IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


නිට්ටඹුව පොලිසියට මෙච්චර හයියක් කොහෙන්ද

(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
<පසුබිම් වාර්තා නිලූක සඳුන් බණ්ඩාරනායක>

නීතිය හා සාමය රැකීමට සිටින පොලිසියෙන් මහජනතාවට සිදුවන අසාධාරණ ගැන කතා  ඕනෑ තරම් ඇත. එවැනි අවස්ථාවල කොමිෂන් සභා වැඩ කරන ආකාරය ගැන මීට සති කිහිපයකට පෙර ද සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් කතා කළේය. මෙවර සත්‍ය ගවේෂණයෙන් ඉදිරිපත් කරනුයේ වැටත් නියරත් ගොයම් කන ආකාරයේ පොලිස් වැඩක් ගැනය.

ඇය කාලයක් මාධ්‍ය ආයතනයකට සම්බන්ධව රැකියාව කළ තැනැත්තියකි.   සිය පවුලේ උදවිය සමඟ ඇය නිට්ටඹුවේ පදිංචියට එන්නේ 2012 වසරේදී පමණය.  ඒ කරස්නාගල නිකහෙටි කන්දේ  නිවෙසකටය. ප‍්‍රදේශයේ කසිප්පු ජාවාරම ජයටම තිබුණු අතර නිට්ටඹුව පොලිසියේ දූෂණ මර්දන අංශය කසිප්පු මැඞීමට ලොකු උත්සාහයක් ගත්තේය. එහෙත් දේශපාලන හයියක් නිසාදෝ කසිපුකරුවෝ බලවත්ව සිටියහ. ඇතැම් පොලිස් ලොක්කන්ද සිටියේ කසිප්පුකරුවන්ගේ පැත්තේය. කසිප්පු සැඟවීමට යොදාගෙන තිබුණේ අප කියන කාන්තාවගේ නිවෙසයි.

ඔවුන් එම නිවෙසේ පදිංචියට යෑමත් සමඟ කසිප්පුකරුවන්ගේ රස්සාවට තට්ටු වුවත් කෙසේ හෝ ව්‍යාපාරය කරගෙන යෑමට ඔවුහු උත්සාහ කළහ. විටින් විට නිවැසියන්ට කරදර කළ අතර එවැනි අවස්ථාවල නිවැසියෝ 119 හදිසි ඇමතුම් අංකයට පැමිණිලි කළහ.

මේ අතර දිනක් පොලිසිය අප කියන කාන්තාවගේ නිවසට පැමිණ ඉල්ලීමක් කළේය. ඒ නිවෙසට පැමිණි පිරිසක් සේ කාලය ගත කිරීම අවසර දෙන ලෙසයි. පොලිස් නිල ඇඳුමෙන් පැමිණියහොත් කසිප්පු ජාවාරම ගැන අනාවරණය කර ගැනීමට නොහැකි වන නිසා නිවසට පැමිණි පිරිසක් සේ සිවිල් ඇඳුමෙන් සිටීමට අවසර දෙන ලෙස පොලිසිය ඉල්ලා තිබිණි. පොලිසියේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීමට නොහැකි වූයෙන් නිවැසියෝ ඊට අවසර දුන්හ. 2014 වසරේ අවසන් කාලයේ එම වැටලීම සිදු කළේය. ඒ ගැන ජාවාරම්කරුවන් සිටියේ දැඩි වෛරයකිනි.

2014 වසරේ නත්තල් දා එම පළිය ගැනීමට ආවේ සිවිල් ආරක්ෂක භටයකු පෙරටුගරගත් පිරිසකි. ඔවුන් පැමිණ ඉඩම හිමි කාන්තාවගේ පියාට පහර දෙද්දී ඇගේ මව මැද්දට පැන්නාය. මැරයන්ගේ පහරින් මවගේ ඇඟිල්ලක් කැපී ගියේය.  ඒ ගමන්ම ඔවුහූ 119 හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ගෙන සිද්ධිය දැනුම් දුන්හ.

