IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දහතුනට ප්‍රායෝගික අභියෝග

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මම එකඟ නොවෙමි. එය 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම පූර්ණ කොටසකි. නීතියකි. එම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේය. 1981 වර්ෂයේ පැවැත් වූ සංවර්ධන සභා ඡන්දවල දී ඇති වූ කලකෝලාහල සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ඒවායෙහි ප්‍රමාණවත් නියෝජනයක් නොලැබීම යන හේතු මත 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම ඇති කර ගන්නා ලද අතර එහි දිගුවක් ලෙස 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කරන ලදී. එහි දී ලංකාව පළාත් නවයකට වෙන් කරමින් මෙම පළාත් සභා ක්‍රමය ඇති කරන ලදී.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැඩි වශයෙන් සේවය කරන්නේ සිංහල බෞද්ධ ජනතාවටය යන සැකය දෙමළ ජනයා අතර ගොඩනැගී තිබිණි. වෙසෙසින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානයක් ලබාදෙන බවට සඳහන් විධිවිධානය එහිලා බලපෑවේය. මධ්‍යම ආණ්ඩුව සතු ඇතැම් බලතල පළාත් අතර බෙදා හැරීමට අමතරව නගර කේන්ද්‍රීය සංවර්ධනය ගමට ළඟා කරවීම පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමෙහි එක් අරමුණකි. එසේම පළාත් බද මහාධිකරණ ක්‍රමයකුත් එමගින් පිහිටුවන ලදී. සිංහල සහ දෙමළ භාෂා ජාතික භාෂා හැටියට පිළිගැනීමත් උතුරු නැගෙනහිර පළාත්වල පරිපාලන හා අධිකරණ භාෂාව වශයෙන් දෙමළ භාෂාව පිළිගැනීමත් වැදගත්ය. එම දෙපළාතෙහි බහුතරයක් ජනයා දෙමළ භාෂාව කතා කරන හෙයින් එහි වරදක් නැත.

මූලික අයිතිවාසිකම් අතර භාෂාමය අයිතිය ගැන ද සඳහන් වේ. මෙම ප්‍රතිපාදන ක්‍රමයෙන් ගොඩනගන අතරවාරයේ උතුරු සහ නැගෙනහිර පළාත් සභා ද පිහිටුවන ලදී. පළාත්වල සංවර්ධනයට අදාළ ප්‍රඥප්ති සකස් කිරීමේ බලය පළාත් සභාවලට හිමිය. තවද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි මධ්‍යම ආණ්ඩුව සතු බලතලත් පළාත් සභාවලට හිමි බලතලත් මධ්‍යම ආණ්ඩුවට සහ පළාත් සභාවලට පොදුවේ ක්‍රියාත්මක කළ හැකි සමගාමී බලතලත් ඇතුළත් වේ.

පළාත් සභා ක්‍රමය ආශ්‍රිතව විවාදයට බඳුන්ව තිබෙන කරුණු දෙකක් හඳුනාගත හැකිය. පළමුවැන්න, ඉඩම් සහ පොලිස් බලතල පූර්ණ වශයෙන් පළාත් සභාවලට ලබා නොදීම සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වයයි. දෙවැන්න, ස්වයං නීර්ණ අයිතිය සම්බන්ධ කාරණයයි. ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට ලබා දුන හොත් ඒවා නැවත මධ්‍යම ආණ්ඩුවට පවරා ගත හැකිද යන කාරණය මත එය විවාද සම්පන්න වී තිබේ.

මේ තත්ත්වය ලොව වෙනත් රටවල සන්ධීය ආණ්ඩුක්‍රම (මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත අතර බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බෙදන ලද ආණ්ඩුක්‍රම) සමග සාකච්ඡා කිරීම ප්‍රයෝජනවත්ය. කැනඩාවේ සන්ධීය ආණ්ඩුක්‍රමයක් ක්‍රියාත්මක වන අතර ප්‍රාන්ත ආණ්ඩුවලට පවරා දී ඇති බලය නැවත මධ්‍යම ආණ්ඩුවට පවරා ගත හැකිය. ඉන්දියාවේ ක්‍රියාත්මක අර්ධ සන්ධීය ආණ්ඩුක්‍රමය ඇතුළත ප්‍රාන්ත වෙන් වී යෑමට උත්සාහ දරන බවක් නොපෙනෙන හෙයින් එරටේ මධ්‍යම ආණ්ඩුව ප්‍රාන්තවලට බලතල ලබා දෙනවා මිස ප්‍රාන්තවල බලතල මධ්‍යම ආණ්ඩුවට පවරා ගන්නා තත්ත්වයක් දැකිය නොහැකිය. එහෙත් ලංකාවේ තත්ත්වය ඊට වෙනස්ය. එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක වූයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණෙනි.

පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීමෙන් පසු බලයට පත් කිසිදු ආණ්ඩුවක් ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට ලබා දී නොමැත. 2009 දී යුද්ධය අවසන් වීමෙන් පසු පළාත් සභා යළිත් සක්‍රීය තත්ත්වයට පත් විය. උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සභාව යොදා ගනිමින් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කරනවා වෙනුවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලට සහභාගී වෙමින් යුද්ධයේ දී ශ්‍රී ලංකා හමුදා දෙමළ ජනයා සමූල ඝාතනයට කළ බවටත් පළාත් සභාවලට මධ්‍යම ආණ්ඩුව බලතල ලබානොදෙන බවටත් චෝදනා ඉදිරිපත් කළේය.

පළාත් සභා මේ වන විට සුදු අලියකු බවට පත්ව ඇත. ඒවායෙහි ක්‍රියාකාරීත්වය අපේක්ෂිත අරමුණුවලින් බැහැර වූ ස්වභාවයක් පෙනෙන්නට තිබේ. පසුගිය 19 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාත් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටියි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ නීතියක් බැවින් එය ක්‍රියාත්මක කළ යුතුය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එවක දී ඉන්දීය රජයේ නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයටත් එපිටට ගොස් බලය බෙදා හරින බවය. යුද්ධයෙන් පසු දෙමළ ජනයාගේ ප්‍රශ්නය මනාව තේරුම් ගෙන උතුරු නැගෙනහිර පළාත් සඳහා ඔවුන්ගේම පොලිස් සේවාවක් සහ ඉඩම් බලතල ලබා දී මේ ප්‍රශ්නයට ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව තිබූ බව මගේ මතයයි. ජාතීන් දෙක අතර තිබෙන සැකය ජනවාර්ගික අර්බුදය විසඳීමට බාධාවක් වී ඇති බව පෙනේ.

මධ්‍යම ආණ්ඩුව කල්පනා කරන බව පෙනෙන්නේ උතුරු නැගෙනහිර පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල ලබා දුන් පසු එම ප්‍රදේශවල යළි වෙන්වීම්වාදී ව්‍යාපාර ඇති වී රටේ ඒකීය භාවය තර්ජනයට ලක් විය හැකි බවය. එම පරිකල්පනය නිසා මෙම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාවට නැංවීම දුෂ්කර වී තිබේ. එහිදී අප කල්පනා කළ යුත්තේ සෙසු පළාත්වලත් මෙවැනි තත්ත්වයක් ඇති විය හැකිද යන්නය. මන්ද, පළාත් සභාවලට ඉඩම් හා පොලිස් බලතල ලබා දෙන්නේ නම් ලංකාවේ අනෙක් පළාත් සභාවලට ද ලබා දිය යුතු බැවිනි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි සඳහන් ඇතැම් බලතල මේ වන විටත් පළාත් සභා විසින් ක්‍රියාත්මක කරනු ලබයි. සෞඛ්‍ය විෂය යටතේ පළාත් රෝහල් පාලනය වේ. එසේම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියත් ක්‍රියාත්මක වේ. එහෙත් මෙතෙක් ඉඩම් පොලිස් බලතල ක්‍රියාත්මක ලබා දී නොමැත. ඉඩම් බලතල පිළිබඳ වැඩිමනත් සාකච්ඡා කිරීම වැදගත්ය. උතුරු පළාතේ පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් තේසවලාමේ නීතිය පවතී.

රජයේ ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට රාජ්‍ය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක වේ. යුද්ධය පැවති කාලයේ දී පෞද්ගලික ඉඩම් රජයට පවර ගන්නා ලද අතර ඒවා නැවත හිමිකරුවන්ට ලබා දිය යුතුය.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එපිටට ගොස් බලය බෙදන බවට ලබා දෙන ප්‍රතිඥා හුදු දේශපාලන පොරොන්දුවක්ද යන්න සිතා ගැනීම අසීරුය. මන්ද, කිසිදු අවස්ථාවක එම ප්‍රතිඥා ක්‍රියාත්මක නොකළ නිසාය. බොහෝවිට ඒවා ලබා දී තිබෙන්නේ ඉන්දියාව සතුටු කිරීමටය.

