අපේ රටට මහත් ව්‍යසනයක් විය හැකිව තිබූ ‘‘නිව් ඩයමන්ඩ්’’ බොර තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව ප්‍රකාශයට පත්වීම මහත් සැනසිල්ලකට හේතුවකි. ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටි මහ මුහුදේදී ගිනිගෙන දැවෙමින් තිබූ නැව පසුගිය දින කිහිපය තුළ රටේ ප්‍රධාන ‘‘කටගැස්ම’’ බවට පත්ව තිබිණි. මේ ‘‘කටගැස්ම’’ යහමින් තලුමැරුව ද නැවේ ගින්න තෙල්වලට ඇවිළී මහත් ගිනි විජ්ජුම්බරයක් වනු ඇතැයි යන තැතිගැන්ම ද රටේ සියලුදෙනා තුළම තිබුණද ගින්න පාලනය කිරීම පිළිබඳ ආරංචිය සියලුදෙනාටම සැනසුමක් ළඟාකර දුන්නේය. එහෙත් හදිසියේම යළිත් නැවේ ගින්නක් හටගත් බවත් එය නිවා දැමීමට කටයුතු කරන බවත් පසුගිය අඟහරුවාදා (07) වනවිට වාර්තා වී තිබිණි.
නැවක ගින්නක් ඇතිවීම වෙනත් ගිනිවලට වඩා මහත් භයානකය. අදාළ නැව බොරතෙල් ප්‍රවාහනය කෙරෙන නැවක් නම් එවැනි ගින්නක් අති භයානකය. හේතුව ගිනි රස්නෙට තෙල් බැරල් ගිනිගෙන නැව පුපුරා ගියහොත් සිදුවිය හැකි හානිය ගණනය කළ නොහැකි තරම් වන බැවිනි. එම හානිය ඇතිවන්නේ තෙල් විනාශවීම හෝ නැව විනාශ වීම නිසා හෝ පමණක් නොවේ. එම හානි දෙකටම ජාත්‍යන්තර නැව් රක්ෂණයෙන් වන්දි ලබාගත හැකිය. එහෙත් නැවෙන් මුහුදට කාන්දු වන තෙල් ඇතිකරන බරපතළ පරිසර හානියට වගකියන කෙනෙකු නැත. මුහුදු ජලය මත විසිරෙන තෙල්වලට ගින්න පැතිරීමෙන් සහ තෙල් තට්ටු පිටින් මුහුදේ පාවීම නිසා නාවික සැතපුම් විශාල ප්‍රමාණයක මුහුදේ ජෛව පද්ධතියට සිදුවන හානියේ අහිතකර බලපෑම් වලින් නිසැකවම පීඩා විඳීමට සිදුවන්නේ මෙරට ජනතාවටය. ඒවාට වන්දි ලබා ගැනීම පහසු නැත. මේ සියලු කරුණු සලකා බැලීමේදී ‘‘නිව් ඩයමන්ඩ්‘‘ නෞකාවේ ගින්න නිවා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයකි. එම අපහසු, දුෂ්කර අභියෝගය ජයගත් සියලු නිලධාරීන්ට රටේම ගෞරවය හිමිවිය යුතුය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩ නිකුත් කරමින් එම නිලධාරීන්ට ස්තූතිය පුදකරන බව ප්‍රකාශ කර තිබිණි. සිය ජීවිත අවදානම පවා නොතකමින් නෞකාවේ ගින්න පාලනය කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද, නාවික හමුදාවේ ද, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හා ඉන්දීය ආරක්ෂක අංශවල ද නිලධාරීන්ට සිය හදපිරි ස්තූතිය පිරිනමන බව එම පණිවුඩවල සඳහන්ය. ‘‘සමුද්‍රීය ජෛව සම්පත ආරක්ෂා කර ගැනීමෙහි ලා ඔබගේ මෙහෙවර මම බෙහෙවින් අගය කරමි’’ යනුවෙන් ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩයේ සඳහන්ව තිබිණි. රාජ්‍ය නායකයන්ගේ එවැනි ස්තූති පුදකිරීම් එකී භාරදූර කාර්යයට සිය සක්‍රීය දායකත්වය සැපයූ සියලු නිලධාරීන්ට මහත් ශක්තියක් සහ ධෛර්යයක් වන බව සඳහන් කරනු කැමැත්තෙමු.
