IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


නොරොච්චෝලේ කරච්චලයක්ද?

09_page_8-M

 

නොරොච්චෝල විදුලි බලාගාරය මේ රටේ විදුලි ක්ෂේත්‍රයේ ඉතා වැදගත් සන්ධිස්ථානයකි. ප්‍රථම ගල් අඟුරු බලාගාරය වූයේද මෙයයි. පසුගිය සතියේ රටට අවශ්‍ය සමස්ත විදුලිය ප්‍රමාණයෙන් සියයට 47ක ප්‍රමාණයක් උපයා ඇත්තේද නොරොච්චෝල තාප බලාගාරයෙනි. ඉන්ධන යොදවා සියයට 31ක ප්‍රමාණයක්ද ජල විදුලියෙන් සියයට 22ක ප්‍රමාණයක්ද සපයා ගෙන තිබිණි.මේ නොරොච්චෝල තාපබලාගාරය පිළිබඳව චෝදනා රාශියකි. මෙම බලාගාරය පිහිටුවීමට රුපියල් බිලියන 220ක මුදලක් වැය කර ඇත. රටේ තාක්ෂණික අවශ්‍යතා අනුව නොව චීනයට අවශ්‍ය පරිදි මෙහි කටයුතු සිදුවන බවට චෝදනා ඇත. යන්ත්‍රය බොහෝ සෙයින් පරණ එකක් බව කියති.


මේ මොහොත වන විට නොරොච්චෝල තාප බලාගාරය අවස්ථා 60කට වැඩි වාර ගණනක් අක්‍රීය වී ඇති බව වාර්තා වේ. මෙගා වොට් 900ක විදුලියක් සපයන මෙහි පළමු මෙ. වො. 300 - 2010 දීද, දෙවැනි මෙ. වො. 300 - 2012 දී ද, අවසන් මෙ. වො. 300 ගිය වසරේ සිටද ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරන ලදී. මෙහි වඩාත් දරුණු තත්ත්වයක් ඇතිවූයේ පසුගිය 13 වැනිදා මුළු දිවයිනටම විදුලිය විසන්ධි වීමය.


බියගම ට්‍රාන්ස්ෆෝමරය පුපුරායාමත් සමග නොරොච්චෝල තාප බලාගාරයද ක්‍රියා විරහිත විය. මේ සිද්ධියත් සමග නොරොච්චෝල තාප බලාගාරයේ අඩුපාඩු දුර්වලතා යළි ඉස්මතු විය. ඒ පිළිබඳ කතා බහ වැඩි විය. රටේම විදුලිය විසන්ධි කිරීමේ ගැටලුවට හේතුව නොරොච්චෝල බලාගාරයේ දුර්වල තත්ත්වයක් නම් දී ඒ පිළිබඳ විමසා බැලීමක් කළ යුතුව ඇත.


දැන උගත් අය ප්‍රකාශ කරන ආකාරයට බියගම ට්‍රාන්ස්ෆෝමරය පුපුරායාමත් සමග ඇති වූ විදුලි අසමතුලිතතාව දරා ගැනීමට නොහැකි වීමෙන් නොරොච්චෝලයත් ක්‍රියා විරහිත වී ඇත. අසමතුලිත බව ඇතිවන අවස්ථාවේ ලැබෙන සංඥා ගැන අවබෝධයෙන් සිටියා නම් විදුලිය රට පුරා විසන්ධි වීම වළක්වා ගැනීමට අවස්ථාව තිබූ බව කියති.


බලාගාරයේ දුර්වලතා හා යන්ත්‍රයේ වයස්ගත බව නිසා විදුලිය සැපයීම අඩාල වූවා විය හැකිය. මෙවන් අවස්ථාවල අප කළ යුත්තේ යන්ත්‍රයේ දෝෂ දැකීම පමණක්මද?


