IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


දේශපාලනයේ අපට අභියෝග නෑ, තරඟකාරයොත් නෑ

ජනතා විමුක්ති පෙරමුණේ හත්වැනි ජාතික සමුළුවේදී පක්ෂයේ නව නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පත්කර ගනු ලැබිණි. 
අනුර කුමාර මහතා එම පක්ෂයේ තුන් වැනි නායකයාය. මේ ‘‘ඉරිදා ලංකාදීපය’’ ඔහු සමඟ පැවැත්වූ සාකච්ඡාවයි.

 

 


 ප‍්‍රශ්නය : ජනතා විමුක්ති පෙරමුණේ තුන්වැනි නායකයා වශයෙන් පත් වී සිටින්නේ ඔබ. අනාගතය වෙනුවෙන් මොනවද බලාපොරොත්තු?
 පිළිතුර : අපි කවුරුත් මේ පක්ෂයට තනතුරු බලාගෙන ආපු අය නොවෙයි. පක්ෂය පවරන වැඩ කොටස ඉටු කිරීමට බලාපොරොත්තුවෙන් මේ පක්ෂයට ආවා. හත්වැනි ජතික මහ සමුළුව මගින් පක්ෂයෙන් නායකත්වය මට පවරා තිබෙනවා. ඒ වගේම ජාතික සමුළුවෙන් නව මධ්‍යම කාරක සභාවක් ද පත්කර තිබෙනවා. එම සමුළුවේදී ඉතා වැදගත් යෝජනා ගණනාවක් සම්මත කර ගෙනත් තිබෙනවා. විශේෂයෙන්ම අද මේ කඩා වැටී තිබෙන හා විශාල අර්බුධ ගණනාවකට මුහුණ පා සිටින රට ගොඩනැගීම සඳහා වූ අපේ දැක්ම නම් වූ වැඩ පිළිවෙළ ක්‍ෂේත‍්‍ර පහක් ඔස්සේ මෙහෙයවා තිබෙනවා. එය සමාජය වෙත ගෙනයාමේ වගකීම පැවරී තිබෙනවා. මේ රටේ වෘත්තීයවේදීන්, බුද්ධිමතුන්, වැඩකරන ජනතාව, සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව වෙත ගෙනයාම අපේ අපේක්ෂාව, අභියෝගයක් ලෙසින් පවතිනවා. අපේ රටේ තැන තැන පැන නගින හුදෙකලා සටන් තියෙනවා. ජනතාව තම තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හුදෙකලා සටන්වල යෙදිලා ඉන්නවා. එබැවින් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ජනතා සටන් මධ්‍යස්ථානයක් ගොඩනැගීම සඳහා වූ ක‍්‍රියාමාර්ග ගැනීමට පක්ෂයට අභියෝගයක් තිබෙනවා. වර්තමාන රජය පවතින්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නමින් පවත්වා ගෙන යනු ලබන ප්‍රෝඩාකාරී මැතිවරණ මතයි. මේ මැතිවරණ වලට මුහුණදීමට ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් මැතිවරණ පෙරමුණක් සැකසිය යුතුව තිබෙනවා. පක්ෂය ඉදිරියේදී එම යෝජනා සාර්ථක කර ගැනීමට ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා.

 

 

 ප‍්‍රශ්නය :  විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ගණුදෙනු කරන්නේ කෙසේද?
 පිළිතුර :  විශේෂයෙන්ම අපට තිබෙන්නේ ආණ්ඩු පෙරළියක් හෝ නායකයෙක් මාරු කිරීමක් නොවෙයි. මේ වසර 66ක් තිස්සේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප‍්‍රතිපත්ති රට විශාල අර්බුදයකට හේතු වී තිබෙනවා. රට උපයා ගන්නා ආදායම ණය පොලිය ගෙවීමටවත් ප‍්‍රමාණවත් නැහැ. මේ රට එතනෝල්, කැසිනෝවලට, කුඩුවලට  පාරාදීසයක් බවට පත් වී තිබෙනවා. නීතියේ හා විධානයේ ආධිපත්‍ය මුළුමනින්ම කඩා වට්ටලා. මීට එරෙහිව විකල්ප පාලනයක් අවශ්‍ය වෙනවා. ඒ විකල්ප පාලනය ගොඩ නැගීම වෙනුවෙන් අප කටයුතු කරනවා. ඒත්, ඒ ඒ මොහොතේ රටේ පැන නගින ප‍්‍රශ්න පැදනම්ව ඒ ප‍්‍රශ්නවලට එක්සත්ව ක‍්‍රියාමාර්ගවලට එළඹීමට අප කිසිසේතම පැකිලෙන්නේ නැහැ. අනෙකුත් දේශපාලන පක්‍ෂ එක්ක රටේ ජනතාව මුහුණ දෙන ඒ ඒ ප‍්‍රශ්නවලට රටේ ජනතාව පීඩාවට පත් කරන ප‍්‍රශ්නවලට එකමුතුව ක‍්‍රියාකිරීමට සූදානම්. ඒ ඒ ප‍්‍රශ්නවලදී පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් එකමුතුව ක‍්‍රියා කිරීමට හැකියාව තිබෙනවා.

