්ස ගමනායක, එච්.බී. හේරත්, පියදාස රණසිංහ, ශාන්ත බණ්ඩාර, සමන් ප‍්‍රනාන්දු, ලලිත් විජේරත්න, සෝමවංශ අමරසිංහ සහභාගි වූහ.  එකතු වූ සියලූ පිරිස 10 දෙනෙක් පමණ වූහ. 1989 නොවැම්බරය වනවිට පක්‍ෂ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෝ 13ක් සිටියහ. ගුණරත්න වනසිංහ සහෝදරයාට සහ ඞී.එම්. ආනන්ද සහෝදරයාට විජේවීර හා අවසන් හෝරාව ගෙවන්නට අවස්ථාව නොලැබිණි. ඊට හේතුව වූයේ ඞී.එම්. ආනන්ද පොලිස් අත්අඩංගුවේ සිටීමත්, වනසිංහ අසනීප තත්ත්වයේ පසුවීමත්ය.


ආණ්ඩුව හා ජ.වි.පෙ සටනින් පසු දේශපාලන මණ්ඩලය රැුස්වීම තබා ජ.වි.පෙ සාමාජිකයකුවීම ද මරණය එවලේ ලැබීමට හේතුවක් විය. ආණ්ඩුවේ ඝාතකයන්ට ජ.වි.පෙ ප‍්‍රබලයකු හමුවීම රස මසවුලක් ලැබුණා හා සමාන විය. දස වධ දී මරණය දුන් පසු එය රස කරමින් මාධ්‍යයේ පළකිරීම සතුට විය. එතරම් උසස් ජයග‍්‍රණයක් බවට ජ.වි.පෙ ප‍්‍රබලයකු අත්අඩංගුවට ගැනීම හේතුවිය. මේ නිසා දේශපාලන මණ්ඩලයේ එකකු ඩැහැගැනීම ආණ්ඩුවේ ප‍්‍රීති ප‍්‍රමෝදයට හේතුවිය.


1989 වනවිට රාජ්‍ය ආරක්ෂක අංශ දේශපාලන මණ්ඩලය ගැන බොහෝ තොරතුරු අනාවරණ කරගනිමින් තිබිණ. ඒ අනුව දේශපාලන මණ්ඩල සාමාජිකයන් එකතුවීම හා ස්ථානය පක්‍ෂයේ සමූල ඝාතනයකට  සමාන විය.


1989 නොවැම්බර් 11, 12 සාකච්ඡුාව අන් කවරදාටත් වඩා ප‍්‍රබලවන්නට ඇත. තීරණාත්මක වන්නට ඇත. ඞී.එම්. ආනන්ද අත්අඩංගුවේ සිටිද්දීත් රටේ විවිධ ප‍්‍රදේශවල සිටි දේශපාලන මණ්ඩල සභිකයෝ ගලහට ආහ. රෝහණ විජේවීර පදිංචිව සිටියේ ගලහ අරලිය උයනට නුදුරු උලපනේය.


අන් සියලූදෙනා ගලහට ආවේ බොහෝ දුර සිටය.සෝමවංශ අමරසිංහ සහෝදරයා ඒ  වනවිට පදිංචිව සිටියේ මහනුවරය. ඔහු නුවර සිට වාහනයෙන් තනිවම අරලිය උයනට ආවේය. දේශපාලන මණ්ඩලයේ සියලූ සාමාජිකයෝ පාහේ විජේවීරගේ අවසන් හමුවට එකතු වුණේ තම වාහනවලින් පැමිණීමෙනි.
ජ.වි.පෙ. මර්දනය වේගයෙන් සිදුවන මොහොතක විජේවීර අවසන් දේශපාලන මණ්ඩලයේ දිගින් දිගටම සාකච්ඡා.


