නිදහස් රටක ඇති අනන්‍යතාව මුළු ලොවටම පෙන්නුම් කරනු ලබන්නේ එරටෙහි ජාතික කොඩිය මගිනි. රටක පවත්නා සියලූම කොඩි අතරින් ජාතික කොඩිය ප‍්‍රධාන කොඩිය වන්නේ ද ඒ නිසාය. එය රාජ්‍ය නායකයා නියෝජනය කරනු ලබන සංකේතයකි. එමෙන්ම උත්තරීතර ගෞරවයට පාත‍්‍රවන ජාතික කොඩිය අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ එක් නීතිමය පරිච්ජේදයක් වන අතරම එය ජාතික සමගියේ ප‍්‍රධානතම දෘෂ්‍යමාන සංකේතය ද වේ. එවන් නීතිමය පදනමකින් සමන්විත වූ සිංහ රුව ප‍්‍රධාන තේමාව කොටගත් ජාතික කොඩියේ මූලාරම්භය බුද්ධ වර්ෂ 486 දී විජය කුමරු ලංකාවට පැමිණි යුගය තෙක් විහිදී ගොස් තිබේ.
දුටුගැමුණු රජතුමා සොලීන් සමග කළ යුද්ධයේදී ද සිංහ රුව සහිත වූ කොඩි සංග‍්‍රාම භූමියට රැගෙන ගිය බව අතීත තොරතුරුවලින් හෙළිවේ.අතීතයේ පටන්ම රාජත්වයේ සංකේතය වී ඇත්තේ විවිධ යුගවල පරිහරණය කරන ලද රාජකීය කොඩිය බව ඉතිහාසඥයන්ගේ අදහස වී තිබේ. සිංහලේ අන්තිම රජතුමා වූ ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා විසින් පරිහරණය කරන ලද රාජකීය කොඩිය 1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ඉංග‍්‍රීසීන් විසින් එංගලන්තයට ගෙන යන ලදී. එතැන් සිට ඉංගී‍්‍රසීන්ගේ කතිර කොඩිය අපේ රාජකීය කොඩිය බවට පත්වූයේ අප ද බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක් බව ලොවටම හැඟීයන පරිද්දෙනි. ඉංගී‍්‍රසීන් එදා එංගලන්තයට ගෙන ගිය අපේ රාජකීය කොඩිය රතු පැහැති පසුබිමක් මත කහ වර්ණයෙන් සටහන් වූ දකුණතින් අසිපත රැගත් සිංහ රුවකින් සමන්විත වී තිබුණි. 1948 දී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව අපටම ආවේනික වූ ජාතික කොඩියක් නිර්මාණය කිරීම පිළිබඳව පළමුවෙන්ම අදහසක් මතු වූයේ මුස්ලිම් ජාතික මන්තී‍්‍රවරයකුගෙනි.
ඔහු මඩකලපුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා වූ මුදලිඳු ඒ. සින්නලෙබ්බේ මහතාය. 1948 ජනවාරි මාසයේ 16 වැනි සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ඔහු යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ 1815 දී ඉංගී‍්‍රසීන් විසින් එංගලන්තයට ගෙන ගිය අපේ පැරණි රාජකීය කොඩිය නිදහස් ලංකාවේ ජාතික කොඩිය බවට පිළිගත යුතු බවය. සින්නලෙබ්බේමන්තී‍්‍රතුමාගේ එම යෝජනාව ස්ථිර කරනු ලැබුවේ මැද කොළඹ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ.ඊ. ගුණසිංහ මහතා විසිනි.
මෙම යෝජනාව පිළිබඳව පැවති විවාදයේදී මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුම සින්නලෙබ්බ මන්ත‍්‍රීවරයාගේ යෝජනාව පිළිබඳව විවිධ අදහස් දැක්වීම නිසා නිදහස් ලංකාව වෙනුවෙන් සකස් විය යුතු ජාතික කොඩිය පිළිබඳව මතු වූයේ ගැටලූ සහගත තත්ත්වයකි. එබැවින් අගමැති ඞී.එස්. සේනානායක මහතා අලූතින් ජාතික කොඩියක් නිර්මාණය කිරීම පිළිබඳ සොයා බලා වර්තාවක් ඉදිරිපත් කිරීමට 1948 ජනවාරි මාසයේ 28 වන දින කමිටුවක් පත් කළේය. සභානායක එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක, ටී.බී. ජයා, ශ්‍රීමත් ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, ශ්‍රීමත් ලලිත රාජපක්‍ෂ, ජී.ජී. පොන්නම්බලම්, සෙනෙට් මන්තී‍්‍ර එස්. නටේසන් යන මැති ඇමැතිවරු එම කමිටුවේ සාමාජිකයෝ වූහ.
