ඉතිහාසයට අනුව ලංකාව සශ්‍රීක රටකි. වැව, දාගැබ කෘෂි, සංස්කෘතික පසුබිම සනිටුහන් කරයි. අධිරාජ්‍යවාදීන් යටත් කරගත් ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබුණ රටකි. පසුව ඔවුන්ගේ වෙළඳපොළට වුවමනා කරන දේ නිපදවන තැනට හරවා ගත්හ. දශක අටකට පසු ශ්‍රී ලංකාව අලුත් අභියෝග අබියසය.
ආර්ථික අවපාතයකට මුහුණ දෙමින් සිටී. විවිධ හේතු පදනම් කරගෙන ආර්ථික වර්ධන වේගය අඩාල වී ඇත. එමගින් ඇති කරන ආර්ථික හා සමාජ ගැටලු සංකීර්ණය. එදිනෙදා ජීවිතය පවා පහසු නැත.
පවතින දුෂ්කරතාවලින් මිදීම අරමුණු කරගෙන අලුත් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ විය යුතුව තිබේ. ජාත්‍යන්තරයේ පවතින ගෝලීය ලක්ෂණවලින් බැහැර විය නොහැක. ලාංකික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් අනාගතය අලුතින් සැලසුම් කළ යුතුව තිබේ.
ප්‍රශ්න නිරාකරණය කරගත හැකි පරිදි ආර්ථික ක්‍රමය පරිවර්තනයේ දී නැවත ජවයක් ලබාගැනීම අවශ්‍යය. ධනය උත්පාදනය කරන ආයෝජන සඳහා පියවර ගත යුතුව තිබේ. කර්මාන්ත, ව්‍යාපාර හා සේවා අංශ සක්‍රීයවීම සමග ආර්ථිකය පුළුල් කළ හැක. රජයේ ආදායම වැඩිකර ගැනීම සලකා බදු සංශෝධන යෝජනා කර ඇත. මහජනතාවගෙන් බදු අයකරන ක්‍රියාවලිය සමග බරපතළ වන්දියක් ගෙවන්නට පොදු ජනතාවට සිදුවනු ඇත. ජීවන වියදම වැඩිවී ඇති පසුබිමක තවත් බදු පැනවීම සිදුවී ඇති බව පෙනේ. රටට අවශ්‍ය ජනතාව වන්දි ගෙවන ආර්ථිකයක් ද යන්න පැහැදිලි කරගැනීම වඩාත් සුදුසුය.
ඉතිහාසයෙන් අත්පත්කරගත් වාසිය අත්හැරීම
නිදහස ලබන කාලයේ ලංකාව කලාපයේ ඉහළ තලයක පැවැතිණ. වැවිලි භෝග හා ඛනිජ සම්පත් අපනයනය රටට විනිමය සැපැයීය. දෙවන ලෝක යුද්ධය කාලයේ තාවකාලිකව ප්‍රශ්න මතු වූ නමුත් ස්ථාවරත්වයක් තිබුණි. නිදහස පසු බලයට පත් ආණ්ඩු පැවැති වාසිදායක පදනමෙන් ඔබ්බට නිර්මාණය කරන ආර්ථිකයක් කෙරෙහි අවධානය යොමු කළේ නැත. අත්පත්කරගෙන තිබුණ වාසිය අනුව අධ්‍යාපන, සෞඛ්‍ය වැනි පහසුකම් නොමිලේ සපයන සහ ජනතාව ආණඩුවෙන් නඩත්තු කරන පියවරක් අනුගමනයය කළේය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් දක්ෂ මානව සම්පතක් අපට ඇත. උසස් සෞඛ්‍ය මටට්මක් අපට තිබේ. මානව සම්පතට ගැළපෙන ආර්ථිකයක් අහිමිවීම අභාග්‍යයකි. අවස්ථා සීමිත ක්‍රමය තුළ සමාජය අපේක්ෂාභංග ස්වභාවයක පසුවෙන අතර අනාගතය ගැන ඇති අපේක්ෂා වෙනත් රටකින් සාක්ෂාත් කරගැනීම තරුණයන්ගේ අභිලාශය වී තිබේ. ආර්ථිකය ප්‍රසාරණය වී, කර්මාන්ත හා ව්‍යාපාර ඇතිනොවීම හේතු කොටගෙන රැකියා හිඟයක් පවතී. අධ්‍යාපනය අවසන් කරන තරුණයන් රජයට බඳවා ගන්නට සිදුවී ඇත. තරුණ සමාජය තුළ නැගෙන විරෝධය පාලනය කරන පියවරක් වශයෙන් රජයේ සේවයට සීමාව ඉක්මවා එකතුවන පිරිස මහජනතාවගෙන් අය කරන අධික බදුවලින් නඩත්තු කෙරේ.
