නීති ක්ෂේත‍්‍රයේ පහළම ස්ථානයක වංචාවක්, අක‍්‍රමිකතාවක් සිදුව ඇතැයි ඉකුත් මාසයේ සිට කරළියට නැගිණි. ඒ 2013 වසරට නීති විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමට පැවැති නීති ප‍්‍රවේශ විභාගය සම්බන්ධයෙනි.
නීති ප‍්‍රවේශ විභාගය ශ්‍රී ලංකාවේ අනිකුත් සියලූ තරඟකාරී විභාගයට වඩා වැදගත්කමක් හිමිකරගෙන ඇත්තේ එය සමත්වන අයට තෙවසරකින් නීතිඥයකු වීමේ හැකියාව නිසාය.
ඉකුත් වසරේ අගෝස්තු 12 වැනි දින පැවැති නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයට සිංහල මාධ්‍යයෙන් සිසුන් 6392 දෙමළ මාධ්‍යයෙන් සිසුන් 710 ක්ද, ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් සිසුන් 371 ක්ද පෙනී සිට තිබේ. එම සිසුන්ගෙන් සිංහල මාධ්‍ය සිසුන් 155 දෙනෙක්ද, දෙමළ සිසුන් 133 ක්ද ඉංග‍්‍රීසි මාධ්‍ය සිසුන්ගෙන් 21 දෙනෙක්ද විභාගය සමත්ව ඇත. එහි පවතින යම් අසාමාන්‍යතා නිසා විභාග ප‍්‍රතිඵලය ගැටලූකාරී හා වංචාකාරී එකක් බවට එම විභාගයට පෙනී සිටි සිසුන්ද ජාතික විද්වත් සභාවද, බොදුබල සේනා සංවිධානයද, රජයේ කැබිනට් අමාත්‍යවරයෝද ආදි ලෙස බොහෝ පිරිස් අර්ථ දැක්වූහ.
එලෙස ඔවුන් දක්වා ඇත්තේද ඉකුත් වර්ෂවල ප‍්‍රතිඵල ලේඛනද පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවය. පෙර වර්ෂවල ප‍්‍රතිඵල විමසා බැලීමේදී පෙනී යන කාරණයක් වනුයේ 2010 න් පසු සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ සමත්වීමට වඩා අනිකුත් මාධ්‍යයන්ගෙන් පෙනී සිටි සිසුන්ගේ වර්ධනයක් ඇති බවය.
මෙවර පළමු පනස් දෙනා අතර සිටින සිසුන්ගෙන් 36 දෙනෙක්ම දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි අයය. 2003 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා මුස්ලිම් සිසුන් 59 දෙනෙක් සමත්ව ඇතත් 2011 දී පමණක් 51 දෙනෙක් සමත්ව ඇති අතර 2012 දී එය 78 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම අසාමාන්‍යතා ඇතිවීම කෙරේ නීති ප‍්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුන් එකමුතුව පෙන්වා දෙනුයේ මෙවන් හේතුය.
