”මහ මුහුද ඉතාමත්ම භයංකාර ස්ථානයක්. මෙහි සුන්දරත්වයට වශී වෙලා අපි ඒ මේ අත කිමිදෙමින් සිටියදී හිටි හැටියේම එහි පරිසරය වෙනස් වනවා. ඒ වගේම කොහේ හරි ඉදලා අනපේක්ෂිත වෙලාවක විවිධ සතුන් පැමිණෙනවා. තවත් භයානක දෙයක් තමයි මුහුදු පත්ලට ඉතාමත්ම හොඳින් අනුවර්ථනය වෙලා තමන්ගේ ගොදුරු ඩැහැ ගැනීමටත් විලෝපිතයන්ගෙන් බේරී සිටීමටත් පරිසරයේ වර්ණයම අරගෙන සැගවී සිටින සතුන් ඉන්නවා. බොහෝ විට මේ අය උග‍්‍ර විෂ සහිතයි. ඒ වගේම ඉතාමත්ම ශක්ති සම්පන්නයි.’’ කුඩච්චි පවසන්නේ මනා ප‍්‍රාගුණ්‍යයකින් යුතුව මෙන්ම අවට පරිසරය පිළිබඳ අවබෝධයකින් යුතුව පමණක් මුහුදේ කිමිදීම් සඳහා යොමුවිය යුතු බවයි. ‘‘ අපි මුහුදේ කිමිදීමට කොතරම් පුහුණුවක් ලැබුවත් නොසිතූ දේ මුහුදේදී සිදුවනවා. ඒක අමුතුම ලෝකයක්. ’’ කුඩච්චිත්, ඔහුගේ සගයන් වූ තල්පේ සුනිල් සහ කි‍්‍රෂාන් වේවැල්වල තිදෙනා වරක් කල්මුණේ ප‍්‍රදේශයේ කිමිදුම් කටයුතු සඳහා සහභාගී වීමේ අපේක්ෂාවෙන් එහි ගියහ. දින කිහිපයක් කල්මුණේ නතර වී කිමිදුම්කටයුතු කිරීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබිණි. වියළි කර්කශ පරිසරයේ ධීවරයෝ තම කර්මාන්තය පවත්වාගෙන යති. මේ අතර කිමිදුම් කටයුතු කරන කිහිප දෙනකු ද සිටිති. එම ප‍්‍රදේශයේ කිමිදුම් කරුවෝ වැඩි තාක්ෂණයක් භාවිතයෙන් තොරව මුහුදු කූඩැල්ලන් සහ බෙල්ලන් එකතු කර ජීවත්වන බව කුඩච්චි අප සමග කීවේය. ‘‘ මොවුන් ඉතා දුෂ්කර ලෙස කිමිදුම් කාර්යයේ නිරත වෙනවා. මා සතුවත් අති නවීන උපකරණ නොතිබුණත් ඒ කාලේ හැටියට කල්මුණේ කිමිදුම් කරුවන්ට වඩා තරමක් දියුණු උපකරණ තිබුණා. නමුත් ඔවුන්ට විශාල අත්දැකීම් ප‍්‍රමාණයක් තිබෙනවා. මුහුදයටදී මුහුණ පාන්න සිදුවූ දේවල් ගැන ඔවුන් අප සමග කීවා. එපමණක් නොවෙයි වැදගත්ම දේ තමයි ගාල්ලේ කිමිදෙන අපිට කල්මුණේ ප‍්‍රදෙශයේ මුහුද යට පරිසරය වෙනස් අත්දැකීමක් වුණා. ’’ තම ජීවන අත්දැකීම් බෙදාගනිමින් නිරන්තර සාකච්ඡා කරද්දී ගාල්ලෙන් ගිය පිරිසට අසන්නට ලැබුණේ කල්මුණේ වෙරළේ සිට මදක් ඈතින් විශාල යකඩ නැවක් ගිලී ඇති බවයි. ඒ ආසන්නයෙන් පිගන් හමුවන බැවින් මෙය ධීවරයන් විසින් හඳුන්වන්නේ පිගන් නැව යනුවෙනි. කිසිදා නොදුටු මේ නැව දැකගැනීමේ ආශාවක් කුඩච්චි සිතේ පැලපදියම් වූවේය. ‘‘ අපෝ මහත්තයෝ අඩි 130 ක් විතර යට තියෙන්නේ. බහින්නනම් අමාරුයි. ඒ තරම් යට කිමිදිලා පුරුද්දක් නැතිකෙනෙක් බැස්සොත් ඉතින් කරදරේ වැටෙනවා. ’’ වැඩිහිටි ධීවරයකු එසේ කීවේය. නමුත් කුඩච්චිගේ සගයන් දෙදෙනාද පසුබට වන්නේ නැත. ඔවුන්ගේ අපේක්ෂාව කෙසේ හෝ පිගන් නැව දැක ගැනීමයි. ‘‘ අපි ඊට පසුවදාම නැවට බහින්න හිතා ගත්තා. අඩි 130 ක් යටට කිමිදෙන්නට අවශ්‍ය සියළු දේ සකස් කැර ගත්තා. අපි බලාපොරොත්තු වුණා වගේම එදා උදේ හිරු එළිය හොඳට පතිත වුණා. අහසත් මුහුදත් ඉතාමත්ම පැහැදිලියි. ගැඹුරු මුහුදේ කිමිදෙන්න සුදුසු පරිසරයක් තිබුණා. උදේ නමයට විතර අපි වැඬේ පටන් ගත්තා. ’’ ධීවරයන්ගෙන් ලබාගත් බෝට්ටුවක් උපයෝගී කැරගෙන කුඩච්චි, කි‍්‍රෂාන් සහ සුනිල් තිදෙනා නැව ගිලී ඇති ඉසව්වට ළගා වූහ. බෝට්ටුව ඒ ආසන්නයේ නවතනු ලැබූ අතර තිදෙනාම මුහුදට පැන ගත්හ. ‘‘ අපි ක‍්‍රමයෙන් යටට ගියා. මුහුදේ විශාල ප‍්‍රදේශයක් පැහැදිලිව දක්නට ලැබෙනවා. ගාල්ලේ මුහුදේ වගේ ගල්පර සහ කොරල් බහුලව දක්නට නැහැ. සම්පූර්යෙන්ම වෙනස් ස්වභාවයක් තමයි තිබෙන්නේ. ටිකක් යටට යනවිට අපිට නැව පෙනෙන්න ගත්තා. ඒක පැරණි යකඩ නැවක් බව පැහැදිලියි. ’’ කුඩච්චි පවසන්නේ නැවක් ගිලී ගිය ස්ථානයක් අතිශයින්ම අලංකාර තැනක් බවයි. නැවක් ගිලී ගිය පසු එම ස්ථානයට විශාල වශයෙන් මසුන් ඇතුළු මුහුදු ජීවීන් පැමිණෙන අතර ඔවුන් ගිලූණු නැවේ සැගවෙමින් තම ආරක්ෂාව සහ රැකවරණය සළසා ගනිති. එමෙන්ම ආගන්තු වස්තුවක් වන නෞකාවේ පෘෂ්ඨය මත හිරිගල් සහ පැලෑටි වර්ග වර්ධනය වන බැවින් මුහුදු ජීවීන්ට එය ආහාර බහුල පරිසර පද්ධතියක් බවට පත්වන්නේ නිරායාසයෙනි. මේ නිසාම ගිලී ගිය නැවක් යනු මුහුදු ජීවීන්ගේ පැවැත්මට මනා තෝතැන්නක් මෙන්ම සාගර පත්ලේ අලංකාරය වැඩිදියුණු කරන ස්ථානයකි. ‘‘ ඒ නැවේ බඳේ සිදුරු වී ගිය ස්ථානයකින් අපි ඇතුළු වුණා. හිසේ පැළඳගෙන තිබෙන විදුලි පන්දම් වල ආලෝකය උපයෝගී කැරගෙන අපි තුන්දෙනා ඒ මේ අත පිහිනා ගියා. නැවේ ඇතුළත කොටස් විශාල වශයෙන් දිරාපත් වෙලා හඳුනාගත නොහැකි තරමට කොරල් සහ මුහුදු පැලෑටි වලින් වැසී ගිය කොටස් රාශියක් දක්නට ලැබුණා. අපි ටිකෙන් ටික ඇතුළටම ගියා. නැවේ විශාල වශයෙන් පිගන් තිබෙනවා. පිගන් තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටියදී ගිලී ගිය නැවක් විය යුතුයි. ’’ නැවේ විවිධ කොටස් පරීක්ෂාකැර බලමින් ඇතුලටම ගිය කුඩච්චි ඇතුළු පිරිස