IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නීතියට වැලි ගසා ජයටම කෙරෙන වැලි මංකඩ වැලි ජාවාරම

සටහන -  තරිඳු ජයවර්ධන  ([email protected])  ,  බිඟුන් මේනක ගමගේ  ([email protected])

ය ඉමක් කොනක් නොපෙනෙන යෝධ මාර්ගයකි. අඩියක් අඩියක් පාසා අලි නාවන වළවල්වලින් යුත් මේ මාර්ගය තාර හෝ කොන්ක‍්‍රීට් හෝ කඳුලක් දැක නැත. පුරන්ව ගිය කුඹුරු යායක් මැදි කරගෙන කිලෝමීටර ගණනක් ඈතට දිවෙන එය පිටි වැල්ලෙන් පිරීඇත්තේ කිසිදා මනුස්ස පා පහසක් නොලද නියාවෙනි. බැලූ බැල්මටම වාලූකා කතරකට දිවෙන අද්භූත මගක් සේ පෙනෙන මේ යෝධ පාරේ පාළුව මැකෙන්නේ මිනිත්තු දහයෙන් දහයට ධාවනයව විසල් ට‍්‍රක් රථ නිසා පමණි.

ප‍්‍රශ්නගත මෙම මාර්ගය පිහිටියේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ ය. ත‍්‍රිකුණාමලයේ සිට කින්නියා හරහා මුතූර් වෙත ගොස් එතැන් සිට මඩකළපුව පාරේ කිලෝමීටර 5.2ක් පමණ ගිය තැන හමුවෙන්නේ පච්චනෝර් ප‍්‍රදේශයයි. පච්චනෝර් සූරංගල් හන්දියෙන් දකුණට ඇත්තේ පෙර කී එම මාර්ගයයි. ආගන්තුකයකුට එය වාලූකාවකට දිවෙන්නක් සේ පෙනුණන ද සැබැවින්ම එය කෙළවරවන්නේ මහාවාලූකාව හෙවත් මෙරට වැඩිම ගොවි බිම් ප‍්‍රමාණයක් සනහාලන මහවැලි ගංඟාව මුලිච්චි වෙමිනි. ඒ මග කෙළවර ඔබ දකින්නේ බැකෝ යන්ත‍්‍ර මගින් මහවැලි දෙගංබඩ වැලි නිධි මහා පරිමාණයෙන් හාරමින් ත‍්‍රිකුණාමල හදබිමම පාරමින් කෙරෙන දැවැන්ත වැලි ජාවාරමයි.

මේ දැවැන්ත පරිසර කොල්ලය මේ වනතුරු කිසිදු මාධ්‍යකට හෝ වගකිවයුතු අංශයකට අනාවරණය කරගැනීම අපහසුව ඇති එක් හේතුවක් වන්නේ ද අපායට යන්නාක් බඳු මේ පාරයි. ලියුම්කරුවන්ට ද එම ස්ථානයට ළඟාවීමට හැකිවුණේ කිලෝමීටර පහක පමණ දුරක් පයින්ම ඇවිද ගොස් අත්හරින ලද වෙහෙසකර දිනයකින් පසුව යතුරුපැදියක් ආධාරයෙන් දෙවැනි වරටත් කළ සංචාරයෙනි.

මාර්ගය දෙපස කිලෝමීටර තුනක් පමණ යන තුරු ඇත්තේ වෙල්යායයි. වැස්ස නැති නිසා ගොයම් පැළ වියලී ගොස් තිබුණු අතර කුඹුරේ තැනින් තැන පැළිවලම් පැළී තිබිණි. අනවරතයෙන් ඇදෙන විශාල ට‍්‍රක්රථවල ටයරයෙන් පෑරුණු මාර්ගයේ දුවිල්ල සිප වැළඳ දෙපස ගස් කොළන් සියල්ලම පාහේ දුඹුරු පැහැයට හැරිලාය. කිලෝමීටර තුනක් පමණ යද්දී වම් පසින් ඈතින් විශාල වැලි කන්දකි.