 


 ප‍්‍රශ්නය : ජනතා විමුක්ති පෙරමුණ තුන් වැනි බලවේගයක් වශයෙන් කාලයක් කටයුතු කළත් සරත් ෆොන්සේකා මහතා දැන් ඒ තැනට පැමිණ සිටිනවා. මේකට මුහුණ දෙන්නේ කොහොමද?
 පිළිතුර : විශේෂයෙන්ම අපේ පක්ෂය තුන්වැනි බලවේගයක් වශයෙන් හැදින්වූයේ මාධ්‍ය මගින්. තුන්වැනි බලවේගය යන ස්ථානය අහිමි වූ බව කියන්නේ මාධ්‍යයන්. අපේ පක්ෂය, මේ රටේ විකල්ප බලවේගයයි. විශේෂයෙන්ම මේ රට අනුගමනය කරමින් සිටින සමාජ ආර්ථික ප‍්‍රතිපත්ති වෙනුවට මේ සිස්ටම් එකේ වෙනසක් සඳහා පෙනී සිටින බලවේගයන් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ක‍්‍රියා කරනවා. සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන ව්‍යාපාරය කිසිසේත්ම ජනතා විමුක්ති පෙරමුණට අභියෝගයක් නොවෙයි. ඒක තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හෝ එක්සත් ජාතික පක්ෂයක් හැර වෙනත් දෙයක් නැහැ. දැනටමත් ඒ පක්ෂයට එකතුවී සිටින පිරිස් අතර විශාල ලෙස ¥ෂණ වංචාවලට සම්බන්ධ වූ අයත් ඉන්නවා. සමාජයේ එක් එක් කාලවලදී කුඩා කුඩා බුබුළු මතුවෙනවා. ඒ දේශපාලන බුබුළු ස්ථාවර දේශපාලන ගමනක නිරත වන්නේ නැහැ. ලලිත් ගාමිණී ‘‘රාජාලියා’’ ලකුණින් විශාල දේශපාලන බුබුලක් හදා ගත්තා. ටික කාලයකින් එහි සාමාජිකයෝ ප‍්‍රධාන පක්ෂ දෙකට එකතු වුණා. රාජාලියා පක්ෂය නැතිවුණේ 1987දී. එක්සත් සමාජවාදී පෙරමුණ බිහිවුණා. මහා බුබුලක් ලෙස මතුවී එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වී ඒ දේශපාලන බුබුලත් අවසන් වුණා. හෙළ උරුමය 2014 දී මහා බුබුලක් ලෙස වර්ධනය වුණා. දැන් රජයේ ඉතා කුඩා බුබුලක් ලෙසින් ක්‍ෂය වෙමින් පවතිනවා.
ඒ මොහොතේ පැන නගින දේශපාලන බුබුළු අපට කවදාවත් අභියෝගයක් වෙලා නැහැ. දේශපාලනයේ අපට අභියෝග නැහැ. තරගකාරයොත් නැහැ.

 

 

