IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


නේපාලයේ සිට බේරී ආ ලාංකිකයන් කියන කතා

SLD_20150503_A002-3

 

පසුගිය සතියේ මුළු ලොවම කැලැඹූ සිදුවීමක් වූයේ නේපාලයේ භුමිකම්පාවයි. හාර දහසකට මරු කැඳවූ එම භූකම්පනය ඇසීමෙන් ශ‍්‍රී ලංකාවේ වැසියන් ද සලිත වී ගියේ නේපාලය දකුණු ආසියාතික රටක් නිසාම පමණක් නොවේ. ශ‍්‍රී ලාංකිකයන් රැසක් නේපාලයේ සිටින නිසාය. භූ කම්පනයෙන් ශ‍්‍රී ලාංකික කිසිවකුට අනතුරක් නොවුවද ඔවුහු දැඩි චිත්ත පීඩාවට ලක්වූහ. ඒ අනතුරේ ස්වභාවය අත්විඳි නිසාය.

 

අපේ රජය හා ගුවන් හමුදාව මේ කරපු මෙහෙයට අපගේ හද පිරි ස්තුතිය පිරිනමනවා. වෙනත් රටවල, කොටින්ම කිව්වොතින් ඇමෙරිකාවේ අය පවා එහේ තවමත් රැඳිලා ඉන්නවා. ඒ වුණත් අපේ රජය අපට පළමුවෙන්ම ගුවන් යානයක් එවලා අප බේරාගැනීම ගැන රජයට, තානාපති කාර්යාලයට, ගුවන් හමුදාවට අපි වෙනුවෙන් වෙහෙසී කටයුතු කරපු ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයට ගොඩක් ස්තුති කරන්න  ඕනෑ. ඔවුන් අපි ගුවන් යානයට නගින මොහොත වනතුරුම අපිත් එක්ක එකට හිටියා.


කිසි දිනෙක නොලැබූ අත්දැකීමකට මුහුණ දුන් ඔවුන් ලංකාවට පැමිණියේ දැඩි බියෙන් හා චකිතයෙන් යුක්තවය. ශ‍්‍රී ලංකා රජයේ උපදෙස් පරිදි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඔවුන් ලංකාවට ගෙන ඒමට මැදිහත් විය.


නේපාලයේ ඛේදවාචකයෙන් පසු ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහන සේවයට එහි ගිය අතර නේපාලයේ සිටි ලාංකිකයන් ලංකාවට ගෙන ඒම ද ඔවුන්ගේ අරමුණ විය. එම අරමුණ මදක් ප‍්‍රමාද වූයේ ලාංකිකයන් නංවාගත් පසු ගුවන් යානයේ කාර්මික දෝෂයක් හටගත් නිසාය. ගුවන් යානය සාදා ගන්නා තුරු ලාංකිකයන්ට ආහාරයට ලැබුණේ විස්කෝතු පමණි.


කෙසේ හෝ ගුවන් යානය සාදාගෙන ඔවුහු ලංකාවට ගෙන එනු ලැබූහ. කරදරයක් නැතිව සිය රට පැමිණෙන තුරු ඔවුන්ගේ නෑ හිතවත්හු මගබලා හුන්හ. යානය ලංකාවට සේන්දු වූ විගසම ඔවුනට ආහාර ලබාදීමට සියලූ කටයුතු සූදානම් කැර තැබිණි.


දහස් ගණනක් මළ සිරුර අතර සිටි ලාංකිකයන් ලංකාවට ආවේ සැනසුම් සුසුම් මධ්‍යයේය.


පශ්චාත් උපාධියක් හැදෑරීමට නේපාලයට ගොස් සිටි ගාල්ලේ රවීන්ද්‍ර චන්ද්‍රසිරි සිය අත්දැකීම් විස්තර කළේ මෙලෙසය.


”අපි පහුගිය අගෝස්තු මාසයේ නේපාලයට ගියේ සාමය හා ගැටුම් නිරාකරණය පිළිබඳ උපාධි පාඨමාලාවක් හදාරන්න. අපි නැවතිලා හිටියේ කත්මන්දුවල නේවාසිකාගාරයක. නේපාලයේ තියෙන්නේ විශාල තට්ටු ගොඩනැගිලි. දැන් මේ වෙන කොට විවෘත භූමිවල නේපාල වැසියන් රැඳිලා ඉන්නවා. සමහර අය ටෙන්ට් ගහගෙන ඉන්නවා. එහෙම නැතුවත් කට්ටිය අව්වට වැස්සට තෙමි තෙමී ඉන්නවා. පුළු පුළුවන් විදිහට ඔවුන් ආහාර සපයා ගන්නවා.


මීට කලින් පහුගිය දෙසැම්බර්වල අපිට පොඩි අත්දැකීමක් තිබුණා. ඒක මේ වගේ විශාල ව්‍යසනයක් නොවෙයි. භූමිකම්පා කියන්නේ නේපාලයට අලූත් දෙයක් නෙමෙයි. නමුත් මේ පාර භූමි කම්පා දැනෙද්දීම අපිට හිතුනා වෙනදාට වැඩිය මේ පාර භායනකයි කියා. අපි හිටිය ගොඩනැගිල්ල තට්ටු පහක් උසයි. ඒකේ පහළ තට්ටුවේ තමයි මම හිටියේ.


