ඉකුත් මැයි 03 වැනි සිකුරාදා දින සවස “නිදහස් අධ්‍යාපනය” බේරා ගැනීමේ සටනකට “වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව” නමින් කැඳවීමක් තිබිණ. ඒ විරෝධය පොලිස් ප්‍රහාර සමගින් විසුරුවා හැරිණ. විරෝධතා මර්දනය කිරීම මේ ආණ්ඩුවේ දෛනික කටයුත්තක්ව ඇත.
ඊට විරුද්ධ වන්නට සියලු ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන හා දේශපාලන පක්ෂ පෙරමුණ ගැනීම අත්‍යවශ්‍ය වූවත් සිදු වන්නේ එය නොවේ. නිතර අහන්න දකින්න ලැබෙන්නේ ඉලක්කයක් නැති ඉල්ලීම් වෙනුවෙන් පාරට බැසීමය. මේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතාවත් එවැනිය. ඊට පාදක වන්නේ (1) කොතලාවල ආරක්ෂක ඇකඩමිය හරහා වෙද උපාධි මුදලට විකිණීම (2) රාජ්‍ය වෛද්‍ය පීඨ වනසමින් NSBM හරහා වෙද උපාධි කඩ ගෙන ඒම සහ (3) නිදහස් අධ්‍යාපනයට වැට බඳින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ගෙන ඒමට විරුද්ධ වීමය.
මෙම කාරණා එකිනෙක ගතහොත් පළවැන්න හා දෙවැන්න අතර මූලික වෙනසක් නැත. කොතලාවල ආරක්ෂක ඇකඩමිය ගැන කිවහොත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් එය විශ්වවිද්‍යාලයක් ලෙස පිළිගනු ලබන්නේ 2007 ඔක්තෝබරයේදීය. වෛද්‍ය උපාධි පාඨමාලාව ආරම්භ කෙරෙන්නේ 2009 දී ය. ඉංජිනේරු උපාධි ආරම්භ කෙරෙන්නේ 2011 දී ය. සාමාන්‍ය දෛනික සිසු සිසුවියන් සඳහා මුදල් අය කෙරෙන උපාධි පාඨමාලා පටන් ගන්නේ 2012 වසරේදීය. මේ වන විට වසර 11 ක් පුරා එවැනි උපාධි පාඨමාලා ගණනාවක් කොතලාවල ආරක්ෂක ඇකඩමිය විසින් මුදල් අයකර පවත්වා ගෙන යනු ලැබේ.
ඒ අතරතුර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛව ඇදගෙන ගිය “සයිටම් විරෝධය” මීට වසර 06 ට පෙර 2018 වසරේ ජුනි 20 වැනි දින, අවසන් කෙරුණේ සයිටම් ආයතනයෙහි වෛද්‍ය උපාධිලාභී සිසු සිසුවියන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි මුදල් අය කෙරෙන වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමේ තීන්දුව සමගින්ය. ඒ වෙනුවෙන් “ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත” සංශෝධනය කරනු ලැබූ විට, නිදහස් අධ්‍යාපනය බේරා ගැනීමට පාරට පැමිණි සයිටම් විරෝධීහු සැවොම ඊට අත්පොළසන් ගසමින් ඔවුන්ගේ විරෝධතා අවසන් කළහ.
අවුරුදු 40 ක පමණ කාලයක සිට රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය සඳහා නොතේරුණු සිය ගණන් සිසු සිසුවියන් අවුරුදු පතා විදේශ වෛද්‍ය පීඨ වෙතින් මුදලට වෛද්‍ය උපාධි ලබා ගෙන නැවත පැමිණෙති. ඒ වෙනුවෙන් ඔවුන් වැය කරන්නේ රුපියල් නොව අපේ විදේශ විනිමය වන ඩොලර්ය. එලෙස ඩොලර් වැය කර ලබා ගත් විදේශ වෛද්‍ය උපාධියක් ඇතිව පැමිණෙන සැවොම 1965 අංක 16 නම් වෛද්‍ය පනත යටතේ වෛද්‍යවරයකු ලෙස මෙරට ලියාපදිංචි වීමේ විභාගයට පෙනී සිට රජයේ වෛද්‍ය සේවයෙහි පත්වීම් ලබති. මෙතෙක් ඊට කිසිදු විරෝධයක් නැත. විරුද්ධ වන්නේ රුපියල් වලින් මෙරටදී වෛද්‍ය උපාධි ලබා ගැනීමට පමණි.