ළඟට ගොස් බලද්දී වැලි ගොඬේ ආරක්ෂාවට පොලිස් කොස්තාපල්වරයකු ද යොදවනු ලැබ සිටියේය. ඒ පොලිසිය වැටලූ නීති විරෝධී වැලිගොඩකි. පොලිස් කොස්තාපල්වරයා යොදා තිබුණේ නඩු බඩු ආරක්ෂා කිරීම සඳහාය. එතැන් සිට තවත් කිලෝමීටරයක් පමණ යද්දී පුරන් කුඹුරු නිමවී ආරම්භවන්නේ වනාන්තරයයි. ඇතුළට යන්න යන්නම මාර්ගය ගන්නම දෙයක් නැත. එහි යන්නට හැක්කේ විශාල ට‍්‍රක් රථවලට, ට‍්‍රැක්ටර්වලට සහ අත්ට‍්‍රැක්ටර්වලට පමණි. සෑම කිලෝමීටරයක් පාසාම ගස් යට තැනින් තැන ඔත්තුකරුවෝ වූහ.

නාඳුනන්නන්ගේ සම්ප‍්‍රාප්තිය ගැන ඇස ගසාගෙන සිටින ඔවුන් පණිවුඩය දෙන්නේ තවත් කිලෝමීටර ගණනක් ඈතින් සිටිනා ජාවාරමුන්ටය. ඒ හැර වැලි ගොඩදැමීමේ නිරතවූවන්ට අවශ්‍ය තේ කහට ආදිය පිළිගැන්වීම ද ඔවුන්ට බාරය.

ජාවාරම්කරුවන් අතර මෙන්ම බොහෝ දෙනකු අතර මෙම ප‍්‍රදේශය ප‍්‍රසිද්ධව ඇත්තේ ”වැලිමංකඩ” යන නාමයෙනි. මෙහි වැලි ගොඩ දැමීමට නීත්‍යනුකුලව අවසරපත් කිහිපයක් ලබා දී තිබේ. ඒ, දැඩි කොන්දේසි මතය. එහෙත් ඒ මුවාවෙන් වැඩිපුරම කෙරෙන්නේ නීති විරෝධී වැලි ගොඩදැමීමය. මේ ප‍්‍රදේශයේ නීති විරෝධී වැලි තොටුපොළවල් ඇත්තේ ව්‍යාපාරිකයන්ට පමණක්ම නොවේ. නීතිය රැකීමට සිටිනා සහකාර පොලිස් අධිකාරීවරයකුටද වැලි තොටපොළවල් තිබේ. එය ප‍්‍රසිද්ධ රහසකි. පොලිස් පොඞ්ඩෝ රැසක් එම රහස් දැන සිටිති.

එහෙත් ඔවුන් ඒවා දේව රහස් ලෙස සලකන්නේ මුනිවත බින්දොත් තමන්ගේ රස්සාවට තට්ටුවන බව දන්නා නිසාය. එක් දිනකට පමණක් රටේ විවිධ ප‍්‍රදේශවලින් එන විශාල ට‍්‍රක් රථ සියයකට පමණ දිනකට මහවැලියේ වැලි පැටවෙන මේ ජාවාරමට වගකිවයුත්තන්ගේ සහාය නොමදව ලැබේ.

ත‍්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන මහවැලි ගංගාවේ පමණක් නොව කළපුවේ ද වැලි නීති විරෝධී ලෙස දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට යන්නේ මෙම ස්ථානයෙනි. එම ස්ථානයේ මහවැලි ගඟ හරහා ඇති පාලමේ සිට මාර්ගය ඔස්සේ කිලෝමීටර දෙකක් පමණ ඈතට පාර දෙපස වැලි ගොඩ ගසා තිබේ. මාර්ගය අයිනේම ඇති කුඩා කැලෑ රොදට ඈතින් වැලි රැස් කර ඇත්තේ වරින්වර ට‍්‍රක්රථවලට පැටවීම සඳහාය.