මේක සිද්ධ වුණ වෙලාවේ අපි විවෘත භූමියක රැුඳිලා හිටියා. අපි දැක්කා පාලිකාවක් දෙවැනි තට්ටුවේ ඉඳලා පඩිපෙළ දිගේ පහළට වැටුණා. තවත් කෙනෙක් හිටියා අතක් කැඩිලා. එයා රෝහළට ගිහින් තිබුණත් රෝහලේ ගොඩක් අමාරු ලෙඞ්ඩු හිටපු නිසා එයාව බාර අරන් තිබුණේ නැහැ.


අපේ රජය හා ගුවන් හමුදාව මේ කරපු මෙහෙයට අපගේ හද පිරි ස්තුතිය පිරිනමනවා. වෙනත් රටවල, කොටින්ම කිව්වොතින් ඇමෙරිකාවේ අය පවා එහේ තවමත් රැුඳිලා ඉන්නවා. ඒ උනත් අපේ රජය අපිට පළවෙනියටම ගුවන් යානයක් එවලා අපිව බේරාගැනීම ගැන රජයට, තානාපති කාර්යාලයට, ගුවන් හමුදාවට අපි වෙනුවෙන් වෙහෙසි කටයුතු කරපු ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයට ගොඩක් ස්තුති කරන්න  ඕනෑ. ඔවුන් අපි ගුවන් යානයට නගින මොහොත වනතුරුම අපිත් එක්ක එකට හිටියා.


අපි මුළු ලෝකෙන්ම ඉල්ලා සිටිනවා මේ වෙලාවේ නේපාලයට පුළුවන් තරම් වෛද්‍ය ආධාර ලබා දෙන්න කියා. ඔවුන්ට උදවු කරන්න. අපේ ආයාචනය එයයි. මේ භුමිකම්පාව ඇති වුණේ කත්මන්දු නුවර. අපිත් එක්ක හිටිය නංගි කෙනෙක් ප‍්‍රධාන හා සුළු භුමිකම්පා 84ක් එයා ගණන් කරලා තිබුණා. අපි විවෘත භූමියේ රැඳිලා ඉන්දැද්දී දිවා ? දෙකේදීම අපිටත් ඒවා දැනුණා.


මේ වෙනකොට චීනය ඇතුළු ගොඩක් රටවල්වලින් නේපාලයට ආධාර අරන් ඇවිත් තියෙනවා. නේපාල ජනතාව පුදුමයට පත්වෙලා තියෙනවා අපේ රජය හා ලාංකිකයන් ගැන. අනතුර සිදුවුණ වෙලාවෙ ඉඳලා අපේ තානාපති කාර්යාලය අපිත් එක්ක රැුඳිලා හිටියා. නේපාලයේ හිතවතුන් අපිට උදව් කළා.
හංසනී උපේක්ෂා (24) ද නේපාලයට ගියේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහාය. කත්මන්දු නුවර වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇය ද භූමිකම්පනයට මුහුණ පෑවාය. ලංකාවට පැමිණි ඇය සිය අත්දැකීම විස්තර කළේ මෙසේය.


මම 2013 කත්මන්දු වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. මේ වගේ සිදුවීමකට මුහුණපාපු පළවැනි වතාව. ඉස්සර පොඩියට හෙළවිලා තියෙනවා. ඒත් මේ වගේ දැනිලා නැහැ. ඒක සුළු මොහොතයි එකපාරටම නැතිවෙලා යනවා.


මට වෛද්‍ය විද්‍යාලයෙන් සතියක නිවාඩුවක් ලැබුණා. ඒ නිසා මගේ තාත්තා මේ සිදුවීමට දවසකට කලින් නේපාලයට ආවා. එදා අපි හිටියේ නේපාලයේ රජතුමාගේ නාරායන් කියන මාළිගාව බලන්න ඇවිත්. අපි මාළිගාව ඇතුළේ හිටියේ. එකපාරටම හෙල්ලෙන්න ගත්තා. ඉස්සෙල්ලම ලයිට් ගියා. හයියෙන් මාළිගාව ඇතුළේ තිබුණ බඩු මුට්ටු හෙළවෙන්න ගත්තා. මුලින්ම හිතාගන්න බැරිවුණා. පස්සේ මට හිතුනා මේක භූමිකම්පාවක් වෙන්න ඇති කියලා. තවත් මොහොතකින් භූමිකම්පාවක් කියලා කට්ටියම කෑ ගහගෙන එළියට දුවන්න ගත්තා.


මමත් තාත්තව ඇදගෙන කොහොම හරි එළියට පැනගත්තා. එකපාරටම දොරවල් වැහෙනවා. ඇරෙනවා. ඒත් කරන්න දෙයක් තිබුණේ නැහැ. අපි එළියට පැන්නේ පඩිපෙළ දිගේ ඇවිත්. පඩි පෙළ ලේ විලක් වෙලා තිබුණා. ඒක නම් පුදුම අත්දැකීමක්. ජීවිතේට අමතක වෙන එකක් නැහැ. ආයේ මෙවැනි දෙයක් වෙන්න එපා කියා මම ප‍්‍රාර්ථනා කරනවා.


පස්සේ අපිව විවෘත පෙදෙසකට අරගෙන ගියා. එදා අපිව තානාපතිතුමාගේ ගෙදර එක්කගෙන ගිහින් මේ එනකම් අපි එහේ හිටියේ. ඊයේ උදේ ගුවන්තොටුපොළට ඇවිත් ලංකාවට ආවා. තානාපතිතුමාටත් ලංකා රජයටත් ගුවන් හමුදාවටත් බොහොමයක් ස්තුතිවන්ත වෙනවා.

m



අදහස් (0)

නේපාලයේ සිට බේරී ආ ලාංකිකයන් කියන කතා

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 109 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 94 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 38 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 95 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 54 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 584 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 600 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site