IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


දහතුනේම එල්ලිය යුතුද?

තත්ත්වය යහපත් වූ විට පළාත් සභා ඡන්දය පවත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නොබෝදා පැවසුවේය. පළාත් සභා අහෝසිිි කර දමන ස්ථාවරයේ අමාත්‍ය සරත් වීරසේකර සිටින්නේය. පළාත් සභා පත්කර නොමැති තත්ත්වය තුළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයද අහෝසි වී යන්නේය යන මතය තානාපති නලින් ද සිල්වා පළකර ඇත.

එකිනෙකට වෙනස් ස්ථාවර තුනක් මෙහි ඇත.

නෛතික වශයෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට හානි වී නොමැති බව අගමැතිවරයාගේ විශ්වාසයයි.

සංකල්පීය වශයෙන් 13 වැනි සංශෝධනය ජීවමාන බවත් එය මරා දැමිය යුතු බවත් අමාත්‍ය වීරසේකරගේ විශ්වාසයයි.
එය දැනටමත් මියගොස් ඇති නිසා ගණන් නොගත යුතු බව තානාපති නලින් ද සිල්වා සිතයි.

අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව සාගර කාරියවසම් මන්ත්‍රීවරයා, “13 වැනි සංශෝධනය යනු ව්‍යවස්ථාවේ කොටසකි. එනිසා මැතිවරණය පැවැත්විය යුතුව තිබේ. පළාත් සභා අනියම් ලෙස ආණ්ඩුකාරවරු හෝ නිලධාරීන් යටතේ පැවතිය නොහැකිය” කීමෙන් එහි මධ්‍යස්ථ මතයක් පවතින බව පෙනීයයි.

13 වැනි සංශෝධනය සහ බලය බෙදීමේ සාර්ථකත්වය
මෙම පසුබිම තිබියදී මගේ ගෞරවණීය ගුරුවරයාණන් වූ මහාචාර්ය ජෙරල්ඩ් පීරිස් ලියූ ලිපියක් මම කියවූයෙමි. පළාත් සභා අහෝසි කළ යුතු බව කියා සිටින ඔහු ඒ වෙනුවට වෙනත් ව්‍යවස්ථාමය උපක්‍රමයක් යොදාගත යුතු බව කියයි. ඒ හරහා

a) බලය විමධ්‍යගත කිරීම නිර්ව්‍යාජ ලෙස කිරීමත්
b) ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය හා භෞමික අඛණ්ඩතාවය ව්‍යවස්ථාමය ලෙස ආරක්ෂා කිරීම කළ යුතු බවත් කියා සිටී. ඔහු ඕලන්ද යුගය හා බ්‍රිතාන්‍ය යුගය කරා යමින් පළාත් පරිණාමය වූ ආකාරය පිළිබඳ ඓතිහාසික විවරණයක් කරයි. පළාත් සම්බන්ධයෙන් මහාචාර්ය මද්දුම බණ්ඩාර ඉදිරිපත් කළ විවරණය වැනි වෙනත් විග්‍රහයක් ද ඇත.

කිසිදු ආණ්ඩුවක් 13 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක නොකළ නමුදු ප්‍රධාන දේශපාලක හා දේශපාලන පක්ෂ, 13 සංශෝධනයට විරුද්ධ වෙමින් හෝ නිහඬව සිටිමින් දෙගිඩියාවෙන් පසුවූහ. 1997 සහ 2000 වර්ෂවල ප්‍රාදේශීය සභා පිහිටුවමින් බලය විමධ්‍යගත කිරීම ශක්තිමත් කිරීමටද උත්සාහ ගැනිණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ 13 වැනි සංශෝධනය අන්තර්ජාතික වශයෙන් 2009 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී වලංගු කරනු ලැබුවේය. එයටම යහපාලන රජයෙන් 2015 එ.ජා. මානව හිමිකම් යෝජනාවලදී නැවත අනුග්‍රාහකත්වය ලැබුණේය. එම නිසා අගමැති මහින්ද රාජපක්ෂ හෝ යහපාලන නායකයන් 13 වැනි සංශෝධනය අහෝසි කරන ලෙස සචේතනිකව ඉල්ලා සිටීවි යයි මම නොසිතමි.