යන්ත්‍රය ක්‍රියා විරහිත වූ අවස්ථාවල එය යළි පණගැන්වීම ක්ෂණිකව කළ නොහැක්කකි. එයට හේතුව සෙන්ටිග්‍රේට් 500ක උෂ්ණත්වයෙන් යුතු යන්ත්‍රය සිසිල් වනතුරු බලා සිටීමට සිදුවීමයි. සාමාන්‍යයෙන් ජලය උණුකරනු ලබන්නේ සෙන්ටිග්‍රේට් අංශක 100ක උෂ්ණත්වයකටය. යන්ත්‍රය සෙන්ටිග්‍රේට් අංශක 500ක උෂ්ණත්වය පිළිබඳ බාහිර පුද්ගලයකුට අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත. මේ උෂ්ණත්වය සිසිල් වීමට දින 3ක පමණ කාලයක් ගතවීම සිදුවේ. යළි යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදි ඉන්ධන යොදවා මෙ. වො 90ක බලයක් ලබා ගෙන ගල් අඟුරුවලින් නිෂ්පාදනය කරන තත්ත්වයට පත් කර ගැනීමට තවත් දින 2ක් 3ක් පමණ වූ කාලයක් ගත වේ.


මේ දුෂ්කර ක්‍රියාව සිදුවීමට පෙර ජාතික පද්ධතියට බාධා ඇති වන අවස්ථාව වහාම හඳුනාගෙන එයට පිළියම් යෙදීම සිදු කළ යුතු බව බලධාරිහු සඳහන් කරති. ඇතැම් ඉංජිනේරුවරුන් සඳහන් කරන්නේ ජාතික විදුලි පද්ධතිය අසමතුලිත වන අවස්ථාවල යන්ත්‍රය ස්වයංක්‍රීය ක්‍රියා විරහිත විය යුතු බවයි. එහෙත් නොරොච්චෝල තාප බලාගාරය බාල පැරණි යන්ත්‍රයක් නිසා ස්වයංක්‍රීයව ක්‍රියා නොකරන බව කියති.ඔවුන් සඳහන් කරන දේ නිවැරැදි විය හැකිය. එහෙත් දැන් යන්ත්‍රය පිළිබඳව අවබෝධයක් ලබා සිටින ඔවුන් කළ යුත්තේ යන්ත්‍රයේ තත්ත්වය තේරුම් ගෙන පිළියම් යෙදීම බව කියති.


ස්විච් බෝඞ් ඔපරේටර්වරු සේවයේ යෙදී නොසිටීමේ හානිය බලපාන්නේ මෙවැනි අවස්ථාවල බව කියති. ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් ප්‍රකාශ කර සිටින්නේ දියුණු තාක්ෂණයට අනුව යන්ත්‍ර අවශ්‍යතාවයකට සරිලන පරිදි ඉබේ ක්‍රියාත්මක විය යුතු නිසා ස්විච් බෝඞ් ඔපරේටර්වරුන් අනවශ්‍ය බවයි.


මෙහිදී සඳහන් කළ යුතු ගැමි   කතාවක්   ඇත. “වෙන කළ හැකි දෙයක් නොවන නිසා ඔරුව පෙරළුණ පිට හොඳයි”, නොරොච්චෝල බලාගාරයේ පවත්නා සියලු දුර්වලතා මැද රටේ අවශ්‍යතාවට කටයුතු කළ යුතුව ඇත. මෙහිදී නොරොච්චෝල තාප බලාගාරයේ ස්ථාපිත කිරීම දක්වා වූ දුර්වලතා සාධාරණීයකරණය නොකරමි. රටේ අවශ්‍යතාව වෙනුවෙන් දැන් කටයුතු කළ යුතුව ඇත.


නොරොච්චෝල විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වැයවන මුදල රුපියල් 6.50කි. යන්ත්‍රයක් ක්‍රියාවිරහිත වුවහොත් වැඩිපුර වැය වන මුදල දිනකට රුපියල් 100ක් පමණය.


ඒ අතින් නොරොච්චෝල තාප බලාගාරය රටට විශාල සම්පතක් වී ඇත. ප්‍රශ්න රාශියක් මැද මේ තත්ත්වයට පිවිසී ඇත. දැන් කළ හැක්කක් නැත. බලාගාරයේ තත්ත්වය අවබෝධ කරගෙන ඒ අනුව ඉදිරියට යා යුතු බව වැඩිදෙනාගේ මතය වී ඇත.


මේ තත්ත්වය පිළිබඳව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති ලලිත් වන්නිආරච්චි මහතාගෙන් විමසුවෙමි.


ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති - අතුල වන්නිආරච්චි


නොරොච්චෝල එක් මැෂින් එකකින් මෙ. වො. 300ක් විදුලිය ලබා දෙන බව කීවත්, එයින් 30ක් යන්ත්‍රය ඇතුළතම පාවිච්චි කර ගැනීම සිදුවෙයි. ඒ අනුව එළියට එන්නේ 270ක ප්‍රමාණයක්. එහි ක්‍රියාදාමයට අනුව පද්ධතිය බිඳ වැටෙන විට අසමතුලිතතාව නිසා විදුලිය දෝලනය වීමත් සිදුවිය. ඇතුළත වාෂ්ප පිටතට දැමීමක් සිදුවිය.


ප්‍රශ්නය- දැන් නොරොච්චෝලෙ හැදිලා ඉවරයි. ඒ නිසා යන්ත්‍රය තේරුම් අරගෙන ක්‍රියා නොකරන්නේ ඇයි?
පිළිතුර-
ඒ තත්ත්වය ඇති කර ගැනීමට දැන් සාකච්ඡා කරමින් සිටිනවා. විවිධ යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ඒ යෝජනා පිළිබඳව චීන ඉංජිනේරුවන් සමග සාකච්ඡා කරනවා. වැඩි වියදමක් යන යෝජනාද මේ අතර තිබෙනවා. දැන් පද්ධතියේ බිඳ වැටීමට ඇති අවස්ථා අවම කරගෙන තිබෙනවා. යන්ත්‍රය නිෂ්පාදකයා එක්ක සාකච්ඡා කරනවා. ඉදිරි මාස දෙක තුන ඇතුළත සාර්ථක විසඳුමක් ලැබේවි. මුළු පද්ධතියම බිඳ වැටීමට ඇති අවස්ථාවට දැන් පිළියම් ලබා දී තිබුණා. කොටුගොඩ බිඳ වැටෙන අවස්ථාවේ, එක යන්ත්‍රයක් පමණක් විසන්ධි වුණා. ප්‍රදේශ කීපයකට පමණක් විදුලිය විසන්ධි වුණත් මුළුමනින්ම කඩා වැටීමක් සිදුවුණේ නැහැ.


ප්‍රශ්නය- විදුලිය අසමතුලිත වන විට යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම පිළිබඳව දැනුම් දෙන ඒකකය පිළිබඳව ඉංජිනේරුවන්ගේ අවධානයක් නැද්ද?
පිළිතුර-
යන්ත්‍රයේ පද්ධති පාලන ඒකකයක් තියෙනවා. එහි සමහර අංශ අපේ රටට ගැළපෙන්නේ නැහැ. චීනයේ විශාල පද්ධති වලට ගැළපෙන ආකාරයට සකස් වී ඇති යන්ත්‍රයේ ඇතැම් කොටස් අපිට ගැළපෙන්නේ නැහැ. ඒ පද්ධති පාලනයේ තිබූ දෝෂ මෙරටට ගැළපෙන පරිදි සකසා ගත්තා.


ප්‍රශ්නය- දැන් හදිසි අවස්ථාවකදී මුළු රටේම විදුලිය විසන්ධි වීමේ අනතුරෙන් ගැලවිලාද?
පිළිතුර-
සියයට 60ක් 70ක් ගැලවිලා. ඉතිරිය විසඳීමට තව මාස කීපයක් යාවි.

m



අදහස් (0)

නොරොච්චෝලේ කරච්චලයක්ද?

රොහාන් මිගමුව Saturday, 23 April 2016 08:23 AM

ගල් අඟුරු කියන්නේ ලෝකය භාවිතයෙන් ඉවත්කරන දෙයක්. ලංකාව වැනි රටකට ගැළපෙන්නේ නැහැ. පරිසර දුෂණය ඉහළ අගයක් ගන්නවා. නමුත් හැමදාම හොඳට හිරු පායන අපේ රටේ ඉතාම අඩු වියදමින් විදුලිය නිපදවන්න පුළුවන්. (නි)

:       0       0

සුමුදු Tuesday, 19 April 2016 12:07 PM

තාක්ෂනය නොදන්නා අයට මොනවා දුන්නත් බැරිවේවි උපතේ සිට තිබු දොස මැකීමට තාක්ෂනය දන්නා අය මෙහි වැඩ භාර ගත යුතුය ජීවිතේට නොදැකපු මැෂිමක් ඇත පත ගා වැඩ කළ හැක්කේ ටික කළකි (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 600 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 82 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 101 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 328 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 224 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 116 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site