මහින්ද |
මොහොමඞ් නෂීඞ් මාලදිවයිනේ ජනාධිපති වන්නේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්ගේ දීර්ඝකාලීන පාලනය පෙරළා දමමිනි. මේ සඳහා නෂීඞ් කලක සිටම සූදානම් වූයේ මාලදිවයිනෙන් පිටත සිටිමිනි. ශී‍්‍ර ලංකාව ද ඒ සඳහා උපයෝගීකරගත් එක් රටකි. ගයුම් ගේ රජය පෙරළීමේ වැඩ සටහනට නෂීඞ්ට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල ද, ඉන්දියාවේ ද සහාය ලැබුණි. ඊට හේතුව අබ්දුල් ගයුම්ගේ පාලනය කල් ඉකුත් වූ භාණ්ඩයක තත්ත්වයට පත්ව තිබූ නිසාය. නෂීඞ් ගයුම් ගේ පාලනය පෙරළා දැමීමට උපයෝගී කරගනු ලැබුවේ ද මානව හිමිකම් හා යහපාලනයට අදාළ කාරණාය. මෙහිදී ලොව පුරා යමින් ඇති තරම් ගයුම්ගේ පාලනයට එරෙහි ගතු කීමට නෂීඞ්ට සිදුවිය. නෂීඞ් නායකත්වය දුන් ජන අරගලයේ දී ශී‍්‍ර ලංකාව නිබඳවම ඔහුගේ සහායට සිටියා පමණක් නොව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඔහුගේ ප‍්‍රබල මිතුරෙක් ද විය. මේ යුගයේ නෂීඞ්ගේ මාලදිවයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ සමහර සාකච්ඡුා පැවැතියේ ශී‍්‍ර ලංකාවේය.
අවසානයේ ගයුම් පෙරළා මොහොමඞ් නෂීඞ් 2008 දී මාලදිවයිනේ ජනාධිපතිවරයා බවට පත් විය. එසේ ම ශී‍්‍ර ලංකාව හා නෂීඞ්ගේ ආණ්ඩුව අතර හාදකම් පෙරටත් වඩා වර්ධනය විය. මෑත කාලයේ මාලදිවයිනට ලැබුණු ජනපි‍්‍රයම නායකයා නෂීඞ්ය. ජනතාව සිටින්නේ ඔහු සමගය. එය හරියට ජනාධිපති මහින්ද රාජපක්ෂට වාගේය. නෂීඞ් හැඳින්වෙන්නේ දකුණු ආසියාවේ නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් ලෙසිනි. එසේ ම ඔහුට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හිතෛෂී අසල් වැසියෙකි යන විරුදාවලියද ලැබුණි. එහෙත් 2008 දී බලයට පත්වූ නෂීඞ්ට ඔහුගේ ප‍්‍රථම ධුර කාලයවත් හරි හැටි ගෙවා ගැනීමට නොහැකි විය. ඔහුගේ පාලනය 2012 වසරේ ආරම්භයත් සමඟම අහෝසි විය. එය විවෘත කුමන්ත‍්‍රණයක් වාගේය. අවසානයේ බලය හසන් වාහීඞ් ට දී පණබේරා ගැනීමට නෂීඞ්ට සිදු විය.
මේ වන විට නෂීඞ් ට වූ දේ අධ්‍යයනය කිරීම අපට ද වැඩදායකය. නෂීඞ්ට එරෙහිව මුලින්ම පාරට බැස්සේ එරට මානව හිමිකම් සංවිධානයයි. එහි ප‍්‍රධාන තැනක් ගනු ලැබුවේ ”මත්හානී ඉන්හාඞ්” සංවිධානයයි. මාලදිවයිනේ අගවිනිසුරුවරයා නීතිවිරෝධීව හිර බාරයට ගැනීමට නෂිඞ් කළ නියෝගය මේ ආරවුලට ආසන්නම හේතුව වී තිබුණි. එම කාරණය මානව හිමිකම් කි‍්‍රයාකාරීන්ට නෂීඞ්ට එරෙහිව පත්තු කිරීමට පෙට්රල්වලටත් වඩා හොඳ ඉන්ධනයක් විය. නෂීඞ් බලයෙන් පහ කිරීමට එය ප‍්‍රධානම හේතුවක් වූ බව සමහර විචාරකයෝ සඳහන් කරති.
”ඒක වෙන්න බෑනේ.’’
‘‘ඒක ලංකාවෙත් වුණානෙ’’
‘‘අපේ රටේ මානව හිමිකම් කාරයො උඩ පැන පැන නැටුවනෙ.’’
‘‘මොකද වුණේ ?’’