මෙම වර්ධනයත් මහාචාර්ය පිරීස් විසින් සාකච්ඡාවට ලක් කර නොමැති අතර මම ඒවා වැදගත් යැයි සලකන්නේ අන්තර්ජාතික රාජතාන්ත්‍රික කරුණුවලටත්, සියලු පක්ෂවල සම්මන්ත්‍රණ නිර්දේශවලට හා අනෙකුත් ප්‍රබල කාරණාවලටත් ඒවා බැඳී ඇති බැවිනි.

කෙසේ වුවද සංකල්පීය වශයෙන් විමධ්‍යගත කිරීම ඇණහිට තිබේ. එයින් දේශපාලන සක්‍රිය භාවයක්ද එක්කර ඇත. ද්‍රවිඩ දේශපාලන පක්ෂ, ඉන්දියාව, ජාත්‍යන්තර පුද්ගලයන් සහ ඩයස්පෝරා කණ්ඩායම් ප්‍රධාන දේශපාලන නායකයෝ (එකල දේශපාලනයට පිවිස නොසිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හැර) මෙම තත්ත්වය නිර්මාණය කරන්නට ප්‍රබල ලෙස දායක වූහ. කෙසේ වුවද ඉදිරි අවශ්‍යතා උදෙසා ගෝඨාභය රාජපක්ෂ දරන ස්ථාවරය අගය කළ යුතුය.

සාධනීය බලපෑම් කරන එක් සාධකයක් නම් ඉන්දියාවයි. එකින් එක පැමිණි සෑම ආණ්ඩුවක් යටතේම අප බලය විමධ්‍යගත කරන ආකාරය ගැන ඉන්දියාව උනන්දු වූයේය. මෙය අගමැති රජීව් ගාන්ධි පටන් මන්මෝහන් සිං සහ දැන් නරේන්ද්‍ර මෝදිගේ ප්‍රතිපත්ති දක්වා පැහැදිලි විය. තමා දරන ස්ථාවරය නර්නේද්‍ර මෝදි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා අගමැති මහින්ද රාජපක්ෂට පැහැදිලිව දක්වා ඇත.

මෙම මැදිහත්වීම් ගැන ඇතැම් විට අපගේ නායකයන්ට අමතක වූවා සේය. මෙවැනි මැදිහත්වීම් ගැන ඔවුන් යමක් කියනු අපට නෑසෙන තරම්ය. පළමුවර පාර්ලිමේන්තුවට තේරී පත්ව ආ 13 වැනි සංශෝධනය කටුගා දැමීමේ යෝජනාවට සහාය දුන් අලුත් පරම්පරාවේ අය එක්කෝ මෙම අතීතය නොදනිති. නැතහොත් ඔවුහු පවතින තත්ත්වයට අනුගත වන්නෝ වෙති.

විමධ්‍යගත කිරීම් වැඩි කිරීමට සහාය දුන් ඉහත කී නායකයෝ ඊට එරෙහිව සතුරු ආකල්පයකින් රහසේ වින කටින චේතනාවෙන් එය නොකළහ. ඊට හොඳම උදාහරණයක් නම් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ බලය මාරු කිරීමේ පනතයි. එයින් දිස්ත්‍රික් පරිපාලනයට බාධා පැමිණු අතර ප්‍රාදේශික ඍජුව මධ්‍යම පාලනය යටතට ගැනුණි. එසේ කරනු ලැබුවේ පළාත් සභාවල බලතල අනුවයි. ඒ ආකාරයට ග්‍රාම නිලධාරී වැනි ගම් මට්ටමේ කටයුතු ද ජනාධිපති ඩී. බී.විජේතුංග යටතේ පැවැති ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට පැවරිණි.

විමධ්‍යගත කිරීම නැවත බලගැන්වීම
විමධ්‍යගත කිරීම් නැංවීමට දරන ලද වැදගත් උත්සාහයකි 1997 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් ඉදිරිපත් කළ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ යේජනා. එහිදී එවකට අමාත්‍යවරුන්ව සිටි මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා,  ජී. එල්. පීරිස් හා සුසිල් ප්‍රේම්ජයන්ත් යන අය ඊට සහයෝගය දුන්හ. එහෙත් අද ඔවුහු ඒ ගැන කතා නොකරති.

