IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


නව අගවිනිසුරු යටතේ අධිකරණය

රටකට නීතියක් යනු ගඟකට ඉවුරක් බඳුය. ඉවුර බිඳුණ කල්හි ගඟ අයාලේ යන්නාසේම නීතියේ විධානයෙන් මිදුණු රටක් බොහෝ අතුරු ආන්ත‍්‍රාවන් සහිත බියකරු මාවතකට ඇද වැටීම වැළැක්විය නොහැකිය. ඒ අනතුර වැළැක්විය හැකි වන්නේ නීතියේ විධානය බලාත්මක කිරීම තුළින් පමණි. මේ ඒ සම්බන්ධයෙන් හිටපු මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්‍ෂ මහතා සමග කළ සාකච්ඡාවකි. 

 

හිටපු මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්‍ෂ


නීතියේ විධානය යථාවත් කිරීමට නම් අධිකරණ ක්‍ෂේත‍්‍රයේ පුළුල් ප‍්‍රතිසංස්කරණයක් විය යුතුය යන්න මාගේ අදහසයි. එම ප‍්‍රතිසංස්කරණ මූලික වශයෙන්ම අධිකරණ පද්ධතිය අභ්‍යන්තරයෙන් ප‍්‍රමුදිත භාවයට පත් කරන්නක් විය යුතුය. විශේෂයෙන්ම ජනයා අධිකරණය වෙත පැමිණෙන්නේ යුක්තිය හා සාධාරණත්වය අපේක්‍ෂා කරමිනි. එහෙයින් දෙනු ලබන තීන්දුව නිවැරදි විය යුතුය. අමතර ප‍්‍රශ්න නිර්මාණය නොකරන්නක් විය යුතුය. එබඳු තීන්දු දීමේදී විනිශ්චයකාරතුමන්ලාගේ මානසික ප‍්‍රමෝදය හා ප‍්‍රබෝධය ද තීරණාත්මක බලපෑමක් කරනු ලබන සාධකයකි. එහෙයින් අධිකරණ ක්‍ෂේත‍්‍රය තුළ සිදුකරනු ලබන ප‍්‍රතිසංස්කරණ නියත වශයෙන්ම විනිශ්චයකාරතුමන්ලාගේ මානසික ප‍්‍රබෝධය ඉලක්ක කළ ප‍්‍රතිසංස්කරණයක් විය යුතුය. 


මෙහිදී අධිකරණ සංකීර්ණ සම්බන්ධයෙන් පළමු අවධානය යොමු කිරීමට මම කැමැත්තෙමි. මන්දයත් එයද බරපතළ ප‍්‍රශ්නවලට හේතුවක් වන හෙයිනි. රට පුරාම අලූතෙන් අධිකරණ සංකීර්ණ ඉදිකරමින් යයි. එය ඉතා හොඳ දෙයකි. එහෙත් එසේ අලූතෙන් ඉදිකරන අධිකරණ සංකීර්ණවල අත්‍යවශ්‍යම අංග නොපවතින්නේ නම් එය අඩුවකි. තංගල්ල අධිකරණ සංකීර්ණය හොඳ උදාහරණයකි. එහි රජයේ නීතිඥ මහතාට වෙන්කැර ඇති කොටස ඉතා විශාලය. එහෙත් විනිසුරුතුමාගේ කුටිය අඩි දහයයි දහය තරමේ ඉතා පටු එකකි. මගේ අත්දැකීමට අනුව බදුල්ලේත් එසේමය. එමෙන්ම මහේස්ත‍්‍රාත්වරයාට නිල නිවාසයක් නැත. එසේ වූ විට මහේස්ත‍්‍රාත්වරයාට අනුන් මත යැපීමට සිදුවේ. මෙය ස්වාධීනත්වය සම්බන්ධයෙන් ප‍්‍රශ්නකාරි තත්ත්වයකි. අධිකරණ සංකීර්ණ ඉදිකරන විට මහේස්ත‍්‍රාත්වරුන්ගේ නේවාසික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ගැඹුරු අවධානයක් යොමු කළ යුතුය. මන්දයත් එය මහේස්ත‍්‍රාත්වරයකුට බරපතළ පීඩවක් ගෙන දෙන්නක් වන හෙයිනි.


