ජන ගඟක් පීරාගෙන පිටකොටුව ඕල්කට් මාවතේ ඉදිරියට ඇදෙමි. මේ මිනිස්සු අතරට පැන වෙන වෙනම කතා කරන වෙළෙඳාම ද පිටකොටුවට අමුත්තක් නොවේ. සියලූ දෙනා අතරේ මා ළඟට පැමිණියෙක් අගනා ඔරලෝසුවක් පෙන්වයි. මාගේ අතෙහි ඔරලෝසුවක් නැත. එම නිසා මා ඉදිරියට ඔහු කඩාපැන්නා විය හැකිය.
මහත්තයා ගන්න ඔර්ජිනල්, ඕනෑ නම් චෙක් කරලා බලන්න දවල් වරායෙන් පැන්නුවේ. මට හම්බ වුණේ කෑලි දහයයි. පහක් ඉවරයි. මේ අන්තිම පහ. කලිසම් සාක්කුවේ තියෙන තවත් ඔරලෝසුවක් දෙකක් ඔහු එළියට ගනියි. බැලූ බැල්මට ඔරලෝසුවල වටිනාකම පෙනේ. ”ඔර්ජිනල් බඩු” වෙළෙන්දා කියාගෙන යයි.
”කීයද?”
”අටසීයක් දෙන්න....” කඬේ තුන් හාර දාහක කෑල්ල....”
කතාවේ හැටියට ඔරලෝසුව ගන්නටම හිතෙයි. කොහොම වුණත් වරායෙන් ගෙනාවැයි කියන කතාවේ ඇත්තක් නැතුවා නොවේ. එය හොරා පැන්නීමකි. සමහරු වරායෙන් පැන්නුවා කියන රුපියල් 150, 200යේ කෑලි ද 800/=ට අලෙවි කරති. මා පමණක් නොව පිටකොටුවේ බොහෝ දෙනා පත්වන ඉරණම හා රැවටීම මෙයයි.
හරියටම වරායෙන් පැන්නූ එකක් ලැබුණි නම් අත පුරා වාසියකි. හිත පුරා සතුටකි. වරායේ බඩු කොටුවේදී ”කුණු කොල්ලයට” විකිණෙන්නේ කෙසේද? තොරතුරු සොයා ගෙන අපි ඇවිද ගියෙමු. වරායෙන් නැව්වලින් හොරාට බඩු පන්නන කතාවේ වෙනස් පැත්තක් කියවන්න.
වරායට එන සමහර කන්ටේනර්වලට නිසි අනන්‍යතාවක් නැත. එක්කෝ කන්ටේනරයේ භාණ්ඩ හිමිකරු පිළිබඳ නම් ගම් පරස්පරය. තවත් ඒවා පිටරටින් කුණු කොල්ලයට පැටවූවද ලංකාවේදී කන්ටේනරය නිදහස් කර ගැනීමේදී විශාල බදු මුදලක් ගෙවීමට සිදුවේ. බදු මුදල දෙස බලනවිට කන්ටේනරය එළියට ගෙන වැඩක් නැත. සමහර ඒවායේ භාණ්ඩ පිළිබඳ පරස්පරතා තිබේ. මේ ආකාරයේ කන්ටේනර් කලක් තබාගෙන පසුව ප‍්‍රසිද්ධියේ ටෙන්ඩර් ක‍්‍රමයකට විවෘත කොට අලෙවි කරනු ලැබේ. මේ අලෙවි කිරීම් වරාය හා රේගු නිලධාරි අධීක්ෂණය යටතේ සිදුවේ.
අපි සාමාන්‍ය උදාහරණයකට ගොස් වරායේ කතාව අරඹමු.
