IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


නිදහස ලබා දුන් වීරයෝ

Raja-Page-02_1 Raja-Page-02

කිතු උපතටත් වසර 543 කට පෙර සිට එක දිගට වසර 2357ක් ගෙවෙන තුරු අනභිභවනීයව පැවතී,ලෝකයේ පැරණිතම රාජ පරම්පරාවලින් එකක් වූ අපගේ රාජ පරම්පරාව නිමාවට පත්වූයේ 1815 පෙබරවාරි 18 වැනිදා අප අවසාන රජු වූ ශ්‍රී වික‍්‍රමරාජසිංහ රජතුමන් අපව ආක‍්‍රමණය කළ ඉංග‍්‍රීසීන්ගේ ග‍්‍රහණයට හසුවීමත් සමගමය. රජු හසුව දෙසතියකට පමණ පසුව 1815 මාර්තු 2 වැනිදා මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කරන්නට යෙදුණු උඩරට ගිවිසුම යටතේ අනතුරුව අප මාතෘ භූමිය බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් බවට පත් කර ගැනිණි.

බි‍්‍රතාන්‍ය ආධිපත්‍යය යටතේ ඉංග්‍රිසි පාලකයන්ගේ  ඕනෑ එපාකම්වලට අනුකූලව වසර 133 ක් ඔවුනට යටත්ව සිටි අපට නිදහස දිනා ගැනීමට හැකිවූයේ, 1948 පෙබරවාරි 4 වැනිදාය.සැබවින්ම එම නිදහස, සැබෑ නිදහසක් නොව, නිදහස ලබා ගැනීම සඳහා ලබාගත් නිදහසක් විය. බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් පරිපූර්ණ, නිදහසක් අප විසින් දිනාගන්නා ලද්දේ, 1972 මැයි 22 වැනිදා සිට ක‍්‍රියාත්මක කෙරුණු ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව එදිනය.

මුලින්ම ලංකාව සිය යටත් විජිතයක් බවට පත්කරගෙන සිටි බි‍්‍රතාන්‍යය, දෙවනුව අමෙරිකාව, නෝර්වේ වැනි රටවල් හා සමග එක්ව නව යටත්විජිතකරණයකට රට ගොදුරු කර ගන්න තැත දැරූ සෙයකි. කාර්යය සඳහා උපයෝගී කරගත උපක‍්‍රමය, ම්ලේච්ඡු එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ත සංවිධානය විය. කොටි ත‍්‍රස්තයන්ගේ ජාත්‍යන්තර මූලස්ථානය පවා පිහිටුවාගෙන තිබුණේද ලන්ඩන් නුවරය. දෙවුන්දර තුඩුවේ පටන් පේදුරුතුඩුව දක්වා මුළු ලංකාවේම නිදහස, කොටි ත‍්‍රස්තයන් නිසා, වසර 30 කට ආසන්න කාලයක් වැලළී ගොස් තිබුණු අයුරුඅපට මතකය.

තෙවන වරට අප නිදහස් ලබා ගත්තේ, 2009 මැයි මැදහරියේදී කොටි ත‍්‍රස්තයනට මතක හිටින පාඩමඋගැන්වීමෙන් පසුවය. එනිසා, ලංකාව තෙවරක් නිදහස දිනාගත් රටක් වශයෙන් හැඳින්වීමට පුළුවන. ඉංගිරිසීන් හිතාමතා කැමැත්තකින් අපට නිදහස ප‍්‍රදානය කළේ නැත. නිදහස ප‍්‍රදානය කරන්න ඔවුන්ට සිදු වූයේ සිංහල, දෙමළ, මුස්ලිම් තුන්ජාතියම එක පොකුරකට එක්ව සිදු කළ නිදහස් සටන නිසාය. දේශ, ජාති, ශාසන හිතෛෂීහු විශාල පිරිසක් නිදහස් සටනට එක්වූහ. කඩහපොළ,මිගෙට්ටුවත්තේ ගුණානන්ද, ලූණුපොකුණේ ධම්මානන්ද, කොග්ගල ධම්මතිලක, රත්මලාගේ ධර්මාරාම, විදුරුපොළ පියතිස්ස, යගිරල ප‍්‍රඥානන්ද,හික්කඩුවේ සුමංගල, පැළෑනේ වජිරඥාන වැනි හිමිවරුද ඇස්.ජී. පෙරේරා පියතුමා වැනි පියතුමන්ලාද පූජ්‍ය පක්‍ෂයෙන් ඊට දායක වූවෝඅතර සිටියහ. නිදහස් සටනට ගිහි පක්‍ෂයෙන් දායක වූවන්ගෙන් මුල් පෙළේ කීප දෙනෙක් මෙසේය:

