IMG-LOGO

2025 අප්‍රේල් මස 04 වන සිකුරාදා


නිසඳැස පිටුදැකීම අමරසේකරගේ දුර්මතයක්

නූතන කෙටිකතාව නවකතාව කවිය ඇතුළු සාහිත්‍යාංග අරභයා විමර්ශන කෘති රැසක් ලියා පළකොට නූතන සිංහල සාහිත්‍ය විචාරය පෝෂණය කිරීමට ප්‍රබල දායකත්වයක් සපයමින් සිටින සිංහල විශ්ව කෝෂයේ ප්‍රධාන කර්තෘ සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා ගේ නවතම විමර්ශන ග්‍රන්ථය පසුගියදා එළි දැක්වුණි. ඒ ගුණදාස අමරසේකර සාහිත්‍ය විචාර ක්‍රමවේද නමිනි. ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ විචාර භූමිකාවේ අනන්‍යතා හෙළි කිරීම මෙහි අරමුණ වී ඇති බව පෙනේ. මතු දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් අප කළ සංවාදයක සටහනකි.

 

ප්‍ර මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර ආදීන්ගෙන් පසු ගුණදාස අමරසේකරයන්ගේ සාහිත්‍ය විචාර ක්‍රමවේදය සාහිත්‍යයේ පෝෂණයට කළ බලපෑම කෙබදුද ? මෙම කෘතියේ දී ඒ සම්බන්ධයෙන් ඔබේ අවධනය යොමු වන්නේ කවරාකාරයෙන් ද?

මාර්ටින් වික්‍රමසිංහ මහතා බොහෝ දුරට විචාරයේ යෙදුණේ දේශීය විචාර ක්‍රමයක් ගොඩනගා ගැනීමේ අරමුණ ඇතිව. ඒ සඳහා ඔහු බෞද්ධ සාහිත්‍ය ප්‍රබලව පදනම් කරගත්තා. ඔහු විචාර මග කියන කෘතිය රචනා කිරීමට පෙළඹුණෙත් ඒ අනුව යමින්. ඔහු එබඳු උත්සාහයක් දැරුවත් එබඳු විචාර ක්‍රමයක් මෙරට ස්ථාපිත වුණේ නැහැ. පොදුවේ වර්තමාන නවකතා කෙටිකතා කවි විමර්ශනය කිරීම සඳහා එම විචාර ක්‍රමය ප්‍රමාණවත් වුණේ නැහැ.

එදිරිවීර සරච්චන්ද්‍ර මහතා සිදු කළේ මූලික විචාර මූලධර්ම කිහිපයක් හඳුන්වාදීමයි. කල්පනා ලෝකය වගේ කෘතියකින් උත්සාහගත්තේ  චමත්කාරය යනු කුමක්ද?  අපූර්වත්වය යනු කුමක්ද? අව්‍යාජත්වය යනු කුමක්ද? ආදි කලාත්මක ප්‍රයෝග ලෙස සලකන මූලික සංකල්පවල ප්‍රාථමික ස්වරූපය දේශීය පාඨකයන්ට හඳුන්වාදීමට යි. මේ හඳුන්වාදීම්වල යම් යම් අඩු පාඩුකම් තිබුණත් මෑතක්වන තුරුම පේරාදෙණිය ඇතුළු බොහෝ විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් පාසල්වල උගන්වද්දී අනුගමනය කළේ මේ විචාර ක්‍රමයයි. එම විචාර ක්‍රමයත් අද බිහිවන නවකතා කෙටිකතා කවි විශ්ලේෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බව පෙනෙනවා. ගුණදාස අමරසේකර මහතා උත්සාහ ගත්තෙ ඒ කාර්යය ඉටු කරන්න.  ඔහු සාම්ප්‍රදායික විචාර ක්‍රම වත්මන් සමාජයට උචිත ලෙස හැඩ ගස්වාගෙන භාවිත කිරීමට පෙළඹුණා.

 

ප්‍ර ඒත් අමරසේකර දිගු කාලයක් එක් විචාර මතවාදයක ස්ථාවරව සිටින බවක් පෙනෙන්නට නැහැ නේද?