එම සිදුවීමෙන් පසු දිගින් දිගටම තර්ජන ආ අතර පසුගිය අගෝස්තු මාසයේ දී ඇය සිය නිවෙස බදු දුන්නාය. ඒ චීන ජාතිකයන් පිරිසකටය. ඒ වන විට නිවස අසල ඉඩම ඇය මිලට ගෙන තිබිණි. එම ඉඩමේ නිවස අඩක් නිම කර කර තිබුණු අතර ඔවුහු එහි පදිංචියට ගියහ.  

මේ අතර පසුගිය ඔක්තෝබර දෙවැනි දා ඇගේ අට හැවිරිදි දරුවා සෙල්ලම් කරමින් සිටිය දී ගම්වාසියකු පැමිණ බැණ වැදී ඇත. එතැනට මෙම කාන්තාව ගිය විට දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව තිබෙන අතර පැමිණි පුද්ගලයා කාන්තාවගේ අත කරකවා තිබේ. එවිට සෙල්ලම් පිත්තකින් ඔහු තල්ලූ කර දිව ගිය ඇය ඒ ගැන 119 අංකයට දැනුම් දී ඇත.  

එතැනට ආ නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් ඇයට දැනුම් දී ඇත්තේ පොලිසියට ඒම අනවශ්‍ය බවයි. කෙසේ වෙතත් ඊට පැයකට පමණ පසු නිට්ටඹුව පොලිසියෙන් යළි පැමිණ වහාම පොලිසියට එන ලෙස ඇයට දැනුම් දී තිබේ. ඒ අනුව පියා සහ සහෝදරයා සමඟ පොලිසියේ අපරාධ අංශයට ගිය ඇයට දැක ගත හැකි වී ඇත්තේ ගමේ තවත් පිරිසක් පැමිණ ඇති ආකාරයයි.

මේ එම කාන්තාව  කියන කතාවයි.

‘‘පත්තරේක තිබුණු දැන්වීමක් අනුව 2012 මැයි මාසයෙදි අපි ඉඩම සහ නිවස මිලදී ගත්තා. අපි මේක සල්ලි දීලා ගන්න කලින් බොහෝ කාලයක් නිවසට පාළුවට ගිහිනුයි තිබුණේ. මෙතන ගමේ කසිප්පු ජාවාරම්කාරයන්ගේ ප‍්‍රධාන තිප්පොළක් වෙලා තිබුණා කියලා අපි දැනගත්තේ ඉඩම ගත්තට පස්සේ. අපි ගේ අරගත්ත ගමන් අලූත්වැඩියා කරන්න කියලා කොන්ත‍්‍රාත්කරුවකුට මාස තුනකට බාර දුන්නා. ඔවුන් අපිට දැනුම් දුන්නා පිරිස් නිතර කරදර කරනවා කියලා. මේ හේතුව නිසා අපට කිහිප විටක් කොන්ත‍්‍රාත්කරුවන් මාරු කරන්න වුණා. ඒ නිසා මාස තුනක් යද්දි නිවසේ වැඩ අවසන් කරන්න බැරි වුණා. ඒ නිසා අපි පදිංචියට ආවා.