එක්කෝ ප‍්‍රශ්න පත‍්‍රය නිර්මාණය කිරීමේදී හෝ පරිවර්තනයේදී බලපෑ අසාමාන්‍ය තත්ත්වයන්ය. ඔවුන් දක්වන පරිදි ඉංග‍්‍රීසි මාධ්‍ය ප‍්‍රශ්න පත‍්‍රයේ ”රීට් ආඥා” සම්බන්ධ ප‍්‍රශ්නය සිංහල ප‍්‍රශ්න පත‍්‍රයේදී ”පරමාධිකාරී ප‍්‍රහීන” යනුවෙන් දක්වා තිබූ අතර, ඉංග‍්‍රීසි ප‍්‍රශ්න පත‍්‍රයේදී තහනම් ආඥාව (in juntion) යන්න සිංහල ප‍්‍රශ්න පත‍්‍රයේ දක්වා ඇත්තේ නිරෝධ ආඥාව යනුවෙනි. ”නිරෝධ” යන්න ශ්‍රී ලංකාව තුළ භාවිත වනුයේ මෙරටට ගෙන්වන ජීවමය භාණ්ඩ පරීක්‍ෂා කිරීම වෙනුවෙන් රේගු දෙපාර්තමේන්තුව යටතේ කි‍්‍රයාත්මක වන නිරෝධායන පරීක්‍ෂණ වෙනුවෙනි.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමි |
රම්ෂීන් බාෂා |
ඔවුන් දක්වනුයේ ලකුණු ලබාදීමේ පටිපාටිය නිර්මාණය කිරීමේදී හා පරිවර්තනය කිරීමේදී සිදුවන දෝෂ සහ අසාමාන්‍ය තත්ත්වයන් හෝ පිළිතුරු පත‍්‍ර ඇගයීමේදී සිදුවන දෝෂ හෝ අක‍්‍රමිකතා හෝ ප‍්‍රශ්න පත‍්‍රය සකස් කිරීමේදී, ලඝු ලේඛන ගත කිරීමේදී, සෝදුපත් බැලීමේදී, මුද්‍රණයේදී හෝ බෙදා හැරීමේදී හෝ කුමන අවස්ථාවකදී හෝ ප‍්‍රශ්න පත‍්‍රය පිටවීමක් සිදුව ඇත යනුවෙනි.
එමෙන්ම වෙනත් වසරවලදී මෙන් නොව 2011 හා 2012 වර්ෂවලදී නීති ප‍්‍රවේශ ප‍්‍රතිඵල ලේඛනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවගේ විභාග අංකය, සම්පූර්ණ නම, ලිපිනය, ස්ත‍්‍රී පුරුෂ භාවය, පෙනී සිටි භාෂා මාධ්‍යය, ලබාගත් ලකුණු, ලබාගත් ස්ථානය යන ඒවා ප‍්‍රදර්ශනය කර නොතිබිණි. මේ තත්ත්වය හමුවේ පාර්ශ්ව කිහිපයක් දැක්වූ අදහස් මෙසේය.
බොදු බල සේනා සංවිධානයේ සභාපති ගලගොඩ අත්තේ ඥාණසාර හිමි
මේ වෙනවිට නීති විද්‍යාල ප‍්‍රවේශය ගැන මුළු රට පුරාම විරෝධතාවක් නැගී තිබෙනවා. මේ වන තෙක් වගකිවයුතු කිසිදු පාර්ශ්වයකින් පිළිගත හැකි නිවැරදි පිළිතුරක් ලබාදීල නැහැ. ඒ නිසා අපට පිළිගත හැකි එකම කාරණය තමා මෙහි යම් අක‍්‍රමිකතාවක් සිදුව ඇති බව.
විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන ඇමතිවරයා යටතේ කි‍්‍රයාත්මක වුවත් මේ නීති විද්‍යාල ප‍්‍රවේශ විභාග ප‍්‍රතිඵල ගැන කිසිම පිළිතුරක් ලබා දෙන්නේ නැහැ. එයට රවුෆ් හකීම් ඇමතිවරයා පිළිතුරු දෙන්නේ. මේ විදියට මේ ප‍්‍රශ්නය ඇදෙද්දී අපට විශ්වාසයකට වඩා අවිශ්වාසයක් ඇති වන්නේ.
