IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


නව යුගයක් බිහිකළ ජේ.ආර්.

හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 25 වැනි අනුස්මරණ දිනය අදට (01) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මට රකින්නට පරපුරක් නැත. මට තර කරන්නට බූදලයක් නැත. මට ඔටුනු පළඳවන්නට කුමාරයෙක් හෝ කුමාරිකාවක් නැත. මගේ පරපුරත්, බූදලයත් ඔටුනු පළඳවන කුමාර කුමාරිකාවෝත් මහජනතාවය.
මෙකී සටහන උපුටා ගන්නේ ප්‍රකට නිර්මාණශීලී දැන්වීම්කරණ පුරෝගාමියකු වූ අර්වින් වීරක්කොඩි ගේ මතක සටහන් වලින්ය.

 මෙම වචන සමග පළ වූ විශාල පෝස්ටරය ගැන දේශපාලනය ගැන උනන්දුවකින් සිටි එදා පරපුරට තවමත් මතක ඇත. වීරක්කොඩි මහතාට අනුව 1977 මහ මැතිවරණය අවසාන රැස්වීම් අතරවාරයේ කොළඹ පැවැති ප්‍රසිද්ධ ප්‍රචාරක රැළියකි. එහි දී එක්සත් ජාතික පක්ෂයේ නායක දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතා මෙම අදහසට සමාන කරුණු ප්‍රමාණයක් ජනතාව හමුවේ තැබීය. රැළියට සහභාගී වීමෙන් පසු නිවසට පැමිණි වීරක්කොඩි මහතා අතින් ලියැවුණ වාක්‍ය කිහිපය පෙන්වන්නේ ආනන්ද තිස්ස ද අල්විස් සහ වික්‍රම වීරසූරිය ඇතුළු එකල පක්ෂයේ ප්‍රචාරක කටයුතු මෙහෙයැවූ ප්‍රබලයන්ටය.

වීරසූරිය මහතා එය ගෙන ගොස් ජයවර්ධන මහතා අතට පත් කොට තිබේ. එතුමා අදහසට එකඟ වී ඇත.
මහ මැතිවරණයේ අවසන් දින කිහිපයේ දී එපමණ ප්‍රබල සන්නිවේදනයකට එයින් අවස්ථාවක් ලැබී නැත. අවසාන රැළි අතරවාරයේ පෙනී ගිය සාධක අනුව ජයග්‍රහණය ඉතාම පැහැදිලිය. විධායක ජනාධිපතිධුරයට පත් ජේ.ආර්. නැවත මැතිවරණයක් නොපවත්වා දිගටම බලයේ සිටින ජන වරම සඳහා ජනමත විචාරණයක් 1982 වසරේ පැවැත්වීය. දේශපාලන විචාරකයන්ට අනුව මෙය ලාම්පු හා කළගෙඩි සෙල්ලමකි. එක්සත් ජාතික පක්ෂය සිය පාලන කාලය දීර්ඝ කරගන්නට ඉතා නිවැරදිව වහල් කරගන්නේ මුලින් සඳහන් කළ බලවත් තේමාව බව මතක් කළ යුතුය.

මහජනතාවට ඔටුනු පැළඳවීම ගැන සඳහන් කරන විට ජේ.ආර්. ජයවර්ධන මහතා අදහස් කළේ සංවර්ධනයයි. රට අලුත් යුගයකට ඇතුළු කරන දර්ශනය එවකට අරඹා තිබුණි. විවෘත ආර්ථිකය සහ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තවත් වෙනස් මගකට හරවන විධායක ජනාධිපති ක්‍රමය එහි දෙපස පෙනී සිටියේය. ජේ.ආර්. ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික ප්‍රවණතා අනබිභවනීය යුගයක් කරා මෙහෙයැවූ අසමසම ජන නායකයෙකි. කලින් කල විශිෂ්ට ගුණාංගවලින් හෙබි පුද්ගලයෝ මෙරට ඉතිහාසය තුළ හමුවෙති. ජේ.ආර්. චරිතය එහි ඉදිරියෙන්ම සිටී. ඔහු ගේ සංකල්ප තුළ, එය ගළපාගත හැකි මතධාරීන්ට අනුගමනය කළ හැකි තරමේ අනුපමේය ජවයක් තිබුණි. විරුද්ධවාදීන්ට පවා ගැටෙන්නට නොහැකි තරමේ බලවත් ශක්තිවන්තයෙක් විය. ඔහු අනුගමනය කළ ප්‍රතිපත්ති, දුරදර්ශී වැඩපිළිවෙළ සහ ඉදිරියට තැබූ පියවර ආපසු නොගන්නා දැඩි තීරණ, වර්තමානයේ ද කිසිසේත් පසෙකට කළ නොහැකි තීරණාත්මක සාධක වශයෙන් පිළිගැනේ.