‘‘එදා ආණ්ඩුව තම පෞද්ගලික මිනීමරුවන් යොදාගෙන හන්දියක් හන්දියක් ගානේ මිනිස්සු මැරුවා. මේ භයානක තත්ත්වය, එදා රට තිබුණෙ කොහොමද කියන අත්දැකීම තියෙන්නෙ එදා හිටපු අයට. ජ.වි.පෙ හැටියට අපි ගෙනිච්චෙ විමුක්ති සටනක්. 1983 දී අපේ පක්‍ෂය තහනම් කරන්න කිසිදු සාධාරණ හේතුවක් තිබුණෙ නෑ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කළේ අත්තනෝමතික වැඩක්. පක්‍ෂයේ තහනම කළේ ඇයි කියලා පසුකාලීනව ඔහුම ප‍්‍රකාශ කළා.
‘මට ජ.වි.පෙ සාමාජිකයෝ පාර්ලිමේන්තු එනවා දකින්න  ඕන වුණේ නෑ’ කියලා තම මනාපයම ඉෂ්ට කරගන්නයි ජේ.ආර්. පාලනය ගෙනිච්චෙ.
නමුත් ජ.වි.පෙ එදා සටන් කළේ රට තිබුණු තීරණාත්මක තත්ත්වයට එරෙහිවයි. එ.ජා.පය වගේ පෞද්ගලිකව පළිගන්න නෙවෙයි. අපි සටන් කළේ අරමුණු ඇතිව. මොනවද ඒ අරමුණු.


එක ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආණ්ඩුවට එරෙහිව, දෙක ඉන්දියන් හමුදාව රටට ගෙනැත් දාගෙන කරපු දේට. ඊළඟට රටේ තිබුණු බෙදුම්වාදයට එරෙහිවය.
අපි අන්තිම දේශපාලන මණ්ඩලයේ සාකච්ඡුා කළෙත් මේවාමයි. ඒ මත පිහිටා තවත් කාරණා සාකච්ඡුා කළා. රටේ දේශපාලන තත්ත්වය, පක්‍ෂය මුහුණ දී සිටින මර්දනකාරී තත්ත්වය, එ.ජා සංවිධානයට රටේ සිදුවන දේ දැනුම්දීම ආදිය. හැබැයි අපි ඊට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම්දීලා තිබුණා. ඔවුන් ඒ වෙනුවෙන් ගත්තු පියවරක් අපි දැක්කේ නෑ.


ජ.වි.පෙ සාමාජිකයෝ 70,000ක් 87, 88, 89 කාලේ මැරුවා කියලා ආණ්ඩුව කියනවා. එදා අපට සාමාජිකයෝ එච්චර හිටියා නම් අපි මහා වෙනසක් රටේ කරනවා. ඒක එහෙම නෙමෙයි. ගමේ එක පියදාස කෙනෙක් ජ.වි.පෙට සම්බන්ධයි කියලා දැනගත්තම ජ.වි.පෙ පියදාස හරියටම හොයාගන්න බැරිවුණාම ගමේ සේරම පියදාසල අරන් ගිහින් මැරුවා. ජේ.ආර්ගෙ ආණ්ඩුව  රට විශාලා මහ නුවරක් කළා. අපි අන්තිම සාකච්ඡුාවේ දිගින් දිගටම කතා කළේ මේ ගැන.


සිරි අයියාගේ කතාවට මම බාධා කළෙමි.


‘ඔබ සියල්ලම එ.ජා.පය පිට පැටෙවුවාට ජ.වි.පෙ කළ අපරාධ, මිනීමැරුම් ඔබට මතක නැද්ද? ඇයි ඒ ගැන නොකියන්නෙ. ආණ්ඩුව ජ.වි.පෙට හානියක් කළා නම් ඔබලා ප‍්‍රතිවිරුද්ධ සටනක් නොගිහින් භාවනා කළාද?
‘නෑ ... නෑ... අපි ප‍්‍රශ්නෙ මුලට යමු. සිරි අයියා කියයි.


‘1983 දක්වාම ජ.වි.පෙ සාමකාමී දේශපාලනයේ හිටපු පක්‍ෂයක්. 1982 රෝහණ විජේවීර සහෝදරයා ජ.වි.පෙ ජනාධිපති අපේක්‍ෂකයා. එහෙම සාමකාමීව ක‍්‍රියාකාරී දේශපාලනය කළ අපිට 1983ට කලින් කිසිම කළු පැල්ලමක් නෑ. නීති විරෝධී වැඩක් කරලා නෑ. එහෙම හිටපු පක්‍ෂය ඇයි තහනම් කළේ. 
කළු ජූලියට ජ.වි.පෙ කිසිම සාමාජිකයෙක් සහභාගි වුණේ නෑ. ඒක ආරම්භ කළේ එ.ජා.ප නායකයෝ. දවස් තුනක් යනකම් රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවද, නැද්ද නෑ. කළු ජූලිය නවත්වන්න පොලිසිය යෙදෙව්වෙ නෑ. එදා ජේ.ආර්. කිව්වෙ දෙමළ ජනතාවට හොඳ පාඩමක් උගන්වන්න  ඕනේ කියලා.
ඔය අතරේ තමයි ජ.වි.පෙ තහනම් වෙන්නෙ. ඒ තහනම යටතෙත් අපි සාමකාමීව කටයුතු කළා. රෝහණ විජේවීර සහෝදරයත් ජේ.ආර්. ජයවර්ධන මහත්මයාට ලියපු ලියුමක් තියනවා.


