ලෝකයේ ඉතා ප්‍රබල රටවල් පවා පහසුවෙන් යටත් කරගත් පෘතුග්‍රීසි, ලන්දේසි, හා ඉංග්‍රීසි ජාතීන්ට ශ්‍රී ලංකාව යටත් කරගැනීමට දීර්ඝ කාලයක් ගතවූයේ මෙරට භික්ෂුවගේ බලපෑම ඉහළ තලයක පැවැති නිසයි. මෙරට ආණ්ඩුකාරවරුන් යටත් විජිත භාර ලේකම් වරයාට යැවූ ලිපි ලේඛනවලින් ඒ බව තහවුරු වේ.
ශ්‍රී ලංකාද්වීපයට සතුරු ආක්‍රමණ එල්ලවන ලද්දේ පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් යන යූරෝපීය ජාතිකයන්ගෙන් පමණක් නොවේ. පෙරදිග ආක්‍රමණයන්ටද වරින් වර ලක් විය.
එසේ පැමිණි සෑම ආක්‍රමණයක් හමුවේ නැඟී සිටි භික්ෂූන් වහන්සේලා තම දිවි පරදුවට තබා නිදහස් සටන් ව්‍යාපාරවලට නායකත්වය ලබා දුනි. දුටුගැමුණු රජු සහ එළාර අතර ඇති වූ සටනේදී දුටුගැමුණු රජතුමා සමඟ භික්ෂු පිරිසක් ද වැඩම කළ බව මහාවංසයේ සඳහන් වේ. උන්වහන්සේලා සෘජුව සටනට සම්බන්ධ නොවූවත් දුටුගැමුණු රජතුමා ඇතුළු පිරිසට ධෛර්යය සපයන්නට එය හේතු වන්නට ඇත.
මහින්දාගමනයෙන් පසු ඇරඹුණු ශ්‍රී ලාංකීය භික්ෂු පරපුර පුඵල් පරාසයක සිට සිය මෙහෙවර ඉටු කර ඇති බව ඓතිහාසික තොරතුරු වලින් අනාවරණය වේ. ගෝධත්ත තෙරුණුවෝ විනිසුරුවකි. ථේරපුත්තාභය හාමුදුරුවෝ උපවැදිව හමුදාවට බැඳුණි. දෙවනගල රතනාලංකාර හාමුදුරුවෝ පෘතුගීසීන්ට එරෙහිව සටන් කොට උඩරට ස්වාධීන සිංහල රාජධානියක් පිහිටුවීමට ක්‍රියා කරන්නට යෙදුණි. වාරියපොල සුමංගල හාමුදුරුවෝ ඉංග්‍රීසි කොඩිය බිමට ඇද දමා සිංහ කොඩිය එසවූයේ තවමත් අපි නිදහස් සිංහලයෝයි කියමිණි. කුඩාපොල හාමුදුරුවෝ වෙඩි කෑවේ ජාතික නිදහස් සටනේ යෝධයෙකු වශයෙනි. ඒ මෙරට භික්ෂු වංශ කථාවයි.
එදා පටන් 1948 ලංකාව පරසතුරු උවදුරුවලින් නිදහස ලබන දිනය දක්වාම ලංකා ඉතිහාසයේ සිදුවූ සෑම ජාතික විමුක්ති ව්‍යාපාරයකම භික්ෂූ දායකත්වය සෘජුව ලද බවට ඉතිහාසය සාක්ෂි දරයි. 1505 දී පෘතුගීසින් මෙරටට පැමිණීමත් සමඟ බූද්ධවංස නම් භික්ෂූව, පෘතුගීසීන් මෙරටින් පලවා හැරීමට ඉහළ දායකත්වයක් ලබා දුන් හිමි නමකි. ඊට නිදසුනක් ලෙස ඓතිහාසික දන්තුරේ සටන පෘතුගීසීන්ට දැවැන්ත පරාජයක් අත්කර දෙමින් තම උපන් මවුබිමට ජයග්‍රහණ ලබා දුන්නේය.
1658 දී මෙරටට දෙවන විදෙස් ආක්‍රමණය එල්ල වූ අතර ලන්දේසි ආක්‍රමණවලට එරෙහිව දියත් කළ සටන් ව්‍යාපාරවලදී භික්ෂූ දායකත්වය නොඅඩුව ලැබිණි. 1760 දී මුහුදුබඩ ප්‍රදේශයේ ලන්දේසීන්ට එරෙහිව සටන් සංවිධාන කරන ලද්දේ මහනූවර සිට පැමිණි භික්ෂු දෙනමකි.