කිසියම් රජයේ ආයතනයක ඉවත් කරන කාර්යාල උපකරණ හා වාහන ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිණුවේය. ඒවා ඕනෑම කෙනකුට අදාළ දිනක පැමිණ පරීක්ෂා කළ හැකිය. කැමැති අයට මිල ගණන් ඉදිරිපත් කිරීමට ද හැකිය. දැන් මේ වාහන හා උපකරණ එලෙසම නියමිත මිලට ආයතනයෙන් අලෙවි වේද? බොහෝ විට මේ වාහන හා කාර්යාල උපකරණ ගන්නේ එකම පිරිසකි. ඔවුන්ගෙන් පිට කිසිම විටෙක වාහනයක් හෝ කාර්යාල උපකරණයක් පිටතට යේ නම් ඒ කලාතුරකිනි. වෙන්දේසියට අදාළ සියලූ රාජ්‍ය නිලධාරීන්ට ඉහළ සිට පහළට මුදල් කුට්ටි හොර පාරෙන් දී ටෙන්ඩරයට අදාළ මිල ගණන් පවා වෙනස් කර වාහන හා කාර්යාල බඩු පිටමං වේ. මෙම මිලදී ගන්නා පිරිස නිරන්තරව වෙන්දේසි ගැන උනන්දු වන අතර ඔවුහු ආයතනවල ප‍්‍රධානීන් හරහා විටින් විට පැමිණ මේ වෙන්දේසි වන උපකරණ පරීක්ෂා කිරීම්ද කරති. පරීක්ෂා කිරීමේ දින ද ඔවුන්ට නැත. නීති රෙගුලාසි ද ඔවුන්ට නැත. මේ අයගෙන් පිට ”බඩු” පිටවන්නේ ද නැත.
මේ ආකාරයේම ක‍්‍රමයක් වරාය තුළ ක‍්‍රියාත්මක වේ.
පෙර කී ආකාරයට ගැටලූ පවතින කන්ටේනර් ප‍්‍රසිද්ධියේ විකුණන විට ඒවාට මිල ගණන් ඉදිරිපත් කරන එකම කණ්ඩායමක් සිටින බව අපට දැනගන්නට ලැබිණි.
ඉහත කන්ටේනර්වල කල් තබා ගත හැකි හා කල් තබා ගත නොහැකි ලෙස වර්ග දෙකකි. කල්තබා ගත නොහැකි දේ හැටියට අල, ලොකු ලූණු වැනි දේ එකතු වේ. කල් තබා ගත හැකි ආහාර ද්‍රව්‍ය ද පවතී. සුදු ලූණු, පරිප්පු ආදිය ඒ අතර වේ. ඊට අමතරව විදුලි උපකරණ, පාවහන්, රෙදි, ජංගම දුරකතන පවා එහි තිබේ. මේ වෙන්දේසිවලට කන්ටේනර් පිටින් අඩු මිලට ගැනීමට සමහර ව්‍යාපාරිකයෝ දක්ෂයහ. කන්ටේනරයේ මිලෙන් අඩක් තරම්වත් ඇතැම් විට රජයට නොලැබේ. එළියෙන් වරායට එන සමහර වෙළෙන්දන් ජාවාරම්කරුවන් වේ. ”අයි.ආර්.සී.” කාරයන් හැටියට ප‍්‍රසිද්ධ මැරයන් වේ. තමන්ගේ මැර හා චණ්ඩි බලය පාතාල බලය යොදා වෙන්දේසියට අදාළ සියලූ නිලධාරින්ට යහමින් මුදල් විසි කරති.තම තමන්ගේ ලොරි රේගුවට ඇතුළු කරවා ගැනීමට ගේට්ටුවල ආරක්ෂකයන්ට පවා මුදල් ලබා දෙන බව ආරංචි වෙයි. එසේම මේ ව්‍යාපාරිකයන්ගේ මත්පැන් සාදවලට ද නිලධාරින්ට නිතර ආරාධනා ලැබේ. මේ ආදී වංචා දුෂණ රාශියක් මධ්‍යයේ ඇතැම් කන්ටේනර් රේගුවෙන් එළියට පැමිණේ. මෙසේ පැමිණෙන බොහෝ කන්ටේනර් දෙවැනිව පිටකොටුවේදී යළිත් වෙන්දේසි වේ.
බොහෝ විට පිටකොටුවේ දෙවැනි, තෙවැනි ආදී හරස් වීදිවල උඩු මහල්වලදී දෙවැනි වෙන්දේසිය සිද්ධ වේ. එහි ප‍්‍රධානියා වරායෙන් බඩු පන්නා ගන්නා මහා පරිමාණ ව්‍යාපාරිකයාය.සෙල්ලම් බඩු, විදුලි උපකරණ, රෙදි, ඔරලෝසු, ගෘහ භාණ්ඩ, ජංගම දුරකතන, බෑග්, ආදිය මෙසේ අලෙවි වේ. මෙම වෙන්දේසිවලට පිටකොටුවේ පමණක් නොව ලංකාවේ විවිධ පැතිවල ව්‍යාපාරිකයෝ පැමිණෙති. මේ ක‍්‍රමවේදය මෙසේ අඩු මිලට සිදුවීමට වරාය, රේගුව, එම ආයතනවල ආරක්ෂක අංශ, සමහර දේශපාලන අත්, මහා පරිමාණ ව්‍යාපාරිකයන්, පාතාලය පවා සම්බන්ධ බව කියැවේ. මෙම ක‍්‍රමවේදය නිසා පොදුවේ ආණ්ඩුවට අගතියක් සිදුවන බව පැහැදිලි කාරණාවකි. අදාළ කන්ටේනර් පිරිසිදුව නියම නීති රෙගුලාසි ඔස්සේ ටෙන්ඩර් වී නම් රජයට ඉහළ ආදායමක් ලැබිය හැකි වේ. නමුත් රජයට යා යුතු ආදායමෙන් වැඩි ප‍්‍රමාණයක් නිලධාරින්ගේ මඩිස්සලයේ පිරේ. මෙවැනි හොර ක‍්‍රමවේද හරහා සුළු නිලධාරින් පවා ලක්ෂ 20x25 වශයෙන් මාසිකව උපයන බව දැනගන්නට ලැබේ.