මෙහිදී අප අමතක නොකළ යුතු වැදගත් කාරණයක් තිබේ. එනම්, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලනය සෘජුවම උතුරු පළාතට බලපාන බවය. ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ යැයි විශ්වාස කළ හැකි දේශපාලන පක්ෂයක් ද මේ වන විට උතුරු පළාතේ ක්‍රියාත්මක වේ. ඉදිරි මැතිවරණවලදී එම පක්ෂය තරග කිරීමට ද ඉඩ ඇත. ජාතීන් අතර සුහදත්වය ගොඩනැගීම ඉතා වැදගත්ය. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ (එල්.එල්.ආර්.සී.) අවසන් වාර්තාවෙන් ඒ සඳහා යෝජනා නවයක් ඉදිරිපත් කර තිබේ. එහෙත් දකුණේ ක්‍රියාත්මක ඇතැම් ජාතිකවාදී දේශපාලන පක්ෂ හා ව්‍යාපාර කල්පනා කරන්නේ බලය බෙදුව හොත් උතුරු නැගෙනහිර ජනයා වෙනම රාජ්‍යයකට ගමන් කරනු ඇති බවය.

මෙම ප්‍රශ්නය දැන් විසඳිය යුතුය. එහිදී ජනාධිපතිවරයා කළ යුත්තේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මකභාවයට පත් කිරීමය. එසේ කළහොත් උතුරු නැගෙනහිර පළාත්වලට පොලිස් බලතල ලබා දීමට සිදු වේ. නියෝජ්‍ය නීතිපතිවරයකු අලුතින් පත් වන අතර පළාත්වලට නියෝජ්‍ය පොලිස්පතිවරු ද පත් වෙති. 13 වැනි සංශෝධන මුළුමනින්ම ක්‍රියාත්මක කළ හොත් එම බලතල සෙසු පළාත් සභාවලට ද ලැබිය යුතුය.

භාෂාව, අන්‍යෝන්‍ය සුහදතාව, ප්‍රතිසන්ධානය ගොඩනැගීම පිළිබඳ නිතර සාකච්ඡා වුවද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. එබැවින් ඒ සඳහා කඩිනමින් පියවර ගත යුතුය. දකුණේ ජනයා වුව යුද්ධයෙන් මිය ගිය සිය ඥාතීන් සමරන බැවින් එම අයිතිය උතුරේ ජනතාවට ද ලබා දිය යුතුය. සත්‍ය තොරතුරු හෙළි කිරීමේ සහ පාපොච්චාරණය කිරීමේ කොමිසමක් ද පත් කළ යුතුය. මේ ප්‍රශ්නය විසඳා ගැනීමේදී දෙමළ ජනතාවට වෙන් වීමට ඉඩ නොදී ඔවුන් සමග එකතුව කටයුතු කිරීම වැදගත්ය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළද පවතින දේශපාලන සන්දර්භය ඇතුළත එය පහසුවෙන් කළ හැකිද යන ප්‍රශ්නය මතු වේ. ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයේ ඡන්දයෙන් තේරී පත් වූ නිසාත් ඔහුගේ පක්ෂය නියෝජනය කරමින් එක් මන්ත්‍රීවරයකු පමණක් පාර්ලිමේන්තුව නියෝජනය කරන නිසාත් එය පහසු කටයුත්තක් නොවේ. එහෙත් ඔහු මනා කළමනාකරුවෙකි.

ප්‍රශ්න හොඳින් කළමනාකරණය කර ගනිමින් අන් අය තමාගේ මතය වෙනුවෙන් නම්මවා ගැනීමේ හැකියාවක් ඔහු සතුය. එහෙත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය සිතන්නේ මීළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීම ගැනය. ඒ වෙනුවෙන් රටේ නැති ප්‍රශ්න ඇති කිරීමටද පිළිවන. පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතිකවාදී කණ්ඩායම්වල සහාය 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාවට නැගීම සඳහා ලැබෙන්නේ ද යන්න අවිනිශ්චිතය.