අපිට ප‍්‍රසිද්ධ දේශපාලනයේ යෙදීමට ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අසාධාරණ තහනම ඉවත් කරන්න කියලා. 


එතුමා ඒ ලියුම බැලූව ද කියලවත් අපි දන්නෙ නෑ.


1987 ජේ.ආර්. ඉන්දියාවට යටත් වුණා. මේක රට පාවාදීමේ දෙවැනි ගිවිසුම. පළවෙනි එක 1815 වුණා. දෙවන වරට 1987 ජූලියේ කළා. ඉන්දියාව අපේ අහසට ඇවිත් රටට පරිප්පු දැම්මා. කොටි සංවිධානයට සන්නද්ධ පුහුණුව දුන්නේ ඔවුන්. කොටි සංවිධානයට රැකවරණය දුන්නේ ඔවුන්. ඒ විතරක් නෙවෙයි දේශපාලන වශයෙන් රාජතන්ත‍්‍රභාවයක් දුන්නා.


ඒ වෙලාවේ දී ජනතා විමුක්ති පෙරමුණ ක‍්‍රියාකාරී වුණා. අපි විතරක් නෙවෙයි, රටේ ජනතාවම මහ පාරට බැහැලා විරෝධය ප‍්‍රකාශ කළා. ඒවා සියල්ල සාමකාමී පෙළපාළි. ඒ කිසිවක් සන්නද්ධ පෙළපාළි නොවෙයි. ගිවිසුම අත්සන් කරන්න එපා කියලා පෙළපාලි ආපු නිරායුධ ජනතාවට ආණ්ඩුව වෙඩි තිබ්බා. 104ක් මැරුවා.එතනදී ජනතාව තීරණය කළා ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙළකට එරෙහිව විමුක්ති හමුදාවක් ඉල්ලීමට. දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය බිහිවුණේ ඒ අනුවයි. ජ.වි.පෙත්, තවත් පක්‍ෂවල අයත්, පක්‍ෂ නැති අයත් සේරම එහි හිටියා.


ජේ.ආර්. ප‍්‍රමුඛ රජයේ ළිඳ බොර කළාට පස්සෙ ජ.වි.පෙ හෝ දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය හෝ කළේ මොනවද කියලා අහන්න කිසිම සාධාරණ හේතුවක් හෝ යුතුකමක් නෑ. මේ තමයි ඇත්ත ඉතිහාසය.


එතනින් පසු මුළු රටම සිවිල් යුද්ධයට ගියා. උතුරෙ තිබුණු දේ දකුණටත් ආවා. සිවිල් යුද්ධයක් යනු සන්ධ්‍යාභාගයේ තියන තේ පැන් සංග‍්‍රහයක් නෙවෙයි. මිනිස්සු මැරෙනවා, මරනවා. පාලකයන් විසින් යුද්ධය පටවනු ලබනවා නම් පාලිතයන් ඊට ප‍්‍රතික‍්‍රියා දෙන්න පසුබට වෙන්නෙ නෑ.


ජ.වි.පෙ ගෙනිච්චෙ සටනක් බව ඔබ කියනවා. ඒ සටන රටේ ජනතාවගේ පැත්තෙන් කියලත් කියනවා. එහෙම වුණා නම් ඇයි එක දවසෙ මුළු නගරෙම කඩ වහන්න කියලා පෝස්ටර් ඇලෙව්වෙ. කඩ ඇරපු අය ඇදගෙන ගිහින් මැරුවෙ. ජනතාව පීඩනයට, දුකට පත්කළේ ඔබයි. මම නැවත සිරි අයියාට ප‍්‍රශ්නයක් යොමු කළෙමි.