 ප‍්‍රශ්නය :  ඔබේ පක්ෂයට අභියෝගයක් නැහැ කියලා කිව්වාට, පළාත් සභා ඡුන්දවලදී ජනතා විමුක්ති පෙරමුණේ ඡුන්ද පදනම පහළ බැහැල තියෙනවා. 
 පිළිතුර :  පසුගිය කාලෙ මැතිවරණ පසුබිමේ යම් පසුබෑමක් තිබූ බව ඇත්ත. අපේ රටේ ජනතාවගේ සැබෑ කැමැත්තක් පිළිබිඹුවක් ලෙසින් ඡුන්ද ප‍්‍රතිඵල අප විශ්වාස කරන්නේ නැහැ. ජනතාව බහුතරය මේ රජයට විරුද්ධයි. රජය ගන්නා ක‍්‍රියාමාර්ගවලට විරුද්ධයි. 17 වැනි සංශෝනය අහෝසි කර 18 වැනි සංශෝධනය ගෙනා එකට විරුද්ධයි. අගවිනිසුරු බණ්ඩාරනායක මැතිණිය බලහත්කාරයෙන් නෙරපා හැරිය එකට විරුද්ධයි. අධ්‍යාපන, සෞඛ්‍ය මුදල් කප්පාදුවට විරුද්ධයි. රට කුඩු පාරාදීසයක් කරන්න හදන එකට විරුද්ධයි. රට කැසිනෝ පාරාදීසයක් කරන්න හදන එකට විරුද්ධයි. ජනතාව මත බදු පටවමින් අතලොස්සක් මත ජාතික ධනය කේන්ද්‍රකරගන්න එකට විරුද්ධයි. රටේ මහා පරිමාණ, හොරකම් වංචා එක පවුලක් වටා සිදුවෙනවා. නමුත් මැතිවරණයේදී සැබෑ මතය ප‍්‍රකාශ වන්නේ නැහැ. මැතිවරණයේදී ඉදිරිපත් වන්නේ විකෘති කරන ලද මතයයි. ඒකත් දේශපාලන ව්‍යාපාරවල ශක්තිය සොයා බැලීමේ නිර්නායකයක් ලෙස උපයෝගී කර ගන්නවා. එබැවින් ඉදිරි පළාත් සභා මැතිවරණ වෙනුවෙන් අප පූර්ව සූදානමක් වුණා.
අපේක්‍ෂකයන් තේරීම, ප‍්‍රචාරක කටයුතු, සංවිධායක කටයුතු පූර්ව සූදානමින් කළා. මේ රටේ ජනතාව අප ගැන විශ්වාසයෙන් අප වටා ඒකරාශී වේවි කියලා විශ්වාස කරනවා. මේ රජයට එරෙහිව කෙළින් කතා කරන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. රජයට එරෙහිව යම් ක‍්‍රියාමාර්ගයක් ගන්නවා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ පමණමයි. අපට ජන්දය දුන්නත්, නොදුන්නත් ජනතා විමුක්ති පෙරමුණ කෙළින් වැඩ කරන පක්ෂයක්. රජයට  එරෙහිව සටන් කරන පක්ෂය බවට ජනතාව තුළ විශ්වාසයක් තියෙනවා. පිළිගැනීමක් තියෙනවා. එය ජන්ද බවට පත්කර ගැනීම අපේ අභියෝගයයි. ඒ සඳහා ක‍්‍රියාමාර්ග ගණනාවක් අප සූදානම් කර තිබෙනවා.

 


 ප‍්‍රශ්නය :  සෝමවංශ සහෝදරයාගේ නායකත්වය යටතේ පක්ෂය එකම රටාවකට ගමන්කළා. ඔබ අලූත් නායකයා. ඔබ තරුණයෙක්. සෝමවංශ සහෝදරයා වගේ නොවෙයි. ඔබත් ඒ ආපු රටාවෙම ඉදිරියට යනවාද?
 පිළිතුර : අප එකම රටාවකට ආවේ නැහැ. ඒ ඒ මොහොතේ පැන නැගුන දේශපාලන තත්ත්වයන් එක්ක අලූත් වූ පක්ෂයක්. හැමදාම රටත් ජනතාවත් මුහුණ දෙන අභියෝග කල්තියා හඳුනාගෙන දේශපාලන උපක‍්‍රම ඒ සඳහා යෙදවූ ව්‍යාපාරයක්. නිරන්තරයෙන් අලූත්වන, අලූත් අභියෝගවලට පක්ෂය සූදානම් කළා. ඒ නිසා මේ පක්ෂය දැනටමත් අලූත්වී තිබෙනවා. නව මධ්‍යම කාරක සභාවක්, නව දේශපාලන මණ්ඩලයක් තේරී තිබෙනවා. මේ රට හැදීම පිළිබඳ නව වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. පුළුල් මැතිවරණ පෙරමුණක් පිහිටුවනවා. ජනතා සටන් මධ්‍යස්ථානයක් ගොඩ නගනවා. මේ පක්ෂය අනිත් හැම පක්ෂයකටම වඩා අලූත්වෙන. අලූත් අභියෝගවලට සූදානම් පක්ෂයක්. ඉදිරියටත් එහෙමයි. 