‘‘අපේ ආණ්ඩුව ශිරාණි බණ්ඩාරනායක නෝනා එලවලනෙ පස්සෙ බැලූවෙ.”
”ඇයි එහෙමනම් නෂීඞ්ට එ්ක කරන්න බැරි වුණේ ?’’
‘‘එතැන එහෙම වෙලා මෙතෙන මෙහෙම වුණේ ඇයි.’’
‘‘එහෙම නම් ඊට වඩා වෙන සාධකයක් මෙතන තියෙන්න ඕනෑය.”
ඒකත් ඇත්තය.
නෂීඞ් බලයට එන්නේම ඉන්දියාවේ හා බටහිර අනුග‍්‍රහයෙනි. ගයුම්ට එරෙහිව මැතිවරණ සටන මෙහෙය වීමට නෂීඞ්ට මාලදිවයිනට පැමිණීමේ ඉඩකඩ විවර වන්නේ ද ඉන්දියාවේ හා බටහිර රටවල සහායෙනි. ඒ මට්ටමට ගයුම් දමනය වන්නේ එම අන්තර්ජාතික බලපෑම් හේතු කොටගෙනය.
එහෙත් බලයට පත්වීමත් සමඟම නෂීඞ්ගේ සමහර කාරණා මේ දෙපාර්ශ්වයටම ඇල්ලූවේ නැත. විශේෂයෙන් ම නෂීඞ් මාලේ පැවැති සාක් රාජ්‍ය නායක සමුළුවට සමගාමීව එහි චීන සහයෝගීතා තානාපති කාර්යාලයක් විවෘත වීම හා චීන ආයෝජනවලට නැඹුරුවක් දැක්වීම ඔහුගේ ධුර කාලයේ අවසානය තීන්දු කිරීමට හේතුවන්නට ඇතැයි යන මතයද මෙහිදී බැහැර කළ නොහැක. එම තීන්දුව සම්බන්ධයෙන් බටහිරටත් වඩා ඉන්දියාව මවිතයට පත් වූ බවක් කියැවේ. මාලදිවයිනට චීනය සමීප කළේ කවුරුන් දැයි කියන්න දන්නේ නැත. එහෙත් ඊට ඉන්දියාව බෙහෙවින් ම අකැමැති වූ බව නම් පිළිගත හැකිය.
නෂීඞ් |
නෂීඞ් බලයෙන් පහවීමත් සමඟ ම සහාය ඉල්ලූවේ ශී‍්‍ර ලංකාවෙන්ය. ඔහුගේ දරු පවුල රැකවරණ ඉල්ලා පැමිණියේ ශී‍්‍ර ලංකාවටය. සිය මිතුරා වන නෂීඞ්ට ආරක්‍ෂාව සලසන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඒ මොහොතේ මාලදිවයිනේ නව පාලකයාගෙන් ඉල්ලා සිටියේය. ඔහු මුලදී ඊට අවනත වී පසුව එම ඉල්ලීමට එතරම් අනුකුලතාවක් නොදැක්වීය. ඊට හේතුව ඔහු පිටුපසින් එ් මොහොතේ ඉන්දියාව සිටි නිසා විය හැකිය. එහෙත් පසුකලෙක නෂීඞ් අත්අඩංගුවට ගැනීමට එරෙහිව වත් ඔහුට එරෙහිව වත්මන් මාලදිවයින් ජනාධිපති වහීඞ් ගනුලබන කි‍්‍රයාමාර්ගවලට එරෙහිවත් ශී‍්‍ර ලංකාවට ද කළ හැකි දෙයක් නොමැති විය. මේ සම්බන්ධයෙන් එදා නෂීඞ්ගේ විරෝධයට ලක් වූයේ මාලදිවයින් වත්මන් පාලනයට අමතරව ඉන්දියාවයි.
අවසානයේ නෂීඞ් පෙරළා බලය ලබාගත් වහීඞ් ගේ පාලනය ද ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් පසු වූයේ මිතුරු ආකල්පයකිනි. පසුගිය ජිනීවා සැසිවාරයේ දී ශී‍්‍ර ලංකාවට එරෙහිව ඇමෙරිකාව ගෙන ආ යෝජනාවේ දී ඉන්දියාව අපට එරෙහිව ඇමෙරිකාව සමඟ ඡුන්දය දෙන විට වත්මන් මාලදිවයින පාලනය ශී‍්‍ර ලංකාවට පක්ෂ විය. මාලදිවයින කුඩා රාජ්‍යයක් වුවද දැවැන්ත ඉන්දියානු දේශයේ පැත්ත නොගෙන ශී‍්‍ර ලංකාවට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කිරීම එදා සුවිශේෂ සිදු වීමක් වුණි. ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ කැමැත්තක් ඇති විය නොහැක.
