මුනින් නැවූ කළගෙඩියට කොතරම් වතුර වත්කළත් පලක් නැත. අපේ රටේ ඇතැම් රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයද සිහිගන්වන්නේ එම කතාවයි. පසුගියදා අපගේ ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තල දෙකකින් හෙළිකර තිබූ රටට කෝටි ගණනින් පාඩු සිදුකෙරුණු ප්‍රවෘත්ති දෙකකටම එම කතාව සම්බන්ධය.
එයින් එක් කතාවකින් කියැවුණේ ශ්‍රී ලංකා රේගුවෙන් රාජසන්තක කෙරුණු රෝස්වුඩ් දැව කඳන් 3669ක් වසර 09ක් තිස්සේ වරායේ දිරාපත් වෙන්නට ඉඩහැර තිබූ බවය. අනෙක් කතාව පොල්තෙල් ප්‍රතිඅපනයනය සඳහා ලියාපදිංචි වූ සමාගමක් ආනයනය කළ පොල්තෙල් කිලෝග්‍රෑම් ලක්ෂ 05කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිඅපනයනය නොකර 2014 සිට 2017 දක්වා කාලය තුළ දේශීය වෙළෙඳපොළට මුදාහැර තිබීමය. දැව තොගය වසර 09ක් තිස්සේ නිකරුණේ ගබඩා කර තැබීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවට ගෙවීමට සිදු වී තිබෙන ගාස්තුව රුපියල් කෝටි 08කට වඩා වැඩි බව සඳහන්ය. පොල්තෙල් මගඩිය හේතුවෙන් රජයට අහිමි වූ මුදල රුපියල් කෝටි 38ක් බවද කියැවෙයි. මේ කාරණා හෙළිදරව් කර ඇත්තේ විගණන වාර්තාවලිනි.
රාජ්‍ය ආයතනවල සිදුවන නාස්තිකාර ක්‍රියා හේතුවෙන් රටට මේ දක්වා අහිමි වී ඇති මුදල් ප්‍රමාණය කෙනකුට ගණන් බැලිය හැකිනම් අපගේ රට මේ තරම් ආර්ථික අගාධයකට වැටුණේ ඇයිද යන්න ගැන පැහැදිලි චිත්‍රයක් මවාගත හැකි වනු ඇත. එය එක් පැත්තකි. අනෙක් අතට මෙවැනි නාස්තිකාර ක්‍රියා පිළිබඳව මොනතරම් පෙන්වා දුන්නත් ඒවා වළක්වා ගැනීමට බලධාරීන් කිසිදු පියවරක් නොගැනීමද කැපී පෙනෙයි. මේ ආකාරයට සිදුවන නාස්තිකාර ක්‍රියාවලට දඬුවම් ලබන නිලධාරීන් පිළිබඳව අපට අසන්නට නොලැබෙන තරම්ය. කිසියම් හෝ නිලධාරියකු මෙවැනි වරදකට දඬුවමක් වින්දා නම් ඒ පසුපස බොහෝදුරට තිබුණේ වැරැද්ද හදා ගැනීමට වඩා දේශපාලන හේතුවකි.
ශ්‍රී ලංකා රේගුව යනු මේ රටේ ජාතික ධනය සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන රාජ්‍ය ආයතනයකි. රටට මුදල් උපයා දෙන ආයතන අතර ප්‍රධාන තලයේ තිබෙන්නකි. එවැනි ආයතනයක නිලධාරීන් අතින් මේ ආකාරයේ නාස්තියක් සිදුවනු ඇතැයි සිතා ගැනීම පවා අපහසුය. එහෙත් එය සිදුව ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපත්‍රය පමාවීම හේතුවෙන් බවද සඳහන් වෙයි. ටැන්සානියාවේ සිට ශ්‍රී ලංකා වරාය හරහා හොංකොං රාජ්‍යයට ප්‍රති අපනයනය කිරීම සඳහා මෙම දැව කඳන් ගෙනැවිත් තිබූ බවද ඒ සඳහා අවශ්‍ය බලපත්‍රය ප්‍රමාදවීම හේතුවෙන් 2014 වර්ෂයේ සිට 2023 අප්‍රේල් 30 වැනිදා දක්වා ඒවා ඉවත්කර නොගෙන රේගු අංගණයක ගබඩාකර තිබුණු බවද විගණන වාර්තාව හෙළිකර තිබිණි. එසේ නම් වරද ඇත්තේ බලපත්‍රය ප්‍රමාද කළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතේය. එවැනි ප්‍රමාදයක් සිදුවූයේ කෙසේද යන්න මෙතෙක් කල් සොයා නොබැලූ රේගු නිලධාරීන්ද මේ නාස්තිකාර වියදමට වගකිව යුතුය.