එසේ වුවද ගින්න නිවීමට හවුල් වූ නිලධාරීන්ගේ උත්සාහය අපතේ ගොස් නැවේ තෙල් ගිනිගත්තා නම් අපගේ රට වටා පිහිටි මුහුදු තීරයේ වැඩි කොටසක ජෛව සම්පතට සිදුවන්නේ කිව නොහැකි හානියකි. එවැනි අවස්ථාවක සිදුවන හානියට වගකිවයුතු පාර්ශ්වය සොයා ගැනීම පවා මහත් දුෂ්කර කටයුත්තකි. ඒ බව පෙන්නුම් කළ එක් අවස්ථාවක් වූයේ මීට වසර 10කට පෙර මෙක්සිකෝ බොක්කේ ගැඹුරු මුහුදේ දී බ්‍රිතාන්‍ය පෙට්රෝලියම් ආයතනයේ තෙල් ළිඳක කාන්දුවක් හේතුවෙන් සිදුවූ පරිසර හානියයි. එයට ගෙවන ලද වන්දිය අදටත් කිසිවෙක් හරිහැටි නොදනිති. එහෙත් සිදුවූ සමුද්‍ර පරිසර විනාශය අතිමහත් විය. අදටත් එහි උපත ලබන කකුළුවන් පවා ආබාධිත බව සොයා ගෙන තිබේ. ශ්‍රී ලංකාව එම තත්ත්වයෙන් ගැලවීම මහත් වාසනාවකි.
කෙසේ වුවද නෞකා ගිනි ගැනීම් ඇතුළු බරපතළ සමුද්‍රීය ව්‍යසනවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව පූර්ව සූදානමක නොසිටීම පිළිබඳ බරපතළ අනතුරු ඇඟවීමක් මේ සිද්ධිය සමඟ මතුව තිබේ. එම අඳුරු වලාවේ රිදී රේඛාව වූයේ අපගේ වීරෝදාර හමුදාව බව ද අවිවාදිතය.
කිසිදු සූදානමක නොසිටියත් අවස්ථානුකූලව කටයුතු කරමින් එම ගින්න මැඬපැවැත්වීමට මෙන්ම මෙරට වෙරළ තීරය දෙසට තල්ලු වෙමින් තිබූ නැව නාවික සැතපුම් 40ක් දුර ගැඹුරු මුහුද දක්වා රැගෙන යාමටත් සිදුකළ මෙහෙයුමට ද ඔවුන් ලබාදුන් දායකත්වය ඉතිහාසගතය. මෙහිදී ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් උදව්වට පැමිණි ඉන්දීය නාවික හමුදාවටද හම්බන්තොට නැංගුරම් ලා තිබූ රුසියානු නැව් දෙකේ කාර්ය මණ්ඩලයට ද ගෞරවය හිමිවිය යුතුය. එහෙත් ඉදිරියේ දී මෙවැනි ව්‍යසනයක් හමුවේ ප්‍රතිචාර දැක්වීමට විධිමත් වැඩපිළිවෙළක් සැකසීමට රජය ප්‍රමුඛත්වය දිය යුතු බවට ද ඒ සමඟ පෙන්වා දීමට කැමැත්තෙමු.
අප එසේ කියන්නේ 2017 වසරේදී අපගේ මුහුදු තීරයේ දී අනතුරට පත් කන්ටේනර් නෞකාවක් වූ එම්.එස්.සී. ඩැනියෙලා නෞකාව ගින්නෙන් අනතුරට ලක් වූ අවස්ථාවේ ද ඉන්දීය නාවික හමුදාවේ සහාය ලබා ගැනීමට සිදුවූ බව සිහිපත් කරවමිනි. එම අනතුර සිදුවූ අවස්ථාවේදී ද නැව් ආපදාවලට මුහුණ දීමට හැකි ආරක්ෂණ පද්ධතියක අවශ්‍යතාව පෙන්වා දුන්නත් මේ වන විටද එවැන්නකට අතගසා නැති බව පෙනේ. ශ්‍රී ලංකාව අවට සමුද්‍රීය ආර්ථික කලාපය හරහා වසරකට ටොන් මිලියන 55කට වඩා තෙල් ප්‍රවාහනය කෙරෙන බව ද සඳහන්ය. එවැනි තත්ත්වයක් පවතිද්දීත් අපේ රට අවට මුහුදේ ගින්නක් පත්තු වූ විට එය නිවා දැමීමට සුදුසු යාන්ත්‍රණයක් තවම සකසා නැතිවීම කනගාටුවකි.
