මෑත දශක කිහිපය තුළ සංවර්ධනය වෙමින් පවත්නා රටවල්වල දරිද්‍රතාව අවම කිරීම සඳහා බහුල ලෙස යොදාගත් මෙවලමක් ලෙස ක්ෂුද්‍ර මූල්‍යකරණය හඳුනාගත හැකිය. අඩු ආදායම්ලාභීන් මූලික කරගනිමින් කුඩා ණය, ඉතිරිකිරීම්ල රක්ෂණ ක්‍රම හා මූල්‍ය නොවන සේවාවන් ලබා දෙමින් ඔවුන් ආර්ථික හා සමාජයීය වශයෙන් සවිබලගැන්වීම හා රටේ සංවර්ධන ක්‍රියාවලියට සහාය කරගැනීම එහි මූලික අරමුණ වෙයි.
මෙම සංකල්පය ක්‍රියාවට නැංවීම මගින් රටවල්වල අඩු ආදායම්ලාභීන් බහුතරයකට ධනාත්මක බලපෑම් අත්කර ගැනීමට හැකි වූවා මෙන්ම දරිද්‍රතා මට්ටම අඩු කිරීමට ද එය සමත්ව ඇති බවට සාධක ඇත. බංග්ලාදේශය, ඉන්දියාව හා වියට්නාමය වැනි රටවල් තුළ ක්‍රියාත්මක වූ ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන් මේ සඳහා නිදසුන් සපයයි.
ආසන්න දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ ද ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීම දරිද්‍රතාව පිටුදැකීමේ අරමුණෙන් යොදා ගනු ලැබූ ප්‍රධාන මෙවලමක් ලෙස හඳුනාගන්නා අතර, රාජ්‍ය අංශය හා රාජ්‍ය නොවන දෙස් විදෙස් ආයතන මේ තුළ නිරතව සිටීමත් විශේෂයකි. අඩු ආදායම්ලාභීන් සඳහා ණය මූලාශ්‍ර සීමා සහිත වීම හා මූල්‍ය ආයතන මගින් ණය ලබා ගැනීමේදී අවශ්‍ය කොන්දේසි සපුරා ගැනීමට නොහැකි වීමත් නිසා ඔවුන් අතර ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ජනප්‍රිය මූලාශ්‍රයක් බවට පත්වීමට වැඩි කලක් ගත නොවීය. ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගැනීමට බහුලව කාන්තාවන් යොමුව ඇති අතර, එහිදී ද ග්‍රාමීය අංශය තුළ මේ සඳහා වැඩි නැඹුරුවක් දක්නට ලැබේ.
බොහෝ රටවල ආර්ථිකය ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතු කරගෙන සුබවාදී ප්‍රතිඵල අත් කරගෙන සිටිය ද, ශ්‍රී ලංකාවට එමගින් යහපත් ප්‍රතිචාර අත්පත් කරගැනීමට හැකි වූවා ද යන්න මේ වන විට ප්‍රශ්නාර්තයක්ව ඇත. දරිද්‍රතාව අවම කිරීම වෙනුවට එය අඩු ආදායම්ලාභීන් ණය උගුලකට ඇද දැමීමටත්, විවිධ සමාජ හා ආර්ථික ගැටලු නිර්මාණය කිරීමටත් හේතු වී ඇති බව මෑත කාලීනව ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට එල්ල වන ප්‍රධාන චෝදනාව විය. ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතු කරගෙන අඩු ආදායම්ලාභීන් ලක්ෂ 28කට අධික ප්‍රමාණයක් අගතියට පත්ව ඇති බවත්, ණය ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් සතු භාණ්ඩ පැහැර ගැනීම, හිංසනයට පත් කිරීම මෙන්ම එමගින් ඇති වූ පීඩනය දරා ගැනීමට නොහැකිව සිය දිවි නසා ගැනීමට තැත් කිරීම වැනි පුවත් නිරන්තරයෙන් අසන්නට ලැබුණි. මෙම වාතාවරණය තුළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නිරීක්ෂණය හා අධීක්ෂණය සම්බන්ධයෙන් විවිධ යෝජනා රට තුළ සාකච්ඡා වන්නට වුව ද, එම ගැටලුවට නිවැරැදි විසඳුම් මෙතෙක් ලැබී නොමැත. ආර්ථිකයේ සියලු ක්ෂේත්‍රයන්ගේ ප්‍රතිසංස්කරණ පිළිබඳව අවධානය යොමු වන කාල වකවානුවක ක්ෂුද්‍ර මූල්‍ය අංශය තුළ සිදු විය යුතු වෙනස්කම් හඳුනා ගැනීම රට මුහුණපා ඇති තවත් ප්‍රශ්නයක් නිරාකරණය කරගැනීමට හේතු වනු නොඅනුමානය. මෙහිදී ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා ණය ගැනුම්කරුවන් යන දෙපාර්ශ්වය සඳහාම වෙන් වෙන් වශයෙන් මෙම ප්‍රතිසංස්කරණයන් සිදු විය යුතු අතර, එහිදී මූල්‍ය ආයතන අංශය තුළ සිදු විය යුතු වෙනස්කම් කිහිපයකි.