ඒ වගේම අද තත්ත්වය අනුව අපට ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇමතිත් එක්කම කළමණාකරණ ආපදා අමාත්‍යාංශයට භාර දෙන්න කියලයි. අද අධ්‍යාපන අමාත්‍යාංශය බරපතල ආපදාවකට ලක්වෙලා තියෙනවා. ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ උසස් පෙළ ප‍්‍රතිඵල විතරක් නෙවේ සරසවිය පවා අද අවුල් ජාලාවක් බවට පත්වෙලා. 2012 වසර පුරාම අපට ඇහුණේ විභාග ක්ෂේත‍්‍රයේ අවුල් ගැන. අධ්‍යාපන ක්ෂේත‍්‍රය අද වනවිට බරපතල කඩා වැටීමකට ලක්වෙලා. ඒක අද නීති විද්‍යාල ප‍්‍රවේශය දක්වාම බිඳ වැටීමකට ලක්වෙලා ඇති බව පැහැදිලිවම පේන්න තියෙනවා.කොටින්ම මේ නීති විද්‍යාල ප‍්‍රවේශයේදී මුස්ලිම් සිසුන්ගේ වැඩිවීම සාමාන්‍ය දෙයක් කියලයි ඇමතිවරයා කියන්නේ. අපි මේ කතා කරන්නේ ජාතිවාදයවත්, ආගම්වාදය අවුස්සන්නවත් නෙවෙයි. සිංහල භාෂාවෙන් පෙනී සිටි බහුතරයක් සිසුන්ට මේ ප‍්‍රශ්නය දැඩිව බලපාල තියෙනවා. ඒ අතර ඉන්නවා මුස්ලිම් ජාතිකයන් පවා.
පැහැදිලිවම මූලධර්මවාදී කි‍්‍රයාවක් හෝ යම් අක‍්‍රමිකතාවක් නිසා මෙවර නීති ප‍්‍රවේශයේ ප‍්‍රතිඵලවල මේ ගැටලූව සමථයකට පත් කරන්න අපි යෝජනා කරන්නේ විභාගය නැවත පවත්වන්න කියලයි. එවිට මේ හැම සැක සංකාවක්ම දුරුවී යනවා.
සාමාන්‍ය පෙළ විද්‍යා ප‍්‍රශ්න පත්තරේ පිටවීම ගැන පරීක්‍ෂණ පවත්වන්න ඉක්මන් වූ තරම්වත් මේ විභාගයේ ප‍්‍රශ්න පත‍්‍රය පිටවුණාද කියා සොයා බලන්න කිසිම වගකිවයුතු පාර්ශ්වයක් ඉදිරිපත් වෙන්නේ නැහැ. විභාගය නැවත නොපැවැත්වීම හරහා සිදුවන්නේ තව වසර 15 කින් 20කින් පමණ බරපතල අනතුරක් සිදුවීම. අපට ඒ අනතුර පැහැදිලිව පේනවා. බලයෙන් අන්ධවී ඇති අයට ඒක නොපෙනුණාට අපට ඒක පේනවා. අපි ආගම්වාදීන්වත් ජාතිවාදීන්වත් නොවේ. මේ ප‍්‍රශ්නය දිහා බලන්නේ.
සාම්ප‍්‍රදායික ලාංකික මුස්ලිම් ජාතිකයෙක් රටේ ජනාධිපති වුණත් අපි විරුද්ධ නැහැ. ඒ වගේම නීති ප‍්‍රවේශයට පෙර වසරවල වාගේ ඈත ගම් දනව්වල ඉන්න ලාංකික මුස්ලිම් දරුවෝ තේරුණා නම් ඒත් අපි මෙහෙම කතා කරන්නේ නැහැ. මෙතන ගැටලූව තියෙන්නේ මුස්ලිම් මූලධර්මවාදයක් කි‍්‍රයාත්මක වීමයි.