‘ඉන්දින් හමුදාව අපේ රටට ගොඩබැහැලා ඉන්නවා. ඔවුන් අපේ රටේ ජනතාව මරනවා. අපේ ස්වෛරී බව නැති කරනවා. එවැනි තත්ත්වයක දී දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය කියනවා, උඹලා වර්ජනය කරපල්ලා කියලා. එහෙම තමයි සටනක් ගෙනියන්නෙ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තියෙද්දී මගේ සටනක් යන්නෙ නෑ. සිවිල් යුද්ධයක දී කටින් කතා කරන එක නවත්තලා, තුවක්කුවෙන් කතා කරන්නෙ. ආණ්ඩුව සිවිල් යුද්ධයකට තල්ලූ කළාම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාමකාමී දේශපාලන ව්‍යාපාරයක් ගැන හිතන්න අවශ්‍ය නෑ. මහ මැතිවරණයක්, ජනාධිපතිවරණයක් නැති නිසා රජය අපහසුවට පත්කිරීමට කළයුතු සටන් ගෙනියන්න ජ.වි.පෙට සිදුවුණා. 


රටේ බහුතරය ඉන්දියන් හමුදාවට විරුද්ධ වෙද්දී, බෙදුම්වාදයට විරුද්ධ වෙද්දී, ආණ්ඩුවට විරුද්ධ වෙද්දී දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය යම් යම් පණිවුඩ දුන්නා.


‘හෙට විරෝධතා ව්‍යාපාරයක්, ඊට සහභාගි වෙන්න’ මෙන්ම පණිවුඩය. සහභාගි නොවූ අයට දඬුවම දුන්නා. ඒක හරි. මේ තමයි සිවිල් යුද්ධයක ස්වභාවය. නමුත් ඔබලා මාධ්‍යවලින් ගිහින් ආණ්ඩුවේ අයගෙන් අහන්න මොන නීතියක් යටතේ ද සිවිල් යුද්ධයක් ගෙනාවේ. සාමකාමීව පෙළපාළි ගිය මිනිස්සු මැරුවේ මොන නීතියක් යටතෙද? කියලා. මේවා මාධ්‍යවලින් අහලා නෑ, වහලා තියෙන්නේ.


ජ.වි.පෙ රෝහණ විජේවීර ප‍්‍රමුඛ දේශපාලන මණ්ඩලය අවසන් වරට සාකච්ඡුා කළේ ආණ්ඩුවේ මර්දනය හා ඝාතන හමුවේ ගතයුතු ඊළඟ ක‍්‍රියාදාමය කුමක්ද යන්න පිළිබඳවය.


රජයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීම ගැන ද මෙහිදී දිගින් දිගටම සාකච්ඡා විය.
කාංචන අබේපාල, චරිත ලංකාපුර වැනි නීතිඥයන් රජයේ ගොදුරු බවට පත්වූයේ ජ.වි.පෙ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි බැවිනි. ජ.වි.පෙ වෙනුවෙන් අධිකරණයට එන සියලූ නීතිඥයන් ඝාතන ලැයිස්තුවේ ඉහළින් සිටි පිරිසකි. ආණ්ඩුවේ එවැනි මර්දනයක් හමුවේ වුවද ජ.වි.පෙ වෙනුවෙන් අවසාන මොහොතේ ද අධිකරණයට යන්නට නීතිඥයෝ සැදී පැහැදී සිටියහ. ඒ ගැන විජේවීර ප‍්‍රමුඛ දේශපාලන මණ්ඩලය නොවැම්බර් 11, 12 දිනවල තවදුරටත් සාකච්ඡා කළහ.


තානාපති කාර්යාලවලට ගොස් රටේ තත්ත්වය ජාත්‍යන්තරයට පෙන්වාදීමේ කාර්යය ගැන ද මෙහිදී සාකච්ඡුා විය. ඒ සඳහා යොදවන අය හා වගකීම බාරදෙන අය ගැන ද සාකච්ඡා විය.


දින තුනක් ලෙස නොවැම්බර් 11, 12, 13 තෙදින දේශපාලන මණ්ඩලය රැස්වීමට යොදාගෙන තිබුණත් එය දින දෙකකින් හදිසියේ නිමා කෙරිණි. ඒ අනුව 13 දින කපාහැරි අතර 11 සහ 12 දින පමණක් යොදාගෙන තිබිණි. එම දින දෙකේම දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් සියලූදෙනා නවාතැන් ගෙන සිටියේ ගලහ අරලිය උයන නිවසේ එකටමය.