අනගාරික ධර්මපාලතුමා, මොනරවිල කැප්පෙටිපොළ, මඩුගල්ලේ, ඇහැළෙපොළ, කිවුලෙගෙදර මොහොට්ටාල, පුරන්අප්පු, ගොන්ගාලෙගොඩ බණ්ඩා, ඞී.බී. ජයතිලක, ඇෆ්.ආර්.සේනානායක, ඞී.ඇස්. සේනානායක, ඞී.ආර්.විජයවර්ධන, ජේම්ස් පීරිස්, පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන්, ටී.බී. ජයා, ඊ.ඩබ්ලිව්. පෙරේරා, මාකස් ප‍්‍රනාන්දු, ඞී.ඞී. පේද්‍රිස්, ඩබ්ලිව්.ඒ. ද සිල්වා, පියදාස සිරිසේන, විල්මට් ඒ. පෙරේරා, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, පිලිප් ගුණවර්ධන, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, එඞ්මන්ඞ් සමරක්කොඩි, ඊ.ජේ. සමරවික‍්‍රම, ඒ.ඊ. ගුණසිංහ, ජෝර්ජ් ඊ. ද සිල්වා, ෆ‍්‍රැන්සිස් ද සොයිසා, කේ. බාලසිංහම්,එච්.ඒ.පී. සන්දුසාගර, ෆොරැස්ටර් උබේසේකර,වේරගම පුංචි බණ්ඩාර යනාදීහු ඔවුහුය. කොළඹ-නුවර පාරේ ගමන් කරන්නකුට පෑලියගොඩ-කැලණිය පෙදෙසේ මංහන්දියක කඩුවක් අතැතිව සිටින ප්‍රෞඪ සිංහලයකුගේ ප‍්‍රතිමාවක් දැක ගත හැකිවන අතර, සිංහලේ රජු වශයෙන් හැඳින්වුණු එම ප‍්‍රතිමාව, නිදහස් සටනේ පතාක යෝධයකුව සිටි ගොන්ගාලෙගොඩ බණ්ඩාගේය.

නිදහස් සටනට කර උර දුන්නවුන් අතර විදේශිකයන් කීප දෙනෙක්ද සිටියහ. ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් හා අමෙරිකානු ජාතික හෙන්රි ඕල්කට්තුමන්ද ඊට උදාහරණය. නිදහස් අරගලයට සම්බන්ධ වූ සමහර දේශ, ජාති, ශාසන හිතෛෂීහු හිර දඬුවමට, කස පහරට හා වෙඩි පහරටද ගොදුරු වූහ. කඩහපොළ හිමියන් මුහුණ දුන්නේ වෙඩි පහරටය.රාජ්‍ය මන්ත‍්‍රණ සභා කාලයේ පටන්ම නිදහස ඉල්ලා විවිධ යෝජනා ඉදිරිපත් කරන්න යෙදුණුඅතර, ස්වරාජ්‍ය පාලනයක් අප රටට ඉල්ලා සිටිමින් මන්ත‍්‍රණ සභාවට 1942 දී ඉදිරිපත් කෙරුණු යෝජනාව සම්මත වූයේ ඒකච්ඡුන්දයෙන්මය. ඒ හා සමගම ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණවලට මුල පෑදිණි.