එම වාර්තාව සහ ජාතික කොඩියේ සැලැස්ම 1951 මාර්තු මාසයේ 01 වැනි දින පාර්ලිමේන්තුවටඉදිරිපත් කළ අතර වව්නියාවේ මන්තී‍්‍ර සී. සුන්දරලිංගම් මහතා එයට දැඩි ලෙස විරුද්ධත්වය ප‍්‍රකාශ කළේය. ඔහු අග‍්‍රාණ්ඩුකාර සෝල්බරිසාමිවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටියේ මෙම වාර්තාව ඉදිරිපත් කිරීමත්, ඒ වෙනුවෙන් විවාදයක් පැවැත්වීමත් ප‍්‍රමාද කරන ලෙසය. එහෙත් අගමැති ඞී.එස්. සේනානායක මහතාට අවශ්‍ය වී තිබුණේ ඉතාඉක්මනින්ම නිදහස් ලංකාවට අවශ්‍ය වන ජාතික කොඩියක් නීතිගත කිරීමටය. ඔහු නියමිත දිනයේදීම වාර්තාව ඉදිරිපත් කිරීමටත් ඒ සඳහා විවාදයක් පවත්වා ඡුන්දය විමසීමටත් අවශ්‍ය පියවර ගත්තේය. විවාදය පැවති දිනයේදී පාර්ලිමේන්තුව තුළ තිබුණේ උණුසුම්කාරී වාතාවරණයකි. එම තත්ත්වය ඇති කරනු ලැබුවේ වව්නියාවේ මන්තී‍්‍ර සී.සුන්දරලිංගම් ය. ඔහුට ඕනෑ වී තිබුණේ කෙසේ හෝ ජාතික කොඩියක් නීතිගත කිරීම කඩාකප්පල් කිරීමටය. අගමැති ඞී.එස්. යෝජනාව ඉදිරිපත් කරමින්, සියලූම ජාතීන්ගෙන් සමන්විත වූ කමිටුවක්සකස්කර ඇති ජාතික කොඩියෙන් සෑම ජාතියක්ම නියෝජනය වන බව පැවසීය. ඒ නිසා සෑම ජාතියකටම ආඩම්බර විය හැකි ජාතික කොඩියක් රජය විසින් නිර්මාණය කර ඇති බව ද පවසා සිටියේය.
කුරුණෑගල මන්තී‍්‍ර එච්. ශ්‍රී නිශ්ශංක මහතා කොඩියේ ඇති අඩුපාඩු නිසා තමන් එයට විරුද්ධවන බව පැවසීය. විවාදයේදී දැඩි ආවේගශීලි ස්වභාවයකින් කතා කළේ වව්නියාවේ මන්තී‍්‍ර සුන්දරලිංගම් ය. පැය දෙකකට අධික කාලයක් කතා කළ ඔහු ජාතික කොඩිය හඳුන්වනු ලැබුවේ කොළ සහ කහ පාට මිශ‍්‍ර වූ සාරියක් ලෙසය. වරෙක අගමැති ඩී.ඇස්. සමග ගැටුණේය. තවත් වරෙක ජී.ජී.පොන්නම්බලම් සමග ගැටුණේය. කතාව අතරමගදීම ඇතැම් වචන පවා ඉල්ලා අස්කර ගැනීමට සුන්දරලිංගම්ට සිදුවිය. ඔහු තම කතාව අවසන් කළේ, ”ඉදිරිපත් කර තිබෙන කොඩිය යටතේ මා කිසිසේත් සේවය කරන්නේ නැහැ. මා එම කොඩියට පක්‍ෂපාති වන්නේත් නැහැ. මේ සභාවේ අලූත් ජාතික කොඩිය ඔසවා තැබුවහොත් මා එම රැස්වීම්වලට සහභාගි නොවී ආසනය අහිමිකර ගන්නවා. අතුරුමැතිවරණයකින් ආපසු පාර්ලිමේන්තුවට එනවා” යැයි කියමින්ය. ජාතික කොඩිය පිළිබඳ විවාදය සඳහා වූ ඡන්ද විමසීමේදී මන්තී‍්‍රවරුන් 51 දෙනෙකු පක්ෂවීමෙන් ද මන්තී‍්‍රවරුන් 21 දෙනෙකු විරුද්ධවීමෙන් ද මන්තී‍්‍රවරුන් 08 දෙනෙකු ඡුන්දය දීමෙන් වැළකී සිටිමෙන් ද ජාතික කොඩිය සඳහා වූ සැලසුම සම්මත විය. කතානායක සර් ඇඅල්බට් ඇෆ්. පීරිස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් නැවතත් පාර්ලිමේන්තුව රැස්වූයේ1951 මාර්තු 13 වන දිනදීය.