”බලන්න මාලදිවයිනත් ඉන්දියාවට නෑ. ඒ අයත් හිටගන්නේ ශී‍්‍ර ලංකාව සමඟ.”
අපේ සමහරුන් ප‍්‍රකාශ නිකුත් කළේ එහෙමය. එහෙත් නෂීඞ් එලවා දමා බලයට පත් වූ මාලදිවයිනේ වත්මන් පාලනය මුලින්ම පිළිගනු ලැබුවේද ඉන්දියාව ය. එහෙත් ඉන්දියාව අපට විරුද්ධ වන විට මාලදිවයින අපට පක්‍ෂ විය.
අද අපට වැදගත් වන්නේ එදා අප සමග සිටි ”නෂීඞ්” දැන් සිටින්නේ කොතැනද කියා ය. මාලදිවයිනේ වත්මන් පාලනය පසුගියදා ජනාධිපති නෂීඞ් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට ඔහු රැකවරණ පැතුවේ මාලදිවයිනේ මාලේ අගනුවර පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලයේ ය. ඉන්දියාව දින 13 තිස්සේ ඔහු සිය තානාපති කාර්යාලය තුළ රදවාගෙන රැකවරණ ලබාදුන් බව දැන් කාටවත් රහසක් නොවේ. මේ සම්බන්ධයෙන් වත්මන් මාලදිවයින් රජයේ විරෝධය ඉන්දියාව තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැත. ”හිටපු ජනපතිට රැකවරණය දුන්නා යැයි මාලදිවයින ඉන්දියාවට දෙහි කපයි.” ඒ.එෆ්.පී. ප‍්‍රවෘත්ති සේවය වාර්තා කළේ එහෙමය. ඊට පිළිතුරු වශයෙන් ඉන්දියාව සඳහන් කර ඇත්තේ මෙතැන් සිට නෂීඞ් සම්බන්ධ අර්බුදයට මැදිහත්කරුවෙකු ලෙස ඉන්දියාව කටයුතු කරන බවය. ඊට ද මාලදිවයින් රජයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත. එහෙත් මාලදිවයිනට කළ හැකි කිසිවක් නැත. කල්යල් බලා ඉන්දියාව මාලදිවයිනේ වත්මන් පාලනයට ද වැඩක් දුන්නා වාගේය. නෂීඞ් ඉන්දීය තානාපති කාර්යාලයේ රැකවරණ ලබන දිනවල ඉන්දීය විශේෂ නියෝජිතයකු මාලදිවයිනට පැමිණ එරට රජය සමඟ සාකච්ඡුා කළ බවක් මාධ්‍ය වාර්තා කර තිබුණි. කතා කළේ මොනවාද යන්න රහසකි.
නෂීඞ් ඉන්දීය තානාපති කාර්යාලයෙන් පිටව යන්නේ මේ සාකච්ඡුාවේ ප‍්‍රතිඵලයක් වශයෙනි. දැන් නෂීඞ් අත්අඩංගුවට ගැනීමේ තදියමක් මාලදිවයින් ආණ්ඩුවට නැත. එ් වෙනුවට ඔහුට රිසිසේ සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට සූදානම් වීමේ ඉඩකඩ ලැබී තිබේ. එම ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණව පවත්වන්නැයි ඇමෙරිකාව එරටින් ඉල්ලා සිටී. ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි ප‍්‍රකාශිකා වික්ටෝරියා නූලන් පවසන්නේ එවන් මැතිවරණයක් සඳහා වත්මන් ජනාධිපති හසන් වාහීඞ්ගේ රජය කැපවී සිටින බව තම විශ්වාසය බවයි.
ප‍්‍රනාම් |
දැන් එම මැතිවරණ සටනට ඉන්දියානු තානාපති කාර්යාලයේ රැකවරණ ලබා සිටි හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් ඉදිරිපත් වන්නේ ඉන්දියානු හිතවතකු ලෙසය. නැත්නම් කලාපීය බලවතාගේ හිතවතකු ලෙසිනි. නෂීඞ් ගේ මේ පෙරළිය කලාපයේ සෙසු රටවලට අලූත් පාඩමක් කියාදෙනවා වාගේය. අලූත් පාඩමක් ලෙසින් පෙනුනද සත්‍ය වශයෙන්ම එය පැරණි පාඩමමය. අවසානයේ බැරිම තැන ඔහු ලොකු අයියාටම සමීප වී ඇත. වැඩ සිද්ධ වෙන්නේ එහෙමය.