ගං ඉවුරට බැකෝ යන්ත‍්‍ර ගෙන යෑම මෙන්ම ඒවා ආධාරයෙන් වැලි පැටවීම ද නීති විරෝධීය. එහෙත් මෙම ප‍්‍රදේශයේ වැලි ජාවාරම කෙතරම් ජයට කෙරෙන්නේදැයි කියතොත් ට‍්‍රක්රථවලට වැලි පටවන්නේ ජේසීබී යන්ත‍්‍ර ආධාරයෙනි. නීතිය නවා දිනකට සියයකට ආසන්න ට‍්‍රක්රථවලට වැලි පටවන්නට තරම් ජාවාරම්කරුවෝ බලවත්ව සිටිති. පසුව ගැනීමට වැලි ගබඩා කර තැබීම ද නීති විරෝධීය. එහෙත් නීති විරෝධී වැලි ගබඩා දෙකක් පමණක් පොලිසියෙන් වටලා ඉතිරියට ජයට කරගෙන යෑමට ඉඩ හරින්නේ ඇයි? ඊට හේතුව පොලිස් ලොක්කන් දෙදෙනකුගේ බලපෑම්ය.

මින් පහළ තනතුරේ සිටින නිලධාරියාගේ ඇති බලපෑම කුමක්ද? මෙම නිලධාරියා ක‍්‍රම දෙකකින් වැලි ජාවාරමට සම්බන්ධ වී සිටියි. එකක් ඔහුට අයත් නීති විරෝධී වැලිපොළවල් පවත්වාගෙන යමින් වැලි ජාවාරම සිදු කිරීමය. අනෙක් ක‍්‍රමය නම් නීති විරෝධී වැලි ජවාරම්කරුවන්ගෙන් මුදල් ගැනීමය. ගමේ ගොඬේ භාෂාවෙන් කියතොත් වැලි ජාවාරම්කරුවන්ගෙන් ජරාව කෑමය. මෙම නිලධාරියා නිතර නිතර මුදල් ඉල්ලා කරදර කරන බවට මීට කලකට පෙර ත‍්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක්ද ලැබී තිබිණි. ඒ වැලි ව්‍යාපාරිකයකුගෙනි.

අනිත් පොලිස් ලොක්කාද වැලි ජාවාරමටආකාර දෙකකට සම්බන්ධය. පළමු ක‍්‍රමය ඔහුට අයත් (ඔහුගේ නමින් නැති වුවද වැඬේ මෙහෙයවන්නේ ඔහුය.) ලොරි රථ වැලි ප‍්‍රවාහනය සඳහා යොදා මුදල් උපැයීමය.

අනෙක් ක‍්‍රමය වැලි ජාවාරම්කරුවන්ගෙන් ජරාව ගැනීමය. කාලයකට ඉහතදී මාස්පතා වැලි ජාවාරම්කරුවෝ කිහිප දෙනෙක් ඔහු වෙනුවෙන් කළු සල්ලි මල්ලක් වෙන් කළහ. එහෙත් ඒ වනවිට පොලිසියේ බුද්ධි නිලධාරිහු මේ ගැන අනාවරණය කරගැනීමට සමත්ව සිටියහ. ඔවුන්ගේ ඊළඟ පියවර වුණේ පොලිසියේ ඉහළම තැනට මේ ගැන වාර්තා කිරීමයි. එහෙත් සිය බත්පතට වැලි දමමින් වැලි ජාවාරම ගැන බුද්ධි වාර්තාවක් ඉහළම තැනට සැපයීමට යතියි ජාවාරමුන්ට කල්තියාම ආරංචිය ලැබුණේය. ප‍්‍රතිපලය වුණේ ඉහත කී පොලිස් ලොක්කන් දෙදෙනා එක්ව ත‍්‍රිකුණාමලය කොට්ඨාසයේ පොලිසියක බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට ස්ථාන මාරුවක් ලබාදීමය. වැලි ජාවාරම්කරුවන්ගේ බලය එසේය. නීතිවිරෝධී වැලි ප‍්‍රවාහනයේ නියැලෙන්නන් අත්අඩංගුවට ගත් අවස්ථා ද නැතිවාම නොවේ. එහෙත් ඒ, පොලිස් ලොක්කන්ට ජරාව නොදුන් අවස්ථාවලය.

වැලි ජාවාරම නතර කිරීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් වැලි තොටුපොළට නුදුරින් පොලිස් බාධකයක් යෙදුවත් මේ දෙදෙනාගේ නියෝග මත දින දෙකක් ඇතුළත එම බාධයකය ඉවත් කරනු ලැබීය. මීට කලකට පෙර ද නැගෙනහිර පළාතේ පොලිස් ලොක්කන් දෙදෙනෙකු වැලි ජාවාරමට සම්බන්ධ වී සිටි අතර ඔවුහු දැන් එම ප‍්‍රදේශවලින් ස්ථාන මාරුලැබ සිටිති. එක් නිලධාරියකු විශ‍්‍රාම ගොස් තිබේ.