වරායේ-රේගුවේ නිලධාරින්ට සලකන සමහර මැර වෙළෙන්දන්ට එහි ඇතුළු වීමට ලොකු ලොකු නීති රීති නැත. බොහොම පහසුවෙන් ඇතුළු වන අතර එම වෙන්දේසි තමන්ගෙන් පිට නොයාමට ද මොවුහු වග බලාගෙන සිටිති.
තවත් නැව් භාණ්ඩ රටට පනින්නේ කිසිම වෙන්දේසියක්, ටෙන්ඩරයක් නොමැතිවය. පුද්ගලික නැව් හරහා එන කන්ටේනර් මුහුදේදීම සීල් විවෘතකරනු ලැබේ. ඒවායින්ද පෙර කී සියලූ උපකරණ කිසිම නීතියක් නැතුව රහසේම ගොඩ බිමට පැමිණේ. අදාළ නැව් අභියසට යන ව්‍යාපාරිකයන්ගේ බෝට්ටු, සියලූ බඩු නැවෙන් මුදාගෙන ගොඩ බිමට පැමිණේ. මේ කිසිම භාණ්ඩයක් හරහා රජයට බද්දක්වත් නොලැබේ. නැව මුහුදේ නවතාගෙන බෝට්ටු හරහා බොහෝ බඩු ගොඩබිමට පැමිණ තිබේ. මේ භාණ්ඩ ක්ෂණිකව බෝට්ටුවලින් ලොරිවලට පටවාගෙන අදාළ ස්ථානවලින් පිටමන් වේ.
බදු නැති, වෙනත් අමතර ගාස්තු නැති ආනයනික භාණ්ඩ මේ ආකාරයට ඉතා අඩු මිලට රට පුරා සැරිසැරීමක් වේ. නියම ක‍්‍රමවේදයට ගෙන්වන ආනයනික ඔරලෝසුව රුපියල් 4000 නම් හොරපාරෙන් එන ඔරලෝසුව රුපියල් 500ට මිලට පිටකොටුවේ අලෙවි වේ. රුපියල් 2500ට ආනයනික මිලැති සෙල්ලම් බඩු රුපියල් 300ට පිටකොටුවේ අලෙවි වේ. රුපියල් දහ පහළොස් දහසේ ගෘහ විදුලි උපකරණ රුපියල් 2000ට 3000ට අලෙවි වේ.
ප‍්‍රශ්නය මෙය නොවේ. ”සැබෑ ඔරිජිනල්” බඩු අස්සේ කිසිම වටිනාකමක් නැති උපකරණ ද ”ඔරිජිනල්” යැයි පවසමින් පිටකොටුවේ අලෙවි වීමයි. එබැවින් සියල්ල, රහසxසූක්ෂමභාවය, හදිසිය හා සොරකම අතර රැඳී තිබේ.
පිටරටවල ඇඟලූම් ශාලාවලින් එන රෙදි කන්ටේනර් ද මෙසේ අඩු මිලට අලෙවි වේ.
මීට වඩා බරපතළ කාරණා රාශියක් මේ අතර සැඟව තිබේ.