පරාජයෙන් පසු භාරගත් පක්ෂය
1956 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට පත් විය. පක්ෂය කැඩී බිඳී විනාශ වී යා නොදී ආරක්ෂා කරගැනීම ජේ.ආර්. ජයවර්ධන මහතාට භාර වූ පළමු අභියෝගයයි. අඩුම තරමින් පක්ෂ කාර්යාලය වූ සිරිකොත වෙත කිසිවකු පැමිණියේ නැත. ජේ.ආර්. ජයවර්ධන මහතා එහි පැමිණියේය. ආනන්ද තිස්ස ද අල්විස්, වී.ඒ. සුගතදාය සහ ජිනදාස නියතපාල ඇතුළු සුළු පිරිසක් ඔහු සමග විය. හෙතෙම කෙටි කාලයක් තුළ පක්ෂය ප්‍රතිසංවිධානය කළේය. පනස් හයේ පෙරැළිය තිබිය දී කොළඹ මහනගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය සතු කරගන්නට සමත් වූ අතර වී.ඒ. සුගතදාස මහතා නගරාධිපති ධුරයට පත් විය. පැරණි ප්‍රභූ නායකයන් සහ ඔවුන් වටා සිටි ලිබරල් අදහස් ඇති පිරිස සම්බන්ධකර ගන්නා වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීය. අලුත් සහ තරුණ බලවේග එකතු කරගැනිණ. අවසානයේ දී ඉහළම තැනට ළඟාවූ අතර 1977 මහ මැතිවරණයෙන් හයෙන් පහක ජන වරමක් සහිතව බලයට පත්විය. යුක්තිගරුක, නිදහස්, ධර්මිෂ්ට සමාජයක් බිහිකිරීම සඳහා කැපවන බව ජයග්‍රහණයෙන් පසු ජාතිය අමතමින් ප්‍රකාශ කරන ලද බව මතක් කළ යුතුය.

ජයවර්ධන මහතාගේ දේශපාලන ප්‍රවේශය සිදුවෙන්නේ වසර හැත්තෑ අටකට පමණ කලින් වකවානුවකය. ඔහු 1947 පළමු පාර්ලිමේන්තුවේ මුදල් අමාත්‍ය ධුරය හෙබැවීය. දකුණු සහ ගිනිකොණදිග ආසියානු රටවල සංවර්ධනය සම්බන්ධ කොළඹ සැලසුම ඉදිරිපත් කළ හෙතෙම දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පැවැති සැන්ෆැන්සිස්කෝ සාම සමුළුවේ දී ඉදිරිපත් කළ ‘නහි වේරේන වේරානි’ අදහස ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේය. ‘වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව‘ බුදුන් වහන්සේ ගේ ධර්මය උපුටා දක්වමින් ජපානය නැවත ගොඩනගන්නට ආධාර කරන ලෝක ජනමතය අවුළුවන පියවර සකසයි. ඇමරිකානු උවමනාව අනුව කරන  ලද යෝජනාවක් බව ඇතැම් විචාරක මතය වී තිබුණි. එහෙත් ඇමරිකානු අදහසකට පවා ශ්‍රී ලාංකේය අනන්‍යතාව ඇතිකරන දැක්මක් ඔහු සතු විය. ජපානය අදටත් ජයවර්ධන නම අමතක කර නැත. පෙර අපර රටවලට ශ්‍රී ලංකාවේ නායකත්වයක  තරම අමතක නොවන පරිදි කියා දී ඇති බව සඳහන් කළ යුතු කරුණකි.


පෞද්ගලික ව්‍යවසාය හා ගෝලීයකරණය
ජේ.ආර්. ජයවර්ධන මහතා ආණ්ඩුව භාරගත්තේ දැඩි පීඩනයකින් තිබුණ පසුබිමකය. එකල තිබුණ අවෘත ආර්ථික රාමුව සම්බන්ධව ජනතාව තුළ පැහැදීමක් නොවීය. ඔහු එය සහමුලින්ම අනෙක් පැත්තකට හැරවීය. විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේය. ලෝකයේ අනෙක් රටවලට කලින් මෙම අලුත් ආර්ථික රාමුවට අනුගතවීම ඔහු අනුගමනය කළ පිළිවෙළ විය. ආනයන හා අපනයන අංශවලට තිබුණ බාධා ඉවත් කළේය. ආගමන හා විගමන නීති ලිහිල් කළ අතර එයින් අලුත් දොරටුවක් විවර විය. සාමාන්‍ය ජනතාවට ගෝලීයකරණ අවස්ථාව අත්විඳින්නට හැකියාව ලැබුණි. විදේශ රැකියා අවස්ථා ඇතිකරන අතර එය අදට ද මෙරට ප්‍රධානම විනිමය උත්පාදන ක්ෂේත්‍රය වී තිබේ. ශිෂ්‍යත්වයක් අනුව විදේශගතව අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණ සිටි ලලිත් අතුලත්මුදලි මහතා මැතිවරණයෙන් ජය ගැනීමෙන් පසු වෙළඳ හා නාවික අමාත්‍ය ධුරයට තෝරාගත් හෙතෙම එය ඔස්සේ අලුත් යුගයකට ලෝකය වෙත ගමන්කරන්නට අවස්ථාව පාදන්නේය. දූපතක සාමාන්‍ය මෙහෙයුම්වලට සීමාවී පැවැති කොළඹ වරාය ආසියාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්වන අතර එයට පදනම ජය බහලුම් කන්ටේනර් පර්යන්තය බව දැක්විය යුතුය.