ආපු සවසෙම ගමේ කෙනෙක් බීගෙන පිහියකුත් අරගෙන ඇවිත් මගේ පියාට බැණ වැදුණා. මේ ගැන මම 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දුන්නා.  ඒ අනුව නිට්ටඹුව පොලිසියෙන් ගදෙරට ආවා.  අපි මේක වැඩිදුර ගෙනිච්චේ නෑ. පොලිසියෙන් ඒ පුද්ගලයාට අප ඉදිරියේම අවවාද කළා. ඉන් පසු ඇතැම් දිනවල අපේ ගෙදරට ගල් ගැහුවා. ගේ ඉස්සරහා පොකුණේ මාළුන්ට වහ දාලා මරලා තිබ්බා. සුනඛයන්ටත් වහ දීලා තිබ්බා.  කාලයක් යද්දි ගේ ඉස්සරහ පර්චස් 62ක ඉඩම අපි ගත්තා. එම ඉඩම මිලදී ගැනීම සම්බන්ධයෙනුත් සමහරු අපිත් සමඟ අමනාපයෙනුයි හිටියේ. මෙහෙම කාලයක් යද්දී 2014 නත්තල් දවසේ රෑ අපේ ගෙදර පොඩි සාදයක් තිබ්බා. එදා රෑ 11ට විතර සිවිල් ආරක්ෂක භටයෙක් සහ තවත් පුද්ගයෙන් ඇවිත අපේ තාත්තට පහර දෙන්න හැදුවා.  ඔවුන්ගේ අතේ පිහියකුත් තිබුණා. ඒ අවස්ථාවෙදි මව බේරෙන්න හදද්දි මවගේ අතේ ඇඟිල්ල කැපුණා. මේ ගැන අපි පොලිසියට පැමිණිලි කළා. ඒ සම්බන්ධයෙන් නඩු ගොනු කිරීමෙන් පසු රුපියල් දස දහසක වන්දිමුදලක් ඔවුන් අපිට පිරිනැමුවා. ඒ අනුව නැවත කරදර නොකරන කොන්දේසිය උඩ නිදහස් කළා.

මෙහෙම දිගටම කරදර එද්දි අපි ගෙදර සීසීටීවී හයි කළා. ඒකෙන් පස්සේ කරදර ටිකක් අඩු වුණා. ඉන් පසු පසුගිය අගෝස්තු 25 වැනි දා අපි අපේ නිවෙස චීන සමාගමකට කුලියට දුන්නා. ඔවුන් නිවස පාවිච්චි කළේ ඔවුන්ගේ රැස්වීම් පවත්වන ස්ථානයක් ලෙසයි. ඉන් පස්සේ අපි මේ ගේ ඉස්සරහම වත්තේ අපි හදාගෙන යන ගෙදරට ගියා. ඒ ගෙයි කොටස් කීපයක් විතරයි අවසන් කරලා තිබ්බේ.

මේ අතරේ ඔක්තෝබර් දෙවැනිදා අපේ පුතා තවත දරුවන් දෙදෙනෙක් එක්ක සෙල්ලම් කරමින් හිටියා. ගමේ කෙනෙක් ඇවිත් අසභ්‍ය වචනයෙන් කෑ ගැහුවා. ‘‘මේවා අපේ ඉඩම් අපිට  ඕනේ දෙයක් කරන්න පුළුවන්‘‘ කියලා ඔහු කිව්වා. ඒ වෙලාවෙ ම මගේ අම්මාට කිව්වා ළමයි  ගේ ඇතුළට අරන් යන්න කියලා. කුණුහරප කියන්න එපා කියලා මම ඔහුට කිව්වම මටත් අසභ්‍ය වචනෙන් බැන්නා.

ඊට පස්සේ බයිසිකලයෙන් බැහැලා ඇවිත් මගේ අත මිරිකලා කකුලත් ඇල්ලූවා. එතකොට මගේ ඇඳුමත් ඉරුණා. ඔහුගෙන් බේරීමට මම එතැන තිබූ සෙල්ලම් පිත්තකින් ඔහුව තල්ලූ කරලා දිව්වා. දුවලා ගිහින් 119 එකට කතාකරලා පැමිණිලි කළ. ‘‘පොලිසිය කියන්නේ අපිත් එක්ක කන බොන උන්.උඹ පොලිසියට කියලා කරගනින්.‘‘  කියලා ඔහු කෑ ගැහුවා.  මේක ඇහින් දැකපු අය හිටියා. ආරක්ෂක හේතු මත ඇසින් දුටු අයගේ නම් කියන්න බැහැ.