 


 ප‍්‍රශ්නය :  ජනතා විමුක්ති පෙරමුණේ සාම්ප‍්‍රදායික දේශපාලන රටාව ඒ ආකාරයටම ඉදිරියටත් පවත්වාගෙන යනවාද?
 පිළිතුර :  අපේ පක්ෂයේ සම්ප‍්‍රදායක් තිබෙනවා. ප‍්‍රතිපත්ති තියෙනවා. ඒවා එකක්වත් අහිතකර සම්ප‍්‍රදායන් හෝ ප‍්‍රතිපත්ති නොවෙයි. අපේ මහජන නියෝජිතයෝ සාමාජිකයෝ මේ රටේ මහජන දේපළ හොරා කාලා නැහැ. හැම සාමාජිකයෙක්ම ස්වේච්ඡුාවෙන් දේශපාලනයෙ නිරත වෙනවා. හැම ක‍්‍රියාකාරිත්වයක්ම පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් කටයුතු කරන්නෙ නැහැ. මේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්න වුවත් සුදානම්. මේ රටේ ඇතිවන  ඕනෑම තත්ත්වයකදී  පෞද්ගලික අවශ්‍යතා පසෙකලා පොදු වුවමනා වෙනුවෙන් පෙනී සිටිනවා. ජනතාවත් රටත් අසීරුවට පත්වන හැම අවස්ථාවලදී එයින් ජනතාවත්, රටත් මුදාගැනීම වෙනුවෙන් අභියෝගවලට  මුහුණ දෙනවා. මේවා වැදගත් සම්ප‍්‍රදායන්. අපට තියෙන්නේ තියන ඒවා වෙනස් කර ගැනීම නොවෙයි. අලූත් සම්ප‍්‍රදායන් ඇති කරගැනීමයි. තවත් අලූත් දේවල් කැඳවා ගැනීමයි. මේ රටට හිතකර සම්ප‍්‍රදායන් වෙනස් කර ගත යුතු නැහැ. පොදුවේ දේශපාලකය හිතන්නෙ තවත් හැදෙන්න, තමන්ට පොදි බැඳ ගන්න, තමන් වටේ සිටින කල්ලිය, පවුලට වරප‍්‍රසාද ලබා දෙන්න. ඒ වැරදි දේට එරෙහි යහපත් සම්ප‍්‍රදායන් අපේ පක්ෂය තුළ තියෙනවා.

 


 ප‍්‍රශ්නය :  ඔබ නායකත්වයට ආපු එක ගැන පක්ෂය ඇතුළෙ සීතල අර්බුදයක් තිබෙන බව ආරංචියි. 
 පිළිතුර :  පසුගිය දිනවල මාධ්‍යවලින් පක්ෂය ඇතුළේ සීතල යුද්ධයක් ඇති බව පළ කලා. එවැනි ඒවා ප‍්‍රචාරය කිරීමට පාදක කරගත් කරුණු මොනවද කියලා දැනගන්න කැමතියි. කිසිදු කරුණක් හේතුවක් නොමැතිව ප‍්‍රවෘත්ති පළ කිරීමේ සම්ප‍්‍රදායක් දැන් පවතිනවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කවර දේශපාලන පක්ෂයක්ද කියලා රටේ ජනතාව දන්නවා. තනතුරුවලට මේ පක්ෂයේ සාමාජිකයෝ පොර බදන්නේ නැහැ. අනවබෝධයෙන් විවිධ දේ ප‍්‍රචාරය වුණා. තනතුරු පිළිබඳව මානසිකත්වයක් ගොඩ නගා තිබෙන හා නායකත්වයට පොර බදින සමාජයක ජනතා විමුක්ති පෙරමුණේ මේ සම්ප‍්‍රදායන් තේරුම් ගැනීම අපහසු වෙනවා. අපේ පක්ෂයේ කිසිම භේදයක් නැහැ. අර්බුදයක් නැහැ. තීන්දු තීරණ සාමුහිකව ගන්නෙත්. සමුළුව. සාමූහිකව තීන්දු තීරණ ක‍්‍රියාත්මක කරන්නෙත් සමුළුව. සමුළුව ගැන හොඳින් නිරීක්ෂණය කළානම් එය කොයිතරම් විනයගරුක, සාමුහිකත්වය, සහෝදරත්වය තියෙන එකක්ද කියලා පැහැදිලි වේවි. 