එවැනි යාන්ත්‍රණයක අවශ්‍යතාව මේ සිද්ධියත් සමඟ වත්මන් රජය හොඳින්ම තේරුම්ගෙන ඇතැයි අපගේ විශ්වාසය වෙයි. එයට ප්‍රමුඛත්වය ලබා දී ඒ සඳහා ප්‍රවේශය ගැනීමට හෝ කටයුතු කිරීම අවශ්‍යය. එසේ සිදු නොකර ‘‘ඩයමන්ඩ්’’ නැවේ ගින්න ඇතිවීම හෝ ඒ සඳහා කටයුතු කිරීමට යාන්ත්‍රණයක් නොතිබීම හෝ පිළිබඳ සෙවීමට කමිටු පත් කිරීමෙන් නම් කිසිදු පලක් නැත.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නැවේ ගින්න උගන්වන පාඩම
කෝලිත Wednesday, 09 September 2020 07:18 AM
ලංකාව තුළ අනේකවිධ ගැටලු විසඳා ගැනීමට තිබේ. එසේ තිබියදී මහමුහුදේ නැව් ගිනිගතහොත් ක්‍රියාකිරීම සඳහා අවශ්‍ය යාත්‍රා මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 500 ඊළඟ අයවැයෙන් ලියුම් කරුවා බලාපොරොත්තු වනවාදැයි හැඟෙයි. කයිවාරු ලිවීම පහසුයි. තාත්වික ක්‍රියාව වඩාත් අසීරුබව වටහාගත යුතුයි. මාධ්‍යවේදියන් තාත්වික විය යුතුයි.
Raveendra Wednesday, 09 September 2020 07:19 AM
ඉතාමත්ම වටිනා අදහස් වලින් පූර්ණ වූ ලිපියක්.. අප විශ්වාස කරනවා මෙය අදාල නිලධාරින්ගේ ඇස ගැටී අඩුවශයෙන් ඒ පිළිබඳව මූලික තීන්දු තීරණවත් කඩිනමින් ගැනීමට ක්‍රියාකරනු ඇතැයි යන්න.
ABCSaturday, 12 September 2020 06:00 PM
තෙල් නැව ගිනිගැනීම නිසා රටක් වශයෙන් සහ මෙම කාරණාව පිළිබඳව වගකිව යුත්තන්නේ... නොදැනුවත්බව මෙන්ම මෙවැනි සිදුවීමක් ලංකාවේ මුහුද අාශ්‍රිතව සිදුවූ ප්‍රථම අවස්ථාව වන්නට ඇතිනිසා එක පාඩමක් නොව පාඩම් බොහෝ ඉගෙනීමට මෙන්ම ඇති බවක් පෙනෙන්නට ඇත. මෙම ගින්න නිවීමට රජයට සිදුවූ පාඩුව ගණනය කොට නැවු සමාගමෙන් හෝ මේ පිළිබඳව වගකිව යුතු අදාල සමාගම් මගින් මුදල් අයකළ යුතුව ඇත. මෙම නැව රක්ෂණය කොට ඇතිනිසා එම සමාගම්වලින් මුදල් ලබා ගැනීමට ලංකාවට හැකියාවක් නොමැති නිසා තෙල් නැව ලියාපදිංචි සමාගම් සමග සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසඳාගත යුතුවේ. ලෝකයේ වෙනත් රටවලට අයත් මුහුදු සීමාවන් වලදී මෙවැනි සිදුවීම් සිදුවේ. මෙය අහඹු සිදුවීමක් වුවත් සිදුනොවිය යුතු දෙයකි. පළමුව කළයුත්තේ මෙම ගිනිගැනීම නැවැත්වීමට ඉන්දියාව මැදිහත්වූ නිසාත් මෙම තෙල් නැවේ ගමනාන්තය ඉන්දියාව වූ නිසාත් පළමුව ඉන්දියාව සමගත් ගන්නාවූ නිගමන අනුව දෙවනුව රටවල් දෙකම එක්ව තීරණයක් ගත යුතුව ඇත. ඉන්දියානු රජටත් මේ පිළිබඳව මේ සිදුවීමට අදාළව මේ වනවිට බොහෝ නිගමනවලට පැමිණ තිබෙන්නට පුළුවනි. ප්‍රශ්නය දුරදිග යාමට පෙර ගොඩින් බේරාගැනීමට රජය ක්‍රියා කළයුතුව ඇත..
නිමල් Wednesday, 09 September 2020 07:28 AM
එන්ජිම අක්‍රීයව නැවක් බොරතෙල් විශාල ප්‍රමාණයක් සමග මුහුදේ පාවීම අති භයානකයි. මුහුද රළු වුණොත් නැව පාලනයෙන් ගිලිහී යනු ඇත. එමනිසා ඔය නැව හිස්කිරීම ඉක්මණින් කළ යුතුය.
de silva Wednesday, 09 September 2020 07:54 AM
ඔය නැව එහි ගමනාන්තය වන ඉන්දියාවේ වරායට ඇදගෙන යන්නේ නැත්තේ මොකද?