විමධ්‍යගත කිරීම් ශක්තිමත් කිරීමට දැරූ දෙවැනි උත්සාහය, 2000 අගෝස්තුවේදී ශ්‍රී ලාංකීය ව්‍යවස්ථාව සංශෝධනය පිණිස ගෙන ආ නීති කෙටුම්පතයි. එකී සංශෝධන යෝජනාවලට ඉහත නම් සඳහන් කළ බලයේ සිටි අය සහාය දැක්වූහ. ඒ ගැන ද ඔවුන් අද නිහඬය.

හිටපු ප්‍රධාන අමාත්‍ය දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත්, චාමර සම්පත්, ෂාන් විජයලාල් ද සිල්වා, සී.වී. විග්නේෂ්වරන්, නසීර් අහමඩ් හා හිටපු පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොල විමධ්‍යගත කිරීම් ශක්තිමත් කිරීමට සහාය දෙන බවක් නම් මම නොදනිමි.

චන්ද්‍රිකා කුමාරතුංග බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරියව සිටි කාලයේ පොලිස් බලතල විමධ්‍යගත කරන ලෙස ප්‍රබල ඉල්ලීමක් කරමින් පළාත් සභා යෝජනාවක් අනුමත කළාය. ඊට සුසිල් ප්‍රේම්ජයන්ත්, ෆීලික්ස් පෙරේරා ආදීහු සහයෝගය දුන්හ. එහෙත් ඇය ජනාධිපති පදවියට පැමිණි පසු පොලිස් බලතල පළාත් සභාවලට ලබාදීම ගැන සැලකිලිමත් වූයේ නැත. මේ වනවිට එල්.ටී.ටී.ඊ. ගැටුම් නොමැති නිසා අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පළාත් සභාවලට පොලිස් බලතල ලබා දීමට දැන් එකඟ වී එය ඉල්ලා සිටීවි දැයි මම නොදනිමි.

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා රොමේෂ් ද සිල්වා කමිටුව පත් කිරීමට පෙර ව්‍යවස්ථා සංශෝධනය උදෙසා යෝජනා ඉදිරිපත් කරනු ලැබුවේය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කෙරෙනුයේ බලය බෙදාහැරීම හැර පළාත් සභා වෙත ලබා දීමය. 17 වැනි, 18 වැනි හා 19 වැනි සංශෝධන ගෙන ආවේ පාලනය උදෙසා මිස එහිදී 13 වැනි සංශෝධනය වෙනස් කරනු ලැබුවේ නැත.

බැරෑරුම් ලෙස බලය විමධ්‍යගත කිරීම යෝජනා වූයේ 1997 සහ 2000 වර්ෂවල ඉදිරිපත් වූ යෝජනාවලින් සහ (2015 පසු) මෙහෙයුම් කමිටු යෝජනාවලිනි. මෙහෙයුම් කමිටු යෝජනා උදෙසා විධිමත් එකඟතාවක් ඇති වූයේ නැත. යහපාලන ව්‍යාපෘතිය දැනට පවතින ක්‍රියාදාමයෙන් වෙනස් වූයේ ව්‍යවස්ථාපිත සභාවේ මෙහෙයුම් කමිටුවක් යහපාලන ව්‍යාපෘතියව තිබීම නිසාය. වර්තමානයේ සිදුවන ක්‍රියාදාමය පාර්ලිමේන්තු නියෝජනයකින් තොරව සිදුවන රජයේ ක්‍රියා පිළිවෙළකි. එය ව්‍යවස්ථාවක් සැකසීම උදෙසා ඇති නරකම ආකාරයයි. එසේ වන්නේ වර්තමාන ආණ්ඩුව සතුව  තුනෙන් දෙකක බහුතරයක් තිබීම විය හැකිය.