බදු ගෙවන්නෝ පුරවැසියෝය. බදුවලින් සහ අනෙක් මාර්ගවලින් ලැබෙන රජයේ ආදායමෙන් සියයට අසූවක් රජයේ සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්වලට වෙන්කරන්නට සිදුවී ඇත. එය කිසිසේත් පහසු ක්‍රියාවලියක් නොවේ.
අවස්ථා අහිමිකරගත් අතීතයට දෝෂාරෝපණය කිරීම පලක් නැත. වරින් වර සමාජයේ මතු වූ ගැටුම්, ත්‍රස්තවාදී ක්‍රියා හා අරගල ජනසමාජය තුළ ඇති පීඩනයක තරම අඟවයි. මහජනතාව සංවර්ධනය ගැන බලාපොරොත්තු ඇතිව, වරින් වර ආණ්ඩු පත්කරගන්නා අතර සැලැස්මක් ක්‍රියාත්මක කරන්නටත් කලින් බිඳ වැටේ.
දර්ශනයක් ඇති වැඩපිළිවෙළක් හා ඒවායෙන් ඇතිකරන වෙනස්කම්වලින් ආර්ථිකය වර්ධනය කරන, ශක්තිමත්භාවය සහිත පාලනයක් රටට අවශ්‍යය. ජනතා ආකල්ප, විපක්ෂයේ විරෝධය, වෘත්තීය සමිති අරගල සහ ආගමික නායකයන්ගේ බලපෑම අවශ්‍යම තිරණ ගැනීම මගහරවන ලද බව මතක් කළ යුතුය. පවතින ක්‍රමයෙන් සුළු පිරිසක් යැපේ. අනුගාමිකයන් නඩත්තු කරන මෙම ක්‍රමය වෙනස් කරන්නට එයින් වාසි ලබන, පටු ආකල්ප සහිත පිරිස සූදානම් නැත. විදුලිය, ඛනිජ තෙල්, වරාය, ප්‍රවාහන, සෞඛ්‍ය ඇතුළු අංශවල ඔවුන්ගේ අවස්ථා අහිමිවන හෙයින් අලුත් ආකෘතියකට ඉඩ දෙන්නේ නැත.
පුරවැසියන් වන්දිගෙවන ආර්ථිකයක්
ආර්ථිකය අද පත්ව ඇති තැන ගැන තක්සේරු කරන මුල්‍ය අරමුදල වැනි ආයතන ප්‍රතිසංස්කරණ ගණනාවක් යෝජනා කර තිබේ. විනිමය උපයා ගැනීම හා අය වැය පාලනය වශයෙන් එහි දෙපැත්තක් ඇත. අපනයන නංවන අතර ආයෝජන වර්ධනය කරගෙන ආර්ථිකයේ නව ජවයක් ඇති කිරීම පසෙකින් තබන ආණ්ඩුව ආදායම හා වියදම ගළපාගැනීම අරමුණු කරගෙන බදු වැඩිකර ඇත. බදු හේතුවෙන් ජනතාවගේ පැවැත්ම තවත් දුෂ්කරවිය හැකිය.