ආයතන නියාමනය හා අධීක්ෂණය
හුදෙක් මූල්‍ය වාසි අත්පත් කරගැනීමේ අරමුණෙන් පමණක් විටින් විට ඇති වූ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හේතු කරගෙන ණය ලබා ගත් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් මැසිවිලි නගමින් සිටින අවස්ථාවක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පද්ධතිය නියාමනය හා ප්‍රතිසංස්කරණය කළ යුතු බව ඉදිරිපත් වූ යෝජනාවක් විය. 2016 ජුලි 15 වැනි දා සිට බලාත්මක වූ 2016 අංක 16 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත මගින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා බලපත්‍ර ලබා දීම, නියාමනය හා අධීක්ෂණය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ක්‍රියාත්මක වුව ද ඒ යටතේ ලියාපදිංචි වී ඇත්තේ සීමිත ආයතන ප්‍රමාණයක් පමණි. මේ වන විට 15,000කට අධික ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සංඛ්‍යාවක් රටෙහි ක්‍රියාත්මක වුව ද, ඒවා මහ බැංකුව යටෙත් ලියාපදිංචි නොවූ ආයතන වීම ද මෙහි බරපතළකම තීව්‍ර කිරීමට හේතු වී ඇත. මෙම තත්වය සලකා බලා ණයගැතියන් ආරක්ෂා කිරීම සඳහා නියාමන රාමුව ශක්තිමත් කිරීම, පොලී අනුපාත සීමා කිරීම, ණය කොන්දේසිවල විනිවිදභාවය සහතික කිරීම හා සදාචාරාත්මක ණය දීමේ ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීම උදෙසා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු අතරම, ඒ සඳහා වෙන් වූ ආයතනයක් මහ බැංකුවෙහි අධීක්ෂණය යටතේ කඩිනමින් ස්ථාපිත කිරීම සිදු කළ යුතුය.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ධාරිතාවය වැඩි කිරීම හා ප්‍රතිසංස්කරණයන් සිදු කිරීම
ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට විවිධ මූල්‍ය සේවාවන් සඳහා ඔවුන්ගේ මෙහෙයුම්, සේවාදායක කළමනාකරණය හා අවදානම් තක්සේරු කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා පුහුණුව හා සහාය ලබා ගැනීම කළ යුතුය. පළපුරුදු නිලධාරීන් නොමැති වීම හා ආයතන මූල්‍ය වාසි සඳහා පමණක් ක්‍රියාත්මක වීම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ඵලදායිතාව හීන වීමට හේතු වී ඇත. ආයතන තුළ කළ යුතු ප්‍රතිසංස්කරණයන් සිදු කිරීම, මූල්‍ය පිරිවැය අවම කිරීම හා ක්‍රියාවලි විධිමත් කිරීම වැනි ක්‍රමවේදයන් සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළ යුතු අතර, ඒ සඳහා ගෝලීය ප්‍රවණතාවන්ට අනුගත වෙමින් තාක්ෂණය උපයෝගි කරගැනීම සිදු කළ හැකිය.