කර්මාන්ත හා තරුණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ පත්කරන අතර හැත්තෑ එකේ කැරැල්ලෙන් නැගී ආ තරුණ බලවේගයට උත්තර සොයන වැඩපිළිවෙළක් ඇරඹුවේය. තරුණ අසහනයට හේතු සොයන කමිටු වාර්තාව එළිදක්වා තිබුණි. එහි නිර්දේශ අනුව අලුත් ක්‍රමෝපාය සකස් කළේය. කර්මාන්ත නවෝදය වැදගත්ය. සිංගප්පූරුවේ භූමියට සමාන කොටසක් තෝරා ගෙන එය නිදහස් වෙළඳ කලාපයක් බවට හැරවීය. අපනයනය සඳහා ඇඟලුම් කර්මාන්ත අරඹන්නේ එතැනින්ය.

ජුකී යන නමකින් සරදම් කරන නමුත් අදටත් ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා අපනයන අංශයේ බලවත් ව්‍යාපාරයකි. මහ කොළඹ ආර්ථික කොමිසම හා ආයෝජන මණ්ඩලය පිහිටුවන ලද අලුත් අංශ අතර තිබේ. සංචාරක කටයුතු ගැන අවධානය යොමු කරන අතර අලුත් අමාත්‍යංශයක් පිහිටුවීය. ශ්‍රී ලංකාව ආදර්ශයට ගත් චීනය, ෂැන්සෙන් හි ප්‍රථම නිදහස් කලාපය ස්ථාපිත කරන ලද බව ද පෙන්වා දිය යුතු කරුණකි. පෞද්ගලික අංශයට අවස්ථා ඇති කිරීම සහ විදේශ ආයෝජකයන්ට ඉඩදීම ගැන බරපතළ විවේචන තිබුණි. හෙතෙම නොසැලී සිටියේය. වෙනත් විකල්පයක් අදටත් අප රටට හමු වී නැත.

ගම්උදාව වැනි සංකල්ප නිර්මාණය කර නිවාස සංකල්පය සමග නැති බැරි මිනිසුන් අතරට ගිය ආර්. ප්‍රේමදාස මහතා දුගී දුප්පත්කම තුරන් කරන්නට පියවර ගත්තේය. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ඇරඹීය. එය දශක තුනක කාලයක් කරගෙන යන්නට සැලසුම් කර තිබුණි. මහවැලි අමාත්‍යවරයා වශයෙන් ගාමිණී දිසානායක මහතා පත් කොට වසර පහකින් අවසන් කරන ඉලක්ක ප්‍රකාශයට පත් කළේය. මහවැලි යෝජනා ක්‍රමය කරගෙන යන්නට ධනය නොතිබුණි. ජාත්‍යන්තර ආධාර වෙනුවෙන් විශේෂ සැලසුම් සකස් කරන බලවත් කණ්ඩායමක් ජයවර්ධන මහතා පිටුපස ක්‍රියාකාරීව සිටියේය. ජනතා ජන වරම රට වෙනස් මගකට පරිවර්තනය කරන්නට ලැබුණ අවස්ථාවක් ලෙස සැලකූ  හෙතෙම එඩිතර තීරණගත් බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.


අලුත් ව්‍යවස්ථාව සහ පළාත් සභා ක්‍රමය
විධායක ජනාධිපති ධුරයක් සහිත අලුත් ව්‍යවස්ථාවක් ජේ.ආර්. ජයවර්ධන මහතා රටට ඉදිරිපත් කළේය. විධායක බලය ගැන තිබුණ ඇමරිකා, ප්‍රංශ හා බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාවේ කොටස් ලබාගත් එතුමා ඇතැම් වැදගත් වෙනස්කම් කළේය. 1978 ව්‍යවස්ථාවේ මනාප  ක්‍රමයක් නොතිබිණ. ප්‍රබල චරිත නිසැකවම ඉදිරියට පැමිණීම වළක්වන පියවරක් පසුව යෝජනා වූ අතර මනාප ඡන්දය සලකුණු කිරීම එහි ප්‍රතිඵලයකි. මනාප ක්‍රමය ගැන බරපතළ විවේචන තිබේ. මම දරන පෞද්ගලික මතය අනුව එය දූෂණය ඇතිකරන හේතුවකි. දිස්ත්‍රික්කයක ඡන්දය මෙහෙයවන අපේක්ෂකයකුට දරන්නට සිදුවන වියදම හා කොට්ඨාසයේ ජනතාවට සෘජු සම්බන්ධය අඩුවන පසුබිම මත ක්‍රමය විකෘති විය. මනාප තරගයක් ඇති වූ අතර එය නරක ප්‍රතිඵලයකි. පක්ෂය තුළ ඉදිරියට පැමිණීම සඳහා දැඩි අරගලයක් එයින් නිර්මාණය විය. එය අනපේක්ෂිත ප්‍රතිඵලයකි. ප්‍රේමදාස, ගාමිණී හා ලලිත් යන මහත්වරු අතර නොපෙනෙන සටන අවුලවන ලද බව පැහැදිලිව පෙනුණි.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළ යුතු අතර දෙමළ භාෂාවට සම තැන දිය යුතු බව 1943 වසරේ දී ජේ.ආර්. ජයවර්ධන මහතා යෝජනා කරන්නේය. එයින් ජාතීන් අතර සමගිය ගැන පණිවුඩයක් නිකුත් කරයි. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය තුළ ජාතීන්ගේ නියෝජනය තුලනය කළ අතර ඔහුගේ කාලයේ කැබිනට් මණ්ඩලය තුළ පවා ජාතීන් සම්බන්ධව විශිෂ්ට සමබරතාවක් කරගෙන ගියේය. 1977 මහ මැතිවරණ ප්‍රතිඵලය සන්ධිස්ථානයකි. සමානුපාතික ක්‍රමය අනුව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට විපක්ෂ බලය ලැබිණ. ආවේගශීලී දෙමළ තරුණ නායකයෝ සන්නද්ධ අරගලයක් කරා ගමන් කළෝය. අසූ තුන ජූලි කෝලාහල සහ එයින් පසු ඉන්දීයාවේ මැදිහත්වීම ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පරිනත නායකත්වය සැහැල්ලුවට ලක් වූ අවස්ථා අතර ඇත. ඇමරිකාවට තිබුණ සමීපත්වය හා එය ඉන්දියාව ඇතුළු රටවල් අස්වසන්නට හේතු නොවීම සංකීර්ණ ප්‍රවණතා ඇති කරන ලද බව නිසැකය.