මේ අයූරින් විදේශීය ආක්‍රමණිකයන්ට එරෙහිව කළ සටන් ව්‍යාපාරයන් තීව්‍ර වන්නේ ඉංග්‍රීසීන්ගේ පැමිණීමත් සමඟය. මුළුමනින්ම සිංහලේ මහා පාවාදීමේ උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙරාතුවම මෙරට භික්ෂුව ඉංග්‍රීසීන්ට එරෙහිව පළමු වෙඩි මුරය තැබුවේ වාරියපොළ සුමංගල හිමියන් විසිනි. පූජ්‍ය රඹුක්වැල්ලේ රතනජෝති, පූජ්‍ය පොතුහැර රතනපාල, පූජ්‍ය කණුමලේ ධම්මදස්සි වැනි හිමිවරුන් නිදහස් සටනේ පෙරමුණ ගත් තවත් ස්වාමීන්වහන්සේලාය. මේ සියල්ල අතරින් වාරියපොල ශ්‍රී සුමංගල හිමිපාණන් නිදහස් සටනේ කැපී පෙනෙන මහා හිමි නමකි. 1815 මාර්තු 02 වනදා ශ්‍රී ලාංකිකයන්ගේ අභාග්‍යමත්ම දිනය උදා විය. මහනුවර මඟුල් මඩුවේ පැවති මේ උත්සවයේදී උඩරට ගිවිසුම ප්‍රකාශ කරන්නට මත්තෙන් මඟුල් මඩුවේ පිටත මිදුලේ බි්‍රතාන්‍ය කොඩිය ඔසවා තිබෙනු දැක වාරියපොළ සුමංගල හිමියෝ අධිරාජ්‍යවාදී යුද භටයන් අතරින් ඉදිරියට ගොස් ඉංග්‍රීසි කොඩිය ඇද බිම හෙළීය. මේ සිදුවීම සෑම ශ්‍රී ලාංකිකයෙක් තුළම ජාතිමාමක හැඟීම් වර්ධනය කරන්නක් විය.
ජාතික බෞද්ධ පුනරුද ව්‍යාපාරය ආරම්භ වන්නේ බි්‍රතාන්‍ය පාලනය නිසා යටපත් වී ගිය මෙරට සංස්කෘතිය හා සාරධර්ම යළි ඇති කරලීම සඳහායි. ජාතික නිදහසේ සටන් ව්‍යාපාරයට ජනතා සහය ලබාගැනීමට බෞද්ධ පුනරුද ව්‍යාපාරය ප්‍රමුඛව කටයුතු කර තිබේ. එමෙන්ම බෞද්ධ පුනරුද ව්‍යාපාරය හරහා අධිරාජ්‍යවාදී බටහිර සංස්කෘතිය හෙළා දකිමින් හෙළ සංස්කෘතියේ අගය පහදා දෙමින් දේශීයත්වයට ළැදි පිරිසක් නිර්මාණය කිරීමටත් කටයුතු කර තිබේ. මහනුවරින් ආරම්භ වී මාතලේ කේන්ද්‍රකොටගෙන විහිදී ගිය ධර්ම ශාස්ත්‍ර ප්‍රබෝධය බෞද්ධ පුනරුද ව්‍යාපාරය සඳහා පසුබිම සකස් කරන ලදී. දිවයිනේ ජාතික ශාසනික පුනරුදයක් සඳහා පුරෝගාමී වූයේ මෙම ධර්මශාස්ත්‍ර ප්‍රබෝධය සමඟ බිහි වූ පඬිවරුන්ය. ඒ අය අතර මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාලතුමා ඇතුළු හේවාවිතාරණ සහෝදරවරු, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමි, බුලත්ගම ධම්මාලංකාර හිමි සහ තවත් ගිහි පඬිවරු ප්‍රධාන තැනක් ගත්තෝය.
බෞද්ධ පුනරුද ව්‍යාපාරයෙන් සිදුවූ විශේෂ කර්තව්‍යයක් වූයේ මෙරට බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමයි. 19 වැනි ශත වර්ෂයේ දෙවැනි භාගයේ අවසානය දක්වා මෙරට පැවතියේ ක්‍රිස්තියානි මිෂනාරි අධ්‍යාපන රටාවයි. ඉන් මිදී බෞද්ධ අධ්‍යාපනයක් උරුම කර දුන්නේ බෞද්ධ පුනරුද ව්‍යාපාරයයි. ඒ සඳහා කොළඹ ආනන්ද, ගාල්ලේ මහින්ද, මහනුවර ධර්මරාජ යන විද්‍යාල මෙරට පිහිටුවන ලදී. එලෙස බෞද්ධ පාසල් ඇතිකිරීමේ ව්‍යාපාරයට මුල්වන ලද්දේ අනගාරික ධර්මපාල, මොහොට්ටිවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ්‍රී සුමංගල යන ගිහි පැවිදි නායකයන් සමඟ ඇමෙරිකන් ජාතික කර්නල් ස්ටීල් ඕල්කට් තුමාය.
ශ්‍රී ලාංකීය භික්ෂු වංශ කථාවේ අමිල ගුණ සුවඳ විහිද වූ එඩිතර සටන්කාමී භික්ෂූන් වහන්සේ අතර ඉහළින් වැජඹෙන මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණෝ බෞද්ධ ප්‍රබෝධය පමණක් නොව නැවත නිදහස සොයා යන මෙරට ජනනායකයන්ගේ අධිෂ්ඨානයට ද පණ පොවන්නට විය. මිගෙට්ටුවත්තේ ගුණනානන්ද හිමිපාණන් පවත්වන ලද පානදුරා වාදය මෙරට නිදහස ලබාගැනීමේ මෙහෙවර ඉදිරියේ වැදගත් සන්ධිස්ථානයකි. බෞද්ධාගම හා කිතුනු ආගම ගැන සත්‍ය අනාවරණය කර ගැනීම සඳහා එදා මෙම විවාදය සංවිධානය කෙරිණි.