දෙවැනි කාරණාව රජයේ වෛද්‍ය පීඨ වනසමින් NSBM හරහා වෙද උපාධි කඩ ගෙන ඒම නිදහස් අධ්‍යාපනය වැනසීමක් යැයි කීමය. පළමුවෙන්ම කිව යුත්තේ රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ කිසිවක වැනසීමට තරම් කිසිවක් නොමැති බවය. අපගේ වෛද්‍ය පීඨ 12 න් එකක්වත් ලෝකයේ නොව, ආසියාවේ පළමු 300 අතර හෝ නැත. ඉකුත් පෙබරවාරි 29 වැනි දින “එඩියුරෑන්ක්” ආයතනය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ තත්ව ස්ථානගත කිරීම් අනුව, කොළඹ වෛද්‍ය පීඨය ඇත්තේ ආසියාවේ 365 වැනි ස්ථානයෙහිය. පේරාදෙණිය ඇත්තේ 399 වැනි ස්ථානයෙහිය. එතැන් සිට කැලණිය 611, ශ්‍රී ජයවර්ධනපුර 630, රුහුණ 982, යාපනය 1220, මොරටුව 1271, රජරට 1361, වයඹ 1935, ඌව වෙල්ලස්ස 2064, සබරගමුව 2107 සහ අග්නිදිග වෛද්‍ය පීඨය 2354 වැනි ස්ථානවලය.
ඒවා එලෙස බාල්දු වී ඇත්තේ වෙද උපාධි කඩ නිසා නොවේ. රජයේ වෛද්‍ය පීඨ එලෙස වැනසී ඇත්තේ පීඨ කළමනාකාරිත්වය හා විශ්වවිද්‍යාල අධිකාරීන්ගේ නොසැලකිල්ලට අමතරව, ජාවාරම්කාර වෙළඳපොළ වෙනුවෙන් හැම ආණ්ඩුවක්ම තම සමාජ වගකීම් අත හැර දැමීම නිසාය. එනිසා උපාධි කඩ නිසා රජයේ වෛද්‍ය පීඨ වැනසෙන්නේ යැයි කීමට පෙර මේ විරෝධතාකරුවන් ඉල්ලා සිටිය යුත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය විසින් දශක 02 ට වැඩි කාලයක් පුරා සිදුකර නොමැති වාර්ෂික වෛද්‍ය පීඨ ඇගයුම් වහා කළ යුතු යැයි කියා ය. ඒවායේ තත්ව වාර්තා මත රජයේ වෛද්‍ය පීඨ අවම තරමින් ආසියාවේ පළමු 200 ට ඇතුළු කරගත හැකි දැයි බැලීම, කොටුව දුම්රිය පොළ ඉදිරිපස සටන් පාඨ කීමට වඩා වැදගත්ය.
ඒ සම්බන්ධව මෙයද කිවයුතුය. පසුගිය වසරේ මැයි 02 වැනි දින, විදේශ වෛද්‍ය පීඨ මගින් ලබා දෙන වෛද්‍ය උපාධි පිළිගැනීම සම්බන්ධ නිර්ණායක ඇතුළත්වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අගමැතිවරයාගේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ඇමති මණ්ඩලය තීන්දු කළේය. එහි වූ නිර්දේශයක් මත ලෝක තත්ව ඇගයුමට අනුව පළමු දහසට ඇතුළත්වන වෛද්‍ය පීඨ වෙතින් ලබා ගන්නා උපාධි පිළිගැනීම සඳහා වෛද්‍ය පනත සංශෝධනය කළ යුතු යැයි ඉකුත් ඔක්තෝබරයේදී ජනාධිපති වික්‍රමසිංහගේ සහ හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ අත්සනින් කැබිනට් පත්‍රිකාවක් සම්මත කෙරිණ. එකී තීන්දුවෙන් කියවෙන්නේ අපගේ කිසිදු වෛද්‍ය පීඨයක නොමැති ඉහළ තත්වයක, දියුණු වෛද්‍ය පීඨ වෙතින් වඩා උගත් වෛද්‍යවරුන් අපගේ වෛද්‍ය සේවාවට එකතු කර ගැනීමේ ඉඩ හැදීම ය. දැනට අපේ රටේ පළමු ස්ථානයෙහි ඇති කොළඹ වෛද්‍ය පීඨය ලෝකයේ ඇත්තේ 1,182 වැනි ස්ථානයෙහි ය. කරාපිටිය යැයි හඳුන්වන රුහුණ වෛද්‍ය පීඨය ලෝකයේ 2,575 වැනි වෛද්‍ය පීඨය ය. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ආරක්ෂා කරන්නට යැයි ඔවුන් කියන්නේ මෙවැනි වෛද්‍ය පීඨය.