මම සාමාන්‍යයෙන් දින පහම වැඩ කළෙමි. එහෙත් මා දන්නා අත්දැකීම්වලට බොහෝ දෙනෙකුට එසේ දින පහම සේවය කිරීමේ අවස්ථාව අහිමිය. ඒ ඔවුන් සේවය කරන්නේ තම ගම්බිම්වලට බොහෝ දුරින් වීම නිසාය. සිය රාජකාරි ප‍්‍රදේශයට ඔවුන් පැමිණෙන්නේ සඳුදා දිනයේය. යළිත් බ‍්‍රහස්පතින්දා ගමට යති. මෙහි ප‍්‍රතිඵලය වන්නේ නඩු ගොඩගැසීමය. ඇතැම්විට මහේස්ත‍්‍රාත්වරයාගේ බිරිඳ සේවය කරන්නේ හෝ පදිංචිව සිටින්නේ කොළඹය. එහෙත් ඔහුගේ රාජකාරි බල ප‍්‍රදේශය අම්පාරය. නිරවුල් මනසකින් කටයුතු කිරීමේ මග ඇහිරීයාමට මෙයත් එක් හේතුවකි. එහෙයින් මාරුවීම් ලබාදීමේදී එම කාරණය සම්බන්ධයෙන් සානුකම්පිතවීම අනිවාර්ය වූවකි.

 

නව අගවිනිසුරු රාජකාරි භාරගත් අවස්ථාව


මා තංගල්ල මහාධිකරණයට ආවේ 2011 වසරේදීය. එහිදී ප‍්‍රධාන වශයෙන් සිදුකිරීමට වූ රාජකාරියක් වූයේ අභියාචනාධිකරණයේ නඩුය. එම අපරාධ නඩු බොහොමයක් වසර 20ක් 25ක් පැරැණි ඒවාය. එතරම් කාලයක් එම නඩු විභාගයට ගෙන තිබුණේ නැත. මෙබඳු තත්ත්වයක් නිර්මාණය වීමට බලපාන සාධක ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය. මහාධිකරණ විනිශ්චයකාරවරයකුට පළමු පත්වීම බොහෝ විට බදුල්ල, හම්බන්තොට හා අම්පාර වැනි ප‍්‍රදේශයන්ය. එහෙත් එම විනිසුරුවරයා එහි සිටින්නේ ඊළඟ උසස්වීම ලැබෙනතුරු පමණෙකි. තංගල්ල මහාධිකරණයේදී මා ලැබූ අත්දැකීම්වලට අනුව වසර විස්සක් විසිපහක් පැරැණි නඩු විභාග කළ විනිසුරුවෝ එතැනින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් විශ‍්‍රාම ගොස් සිටියහ. එහෙත් නඩුව අවසන් නැත. මෙහිදී මගේ යෝජනාව වන්නේ එක් විනිසුරුවරයකුට අවම තරමින් වසර දෙක තුනක් හෝ එක් ස්ථානයක සේවය කළ යුතු බවය. එහිදී යම් ප‍්‍රමාණයක මැදිහත්වීමක් කිරීමේ හැකියාව ලැබේ. එසේ නොවන්නේ නම් එක් විනිසුරුවකු මූලික සාක්‍ෂි අරගෙන නඩුව මාස හයකට පමණ කල් තැබූ පසු නැවත නඩුව විභාගවන අවස්ථාව වන විට ඔහු එම ස්ථානයේ සේවය නොකිරීම නමැති අත්දැකීම ලැබීමට සිදුවේ. නඩු පමාවීමට මෙය ලොකු හේතුවකි.


විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනයක් 1985දී ආරම්භ කරන ලදී. එය ඉතා වැදගත් පියවරකි. එහෙත් එම ආයතනයෙන්ද දෙනු ලබන්නේ ප‍්‍රායෝගික පුහුණුවක් නොව න්‍යායාත්මක පුහුණුවකි. මෙය අඩුවකි. මෙහිදී මා යෝජනා කරන්නේ ආධුනික විනිසුරුවරයකුට න්‍යායාත්මක දැනුමට අමතරව හඳුනා ගැනීමේ පෙරට්ටු තබන ආකාරය හා මහේස්ත‍්‍රාත් මරණ පරීක්‍ෂණ සිදුකිරීම ආදිය සම්බන්ධයෙන් ප‍්‍රායෝගික පුහුණුවක් ලබා දිය යුතු බවය. මා එසේ යෝජනා කරනු ලබන්නේ අත්දැකීම් අනුසාරයෙනි. අපරාධකරුවන්ට ඉතා පහසුවෙන් ගැලවී යාමට එම දුර්වලතා බොහෝ සෙයින් උපකාර වේ. ප‍්‍රාථමික අධිකරණ විනිසුරු, මහේස්ත‍්‍රාත්, අතිරේක දිසා විනිසුරු, දිසා විනිසුරු හා විශේෂ අධිකරණ දිසා විනිසුරු හා මහාධිකරණ විනිසුරු යනුවෙන් නිල ධුරාවලියක් තිබේ. එහි පහළම ශ්‍රේණියෙන් පටන්ගෙන ඉහළට යනවිට හෙතෙම සතුව මනා අත්දැකීම් සම්භාරයක් මෙන්ම පරිචයක්ද වෙයි. එය අත්‍යවශ්‍ය වූවකි. එහෙත් මෙයට දශක දෙකකට පමණ ඉහතදී මෙම ක‍්‍රමය වෙනස් කෙරිණි. මෙයින් සිදුවූයේ පිළිවෙළින් අත්දැකීම් ලබමින් ඉදිරියට ඒමට තිබූ අවස්ථාව මග හැරී යාමය. පරිචය අඩුවන විට දෙනු ලබන තීන්දු ප‍්‍රශ්නකාරී වීම වැළැක්විය නොහැකිය.