යහපාලන මෙහෙයුම් කමිටුවෙන් පත් කරන ලද උපකමිටු 6න් 4ක්ම විමධ්‍යගත කිරීමට අදාළ ඒවාය. ඇතැම් ඒවායේ මූලිකත්වය දරන ලද්දේ වර්තමාන රජයේ දේශපාලනඥයන් වූ අමාත්‍ය ප්‍රේම්ජයන්ත් (රාජ්‍යසේවා ප්‍රතිසංස්කරණ), බන්දුල ගුණවර්ධන (මුදල්) යන අමාත්‍යවරුන්ද සහ විපක්ෂයේ සාගල රත්නායක (මහජන ආරක්ෂාව) හා පා.ම. ඩී.  සිද්ධාර්ථන් (මධ්‍යම ප්‍රදේශ සබඳතා) යන අයයි. අනෙක් කමිටු දෙක වූයේ අධිකරණ කටයුතු සහ මූලික අයිතීන්ය. නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන වර්තමාන කමිටුව මෙම උප කමිටු වාර්තාවලින් තොරතුරු ගනිතැයි මම විශ්වාස කරමි.

1997 සහ 2000 වසරවල විමධ්‍යගත යෝජනා
1997 හා 2000 ව්‍යවස්ථා සංශෝධන යෝජනාවල මුද්‍රිත පිටපත් ඇත. ඉතා මෑතකදී මහාචාර්ය ජෙරී පීරිස් පළාත් පරිනාමණය වූ අයුරු පැහැදිලි කළේ ඔහු ඓතිහාසික ප්‍රගමණය කෙරේ අවධානය දක්වන නිසා විය යුතුය.

මෙම විමධ්‍යගත කිරීම පිළිබඳව උනන්දුවක් පවතින නිසා විමධ්‍යගත කිරීම ශක්තිමක් කිරීමට තෝරාගත් කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට මම කැමැත්තෙමි. එසේ කරනුයේ විමධ්‍යගත කිරීම් සැලකූ විට 1997 සහ 2000 යෝජනා විප්ලවකාරී ඒවා වීමයි. 1997 ලේඛනය අභ්‍යන්තරික එකක් වුවද 2000 යෝජනාවලට කේ.එන්. වොක්සි වැනි ප්‍රවීණයන්ගේ යෝජනා එක්වී තිබේ.

මගේ කනස්සල්ලට හේතුවී ඇත්තේ විමධ්‍යගත කිරීමේ විවිධ යෝජනාවලට සහයෝගය පළ කරන ලද රජයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් මේ වනවිට දැඩි නිහඬතාවක පසුවීමයි.

පළාත් සභා සීමා
පළාත් සීමා පිළිබඳ මඳක් විමසා බලමු. ඇතැම් චිචාරකයන් ස්වෛරීභාවය හා ජාතික ආරක්ෂාව යන කාරණා හේතුවෙන් වර්තමානයේ පවතින උතුරු හා නැගෙනහිර පළාත් සීමාවන්ට විරුද්ධය.

එහෙත් 1997 දී උතුරු හා නැගෙනහිර ජනතාවගේ ජනමත විචාරණ තීරණයකින් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට රජය යෝජනා කරනු ලැබුවේය. 2000දී ඉන්දියානුවන් කළ යෝජනාවක් අනුව ජනමත විචාරණයකින් පසුව උතුරු නැගෙනහිර පළාත නිර්මාණය කිරීමට ඔවුහු එකඟ වූහ. ඒ වනවිට ඊට එරෙහිව වීදි විරෝධතාද පැන නැගී තිබිණි.

ඔවුහු මුස්ලිම් ආධිපත්‍යයෙන් යුතු ගිනිකොණදිග ප්‍රාදේශීය කමිටුව පිහිටුවා අම්පාර මැතිවරණ කොට්ඨාසයේ සිංහල බහුතර ප්‍රදේශ ඌව ප්‍රාදේශීය කමිටුවට හේත්තු කර දමන්නට කැමැත්තෙන් පසු වූහ. ජනගහනය මෙම ප්‍රාදේශීය කමිටු දෙක අතර බෙදාහරින්නට මෙහිදී බලාපොරොත්තු විය. ඉතිරි සිංහල හා දෙමළ ප්‍රජාව අම්පාර දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් සියයට 40කට සමීප බව ඔවුහු දැන සිටියහ. එවිට එය නව ප්‍රාදේශීය කමිටුවේ බෙදුනු සුළුතරයක් බවට පත් වන්නට තිබිණි. එම ඉරණමම උතුරේ, ත්‍රිකුණාමල සිංහල ජනගහනයටද අත්වන්නට ඉඩ තිබුණි. අම්පාර – ඌවට එක්කළාක් මෙන් ඔවුනට උතුරුමැද ප්‍රාදේශීය කමිටුවට එක්වීමට වරම් නොතිබිණි. නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මම එවැනි සංවේදී කරුණු ගැන දැන උන්නෙමි.

