IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


නැති බැරි මිනිහාගේ හිතවතා ප්‍රේමදාස

 

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 97 වැනි ජන්ම දිනය අදට (23) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ශ්‍රී ලංකාවේ දේශපාලන ශබ්ද කෝෂයට “දිළිඳුකම පිටු දැකීම, නැති බැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් කිරීම” වැනි ධනාත්මක පද හඳුන්වා දුන්නේ රණසිංහ ප්‍රේමදාසයන්ය. එම පදාර්ථ යථාර්තයක් බවට පත් කිරීම සදහා ශීඝ්‍රගාමී ගමනක් ආරම්භ කළ නායකයා ඔහු විය.

අප සමාජයේ නැතිබැරි මිනිසුන් වෙනුවෙන් ඔහුට සිහිනයක් තිබිණ. දැක්මක් තිබිණ. ඒ ගමනේදී හමුවන තහංචි, බාධා, අභියෝග පරදවා ඉදිරියට යන්නට ඔහුට එඩිතරකම තිබිණ. ඔහු බලය හඹා ගිය බව සත්‍යයකි. ඔහු බලය හඹා ගියේ ඒ පොදුජන දැක්ම ඉටුකර ගැන්ම උදෙසාය. ප්‍රේමදාසයන්ගේ මේ දැක්ම අවබෝධ කරගත හැකි කවියක් ඔහුගේ “රස කවි සිතුවිලි” කවි පොතෙන් උපුටා දක්වනු කැමැත්තෙමි.

“මිනිසුන් තරම් මගෙ මේ මව් පොළොව    මත
වටිනා වස්තුවක් වෙන මා දුටුවෙ   නැත
එම වස්තුවම රැක ගන්නට යෙදවු  සිත
රන් මිණි මුතුද ඔවුනගෙ දහදියෙහි  ඇත”

ආර්. ප්‍රේමදාසයන් තුළ ශ්‍රී ලාංකික සමාජයේ අනාගතය උදෙසා තිබූ සිහිනය සිහිපත් කරන විට මගේ සිහියට නැගෙනුයේ, අමෙරිකානු සමාජය තුළ නිදහස, සමානාත්මතාව සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළ මාටින් ලූතර් කිං ගේ “මට සිහිනයක් ඇත” (I Have a dream) යන සුප්‍රසිද්ධ දේශනයයි. 1963 දී වොෂිංටනයේ ලින්කන් ස්මාරකය ඉදිරිපිට දෙලක්ෂ පනස් දහසකට අධික, නිදහස සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටි ක්‍රියාකාරිකයන් අමතා ඔහු කළ දේශනයේ කොටසක් ගැන මගේ මතකය අවදි වේ.

“මම සිහින දකිනවා, අසාධාරණයේත්, මර්දනයේත් උණුසුමෙන් පීඩා විඳින මිසිසිපි ප්‍රාන්තය, නිදහසේත්, සාධාරණත්වයේත් ක්ෂේම භූමියක් වන දවස ගැන.

මම සිහින දකිනවා, අප සමාජයේ උස් තැන් පහත් කරන්නටත්, පහත් තැන් උස් කරන්නටත් පුලු‍වන් වන දිනය ගැන.

මම සිහින දකිනවා, ජෝර්ජියාවේ වහලු‍න්ගේ දරුවන් සහ වහල් හිමියන්ගේ දරුවන් සහෝදරත්වයේ මේසය වටේ එක්ව හිඳගනිමින් සමානයන් ලෙසින් කථාබහ කරන දිනය ගැන.

මම සිහින දකිනවා, මගේ පුංචි දරුවන් හතර දෙනා සම්බන්ධව, ඔවුන්ගේ හැසිරීම් මත තීන්දු ගන්නාවූ සමාජයක පැවැත්ම පවතින දිනය ගැන.”

සැබැවින්ම මාටින් ලූතර් කිං ගේ සිහිනයේත්, ආර්. ප්‍රේමදාසයන්ගේ සිහිනයේත් පදනම මෙන්ම මූලධර්මයන් දෙකක් නොව එකක්මය. එතුමන්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සියලු රැස්වීම්වලදී මාටින් ලූතර් කිංගේ සිහිනය මම උපුටා දැක්වූයෙමි. ප්‍රේමදාසයන් ජනාධිපතිධුරයට පත් කරගැන්ම තුළින්, අපේ සමාජය පිළිබඳව අපට තිබූ එබඳුම සිහින සැබෑ කර ගැන්ම අපේ අරමුණ විය.