තව බොහෝ ප‍්‍රශ්නකාරී පැති තිබේ. මා විශ්වාස කරන ආකාරයට නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා යටතේ මේ ගැටලූ නිරාකරණය කර ගැනීමේ පහසු ඉඩක් තිබේ. එතුමා නීතිපති වශයෙන්ද කටයුතු කරමින් මෙම ධුරයට පැමිණි නිසා අවශ්‍යයෙන්ම තිබිය යුතු අත්දැකීම් එතුමා සතුව තිබීම එයට හේතුවය. එමෙන්ම ඉකුත් සමයේ කිසිදු අයකුට හිටපු අගවිනිසුරුවරිය හමුවීමේ අවස්ථාව ලැබුණේ නැත. තම ප‍්‍රධානියා හමුවීමේ අවස්ථාව හිමි නොවේනම් එහි කටයුතු සිදු කරන්නේ කෙසේද? මෙහිදී මා දකින එක් විශිෂ්ටතම ලක්‍ෂණයක් නම් අගවිනිසුරුවරුන් නව දෙනෙකු යටතේම පෞද්ගලික ලේකම් ධුරය දැරූ විනිසුරු විජේතුංග මහතා නව අගවිනිසුරුතුමාගේද පෞද්ගලික ලේකම් වශයෙන් පත් කිරීමය. අත්දැකීම්වලින් යහපත් ප‍්‍රතිඵල අත්පත් කැරගත හැකි බවට විවාදයක් නැත. එමෙන්ම අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා ලෙස සිසිර රත්නායක මහතා පත් කිරීමද අගය කළ යුතු පියවරකි. විනිසුරුවරුන්ගේ පරිපාලන කටයුතු භාර අධිකරණ සේවා කොමිසමට අත්දැකීම් සහිත ලේකම්වරයකු අත්‍යවශ්‍යයමය. මේ අනුව අධිකරණ ක්‍ෂේත‍්‍රයේ සිදු කළ යුතු පුළුල් ප‍්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය මූලික යහපත් ප‍්‍රවේශය ලැබී ඇතැයි මම සිතමි. නීතියේ විධානය සහිත රටක් තිරසරව පවත්වාගෙන යාමට මෙම තත්ත්වය කදිම ආයෝජනයකි.

 

සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

නව අගවිනිසුරු යටතේ අධිකරණය

ගාමිණි Sunday, 10 February 2013 10:32 PM

ලංකාදීපයට ස්තුති, මේක වටිනා විස්තරයක් (දී)

:       0       0

හෂාන් Tuesday, 12 February 2013 05:25 PM

කියවන්න වටිනා ලිපියක් (දී)

:       0       0

යොහාන් Tuesday, 12 February 2013 06:46 PM

ඔබතුමාට ජයවේවා (දී)

:       0       0

‍ජයා Friday, 08 March 2013 11:59 AM

මුළු අදිකරණ පද්දතියම වෙනස් විය යුතුයි.දිගුකාලින නඩු අහන ක්‍රමවේදය වෙනස් කර පිඩාවට පත් ජනතාවට සහනයක් සැලසෙන ඉක්මන් වැඩ පිළිවෙලක් දීම තමයි වැදගත්ම දේ.දැන් පවතින ක්‍රමය අනුව ජිවිත කාලය පුරාම නඩු කියා කියා ඉන්න සිදුවෙලා තියෙනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 81 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 21 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 33 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 72 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 213 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 812 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 453 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 274 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 430 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site