”අපේ ලොක්කා වැලි ජාවාරම්කාරයොත් එක්ක සම්බන්ධයි. එයාට ජරාව නොදෙන අයව අල්ලනවා. ජරාව දෙන අයව අල්ලන්නේ නෑ. අපි වගේ පහළ නිලධාරීන් වැලි ඇල්ලූවොත් එයා කතා කරලා අපට බනිනවා. එහෙම බැන්න අවස්ථා  ඕනෑ තරම් තියෙනවා. ඒ.එස්.පී මහත්තයට තියෙන බය නිසා කවුරුත් කටක් අරින්නේ නෑ.” යැයි අප සමඟ කීවේ කිලිනොච්චිය කොට්ඨාසයේ පොලිසියක පොලිස් පොඞ්ඩෙකි.

ජාවාරමුන් සමඟ සම්බන්ධතා පවත්වන ඉහළ පොලිස් නිලධාරීන් දෙතුන් දෙනෙකු නිසා පොලිසියේ නීතිගරුක පහළ නිලධාරීන්ට ද නීතිය ක‍්‍රියාත්මක කිරීමේ අවස්ථාව අහිමිව ගොස් තිබේ. ‘හැමදාම අපි වාහන පහ හයක් අල්ලනවා.’ යැයි ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් කියන්නට පුළුවන. නීතියෙන් ලිස්සා යෑමට වාහන කිහිපයක් ඇල්ලූවද මහා ජාවාරම්කාරයන් හමුවේ නීතිය වක් වනු මිස ක‍්‍රියාත්මක වන්නේ නැත. ”හැමෝම චෝදනා කරන්නේ අපටයි. අපි හරියට බලන්නේ නැතිලූ. බලපත‍්‍රය බලන්නේ නැතිලූ. නමුත් අපි හරියට රාජකාරිය කළොත් වෙන්නෙ මොකද්ද? වැලි ජාවාරම්කාරයෝ අපිව ගෙදර යවනවා. ඇත්තටම මේකට අපට චෝදනා කරලා වැඩක් නැහැ. මොකද අපේ මහත්තුරු දෙතුන් දෙනෙක් වැලිජාවාරම්කාරයන්ගේ සාක්කුවේ ඉන්නේ. ” ඒ කෝපය තවත් පොලිස් පොඞ්ඩෙකුගෙනි.

දිනට වැලි ට‍්‍රක් විශාල ප‍්‍රමාණයක් යන නිසා ප‍්‍රධාන මාර්ගයද කැඞී යෑමේ අවදානමකට ලක්වී ඇතැයි ප‍්‍රදේශවාසීහු කියති. ‘දවසකට ලොකු ට‍්‍රක් රථ 100ක් විතර යනවා. මෙහෙම ගියොත් ප‍්‍රධාන මාර්ගයත් වැලිමංකඩට යන පාරේ වගේ වෙනවා.’ යැයි ප‍්‍රදේශයේ තරුණයෙක් ප‍්‍රකාශ කළේය.

මෙම වැලි ජාවාරමට දේශපාලකයන් දෙදෙනකුගේ නොමද අනුග‍්‍රහය ලැබෙන බව තතු දත්තෝ කියති. ඒ එම දේශපාලකයන් දෙදෙනාගේ ගෝලයන්ද වැලි ජාවාරමට සම්බන්ධ වී සිටින නිසාය. පරිසරය සම්බන්ධ වෙනත් වැරැදිවලට මෙන්ම වැලි ජාවාරමට එරෙහිව ද ක‍්‍රියාත්මක කිරීමට  ඕනෑ තරම් නීති අපේ රටේ තිබේ. ඒ සඳහා වෙරළ සංරක්ෂණ ආඥාපනත, වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත සහ අනදරය පිළිබඳ පනත උපයෝගී කර ගත හැකි අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව,මහවැලි අධිකාරිය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය යන ආයතනවලට නීති විරෝධී වැලි ජාවාරමට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. එහෙත් වරදට එරෙහිව නීතිය ක‍්‍රියාවේ යොදන්නේ ආයතන කිහිපයක් පමණි.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැලි ජාවාරමට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට මැදිහත්වී සිටියත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් හා පිරිස සපයා නැත. මෙහි ප‍්‍රතිපලය වී ඇත්තේ මනුෂ්‍ය ජීවිත පවා බිලිගන්නා පස් හා වැලි පාතාල රට පුරා හිස එසවීමය.