මේ ගමනේ දී මතුවූ නින්දා, අපහාස, අවලාද මෙන්ම ඒ පිටුපස තිබූ මුදල් බලය, කුමන්ත්‍රණ සියල්ලට ඉවසිල්ලෙන් යුතුව මුහුණ දෙමින්, ඒ සියල්ල ඔහු විඳ දරා ගත්තේය. සතුරු බලවේග ක්‍රමයෙන් මිත්‍ර බලවේග බවට පත් කරගන්නට ඔහු පොහොසත් විය. දුර දැක්මෙන් සහ කල්පනාකාරීව, යහපත් අරමුණින් ඔහු පැමිණි ගමන, තමන්ගෙන් පසු එම ස්ථානයට පැමිණීමට අප සමාජයේ පුංචි මිනිසුන්ට දොර විවෘත කර දුන් ගමනක්ම විය.

ජනාධිපතිධුරයට පත් වූ වහාම හදිසි නීතිය අවලංගු කර, සැකකරුවන් ලෙස සිටි ජනතා විමුක්ති පෙරමුණේ තරුණයන් 1800 ක් පමණ නිදහස් කර යැවූ අයුරු මගේ මතකයට නැගේ. ඒ නිදහස් කිරීමෙන් එතුමන් උත්සාහ කළේ ජීවිත හානියකින් තොරව රටට සාමය උදාකරගන්නට දොරටු විවෘත කිරීමක් කර ගැනීමටයි.

1971 කැරැල්ල සම්බන්ධ නඩු විභාගයේ සෑම දිනකම අධිකරණය වෙත යමින් කැපවීමෙන් යුතුව නඩු විභාගයට සම්පූර්ණයෙන්  ඇහුම්කන් දෙමින් එහි පසුබිම අවබෝධ කර ගන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු උනන්දු වූයේය.

“මම භාරගෙන ඇත්තේ දෙකොන ඇවිලෙන විලක්කුවක් බඳු රටක්.” යැයි ප්‍රේමදාස ජනාධිපතිතුමන් කියා සිටියේ, උතුරේ සහ දකුණේ ගිනි දැල් මධ්‍යයේ, ජනාධිපතිධුරයේ කටයුතු භාරගන්නට සිදු වූ අවස්ථාවේ දීය. තුන්ඩු කෑල්ලකින් පාසල් වසා දැමිණ. රජයේ කාර්යාල වසා දැමිණ. දේශපාලන ක්‍රියාකාරිකයන් තනතුරුවලින් ඉවත් නොවුනහොත් ඔවුන් ඝාතනයවිණ.

 රජයේ සේවයට වාර්තා කරන රජයේ සේවකයන් ඝාතනය විණ. ආරක්ෂා හමුදා පවුල්ද  ජීවිත තර්ජනයට මුහුණ දුන්හ. සවස හයෙන් පසු විදුලිය තහනම් විණ. වටිනා රජයේ ගොඩනැගිලි, බස් රථ ඇතුළු දේපොල ගිනිබත් කෙරිණි. ඡන්දය පාවිච්චි කරන්නට ගිය පිරිස් ඝාතනයට ලක්විණ. අත් කැපිණ. හිස් මුඩු කෙරිණ. ඝාතනයට ලක් වූ අයගේ මෘත දේහ දණහිසට ඉහළින් ඔසවාගෙන යාම තහනම් කෙරිණ. මේ පසුබිම තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම ගැන බලාපොරොත්තු සිඳීගොස් තිබිණ. ප්‍රේමදාස මහතා රට භාර ගත්තේ මේ අයුරින් උතුර මෙන්ම දකුණේද ගිනි ඇවිලෙමින් තිබූ පසුබිමකය.

“ජීවිතවලට හානි කරන්න එපා. මම කැමතියි, ඔබලා සමග සාකච්ඡා කරන්න. ඒ සදහා අවශ්‍ය නම් ඇස් බැඳගෙන ඔබ කියන ඕනෑම කැලෑවකට වුවද එන්නට මම සූදානම්.”

මේ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ බැගෑපත් ඉල්ලීම විය. එය හෘදයාංගම එකක් විය. ජීවිත හානි සිදුවීම නතර කරන්නට ඔහු බැගෑපත් විය. ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම ජනතාවට රැකදෙන්නට ඔහු බැගෑපත් විය. එහෙත් ඒ ආයාචනාවලට ප්‍රතිචාර නොලැබිණ. ජනාධිපතිධුරයට පත් පළමු මාස පහ පුරාම සාකච්ඡාවෙන්, සම්මුතියෙන් සාමය උදාකරගන්නට ඔහු කිහිප අයුරකින්ම උත්සාහ කළේය. අවසානයේදී ආරක්ෂක හමුදාව විසින් ප්‍රචණ්ඩත්වය මැඩලනු ලැබිණ. දකුණේ මෙන්ම උතුරේද ප්‍රශ්නවලට කිසිදු වෙනසකින් තොරව, ජීවිත හානිවලින් තොරව සාකච්ඡාවෙන් විසඳුමක් උදාකරගන්නට අවසන් මොහොත දක්වා ඔහු ගත් උත්සාහයන් නිෂ්ඵලවීම ඔහුගේ වේදනාවට හේතු විය.