ඒක තමයි ගුණදාස අමරසේකරගේ විචාර ක්‍රමයේ විශේෂත්වය. ඔහු එක් විචාර ක්‍රමයක් තුළ ආදානග්‍රාහී ලෙස කොටු වුණේ නෑ. ඔහු කළේ යුගානුරූපීව ඒ ඒ කාලාවධිවල නිර්මාණය කළ සාහිත්‍ය කෘති විශ්ලේෂණය කිරීමට තුඩු දෙන ලෙස භාවිත කිරීමයි. ඒ සඳහා සාම්ප්‍රදායික දේශීය විචාර ක්‍රම වත්මන් සමාජයට උචිත ලෙස හැඩ ගස්වාගෙන භාවිත කිරීමට පෙළඹුණා. ඔහු මෙතෙක් පළ කරලා තියෙන්නෙ විචාර ග්‍රන්ථ පහක් පමණයි. 1955 දී රචනා කළ විනෝදය හා විචාරය, 1966 දී රචනා කළ අලියා සහ අන්ධයෝ, 1976 දී රචනා කළ අබුද්දස්ස යුගයක්, 1996 දී රචනා කළ සිංහල කාව්‍ය සම්ප්‍රදාය, 2008 දී රචනා කළ නොසෙවුනා කැඩපත එම විචාර ග්‍රන්ථ පහයි.

ඉන් පසු කාලයේ ඔහු ජාතිකත්ව සංකල්පය බොහොම ගැඹුරින් විශ්ලේෂණය කොට එහිදී රසිකයන්ගේ අවධානයට ලක්විය යුතු ක්‍රමවේදය කුමක්ද යන්න පැහැදිලි කිරීමට පෙළඹුණා. ඔහුගේ විශ්වාසයක් තිබුණා ජාතිකත්වය පදනම් කරගත්ත සභ්‍යත්ව රාජ්‍යයක් බිහි විය යුතු බවට. කරුමක්කාරයෝ වැනි නවකතාවක් රචනා කිරීමේ දී  ඔහු මුල් කාලයේ අනුගමනය කළේ යථාර්ථවාදී රීතියයි. නාගරික සමාජයේ ප්‍රචලිත වෙමින් පැවැති වෙළෙඳ සංස්කෘතිය ග්‍රාමීය සමාජයට ප්‍රවිෂ්ට වී සිදුවූ විපර්යාසය නිරූපණයට  කිරීම තමයි එහිදී ඔහු උත්සාහ ගත්තේ. ඒත් එහි තිබුණු අඩුපාඩුව තමයි ලිංගිකත්වයට නැඹුරුවීම. ඒ නිසාම එය බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක් වුණා.

ඊට පස්සෙ යළි උපන්නෙමි, දෙපා නොලද්දෝ, ගන්ධබ්බ අපදානය වගේ නවකතා රචනා කරන විට අමරසේකර නූතනවාදී බලපෑමට ලක් වුණා. මේ කාලෙ වනවිට බටහිර යුරෝපයේ පමණක් නොව ආසියාතික රටවල පවා නූතනවාදය ප්‍රචලිත වෙමින් පැවතුණා. එහි එක් ලක්ෂණයක් තමයි පුද්ගල බද්ධ දෘෂ්ටිය ඉස්මතුවීම. ඒවා රචනා වුණෙත් විශ්ලේෂණය කෙරුණෙත් එම දෘෂ්ටියෙන්.

 

ප්‍ර අමරසේකර පුද්ගල බද්ධ දෘෂ්ටියෙන් රචනා කරන යළි උපන්නෙමි, ඇතුළු කෘති පසු කාලීනව ඔහුම ප්‍රතික්ෂේප කරනවා. මේ තත්වය ඔබ දකින්නේ කොහොමද?