එහි සිටින විට රටේ ඒ මොහොතේ වෙන සියලූ මර්දනකාරී කටයුතු පිළිබඳ විස්තර ක්‍ෂණිකව දේශපාලන මණ්ඩලය වෙත ලැබෙමින් තිබිණි.


ගුණරත්න වනසිංහ සහෝදරයා අසනීප තත්ත්වයේ සිටීමත් කලින් ආරංචි වුවද ආනන්ද සහෝදරයාගේ නොපැමිණීම පිළිබඳ නිශ්චිත තොරතුරක් ලැබුණේ පසුවය. ඔහු අත්අඩංගුවට පත්වීම දේශපාලන මණ්ඩලයේ සාකච්ඡා විය. එහිදී කතාබහ කෙරුණේ විජේවීර සහෝදරයාගේ උලපනේ පදිංචිය වහාම වෙනස් කළ යුතු බවය. එය පසුදා (13) සිදුකරන බව විජේවීර කීවේය.


මේ කාරණා දෙකටම වඩා 13 වැනිදා තෙක් රැස්වීම ගෙන නොයාමට හේතුවූ ප‍්‍රධාන හේතුවක් මතුවිය.


රෝහණ විජේවීර ගලහ උලපනේ පදිංචියට ඒමට පෙර නවාතැන් ගෙන සිටියේ බණ්ඩාරවෙල නෙළුව, ලෙවුවෙගොඩ වත්තේය. එම වත්තට හමුදාව කඩාපැන තිබුණු බව දේශපාලන මණ්ඩලයට ආරංචි විය. එය රැුස්වීම පැවැත්වීමට දින දෙකකට පෙර සිදුවූවකි. නමුත් ආරංචිය එන විට සිදුවීමට දින දෙකක් ගතවී තිබිණි. 


විජේවීර පෙර සිටි තැනට හමුදාව ආවානම් ගලහ උලපනේටත් හමුදාව ඒවි ද යන සැකය සියලූදෙනා තුළ මතුවිය. දේශපාලන මණ්ඩලය හමුවන තැන ගැනත් ආරංචිය දැනගෙන ඇති ද යන කාරණා ද මෙහි සාකච්ඡා විය.


එබැවින් නොවැ. 12 වැනි දින සවස 2.00 වනවිට දේශපාලන මණ්ඩලය විසිරී ගියහ. එදිනම සවස ගලහ නිවසේ දී රෝහණ විජේවීර අත්අඩංගුවට පත්වී තිබිණ.


12 වැනිදා අවසන් හෝරා කීපය තුළ රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, එච්.බී. හේරත්, ශාන්ත බණ්ඩාර, සිරි අයියා, පියදාස රණසිංහ, ශාන්ත බණ්ඩාර, ලලිත් විජේරත්න, සමන් ප‍්‍රනාන්දු ආදී පිරිස කළ සාකච්ඡාව සම්පූර්ණයෙන් වෙනස් පැත්තකට පෙරළිණි. ලෙවුවෙගොඩ වත්තට හමුදාව ගියේ කෙසේද? තොරතුරු කාගෙන්ද? විජේවීර සහෝදරයා සහ දේශපාලන මණ්ඩල සාමාජිකයන් දැනට සිටින තැන් ගැන කවර ආරංචි හමුවී ඇතිද? යන කාරණා එහි ගැඹුරින් සාකච්ඡුා විය. ඊට පසු මොකද වුණේ.


ඉතිරිය ලබන සතියේ.

m



අදහස් (0)

දේශපේ‍්‍රමී කැරැල්ලේ අවසන් මොහොත

මද්දුම Monday, 12 October 2015 05:57 PM

ඒ අතීතය මතක්කරන්නවත් අපි කැමති නැහැ (නි)

:       0       0

රන්ජිත් Tuesday, 13 October 2015 05:52 PM

අශාන් දන්න ප්‍රජාතන්ත්‍රවාදය...! ලාම්පු කළගෙඩි සෙල්ලම දන්නවද? (නි)

