නිදහස ගැන අභිමානයෙන් කතාකරන සතියකි. නිදහස අත්පත් කර ගන්නට කරන ලද සටන සහ එහි යටගියාව සිහිපත් කෙරේ. නිදහස සඳහා නොනවත්වා ගෙන ගිය අරගලය මෙහි දී ඉතාම වැදගත්ය. දේශප්‍රේමී ජාතික වීරයන් අධිරාජ්‍යවාදී පාලනය ඉදිරියේ කළ නිර්භීත සටන්, ජීවිත පූජා කළ අභීතභාවය රන් අකුරින් ලියැවී තිබේ. නිදහස් රටක් වෙනුවෙන් සියලු ජාතීන් එකතු වී ගෙන ගිය අවසන් අරගලය සදානුස්මරණීය බව සඳහන් කළ යුතුය.
නිදහස, එහි උදාරත්වය පමණක් නොව පැවැත්ම ද අපට පැවැරී ඇති වගකීමකි. නිදහස් උදානයේ සමාජ සංස්කෘතික වටපිටාව හුරුපුරුදුය. ආර්ථික හා සමාජ නිවහල්භාවයක් සඳහා හැඩගැසීමක් නැත.සමස්ත ව්‍යුහයෙහි ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් නිර්මාණය කරගත යුතුය. නිදහස උත්සව ගතානුගතිකය. එහි සංස්කෘතික හා සම්ප්‍රදාය ලක්ෂණ තිබේ. අප ගමන් කරන්නේ ගෝලීයකරණයේ අලුත්ම ව්‍යුහයකටය. තාක්ෂණික යුගයකටය. එහි දී මුහුණ දෙන්නට සිදුවන සංකීර්ණ අරගලයක් ඇත. අලුත් පරපුර එම අනාගතයට ඇතුළුවෙමින් සිටී. එය විශාල පරිවර්තනයකි. එකී ප්‍රවේශයට එරෙහිව ගතානුගතික රාමුව තුළ විශාල විරෝධයක් තිබේ. අනන්‍යතාව ආරක්ෂා කරගෙන පැවැත්ම සම්බන්ධ නිර්භීතභාවය ගැන අපට හිතන්නට සිදුවී ඇත.
අධිරාජ්‍යවාදීහු සමාජය එකමුතුවීම වැළැක්වූහ. පාලන උපක්‍රමයකි. ස්වදේශිකයන් එකතුවීම වළක්වන ලද අතර එමගින් ඉතාම කුඩා විජාතික කණ්ඩායමකට ලංකාව පාලනය කළ හැකි විය. භාෂාව, සමාජ පැලැන්තිය, ආගම සහ කුලය ඇතුළු කාරණා පදනම් කරගෙන ලාංකික ජන සමාජය බෙදා උස් පහත්කම් ඇති කළේය. පාලනයට සම්බන්ධ කරගත්තේ වූයේ රදලයන්ය. බලපත්‍ර ක්‍රම ඇති කරන ලද අතර සමාජයේ විශේෂ වරප්‍රසාද සීමිත රදල පිරිස අතට ඒවා ලැබුණි. නිදහස සමඟ වෙනස්විය යුතුව තිබුණ මෙම නොදියුණු ලක්ෂණ තවමත් ආරක්ෂා කරන බව පෙනේ. නිදහස සමඟ බලය ලැබුණ පැලැන්තිය සමාජ බෙදීම් තවත් උග්‍ර කරන ක්‍රම අනුගමනය කළ බව සඳහන් කළ යුතුය. වසර හැත්තෑ හතරක් අවසානයේ දී තව තවත් බෙදීම් ඇති කරගෙන තිබේ. දේශපාලන, ආගම් හා ජාතිවාදී අර්බුද රටට ඇති කර තිබෙන විනාශය මෙම අවස්ථාවේ දී කල්පනාවට ගත යුතු කරුණකි.