‘‘නිදහස් ලංකා පනත’’ නමැති පනත මන්ත‍්‍රණ සභාවට ඉදිරිපත් කරන ලද්දේ, 1945 දීය. කෝල්බෲක් කොමිසම, ඩොනමෝර් කොමිසම හා සෝල්බරී කොමිසමද යන කොමිසන් සභා, ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ සඳහා පිහිටුවන ලදකොමිෂන් සභාය. අන්තිමේදී, රටේ වැඩි දෙනකුගේ පිළිගැනුමට ලක්වූයේ, සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශයන්ය. එම වාර්තාවට රාජ්‍ය මන්ත‍්‍රණ සභා අනුමැතිය ලැබුණේ, 1945 අගදීය. නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනසමාජයක අවශ්‍යතා හා බලාපොරොත්තුද සෝල්බරි ව්‍යස්ථාවෙන් ඉටු වන්නේ නැති බවත්, ලංකාවේ සියල්ලන්ටමජයග‍්‍රහණයක් අත්කර ගත හැකිවන අන්දමේ නිදහසක් අප විසින් ලබාගත යුතුව ඇති බවත්, එමව්‍යවස්ථාවට, අදාළ මන්ත‍්‍රණ සභා විවාදයේදී අදහස් දක්වමින්, අත්තනගල්ල මන්ත‍්‍රී ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී.බණ්ඩාරනායක කියා සිටියේය.සෝල්බරි ව්‍යවස්ථාව සැබවින්ම, බි‍්‍රතාන්‍ය හා අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතා මුදුන්පත්කර ගත හැකිවන ආකාරයට සැකසුණක් විය.

එනිසාම, එම ව්‍යවස්ථාව ඊට අවුරුදු 24 කට පසුවවෙනස් කරන්න යෙදුණු අතර, අභිනවයෙන් සම්මත කර ගන්නා ලද්දේ, ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදීජනරජ ව්‍යවස්ථාවය. ලංකාවේ නම ‘‘ශ්‍රී ලංකාව’’වශයෙන් වෙනස් කිරීමද, ජනරජයක් බවට රටපත්කිරීමද, බි‍්‍රතාන්‍ය කිරීටය හා සමග පැවැති සියලූම බැඳීම්වලින් අප නිදහස් වීමද ජනරජව්‍යවස්ථාවෙන් සිදුවූ වැදගත් වෙනස්කම්ය.1948 දී නිදහස ලබාගත් අවස්ථාවේ, සිංහ ලාංඡනය සහිත ජාතික කොඩියේ මුලූ හතරේ කොන්ත හතරක් තිබුණු අතර, ජනරජයක් බවට පත්වීමෙන් පසුව, කොඩියේ කොන් හතරට එක් කෙරුණේ, රජ කාලයේ සිටම ජාතික කොඩියේ තිබුණු බෝ කොළ හතරය. ඊට අමතරව, නව රාජ්‍ය ලාංඡනය භාවිතයට ගැනුණෙත්, ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමගමය. ඉහළින්ම ධර්ම චක‍්‍රයක්ද, නෙළුම් පෙති වටය මැද තේජාන්විත විලාශයකින් සිටින සිංහ රූපයද, පුන්කළසද, හිරු සඳු රූප දෙක හා ධාන්‍ය කරල්ද රාජ්‍ය ලාංඡුනයට ඇතුළත්ය.