 


 ප‍්‍රශ්නය :   ඔබ ඔය කියන ආකාරයට සාමූහිකත්වයක්, සහෝදරත්වයක් පක්ෂය තුළ තිබෙනවා නම්, නායකත්වය සඳහා විවිධ නම් එළියට ආවේ කොහොමද? 
 පිළිතුර :  ප‍්‍රවෘත්ති ගොඩ නගන්න පුළුවන්. ප‍්‍රශ්න අහලත් ප‍්‍රවෘත්ති ගොඩ නගන්න පුළුවන්. නැති ප‍්‍රශ්නයක්, නැති දෙයක් ප‍්‍රශ්නයක් හා ප‍්‍රවෘත්තියක් ලෙස නිර්මාණය වන අවස්ථා  තිබෙනවා. ලාල් කාන්ත සහෝදරයා හෝ මා අතර හෝ කිසිවෙක් අතර නායකත්වයට කිසිදු පොරයක් තිබුණේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව මීට මාස 3 කට පෙර මෙම තීරණය ගෙන තිබුණා. සමුළුවට පක්ෂය සූදානම් කිරීමට මාස 3ක පමණ කාලයක් ගත වුණා. ඒ නිසා, ප‍්‍රවෘත්ති නිර්මාණය වුණේ සති දෙකක පමණ කාලයකදී. නමුත් ඒ වන විට පක්ෂය තීන්දුවක් අරගෙන අවසන්. ඒ ප‍්‍රවෘත්ති වලට අප හිනාවුණා. මධ්‍යම කාරක සභාව සෝමවංශ සහෝදරයාගේ යෝජනාවක් මත ඒකමතිකව ගන්නා ලද තීන්දුව මත සියලූ තනතුරු සඳහා පාදක වූ තීරණ මීට මාස 3කට පෙර ගනු ලැබූ ඒවා. ඒ කිසිදු තීන්දුවක් මොනම මාධ්‍යකටවත් නොගිය එක ගැන අප ආඩම්බර වෙනවා.

 


 ප‍්‍රශ්නය :  ඔබ වරක් කිවුවා, සමුළුව ඒ මොහොතේ තනතුරුවලට පත්වීම් කරන බව. දැන් කිව්වේ මාස 3කට පෙර මධ්‍යම කාරක සභා තීන්දු තීරණ ගෙන තිබූ බවයි. කිසියම් සැකයක් ඇතිවීම සාධාරණයි නේද? 
 පිළිතුර :  මධ්‍යම කාරක සභාව ගනු ලබන තීන්දු තීරණ තමයි සම්මේලනය අනුමත කරන්නේ.

 

 

 


 ප‍්‍රශ්නය :  මධ්‍යම කාරක සභාවට සාමාජික සංඛ්‍යාව වැඩිකර ගත්තේ ඔබේ පිරිස දාලා?
 පිළිතුර : අපේ දේශපාලනය ගැන ‘අ’ යන්න දන්න කෙනෙක් ඔය ප‍්‍රවෘත්තිය නිර්මාණය කර තිබුණා. මම ඔහු හඳුනනවා. අපේ පක්ෂ සමුළුවේදී පළමුව සිදුවෙන්නේ පක්ෂ නායකයා තේරීම. දෙවනුව මධ්‍යම කාරක සභාව තෝරාගන්නවා. දේශපාලනයෙන් වැහැරී සිටින අයෙක් මේ වාගේ ප‍්‍රවෘත්ති නිර්මාණය කළා. මේ පක්ෂයට ‘‘බෙරේ’’ හඬත් හඳුනාගන්න පුළුවන්. ‘‘දොරේ’’ හඬත් හඳුනා ගන්න පුළුවන්.

 


 ප‍්‍රශ්නය :  ඔබ පැහැදිලි කරන්නෙ කණ්ඩායම් වාදයක් නැතිව නායකත්වයට තේරීපත්වූ බවද?
 පිළිතුර :  පැහැදිලිවම 

 


 ප‍්‍රශ්නය :   1989 සිටි කි‍්‍රයාකාරී සාමාජිකයන්ගෙන් බොහොම ටික දෙනෙක් පක්ෂයේ ඉන්නවා. ඔබත් ඒ  කාලේ විශාල භූමිකාවක් කළ බව කියනවා. ඒ භූමිකාව පිළිබඳව දැන් අනාවරණය කරනවද? මීට පෙර ඔබ ඒ පිළිබඳව කතා කළේ නැහැ?
 පිළිතුර :  පක්ෂය විසින් ලබාදෙන වගකීම්, කාර්යයන් අප ඉටුකරනවා. ඒවා ගැන ආත්ම අභිමානයෙන් කතා කිරීම හෝ ප‍්‍රසිද්ධ කිරීමට අපි කාටවත් බලාපොරොත්තුවක් නැහැ. ඔය කාලයේදී මා ශිෂ්‍ය අංශයේ පහළ සාමාජිකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා.