මෙම සංශෝධනය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාට සැබෑ වුවමනාවක් තිබුණද මේ ඒ සඳහා අවස්ථාව නොවන බව මගේ වැටහීමයි. විශේෂයෙන්ම මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සමහර පාර්ශව විසින් සමාජය බියවැද්දවීම පිණිස යොදා ගනු ලැබීමට ඉඩ තිබේ. අවසාන වශයෙන් කිව යුත්තේ කෙමෙන් හෝ මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවය. එසේම එය මැතිවරණ පොරොන්දුවක් නොවිය යුතුය.


ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ  හිටපු කොමසාරිස් නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා

සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ



අදහස් (5)

දහතුනට ප්‍රායෝගික අභියෝග

thushan Monday, 23 January 2023 04:50 PM

මහින්දයගෙ හොර සල්ලි වල්ට යට වෙච්ච එකෙක්...

:       1       6

AB Monday, 23 January 2023 05:44 PM

කැනඩාවේ සන්ධීය ආණ්ඩුක්‍රමයක් ක්‍රියාත්මක වන අතර ප්‍රාන්ත ආණ්ඩුවලට පවරා දී ඇති බලය නැවත මධ්‍යම ආණ්ඩුවට පවරා ගත හැකිය. ශ්‍රී ලංකාව යනු කුඩා රටකි. ප්‍රදේශය සබාවේ සිට පළාත් සබා සහ පාර්ලිමේන්තුව දක්වා රටේ පුරවැසියන් නියෝජනය කරමින් දේශපාලකයන් සිටි. කොපමණ දේශපාලකයන් සිටියද මේවනවිට ශ්‍රී ලංකාව දේශීය වසයෙන් සහ ගෝලීය වසයෙන් බංකොලොත් වූ රට වසයෙන් හදුනා ගෙන තිබේ.

:       0       4

AB Monday, 23 January 2023 05:47 PM

මෙම සිවිල් civil authority / civil administration පළාත් 9ය නියෝජනය වන්වූ ආකාරයට මද්‍යම රජය යටතේ කැබිනට් ඇමතිවරු 9ක් පත් කර මෙම සිවිල් පාලනය ඔවුන්ගේ අදීක්ෂණය යටතේ පවත්වාගෙන යාමටද හැකියාව පවතී. දේශපාලකයන් වෙනුවෙන් වැයවන්නාවූ අති විශාල මුදලක් ඉතිරි කර එම මුදල් අදායපනයට සහ සෞඛ්‍ය හෝ වෙනත් අත්‍යවශ්‍ය සේවයට යොදවා ගත හැකිය. ලංකාවට අවශ්‍ය වන්නේ සියලු ශ්‍රී ලාංකිකයන් පිළිගන්න සියලු පුරවැසියන් සදහා එක සමානව අවස්ථවන් තිබිය යුතු එක වියවස්තාවකි.

:       0       2

කෝරලගේ Saturday, 28 January 2023 07:40 AM

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කතාකරන වේලාවක්ද මේක...? නාකි දේශපාලුවන් සෙට් එකම රට නැතිභංග කරලා හොරා කාලා අද ලංකාව ලෝකෙන්ම හිඟාකන අති බංකොළොත් රටක් කළා. මිනිස්සු කනවා නෙමෙයි පොළවේ පස් කනවා... ජීවිතේ ගැටගහ ගන්න. මේ ජනාධිපති කරන්නේ එයාගේ කපටි න්‍යායෙන් රටට බොරු බේගල් අටවලා අනික් දේශපාලන පක්ෂත් රවට්ටලා එයාගේ පැවැත්ම තියාගන්න. මේ කරන භයානක කපටිකමෙන් වෙන්නේ රට තවතවත් ලෝකෙට ණය කරලා උගත්තු ඔක්කෝම රට හැරලා ගිහිල්ලා අලුත් නායකයෙකුට රට කරන්න තියෙන මහඟු අවස්ථාව මගහැරී යනවා. මේ හිටපු පල් හොරුම දැන් යමරෙට යහතින් ආපහු රට කනවා. මුළු රටේම මිනිස්සු පාරට බැහැලා ඉල්ලුවේ මේකද?

:       0       1

swene Sunday, 29 January 2023 05:30 PM

මෙයත් හොරුන්ට කඩේ යන කෙනෙක් නිසා කියන දේවල් තුලනාත්මක බව නැතිවිය හැකියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1291 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 7860 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 460 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 851 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 869 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 458 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site