නිදහස සඳහා නිදහසක් ලබා මේ වනවිට, වසර69 කි. එයින් හරි අඩකට ආසන්න කාලයක් අප ප‍්‍රධාන ජාතීන් තුන වන, සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිකයන්ගෙන්, සිංහල හා දෙමළ ජාතීන් දෙක අතර පැවතියේ සටනකි. නව යටත්විජිතකරණයකට ලංකාව පත් කිරීම සඳහා අර අඳින බි‍්‍රතාන්‍යය හා අමෙරිකාවද දෙමළ ජාතිකයන්ගේකොටි සංවිධානය පසුපස සිටි වග නොකිවමනාය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතිකපක්‍ෂයද අතර සමගියකින් පිහිටුවන ලද නව රජයක් ක‍්‍රියාත්මකව පවත්නා මේ අවස්ථාවේ, අමෙරිකාවේසී.අයි.ඒ. ඔත්තු සේවාව ලංකාව දෙසට ඇස ගසාගෙන සිටින සෙයක් දක්නට ඇත. 2015 දක්වාබලයේ සිටි මහින්ද රාජපක්‍ෂගේ රජය චීනය දෙසට වැඩි අවධානයක්, නැඹුරුවක් දක්වා තිබීම මීටහේතුව යයි කිව හැකිය. චීනය හා සමග පසමිතුරුගතියක් දක්වන ඉන්දියාවේ අගමැතිවරයා අද හෙටම වාගේ මුණ ගැසෙන්න අමෙරිකාවේ නවජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ සූදානමක්ද මේ අතරඇත.

නිදහසට හෙනහුරුකම් කළ ම්ලේච්ඡු කොටි සංවිධානය මර්දනය කිරීමේදී, චීනයෙන් අපට ලැබුණු සහාය මෙතැනදී අමතක කළ නොහැකිය. අපගේ කල්‍යාණ මිතුරකුවන් චීනය කෙරෙහි අපතුළ පවත්නා ප‍්‍රසාදය අඩු කරලීමට, සී.අයි.ඒ. ඔත්තු සේවාව කටයුතු කරන්න බැරිකමක් නැති වග අපමතක තබා ගත යුතුය. එසේම, ඉන්දියාවත්,ලංකාවත් අතර විරසකකම් ඇති කරගන්නට ද ඉඩකඩක් ඇත.සිංහලේ මහා කැරැල්ල හැටියට හැඳින්වෙන 1818 ඌව වෙල්ලස්ස නිදහස් කැරැල්ලට සම්බන්ධවීම නිසා, දේශද්‍රෝහීන් වශයෙන් හංවඩු ගසන ලද කැප්පෙටිපොළ, කිවුලෙගෙදර මොහොට්ටාල වැනි ලංකා පුත‍්‍රයන්, දේශහිතෛෂීන් වශයෙන් පසුගියදා නම් කරනු ලැබීම අපට ඉමහත් ආඩම්බරයකි.එකම ජාතියක් වශයෙන් අත්වැල් අල්ලාගෙනමුලදී එකට සිටි සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන්,භේද භින්න කිරීම සඳහා, (බෙදාපාලනය කරන්න) යන සංකල්පය යටතේ, අප අතර අමනාපකම්, නොමනාකම් ඇති කරන ලද්දේ ඉංග්‍රිසීන් විසිනි. ඔවුන්ගේ ඇමට අන්තිමේදී අපි හසු වූයෙමු.

අප රට අසාර්ථක රාජ්‍යයක් බවට පත්කරන්න.අපට රුකුල් දෙන මුවාවෙන් බටහිර රටවල් අප නොමග යවන උප්පරවැට්ටි යෙදිය හැකි හෙයින් ඒවාට අප හසුනොවිය යුතුය.අවස්ථා තුනකදී නිදහස දිනාගත් අප, ගුවනේ සැරිසරන පරෙවියන් කුරුලූ කොබෙයියන් පරිද්දෙන්, නිදහසක් භුක්ති විඳීමට හැම අවස්ථාවකදීම වෙර වීරිය දැරිය යුතුය.



අදහස් (10)

නිදහස ලබා දුන් වීරයෝ

අනන්ත Saturday, 04 February 2017 03:51 AM

එතකොට අපේ මහින්ද මහත්තයා?