 


 ප‍්‍රශ්නය :  ඔයිට වඩා භූමිකාවක් ඔබෙන් සිදුවුණේ නැත්ද?
 පිළිතුර :  එදා පැවැති සිදුවීම් හා දේශපාලන තත්ත්වය යටතේ අප කාටත් විශාල භූමිකාවක් පැවරී තිබුණා. එහි කොටස්කරුවෙකු වශයෙන් මාත් කටයුතු කර තිබෙනවා. 

 


 ප‍්‍රශ්නය:  පක්ෂයේ හිටපු නායක සෝමවංශ සහෝදරයා බොහොම අත්දැකීම් බහුලව සිටි කෙනෙක්. ඔබ දැන් නායකයා වශයෙන් පක්ෂය මෙහෙයවන්නේ කොහොමද?
 පිළිතුර :  අපේ පක්ෂයේ තීන්දු තීරණ ගනු ලබන්නේ පක්ෂ සමුළුවෙන්. සමුළුව නැවත රැුස්වන තුරු තීන්දු තීරණ ගැනීමේ බලය මධ්‍යම කාරක සභාවට හිමි වෙනවා. තීන්දු තීරණ ක‍්‍රියාත්මක කිරීමේ බලය දේශපාලන මණ්ඩලයට හිමි වෙනවා. ඒ නිසා අපේ පක්ෂය සාමූහිකව තීරණ ගනු ලබන පක්ෂයක්. සාමූහිකව ජයග‍්‍රහණ හෝ පසුබෑම් දරාගන්නා පක්ෂයක්. ඉදිරියේදිත් පක්ෂයේ පැවැත්ම ඒ ආකාරයටම සිදුවෙනවා. ඒ සාමුහිකත්වය ආරක්ෂා කර ගැනීම, සාමුහිකත්වය මත තීන්දු තීරණ ගැනීම, මෙහෙයවීම මට පැවරෙන ප‍්‍රධාන වගකීම බව මා හිතනවා.

 


 ප‍්‍රශ්නය :   පක්ෂයේ නව නායකයා වශයෙන් ඉදිරි වැඩ පිළිවෙළ කුමක්ද?
 පිළිතුර :   වසර 66ක් මේ රටේ තිබූ පාලන ක‍්‍රමය ජනතාවාදී නැහැ. රටේ ජනතාවගේ කැමැත්තට අනුව ජනතාවාදී පාලන ක‍්‍රමයක් අවශ්‍යයි. ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධනය, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකිරීම, අමාත්‍ය මණ්ඩලය සීමා කිරීම, මූලික මිනිස් අයිතිවාසිකම් ශක්තිමත් කිරීම, ආදී ජනතාවාදී පාලනයට අවශ්‍ය වන රාජ්‍ය ව්‍යුහයේ වෙනස්කම් යෝජනා කරනවා. දෙවැන්න මේ රට ගොඩ නැගීමේදී ඉතාම වැදගත් සම්පත මානව සම්පතයි. ඒ සඳහා උසස් මානව සම්පතක් ඇතිකිරීම අධ්‍යාපනය, සෞඛ්‍යය, ව්‍යවස්ථාවේ මූලික අයිතීන් බවට පත් කරනවා. රටේ ආර්ථිකය ගොඩනැගීමේ පදනම මානව සම්පතයි.

අපේ රට නවීකරණය හා කාර්මීකරණය කරනවා. දියුණු කරන ලද කාර්මික පද්ධතියක් සඳහා වූ යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එහි ප‍්‍රතිඵල ජනතාවට හිමිකරනවා. සාධාරණ, සමාජයක් ගොඩනැගීමට රජයේ හා සමාජයේ කාර්ය භාරය ඉදිරිපත් කරනවා.