එක පැත්තකින් දකුණේ ත්‍රස්තවාදය හා අනෙක් පැත්තෙන් උතුරේ සන්නද්ධ ත්‍රස්තවාදී අරගලය ඉදිරියේ ජයවර්ධන පාලනය තිගැස්මකට ලක්ව සිටි බව නොරහසකි. ඉන්දියන් හමුදාව රටට පැමිණි අතර ත්‍රස්තවාදය මැඩපවත්වන්නට ක්‍රියා කළේය. විදේශ හමුදාවක් පැමිණීම ගැන රට තුළ දේශපාලන නොසතුටක් තිබුණි. ආර්. ප්‍රේමදාස මහතා පමණක් නොව සිරිමාවෝ බණ්ඩානායක මහත්මිය ද ඉන්දියන් හමුදාව ආපසු යවන බව ජනාධිපතිවරණ සටනේ තේමාව කරගෙන තිබුණි. ඉන්දියාව ත්‍රස්තවාදයට රුකුල් දුන් බවට ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබුණ කරුණකි. ඉන්දියාවට ද විශාල වන්දියක් ගෙවන්නට සිදුවූ ත්‍රස්තවාදය පරාජය කරන්නට ඉන්දියන් හමුදාව සටන් කරමින් සිටි කාලයකි. එම පියවර අවසානයක් කරා ගෙන යන මොහොත ළඟාවෙමින් සිටිය දී ඉන්දියන් හමුදාව ආපසු යවන තීරණය සුදුසු එකක් ද යන්න දිගටම පවතින විවාදයකි.

බලය බෙදන පළාත් සභා ක්‍රමය සහිත දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය රටට ඇතුළුවෙන්නේ ඉන්දියානු මැදිහත්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. පළාත් සභාවලට එල්ල වූ දැඩි විරෝධය හා ත්‍රස්තවාදය පාලනය කිරීම යන දෙපැත්ත අතර ගැලවුමක් සොයා ගිය ජයවර්ධන මහතා ඉන්දියාව ගෙන එන ග්‍රහණයකට අවනත වූ බව පිළිගත යුතුය. මූලෝපායික වශයෙන් විකල්පයක් සොයා ගැනීමට මෙතෙක් අසමත්ව සිටින අතර පළාත් සභා ක්‍රමයෙහි දැන් පවතින දුබල ව්‍යුහය වෙනස් කළ යුතුය. ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ඡන්ද පවත්වන වගකීමක් තිබේ. නැතිනම්, වර්තමානයට ගැළපෙන බලය විමධ්‍යගත කරන වෙනත් විසඳුමක් ජනතා අනුමැතියෙන් රටට හඳුන්වාදීම අපගේ වගකීමකි.