ප්‍රේමදාස ජනාධිපතිතුමන් තම ප්‍රථම අමාත්‍යමණ්ඩල පත් කිරීම් වලදී, එතුමන් භාරයේ කලින් පැවති නිවාස අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා තෝරාගෙන තිබිණ. එම තනතුරේ දිවුරුම් දීමෙන් අනතුරුව, ජනාධිපති මන්දිරයේ එතුමන්ගේ කාර්යාලයට මා කැඳවූ ප්‍රේමදාස ජනාධිපතිතුමන්, මා වෙත කළ ප්‍රකාශය මට කිසි දිනෙක අමතක නොවේ.

“දන්නවද ලැබී තිබෙන අමාත්‍යාංශය?” එතුමන් මගෙන් විමසා සිටියේය. “ඔව්” යනුවෙන් මම පිළිතුරු දුනිමි.

“මගේ අමාත්‍යාංශය දීලා තියෙන්නේ.” ඔහු සිනාසෙමින් පවසා සිටී. නිවාස අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යවරයා සිරිසේන කුරේ මහතාය. මා රාජ්‍ය අමාත්‍යවරයා විය.

“මුලින්ම එන්නේ මහියංගන ගම් උදාව. මැති ඇමැතිවරු පයගහලා නැති ගම්මාන එහෙ තියෙනවා. ඉම්තියාස්, මට කැපවීම ඕනේ. ඒ මිනිසුන්ගේ කඳුළු නිවන්න උපරිමය කරන්න හිතට ගන්න.”

ඔහු තුළ මා ගැන ඇති විශ්වාසය මට දැනුණි. ඊටත් වඩා ඒ වචන එන්නේ ඔහුගේ හදවතින්ම බව මට දැනුණි. ප්‍රේමදාසයන් ගැන සිහිපත්වන ඇතැම් විටෙක මේ වචන මගේ දෙසවන්වල දෝංකාර දෙනු මට ඇසේ. පුංචි මිනිසුන් සවිමත් කරන්නටත්, ශ්‍රී ලංකාව සංවර්ධිත දේශයක් කරන්නටත් දැඩි අධිෂ්ඨානයක් සහ පුදුම කැපවීමක් තිබූ අව්‍යාජ නායකයකු ලෙස මම එතුමන් දකින්නෙමි.

පොල්අතු පැලක, මැටි නිවසක, ලෑලි ගෙදරක, මුඩුක්කු නිවසක වැස්සට නිසි ආවරණයක් අහිමිව, හරි හැටි නින්දක් නොලබන දරු පවුල්වල ජීවිත ගැන දැඩි ලෙස සංවේදීවූ නායකයා ඔහු විය. පුංචි නවාතැනක ඉඩකඩ නොමැතිවූ නිසා, මව්පියන්, දරුවන් සහ පවුල් කිහිපයක් මාරුවෙන් මාරුවට නිදාගන්නාවූ පවුල්වල දුක්බර ජීවිත ගැන ප්‍රමුඛ අවධානය යොමු කළ නායකයා ඔහුය. පූට්ටු ගෙවල්, අත්කම් නිවාස, නිවාස ලක්ෂය, නිවාස දස ලක්ෂය, නිවාස පහළොස් ලක්ෂය සහ ජාත්‍යන්තර නිවාස වර්ෂය ඔහු හඳුන්වා දුන්නේ ඒ කඳුළු නිවන්නටය.