අද වනවිට රට පුරා දැවැන්ත පරිසර කොල්ලයක් සිදුවෙමින් තිබේ. එහෙත් මේ කොල්ලයේ උපායමාර්ග හා මාදිලිය දැන් වෙනස් වෙලාය. නීතියට වඩා නූතන වී ආයතන ගත වෙලාය. මේ නිසා නීති නිලධාරින් ද වැටී සිටින්නේ අලි අමාරුවකය. අනෙක් අතට එය කෙරෙන්නේ ගරිල්ලා යුද්ධයක් වගේය.

එක තැනක් අල්ලද්දී ජාවාරම්කරුවෝ වෙනත් බිම් පෙදෙසක් ආක‍්‍රමණය කරති. ඒ තැන හෙළිවන්නේ දැවැන්ත පරිසර විනාශයකින් පසුවය. මේ තත්ත්වය හමුවේ දැවැන්තම කාර්යභාරයක් මෙන්ම වගකීමක් ද පැවැරී ඇති මර්මස්ථානය වී ඇත්තේ පරිසර අමාත්‍යංශයයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හෙවත් රටේ මූලික නීති ලියැවිල්ල යළි පිළියෙල කිරීම ගැන මේ දිනවල ඇත්තේ විසල් වාදයකි. එහෙත් කවර නීතියකට හෝ පාලනය කිරීමට මූලිකවම අපට රටක් අවශ්‍ය වී තිබේ.

පැරැන්නන් තැල්ල බඳින්නත් බෙල්ල තිබෙන්න  ඕනෑ යැයි කීවේ ඒ නිසාය. අද ඒ වගකීමත් බාරව තිබෙන්නේ ජනාධිපතිවරයාටමය. මන්දයත් පරිසර අමාත්‍යංශය බාරව සිටින්නේත් රටේ පළමු පුරවැසියාම නිසාය. ඉතින් මේ හෙළිදරව්වෙන් පසුවවත් නීතිය නවා බඩ රස්සාවට පරිසරය උලාකන්නන්ට එරෙහිව නිසි පියවර ගැනෙනු ඇතැයි අපි සිතමු.

නොඑසේව ඔවුන්ගේ දේශපාලන සබඳතා ද දිගහැරීමට මේ පත්ඉරුවේ ඉඩ මදි නැත.

 

'වැලි ගොඩ දමනවා කියන්නේ කඳුකරයේ නායයාම්වලට අත වැනීමක්'

පරිසරවේදී ආචාර්ය - රවීන්ද්‍ර කාරියවසම්

‘‘අපි පොළවට කියන්නේ ‘මදර් අර්ත්’ කියලා. මහ පොළොව අම්මා කියා කියනවා. සංස්කෘතවලින් භූමි කියන්නේ. පොළොව මත තමයි ජීවීන්ට අවශ්‍ය හැම සාධයකයක්ම තිබෙන්නේ. පොළව කියන්නේ සියලූම ජීවීන්ගේ පදනම. වැලි කපනවා හෝ පස් කපනවා කියන්නේ පදනම විනාශ කිරීමක්. වැලි හැදෙන්න වසර මිලියන ගණනාවක් යනවා.

භූතැටි අනුව මහද්වීප අනුව වෙන් වෙලා තිබෙනවා. හැම වැලි කැටයක්ම හැදෙන්න වසර මිලියන ගණනක් යනවා. වසර මිලියන ගණනක ඉතිහාසයක් තමයි එක උදලූ පාරින් එක සවල් පාරින් විනාශ කර දමන්නේ. වැලි සම්පතක් වෙන්නේ ඒවා නිර්මාණය වෙන්න විශාල කාලයක් යන නිසයි. මහ පොළොව අපිට හදන්න බෑ. අපට ගෙවල් හදන්න පුළුවන්. නමුත් පොළව හදන්න බැහැනේ.