ඉකුත් දශක හත තුළ පැමිණි ගමන අපට ඉතිරි කර ඇත්තේ මොනවාද? අපගේ ආත්ම ශක්තිය දුර්වල කර තිබේ. ලෝකයේ අනෙක් රටවල් සමඟ ගනුදෙනු කිරීමේ දී බයක් ඇත. හීනමානය පොදු ලක්ෂණයකි. ජාත්‍යන්තරයට ඇතුළුවන බව ඇති කරන්නේ දැනුම ඇති හොඳම අධ්‍යාපනය ලබා ඇති සුළු පිරිසකි. මෙකී පටු ආකල්ප තුරන් කළ යුතුය. ආර්ථික හා සමාජයීය නිදහස පුළුල් කරන ආකල්ප අපට අවශ්‍යය. ජාති බේදයෙන් ආගම්වාදයකින් අපට ඇති කරන වාසියක් නැත.
නිදහස් චින්තනයට, නිදහස් වෘත්තිකත්වයට පුළුල් ඉඩක් රට තුළ නිර්මාණය කරන්නේ කෙසේ ද යන ගැඹුරු සංවාදය අද ඇති කළ යුතුව තිබේ. ස්ථාවර තැනක නැති ජන සමාජය එකතුකර ශක්තිමත් කරන ව්‍යායාමයක් අපට අවශ්‍යය. දේශපාලනය වෙනම කරුණකි. එය බෙදෙන්නට හේතුවක් නොවේ. ජාතිය හෝ ආගම එක්සත් රටක් හදන්නට බාධාවක් කරගත යුතු නැත. බෙදීම හා එයින් ගැටුම් ඇති කිරීම පටු ආකල්ප සහිත දේශපාලන ව්‍යාපාරවල වැඩවසම් ලක්ෂණයකි.
ශ්‍රී ලංකාව අලුත් අවස්ථා අභිමුවෙහිය. තොරතුරු තාක්ෂණය හා සමාජ සන්නිවේදනය අලුත් අවකාශයක් ඇති කරන වකවානුවකි. තරුණ පරම්පරාව එතැනට එකතුවෙමින් සිටී. අලුත් යුගයක් ඇති කිරීම හුදෙක් දේශපාලන සටන් පාඨයකට සීමා විය යුතු නැත. සමාජ ආර්ථික නිදහස ඇති කරන අලුත් ප්‍රතිපත්ති යෝජනා කළ යුතු අතර විවෘත මනසකින් තීරණ ගත යුතුය. වර්තමානය හමුවේ ඇති අමාරුම ප්‍රශ්න ඉදිරියට ගැනීමට ආත්ම ශක්තියක් අප ඇති කරගත යුතුය. ආගමික, සමාජ සහ දේශපාලන නායකයන් එකතු වී අධිරාජ්‍යවාදීන් වෙනස් කරන ලද අලුත් ආකෘතියකට හදන්නේ කෙසේදැයි සාකච්ඡා කළ යුතුය. අන්තවාදය වෙනුවට හැබෑ නිදහස ඇති කිරීම වැදගත්ය.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට යොමු කළ හැකිය.
තවත් අදහස් www.,milindaprashna.wordpress.comඅඩවියෙන් කියැවිය හැකිය
(***)
මිලින්ද මොරගොඩ
වත්මන් ආණ්ඩුව පැති දෙකකින් අසාර්ථක බව මගේ තක්සේරුවයි. එකක් දේශපාලනික පැතිකඩයි. ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ප්
අමරපුර මහා නිකායේ ප්‍රථම උත්තරීතර මහනායක පදවිය උසුළන ලැබූවේ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ හිමියන් වේ. අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර හිමියෝ දෙවෙනි උත්තරීත
නව පරපුරකට ජීවය ලබා දෙමින් මිනිස් පරපුරේ පැවත්ම තීරණය කරනු ලබන්නේ කාන්තාව විසිනි. තවත් විටෙකදී කාන්තාව යනු වච නයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරා ගැනීමේ සංතෙ
විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා පෙබරවාරි 25 වැනිදා එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි ස්ථාවර සැසිවාරය ඇමතීය. එදිනම තරුණ පිරිසක් සමග පැවැති හමුවක දී
ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී
අප රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව සමාජ කථිකාවක් හදිසියේ මතු වන්නේ පසුගිය සති කිහිපය තුළ නැවත ඉදිරියට පැමිණි සංවිධානාත්මක අපරාධ සිදුවීම් සමගිනි. විපක්‍ෂයේ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නිදහස් උදානය දෙස නිදහස් මනසකින්