“ජන සවිය” මේ පොළවේ ජනිතවූ සංකල්පයකි. පක්ෂ භේදවලින් තොරව, විනිවිද පෙනෙන ක්‍රමවේදයක් තුළින් දුප්පතුන් නිවැරදිව හඳුනා ගනිමින්, එය ක්‍රියාවට නැගුණේ තුන්වේල කෑමට අවකාශ නැති අප සමාජයේ දරු පවුල් වෙනුවෙනි.  “ඇගළුම් කම්හල් දෙසීයේ වැඩපිළිවෙළ” ඇරැඹුණේ ඈත දුෂ්කර ගම්මානවල ජනතාවට අභිමානයෙන් යුතු ජීවනෝපායක් ලබාදීමටය. “සෙවන මා පිය කැපකරු ක්‍රමය” ක්‍රියාවට නැගුණේ මව්පියන් අහිමි අසරණ දරුවන්ගේ ජීවිත ඉරණම වෙනස් කරන්නටය. “පාසල් දිවා ආහාර වැඩපිළිවෙ‍ළ” ක්‍රියාවට නැගුණේ හරි කෑම වේලක් නොමැතිව පාසලට පියමන් කරන දරුවන් වෙනුවෙනි. “පාසල් නිල ඇඳුම්” වැඩපිළිවෙළ ක්‍රියාවට නැගුණේ දහස් ගණනින් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අතරමග පාසල් අධ්‍යාපනය හැරදමන දරුවන්ට පිහිටවීමටය.

“මාවතේ අපි ” වැඩපිළිවෙළ ක්‍රියාවට නැගුණේ මහමග සිඟමන් යදින පවුල්වල ජීවිතවලට අභිමානයක් ලබා දෙමින්  ඔවුන් නගා සිටුවන්නටය. “උණ බම්බු ගේට්ටු වැඩපිළිවෙළ” ක්‍රියාවට නැගුණේ දුම්රිය හරස් මාර්ගයන්හි දී දිනපතා නිරපරාදේ රටපුරා අවදානමට ලක්වන මිනිස් ජීවිතවලට රැකවරණය සලසන්නටය.

“ජනපති ජංගම සේවා” තම අමාත්‍යමණ්ඩලයම  සහභාගී කරගෙන රට පුරා ගෙන ගියේ දේශපාලන නායකයන්ගේ නිසි අවධානය ලබාගත නොහැකි ජනතාව වෙනුවෙන්, එම දේශපාලන නායකයන් ජනතාවගේ දෙපා ළඟට ගෙනයාම පිණිසය. ‘‘කැපකරු ගම්මාන වැඩ පිළිවෙළ” ක්‍රියාත්මක කෙරුණේ රජයේ ප්‍රතිපාදනවලට  අමතරව දානපතීන්ගේ සහායද දිළිඳු ජනතාව නගා සිටුවීමේ වැඩපිළිවෙළට ලබා ගැනීම සඳහාය. “සෙවන අරමුදල” ඇරඹුණේ ජනතා සේවාවන්ට අනුග්‍රහ ලබාදිය හැකි තවත් මුලාශ්‍රයක් නිර්මාණය කරමිනි. “ග්‍රාමෝදය වැඩපිළිවෙළ” ඇරඹුණේ ගම් නගා සිටුවීමේ වැඩපිළිවෙළ සඳහා පටු පක්ෂ පන්ති භේද ආදියෙන් තොරව ගමේ එකමුතුව අරමුණු කරගනිමිනි. දිසාපති ක්‍රමය වෙනුවට “ප්‍රාදේශීය ලේකම් කාර්යාල” නිර්මාණය කෙරුණේ සංවර්ධනයේ ප්‍රතිලාභ වේගයෙන් ග්‍රාමීය දිළිඳු ජනතාව වෙත ගෙනයාම උදෙසා සාම්ප්‍රදායික පැරණි පරිපාලන ක්‍රමවේදය විප්ලවීය වෙනසකට ගෙනයමිනි.

“පළාත් පාලන ඡන්දවලදී 40% ක තරුණ නියෝජනත්වය අනිවාර්යය කිරීම” සිදු කෙරුණේ තරුණ ජනගහනය පාලනයට සහභාගී කර ගැන්ම සහ ඔවුන්ට නිසි පිළිගැන්ම ලබාදීමේ අරමුණෙනි.

සමාජ සාධාරණත්වය මුලකරගත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම ආරක්ෂා කර ගන්නාවූ ගමනක් තුළින් ශ්‍රී ලංකාව සංවර්ධිත දේශයක් බවට පරිවර්තනය කර ගැන්ම එතුමන්ගේ වේගවත් ගමනේ ඉලක්කය විය. ඒ උතුම් අරමුණ වෙනුවෙන් එතුමන් ඉටුකළ අමිල මෙහෙවර කෘතගුණ පූර්වකව සිහිපත් කරමු.

(***)

ඉම්තියාස් බාකීර් මාකාර්



අදහස් (11)

නැති බැරි මිනිහාගේ හිතවතා ප්‍රේමදාස

nalin, Wednesday, 23 June 2021 11:27 AM

දුප්පතාගේ හිතවතා කිව්වට මැරුණ දවසේ රතිඥ්ඤා පත්තු කලේ ඇයි

:       231       128

siripalaWednesday, 23 June 2021 04:26 PM

නැති බැරි මිනිහාගේ හිතවතා.., එජාපය විනාශ කිරීමේ වගකිව යුත්තා කවුද?..