සමහර කන්ටේනර් ඇතුළේ වාහන අමතරකොටස් විශාල වශයෙන් රට තුළට රහසේ පැමිණේ. වාහනයක් ලෙස ගෙනඒමේදී දැවැන්ත බදු මුදලක් රජයට ගෙවන්නට සිදුවන නිසා කෑලි ගලවා වාහන රට තුළට සේන්දු වේ. උදාහරණ ලෙස මිනි මයිනර්, මිනි කූපර්, ෆොක්ස්වැගන් ආදී පැරණි හා වටිනාකමක් ගත හැකි වාහනවල කොටස් රටට ගෙන්වා ඒවා එකතු කර අලූත්ම රථයක් නිෂ්පාදනය වේ. ඉන්පසු දිරා ගිය වාහනවල හා අනතුරුවලට ලක් වූ වාහනවල පොත් හා අංක මේ රථවලට යොදා රජයේ ලියාපදිංචි කෙරේ. ඒ සඳහා රජයේ ආයතනවල ඇතැම් නිලධාරිහු මුදල් මත පිහිටා දැවැන්ත කාර්ය භාරයක් සිදු කරති. මේ ක‍්‍රමයට රුපියල් කෝටි ගණනක් වටිනා ඩිෆෙන්ඩර් වැනි වාහන ද හොර පාරෙන් රටට පැමිණ රජයේ ලියාපදිංචි වී මහ මගට ඇතුළු වේ.
පුද්ගලික නැව් හරහා රටට එන තවත් ජාවාරමක් වන්නේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමයි. මුහුදේ නවතා ඇති නැව් අසලට යන බෝට්ටු නැවෙන් මත් කුඩු ටික රටට ගැනීම පහසුවෙන් සිදුවේ.
වරායෙන් පිටදී නැව්වලින් රටට ”පන්නන” බොහෝ දේ කෝටි ගණන් මිලැති විටෙක රටට දැඩි සේ අහිතකර දේය. නියමිත නීතිවලට පිටරටින් ගෙන්වන රුපියල් කෝටියක් මිලැති දෙය ”හොර” පාරෙන් රුපියල් ලක්ෂ හතරට පහට ඇතැම් විට රට තුළට පැමිණේ.
පුදුමයි නේද? සියල්ල ඇතැම් ලොකු මිනිසුන් අතරටමය. චණ්ඩින්, පාතාලයන් අතරටමය. දුප්පතාට සියලූ නීති අයත් වේ. සියලූ බදු අයත් වේ. සියලූ රැුහැන් බන්ධන අයත් වේ.
මේ ආකාරයටම අවසර නැතිව බොහෝ වටිනා ද්‍රව්‍ය බෝට්ටු හරහා රැුගෙන ගොස් පුද්ගලික නැව්වලට මුහුදේදී භාර දේ. මහා පරිමාණ ජාවාරම් මේ ක‍්‍රමවේදයට එකිනෙකා හරහා සිදුවේ. අනවසර භාණ්ඩ හැටියට වරායෙන් ආපසු හැරවෙන දෙයම සතියක් දෙකක් ඇතුළත බෝට්ටු හරහා හෝ මුහුදට රැුගෙන ගොස් නැවට භාර දේ.
පසුගිය කාලයේ බෝට්ටුවලින් රහසේ ඕස්ටේ‍්‍රලියා ගිය කතා ඔබ කියවන්නට ඇත. එවැනිම ආකාරයට රටේ තියන දේ, ”අවුට් හාබර්” හරහා නොසිතූ අන්දමට කාටත් ඇස වසා රටින් එතෙරට ඇදීයේ. වගකීම කාටද?
(ස්තුතිය අතුල මහතාට)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නැව්වලින් හොරට බඩු පන්නන හැටි
ලක්මාල් Friday, 28 November 2014 07:12 AM
වටිනා ලිපියක් අපේ රටේ දේශපාලකයන්ට නොපෙනෙන බොහෝ දේ හෙළි කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පුදමි ලංකාදීපයට. (ම)
ජානක Saturday, 29 November 2014 06:16 AM
ඒ අයගේ ව්‍යාපාරිකයන් තමා මේකේ ඉහලින්ම සිටින්නේ. එක් ප්‍රසිද්ද රහසක් (නදී)
ජානක Saturday, 29 November 2014 06:18 AM
චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ අශ්රෆ් වරාය ඇමති කරා. මිනිහා ඔක්කොමලා ටික ඇතුලට දාගත්තා. අැතුලෙන් සපෝර්ට් එක හොඳට හම්බවෙනවා එලියේ ඉනින එයාලගේ ව්‍යාපාරිකයින්ට. ඕක තමා ඇත්ත. මේක කරුණාකර පල කරන්ට ජාතික අවශ්‍යතාවයක්. ස්තුතියි (නදී)
සරත් පියසේන Friday, 28 November 2014 11:33 AM
මොකද රත්තරන් මේකට කියන්නේ ? (නදී)