මේ විරෝධතාකරුවන්ගේ තෙවැනි කාරණාව අනෙක් කාරණා දෙකටම වඩා අඳබාල කතාවකි. ආණ්ඩුවකට සිය අභිමතය අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා සැකසීමේ ස්වාධීන අයිතියක් හෝ බලයක් නොතිබිය යුතුය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පාදනය, විවෘත සමාජ ක්‍රියාවලියක් තුළ සිදුවිය යුතුය. එය වෙනත් කතාවකි. නිදහස් අධ්‍යාපනයට වැට බඳින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ගෙන ඒමට විරුද්ධ වන්නට නම්, නිදහස් අධ්‍යාපනයක් තිබිය යුතුය.
මේ රටේ කිසි දිනෙක නිදහස් යැයි නොමිලේ අධ්‍යාපනයක් නොතිබිණ. 1943 සැසි වාර පත්‍ර අංක 24 ලෙසින් රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි සම්මත කෙරුණු “අධ්‍යාපනය සඳහා වන විශේෂ කමිටු වාර්තාව” (ජනප්‍රිය වහරේ කන්නන්ගර වාර්තාව), නිදහස් අධ්‍යාපනය ගැන කරන සඳහන් කිරීම්වල ඇත්තේ විවෘත පරස්පරයකි. එහි “මූලික නිගමන හා නිර්දේශ සම්බන්ධ සම්පිණ්ඩය” යැයි වැනි 20 වැනි පරිච්ඡේදයෙහි 372 වැනි වගන්තිය වන්නේ “බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයක් විය යුතු යැයි අපි නිර්දේශ කරන්නෙමු” යන්නය. එසේ සඳහන් කිරීමෙන් පසු 377 වැනි වගන්තියෙන් කියන්නේ “ද්විතියික හා ජ්‍යෙෂ්ඨ පාසල්වල උපකරණ ගාස්තු අය කිරීමේ අභිමතය ඔවුන්ට ඇත. එවැනි අය කිරීමේ උපරිමය විය යුත්තේ ජ්‍යෙෂ්ඨ පාසල්වල මාසයකට එක් ළමයකු සඳහා රුපියල් 02 ක් සහ ද්විතියික පාසල්වල මාසයකට උපරිම රුපියල් 03 ක් ලෙසින් ය” යනුවෙනි. ඒ 1943 මිල ගණන් අනුව ය.
පාරට බැස අනුන් කියන්නන් වාලේ කෑගසන අය මතක් කරගත යුතු කාරණාව නම්, ඔවුන්ගේ පාසල් කාලයේ ඔවුන්ගේ පාසලේද ගාස්තු අය කළ බවය. මුදල කීයක් වුවත් ගමේ පාසලෙත් පහසුකම් ගාස්තු වශයෙන් කීයක් හෝ සමග පාසල් සංවර්ධන සමිතියේ වාර්ෂික සාමාජික මුදල වශයෙන් තවත් දාහක් හමාරක් අය කරන බවය. ග්‍රාම සේවා නිලධාරිගේ නිර්දේශය මත ඉන් නිදහස් කෙරෙන අතර, විදුහල්පතිවරු බහුතරයක් කෙසේ හෝ පාසල් සංවර්ධන සමිති සාමාජික මුදල එකතු කර ගැනීමට පුදුමාකාර උත්සාහයක් දරති. රජයේ විගණනයට සංවර්ධන සමිති අරමුදල් යටත් නොකෙරෙන හෙයිනි. ඒ වගේම, ජනප්‍රිය හා නාගරික පාසල්වල පළමු වසරට ළමයින් ඇතුළත්කර ගැනීමේ සිට වසරක් පාසා ක්‍රීඩාවලට, ගොඩනැගිලි අලුත්වැඩියාවට, විවිධාකාර බාහිර කටයුතුවලට රුපියල් දහස් ගණන් අය කරන බව විවෘත කතාවකි. එවැනි අධ්‍යාපනයක් නිදහස් වන්නේ කෙසේදැයි කවරෙකු හෝ අලුත් පැහැදිලි කිරීමක් කළ යුතුය.