මේවා හදන්න බැරි නිසයි අපි ආරක්ෂා කරන්න  ඕනා කියන්නේ. ආරක්ෂා කළ යුතු නිසා තමයි නීති අනපනත් හැදී තිබෙන්නේ. නැවත මේ අයින් කරන දේවල් හැදෙන්න තවත් අවුරුදු ලක්ෂ ගණනක් යනවා. ත‍්‍රිකුණාමලයේ වැලි හෑරීමෙන් වෙන්නේ වගුරු බිමක තිබෙන ආරක්ෂක වළල්ල තමයි මේ අයින් වෙන්නේ. ආරක්ෂක වළල්ල අයින් වුණු ගමන් වතුර රැඳී තිබෙන ස්ථාන තව තවත් ඈතට යනවා.

එකෙන් වගුරු බිම්බල තෙතමනය නැතිවී යනවා. ගංගාවේ සුවිශේෂී තැන් තමයි වතුර රඳන පොකුණු. දැන් වටේ පූල්ස්වලින් තමයි වැලි හාරන්නේ. ඒවයේ වැලි හාරනවා කියන්නේ ජල ගබඩා විනාශ වී යනවා. ගඟට හානියක් වෙනවා කියන්නේ ඉවත් කළ වළවල් වැහෙන්න සෝදාපාළුවී එන පස් පිරිය යුතුයි. නාය යෑම් සඳහාත් එය බලපෑ හැකියි. ලංකාවේ එක තැනක වැලි ගන්නවා කියන්නේ බොහෝ තැන්වලට බලපෑමක් වෙනවා.

අපිට වෙන් වෙලා වගේ පෙනුනට අභ්‍යන්තරයෙන් සම්බන්ධ වෙලයි තිබෙන්නේ. දැදුරු ඔයේ වැලි ගොඩ දැමීම සම්බන්ධයෙන් නඩු තීන්දුවක් තිබෙනවා. වැලි ගොඩ දමද්දි කළ හැකි ආකාරය ගැන යම් අදහසක් එහි තිබෙනවා. ලංකාවේ ඇති තරම් නීති තිබුණක් ජාවාරම්කාරයන්ට ඒවා අදාළ නෑ.

දේශපාලනඥයොත්, ඇතැම් පොලිස් නිලධාරිනුත් ඉන්නේ ජාවාරම්කාරයන්ගේ පැත්තේ. මහවැලි ගෙඟ් ජල ගැලූම් නිම්නය තිබෙන්නේ වැලිකන්ද සහ ත‍්‍රිකුණාමලය අතරයි. අභ්‍යන්තරයේ පස් හෝදාගෙන ඇවිත් එහේ තමයි එකතු වෙලා තිබෙන්නේ. මේවා ඉවත් කරද්දී මධ්‍යම කඳුකරයේ සිට යළි හෝදාගෙන ආ යුතුයි. අඩු පුරවන්න ආයෙත් එන්න  ඕනනේ. ඒ කියන්නේ වැලි ගොඩ දමනවා කියන්නේ කඳුකරයේ නායයෑම් සඳහා අත වැනීමකි.''



අදහස් (2)

නීතියට වැලි ගසා ජයටම කෙරෙන වැලි මංකඩ වැලි ජාවාරම

nimallalitha Thursday, 27 April 2017 10:59 AM

ඇත්තටම උවමනාවක් තියෙන්නේ නම් මේ ජාවාරම මර්ධනය කල හැක. සමහරවිට එය ලෙයින් ජිවිත පුජාවෙන් විය හැක. දමිල මස් වැද්දාව මර්ධනය කල අපේ රණවිරුවන්ට මෙය මහා ලොකු වැඩක් නොවේ.

:       0       5

samantha Friday, 28 April 2017 10:24 PM

මේ වැඩ නවත්වන්න පුළුවන්... අපේ ගමෙත් ලොකු පරිසර විනාසයක් වෙනවා... කීවට වැඩක් නෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 81 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 400 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1028 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1516 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 245 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 455 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 549 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2096 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site