:       13       32

හුසේන් මොහමඩ් -රියාද් Saturday, 04 February 2017 04:31 AM

ජාතීන් අතර එදා තිබුණු සාමය සහ සංහිඳියාව, ජාතිවාදීන් විසින් පලුදුකරලා. ඔවුන් කැමති නැහැ රට එක්සත් වෙනවා දකින්න. ලේ පිපාසිත, ඔවුන්ට ඕනෑ හැමදාමත් රටේ ලේ ගංගා ගලනවා දකින්න. ඔවුන් ක්‍රියාකරන්නේ කාගේ උවමනාවන්ටද කියලා රටේ බුද්ධිමත් ජනතාව දන්නවා. (නි)

:       7       31

රුවන් Sunday, 05 February 2017 05:01 AM

අශෝක ඔබගේ දුශ්ට කම ජාතිවාදී කම ලෝකයාට පෙන්නන්න එපා බුද්ධි අංශයේ මුස්ලිම් නිලදාරීන් පවා රට වෙනුවෙන් විශාල මෙහෙයුමක් කලා එහෙනම් ඔබේ ලෑයිස්තුවට ඈයි ඔහුන් නෑත්තේ (ම)

:       10       31

ගුණසිරි Saturday, 04 February 2017 07:56 AM

මේ අසහාය උත්තම පුරුෂයින්ගේ ඒ ගුණ වයන්න මට මගේ භාෂාවේ වචන මදි. (නි)

:       8       20

මධුවන්ති Saturday, 04 February 2017 08:25 AM

සිංහල චින්තනය නැවත මතුකිරීම අද යුගයේ දැඩි අවශ්‍යතාවයකි. ඒ වෙනුවෙන් නම් මේ දරන උත්සාහය ඔබ විශිෂ්ටයි (නි)

:       4       19

අශෝක Saturday, 04 February 2017 08:31 AM

ඔබේ ලිපිය අතිවිශිෂ්ටය. නාමාවලියට පියදාස සිරිසේන, කුමාරතුංග මුනිදාස, සෝම හාමුදුරුවෝ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා, කරන්නාගොඩ, රොහාන් ගුණතිලක, කොබ්බෑකඩුව, විජය විමලරත්න, ලකී අල්ගම, පාරමී කුලතුංග, ක්ලැන්සි ප්‍රනාන්දු, හසලක ගාමිණී, කමල් ගුණරත්න, ශවේන්ද්‍ර සිල්වා, සෝම හාමුදුරුවෝ, ඥානසාර හාමුදුරුවෝ ඇතුළු හිමිවරු, රන්ජන් විජේරත්න, ඇතුලත්මුදලි සහ ත්‍රිවිධ හමුදාවෝ රණවිරුවෝද ඇතුළත් කළ යුතුමය. (නි)

:       4       26

එරන්ද Saturday, 04 February 2017 09:12 AM

ඉතා හොඳ ලිපියක් (නි)

:       7       22

අනිල් Saturday, 04 February 2017 09:24 AM

ඉතාම වටිනා තොරතුරු ඇතුළත් ලිපියක්. නිදහසින් පසුව ජාති ආගම් භේදවලින් තොරව ශ්‍රී ලාංකිකයන් ලෙසට එකමුතුවීමට අපට නොහැකි වුණේ ඇයිද යන්න විමසා බැලිය යුතුයි (නි)

:       4       28

දෙව්මිණි Tuesday, 30 April 2024 05:34 PM

මෙම ලිපිය නිසා මා පාසල් මට්ටමේ කථික තරගයකින් ජය ගත්තා. ඔබලාට බොහෝම ස්තූතියි..!

:       0       2

Indika Aruna pathirathna Tuesday, 01 October 2024 08:02 PM

මට හරිම සතුටුයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 548 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 96 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 1018 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 129 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 223 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 441 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 718 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 357 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 503 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site