ආර්ථිකය ප්‍රසාරණය කර, එයින් ඇතිවන ජවයෙන් කොටසක් ආණ්ඩුවට ගැනීම වෙනුවට දැනට ඇති දුර්වල ස්වභාවයෙන් තවත් කොටසක් ඉවත් කිරීමට ගෙන ඇති තීන්දුව ඉතාම නරක අන්දමට බලපාන්නට ඉඩ තිබේ. අලුත් කර්මාන්ත ඇති කරන, ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරන, නවෝත්පාදනයට ඉඩ දෙන උපාය සඳහා ධෛර්යයක් රහිත අවස්ථාවක බදු හැර අනෙක් විකල්පයක් නැත. ධෛර්යය හා ආත්ම ශක්තිය ජනතාවගේ ප්‍රශ්නයක් නොවේ. මුලින් සඳහන් කරන ලද පරිදි එක්තරා සුළු කණ්ඩායමක් ක්‍රමය වෙනස් කිරීමට සූදානම් නැත. පරිවර්තනයකින් ඇති කරන පසුබිම ගැන සමාජය බියවද්දා ඇත. දේශපාලන ක්‍රමය මෙම මිථ්‍යාවට කැමැතිය. ජනතාව නොමග යවන අතර බිය ඇතිකර එයින් බලය ලබාගැනීම පහසුය.
බදු බර ජනතාවට පැවැරීම පමණක් නොව ආණ්ඩුව ද තමන්ගේ වියදම් කපා හැරිය යුතුය. රාජ්‍ය සේවය සීමා කළ යුතුය. අමාත්‍යංශ අඩු කළ හැකි අතර සමහර අමාත්‍යංශ දෙපාර්තමේන්තු රටට අවශ්‍ය නැත. රටට ප්‍රයෝජනයක් නැති ආයතන අහෝසි කර වියදම අඩු කරන සේ බලකරන්නට ජනතාවට අයිතියක් තිබේ.
උපයන ආදායමෙන් සෑහෙන කොටසක් බදු ගෙවන, එම බදු ගෙවා උපයන වැටුපෙන් ජීවත්වීම සඳහා මිල දී ගන්නා භාණ්ඩ හා සේවාවලට ද අති විශාල බද්දකට යටත්ව ඇති පුරවැසියන් මෙම ක්‍රමය වෙනස් කරන සේ අරගලක් කළ යුතුය. ක්‍රමය නඩත්තු කිරීම සඳහා ණය ගැනීමෙන් වාණිජ බැංකු පොලිය පවා සමාජයට පීඩනයක් ඇති කර තිබේ. වසර ගණනක් තිස්සේ ආර්ථික ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව සම්බන්ධයෙන් දැක් වූ අදහස් අදටත් ගැළපේ.
උහුලාගත නොහැකි බදු බරකට යටත්ව පවතින පසුබිමක නැවතත් මතක් කරන්නට සිදුවී තිබේ. වෙනස්කම් සඳහා එදා උත්සුක වූයේ නම් අද සැනසිලිදායක සමාජයකි. අද තීරණ ගතහොත් අපගේ දරුවන්ට සැනසිලිදායක රටක් නිර්මාණය කරගත හැකිය. රටට අවශ්‍ය ආර්ථික අරගලයකි. විප්ලවීය තීරණ ගත යුතුව තිබේ. ලෝකයේ අනෙක් රටවලට වඩා කඩිනම් වුවහොත් ඉදිරියට යා හැකිය.
බිඳ වැටීමෙන් පසු නැගී සිටින ක්‍රමය ගැන යමක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතාම දුර්වල තැනක බව පිළිගත යුතුය. ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පුරෝකථනවලට අනුව මෙම වසරේ පමණක් නොව ලබන අවුරුද්දේ ද ඝෘණ ආර්ථිකයක් පවතී. එබඳු පසුබිමක් තුළ රාජ්‍ය ආදායම තවත් අඩුවේ. මූලික වියදම සඳහා ණය ගැනීමට සිදුවේ.