විවිධාංගිකරණය වූ මූල්‍ය නිෂ්පාදන හඳුන්වා දීම
ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පය ණය ලබා දීමට පමණක් සීමා නොවන අතර, එමගින් ණය සමග ඉතිරිකිරීම්, රක්ෂණ ක්‍රම හා මූල්‍ය නොවන සේවාවන් වැනි සේවාවන් රැසක් ලබා දෙමින් අඩු ආදායම්ලාභීන් සවිබල ගැන්වීම අරමුණු කරගෙන ඇත. ණයවල කාර්යසාධනය වැඩි කරගැනීමට නම්, මූල්‍ය ආයතන මගින් ණය ලබාගන්නා පුද්ගලයන් හට ණය කළමනාකරණය කරගන්නා ආකාරය, ලබා ගන්නා ණය නිවැරැදි ව්‍යාපෘතිවලට යොදා ගැනීමට උපදෙස් ලබා දීම හා වෘත්තීය පුහුණු වැඩසටහන් පැවැත්වීම මෙන්ම ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ සොයා දීම හා සම්බන්ධිකරණය වැනි මූල්‍ය නොවන සේවාවන් හඳුන්වා දිය යුතුය. එමෙන්ම, ණයගැතියන් සඳහා සුදුසු රක්ෂණාවරණ හා ඉතිරිකිරීමේ ක්‍රම හඳුන්වා දීමෙන් ඔවුන්ට හදිසි මූල්‍ය කම්පනයන්ට මුහුණ දීමට හැකියාව වැඩි දියුණු කළ යුතුය.
ශ්‍රී ලංකාවේ මෑත කාලීනව ක්‍රියාත්මක වූ ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන් තුළ මෙවන් විවිධාංගිකරණය වූ මූල්‍ය නිෂ්පාදන හඳුන්වා දීම වෙනුවට ණය ලබා දීම පමණක් සිදු කිරීම මෙම ගැටලුව ඇති වීමට එක් ප්‍රධාන හේතුවක් විය. මෙනිසා ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන් මගින් ඉහත සඳහන් කළ මූල්‍ය නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම කළ යුතු අතර, මෙම ආයතන අධීක්ෂණ ක්‍රියාවලියේදී ඔවුන් තම සේවාදායකයන්ට ලබා දෙන මූල්‍ය නිෂ්පාදන පිළිබඳව ඇගැයීමක් කළ යුතුය.
කණ්ඩායම් ණය ලබා දීම හා ප්‍රජාව පදනම් කරගත් ණය ප්‍රවේශයන් සඳහා උනන්දු කිරීම
තනි තනි ණය ලබා දීම වෙනුවට කුඩා කණ්ඩායම් ණය ලබා දීම ලොව පුරා සාර්ථක වූ ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන්වල දක්නට ලැබුණු ස්විශේෂි ලක්ෂණයක් විය. කණ්ඩායම් සඳහා ණය ලබා දීමේදී නැවත ගෙවීම සඳහා අනෙකුත් කණ්ඩායම් සාමාජිකයන්ගෙන් ලැබෙන පෙළඹවීම හේතුවෙන් ණය පැහර හැරීමේ හැකියාව අවම වන අතර, මෙය සාමාජිකයන්ගේ ණයගැතිභාවය අඩු වීමට මෙන්ම ආයතන මුහුණ දෙන අභියෝග අවම වීමට ද හේතු වෙයි. ක්ෂුද්‍ර මූල්‍ය සේවා හා ණය වඩාත් අදාළ හා දේශීය අවශ්‍යතා සඳහා ප්‍රවේශ විය හැකි පරිදි සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක දිරිමත් කළ යුතුය. ශක්‍යතාවන් හා අවශ්‍යතාව හඳුනා ගැනීම මගින් ණය ලබා දීම වඩාත් සාර්ථකය.
මෙලෙස මූල්‍ය ආයතන අංශයේ මෙන්ම ණය ලබාගන්නන්ගේ පාර්ශ්වයෙහි සිදු කළ යුතු වෙනස්කම් රැසක් පිළිබඳව ද අවධානය යොමු කළ යුතු වෙයි.
අවදානමට ලක්ව ඇති පිරිස් සඳහා සහාය ලබා දීම
මේ වන විට ආර්ථික අර්බුදය, කොවිඩ් 19 වසංගත තත්වය හා කාලගුණික විපර්යාසයන් හේතු කරගෙන ණය ලබා ගෙන ගෙවීමට නොහැකිව පීඩනයට පත්ව සිටින කොටස වෙනුවෙන් ආයතනික අංශයෙන් හා රජය මගින් සහනදායි ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු වෙයි. සහන කාලයක් ලබා දීම, ණය කපා හැරීම, ණය ගෙවා ගැනීමට සහාය වීම වැනි ක්‍රියාවලි තුළින් ක්ෂුද්‍ර මූල්‍ය හේතු කරගෙන අගතියට පත්ව සිටින ණයගැතියන් ඉන් මුදවා ගැනීම මූලිකවම සිදු කළ යුතුව ඇත.
මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
බහුතරයක් ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන් වෙත ප්‍රවේශ වී ඇත්තේ අඩු අධ්‍යාපන මට්ටමක් සහිත මූල්‍ය සාක්ෂරතාව අවම මට්ටමක පවතින ග්‍රාමීය අංශයේ කාන්තාවෝය. අඩු මූල්‍ය සාක්ෂරතාව හේතු කරගෙන ඔවුන්ට ක්ෂුද්‍ර මූල්‍ය නිෂ්පාදන, කොන්දේසි, අයවැයකරණය, ඉතිරිකිරීම් හා ණය කළමනාකරණය පිළිබඳව නිවැරැදි අවබෝධයක් නොවීම මෙම වැඩසටහන් මගින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීමට හේතු වී ඇත. මෑත කාලීනව ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලබා දුන් ණය සඳහා සියයට 38 සිට සියයට 48 දක්වා අනුපාත අය කළ ද, බොහෝ ණය ගැනුම්කරුවන් තුළ පොලී අනුපාතිකයන් හා ණය ආයතන මගින් පනවා තිබූ කොන්දේසි පිළිබඳව නිසි අවබෝධයක් නොතිබුණි. මෙම ගැටලුව අවම කරගැනීමට අවශ්‍යතා ඇති අංශ හඳුනා ගනිමින් මූල්‍ය සාක්ෂරතාව සංවර්ධනය කරන ආකාරයේ අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු වෙයි.
ණයගැතියන් අධීක්ෂණය හා ඇගැයීම ක්‍රමවත් කිරීම
ණය ලබා දෙන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් තම සේවාදායකයන් ලබා ගත් ණය විධිමත්ව, නිසි ආකාරයෙන් ව්‍යාපෘති සඳහා යොදා ගන්නවා ද යන්න අඛණ්ඩ අධීක්ෂණයකට භාජන කිරීම කළ යුතුය. මෙම ක්‍රියාවලිය තුළින් ණයවල කාර්යසාධනය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකියාව හිමි වුව ද, ප්‍රායෝගිකව මෙම ඇගැයීම් ක්‍රියාවලිය ආයතන මට්ටමෙන් සිදු වන්නේ බොහෝ කලාතුරකිනි. පියවරක් ලෙස මෙම අධීක්ෂණය හා ඇගැයීමේ ක්‍රියාවලිය සිදු කිරීමෙන් ණය හිමියන් හා මූල්‍ය ආයතන අතර පවත්නා දුරස්ථභාවය ද අවම වනු ඇත.
පර්‌යේෂණ හා දත්ත රැස් කිරීම
ණය හිමියන්ගේ සංඛ්‍යාව, ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සංඛ්‍යාව, ණය අවශ්‍යතා හා සඵලතාවය, ණය පැහැර හැරීම හා වෙළෙඳපොළ ප්‍රවණතා වැනි කරුණු මෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ වෙනස් වන තත්වය අවබෝධ කරගැනීමට ද දත්ත ගබඩාවක් නොමැති වීම හා තොරතුරු අවිනිශ්චිත වීම නිවැරැදි තීරණ ගැනීම සඳහා පවතින තවත් ප්‍රධාන ගැටලුවකි. ජාතික මට්ටමේ දත්ත රැස්කිරීමේ ක්‍රියාවලියක් හා නව පර්‌යේෂණයන් සිදු කිරීමට සානුබල සැපැයීම රජය මගින් කළ යුතුව ඇත.
මෙම විසඳුම් යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් ක්ෂුද්‍ර මූල්‍ය අංශය, අවදානමට ලක්ව ඇති පුද්ලයන්ට ප්‍රතිලාභ ලබා දෙන, වඩාත් තිරසාර, ඵලදායි ක්ෂේත්‍රයක් බවට පත් කරගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායකත්වය සපයන මූල්‍ය පරිසර පද්ධතියක් බවට පරිවර්තනය කරගත හැකි ප්‍රබල මෙවලමක් වනු නොඅනුමානය.
(***)
පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න
ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප
ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න
සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම
2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්
ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
දිළිඳුකම පිටුදකින ක්‍රමවේදයක්