තවත් විනාඩි අටකින් මතුපිටට යා යුතුය. ඔවුන් සතුව ඇති ඔක්සිජන් ප‍්‍රමාණවත් වන්නේ එවැනි කෙටි කාලයක් සඳහා පමණි. තිදෙනාම ආපසු හැරුණහ. නැව අභ්‍යන්තරයේ සිටින ඔවුන්ට පැමිණි මාර්ගය සොයා ගැනීමට හැකියාවක් නැත. තිදෙනාම ඒ මේ අත පිහිනා යති. නමුත් මාර්ගය සොයා ගැනීම අතිශය අසීරු කටයුත්තකි. ‘‘අපි ඇතුළට යද්දී නිකමටවත් හිතුවේ නැහැ නැව ඇතුළේ අතරමං වේවි කියලා. සාමාන්‍යයෙන් යම් තැනකින් ඇතුළට ගියාම යළි එතැනට එන්න පුළුවන් නමුත් දැන් අපි අතරමං වෙලා. අපි ඇතුළේ ඒ මේ අත ගමන් කරපු නිසා රොන් මඩ කැලතිලා සාමාන්‍යයෙන් මෙවැනි තැනකදී නූලක් ඇදගෙන තමයි යන්නේ අපි අතපසුවීමකින් එය ගොඩබිම දමා ඇවිත් තිබුණා. දැන් අර පිටවෙන සිදුර සොයා ගන්න බැරි වුණා. කරන්නට දෙයක් නැහැ. තුන්දෙනාම මූහුණට මුහුණ බලාගත්තා. අපි හැමෝටම හිතුනා දැන්නම් ඉතින් තව විනාඩි කිහිපයකින් මැරෙනවා කියා. ’’ නමුත් මේ තිදෙනා වඩාත් කඩිසරව යන්නට මගක් සොයද්දී වාසනාවකට තමන් ඇතුළු වූ ස්ථානය අහම්බයෙන් මෙන් හමුවූවේය. හැකි ඉක්මනින් එතැනින් එළියට පැනගත් මේ මිතුරන් තිදෙනා මුහුද මතුපිටට පැමිණියහ. ‘‘ අපි හොඳටම භයවෙලා හිටියේ. උඩට එන්න පරක්කුවෙන කොට ’’ යැයි ඔවුන් තිදෙනා රැගෙන ගිය ධීවර බෝට්ටුවේ සිටි දෙදෙනා කීහ. එදා මරණයෙන් බේරුණු බිහිසුණු ආකාරය සිහිපත් කරන කුඩච්චි පවසන්නේ එය තම මුහුදු කිමිදුම් කටයුතු සඳහා සදාකාලික පාඩමක් වූ බවයි. සමන් මුදිත යනු කුඩච්චිගේ කළණ මිතුරෙකි. කිසිදා මත්පැන් හෝ දුම්වැටි පානය නොකළ ඔහු ගැඹුරු මුහුදේ කිමිදී මනා අත්දැකීම් රැසක් තිබුණු ශක්ති සම්පන්න ජවාධික තරුණයෙකි. මුදිත සහ කුඩච්චි ඉතා අසීරු ස්ථානවල කිමිදී තිබේ. නිතරම එකට මුහුදේ කිමිදෙන මේ දෙදනොට තම තමන් ගැන හොඳ අවබෝධයක් ද තිබිණි. ඒ නිසාම මුදිත සමග කිමිදීමට කිසිදු චකිතයක් නැතැයි ද කුඩච්චි පවසයි. වරක් මේ දෙදෙනා හම්බන්තොට ධීවර වරායට මදක් ඈත මුහුදේ කිමිදුම් කටයුතු සඳහා ගියහ. මේ ප‍්‍රදේශයේ ගිලූණු නැව් රැසක් ඇතැයි විශ්වාසයක් පවතින බැවින් බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබේ. දියට බැසගත් කුඩච්චි සහ මුදිත දෙදෙනා ටිකෙන් ටික ගැඹුරට ගමන් කළහ. හොඳින් හිරු පායා තිබේ. මුහුදු පත්ල පැහැදිලිව දර්ශනය වේ. වෙනදා මේ ප‍්‍රදේශයේ දක්නට ලැබුණු මසුන් රංචු කිසිවක් අද දක්නට