මේ අවස්ථාවේ පොලිසියෙන් ඇවිත් කිව්වා පොලිසියට හෙට උදේ ආවම ඇති කියලා. ඉන් පසු යළිත් වරක් පොලිසියෙන් ගෙදර ඇවිත් කිව්වා පොලිසියට එන්න කියලා. මම මගේ පියා සහ සහෝදරයා එක්ක පොලිසියට ආවා. එද්දි ගමේ තවත් පිරිසක් පොලිසියේ හිටියා. ඔවුන් අපරාධ අංශයේ නිලධාරීන් ඉස්සහරම කිව්වා ‘මුංගෙ ගෙවල්වලට ගිනි තියලා එලවන්න  ඕනෙ කියලා.’ මම පැමිණිල්ල දමද්දිත් අපේ ගේ වට කරලා පිරිසක් ඉන්නවා කියලා ඇමතුමක් ආවා. ඒ ගැනත් පොලිසියේ අයට කිව්වා. පසුව පොලිසියේ අයත් එක්කම තමයි මම පැමිණිල්ල දාලා නිවෙසට ගියේ.

පහුවෙනිදා මගේ පැමිණිල්ල ගැන සායා බලන්න එස්අයි මහත්තයෙක් නිවෙසට ඇවිත් තිබුණා. මා ඒ වෙලාවේ ගෙදර හිටියේ නෑ. ඒ වෙලාවෙම තවත් පිරිසක් ඇවිත් මගේ ගෙදර වැඩ කරමින් හිටපු බාස්ලට බැණලා තිබුණා. මගේ අම්මටත් බැණලා තිබ්බා. ඒ වෙලාවම මට කොන්ත‍්‍රාත්කරු කතා කර ඒ බව කිව්වා. ඒ වෙලාවෙම මට මිස්කෝල් ඇලර්ට් එකක් තිබ්බා. ඒ අංකයට ගත්තම අර එස්අයි මහත්තයා. එයාට මම මේ කාරණාව කිව්වාම ඔහු කිව්වා අපිත් ඉන්නේ නිවෙස ආසන්නයේමයි එහෙම ප‍්‍රශ්නයක් නෑ කියලා. එවිට එස් අයි මහත්තයා ‘මුංට යන්න කියපල්ලා’ කියනවා මට ඇහුණා. එය මගේ ජංගම දුරකතනයේ පටිගත වෙලා තිබෙනවා. නිවෙස අසලට ආපු පිරිස සිටියදීම පොලිසිය පිටවෙලා ගිහිං.

ගිහිං ටික වෙලාවක් යද්දි අර පිරිස ගෙට පැනලා ගෙයි බඩු මුට්ටු පොඩි කරලා ගිනි තියලා. චීන ජාතිකයන්ට දීලා තිබ්බ ගෙදරටත් අලාබහානි කරලා. මේ ගැන ආරංචි වුණ ගමන්ම මම නිට්ටඹුව පොලිසියේ 0332297255 අංකයට ඇමතුමක් ගත්තා. අරගෙන මේක කිව්වාම ඊට ප‍්‍රතිචාර දක්වපු පොලිස් කොන්තාව කිව්වා ‘එහෙම වෙන්නේ කොහොමද? ගමේ අය මෙතන ඉන්නවානේ.’ කියලා.  මෙම සිදුවීම සැහැල්ලූවෙන් ඇය කතා කළේ.

ඊට පස්සේ නිට්ටඹුව පොලිසියේ ලොකු මහත්තයාගේ ෆෝන් එකට ගත්තට ආන්සර් කළේ නෑ. ඉන් පස්සේ වෙනත් අංකයකින් ඔහුගේ අංකයට ගත්තම ආන්සර් කළා. අපේ ගේ කඩනවා කියලා ඔහුට කිව්වාම ඔහු කිව්වා ‘එහෙම වෙන්න බෑ. අපි බලමුකෝ.’ කියලා.  ඉන් පස්සේ මට අසල්වැසියෙක් කතා කරලා කිව්වා ගේ ගිනිබත් වෙලා කියලා.

නිට්ටඹුව පොලිසිය හරි ආකාරව වැඩ කළා නම් අද අපිට මෙහෙම වෙන්නේ නෑ.