ජනතාවට ඔටුනු පළඳවන දිනය
ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ව්‍යුහය ගැන අප්‍රමාණ විවේචන තිබේ. වැඩිම ජනප්‍රසාදයකින් බලයට පත්කරන ආණ්ඩු සහ ජන නායකයන් ඉතා ඉක්මනින් අමතක කරන ස්වභාවයක් අපට ඇත. එය විශාල විකෘතියකි. ජනතා සහභාගීත්වයක් රහිතව රටක් ගොඩනැගිය හැකිද? නායකයකු ඉදිරිපත් කරන දර්ශනයකට බහුතර අනුමැතිය ලැබුණ පසු එයට එකඟ විය යුතුය. පිළිගත නොහැකි අංශ තිබිය හැක. ජනතාව වැඩි ඡන්දයකින් අනුමත කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි. කැබිනට් මණ්ඩලය එයට පූර්වාදර්ශයක් සැපයීම අවශ්‍යය. සාමුහික වගකීමක් වැදගත්ය. කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ට එකඟ විය නොහැකි පසුබිම තුළ රටක් එකතුකරන්නේ කෙසේද? ජේ.ආර්. ජයවර්ධන මහතා දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ඇමැතිවරුන්ගෙන් ලබාගැනීම මෙහි අභ්‍යන්තරය හෙළිදරව් කරයි. තමන් එකඟ නොවන තැනක සිටිය යුතු නැත. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කැබිනට් මණ්ඩලයේ සිටි ඇතැම්හු හෘද සාක්ෂියට අනුව ක්‍රියා කර ඉල්ලා අස්වූහ. ඇතැම්හු ඉවත් කළහ. ඇමැති මණ්ඩලය තුළ එකඟවන අතර පිටත දී ඡන්ද පදනමට කතා කරන පිළිවෙළකින් රටක් ඉදිරියට ගෙන යා නොහැකිය. අමාත්‍ය මණ්ඩලය තුළ සංවාදයක්, සංහිඳියාවක් රහිතව ජාතීන්, ආගම් හෝ පක්ෂ අතර එකඟතාව ඇති කළ හැකිද?
ශ්‍රී ලංකාව තීරණාත්මක සංධිස්ථාන ගණනාවක් පසුකර තිබේ. සුනාමි විපත, ත්‍රස්තවාදය පරාජය කිරීම ඉතිහාසයට එකතු වී ඇති තැන්ය. රට එකතු කරන අලුත් වැඩපිළිවෙළක් තුළින් ඉදිරියට යන්නට තිබුණ ස්වර්ණමය අවස්ථා අහිමි කරගෙන තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය ද අභියෝගයකි. අවස්ථාවක් කරගත හැක. ජන ජීවිත ආරක්ෂා කරගනිමින් ජනතාවගේ පැවැත්ම ඉහළට නංවන තීරණ ගැනීමට පසුබිමක් හැදී තිබේ. එන්නත්කරණ වැඩපිළිවෙළ තුළ ඉහළම තැනක සිටී. ජාත්‍යන්තරව පවතින තාක්ෂණික දියුණුව, තරගකාරීත්වය හා ගෝලීයකරණයේ අලුත් ප්‍රවේශය ගැන අවධානය යොමු කළ යුතුය. මෙහි ඇති වාසි රටට ලබාගැනීමට ක්‍රියාකිරීමේ දී ජාතික නායකයන්ට වගකීමක් ඇත. පටු වාසි තකා බෙදීම් ඇති කිරීමෙන් පලක් නොවේ. ආර්ථිකය ගැන අභ්‍යන්තර කරුණු නොදන්නා කෙනකු නැත. ඉතාම දුෂ්කර කාලවකවානුවකි. කළ යුතු හා ගත යුතු තීරණ වෙනස් නැත. අද අලුත් ආණ්ඩුවක් බලයට පත් කරන නමුත් මෙම ක්‍රමය තුළ මැජික් විසඳුමක් නැති බව පිළිගත යුතුය.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඇතිකරන ලද ශක්තිමත් වැඩපිළිවෙළ හා පදනම අදටත් බැහැර කළ නොහැකි වී තිබේ. ආණ්ඩුව පමණක් නොව සියලුම විපක්ෂ දේශපාලන ධාරා නියෝජනය කරන මහජන නියෝජිතයන්ට අඩුම තරමින් ජේ.ආර්. ජයවර්ධන යුගයේ සිට අද දක්වා පැමිණ ඇති ගමන ගැන අවධානය යොමු කිරීම සුදුසුය. එතැනින් එපිටට යන අලුත් රාමුවක් සකස් කරන වගකීමක් අපට ඇත. ජයවර්ධන යුගය තුළ ජයග්‍රහණ හා පසුබැසීම් තිබේ. දුක හා වේදනාව ඇත. සිනහව හා කඳුළු සඟවනු නොහැකිය. මහවැලි ජලයෙන් ගොවියන්ගේ හදවත් ඉපිල ගිය ආකාරයටම ජූලි වර්ජනයෙන් සදා නොමැකෙන කඳුළක් ඉතිරි වී ඇත. රට එකතු කරන සැලැස්මක් තුළින් අලුත් ප්‍රවේශයකට මග පාදා නොගන්නට කදිම හේතුවක් අපට තිබේද?

 මෙම ලිපිය ගැන ඔබගේ අදහස [email protected] වෙත යොමුකළ හැකි නම් මැනවි.



අදහස් (28)

නව යුගයක් බිහිකළ ජේ.ආර්.

Royfedricks Monday, 01 November 2021 08:10 PM

එතෙක් කල් රටේ තිබූ සදාචාරය, නීතියට ගරු කිරීම ඇතුලු සියලුම දේ නිසා වර්තමානයේ ඉහළම තලයට පැමිණ ඇති අමානුෂික ක්‍රියාවලට අඩිතාලම දැම්මේ එකලදීය.. නීතිවිරෝධී ක්‍රියා කළ පොලිස් නිලධාරින්ට උසාවියෙන් නියමකළ දඩය රජයෙන් ගෙවා උසස්වීම් දුන්නේත්, තමන් අකැමැති නඩු තීන්දු දුන් විනිශ්චයකාරවරුන්ගේ නිවෙස්වලට ගල් ගැසුවේත් එකලදීය..

:       5       32

AJITH PMonday, 01 November 2021 10:28 PM

ඔය හැමෝම ජේ.ආර්. ට බැන්නට හදවතින්ම ඔහුට කැමති.