මන්තී‍්‍රවරුන්ගේ වැඩි ඡන්දයෙන් සම්මත වූ සැලසුමට අනුව සකස් කළ අලූත් කොඩිය එදින පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ලෙළදෙමින් තිබුණි. වව්නියාවේ මන්ත‍්‍රී සුන්දරලිංගම්එම දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත. ඔහු කලින් ප‍්‍රකාශ කළ පරිදිම අඛණ්ඩව තුන් මාසයක් පාර්ලිමේන්තුවට නොපැමිණ ඔහුගේ මන්තී‍්‍රකඅහෝසි කරගත්තේය. එමගින් පුරප්පාඩු වූ වව්නියාව ආසනය වෙනුවෙන් 1951.10.31 වැනි දින නාම යෝජනා පත‍්‍ර භාර ගැනීම සිදුවිය. සුන්දරලිංගම් සමග තරග කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූයෙන් ඔහු නිතරගයෙන් පත්වූ මන්තී‍්‍රවරයකු ලෙසින් පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේය. මන්තී‍්‍රවරයකු වශයෙන් දිවුරුම් දීම සඳහා සුන්දරලිංගම් පාර්ලිමේන්තුවට පැමිණෙන විටදී ද සුපුරුදු පරිදිම ජාතික කොඩිය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේඅභිමානවත් අයුරින් ලෙළ දෙමින් තිබුණි.
නැවතත් ජාතික කොඩිය සංශෝධනයකට ලක්වූයේ 1972 ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක වීමත් සමගය. එවකට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් සහ ජාතික ලාංඡුන හා කොඩිය නිර්මාණය කිරීමේ කමිටුවේ සභාපතිව සිටි නිශ්ශංක විජේරත්න මහතා ජාතික කොඩියේ මුළු සතරට බෝ පත් සතරක් එක් කිරීමට කළ යෝජනාව රජය කි‍්‍රයාත්මක කළේය. එම බෝපත් සතර මගින් මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා යන සතර බඹ විහරණය ද ලංකාව බුද්ධාගම ප‍්‍රධාන කොටගත් රාජ්‍යයක් බව දසංකේතවත් කළේය.
ජාතික කොඩියේ සඳහන් සිංහ ලාංඡුනය මින් ශ්‍රී ලාංකික ජාතියේ ශක්තියත්, උදාරත්වයත් පෙන්නුම් කරන අතර රතු පැහැති පසුබිම බහුතරය වූ සිංහල ජනයා ද එක හා සමාන ප‍්‍රමාණයකින් යුත් කොළසහ තැඹිලි වර්ණය මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාව ද කොඩිය වටා ඇති කහ තීරුව අනෙකුත් ජාතීන් ද නියෝජනය කරයි.
එවන් අසිරියකින් සමන්විත වූ අපේ ජාතික කොඩියේ රූ සටහන ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අංක 06 යටතේ වූ දෙවන උපලේඛනය මගින් පෙන්නුම් කර තිබේ. ඒ අනුව එම ජාතික කොඩිය මොනයම් හෝ ආකාරයකින් විකෘති කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එලෙසම සෑම පුරවැසියෙක්ම හා ලංකාවට පැමිණෙන සෑමසංචාරකයෙක්ම ජාතික කොඩියට ගෞරව දැක්වීමට නීතියෙන් බැඳී සිටිති.
ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක
ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්රජාතන්ත්රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී
ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ
ශ්රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා
2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිදහසේ සංකේතය ජාතික කොඩිය නිදහස දිනාදුන් දේශ හිතෛෂියෝ