අපිට වූ අසාධාරණය ගැන මා පොලිස්පති සහන මැදිරියටත්, පොලිස් කොමිෂන් සභාවටත්, මානව හිමිකම් කොමිෂන් සභාවටත් පැමිණලි කරපු නිසා නිට්ටඹුව පොලිසියේ ප‍්‍රධානීන් සමහරු ඉන්නේ මාත් එක්ක තරහින්. මම කාන්තාවක් ලෙස ඔක්තෝබර් දෙවැනි දා කරපු පැමිණිල්ල මා හා වගඋත්තරුවන් ගෙන්වා කිසිම විභාගයක් නොකර කාන්තාවකට හිංසා කළ එම පුද්ගලයා අත්අඩංගුවට නොගෙන මේ සිද්ධිය දැකලාවත් නැති අයගේ සාක්ෂි සටහන් කරගෙන බොරු පැමිණිල්ලක් කියලා මට චෝදනා කළා. වරදකරුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකර  ඇසින් දුටු සාක්ෂි ලියා ගැනීම ප‍්‍රතික්ෂේප කරලා මම බොරු පැමිණිල්ලක් දැම්මා කියලා චෝදනා කළා.

එදා මම සෙල්ලම් පිත්තෙන් පහරදුන්නා යැයි කියමින් මට විරුද්ධව පැමිණිල්ලක් දාලා තිබිලා. මගේ පැමිණිලට කිසිම දෙයක් නොකරපු පොලිසිය, අපේ ගේ ගිනිබත් වෙලා තියෙද්දි මට එන්න කියලා මාව අත්අඩංගුවට ගන්න හැදුවා.   මගේ ළමයාගේ ඉස්කොලේ පොත් ඔක්කොම පිච්චිලා විනාශ වෙලා තිබුණා. ඔක්තෝබර් 03 වැනි දා පහර කෑමට ලක්වෙච්චි මගේ අම්මා මේ වෙද්දිත් දැඩි කම්පනයට පත් වෙලා මානසික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. ණය වෙලා ඉඩම උකස් කරලා හදපු ගේ අද අළු ගොඩක් වෙලා.  නිට්ටඹුව පොලිසියේ මහත්තයෙක් අපිට සාධාරණයක් නොකර අපිට පන්නා පන්නා පහර දෙනවා. ඔහු මට තර්ජනය කළා ‘නඩු දාගන්න එපා’ කියලා. ඊට අදාල හඬපටි මම අදාළ තැන්වල ඉදිරිපත් කරලයි තියෙන්නේ. ’’ යැයි කාන්තාව කීවාය.

පොලිසිය යනු නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිටින ආයතනයකි. මීට පෙර ලිපියකදී සඳහන් කලාක් මෙන් ශ්‍රී ලංකා පොලිසියේ සියලූම නිලධාරීන් වැරදි කරන්නේ නැත. වැරදි කරන්නේ ඉතා සුළු පිරිසකි. නමුත් ඔවුන්ගෙන් පොලිස් දෙපාර්තමේන්තුවට වන හානිය නම් සුළු පටු නොවේ.

නිට්ටඹුවේ සිදුවීමද එවැනිම සිදුවීමකි. මේ සම්බන්ධයෙන් සොයා බලා පක්ෂග‍්‍රාහී පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව මෙන්ම අපරාධ නීතිය යටතේද කටයුතු කළ යුතුය. එසේ නොකළහොත් මෙ පොලිසියට එල්ලවූ තවත් කළු පැල්ලමක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

පරීක්ෂණ ක‍්‍රියාත්මකයි-පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීතීඥ රුවන් ගුණසේකර

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට සහ පොලිස්පති සහන මැදිරියට පැමිණිල්ලක් කර තිබෙනවා. ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කළ පැමිණිල්ල විභාග කිරීම සඳහා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරීවරයාට යොමු කර තිබෙනවා.

