මේ රටේ රාජ්‍ය ආයතන තුළ පවතින දූෂිත තත්ත්වය සහ පාඩු ලැබීම සම්බන්ධයෙන් විශාල හෙළිදරව්වක් කෝප් කමිටු සාමාජික රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා විසින් සිදුකර තිබිණි. ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වූයේ රාජ්‍ය ආයතන 420න් 32 ක් අධික දූෂිත සහ විශාල වශයෙන් පාඩු ලබන ආයතන වශයන් හඳුනාගෙන තිබෙන බවය. එසේම එම අදාළ ආයතන වසර දෙකකදී රුපියල් කෝටි 46,500 ක පාඩුවක් ලබා ඇති බව ද ඔහු සඳහන් කර තිබිණි.
පාඩුපිට පවත්වාගෙන යන ආයතන නඩත්තුව සඳහා ජනතාවගේ බදු මුදල් වාර්ෂිකව කෝටි ගණනින් පොම්ප කරනවා හැර වෙනත් යමක් කළ නොහැක. සමස්ත පාඩුවෙන් සියයට 40 කට වගකිව යුතු වන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගම බවත් අධික ලෙස පාඩු ලබන සෙසු රාජ්‍ය ආයතන වශයෙන් විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව සහ ලංකා සතොස හඳුනාගෙන ඇති බවත් සඳහන්ය. තවදුරටත් සඳහන් වන්නේ මේ සමහර ආයතන පවත්වා ගෙන යන්නේ සේවකයන් රැක බලාගැනීම සඳහා වීම කනගාටුදායකම කරුණ බවය.
රාජ්‍ය ආයතන පාඩු ලබනවා කියා ඒවා එකවර වසා දැමීම කළ නොහැක. එහෙත් එසේ අධිකව පාඩු ලබන ආයතන තවදුරටත් රටේ ආර්ථිකයට බරක් නොවන ආකාරයට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැනීමට බැරිකමක් නැත. ආණ්ඩුවක් සහ කැබිනට් මණ්ඩලයක් සිටින්නේ ඒ සඳහාය. ඒ ඒ ආයතන භාරව කටයුතු කරන අමාත්‍යවරයා නිවැරදි දැක්මකින් අවංකව දූෂණයෙන් තොරව තමන්ගේ සේවය ඉටුකරන්නේ නම් පාඩු ලබන ආයතන සම්පූර්ණයෙන් ගොඩදැමීම කෙසේ වෙතත් අවම වශයෙන් පාඩුව හැකිතරම් අඩුකිරීමට වැඩපිළිවෙළක් සැකසිය හැක.
එහෙත් ඒ වෙනුවට කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින්නේ රටේ අවශ්‍යතා පිළිබඳ නොසලකා තමන්ගේත් තම ගජමිතුරන්ගේත් සාක්කු පිරෙන මෙලෝ වැඩකට නැති ව්‍යාපෘති හඳුන්වා දීමට ඇතැම් ඇමැතිවරුන් සහ ඒ ආයතන භාරව කටයුතු කරන නිලධාරීන් කටයුතු කිරීමය. එවන් ව්‍යාපෘති හරහා සිදුවන්නේ කෝටි ගණනින් මුදල් නාස්ති වීම පමණි.
ආණ්ඩු වෙනස් වූ පමණින් ද පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර පොදු ජනතාවගේ කර මතින් ඉවතට යන්නේ නැත. කෝප් කමිටුවද සිදුකරන්නේ මේ දූෂණ සහ වංචා පිළිබඳ රටට හෙළිදරව් කිරීමත් අදාළ නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කිරීමත් පමණි. ඒ පිළිබඳ වාර්තා සකස් කර මාධ්‍ය හරහා අනාවරණය කළත් පාඩු ලබන රාජ්‍ය ආයතන වල කටයුතු නිවැරදි කෙරෙන්නේ නැත.
පාඩු ලබන රාජ්‍ය ආයතන මගින් පසුගිය වසර 03 තුළදී මකර කටට යවා ඇති රුපියල් කෝටි 46,500 ක මුදල් තුනට බෙදුවොත් පෙනී යන්නේ ආසන්නව රුපියල් කෝටි 15,500 ක් එක වර්ෂයකදී පාඩු ලබා තිබෙන බවය. හරියට බැලුවොත් වැඩිකළ විදුලි බිලෙන් සෑහෙන ප්‍රතිශතයක් අඩුකර ගැනීමට තරම් වන මුදලකි. විදුලිබල මණ්ඩලයත් අධික පාඩු ලබන තත්ත්වයක් තුළ මෙය පහසුවෙන් විසඳිය හැකි ගැටලුවක් නොවන බව පැහැදිලි කර ගැනීම අසීරු නැත. එහෙත් ලොකුම ගැටලුව මේ ආයතන තිස් දෙකේ බර තව කොතරම් දුරකට රටේ ආර්ථිකයට දරාගත හැකිවනු ඇති ද යන්නයි.
රටක සියලු ව්‍යවසාය පෞද්ගලික ආයතන මගින් පාලනය විය යුතු නැත. එහෙම කරන රටවල් නොමැති තරම්ය. එසේම දැරිය හැකි තරමට වඩා ව්‍යවසාය රජය මගින් පාලනය කිරීමට යාම ද නොකළ යුතුය. රාජ්‍ය ආයතන නම ඇසූ පමණින් සිහියට නැගෙන්නේ වංචාව, දූෂණය සහ අකර්යක්ෂමතාවයි.
ඇතැම් ආයතන එසේ නොවුව ද කෝප් කමිටු වාර්තා අනුව පෙනී යන්නේ අධික පාඩු ලබන රාජ්‍ය ආයතන බොහොමයක් අන්ත දූෂිත වශයෙන් හඳුනාගෙන තිබෙන බවය. එම දූෂණ නැති කිරීමකින් තොරව එම ආයතන ගොඩදැමිය නොහැකි බව එහි අනෙක් අර්ථයයි. සෑම පාඩු ලබන ආයතනයක්ම පෞද්ගලීකරණය කිරීම ගැටලුවට විසඳුමක් නොවුණද රජයේ භුක්තිය ලිහිල් කෙරෙන තුරු එම ආයතන අධිකව ලබන පාඩු නැති කර දැමීම ද කළ නොහැක.
තත්ත්වය එසේ වුවද පාඩු ලබන රාජ්‍ය ආයතන වල සියලු බර රටේ බදු ගෙවන ජනතාවගේ කර මත එල්ලන සෙල්ලමට දැන්වත් තිත තැබිය යුතුය. ඒ සඳහා අනුගමනය කරන යාන්ත්‍රණය කුමක්ද යන්න ආණ්ඩුව තීරණය කළ යුතුය. එහෙත් ඒ තීරණ දූෂිත සහ වංචනික පුද්ගලයන් විසින් ගන්නවා නම් එය අධික පාඩු ලබන රාජ්‍ය ආයතන වලට චරිත සහතික ලබා දීමක් පමණි.
(***)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දූෂිත - අධික පාඩු ලබන රාජ්‍ය ආයතන කුමටද?
sisil Thursday, 09 March 2023 05:43 PM
දූෂිත පාඩු ලබන ආයතන සජිත්ගේ රජයක් යටතේ ලාබ ලබන ආයතන බවට පත්කරනවා