එදා ජනතාවට නිදහසේ වටිනාකම වටහාදීමට පැළෑනේ වජිරඤාණ මාහිමියන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මුල් විය. බුදු දහමත්, බෞද්ධ ශිෂ්ටාචාරයත්, දේශීය ජනතාවගේ අනර්ඝතම සම්පත් බව සිත්ගන්නා බසින් පැහැදිලි කොට, උන්වහන්සේ ජනතාව ප්‍රබෝධමත් කළහ. එමෙන්ම, විවිධ භාෂාඥානයෙන් බෞද්ධ දර්ශනය සහ සමයාන්තර අදහස් චතුර ලෙස දේශනා කිරීමට සමත් පැවිදි ශිෂ්‍ය පිරිසක් බිහි කළ පැලෑනේ වජිරඤාණ මාහිමියන් වහන්සේ, රට, දැය, සමය ආරක්ෂා කොට පෝෂණය කිරීමෙහිලා මහඟු සේවයක් කළබව ලංකා ඉතිහාසයේ ලිය වී ඇත.
අනගාරික ධර්මපාල හිමි, කළුකොඳයාවේ පඤ්ඤාසේකර මාහිමි, උඩකැන්දවල සිරි සරණංකර හිමි, ඇස්. මහින්ද හිමි යන පැවිදි උතුමන්ගේ නම් අප පුන පුනා සිහිපත් කළයුතු වන්නේ, ලංකා මාතාව නිදහස් කර ගැනීමට අවංක චේතනාවෙන් හා පරමාදර්ශයෙන් ඔවුන් වහන්සේ ක්‍රියාකළ බැවිනි. එසේ වූ කවි බස තම අවිය කරගෙන නිදහස පිළිබඳ හැඟීම් කිරි දරුවාගේ පටන් තරුණ මහලු සැම දෙනාගේම සන්තානගත කොට ලංකා මාතාවට තිරසර ජීවයක් ලබා දුන් ටිබැට් ජාතික ඇස්. මහින්ද හිමියන්ගේ නාමය, පරපුරෙන් පරපුරටම අමරණීය වන්නේය. සාහිත්‍යයේ පරමාර්ථය වන්නේ කාලීන සමාජ අවශ්‍යතා ඉටු කිරීම යි.
ලාංකිකයන්ගේ ඇතුළාන්තයට භාව්‍යෝත්පාදක බසකින් නිදහස පිළිබඳ සිතිවිලි ප්‍රවේශ කරන්නට, මහින්ද හිමියන් පෙරමුණ ගත් බව, මෙවැනි කවි වලින් පැහැදිලිව පෙනී යයි.
බලව් පොළොන්නරු අනුරාපුර පෙදෙස
සිතව් සිහල ජාතියෙ පෙර පැවැති යස
නගව් තව තවත් තිරසර තරුණ ගොස
වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙ ඇස
(*** හෂිනි ඉරේෂා ගුණවර්ධන)
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහසට පසු යුගය තුළ ශ්රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිදහස් සටනට උරදුන් මහ සඟ පරපුර
විජිත් Saturday, 06 February 2021 05:34 PM
බොහොම ස්තුතියි හෂිනි, ඔබ ඉතාමත්ම අගනා කරුණු රැසකින් මේ ලිපිය සරසලා තියෙනවා. මෙහි සඳහන් කර ඇති ගරුතර ස්වාමින්වහන්සේලා අතරින් කිසිම නමක්, දේශපාලුවන් පස්සේ ගොස් බෙන්ස් වාහන, රුපියල් කොළ මිටි,...ඇතුළු බොහෝ දේ බලාපොරොත්තු වූ අය නොවෙයි. එතුමන්ලාගේ ඒකායන අරමුණ වී තිබුනේ " රට විදේශිකයින්ගෙන් නිදහස් කරගැනීමේ සද්කාර්යයයි "මට මැවී පෙනෙනවා..සුමංගල හාමුදුරුවෝ ඉංග්‍රීසි කොඩිය බිමට හෙලන අාකාරය. නමුත් අද..? කටුනායක කොළඹ අධිවේගී මාර්ගය විවෘත කළ වෙලාවේ ඒ මාර්ගය සරසලා තිබුනේ "චීන" කොඩිවලින්. ඒ මදිවට ඒ මාර්ගයේ තැනතැන මහා විශාල කටවුට්වල ඉඳන් දත් 32 කම විලිස්සාගෙන බලාගෙන හිටියේ රට හොරාකාපු අය. සුමංගල හාමුදුරුවෝ එදා හිටියා නම් චිනාගේ කොඩියටත් එදා ඉංග්‍රීසි කොඩියට කලදේ අනිවාර්යයෙන්ම සිදුකරයි. එ්ත් දැන් කෝ එවැනි ගරුතර, එඩිතර, ස්වාමින් වහන්සේලා...?