පොල්තෙල් මගඩියේ දී අලාභය සිදුව ඇත්තේ ඒ සම්බන්ධයෙන් කළ රේගු විමර්ශනයක දී අදාළ සමාගමට රුපියල් කෝටි 47කට අධික දඩයක් නියම කර තිබුණත් එම දඩය පසුව රුපියල් කෝටි 09ක් දක්වා අඩුකර තිබීම නිසාය. විගණන වාර්තාව පෙන්වා දී ඇත්තේ රේගු විමර්ශන නිලධාරියා විසින් එම අඩුකිරීම සිදුකර ඇති බවය. එයින් රටට කෝටි 38ක් අහිමි වුවද ඒ බව නොසලකා මේ අඩුකිරීම සිදුකර තිබීම තුළින් උපදින්නේ විශාල සැකයකි.
රේගු විමර්ශනවලදී දඩ නියම කෙරෙන්නේ රටේ පවතින රේගු නීතිරීතිවලට අනුකූල ලෙසය. එහෙත් මේ රේගු නීති නැමෙන අවස්ථාද තිබේ. නීතිය නැමෙන්නේ දේශපාලන බලපෑම් හේතුවෙනි. තමන්ගේ හෙංචයියන්ගේ ජාවාරම් අතටම හසු වූ විට ඔවුන් සිරගත වීම වළක්වා ගැනීමටත් රේගුවේ දඩ ගැසීම් සොච්චම් ගණනක් දක්වා පහළ බැසීමටත් දේශපාලනඥයකුගේ එක දුරකතන ඇමැතුමක් පමණක් ප්‍රමාණවත්ය. එසේ වූ විට වංචාව සිදුකළ පුද්ගලයාත් ගොඩය. දඩ මුදල් නීතියට පිටින් ගොස් අඩුකළ නිලධාරියාත් ගොඩය. එයින් ලබන අලාභය රටට ය.
රුපියල් කෝටි 38ක දඩ මුදලක් රටට අහිමි වන විට ඒ අහිමි වන මුදල් යන්නේ කාගේ කාගේ සාක්කුවලටදැයි සොයාබැලීමට කිසිවකුත් නැතිවීම ලොකුම ඛේදවාචකයයි. අඩුම තරමින් නව දූෂණ විරෝධී පනතට අනුව හෝ මෙවැනි අක්‍රමිකතා වළක්වා ගැනීමට නිසි පියවර හඳුන්වා දී ඇතැයි අපි විශ්වාස කරමු.
(***)
දිසානායක මුදියන්සේලාගේ රංබණ්ඩා සහ ඔහුගේ බිරිඳවන සීලවතීගේ දෙවැනි දරුවා ලෙස 1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා ගලේවෙල මකුල්ගස්වෙල මාතෘ නිවාසයේදී ඔහු උපත ලැබ
2024 ජනාධිපතිවරණය ඉතාමත්ම උණුසුම් මෙන්ම තරගකාරීත්වය අතින් ඉහළම ජනාධිපතිවරණයක් වශයෙන් හඳුනාගත හැකිය. මෙකී ජනාධිපතිවරණයට පසුබිම සැකසෙන්නේ රට ආර්ථික වශ
මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.
මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද
අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම
නීතියේ ආධිපත්‍යය යනු සියලුම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිකම් දිරායන දැවවලට වන්දි ගෙවන රටක්
don Saturday, 07 October 2023 12:20 PM
විගණන දෙපාර්තමේන්තුවේ නව අංශයක් ඇතිකළ යුතුයි. සම්පූර්ණ බලය සහිතව මෙවැනි අවස්ථාවල අධිකරණයක් ලෙස කටයුතු කර වන්දි අයකර ගැනීමට සහ දඬුවම් ලබාදීමට... එම ආයතනයත් රටේ අධිකරණ තුළින් පසුවිපරම් කළා නම් මෙවැනි වංචාවන් වළකා ගන්න බැරිවුණත් වන්දි අයකරගෙන දඬුවම් ලබාදෙන්න පුළුවන්...
Rana Sunday, 08 October 2023 09:30 AM
දඩය ගෙවිය යුතු මට්ටමින් පැනවිය යුතුයි...