දළදා වහන්සේ පෘතුගීසීන්ගෙන් ආරක්ෂා කර ගැනිම සදහා කුරුවිට දෙල්ගමුවේ කුරහන්ගලක වසර 43 ක් සඟවා තබා පලමු වරට සෙංකඩගල පුරවරයට (මහනුවරට) දළදා වහන්සේ ප්‍රථමයෙන් වැඩමවු මහනුවර ගෙඩිගේ රඡමහා විහාරය එදා පටන් අද දක්වා දළදා වහන්සේ අතර ගෙඩිගේ විහාරය හා එතිහාසික සබදියාවක් පවතින බව පොළොන්නරුව සොලොස්මස්ථාන රාඡමහා විහාරාධිපති අස්ගිරි පාර්ශවයේ අනුනායක ගෙඩිගේ රාජමහා විහාරාධිකාරී වේඪරුවේ උපාලි නායක නාහිමියෝ පැවැසුහ.
වර්ෂ 1312 සෙංකඩගල පුර අස්ගිරි මහා විහාරය ආරම්භ වුයේ මෙම ගෙඩිගේ විහාරයට ආසන්න භුමියක බව කියති.
ක්‍රි.ව.1347 – 1375 සමයේ ගම්පොළ රජකම් කළ තෙවන වික්‍රමබාහු රජු විසින් තම මැණියන් වු අස්ගිරි දේවිය හෙවත් චන්ද්‍රාවතී බිසව සිහිපත් කිරීම සදහා ක්‍රි.ව. 1364 දි මෙම විහාරය ඉදි කොට ඇත.
චන්ද්‍රාවති දේවියගේ භෂ්මාවශේෂ තැන්පත් කල ස්ථානය ආදාහන මලුව නමින් හැදින්වෙන අතර පසුව ගම්පොල විසු තෙවන වික්‍රමබාහු රඡු එම භුමියේ ගෙඩිගේ විහාර සම්ප්‍රදායට අනුව විහාරයක්ද,ශෛලමය සමාධි ප්‍රතිමාවක් හා සංඝාවසයක් ඉදි කර භික්ෂුන් වහන්සේලාට පූජා කලේය.
අතිතයේ මෙම විහාරයෙහි මඵ තුනක් පැවැති අතර මැද මඵවෙහි අස්ගිරි මහා විහාරයේ මහා තෙරුන් වහන්සේලාගේ ආදාහන කටයුතු කිරිමට සම්මතව තිබු අතර මෙහි ආදාහන කටයුතු සිදුවු බැවින් ආදාහන මළුව නමින් ද හැදින්වේ.
මහනුවර නගරය අභ්‍යන්තරයේ ඇති ගෙඩිගේ සම්ප්‍රදායට අයත් එකම විහාරය වන නිසාත් හෙළ රඡ දවස සිටම පැවත එන නිසාත් මෙය මහනුවර ගෙඩිගේ රාඡමහා විහාරය නමින් හඳුන්වනු ලැබේ.
ක්‍රි.ව.1552 පෘත්‍රගීසින්ගෙන් දළදා වහන්සේ රැකගනු සදහා කෝට්ටේ විසු හිරිපිටිය නිළමේ විසින් සීතාවක මායාදුන්නේ රඡුට දළදා වහන්සේ බාරකර කර පසු ආරක්ෂාව පිනිස දළදා වහන්සේ සබරගමුවේ දෙල්ගමුවට වැඩමවා එහි කුරහන් ගලක් සාදවා එහි සගවා තැබු බව ප්‍රකට කරුනකි.පසුව දළදා වහන්සේ මහනුවරට වැඩමවන තෙක් වසර 43 ක් පුරාවටම දෙල්ගමුවේ කුරහන් ගල තුල දළදා වහන්සේ ආරක්ෂිතව වැඩ සිටියහ.
පසුව දෙල්ගමුවේ සිට දළදා වහන්සේ සෙංකඩගලපුරවරයට වැඩමවුයේ අස්ගිරි මහා විහාරවාසි ඇල්ලේපොල මංගල හිමියන් ප්‍රධාන රාඡකීය ආරක්ෂක පිරිසක් විසින් වන අතර එසේ වැඩමවා ගෙනවිත් සෙංකඩගල පුරවරයේ ප්‍රථමයෙන්ම දළදා වහන්සේ වැඩ සිටියේ මෙම ගෙඩිගේ රාඡමහා විහාරයයේය.