විචාරය සකස් වෙන්නෙ පවත්නා සාහිත්‍යයේ ස්වභාවයට අනුවයි. ඒ නිසා එතැනදී අමරසේකරට දෝෂාරෝපණය කරන්න බෑ. ඔහුගේ ආස්ථානයක් තිබුණා යුගානුරූපීව සාහිත්‍යයේ යම් යම් විපර්යාසයන් සිදුවනවිට වෙනස් වීම කියන කාරණය. ඒ නිසා තමයි ඔහු එතෙක් රචනා කළ සාහිත්‍ය කෘති 1969දී ප්‍රතික්ෂේප කරන්නේ. ඔහු ඒවා දැක්කේ මනස් පුතුන් ඉස්මතු කරන නිර්මාණ    හැටියටයි. ඒවා හුදු කල්පිත චරිත සහිත රචනා මිස මෙරට සමාජයට බද්ධවන ඒවා නොවන බව ඔහු තේරුම් ගත්තා. තමන් ලියූ එබදු කෘති පමණක් නොවෙයි ඔහු පසුව ප්‍රතික්ෂ්ප කළේ.    එකල දියුණුම මට්ටමේ තිබුණු බොහෝ කෘති මේ විදියට මනස් පුතුන්ගේ කතා හැටියට ප්‍රතික්ෂේප කළා.  පස්සෙ තමයි ඔහු යථාර්ථවාදී රීතියට නැඹුරු වෙන්නෙ. 

2000 න් පසු අමරසේකර ජාතිකවාදය සංකල්පය අවධාරණය කරමින් නිර්මාණ හා විචාර කළ බව පෙනෙනවා. ගමනක මුල කියන කෘතියෙන් ආරම්භ කරලා ගමනක අග දක්වා කෘති පෙළක් ඔහු රචනා කළා. මෑත කාලයේ රචනා කළ මහ ගෙදර නවකතාවත් ඊට උදාහරණයක්. ඒ අනුව අමරසේකර නම්‍යශීලී සාහිත්‍ය විචාරකයෙක් කියලා කියන්න පුළුවන්.

 

ප්‍ර එහෙත් කලින් කලට මෙසේ මතවාද වෙනස් කිරීමෙන් ඔහු එදා ඉදිරිපත් කළ මතවාද හා නිර්මාණ පිළිගත් පාඨකයන් හා විචාරකයන් නොමග යන බවයි ඇතැමුන් පවසන්නේ.

මම නම් ඒ මතය පිළිගන්නේ නෑ. සාහිත්‍ය නිර්මාණකරුවකු හෝ විචාරකයකු එක් මතවාදයකම එල්බගෙන සිටිය යුතු යැයි නියමයක් නෑ. අපරදිග සාහිත්‍යයේ පවා වරින් වර තම මතවාද වෙනස් කළ සාහිත්‍යකරුවන් ඕනෑ තරම් ඉන්නවා. ගී ද මෝපසාං වගේ කෙටිකතාකරුවන් මුල්කාලයේදී අනුගමනය කළේ යථාර්ථවාදී රීතිය. පස්සෙ ඒක වෙනස් වුණා. බල්සාක් වගේ ලේඛකයෙක් යථාර්ථවාදී රීතියේ පීතෘවරයෙක් හැටියට සැලකෙන පුද්ගලයෙක්. ඒත් බල්සාක් පවා පසුව තාත්විකවාදයට මෙන්ම සමාජවාදී යථාර්ථවාදයටත් නැඹුරු වුණා. ඒ නිසා අමරසේකර අනුගමනය කළ විචාර මග නිවැරැදියි.

 

ප්‍ර ඒත් ඔහු පසු කාලීනව ඉදිරිපත් කළ සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය , ජාතිකවාදී සංකල්පය පොදු පාඨකයාගේ හා විචාරකයන්ගේ පිළිගැනීමට ලක්වුණේ නැහැ නේද?

එහෙම විවේචන තියෙන්න පුළුවන්. ඔහු ඉදිරිපත් කළ ජාතිකවාදී සංකල්පය ජාතිවාදි එකක් නොවෙයි. ඔහු ජාතිකවාදී සංකල්පයේ පසුබිම සූක්ෂ්ම ලෙස විවරණය කරන්නට සමත් වුණා. ලිබරල්වාදී චින්තනයකින් සමාජවාදී සමාජයක් බිහි කළ නොහැකි බව ගුණදාස අමරසේකර කරුණු සහිතව පෙන්වා දෙනවා. ඉතාමත් ප්‍රගතිශීලී ලිබරල්වාදී චින්තනය පවා අවසානයේ ධනවාදයේ මුර බල්ලෙක් බවට පත් විය හැකි බව අමරසේකර කියනවා.