:       5       3

RaveendraTuesday, 02 November 2021 05:28 AM

ඔබගේ අදහස් "200%" නිවැරදිය. අවාසනාව නම් අප රටේ පුරවැසියන් වැඩිම වැඩි පිරිසක් 2015 පසු ඉපදුනු "ළදරුවන් වීමය." සම....හරක් වයසින් මුහුකුරා ගියත් කථාව නම් ජේ ආර් නමැති ගල් ආඳා ලෝක දේශපාලනයේ ඇති දැවැන්ත වැඩකාරයෙක් ලෙසය. ඉන්දියාව සාම ගිවිසුමට අත්සන ගත්තෙත් ජේ ආර් නැමති නිවටයාගේ අත අඹරා බලෙන් ලෙසය. එනමුත් බලය ගැනීමට පමණක් සටකපටයෙක් වූ මේ නිවටයා එහිදීත් අප රට පාවා දුන්නා නොවේද ?

:       3       6

chandima Monday, 01 November 2021 08:21 PM

මොනතරම් ලස්සනට වැඩේ කළා වුණත් අන්තිමේ පරිප්පු දාපු ගමන් වැඩේ නවත්තපු එකෙන්නේ මේ සේරම වුණේ..!!! 

:       3       11

sudath Monday, 01 November 2021 08:23 PM

රට වලපල්ලට යාමට මාවත සැකසූ යුගයක්...

:       5       34

asanka Monday, 01 November 2021 10:13 PM

අප කව්රුත් පිලිගන්නට අකමැති සත්‍යයක් නම් ලංකාව යනු නවීන කර්මාන්ත වලට අවශ්‍ය තෙල්, ගල් අගුරැ, ස්වභාවික වායු, තඹ, ඇලුමිනියම් වැනි අමු ද්‍රව්‍ය හිඟ දුප්පත් රටක් බව. එවැනි රටක් සංවෘත ආර්ථිකයකින් දියුණු කල නොහැක. අප වැනි රටක් දියුණු කල හැක්කේ ලෝකයේ අන් රටවල් සමග නිදහසේ ගනුදෙනු කල හැකි විවෘත ආර්ථිකයකින් පමණි. ජේ.ආර්. ආර්ථිකය විවෘත කලේ එවැනි පරමාර්ථයකිනි. එහි ප්‍රතිපලය වුයේ විදේශ රැකියා, සංචාරක සහ ඇගලුම් කර්මාන්තයේ ප්‍රගතියයි. එයින් වූ යහපත අපේ අපේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා බිගි වීමයි. වර්තමානයේ ඒ ක්ශේස්ත්‍රයන්හි පසු බෑමක් ඇතිවී ඇත්තේ කොවිඩ් වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීම නිසයි.

:       8       1

ruwan Monday, 01 November 2021 11:12 PM

අනේ ඉතින් මොන කතාද

:       0       0

Kumar (Gulf) Tuesday, 02 November 2021 02:24 AM

ලංකාවේ සැබෑ සංවර්ධනය විනාශ කළ රකුසා.

:       2       6

Donald Tuesday, 02 November 2021 06:05 AM

විශිෂ්ට, හොඳම නායකයින්

:       8       4

NM Tuesday, 02 November 2021 06:17 AM

ජේ.ආර් ශ්‍රී ලංකා දේශපාලනයේ බිහිවූ කෘතහස්තම නායකයා වේ. 80 දසකය ආරම්භයේ ගෝලීය ආර්ථික සහ තාක්ෂණික වෙනස්වීම ආරම්භ වූ මුල් අවදියේදී ම වෙනස්කම් හදුනා ගත් ආසියාවේ සිටි එකම නායකයා ජේ ආර් වේ. ඔහු ශ්‍රී ලංකාව පළමු තැන ලබාදීමට කටයුතු කළේය. ඩී එස් සේනානායක මැතිතුමා සියලු ජාතින් සමග එක්ව බිහිකළ එක්සත් ජාතික පක්ෂය ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන ගියේය. ජේ ආර් ජයවර්දන රජයේ සියලු ජාතින් නියෝජනය වන ආකාරයට බලවත් කැබිනෙට් ඇමති තනතුරු සමව ලබා දී තිබිණි. ජේ ආර් ජයවර්දන යනු යුගයේ අවශ්‍ය තාවය හොදින් ප්‍රගුණ කල නායකයෙකි. ලෝකයට ගැලපෙන ආකාරයට රට වෙනස් කල නායකයාවන ඔහු ලංකාවට නව යුගයක් නිර්මාණය කර දුන්නේය. එතුමා 77 බලයට පැමිණෙද්දී නවකයන් විශාල පිරිසක් දේශපාලනයට ගෙන ආවේය. ඔහුගේ පවුලේ කිසිවකු දේශපාලනයට ගෙන අවේ නැත. 77දී එතුමා බලයට පැමිණෙන විට තිබු ලෝකයට වඩා වෙනස්ම ලෝකයක අප සියලු දෙනා ජීවත්ව සිටි. ලෝකය සීග්‍රයෙන් වෙනස් වෙමින් තිබේ. වෙනස් වෙමින් තිබෙන ලෝකය සමග එක්ව ගමන් කිරීමට ශ්‍රී ලංකාව සුදානම් කලයුතුවේ,

:       8       4

rasikaFriday, 05 November 2021 11:02 PM

මුළු රටේම පොලිසියට නිවාඩු දීලා තමන්ගේ මැරයන් දාලා විරුද්ධ පාක්ෂිකයන්ට ගැහුවා. කළු ජුලිය ඇති උනා.