රහස් පොලිස් පරීක්‍ෂණයක් දැනට කි‍්‍රයාත්මක වෙනවා. වාර්තා වී ඇති අන්දමට වැල්ලවත්ත ප‍්‍රදේශයේ උපකාරක පන්තියකින් මේ ප‍්‍රශ්න පත‍්‍රය සිසුන් අතට පත්ව තිබෙනවා. ඒ ගැන නීති කටයුතුු කෙරෙන නිසා අපි දැනට යමක් කියන්නේ නැහැ. එකම ස්ථානයක, එකම ලිපිනයක එකම ළඟ ළඟ විභාග අංක තියෙන සිසුන් එක ළඟම ප‍්‍රතිඵල වාර්තා කිරීම ඇත්තටම පුදුම සහගත දෙයක්. රහස් පොලිසිය පරීක්‍ෂණ කරාට විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යංශය මේ සම්බන්ධව ආයතන මට්ටමින් පරීක්‍ෂණයක් නොකිරීම ගැටලූ සහගතයි. නීති ක්ෂේත‍්‍රයට, විභාග ක්ෂේත‍්‍රයට මේක බරපතල කළු පැල්ලමක් ලෙස කිව හැකියි.
නීති ප‍්‍රවේශ ශිෂ්‍ය එකමුතුවේ චන්දිම ගමගේ මහතා
සිසුන් 8000 ක් පෙනී හිටපු විභාගයකින් මුල් ස්ථාන 03 ඇතුළුව පළමු ස්ථාන දස දෙනාගෙන් හය දෙනෙක් මුස්ලිම් සිසුන් වීම බරපතළ ගැටලූවක් නොවන විදියටයි රවුෆ් හකීම් ඇමතිවරයා දකින්නේ. එක, දෙක, තුන ස්ථාන ලබාගත් සිසුන් තුන් දෙනාම එකම ළඟ විභාග අංක සහිත අය. කොටින්ම එයාලා එකා පිටුපස එකා ඉඳගන විභාගේ ලියපු අය. විභාග ක්ෂේත‍්‍රයේ කවදාවත් එහෙම සිද්ධි වෙලා නෑ. ඇමතිවරයා කියන විදියට ඒක අහම්බයක් නම් ද්‍රවිඩ මාධ්‍යයෙන් මුස්ලිම් සිසුන් 432ක් මේ විභාගය ලියද්දී මුල් ස්ථාන පනහ ඇතුළත මුස්ලිම් සිසුන් 28 ක් හිඳීමත් අහම්බයක්ද?
සිංහල මාධ්‍යයෙන් සිසුන් 6700 ක් පෙනී සිටින විභාගයකින් සිසුන් 155 ක් සමත් වීමත් අහම්බයක්. ඒක මුස්ලිම් සිසුන්ගේ දක්‍ෂකමක් මිස අක‍්‍රමිකතාවක් නෙවෙයිලූ.
දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් මෙවර සිසුන් 605 ක් පෙනී සිටියා. එයින් 154 ක් සමත් වෙලා. ඒත් සිංහල මාධ්‍යයෙන් 6700 ක් පෙනී හිටිද්දී 155ක් පමණයි සමත් වෙන්නේ. ඒකෙන්ම පේනවා මේක අහම්බයක්වත් දක්‍ෂතාව මතවත් ප‍්‍රශ්නයක් නොවේ. මේක තනිකරම විභාග වංචාවක් කියලා.
පසුගිය වසරේ සමත්වුණු මුස්ලිම් සිසුන් පනස් එක් දෙනාගෙන් නීති විද්‍යාල පළමු වසරේ විභාගයෙන් සමත් වෙලා තියෙන්නේ එක් කෙනයි. පනහක්ම අසමත්. නීති විද්‍යාල පළමු වාර්ෂික පරීක්‍ෂණය කියන්නේ නීති විද්‍යාල ප‍්‍රවේශය තරම් අමාරු අසීරු විභාගයක් නොවෙයි. පහසු විභාගයක්. නීති විද්‍යාල ප‍්‍රවේශය සමත් අයට ඒක සමත් වෙන්න බැහැ කියන්නේ ඒක හරිම පුදුමයක්. ඒකට හේතුව මෙයාලා අදක්‍ෂ වගේම හොර පාරෙන් වංචනික ලෙස විභාගය සමත් වූ අය නිසයි.