දේශපාලන වුවමනා අනුව පාරට බැස ආරක්ෂා කරන්න යැයි මොර දෙන මේ ව්‍යාජ “නිදහස් අධ්‍යාපනය” අහෝසි කර වැදගත් දියුණු ජාතික අධ්‍යාපනයක් තහවුරු කළ යුතු වන්නේ මේ නිදහස් අධ්‍යාපනයෙහි සැවොම එක හා සමාන ලෙස නොසැලකෙන නිසාය. මෙය බරපතළ විෂමතා සහිත අධ්‍යාපනයක් වන නිසාය. පාසල් යා යුතු වයසේ ළමයින්ගෙන් සියයට 96 ට වැඩි ප්‍රතිශතයක් පාසල් යන හෙයින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු අතර අධ්‍යාපන අරමුණු අප සාක්ෂාත් කරගෙන ඇතැයි එක්සත් ජාතීන් කීවත් ඒ පාසල් බොහෝමයක් හිස් විවෘත ශාලා පමණය. පාසල් පද්ධතියෙහි පහසුකම් හා සම්පත් අතර ඇති විෂමතා ගැන කතා කොතැනකවත් නැත. නගරවල ප්‍රධාන පාසල්වල ඇති කිසිදු පහසුකමක් ගමේ පාසල්වල නැත. ඇතැම් ගමේ පාසල්වල සිසු සිසුවියන් හා ගුරුවර ගුරුවරියන් දිනපතා කිලෝ මීටර හත අට පාසලට පයින් යා යුතුය. පාසල් දහස් ගණනක පානීය ජලය නැත. වැසිකිළි නැත. බොහෝ පළාත්වල සාමාන්‍ය පෙළ සමත් ළමයින්ට උසස් පෙළ සඳහා තෝරා ගැනීමට සිදුවන්නේ ඒ පළාතේ උසස් පෙළ පන්ති පැවැත්වෙන පාසලක උගන්වන විෂය ධාරවක් ය. කොළඹ ළමයින්ට ඇති තේරීම් කිසිවක් ඔවුන්ට නැත. පහසුකම් හා ඇතැම් විෂයන් සඳහා ගුරුවරුන්ද නැත.
නිදහස් අධ්‍යාපනය බේරා ගැනීමට යැයි මේ උද්ඝෝෂණ කෙරෙන්නේ බාල්දු වුණු වෛද්‍ය පීඨ දියුණු කර ගැනීමට නොවේ. මෙරටදී රුපියල් වැය කර වෛද්‍ය උපාධිය ලබා ගැනීමට එරෙහිවය. නිදහස් අධ්‍යාපනය බේරා ගැනීමට කියා උද්ඝෝෂණ කෙරෙන්නේ මේ ගරාවැටුණු ගුරු සේවාව සමග ඌණ පහසුකම් සහිත පාසල් පද්ධතිය දියුණුකර ගැනීමට නොවේ. රජයේ විශ්වවිද්‍යාලවල වැදගැම්මකට නැති උපාධි සහතික බෙදීම වෙනුවට දියුණු විශ්ව දැනුමක් ඇසුරු කළ හැකි, නිදහස් විශ්වවිද්‍යාල සංස්කෘතියක් ඇසුරෙන් උපාධි ලබා ගැනීමට නොවේ. කෙටියෙන් කිවහොත් වඩා දියුණු නවීන ජාතික අධ්‍යාපනයක් වෙනුවෙන් ප්‍රතිසංස්කරණ ඉල්ලා නොවේ. එවැනි ඉදිරිගාමී නවීන දැක්මක් ඔවුන්ට නැත. ඔවුන්ගේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ කතාව “ලෙල්ල ගඳ වුණාට ලෙලි ගසා දූරියන් කන්න දෙන්නෙ නැහැ” වැනි කතාවකි.