එදිනෙදා ජීවිතයේ දී ණය බර වැඩිවන අතර තව තවත් ණය ගැනීමේ දී පොලිය ඉහළයන විට පුරවැසියන් වශයෙන් අප සාමාන්‍යයෙන් අනුගමනය කරන පිළිවෙළ කුමක්ද? එදිනෙදා වියදම් සඳහා ධනය උපයා ගැනීමට මවුපියන් කරන දෙයට වඩා වෙනස් ක්‍රමයක් රටකට ද නැත. තමන්ගේ තැන්පත් ධනය ප්‍රයෝජනයට ගැනේ. අසල්වැසියකුගෙන් අතමාරුවක් ගනී. එහි සීමාවක් ඇත.
සීමාව අවසානයේ දී නිවසේ කොටසක් කුලියටදීම, ඉඩමෙන් කොටසක් බදු දීම හෝ විකිණීමට සිදුවේ. එම තීරණ ගන්නේ කැමැත්තකින් නොවේ. පවුලේ මත ගැටුම් පවා ඇතිවේ. අන්තිම තීරණය ගැනෙන්නේ නැවත ගොඩ නැගුණ පසු දේපොල යළි අත්පත්කරගන්නා අධිෂ්ඨානය ඇතිවය.
අර්බුදයෙන් ගැලවෙන අතර පුනර්ජීවනයක් අරමුණු කරගෙන කළ යුතු අත්‍යවශ්‍ය වෙනස්කම් සම්බන්ධයෙන් දිගින් දිගටම එකඟ නොවෙන පිරිසක් අප සමාජයෙහි සිටී. ප්‍රතිසංස්කරණ ගැන දේශපාලන පක්ෂ අතර විරුද්ධතා මතුවේ. ආර්ථිකය බිංදුවටම වැටී ඇති නමුත් යථාර්ථය නොපෙනීම ප්‍රශ්නයකි. තමන්ට බලය ලැබුණොත් රට ගොඩ නැගිය හැකි බව දේශපාලන පක්ෂවල අදහස වී තිබේ. රට භාරගන්නට නායකයෝ ඕනෑ තරම් සිටිති. දූෂණය, වංචා, රට විකිණීම ගැන චෝදනා නැගේ. එක්සත්ව, එකමුතුව ආර්ථික අර්බුදයෙන් ගැලවීමට ක්‍රියාකරන්නෝ නොවෙති.
ගොඩනැගෙන ආදායමක් නංවන සැලැස්ම කුමක්ද?
විදේශ ශ්‍රමික ප්‍රේශණ, අපනයනය, සංචාරක ව්‍යාපාරය අපට ඇති විනිමය උත්පාදන මාර්ග වේ. මෙම ආදායම රටට අවශ්‍ය ආනයන සඳහා ප්‍රමාණවත් නැත. ජනතාව ජීවත් කරන ආර්ථිකයක් සඳහා කිසිසේත් නොසෑහේ. අපනයන සම්බන්ධයෙන් අලුත් පැති වහාම සොයාගත යුතුය. සීමිත ඉඩම් ප්‍රමාණයක කරන කෘෂිකර්මයෙන් වාසියක් නැත. උසස් ඵලදායීතාවක් හා තරුණන් එහි නිරත කර ගැනීම සඳහා නවීන තාක්ෂණික ක්‍රම යොදා ගැනීම අවශ්‍යය.