අනික තමා පසුගිය දස වසරක ප‍්‍රතිඵල ලේඛනය අරන් බැලූවත් විභාගය සමත් මුස්ලිම් සිසුන්ගේ ගණනත් 59 යි. පසුගිය වසරේ සමත් වූ ප‍්‍රමාණය පනස් එකයි. මේකත් අහම්බයක්ද කියල ඇමතිවරයගෙන් අහන්න කැමතියි.
අපි කියන්නේ මෙතන ඇත්තටම වංචාවක් වෙලා තියෙනවා. අපි ජාති බේදයක් ගැන නෙමේ කතා කරන්නේ. කොළඹ අවට ඉන්න මුස්ලිම් අය මේකෙන් සමත්වීම ගැටලූවක්. නාච්චදුව, කටු කැලියාව පැත්තේ ඉන්න අහිංසක, දුප්පත්, ගොවිතැන් බත් කරන මුස්ලිම් අයත් මේ පාර විභාගයට ලීවා. ඒ අය අසමත්. නමුත් කොළඹ අවට අය සමත් වෙලා තියෙනවා. මේ වාසිය සිංහල දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි මුස්ලිම් අයට ලැබී නැහැ. අපේ සභාපති රම්සි භාචා පවා ලීවේ සිංහල මාධ්‍යයෙන්. අපේ සම ලේකම් මොහොමඞ් නෆිලාක් ලීවෙත් සිංහලෙන්.
මෙතන ඥාති සංග‍්‍රහ යටතේ හරි දේශපාලනයට තදින් බැඳුණු අය හරි, අන්තවාදී හෝ ආගමික පෙළඹීම මත හෝ යම් අසාධාරණයක් වෙලා තියෙනවා. මේක ඇත්තටම ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට අසාධාරණයක්.
ලංකාවයි පකිස්ථානයයි අතර කි‍්‍රකට් තරගයක් යද්දී පකිස්ථානයට ජය පතමින් ”පකිස්ථාන් සින්දාබාද්” කියන මුස්ලිම් අය වගේම ලංකාවේ කි‍්‍රකට් කණ්ඩායමට හුරේ දාන මුස්ලිම් අයත් ඉන්න බව අපි පැහැදිලිව දන්න දෙයක්. ලංකාවට වෛර කරන, අරාබියට ආදරේ කරන පිරිසක් ඉද්දී තමයි මෙවර ප‍්‍රතිඵලයත් ඒ වගේ අයටම වෙන්වෙලා තියෙන්නේ.
මේ ප‍්‍රතිඵල අනුව මට්ටක්කුලිය, වැල්ලවත්ත, කල්මුණේ වගේ ප‍්‍රදේශවල මුස්ලිම් අය වැඩියෙන් සමත් වෙලා. මේ සම්බන්ධව අපි විමසුවාම වගකිවයුතු අය කියන්නේ අපේ මතය වැරදියි කියලා.
නීති විද්‍යාලයේ විදුහල්පතිතුමා, විභාග කොමසාරිස්තුමාවත් පෞද්ගලිකව මේ හොරකම කරල නැහැ. එයාලා නීතියෙන් බැඳීමක් නැතත් සදාචාරාත්මක බැඳීමක් තියෙනවා. යුතුකමක්, වගකීමක් තියෙනවා. විභාග කොමසාරිස්තුමා මුලින් මුකුත් කීවේ නෑ. දැන් පිළිගන්නවා කුමක් හෝ සිදුව තිබෙන බව.
සාමාන්‍යපෙළ විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයට ඉක්මනින් පරීක්‍ෂණ කරල වැරැදිකරුවන් අත්අඩංගුවට ගෙන එයාලට නීතිමය කි‍්‍රයාමාර්ග අරගනත් ඉවරයි. සාමාන්‍ය පෙළ ප‍්‍රශ්නය වුණෙත් මේ ප‍්‍රශ්නය ඇතිවුණු කාලෙමයි. ඒ අවධානය මේකට නැහැ.
