ලංකාවේ අගවිනිසුරුවරයකු එම තනතුරෙන් ඉවත් කළ හැක්කේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තියට අනුකූලවය. ඒ යම්කිසි විනිශ්චයකාරවරයකු ඉවත් කිරීම සඳහා ඔප්පු වී ඇති විෂම පැවැත්ම හෝ අබලතාවය හෝ පදනම් කොට ගෙන (නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව) පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් බහුතර සංඛ්‍යාවක් විසින් සම්මත කරන ලද පාර්ලිමේන්තුවේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු ජනාධිපතිවරයා විසින් කරන ලද නියමකට අනුවය. ලංකාවේ මුලින්ම අගවිනිසුරුවරයකුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූයේ 1984 දීය. හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා 1984 මාර්තු මස කොල්ලුපිටියේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී කළ කතාවක් පදනම් කරගනිමි ලංකාවේ අගවිනිසුරුවරයකුට එරෙහි ප්‍රථම දෝශාභියෝගය පාර්ලිමේන්තුවට ගෙන ආවේය. එම යෝජනාව ඉදිරිපත් කළ කමිටුවේ සාමාජිකයන් හත් දෙනා අතර වත්මන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද විය. ආර්. ප්‍රේමදාස (සභාපති) , නිශ්ශංක විජේරත්න, ඇම්.එල්.එච්. අබුසාලි, වසන්ත උදයරත්න, ආර්. පද්මනාදන්, දොස්තර එස්.වයි.එස්.බී. හේරත් සෙසු සාමාජිකයෝ වූහ. එම දෝෂාභියෝග කටයුතු ඉදිරියට යන අතරතුර නෙවිල් සමරනෝන් මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගියේය. මහත් ආන්දෝලනයකට තුඩු දුන් අගවිනිසරුවරයකුට එරෙහි දෙවැනි දෝෂාභියෝගය ගෙන ආවේ සරත් එන් සිල්වා මහතාට එරෙහිවය. විෂම පැවැත්ම හා අබලතාවය පිළිබඳ චෝදනා ඉදිරිපත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන සමයේ එක්සත් ජාකිප පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් විසින් එම චෝදනාව එවකට කතානායකව සිටි අනුර බණ්ඩාරනායක මහතාට භාර දෙනු ලැබීය. ඒ සමගම සරත් එන් සිල්වා මහතා එම දෝෂාභියෝගය පාර්ලිමේන්තු න්‍යායපත්‍රයට ඉදිරිපත් නොකරන ලෙද අධිකරණයට දන්වා වාරණ නියෝගයක් ලබා ගත් අතර, පාර්ලිමේන්තුවේ ඇති උත්තරීතර භාවය පවසමින් කතානායක වරයා එහ වාරණ නියෝගය ගණන් ගත්තේ නැත. හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් පාර්ලිමේන්තුව විසිරුවීමත් සමග එම දෝෂාභියෝගය ද ඉදිරියට ගියේ නැත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වගන්තිය. (ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිශ්චකාරවරයන් පත් කිරීම හා ඉවත් කිරීම) (1) අග්‍ර විනිශ්චයකාරවරයා ද අභියාචනාධිකරණයේ සභාපතිවරයා ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ වෙනත් සෑම විනිශ්චකාරවරයෙක් ද 41 ඇ ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන යටතේ වූ අධිකාර පත්‍රයක් මගින් පත්කරනු ලබන්නාහ. (2) ඉහත කී සෑම විනිශ්චයකාරවරයෙක්ම යථා පැවැත්මෙන් සිටිනා තාක් ධුරය දරන්නේය. ඒ යම්කිසි විනිශ්චයකාරවරයකු ඉවත් කිරීම සඳහා ඔප්පු වී ඇති විෂම පැවැත්ම හෝ අබලතාවය හෝ පදනම් කොට ගෙන (නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව) පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් බහුතර