ඉඩම් හෝ ආයෝජන ශක්තිය නැති පිරිසට රජය සතු ඉඩම් නිදහස් කිරීම කෘෂි අංශය වර්ධනය කරනු ඇත. අපනයනය කළ යුතු සහ වැඩිම ආදායමක් ලබාගත හැකි බෝග වර්ග ගැන ද අවධානය යොමු කිරීම වටී. මහා පරිමාණ ව්‍යාපෘති සඳහා විදේශ ආයෝජන කැඳවිය හැකි අතර දේශීය ව්‍යවසායකයන් සමග සම්බන්ධ කළ යුතුය. ලෝකයේ දැනට පවතින ආහාර හිඟය ඉලක්ක කරගෙන නිෂ්පාදනය කිරීමෙන් විනිමය උත්පාදනය කර ගත හැකිය.
අනෙක් අතට අලුත් පැති නිර්මාණය වී තිබේ. බලශක්තිය විශාල අවස්ථාවකි. ඛනිජ තෙල් සම්බන්ධයෙන් වෙනස්ම මුහුණුවරක් පැන නැගී ඇත. ඉන්ධන භාවිතය සීමාවන අතර ඉල්ලුම ස්ථාවර වී තිබේ. පිරිවැය කළමනාකරණය අරමුණු කරගෙන ගබඩා කිරීම, පිරිපහදුව හා නළ මාර්ගයෙන් බෙදාහැරීම වැනි අංශ දියුණු වී ඇත. එම පසුබිම අනුව ත්‍රිකුණාමලය වරාය, ඉන්දියාව හා බෙංගාල බොක්ක අවට කලාපයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැක.
යටත් විජිත කාලයේ සිට ත්‍රිකුණාමලය වරායට ඉහළ අවධානයක් තිබිණ. අද එහි අවස්ථා තියුණුය. තෙල් පිරිපහදු, යකඩ, සිමෙන්ති, වීදුරු වැනි බර කර්මාන්ත ඇති කළ හැක. මෙවැනි ව්‍යාපෘති ඇරඹීමට ආයෝජන ශක්තිය රටට නැත. විදේශ ආයෝජන කැඳවාගතහොත් රටට ආදායම ලැබේ. තාක්ෂණය, විනිමය, රැකියා, බදු ආදායම විශේෂිතය. කලින් ගත හැකිව තිබුණ මෙම තීරණ නොගැනීම අද පවතින අර්බුදයට ප්‍රධාන හේතුවකි.
මන්නාරම සහ පුනරින් අවට සුලං බලාගාර සඳහා අවකාශයක් ඇත. මෙගවොට් 30,000 ක් දක්වා විදුලිය නිපදවිය හැකි බව දැක්වේ. දැනට පවතින විදුලිය අවශ්‍යතා ඉක්මවන විට අතිරික්තය ආසන්න රටවලට විකිණිය හැකිය. ත්‍රිකුණාමලය බලාගාරය ආශ්‍රිතව ද්‍රව හයිඩ්‍රජන් නිපදවිය හැකි අතර එම බලාගාරවල විදුලියෙන් මුහුදු ජලය උපයෝගී කරගෙන නිපදවන හයිඩ්‍රජන් බර කර්මාන්ත හා විදුලිය උත්පාදනයට යෙදවිය හැක.
ද්‍රව හයිඩ්‍රජන් උත්පාදනය හැසිරවීම හා අපනයනය සඳහා විශේෂිත ආර්ථිකයක් බිහිවේ. ත්‍රිකුණාමලය වෙනම සංවර්ධනය කළ හැක. මන්නාරම හා පේසාල අවට ඇති ඛනිජ තෙල් හා ගෑස් ද රටට ඇති අවස්ථාවකි. මේවා ජාතික සම්පත් නමුත් දැන් ප්‍රයෝජනයට නොගතහොත් අනාගතයේ දී පලක් නැත. හේතුව ජගත් ප්‍රජාව අලුත් බලශක්ති ප්‍රභව කරා වේගයෙන් ගමන් කිරීමය. ශ්‍රී ලංකාවට අනන්‍ය ආකාරයකට ව්‍යවසායකයන් සම්බන්ධ කරගතහොත් ආර්ථිකය බලගැන්විය හැකි පියවරකි.