:       3       11

Royfedricks Wednesday, 23 June 2021 12:18 PM

බොහෝ දෙනාට අමතක වූ දේ තමයි ප්‍රේමදාස මියගියවිට, ජනතාව මහමග ඝෝෂා කළ බව...

:       5       52

RaveendraWednesday, 23 June 2021 03:05 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. අප සමාජයේ දැන් නම් ඉන්නේ ඔක්කොම අද ඉපදුන ළදරුවන්විම කනගාටුවකි.

:       37       35

jagath Wednesday, 23 June 2021 03:51 PM

කාගේවත් පිළිසරණක් නොමැතිව, පැල්පත් වල ජීවත් වුණු මිනිස්සුන්ට නිවසක් ලබාදුන් ජන නායකයා...

:       2       104

Bandara Wednesday, 23 June 2021 04:25 PM

ඔහු මියගිය බව මා දැනගත්තේ දුප්පත් කම්කරුවන්ගේ ප්‍රීති ඝෝෂාවලිනි. ඔහු දුප්පත්ගේ හිතවතා ලෙස හැඳින්වීම හාස්‍යජනකයි.

:       150       74

kapilaWednesday, 23 June 2021 10:11 PM

කෙලෙහි ගුණ නොදත් උදවිය ප්‍රීති ඝෝෂා කළා...

:       46       101

kamal Thursday, 24 June 2021 08:07 AM

පීඩිත පන්තිය නැතිව පාලක පන්තියක් තියෙයිද?

:       3       0

H. Shiromi Thursday, 24 June 2021 01:45 PM

ශ්‍රී ලංකා ඉතිහාසයේ පහළ වූ අසහාය නායකයා. මිටි තැන් උස් කරන්නටත් උස් තැන් වලට නිසි තැන දෙන්නටත් කටයුතු කළ එකම නායකයා. දූවිල්ලෙන්, දහඩියෙන්, කඳුළුවලින්, දුක්, සෝ සුසුම් වලින් බඩගින්නෙන් පීඩිතව අන්ත අසරණ භාවයට පත් වූ මිනිසුන්ගේ එකම ගැලවුම්කාරයා ආර් ප්‍රේමදාස මහත්තයා. අවාසනාවක මහත මේ එකඳු මිනිසෙකුට වත් එය තේරුම් ගැනීමට නොහැකි විමයි. මොකද මෙයට හේතුව වහල් භාවයේ ලේ ඔවුන්ගේ ඇඟ පුරා දුවනවා. දරිද්‍රතාවයේ සංකේත වන ඔවුන්ගේ ඇස්, ඉස්, මස් මොළවලට මේ වග අදටත් නොතේරීමයි. ශ්‍රී ලාංකිකයන් සුරපුරයක් වෙත රැගෙන යාමට ආව ඒ අපූරු මිනිසා පීඩිතයින්ගේ පන්තියෙන්ම ඔහුගේ විනාශය ළඟා කර දුන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ පව් ඔවුන්ම ගෙවා නිම කළ යුතු බවට පීඩිතයන්ටද ඒත්තු ගන්වමිනි. බුදහමේ කර්මය ද, පසක් කරමිනි. පීඩිතයන් සහ පහළ පන්තිය වෙනුවෙන් හඬ නගන නායකයින් ඕනෑතරම් ලෝකයේ සිටියත්, ශ්‍රී ලංකාවේ එවැනි නායකයන් නැත. පහළ වූ එකම නායකයා ඔහුයි. ලංකා ඉතිහාසයේ කැරලි දෙස බැලීමේදී රදළ පන්තිය සහ ඔවුන්ගේ එහෙයියන් රැකගැනීමේ අරගල මිස ඔබ අප වෙනුවෙන් අරගල කළ රජකු නැත. එමනිසා ඔබ අප ගන්නා තීරණ ජීව හිතවාදි බව පෙරදැරි කරගෙන යථාර්තවාදීව ගත යුතු බව පසක් කරමි...

:       32       300

H. Shiromi Thursday, 24 June 2021 01:58 PM

දුප්පතුන්ගේ ගෙල දුප්පතුන්ම සිඳගත් අවස්ථාවක්

:       38       11

chandima Thursday, 24 June 2021 10:05 PM

මොන වැරැදි තිබුණත් මැරුණු මිනිහෙකුට බනින්න එපා. ඕනෑම නම් එයාගේ පුතාට බනින්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 790 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 378 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 129 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4278 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12690 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 691 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site