අමරසේකර මහතා තර්ක කරන්නේ සාහිත්‍යකරුවා හුදෙක් කලාත්මක ප්‍රයෝග උපයෝගී කරගෙන නිර්මාණයක් රචනා කොට එයින් පාඨකයා වින්දනයට පත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. කලාත්මක වශයෙන් ගත්තාම ඔහුගේ පසුකාලීන කෘතිවල විවිධ අඩු පාඩු තිබෙන බව ඇත්ත. ඒත් ඔහු ඒවා ලියන්නේ නිශ්චිත අරමුණක් පදනම් කරගෙන.

 

ප්‍ර පේරාදෙණි ගුරුකුලය සම්බන්ධයෙන් අමරසේකර මහතා එදා කළ විවේචන සාධාරණ යැයි ඔබ සිතනවාද?

එකල බොහෝ කෘති රචනා වුණේ ඒ යුගයේ පැවැති සාහිත්‍ය ප්‍රවණතා අනුව කියන එක. විචාරකයා වුණත් ඊට අනුරූපීව තමයි විචාර ක්‍රමවේද අනුගමනය කළේ. විචාරයේදී බලන්න ඕනෙ ඒ නිර්මාණ බිහි වූ සමාජ ආර්ථික පසුබිම සහ ඔවුන්ට බලපෑම් කළ සහිත්‍ය චින්තනයයි. අමරසේකර තර්ක කළේ පේරාදෙණි සාහිත්‍ය කෘතිවලින් සමාජ ආර්ථික දේශපාලන ව්‍යුහය සාකච්ජාවට ලක් නොවූ බවයි. ඒක අපට පිළිගන්න වෙනවා. ඒවා සමාජ සම්බන්ධතාවලින් ඈත්වෙලයි ලියැවුණේ.

ඒත් ඇතැම් තැන්වල යම් යම් පුද්ගල බද්ධ දෘෂ්ටීන්ට මුල් තැන ලැබුණු විවේචනත් තිබෙන බව පේනවා. උදාහරණයකට සිරි ගුනසිංහ සම්බන්ධයෙන් අමරසේකර කරන විවේචනයේ යම් කර්කෂ නිර්දයභාවයක් දකින්න ලැබෙනවා.

 

ප්‍ර නිසඳැස් කවිය සම්බන්ධයෙන් අමරසේකර මහතා කළ විවේචනත් නූතන පරපුරේ බොහෝ දෙනාගේ ප්‍රාසදයට ලක්වුණේ නැහැ නේද?.

නිසඳැස් කවිය ප්‍රියමනාප නොවන දෙයක් හැටියට සලකලයි ඔහු විවේචන ඉදිරිපත් කළේ. ඔහු නිසඳැස් කවිය ප්‍රතික්ෂේප කරනවා. එමගින් රසභාව පූර්ණ කාව්‍ය රචනා කිරීමට ඉඩක් නොලැබෙන බවයි ඔහු විශ්වාස කළේ. ඒ මතය ඔහු දැරුවේ මීට දශක දෙකකට පමණ පෙර. ඔහු නිසඳැස් කවිය දුටුවේ අර්ථ ශූන්‍ය ප්‍රලාපයක් හැටියටයි. මමත් හිතන්නේ අමරසේකරගේ එම අදහස නම් දුර්මතයක් බවයි. නිසඳැස් කාව්‍ය ආකෘතිය උපයෝගී කරගෙන ප්‍රතිභාපූර්ණ කවියන් රසභාව පූර්ණ අර්ථවත් කවි ඕනෑ තරම් රචනා කරලා තියනවා. අමරසේකර සිරි ගුනසිංහගේ කවිය සම්බන්ධයෙන් කරන ඇතැම් විවේචනත් සර්ව සාධාරණ යැයි කියන්නට බැහැ.

අමරසේකර මහතා නවකතා කෙටිකතා සම්බන්ධයෙන් හෙළන දෘෂ්ටිය කවිය සම්බන්ධයෙන් හෙළන්නේ නැහැ. ඔහු කවි බස පිළිබඳව යම් යම් සාර්ථක අත්හදාබැලීම් කරලා තියනවා. ඒ අත්හදාබැලීම් ඔස්සේ තමයි ඔහු නිසඳැස සම්පූර්ණයෙන්ම බැහැර කරන්නට පෙළඹෙන්නේ. ඔහු භාෂාධිපත්‍යයකින් යුතු කවියෙක්. ඒ නිසාම තමයි ඔහු කිව්වෙ කවියේ තියෙන්න ඕනෙ හද බසක් කියලා. රසිකයන්ගේ භාව සන්තර්පණය කරලා වින්දනාත්මක සක්‍යතාවක් ඇති කිරීමට කවිය භාවිත කළ යුතු බව ඔහු විශ්වාස කළා.