අපටම කරගන්නට හැකි තරම් බලයක්
දේශීය ආර්ථිකයක් ගැන අපට අභිමානයක් ඇත. එහෙත් දේශීය දේ සඳහා වෙළඳ පොළක් හදාගන්නටත් අසමත්ය. පාරිභෝගිකයෝ තත්ත්වය, මිල, පැවැත්ම ගැන අවධානය යොමුකරති. රටට කළ හැකි දේ කරන අතර කළ නොහැකි දේ ගැන තීරණ ගැනීම සුදුසුය. ගුවන් තොටුපොළ, වරාය, සන්නිවේදනය වැනි අංශවල කටයුතු ආණ්ඩුවට ශක්තිය නැත. කොළඹ වරායේ කොටසක් පෞද්ගලික ආයෝජකයන්ට පැවැරීමෙන් රජයේ වරාය පර්යන්තය පවා තරඟකාරීත්වයට ඇතුළුවිය.
තවත් කොටස් පැවැරීමෙන් පසු වරාය මෙහෙයුම් තවත් වර්ධනයක් සිදු වූ අතර ජාත්‍යන්තරයට විවෘත විය. සන්නිවේදන තාක්ෂණයේ ද සිදු වූයේ එයයි. ටෙලිකොම් රජයට අයිතිව තිබුණේ නම් අදටත් දුරකතනයක් ගැනීමට පහසුකම් නැත. ලෝකයේ අනෙක් රටවල සන්නිවේදනයේ පෙරැළි සිදුවී තිබේ. තොරතුරු තාක්ෂණය දියුණු වී ඇත. එම දියුණුව සඳහා අපට ද අවස්ථාවක් තිබේ.
ගුවන් තොටුපොළ සංවර්ධනය ද වෙනම ආයෝජනයකි. ඉන්දියාවේ පවා ගුවන් තොටුපොළ, වරාය, ගුවන් සේවා පෞද්ගලික අංශයේ ව්‍යාපාර වී තිබේ. ආණ්ඩුව ඒවා නියාමනය කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝකයේ අනෙක් රටවල ආර්ථික අර්බුද මැද ඉන්දියාව ආර්ථික වර්ධනයකය. සංචාරක හා ආයෝජන අවස්ථා සලකා ඉන්දියානු ආර්ථිකය සමග සම්බන්ධවීමෙන් රටට ජවයක් ලබාගත හැකිය. මේවා අපගේ අවධානයට ලක්විය යුතු පැති සේ පෙනේ.
ශ්‍රී ලංකාව අභියෝග ගණනාවකට මුහුණ දුන් සමාජයකි. උතුරේ සහ දකුණේ ඇති වූ ත්‍රස්තවාදය රට දියුණු කරන අවස්ථාව මගහැරවීය. සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල් එක පරම්පරාවක් ඇතුළත වේගයෙන් දියුණු විය. ආයෝජනවලට දොරටු විවෘත කිරීම එහි රහස බව සඳහන් කළ යුතුය.
1978 දී ආර්ථිකය විවෘත කිරීමෙන් පසු එහි එක පියවරක් ගත් නමුත් එය දෙවැනි පියවරකට ගමන් කළේ නැත. අද නැවුම් අවස්ථාවක් ලැබී ඇත. තව දුරටත් මතබේද, පක්ෂ විවාද සහ වෘත්තීය සමිති අරගල කරගෙන ගියහොත් අද පවතින පසුබිම තවත් වේගයකින් නරක අතට හැරෙන්නට ඉඩ තිබේ.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] ලිපිනයට යොමු කරන්නේ නම් කෘතඥවෙමි.
මිලින්ද මොරගොඩ
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නීර්භීත තීරණ අවශ්‍ය මොහොතක්