:       0       0

NM Tuesday, 02 November 2021 06:18 AM

අප මේ පැමිණ තිබෙනුයේ වර්තමාන ගෝලීය වෙනස් කම් හදුනාගෙන ශ්‍රී ලංකාවට නව යුගයක් හෝ නව දිශාවක් වෙත යොමු කරවීමේ මොහොතට වේ. පටු දේශපාලන අරමුණුවෙනුවෙන් හෝ තනතුරු, බලය වෙනුවෙන්ම කරනා වූ අවස්ථා වාදී දේශපාලනය ක්‍රමවේදය අවසන් කර ප්‍රතිපත්තිමය දේශපලනයක් රටට හදුන්වා දිය යුතුවේ. ශ්‍රී ලාංකිකයන් ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකාව වෙනස් මගකට යොමු කිරීමට සදහා තීරණය කර අවංක නව කණඩායමක් සදහා බලය ලබා දුනහොත් රටට අලුත් බලාපොරොත්තුවක් සහ නව පිබිදීමක්, වෙනසක් සියලු පුරවැසියාට බුක්ති විදින්නට රට තුල නිර්මාණය වේ. වර්තමාන දේශපාලන ක්‍රමවේදයේ ප්‍රබල වෙනස් කම ඇතිකළ යුතු අතර වගකිව යුතු ඇමති තනතුරු සදහා වැඩි කාන්තා නියෝජනයක් බිහි කිරීම සහ දේශපාලනය රාජ්‍ය ආයතන තුලින් ඉවත් කිරීම කල යුතුම වේ. රටේ රාජ්‍ය ආයතන තුල සහ දේශපාලනය තුල සක්තිමත් යටිතල ඇතිකළ යුතුවේ. බෙදී වෙන්වී ඔවුනොවුන් වෙත චෝදනා කරගනිමින් සිටින වර්තමාන දේශපාලන ක්‍රමය වෙනස් කර රට නව දේශපාලන ක්‍රමව්දයන් අනුව වෙනස් යුගයකට ගෙන යාමට සදහා අවංක කණඩායමක් පාර්ලිමේන්තුව තුල සිටිය යුතුවේ.

:       0       3

දාස Tuesday, 02 November 2021 06:22 AM

අනේ කතෘතුමා මේ මිනිසා රටට කළ මහා විනාශය අද ඉන්න දරුවන්ට කියාදෙන්න , ඔවුන් දැනුවත් කරන්න.අපේ රටේ අවුරුදු 30 යුද්දය ට හේතුව මොහුගේ වැරදි විදේශ ප්‍රතිපත්තිය නිසා සිදුවුවක් බව කරුනු සහිතව පැහැදිලි කර දෙන්න. මන්ත්‍රිකම ව්‍යාපාරයක් බවට පත්කලේ මේ මිනිසාය. වාහන පර්මිට්, බාර් ලයිසන්, අවුරුදු 5 විශ්‍රාම වැටුප් දෙමින් පාර්ලිමේන්තුවට පැමිනිම තමා පාර්ලිමේන්තුවට එවු ජනතාවට සේවය කරනු වෙනුවට ව්‍යාපාරයක් බවට පත්කලේ මේ මිනිසාය.රටේ පැවති සුලු කර්මාන්ත විනාශවි ගියේ මොහු වැරදි ලෙස ක්‍රියාත්මක කල විවෘත ආර්තික ප්‍රතිපත්ති හේතුවෙනි.අවුරුදු 73 අප රට විනාශ කල දේශ පාලුවන් අතර මොහුද ප්‍රමුක ස්ථානයක් ගන්නා අතර ඒ සෑම කෙනෙකුම අතර රාජපක්ෂලා කල විනාශය තක්සේරු කල නොහැක.

:       3       10

NM Tuesday, 02 November 2021 06:24 AM

එදා ජේ ආර් ජේ ආර් ජයවර්දන මැතිතුමා ශ්‍රී ලංකාව තුල සිදු කල යුග පෙරලියට වඩා දැවැන්ත වෙනසක් කිරීමට වර්තමානයේ අප අතර සිටින දැනුම සහ බුද්දිමත් එකම නායකයා වන රනිල් වික්‍රමසිංහ මැතිතුමා මූලිකත්වය සහ නායකත්වය ගත යුතුම වේ. 77 සිට අද දක්වාම ලංකාවේ දේශපාලනයේ සියල්ල දැනුවත් එකම සහ මද්‍යස්ථව කටයුතු කරන නායකයා වන එතුමාට කල හැකි දේ අපමණය. ශ්‍රී ලංකාව වර්තමානයේ පවතින අර්බුද වලින් ගලවා ගැනීමේ නියමුවා වසයෙන් එතුමා පෙරමුණේ සිටිය යුතුම වේ. රටට වෙනස් කිරීමට හැකියාව සහ දැනුම තිබෙන්නවූ වෙනත් කිසිදු නායකයකු ශ්‍රී ලංකාව තුල නැත. කොපමණ මිනිසුන් චෝදනා කලද රනිල් වික්‍රමසිංහ මැතිතුමා යනු පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙන්ම පුර වැසියන්ද ගවුරව කරන නායකයෙකි.