පොලිස්පති සහන මැදිරියට කළ පැමිණිල්ල විභාග කිරීමට ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට යොමු කර තිබෙනවා. එම පැමිණිල්ල සම්බන්ධයෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. විමර්ශන අවසානයේ ඉදිරි කටයුතු සිදු කරනවා.

 

--------------------------------------------------------------

වද හිංසා ගැන සිදුවීමක් ඇතොත් පහත ආයතනවලට පැමිණිලි කළ හැකිය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
අංක 14, ආර් ඒ ද මැල් මාවත,
කොළඹ 04.
දුරකතන අංක 011 2505580, 011 2505581, 011 2505582
හදිසි ඇමතුම්  1996 හෝ (+ 94) 011 2505575

 

ජාතික පොලිස් කොමිෂන් සභාව
නම වැනි කොටස,
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.
දුරකතන අංක - 011 5107722 / 011 26 83307
හදිසි ඇමතුම් - 1960

 

*****************

([email protected], [email protected])



අදහස් (5)

නිට්ටඹුව පොලිසියට මෙච්චර හයියක් කොහෙන්ද

janahitha Thursday, 30 November 2017 04:36 AM

මෙවැනි සිද්ධි තව කොයි තරම් තියෙනවද , සාමාන්‍ය ජනතාවගේ අසරණ භාවය සහ නොදැනුවත් කම නිසා කිසිදු වගවිභාගයකින් තොරව වැසියන මෙවැනි සිද්ධීන් ,

:       0       14

pradeep Thursday, 30 November 2017 07:36 AM

මේ තමා ලංකාවේ උත්තරීතර නීතිය ????? මම කියන්නේ මැරයෝ , චන්ඩි කියන උන්ට කෙලින්ම වෙඩි තියන්න ඕනේ ඔලුවට. දැන් සාමාන්‍ය ජනතාවට තියෙන්නේ තුවක්කු හදාගෙන සුදානම් වෙලා ඉන්න කියල. හොරු මිනීමරුවෝ ඇල්ලුවා කියල වැඩකුත් නැහැ මොකද උන්ට උසාවියෙන් ඇප ලැබෙනවනේ. ඊටපස්සේ උන් අපිව මරණව , ඊට කලින් අපි ඉස්සරවෙන්න ඕනේ ................ඕක තමා නියම ඇත්ත .

:       31       134

AsankaFriday, 01 December 2017 05:19 AM

ගල්කටස් වලින් කොහොමද චණ්ඩින්ට වෙඩි තියන්නේ......... උන් ගේන්නේ ටි56 නේ ප්‍රදීප් එහෙම කලොත් අපිව නම් ඉක්මනින් හිරේ යවයි.......... ජීවිතාන්තය තෙක්..............

:       0       1

Sampath Thursday, 30 November 2017 02:41 PM

පොලිසියට අපරාද වලට දඬුවම් කරන්න බැරිවුණත් ඇතැම්විට නිලධාරීන්ගේ ක්‍රියාකලාප නිසා නීතිය ඉදිරියේදී ඇතැම් කරුණු වසන් වෙනවා වගේම ඔවුන් ඉදිරිපත් කරන කරුණු මත පදනම් වීම නිසා අපරාදකරුවන් බේරෙනවා. පොලීසියත්, ජනතාවත් අතර ඇති විශ්වාසය පළුදුවෙන්න මේක හේතුවක්.. පොලිස් කොමිසමට ලොකු වගකීමක් තියෙනවා මේවා පාලනයට...

:       0       2

shyama Arachchige Thursday, 30 November 2017 11:58 PM

මේ ලිපිය පල කලාට ගොඩක් ස්තුතියි!!!!!!!!!!ඒ වගේම එවැනි දෙයකදී කතා කල යුත්තේ කාටද කියන දේ ගැන ජනතාව දැනුවත් කිරීම ගැන මාධ්‍යවේදී මහත්වරුන්ට මගේ ප්‍රණාමය.. අපේ රට යා යුත්තේ මේ මාර්ගයේ තමයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 396 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 36 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 158 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 196 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 139 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 202 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site