සංඛ්‍යාවක් විසින් සම්මත කරන ලද පාර්ලිමේන්තුවේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් කරන ලද නියමයකින් හැර විනිශ්චයකාරවරයකු බවත් කළ නොහැක්කේය. එසේ වුවද එවැනි යෝජනායක් ඉදිරිපත් කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ දැන්වීම පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් යටත් පිරිසෙයින් තුනෙන් එකක් විසින් අත්සන් තබා ඇත්නම් හා චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව පිළිබඳ සම්පූර්ණ විස්තර එහි දක්වා ඇත්නම් මිස කථානායකවරයා විසින් එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා වූ කිසිම යෝජනා සම්මතයක් භාර ගැනීම හෝ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම හෝ නොකළ යුත්තේ ය. (3) ඒ යෝජනා සම්මතය සම්මත කිරීමේ කාර්ය පටිපාටිය ද ඇතුළුව එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව වූ ද චෝදිත විෂම පැවැත්ම හෝ අබලතාව විමර්ශනය කිරීම සහ ඔප්පු කිරීම සම්බන්ධව වූ ද විනිශ්චයකාරවරයාට පෞද්ගලිකව හෝ නියෝජිතයකු මගින් හෝ පෙනී සිටීමට සහ කරුණු දක්වා සිටීමට ඇති අයිතිය සම්බන්ධව වූ ද සියලු කාරණා සඳහා පාර්ලිමේන්තුව විසින් නීති මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ විධිවිධාන සැලැස්විය යුත්තේය. (4) අග්‍ර විනිශ්චයකාරවරයා වශයෙන් හෝ අභියාචනාධිකරණයේ සභාපතිවරයා වශයෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ නැතහොත් අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයකු වශයෙන් හෝ පත් කරනු ලැබූ නැතහොත් ඒ ධුරයක වැඩ බැලීම සඳහා පත් කරනු ලැබූ සෑම තැනැත්තකු ම ජනාධිපතිවරයා ඉදිරියේ හතරවන උපලේඛනයේ දැක්වෙන පත්‍රඥාව හෝ දිවුරුම හෝ දී ඊට අත්සන් තබන තෙක් ධුරයේ කාර්යයන්හි නොයෙදිය යුත්තේ ය. (5) ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් විශ්‍රමගත යුතු බවස අවුරුදු හැටපහ වන අතර අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් විශ්‍රාම ගත යුතු වයස අවුරුදු හැට තුන වන්නේ ය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෝෂාභියෝග පුරාණය
සජිත් Tuesday, 06 November 2012 11:54 AM
අතීතයේ දේවල් වැඩක් නැහැ
දේවානන්ද Saturday, 10 November 2012 05:53 AM
ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ
අධිකාරි Wednesday, 07 November 2012 11:10 AM
කුම්බලා මාළු කෑවනම් විදවපන් බළලෝ (ස)
රූපා Tuesday, 20 November 2012 07:24 AM
අයියෝ සල්ලි
රත්නායක Tuesday, 20 November 2012 07:31 AM
අපිට මොකටද අනේ
සුජීව Sunday, 18 November 2012 12:54 PM
දැනටමත් නීතිය ගණන් ගන්නෙ නැතුව, නඩුතීන්දු පවා නොසළකා හරින යුගයක් අපි මේ පසුකරන්නෙ. එනිසා නීතියෙ ආධිපත්‍යය සුරැකීම මහජනතාව වන අපි වග බලගත යුතුයි. එය එසේනම් නීතිය රැකගැනීමට කටයුත් කරමු. (නි)
දොඩන්වෙල Monday, 12 November 2012 09:32 PM
පාර්ලිමේන්තුවට අපේ උපහාරය! (නි)
චුට්ටා Tuesday, 06 November 2012 10:48 AM
හා එහෙනම් මේ පාරත් පාරලිමේන්තුව විසුරුවා හරින තැනට වැඩ යෙදෙයිද මන්ත‍්‍රී තුමෝ....
අබේසුන්දර Wednesday, 07 November 2012 03:25 AM
මට නම් වැඩක් නැත