:       9       3

Roni Tuesday, 02 November 2021 06:45 AM

රටට නොගැලපෙන විවෘර්ත ආර්තිකය නිසා මුලු රටම විශාල ආර්ථික සුලි සුළඟකට හසුවී ඇත

:       1       6

D Ratnasara Tuesday, 02 November 2021 06:56 AM

රට වල පල්ලට යාමට සැකසු ව්‍යවස්ථාව . අපගේ මේ දුප්පත් රටේ ලෝක වාර්තා තබන හොරු බිහි කරන්න පාර හදපු අසික්කිත ව්‍යවස්ථාව. රටේ ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලටම ඇරපු කසි කබල් ව්‍යවස්ථාව

:       1       6

Bunny Preena Tuesday, 02 November 2021 09:05 AM

මේ වගේ දේශපාලකයෝ යලි යලිත් බිහි නොවේවායි මගේ ප්‍රාර්ථනාවයි

:       4       6

thimal Tuesday, 02 November 2021 10:08 AM

‌මේ තමයි රට නැතිකරන්න අඩිතාලම දමපු මිනිහා . රෙට් ඉන්න මිනිස්සුත් %7‌5 ෙගාන්නු නිසා මේ වගේ බූරැවන්ට කැමති විදියට රට කන්න පුලුවන්.

:       5       21

nishaWednesday, 03 November 2021 05:42 AM

ජේ ආර් ට ඔහොම බැනලා රාජපක්ෂලාට වඳින්න

:       10       3

jayasekaraThursday, 04 November 2021 09:38 AM

සහතික ඇත්ත, බල පෙරේතකමට රට ජරා ජීර්ණ කරපු යුගයේ මෙතෙක් පහලවූ නරකම රාජ්‍ය නායකයා...

:       2       6

Prasanga Wednesday, 03 November 2021 10:57 AM

අයියෝ මෙහෙමත් මෝඩ නායකයෝ .විදේශිකයින් කොයිද .හොරා කෑම තව තවත් රජ වෙයි .කුඩු මුදලාලිලා සමග එක්වී .

:       0       6

නිශාන්ත Wednesday, 03 November 2021 12:36 PM

ඔව් ඇත්ත... නව යුගයක් බිහිකළ, රට එහෙම පිටින්ම කනපිට හරවපු අපේ රට හිඟාකන රටක් බවට පත්වූ එක තමයි වුණේ...

:       1       10

රසික Wednesday, 03 November 2021 08:47 PM

ලංකා ඉතිහාසයේ වඩාත්ම අසාධාරණ සැලකිල්ලට ලක් වූ දේශපාලඥයා තමයි ජේ.ආර්. එතුමාගේ ප්‍රතිපත්ති ව්‍යවස්ථා අදටත් ප්‍රයෝජනයට ගන්න ගමන් ඒවාට නිග්‍රහ කරන එක තමා සිදුවුණේ... ජේ.ආර්. අයින් වුනේ 89 දී. 94 ඉඳන් වැඩිම කාලයක් බලයේ ඉන්නේ නිදහස් පක්ෂය ප්‍රමුඛ කට්ටිය. ඒත් ඒවා වෙනස් කරන්න හදන්නේ නැත්තේ ඒවා නිවැරදි දේ නිසයි.

:       6       4

PriyanthaThursday, 04 November 2021 04:38 AM

එය වැරදි, ඒවා වෙනස් කරන්නේ නැත්තේ එම ව්‍යවස්ථාව හදල තියෙන්නේ රටේ දියුනුවට හෝ මහජනයාගේ සුබ සිද්දිය සදහා නොවේ, දේශපාලනය කරන අයගේ යහපත සදහාය.

:       1       8

Mahesh Thursday, 04 November 2021 08:06 AM

පාලනයක් නැති විවෘත ආර්ථිකයක් හඳුන්වා දී මුළු රටම විනාශ කළා. විදේශ මුදල් අර්බුදයට වගකිව යුතු පළමු පුද්ගලයා ඔහුය.

:       1       8

jayasekara Thursday, 04 November 2021 09:37 AM

බල පෙරේතකමට.... ගරු මැතිනියගේ ස්වයංපෝෂිත කෘෂි ජීවන රටාව කාබාසිනියා කළා...

:       3       10

asankaFriday, 05 November 2021 10:20 PM

එදා රට ඔය කියන තරම් ස්වයංපෝෂිත වෙලා තිබුනා නම්, ඇයි මිනිසුන් හාල්, පරිප්පු, ළුණු සඳහා පැය ගණන් පෝලින්වල රස්තියාදු වුනේ?

:       0       0

sanath Thursday, 04 November 2021 06:33 PM

ඒ කාලේ ලංකාවේ නරක පැතිවලට කිව්වේ කොරියාව කියලා. දැන් කොහොමද කොරියාව... එතකොට ලංකාව?

:       0       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 3781 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12443 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 621 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 967 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1069 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 505 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site