:       0       0

නයන Tuesday, 13 October 2015 12:51 AM

ජේ.වී.පි. යේ සමහරුන්ගේ අදුරදර්ශී දේශපාලනය නිසා ලංකාවේ බොහෝ උගතුන් විනාශ වුණා. එය 70 දශකයේත් 80-90 කාලවලත් එකහා සමානව සිදුවුණා. විශ්ව විද්‍යාල සිසුන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වුණේ ඔවුන්ගේ පීඩාකාරී දේශපාලනය නිසයි. එම සිසුන් අද සිටියානම්, මේ රට පාලනය වන්නේ උගත් පිරිසක් අතිනුයි. අද පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලුවොත්, මම කියන දේ තේරෙයි. ලංකාව ඉදිරියටත් පාලනය කරනු ඇත්තේ, සුපර් ස්ටාර් සංකල්පයට හැඩගැසුණු, ආධ්‍යාත්මය ඔද්දල් වුණ තරුණ පිරිසක් වනු ඇද්ද? (නි)

:       0       0

අශාන් Tuesday, 13 October 2015 12:30 PM

ප්‍රජාතන්ත්‍රවාදීව පත්වුණු රජයකට විරුද්ධව යමෙක් අවිගෙන ත්‍රස්තවාදය පතුරයි නම් එය මැඩපැවැත්වීම රජයේ වගකීමක්.පසුගිය කාලේ උතුරේ කළෙත් එයමයි.අපි මේ දෙක දෙවිදියකට දකින්නේ හිතේ තියෙන ජාතිවාදය නිසයි. (නි)

:       0       0

රොෂාන් Tuesday, 13 October 2015 04:22 AM

නයන, ඔබ හරි. මහජන දේපල විතරක් නෙමෙයි දරුවන්ගේ අනාගතයත් ඔවුන් විනාශ කළා (නි)

:       0       0

දුමින්ද Tuesday, 13 October 2015 08:40 AM

වීසලා නුවර වැනිය එදා මළමිනී ගොඩ ගැසුණු රට තොට. (ර)

:       0       0

පතිරණ Tuesday, 13 October 2015 04:55 AM

මෙතන දාලා තියෙන අදහස් දැක්කහම මිනිසුන්ගේ කොඳු කැඩී තිබෙන හැටි හොඳට පේනවා. අනුර කුමාරලා කියන විදියට ජවිපෙට ලේසියෙන් 89 ගැන පසුතැවෙන්න බැහැ. එදා දේශපාලන අධිකාරියක් රටේ පතුරවලා තිබුනේ. ඒකේ කිසිම ප්‍රජාතන්ත්‍රයක් නැහැ. අදටත් අපි ගෙවන්නේ 87 පවු. (නි)

:       0       0

මඩුල්ල Tuesday, 13 October 2015 02:57 PM

දැන් ඉන්න අගමැතිට අමතක වෙලා වගේ අතීතය. අම්මෝ මම නම් මතක් කරන්නවත් අකමැති යූඇන්පී ආණ්ඩුව හමුදාව ලවා කරපු අපරාදේ. පෙර කළ පිනක් තිබිලා මමයි මල්ලියි අම්මයි තාත්තයි 99න් ජීවිත බේරාගත්තා (බ)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 13 October 2015 09:47 AM

ඒ කාළේ මම ගෙදරින් පිට ඈත පළාතක වැඩ කරේ. ඒ නිසා තවම ජිවත් වෙනවා. (ර)

:       0       0

දිනේෂ් Tuesday, 13 October 2015 05:40 AM

87- 89 කාලවල තරුණ වයස බයෙන් ගෙවපු කෙනෙක් හැටියට මේ අහන්නේ. මේ සමහර අදහස් වලින් පෙනෙන්නේ ඒ කාලයේ තිබුණු රජය හරි වගේ. මට මතක විදිහට දෙපැත්තම එක වගේ අපිව බයකරගෙන හිටියා. නමුත් පාරවල් ගානේ ටයර් දාපු පොඩි කොල්ලන්ගේ දර්ශන තරම් බයහිතෙන දේ කවදාවත් දැක්කේ නැහැ. (නි)

:       0       0

සිල්වි Monday, 12 October 2015 04:27 PM

මේ කියන්නේ 88-89 පස්සේ ඉපදිලා මානව අයිති වාසිකම් ගැන කතා කරන දරුවන්ට . ඔය දේවල් වුනේ දැන් ඉන්න අගමැති ඇතුළු පිරිස රට පාලනය කරන කාලේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 296 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 918 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1416 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 217 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 437 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 605 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 528 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 741 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2063 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site