(***)
කුසල් පෙරේරා
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිදහස් අධ්‍යාපන ඝෝෂාව
Devika Dhambarage Tuesday, 07 May 2024 12:57 PM
නිදහස් අධ්‍යාපනය උසස් පෙලින් අවසන් කර විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා නියමිත ගාස්තුව අය කෙරුවනම් වැඩකට නැති උද්ඝෝෂණකාරයෝ නැති වෙයි. කිසිම දෙයක් නිකන් දෙන විට එහි වටිනාකමක් නොමැත. හැම දෙයකටම මිලක් තිබිය යුතුයි. නිදහස් අධ්‍යාපනයෙන් බිහි වුණු වෛද්‍යවරු තමයි නිරෝගී අත් කපලා, නීරෝගි වකුගඩු අයින් කරලා, ගැබිනි මව්වරුන් දූෂණය කරලා සහ තවත් ජරමර කරලා තියෙන්නේ.
kalhara Tuesday, 07 May 2024 03:45 PM
මාගේ පුද්ගලික අදහසට අනූව නිදහස් අධ්‍යාපනය නිසා ලංකාවට සිදු වූ හොඳ දේවල්වලට වඩා සිදු වූ නරක සහ අවාසි වැඩිය. සීඩබ්ඩබ් කන්නංගර මහතා විසින් සිදු කළ යුතුව තිබුනේ දුප්පත් ළමයින්ට 100% නොමිලේ සහ ධනවත් පවුල්වල සිසුන්ට මුදල් ගෙවා ඉගෙන ගැනීමට හෝ යම් ප්‍රතිශතයක් ගෙවීම ආදී පුද්ගලික පාසල් සහ විශ්ව විද්‍යාල ඇති කිරීමයි. එසේ වූවානම් කාටත් සාධාරණ ලෙස ඉගෙන ගැනීමටත්, රජයට දැරීමට සිදු වී ඇති විශාල වියදම අවම කර ගැනීමටත් ලංකාවෙ දූපත් මානසිකත්වය නැති කිරීමටත්, අන්තරේ සහ වි වි මහාශිෂ්‍ය සංගම් වැනි පිස්සන් නැති වීමත්, රටේ සියලුම ජනතාව සහ වෘත්තීන් එක හා සමාන වීමත් රට දියුණු වීමත් සිදු වේ. මෙවැනි පිස්සන් රජයේ මුදල් නාස්ති කරමින් තමන්ටත් රටටත් වැඩක් නැති මෝඩයන් බවට පත් වී ඇත. පිටරට ළම්යි මේ කෝලම් නොකරන අතර තමන් ඉගෙන ගෙන රටට සේවයක් කරයි.
bhagya Tuesday, 07 May 2024 03:48 PM
මුන්ගෙ කතාව පුද්ගලික වි වි වහන්න. හැබැයි ඔය කියන මහා ප්‍රමිතියක් තියෙන උන්දලට බැරි වුණා කොරොනා වලට බෙහෙතක් හොයා ගන්න. ඔච්චර පුද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙන චීනය ඉන්දියාව වගේ රටවල් එන්නත් හදල අපිට දුන්නෙ නැත්තන් මුන්ටයි අපිටයි දෙගොල්ලොන්ටම වෙන්නෙ පොලිතීන් බෑග් එකක දාල ආදාහනය වෙන්න තමා
Channa Perera Wednesday, 08 May 2024 03:01 AM
ශ්‍රීලංකාවේ වෛද්‍ය මණ්ඩලය කියා ආයතනයක් නැත. ඇත්තේ ශ්‍රීලංකා වෛද්‍ය සභාවයි. වෛද්‍ය සභාව දශක දෙකකින් නොව ගිය වසර දෙකකට පෙර පවා වෛද්‍ය පීඨ ඇගයීමට ලක් කරන ලදී. ඒ ගිය වසරේ ලංකාවේ වෛද්‍ය පීඨ වලට හිමිවූ World Federation of Medical Education තත්ව සහතිකය අනුව යමිනි. මෙම තත්ව සහතිකය දකුණු ආසියා කලාපයෙන්ම ඇත්තේ ශ්‍රීලංකාවට පමනි.මැලේසියාවටවත් නැත. ලෝකය පිලිගන්නේ මේ පත්තරකාරයා කියන එඩියුරෑන්ක් වැනි දෙකයි පනහේ website නොව WFME සහතිකයයි. මේ පත්තරකාරයා හිතන් ඉන්නා ව්දියට් විදෙස් උපාධි අරන් එන හැමෝම වෛද්‍යවරුන් නොවේ. ERPM විභාගය සමත් වන්නේ 30% පමන ගණනක් පමණි.