ඒ වගේම 2010 පෙර අවුරුදුවල ප‍්‍රතිඵල ලේඛනයට අඩංගු තොරතුරු මෙවර තිබුණේ නැහැ. ඒවා අපි අරගල කරල ලබාගත්තේ.
නීති ප‍්‍රවේශ ශිෂ්‍ය එකමුතුවේ සභාපති රම්ෂින් භාචා
නැවත විභාගයක් තැබුවොත් මේ සමත් අය සියලූ දෙනාම සමත් වන්නේ නෑ. මේ පාර සමත් අය අතර වසර 7x8 ක් කාලයක ඉඳන් ලියා අසමත් වූ අයත් සිටිනවා. මේක තරඟකාරී විභාගයක්. නැවත විභාගය තිබ්බොත් සාධාරණව සමත් වූ පිරිසට තව වසර 7-8කටවත් නීති විද්‍යාලයට එන්න බැරිවෙනවා.
සාධාරණව සමත් වූ අයට ඒක ලොකු අසාධාරණයක්. ඒ වගේම අපි නැවත විභාගයක් තැබීමටත් විරුද්ධයි. අපි කියන්නේ සාධාරණ පරීක්‍ෂණයක් තියන්න කියලා.
නීති ප‍්‍රවේශ පාඨමාලා ග‍්‍රන්ථයේ නැති පාරිභාෂික වචන පවා ප‍්‍රශ්න පත‍්‍රයට දාලා තියෙනවා. ඒවා පරිවර්තන දෝෂ නිසා සිදුවන දෙයක්. 2011 විභාගයේදී පරිවර්තන දෝෂ 16කුත් 2012 පරිවර්තන දෝෂ 14කුත් තිබුණා. මේ වගේ තරඟකාරී විභාගයකදී ලකුණු 14-16 ක් කියන්නේ ලොකු ගණනක්. ඊළඟ වසරේදි මේ දෝෂ අවම කරගන්න කටයුතු කළ යුතුයි.
ඒක නිසා අපි කියන්නේ නීතිය දන්න, පාඨමාලා ග‍්‍රන්ථය පරිශීලනය කළ, පාරිභාෂික වචන දන්නා අයට පරිවර්තන කාර්යය භාර දෙන්න කියලයි. පරිවර්තනය කරන්නේ නීතිවේදියෝවත් නෙවේ. ඉංග‍්‍රීසියෙන් හදල නිවැරදිව පරිවර්තනය කළාට කමක් නැහැ.
සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වූ රටක, බහුතරය සිංහල වූ රටක නීති ප්රවේශ විභාග ප‍්‍රශ්න පත‍්‍රය ඉංග‍්‍රීසියෙන් හදලයි සිංහලයට පරිවර්තනය කරන්නේ. සිංහල කම, දේශියත්වය, සංස්කෘතිය ගැන අපේ රටේ ඉහළින්ම කතා කරනවා. මේක තරඟ විභාගයක්. අනික මේ විභාගයට මුහුණ දෙන අයගෙන් සියයට අසූ පහක් සිංහල මාධ්‍යයෙන් පෙනී සිටිනවා. ඒ අයගේ භාෂා අයිතිය, තියන මූලික අයිතිවාසිකම එතනදී උල්ලංඝණය වෙලා තියෙනවා. ඒක බරපතල තත්ත්වයක්.
අපි මේ කතා කරන්නේ ජාතිවාදයක් ගැන නොවේ. තව වසර ගණනකින්, නීතිපති, විනිසුරුවරුන්, අගවිනිසුරුවරුන් පත් කරද්දී මේ වසරේ හොර පාරෙන් සමත්වූ, වංචාවෙන් තේරී පත්වුණු අය පත් වුවොත් මේ රටේ නීතියට යන කල මොකක්ද?
