කොළඹින් නිල නිවාස ගත් ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් මන්ත්‍රී ධූරය හොබවන කාලයේ හිමිවූ මන්ත්‍රී නිල නිවාස නැවත භාරදී නැති බවත්, ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස නැවත බාර දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයෙන් කළ දැනුම්දීම්වලින් පසුව බවත් පසුගියදා වාර්තා විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රාජ්‍ය ඇමැතිවරු කැබිනට් ඇමැතිවරු බොහෝ වරප්‍රසාද භුක්ති විඳිති. නිල නිවාස, තීරුබදු රහිත යානවාහන, දුරකථන දීමනා, කාර්ය මණ්ඩල දීමනා, රැස්වීම් දීමනා ඉන්ධන දීමනා, නිදහස් තැපැල් පහසුකම්, මන්ත්‍රී විශ්‍රාම වැටුප්, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ආදිය ඔවුන් භුක්ති විඳින දීමනා සහ වරප්‍රසාදවලින් කීපයකි.
මෙතරම් දීමනා හා වරප්‍රසාද ගොන්නක් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට දෙන්නට පටන් ගත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාවිතයට ගත් පසුවයි.
එම ව්‍යවස්ථාව අනුව අසීමිත බලතල හා වරප්‍රසාද විධායක ජනාධිපතිවරයාට හිමි වූයේය. විධායක ජනාධිපතිවරයාට හිමි වූ එකී බලතල හා වරප්‍රසාද බාධාවකින් තොරව පවත්වාගෙන යන්නට මැති ඇමැතිවරුන්ටත් ඉහළ නිලධාරීන්ටත් එක් එක් තරමින් වරප්‍රසාද හා දීමනා පිරිනැමිය යුතු වූයේය.
විධායක ජනාධිපතිවරයාට 1978 ව්‍යවස්ථාවෙන් හිමි වූ බලතල හා වරප්‍රසාදවලට විරුද්ධව අනෙකුත් මැති ඇමැතිවරුන්ගෙන් මතුවිය හැකි මැසිවිලි හා පැමිණිලි හා උද්ඝෝෂණ ශූන්‍ය කර දමන්නට ඔවුනට ද එක් එක් තරමින් වරප්‍රසාද දීමනා හා පහසුකම් ආදිය පිරිනමන්නට සිදුවූයේය.
1978 ව්‍යවස්ථාවෙන් පෙරට වඩා එකී සැප පහසුකම් මැති ඇමැතිවරුන්ට ලබාදීමට එය හේතුවක් විය. එකී මැති ඇමැති වරප්‍රසාද අවභාවිතාවේ යෙදෙන අවස්ථා ද ඉන් පසු වරින් වර වාර්තා වූයේය. තීරු බදු රහිත වාහන විකිණීම ඉන් එකකි. ඇතැම් මැති ඇමැතිවරුන් මේ වන විට විදුලි බිල් නොගෙවා සිටීමේ වරප්‍රසාදය නීත්‍යානුකූල නොවන ලෙස භුක්ති විඳිමින් සිටින බව රහසක් නොවේ.
මන්ත්‍රී නිල නිවාස නැවත භාර නොදී නිල නිවාස දෙක බැගින් තමා භාරයේ තබා ගැනීම අලුතෙන්ම වාර්තා වී ඇති නොහොබිනාකමයි.
මෙකී නොහොබිනාකම් සුදුසු නොවන්නේ ඒවායින් ඔවුන් ලබන ආර්ථික වාසිය නිසාම නොවේ. එසේ අනියම්ව ලබාගන්නා ආර්ථික වාසිය විගණන නිලධාරියකුට අවශ්‍ය නම් රුපියල් ගණනින් තක්සේරු කළ හැකිය.
ඉහත කී නොහොබිනාකම් රුපියල් ගණනින් තක්සේරු කළ ද ඒවා තුළ රුපියල් ගණනින් තක්සේරු කළ නොහැකි අකටයුතු රාශියක් ඇත.
මහජන ඡන්දයෙන් තෝරා පත් වන මැති ඇමැතිවරුන්, මහජන මුදලින් දීමනා හා වරප්‍රසාද ලබන ඇතැම් මන්ත්‍රීවරුන් රටට රුපියල්වලින් කරන පාඩුවට වඩා කිසිදු හිරිකිතයකින් තොරව සිදුකරන ආචාර ධර්ම කඩ කිරීමක් ඒ තුළ දැක ගත හැකිය. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටක යම් මන්ත්‍රීවරයකු මේ ආකාරයට ආචාර ධර්ම කඩ කළේ නම් ජනමාධ්‍යවලින් ඔහුගේ සායම සෝදා දමන්නේ නැවත මහජනයා ඉදිරියට ඇඳිවත පිටින් එන්නට ලැජ්ජා සිතෙන තරමට ය.
මහජනයා අතිශය අසීරුවෙන් ගෙවල් කුලී ගෙවා ගෙන, විදුලි බිල වැඩි කිරීමට තීරණය කරන වාරයක් පාසා විදුලි බිල් ගෙවාගෙන, උද්ධමනයෙන් තැලී පොඩිවී මිරිකී යම්තමින් හුස්ම ගෙන නොමැරී හිතේ ධෛර්යයෙන් ඉන්නට වෙර දරන කාලයක කිනම් හෝ වරප්‍රසාදයක් මැති ඇමැතිවරුන් නොහොබිනා ලෙස භුක්ති විඳී නම්, එය කිසිසේත් සදාචාරයට ගැළපෙන්නේ නැත. මන්ත්‍රීවරුන්ට සැලසෙන සැප පහසුකම් කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ විධායක බලතල අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අඩු වූ නිසා මහජනයා යම් තරමකට තමන් විදින අසීරුතා ඉවසා සිටින සෙයක් පෙනේ.
1977ට පෙර මෙරට මැති ඇමතිවරුන් බොහෝ දෙනකු ඉතාමත් ඕනෑකමින් ආචාර ධර්ම අනුගමනය කළ බව අතීත තතු විමසීමේදී පෙනේ. අමාත්‍යවරුන් තමන්ගේ ඥාතින් නිසි පරිදි නීත්‍යානුකූල පිළිවෙළට අධ්‍යාපන සුදුසුකම් ද ලබා තමාගේ අමාත්‍යාංශයේ සේවයට තෝරා ගත් අවස්ථාවල අමාත්‍යවරයා මැදිහත් වී එම තෝරා ගැනීම අවලංගු කළ අවස්ථා ඕනෑ තරම් තිබේ. එසේ කරන ලද්දේ ආචාර ධර්ම සලකාය.
ඇතැම් ඇමැතිවරු ඥාතීන්ට රජයේ ශිෂ්‍යත්ව ලබා දීමෙන් වැළකී සිටියහ. ඔවුන් එසේ කරන්නේ ආචාරධර්මවලට අනුගතවීම අවශ්‍ය බැවිනි. ආචාර ධර්ම ගිලිහී ගොස් දැන් අවුරුදු 45 කට ආසන්නවේ. දැන් විවෘතවම ආචාර ධර්ම කඩ කරන අවස්ථා නිතර වාර්තා වේ.
(***)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දේශපාලකයන් ආචාරධර්ම ආදර්ශයෙන් පෙන්වන්න ඕනෑ