නැත. සතුන් අතුරුදන් වූයේ කවර හේතුවක් නිසාදැයි විමසිලිමත් වෙමින් මේ දෙදෙනා ගමන් ගනිද්දී මඩෙහි සැගවී සිට ඔවුන්ට භියෙන් යළි ගමන් ආරම්භ කළ තරමක් විශාල මඩුවන් කිහිප දෙනකු දක්නට ලැබිණි. ‘‘ඒ වෙලාවේ වැඩිය සත්තු හිටියේ නැහැ. මොනවද වෙන්නේ කියලා අපිට හැගීමක් තිබුණේ නැහැ. ටිකෙන් ටික යටට ගිහින් කිමිදුනු අපි දෙන්නා උඩට යන්න තීරණය කළා. අපි උඩට එන්න හදනවා නමුත් එන්න බැහැ. යමකු අපි තල්ලූ කරනවා වගේ තමයි දැනෙන්නේ. ටික වෙලාවකින් තේරුණා මුහුදු දිය වැලක් වේගයෙන් ගමන් කරන බව. මේ හේතුව නිසා තමයි ඒ මොහොතේ එම ප‍්‍රදේශයේ මසුන් වැඩිය දකින්නට නොලැබෙන්න ඇත්තෙත්. අපිට ඒ වෙලාවේ මුහුදු පත්ලේ රැඳී සිටිමින් මේ දියවැල අවසන්වනතුරු ඉන්න බැහැ. ඒ නිසා අපි තීරණය කළා කෙසේ හෝ අවදානමක් අරගෙ ඉහළට ඒමට. මොකද හිටියත් අනිවාර්යයෙන්ම මිය යනවා. ඒ වගේම උඩට එද්දී දියවැලට අහුවුණොත් ඒත් මරණයෙන් තමයි කෙලවර වන්නේ. ’’ තනියම කිමිදුම් කටයුතු වල නොයෙදීමේ වැදගත්කම ඉස්මතුවන්නේ මෙවැනි ගැටලූවකට මුහුණපාන්නට සිදුවී අවස්ථාවේදී බව කුඩච්චි මහතා අප සමග කීවේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එවැනි අවස්ථාවක දෙදෙනා එකිනෙකාට උදව් කැර ගනිමින් උඩට ඒමට හැකි බවයි. ‘‘ මුදිත මට අපූරු සහයෝගයක් දුන්නා. අපි බොහොම අමාරුවෙන් නියමිත වේලාවට කලින් උඩට ආවා. ’’ මුහුදේ තනිවම කිමිදීම මරණය වැළඳ ගැනීමට හේතුවක් වනබව දන්නා මුදිත හම්බන්තොට ප‍්‍රදේශයේ කිමිදෙන්නට ගොස් දියවැලකට හසුවී මියගිය බව කුඩච්චි පවසයි. ‘‘ මුහුදේ තනිවම කිමිදීම ඉතාමත්ම අවදානම් කාර්යයක්. මුදිත ඒ බව හොඳටම දන්නවා. මේ දියවැල තිබෙන තැනට මම කවදාවත් තනියම බැස්සේ නැහැ. නමුත් දවසක් මුදිත ගිහින් තනියම ඒ ප‍්‍රදේශයේ කිමිදිලා. අනිතිමේදී එයා දියවැලකට හසුවෙලා නියමිත කාලයේදී මතුපිටට ඒමට නොහැකිව බෙන්ච් නමැති කිමිදුම් රෝගය සෑදී මියගියා. ඔහුගේ මරණය සිදුවෙලා තියෙන්නේ යට සිට ඉහළට පැමිණ බෝට්ටුවට ගොඩවීමෙන් පසුව. ඞීප් ක‍්‍රම්ප්‍රෙෂන් සින්ඩ්‍රෝම් කියන රෝගය නිසා තමයි ඔහු මියගොස් තිබුණේ. මේක මට හරිම වේදනාත්මක සමුගැනීමක්. ඔහු කිමිදුම් කරුවන් අතර සිටි හොඳ ගතිගුණ ඇති අවංක සහෝදරයෙක්. ’’ මිනී මෝරුන්ට මැදිව(ගිය සතියේ..)
කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
නැව් පතුලේ අතරමංව...