උතුරු හා නැගෙනහිර සිංහල ජනතාවගේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටි දේශපාලනඥයන්ගේ කෙරුවාව එසේය. නැගෙනහිර මුස්ලිම් දේශපාලනඥයන් 20 වැනි සංශෝධනය වෙනුවෙන් දෙන ලද ඡන්දයේ හිලව්වට සැලකීමක් ලෙස ගිනිකොනදිග ප්‍රාදේශීය කමිටුවක් ඉල්ලා කෑමොර දෙතැයි අයකු සිතනු ඇත.

ආණ්ඩුකාරවරු
13 වැනි සංශෝධනය යටතේ ආණ්ඩුකාරවරුන් පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදිය. එහෙත් 1997 යෝජනා මගින් එම බලය තුනී කරන්නට උත්සාහ දැරුවේ එම බලය ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස් මත කළ යුතු බව යෝජනා කරමිනි. මෙම දේශපාලනඥයන් පළාත් පොලිස් කොමිසම පිහිටු වීමට එරෙහි වූයේ ප්‍රධාන අමාත්‍යවරයා ඊට මැදිහත් වෙතැයි යන ගැටලුව මතු කරමිනි. අභිමතය මත පත් කිරීම තවදුරටත් 2000 යෝජනාවලින් සීමා කරනු ලැබුවේ ඊට ප්‍රධාන ඇමැතිවරයාගේ එකඟතාව තිබිය යුතුය යන කොන්දේසියෙනි. එහිදී අගමැතිවරයාගේ උපදෙස් ලබා ව්‍යවස්ථා සභාවේ අනුමැතියද ගත යුතු විය. එම යෝජනාව ක්‍රියාත්මක වූයේ නම් වර්තමාන ජනාධිපතිවරයාගේ බලතලවලටද එය හරස් වනු නියතය.

1997 සහ 2000 යෝජනා වූ මෙම වෙනස්කම් සුළුතර පක්ෂවල දේශපාලකයන් ආකර්ෂණය කර ගන්නා යෝජනාය. 2000 යෝජනා ක්‍රියාත්මක කළේ නම් ආණ්ඩුකාර තනතුරුවලට නම් කරනු ලැබූවන් නිරීක්ෂණ උදෙසා පාර්ලිමේන්තු සභාවලට ඉදිරිපත් කොට ජනාධිපතිවරයාගේ තේරීම අනුව අනුමැතිය ගත යුතුවේ. 2000 යෝජනා අනුව ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමද 13 වැනි සංශෝධනය හා 1997 යෝජනා හා සමාන ආකාරයෙන් විය. ආණ්ඩුකාරවරයා විසින් ඉටුකළ යුතු රාජකාරීවල ස්වභාවය පරීක්ෂා කිරීම සඳහා තවත් කමිටුවක් පිහිටුවිය යුතු බව 2000 යෝජනාවල අඩංගු වූයේය.


(*** පරිවර්තනය - සමන් පුෂ්ප ලියනගේ)



අදහස් (1)

දහතුනේම එල්ලිය යුතුද?

Bamunuarachchi Wednesday, 20 January 2021 06:16 AM

ස්ථාවර කීයක් පැවතුණත් අවසානයේ විය යුත්තේ පළාත් සභා අහෝසි වීමයි. භික්ෂූන්ට විරුද්ධ වීමේ කොටස බාරදෙමු...

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 125 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 128 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 945 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 191 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 469 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1114 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2143 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site