ශී‍්‍ර ලංකාවේ උතුරු නැගෙනහිර මෙන් ඉන්දියාවට සෘජුව බලපාන ප‍්‍රශ්නයක් මාලදිවයිනේ නොමැත. එහෙත් ශී‍්‍ර ලංකාවේ උතුරු නැගෙනහිර ප‍්‍රශ්නය එසේ නොවේ. එය ඉන්දියාවේ තමිල්නාඩුව රත් කරවනු සුළුය. එ් නිසා මේ ලොකු අයියා මාලදිවයිනට වඩා අපට වැදගත්ය. පසුගියදා ඉන්දීය ජනාධිපති ප‍්‍රනාම් මුකර්ජි හෙවත් අපේ පැරණි ඉන්දියානු මිතුරා ශී‍්‍ර ලංකාව ගැන සඳහන් කරන විට පක්ෂ බේදයකින් තොරව තමිල්නාඩුව නියෝජනය කරන මන්තී‍්‍රවරුන් පොදුවේ ඔහුගේ කතාවට හරස් කැපූ බව වාර්තා වේ. ඉදිරියේ මහ මැතිවරණයකට මුහුණ දීමට සිටින ඉන්දියානු කොංග‍්‍රස් රජයට තමිල්නාඩු ප‍්‍රාන්තයේ මැතිවරණ ප‍්‍රතිඵලය අතිශයින්ම වැදගත්ය. මේ නිසාම තමිල්නාඩු සාධකය දේශපාලන වශයෙන් කළමනාකරණය කර ගැනීමට ඉන්දියානු මධ්‍යම රජයට සිදු වේ. ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශී‍්‍ර ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාවට ඉන්දියාව පක්‍ෂවන බව දැන් සිටම ප‍්‍රකාශයට පත් කර ඇත්තේ මෙවන් පසුබිමක් නිසා විය හැකිය. මේ අතර නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය චීනයට පැවරීමේ යෝජනාව මේ රටේ ආර්ථිකය මෙහෙයවන සමහර අංශවලින් මතුවෙමින් පවතී. මෙය පැහැදිලිවම ඉන්දියාව අමනාප කර ගැනීමක් විය හැකි බව ඔවුන් නොදන්නවා නොවේ.
උතුරු නැගෙනහිරට දෙන දේශපාලන විසඳුම් ප‍්‍රමාද කිරීමත්, නොරොච්චෝලේ වැනි තැන් චීනයට පැවරීමට ආණ්ඩුව පෙළඹවීමත් එක්තරා විදියක කුමන්ත‍්‍රණයක් වැනිය. මෙය ජනාධිපති මහින්ද රාජපක්‍ෂට අමතරව ”දේශහිතෛෂී නෂීඞ්” කෙනෙක් ඉන්දියාවට ශී‍්‍ර ලංකාවෙන් ද සොයා ගැනීමට ඉඩකඩ සලසා දීමක් දැයි කියන්න දන්නේ නැත.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නෂීඞ්ගේ පෙරැළියේ පාඩම
දනුෂ්ක Saturday, 02 March 2013 11:25 AM
ලෝකෙම විකාරයක් වෙලා (දී)
හරීන් Sunday, 03 March 2013 08:05 AM
ඉන්දියාව ගැන හුගදෙනෙක් හරියට දන්නෙ නැහැ. (නි)
හරීන් Sunday, 03 March 2013 08:03 AM
මෙතන සදහන් නොවුණු තව එක රහසක් මම දන්නවා. (නි)
ජීවන්ත Sunday, 03 March 2013 09:31 AM
ඉන්දියාවේ බලපෑම් නැත්නම් අද ලංකාව දියුණුයි. (නි)
රංග Friday, 01 March 2013 04:20 PM
මමනම් ඔන්න මොකුත් කියුවේ නැහැ (දී)
දමිත් Sunday, 03 March 2013 11:25 AM
අපිට ඉන්න ලොකුම හතුරා කවුද කියලා අපි නම් දන්නවා. (නි)
දිසානායක Saturday, 02 March 2013 03:06 PM
ඉන්දියවෙ වැඩිුපරම ඉන්නේ ෆොන්සේකලා වගෙයි. (නි)
ලන්කනාත Sunday, 03 March 2013 11:30 AM
රාමනායක මහත්තයගෙ මතය මොකද වෙනස් වෙලා ඉන්දියව කීයක් දුන්නද? (දී)
චමින්ද Saturday, 02 March 2013 02:51 AM
කවුරු අපිට බාධා කළත් අපේ දියුණුව නවත්වන්න නම් බැහැ. (නි)
ලක් Saturday, 02 March 2013 10:20 AM
ඉන්දියව යනු කළන මිතුරෙකු නොවේ. අවස්තාවාදී සතුරෙකි..(ස)