පෞර්ෂයෙන් හෙබි මිනිසෙක් රටට අවශ්‍යයි. පාරට බොරළු ටික දාගන්න, දරුවා පාසලට දාගන්න, පොලිසියට යන්න බැරි නිවට තත්ත්වයට අපේ රටේ මිනිස් සමාජය පත්කර තිබෙනවා. එබැවින් පෞර්ෂත්වය ඇති මිනිසෙක් ගොඩ නැගීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අපේ රට නවීන සමාජවාදී සමාජ ක‍්‍රමයකට  ගෙන යාමට අවශ්‍ය මූලික පදනම් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. රටත්, රටේ ඉදිරි අනාගතයත් රඳා පවතින ප‍්‍රධාන සාධකය බවට පත්වන යෝජනා බව අප විශ්වාස කරනවා. 

 

 



අදහස් (0)

දේශපාලනයේ අපට අභියෝග නෑ, තරඟකාරයොත් නෑ

මංගල Thursday, 13 February 2014 05:33 PM

අන්තිම ප්‍රශ්නෙට නියම උත්තරයක් දීලා තියෙන්නේ. ඒත් ඉතින් අපේ රටේ මිනිස්සුන්ට මොළේ මදිනෙ තවම.(නදී)

:       0       0

ජෝයි Tuesday, 18 February 2014 08:36 AM

ඔබ ඔය කියන දේ කොරන්ට හම්බෙන්නේ නැහැ මහත්තයෝ. 71,88 වගේම උතුරේ යුද්දත් මේ රටේ ප්‍රශ්නවලට උත්තර ඉල්ලීම්. නමුත් උත්තර තාම ලැබිල නැහැ. (නදී)

:       0       0

රාණි Tuesday, 18 February 2014 08:38 AM

ලංකාවේ ඉන්න අයත් එක්ක ඔය වැඩේ කරන්න පුලුවන් වෙයිද මහත්තයෝ.(නදී)

:       0       0

සත්‍යයා Thursday, 13 February 2014 06:35 AM

මේ සංවාදයේදී අසා ඇති ප්‍රශ්නවල ට සමාන ප්‍රශ්න රටේ වෙනත් පක්ෂ නායකයෙකුට ඉදිරිපත් කළේ නම් ඊට ලැබෙන පිළිතුරු බොරුවෙන් හා වංචනික බවින් පිරී යනු ඇත. මේ ලියන මා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නැති නමුත් ඔවුන් කියන දේ හරියයි දේශපාලනයෙන් හොඳට තෙම්පරාදු වූ මගේ හදවත කියනවා. මෙතෙක් බිහිවූ පක්ෂ එක්කෝ ප්‍රධාන පක්ෂයකින් (අරමුණු ඉටු නොවීම නිසා) කැඩී යාමෙන් බිහිවූ එකක් නැත්නම් මව් පක්ෂයේ අනන්‍යය තාවයෙන් පුර්ණ වශයෙන් වෙන්වීමට බැරිවීම නිසා ක්ෂය වී ගිය කණ්ඩායම්. මේ තත්වය යටතේ ජ.වී.පෙටත් පුර්ණ වශයෙන් නිදහස් වෙන්න බැරි අවාසනාවන්ත මව් පාක්ෂික අනන්‍යතාවයක් ද තිබෙන වා. රෝහණ විජේවීර මහතා සහ පක්ෂ නායකයෝ සැමදෙනාම වාගේ ශ්‍රී.ලං. කොමියුනිස්ට් පක්ෂ මොස්කව් හා චීන පිලට සම්බන්ධ වූ අය. බංකොලොත් දේශපාලන න්‍යායන් කරපින්නා ගත් අවස්ථාවාදීන්ට වඩා විජේවීර මහතා ඇතුළු නායකයින් බොහෝ දෙනෙක් අවංක විප්ලවවාදීන් වීම අද දින ජ.වී.පෙ ට ධනාත්මක ඇගයුමක් එක්කලද, ශ්‍රී ලංකා දේශපාලන සන්දර්භය තුල ප්‍රතික්ෂේප වූ "දෑකති මිටි" සංකේත පැරැන්නන් ගෙන් උරුම වීම පක්ෂයට සුභවාදී දැක්මක් එකතු කරාවි කියා සිතන්න අපහසුයි. න්‍යායික වශයෙන් අදහස ශ්‍රේෂ්ට උනත් ප්‍රායෝගික වශයෙන් දහසක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඒ නිසාම ඔබලාට සිදුව ඇතිබව ප්‍රත්‍යක්ෂ කර ඇත්නම් ඒ අභියෝගය ජය ගැනීම ඔබලාටම බාරයි. (නදී)