Malinga Wednesday, 08 May 2024 11:36 AM
අපෙ රටෙ වෛද්‍යවරු කියන විදියට දකුණු අසියවේ හොදම වෛද්‍ය යවිද්‍යාල ඇත්තෙ ලංකාවේය. නමුත් කොරෝනා වලට හොයා ගත් බෙහෙතක් නැත. ආර්ථිකය බින්දුවටම වැටී ඇත. සුද්දො බෙහෙත් ගැනීමට ලංකාවට එන්නේද නැත. ලංකාවේ කරන්න බැරි සැත්කම් වලට ඉන්දියාවට යයි. අපේ උන් පුරාජේරුව කියමින් සිටී. ඔය කියනම වෛද්‍ය සභාවම තමන්ගෙ කල්ලියේම දොස්තර කෙනෙක්ගෙ දියනියක් වෙනුවෙන් ERPM විභාගය පවා අත්හිටුවීමට හැකිනම් ඔකෙ විනි විද භාවයක් තියෙනව කියල පිලිගන්න හැකිද? නඩුත් හමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. මොන තත්වසහතික තිබ්බත් ලංකාවෙ වෛද්‍ය විද්‍යාලයකින් සොය ගත් අලුත් යමක් නැත.
BagyaWednesday, 08 May 2024 11:40 AM
හොඳට බැලුවොත් පෙනෙයි ඉන්දියව ඇතුලු වෙනත් දකුණු ආසියනු රටවලට වෛද්‍ය විද්‍යාල වලටත් ඔය WFME සහතියක ඇති බව. ලංකාවේ දොස්තරකම ඔලුවට උඩ තියන් ඉන්න අයනම් හිතන් ඉන්නෙ අපි විතරයි දොස්තරල අනිත් රට වල් වල ඉන්නෙ සොක්කො කියල.
Lalla Friday, 10 May 2024 10:58 AM
රාජ්‍ය මානසිකත්වය ඔලුව උඩ තියාගෙන වැඩක් නෑ. රට දුවන්නේ පෞද්ගලික අංශය... රජයේ සේවය අධ්‍යාපන සෞඛ්‍ය වැනි සේවා කීපයකට පමණක්ම වැදගත්. ඒ දෙකත් පෝෂණය කිරීමට පෞද්ගලික අංශයේ උදව්ව අත්‍යාවශ්‍යයි. පෞද්ගලික විශ්වවිද්‍යාල, පාසල් නියාමනය කර පටන්ගත්තා නම් විදේශ ශිෂ්‍යයෝත් ලංකාවට එනවා. දැනටත් ACCA, CIMA, BCS වගේ පාඨමාලාවලට ඉගෙන ගන්න මාලදිවයින් ශිෂ්‍යයෝ ලංකාවට එනවා. සම්පූර්ණයෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතන, ඉංග්‍රීසි මාධ්‍ය...
රූපිකා වීරසිංහ Thursday, 09 May 2024 12:21 PM
චන්න පරේරා හැර අඅනෙකුත් සියලුම දෙනා කියපු අදහස් සියයට දාහක් නිවැරදියි විශේෂයෙන් දේවිකා මැතිතුමිය කියපුදේ ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කරනවානම් ලංකාව සංවර්ධිත රටක් කරන්න පහසුයි උසස් පෙළ දක්වා රජයේ ආධාර මත නිදහස් අධ්‍යාපනය දුන්නානම් හොදටම ඇති ඉන් පස්සෙ මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට කටයුතු කරන්න ඕන දුප්පත් දරුවන්ට බැංකු ණය ගැනීමට පහසුකම් දුන්නාම ඇති ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මහපොළ ශිෂ්‍යත්ව ඇතිකිරීමට පෙර විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබෙවෙ බැංකු ණය අරගෙන තමයි මට මතකයි එහෙම උගත් අයගේ වැටුපෙන් මුදල් අයකර එක් බැංකුවක සරසවි උයන ශාඛාවේ ගිණුමට චෙක්පත් යැව්වා කියලා ඒ අනුව නම් මහපොළ ඇතිකිරීම විශ්ව විද්‍යාල සිසුන්ගේ නොමනා ක්‍රියාවන් වලට හේතුවක් වුනා කියන්න පුළුවන් ලංකාවෙ ජනතාවට පහසුකම් දෙන තරමට අකටයුතු දේවල් කිරීමට පෙළඹීම වැඩියි කිව්වම කිසිම වරදක් නැහැ