පසුව මහනුවර ශ්‍රි දළදා මන්දිරය ගොඩනගා නිමාවනතෙක් දළදා වහන්සේ මෙහි වැඩ සිටින අතර මහනුවර දළදා පුද සිරිත් වල ආරම්භය සිදුවුයේද මෙම විහාරය මුල්කොටගෙනය.මෙසේ දළදා වහන්සේ මහනුවරට වැඩමවු මුල් දිනයේ පටන් අද දක්වාම ගෙඩිගේ විහාරය හා දළදා වහන්සේ අතර ඓතිහාසික සබදියාවක් පවතින බවත් නාහිමයෝ පැවැසුහ.
දළදා වහන්සේ ගෙඩිගේ විහාරයෙහි වැඩසිටි බව සිහිපත් කිරිම සදහා වර්තමානයේ ඇසළ මංගල්‍යයේ අවසන් දින පෙරහැර විදි සංචාරය කිරිමෙන් අනතුරුව පෙරහැර කරඩුව ගෙඩිගේ විහාරයට පෙරහරින් වඩවමවනු ලබයි.
පසුදින දහවල් දියකැපිමෙන් පසුව පෙරහැර කරඪුව නැවත මාළිගයට වැඩමවන තෙක් ගෙඩිගේ රාඡමහා විහාරයෙහි තැන්පත් කර පවතින අතර එහි වගකීම හා සහ භාරකාරත්වය අස්ගිරි මහාවිහාරයේ මහානායක මාහිමිපානන් වහන්සේ ප්‍රධාන අස්ගිරි විහාරවාසී භික්ෂුන් වහන්සේලාට පැවරේ.පවත්නා රඡය විසින් එහි ආරක්ෂාව සැලසිමට ප්‍රදාන පොලිස් නිලධාරින් ද යොදවනු ලැබේ.
පෙැරහැර කරඩුව ඇතු පිටින් වඩමවා ගෙඩිගේ විහාරයේ තැන්පත් කිරීමෙන් අනතුරුව දියවඩන නිළමේගේ නිර්දේශයෙන් එහි ආරක්ෂාව සදහා බස්නායක නිළමේ වරයෙක් පත්කරන අතර භික්ෂුන් වහන්සේලාගේ සහායට පල්ලේමාලේ රාළ පත් කරනු ලබයි.එසේම ශබුද පුඡා අඛන්ඩව සිදු කිරීම සදහා කවිකාර මඩුව ඇතුඵ හේවිසි වාදකයින් (පනික්කියන්) පත් කරනු ලබේ.
දළදා මාළිගාවේ සිදුකරන සියලු තේවාවිධි මාළිගවේ රාඡකාරි කරන පිරිස විසින්ම සිදු කරනු අතර මුඵතැන් පූඡාව දළදා මාළිගාවේ සිටම හේවිසි සහිතව රැගෙන එනු ලබයි.
දළදා මාලිගාවේ දළදා වහන්සේ උදෙසා පවත්වන පුද සිරිත් සියල්ල මෙහිදී දැකගත හැකි අතර දළදා මාළිගාව හැරුණුකොට එසේ පුද සිරිත් දළදා වහන්සේ සදහා ඉටු සිදුකරන එකම ස්ථානය අස්ගිරි- ගෙඩිගේ රඡමහා විහාරය විහාරයද වේ.
එසේම දළදා පෙරහැර ලක්දිව වෙනත් කිසිදු විහාරස්ථානයක් කරා ගමන් නොකරන අතර එකම ස්ථානය ද ගෙඩිගේ රඡමහා විහාරයයි.
මෙවන් වැදගත් කමකින් යුත් අස්ගිරි මහාවිහාරයිය ගෙඩිගේ රාඡමහා විහාරයට මෙදිනට පැමිනෙන බොහෝ ප්‍රදේශවාසි බෞද්ධ ඡනතාව දළදා වහන්සේ උදෙසා සිදුකරනු ලබන විවිධ පුද සත්කාර ඉටුකොට පින් රැස්කර ගැනීම අතීතයේ සිටම අඛන්ඩව සිදු කරති.
තොරතුරු අස්ගිරි මහා විහාර තරුණ භික්ෂු සංගමය මගිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දළඳා පුරාණයෙන් බිඳුවක්
පුබුදු Thursday, 18 August 2016 03:13 AM
ඉතාමත් වටිනා ලිපියක්. මෙවැනි ලිපි අපේ තරුණ පරම්පරාවට කියවන්න දෙන්න ඕනේ. (බ)
දයානි Wednesday, 17 August 2016 10:22 AM
වටිනා ලිපියක්. (ම)