 

ප්‍ර ඒත් හද බස සංකල්පය ආරියවංශ රණවීර , පරාක්‍රම කොඩිතුවක්කු වගේ කවියන්ගේ දැඩි විවේචනයට ලක්වුණා නේද?

ඔව්. එය එක් එක් කවියන්ගේ පුද්ගල බද්ධ දෘෂ්ටීන්වලට අනුව වෙන්න පුළුවන්. ඒ විවේචනවලට ඔවුන්ට නිදහස තිබෙනවා. ඒත් අමරසේකර කියන ‘හද බස’ මමනම් අනුමත කරනවා. කවියා හද සසල කරන්නෙක් තමයි. හදවත් කම්පනය කිරීමෙන් තමයි බුද්ධියට අමතන්න පහසු වෙන්නේ.

 

ප්‍ර අද වන විට සාහිත්‍ය විචාරයක් නැති තරමට එය පිරිහී ඇතැයි බොහෝ දෙනාගේ චෝදනාවයි. නූතනයේ මේ තත්වය ගැන මොකද හිතන්නේ?

මම නම් හිතන්නේ අද යම් විචාරයක් සිදුවෙමින් තිබෙනවා. තමන්ගෙ පොත පත ගැන තමන් බලාපොරොත්තුවන ආකාරයේ කතා බහක් නොකෙරෙන විට සමහර අය කියනවා අද විචාරයක් නෑ කියලා. ගැටලුව නම් අද විචාරයක් පළ කරගන්නවත් මාධ්‍යයක හරි හමං ඉඩකඩක් නැති කමයි. ප්‍රකාශකයන් පවා අද විචාර ග්‍රන්ථ පළ කිරීම ප්‍රතික්ෂේප කරනවා. විචාර පොතක් අරං ගියාම ඒ අය මූණ ඇඹුල් කරගන්නවා. නවකතා තමයි ඉල්ලන්නෙ. විචාරයක් නැතැයි චෝදනා කරන අය අද ලියැවෙන විචාර කියවන්නෙත් නෑ. ඒවා ව්‍යාජ චෝදනා. කියන්නං වාලෙ කියන දේවල්.

සමාජය තුළ විචාරයක් රසවින්දනයක් නැතිවීමට අපේ අධ්‍යාපන ක්‍රමයත් බලපාල තියෙනවා. අදවනවිට උසස් පෙළ හා විශ්වවිද්‍යාලවල සිංහල විෂය තෝරා ගන්නා පිරිස ඉතාම සීමා වී තිබෙනවා. මේකට හේතුව වෘත්තින් ඉලක්ක කරගෙන පාඨමාලා තෝරා ගැනීමයි. දැන් හිතන්නෙ වෘත්තිය ගැන විතරයි. සමාජයක මනුෂත්වය මතුවෙන්නෙ කලාව සාහිත්‍ය ආදි විෂයන් එක්ක. මෙහෙම ගියොත් අනාගතයේ අපට විවිධ දුර්විපාකවලට මුහුණ දෙන්න වේවි. මිනිස්සු රොබෝවරුන් වගේ ඉදීවි. ආදරයක් සෙනෙහසක් දයාවක් කරුණාවක් නැති හිතක් පපුවක් නැති පිරිසක් බිහි වේවි.

(*** සටහන - ගාමිණි කන්දේපොළ)



අදහස් (1)

නිසඳැස පිටුදැකීම අමරසේකරගේ දුර්මතයක්

Rawi Friday, 15 November 2024 01:10 PM

දැන් සිංහල භාෂාව යළි පිරිසිදු කළ නොහැක නරාවලක් බඳුයි . 5 වසර ශිෂ්‍යත්ව පෙළ පොතේ සිංහල වත් නොදන්නා උන් පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය පමණක් නොව සමාජ මාධ්‍යායද උපයෝගී කර ගනිමින් භාෂාව දූෂණය කොට හමාරයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 737 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 1005 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 215 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 154 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 726 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 152 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 337 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 869 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 810 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site