නීතියෙම අර්ථ දැක්වීමක් තියෙනවා. වැරදි කාරයෝ සියයකට දඬුවම් දෙන්න දෙන එකට වඩා එක නිවැරදි කාරයෙකුට දඬුවම් ලැබුණොත් ඒක අපරාධයක් අසාධාරණයක් කියලා. එහෙම බලද්දී මෙවර වංචනිකව සමත්වූ අය අනාගතයේ ඉහළ තනතුරකට ගියාම අහිංසක දුප්පත් ජනතාව තමන්ට වෙන දුකක් කරදයක් කියාගන නීතියේ සරණ පතන්නේ කොහොමද?
ජනාධිපතිතුමා, හිටපු අගවිනිසුරු සරත් සිල්වා වැනි අය පවා නීති විද්‍යාලයෙන් බිහිවූ අය. ඔවුන් වැනි චරිත බිහිවූ මේ නීති විද්‍යාලයේ ගෞරවය කෙලෙසීමක් මේ වෙලා තියෙන්නේ.
අපි ශ්‍රී ලාංකික ජාතියට ආදරේ කරන අය. ඒ නිසා අනාගතයේ අධිකරණයට, රටේ ස්වාධීනත්වයට බරපතළ බාධා වෙන තත්ත්ව ඇතිවිය හැකියි. ඒවා රටේ නීතියට, ජනතා පරමාධිපත්‍යයට සෘජුවම බලපානවා. ඒකනිසා මේ විභාග ප‍්‍රතිඵල ගැන සාධාරණ පරීක්‍ෂණයක් කරල වැරදිකරුවන්ට දඬුවම් දීල නිවැරදි අයට සාධාරණයක් කරන්න කියල අපි ඉල්ලන්නේ.” යනුවෙනි.
නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ඩබ්ලිව්.ඞී. රොද්‍රිගු මහතා පැවසුවේ ඒ සම්බන්ධ පරීක්‍ෂණ පැවැත්වෙන බැවින් කිසිවක් කිව නොහැකි බවය. අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාගෙන් මේ සම්බන්ධව විමසා සිටීමට උත්සාහ කළද එය අසාර්ථක විය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නීති ප්රවේශ විභාග අර්බුදය
නිත්‍යා Saturday, 02 February 2013 03:13 PM
අර්බුධ නැත්තේ මොන විභාගෙද අනේ (ස)
දර්ශන Wednesday, 23 January 2013 09:03 AM
ලොකු වංචාවක් වෙලා තියෙනවා (ස)
සුරංජිත් Tuesday, 22 January 2013 08:44 AM
යම් අසාමාන්‍ය දෙයක් සිදු වී ඇති බව මටත් හැගෙනවා. (නි)
සුදේෂ් Monday, 21 January 2013 04:29 PM
මේක වංචාවක් කියලයි අපිට නම් තේරෙන්නේ. (නි)
කසුන් ධර්මවංශ Saturday, 26 January 2013 10:18 AM
දැංවත් පාඩමක් ඉගෙනගත්තොත් හොදයි.,!(නු)
කසුන් Saturday, 26 January 2013 10:18 AM
දැන්වත් වගකිවයුත්තන්ට පාඩමක් උගන්නමුකෝ. (නි)
අජිත් කරුණාරත්න Saturday, 26 January 2013 10:47 PM
මේ වගේ දේවල් අතීතයෙත් සිදුවුණා.. ඒවා එළිකරපු සිරිල් මැතිව් මන්ත්‍රීතුමාට එදා රජයෙන් එළියට යන්න උනා..!(නු)
Wajira Sunday, 19 January 2020 05:17 PM
2013දී ලොක් අසාධාරණයක් වුණා. හැම පාරම 225ක් ගත්තා. 2013 ගත්තේ 175.... ඒ කාලේ හිටපු රජයත් වගකියන්න ඕනේ...