විජේ Wednesday, 09 September 2020 09:39 AM
ජලය වගේම තෙල් ගලන්නෙත් පහත් තැනින් සිල්වා උන්නැහැ... ඒකයි.
upali Wednesday, 09 September 2020 10:51 AM
තවත් පාඩමක් ඉගෙන ගැනීමට පෙර රටේ තිබෙන සහ ඉදිවෙමින් පවතින අහස උසට යන ගොඩනැගිලිවල හදිසියේ ගින්නක් ඇතිවුණොත් ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද? නවීන පුහුණු අය සිටිනවද? නවීන උපකරණ තිබෙනවද?
චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 09 September 2020 11:16 AM
ඉතාමත් අගනා සටහනක්... මේ සිදුවීමෙනුත් අපට මොනවට කියාපෑවේ ඒ කරුණමය. මේ බිම වගේම අපට අයිතිව තිබෙන සාගර කලාපය රැකගැනීමද අප සතු යුතුකමක්... එම ගමන් මාර්ගයෙහි සක්‍රීයට පවතින නාවික කටයුතුවලට අවශ්‍ය රැකවරණය දීමද අප සතු යුතුකමක් නොව වගකීමක්ය. බොහෝ අය මෙම කාරණය හරිහැටි තේරුම්ගෙන ඇතිබවක් නොහැගේ. විශේෂයෙන් අප වැනි දූපත් රාජ්‍යයක නාවික සහ වෙරළාරක්ෂක හමුදාවන් ශක්තිමත් කළයුත්තේ එහෙයිනි. අපට අපගේ අනන්‍යතාවයක් ඇත. රටක් ලෙස ගරුත්වයක්ද ඇත. එසේනම් සැමවිටම මෙවන් ව්‍යවසනයකදී අසල්වැසි රටවලින් උපකාර බලාපොරොත්තු වීම නොකළ මනාය. සාගර ආර්ථිකයක් කරා අප රට පිවිසෙන්නේ නම් ඉතාමත් විශිෂ්ඨ නාවික ආරක්ෂන පද්ධතියක් දැන් හෝ අප නිර්මාණ කරගත යුතුයි. වියදම ටිකක් අධික වුවද ඉන් රටට ලැබෙන ආර්ථක වාසිය ගණනය කළ නොහැකි තරම්මයි. බොහෝ නැව් සමාගමන් ඒ තුළින් අප රට අභියසින් වැටී ඇති නාවික මාර්ග තෝරාගැනීමට උනන්දු වීම කිසිරටකට නවතාලිය හැකි කරුණක් නොවන්නේය. එ් නිසාම නවීන නැව්, නවීන ටග් යාත්‍රා සෙවිම් සහ මුදවා ගැනීමේ ගුවන් යානා වැනි දෙයින් සන්නද්ධ නාවික හමුදාවක් ගොඩනැගීම අද දවසේ අප කළයුතු ප්‍රමුඛම කර්ථව්‍යයකි.
RaveendraWednesday, 09 September 2020 11:38 AM
ඇත්තෙන්ම ඔබ නිවැරදිය. අප වැනි එදාවේල අපහසුවෙන් ගැටගහ ගන්නා රටකට දැරිය නොහැකි අතිවිශාල මුදලක් දැරීමට සිදුවෙයි.. නමුත් එය කළයුතු දෙයකි. එය රට වෙනුවෙන් අනාගත ආයෝජනයකි.
ganemulla Wednesday, 09 September 2020 11:18 AM
මෙතැනදී අපි ඉගෙනගත්ත පාඩම නම් .. වගකිව යුතු කිසිවෙක් මේ ප්‍රශ්නය විසඳීමට උත්සාහ කරනවාට වඩා.., මේ නැව මෙතන තියාගෙන ඒකට වන්දි ලබාගැනීමට සහ මුදල් ඉපැයීමට උත්සාහ කරන බව නම් හොඳින්ම පේන්න තියෙනවා.
WcA Friday, 11 September 2020 06:12 PM
මේකට තියෙන උත්තරය නම් ඊළඟ ගින්න එනකල් අපි ආරක්ෂිතයි. ඊට පස්සෙ ආයේ පත්තර කාරයින්ට මල් ගී වැල් ලියන්න පුලුවන් මේ වගේ...