:       0       0

සත්‍යයා Saturday, 15 February 2014 06:06 AM

සත්‍යය ඒ ලෙසින්ම ජනතාවට දෙන ලංකාදීප පුවත් පත දිනේවා! (නදී)

:       0       0

අමර Monday, 17 February 2014 12:44 PM

මේ රටට ඕන කරන හොඳ විනය ගරුක මිනිස්සු ටිකක් මේකේ ඉන්නවා කියල මම හිතනවා.(දිල්)

:       0       0

ඉසුරු Tuesday, 18 February 2014 12:05 PM

දැන් මේ නායකයාට නම් දවසින් සවස මිනිස්සුන්ගේ ආකර්ෂණය වැඩි වෙලා වගේ පේනවා. මමත් සන්දානෙට මෙච්චර කල් ඡන්දෙ දැම්මේ. ඒත් මට මේ පක්සේ නායකයාගේ පෞර්ෂයත් එක්ක රට හොද මාර්ගයට අරගෙන යයි කියලා හිතනවා. දවසින් දවස මිනිස්සු කතා වෙන්නේ ජේ.වී.පී පිබිදීම ගැන . මේ පක්ෂේ මිනිස්සු තමන්ගේ ජිවිතේ රට වෙනුවෙන් කැප කරන්නේ නියම සංවේදී මිනිස්සු කව්ද කියල දැන් පේනවා.(නදී)

:       0       0

ඩිලාන් Monday, 17 February 2014 01:48 PM

අනිවාර්යෙන්ම ජේ.වි.පී දර්ශනයක් අපේ රටට ගැලපෙනවා. අපේ රට කෘෂිකාර්මික ජීවනෝපාය පදනම් කරගෙන බිහිවෙච්ච ප්‍රෞඩ ඉතිහාසයක් තියන රටක්. ලෝකයම විස්මයට පත්කරවන වාරි තාක්ෂණයක් දක්ෂ ශිල්පීන් හිටපු රටක් ඒවගේම අදටත් අපේ රටේ දක්ෂ ශිල්පීන් දක්ෂ කාර්මිකයන් වෘර්තිය වේදීන් ඉන්නවා ඔවුන්ට ඉදිරියට එන්න අවසථාවක් අනුග්‍රහයක් නැහැ. සියල්ලම බලය මුදල් සමාජ තත්වය කියන පුම්බාගත් නම් වලින් වහගෙන තියෙන්නේ. එක එක බලවේග මගින් රටේ උගතුන් බුද්දිමතුන් වෘර්තිය වේදීන් දක්ෂ කාර්මිකයන් හට ඉදිරියට ඒමට අවස්ථාවක් දෙන්නේ නැහැ.(නදී)

:       0       0

සුනෙත් Thursday, 13 February 2014 10:16 PM

ජනතා විමුක්ති පෙරමුණ නව නායකත්වය සමග ධිර්ග ගමනක් යයි කියලා මම හිතනවා (දී)

:       0       0

කල්හාරි Sunday, 16 February 2014 05:59 PM

කව්රු කව්රුත් හිතන්නේ ඔහොම තමයි (දී)

:       0       0

සමීර Monday, 17 February 2014 05:49 PM

ඇත්ත ඇතිසැටියෙන් කියන, කිසිම වාචාල දේශපාලකයකුට බය නැති මම දැක්ක හොඳ මනුස්සයෙක්, හොඳ දේශපාලකයෙක්. (අ)

:       0       0

නන්දේස් Saturday, 15 February 2014 05:42 PM

අද රටට ඔබින නායකයෙක් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණටයි.(නදී)

:       0       0

ගුණරත්න Monday, 17 February 2014 07:25 PM

අපි ඔබ සමගයි (අ).

:       0       0

විනෝද් ජයරංගි Thursday, 27 February 2014 03:16 PM

මටත් හිතෙනවා මේ සැරේ ජ.වී.පෙ. ට ඡන්දෙ දෙන්න (අ)

:       0       0

ජනහිත Tuesday, 18 February 2014 11:01 PM

හැම දාම කලේ මෙයා ඔහොම කියවපු එක තමා (දී)

:       0       0

ශාන්ත Saturday, 15 February 2014 09:16 PM

ජයවේවා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5125 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 714 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1285 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 116 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 268 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site