”එජාප නායක රනිල්ට ඡන්ද දිනන්න බෑ” ඒ පිටස්තරයෙන් මෙන්ම එජාප අභ්‍යන්තරයෙන්ම නායක රනිල්ට එරෙහිව නැගුණු චෝදනාවකි. එහෙත් ඒ චෝදනාව බේරා ගැනීමට රනිල් මෙවර සමත් විය. ඒ එක්සත් ජාතික පක්ෂයේ 54 වැනි සම්මේලනයේදීය. ඉකුත් 01වැනිදා පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ දී පක්ෂයේ සම්මේලනය පැවැත්විණි. එජාප නායකත්ව අර්බුදයට සෑහෙන කාලයකි. මේ කාලය පුරා නායක රනිල් සිටියේ අතුරේ ගමනකය. කොයි මොහොතේ බිමට ඇද වැටේදැයි කිව නොහැකි දෙගිඩියාව හැමදාකම අලූත් වෙමින් තිබිණි. එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස පමණක් නොව හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය ද සිටියේ රනිල්ට එරෙහි ප‍්‍රහාරක ස්ථාවරයකය. එජාපයේ ජනප‍්‍රිය නායකයන් වන රංජිත් මද්දුමබණ්ඩාර, දයාසිරි ජයසේකර, බුද්ධික පතිරණ වැනි මන්ත‍්‍රීවරුන් සිටියේද සජිත් පාර්ශ්වය ශක්තිමත් කරමිනි. වැඩිම වාසි සජිත් පාර්ශ්වයට වූ බවද රහසක් නොවීය. මේ පසුබිම තුළ රනිල්ගේ නායකත්වය ඇදවැටී තිබුණේ බරපතළ අනතුරකටය. එජාපයේ 54 වැනි සම්මේලනයෙන් පසුව ඒ සියලූ අවාසිදායක තත්ත්වයන් තුරන් කර ගැනීමට රනිල් වික‍්‍රමසිංහ සමත්වූවා පමණක් නොව හිටියාටත් වඩා ශක්තිමත් වීමට ඔහු සමත් විය. ඒක වුණේ කෙසේදැයි විමසීම මෙම සටහනේ අරමුණය. 2011 වසරේ පැවැති පක්ෂ සම්මේලනය නිමාවට පත්වූයේ පක්ෂ මූලස්ථානය වන සිරිකොත සුන්බුන් ගොඩක් බවට පත්වීමෙනි. ඒ සම්බන්ධයෙන් කරුණු සොයාබලා ගත යුතු පියවර නිර්දේශ කිරීම සඳහා ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කෙරිණි. එම කමිටුවේ වාර්තාව දෙතුන් මසක් ඇතුළත එළිදැක්වුණු අතර එමගින් අදාළ ගැටුමට මූලික වූවන් අනාවරණය කර තිබිණි. එමෙන්ම පක්ෂයේ ප‍්‍රතිසංවිධානයක් ඉල්ලා සිටි සජිත් පේ‍්‍රමදාස ඇතුළු පිරිසගේ අරගලය නිසා පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරමින් වසරින් වසර නායකත්වය තෝරා ගැනීම සිදුවුවද එමගින් ආණ්ඩුවට එරෙහි ප‍්‍රහාරය හීන වී නායකත්ව පොරය උත්සන්න වන බව කී ශ්‍රීනාත් පෙරේරා කමිටු වාර්තාව එයට පිළියමක් වශයෙන් පක්ෂ සම්මේලනයෙන් තෝරාපත් කැර ගන්නා නායකයාට වසර හයක කාලයක් හෝ ඊළඟ ජාතික මැතිවරණය තෙක් හෝ නායකත්වය දැරීමට ඉඩ දිය යුතු බවට නිර්දේශ කෙරිණි. මෙම ශ්‍රීනාත් පෙරේරා කමිටු වාර්තා නිර්දේශවලට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. 54 වැනි පක්ෂ සම්මේලනයේ එක් ප‍්‍රධාන අරමුණක් වූයේ ශ්‍රීනාත් පෙරේරා කමිටු වාර්තාවේ නිර්දේශවලට අනුව පක්ෂ ව්‍යවස්ථාවේ 8.1 වගන්තිය සංශෝධනය කර පක්ෂ නායකයාගේ කාලය දීර්ඝ කිරීමය. බලාපොරොත්තු වූ පරිදිම සජිත් පේ‍්‍රමදාස ඇතුළු පාර්ශ්වයෙන් මෙයට විරෝධතා එල්ල විය. එහෙත් පක්ෂ නායක රනිල් පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායකට කියා සිටියේ ව්‍යවස්ථානුකූලව පක්ෂ සම්මේලනය පැවැත්වීම සඳහා සියලූ කටයුතු සංවිධානය කරන ලෙසය. තිස්ස මෙහෙයුම අතට ගත්තේය. සම්මේලනයට සහභාගි වීමේ සාමාජික ප‍්‍රතිශතය තීරණය වන්නේ ආසන සංවිධායකවරයා විසින් ප‍්‍රධාන ශාඛා, යොවුන් පෙරමුණු හා ලක්වනිතා වැනි කනිෂ්ඨ සංවිධාන පිහිටුවා ඒවා ලියාපදිංචි කර ඇති ප‍්‍රමාණයට අනුව බව තිස්ස කීවේය. නොවැම්බර් 15 දිනට පෙර ඒවා ලියාපදිංචි කළ යුතු බවද තිස්ස දන්වා තිබිණි. එහෙත් ඇතැමකුට එම සීමාව ඉක්මවා යා නොහැකි වූ අතර සජිත් පේ‍්‍රමදාසද එහි සිටියේය. පක්ෂනායක රනිල් කියා සිටියේ සෑම ආසන සංවිධායකවරයකුටම සාමාජිකයන් විසි දෙනෙකු බැගින් රැගෙන ඒමට අවසර දිය යුතු බවයි. පරිසරය රනිල්ට වාසිදායක අතට හැරෙන්නට පටන් ගත්තේ එතැන් සිටය. තිස්ස දැඩි ස්ථාවරයක සිටියේය. ”පසුගිය සම්මේලනය වෙලාවේ මම පොලිසියට කිව්වේ නෑ. ඒකෙන් වුණේ පක්ෂ මූලස්ථානයට ලක්ෂ ගාණක අලාභයක් වීම පමණයි. මම පක්ෂයේ මහ ලේකම්. පක්ෂ මූලස්ථානය මට මගේ ගෙදර වගෙයි. ඒ නිසා මේ පාර ඒ කිසිම දෙයක් වෙන්න මම ඉඩ දෙන්නේ නෑ. අවසර පත් තියෙන අයට විතරයි ඇතුළට එන්න පුළුවන්. මම පක්ෂ මූලස්ථාන භූමිය බලාගන්නවා. එතැනින් එහාට මට කරන්න දෙයක් නෑ. ඒ නිසා ඒ ටික බලාගන්න මම පොලිසියට බාර දෙනවා. කවුරු හරි මේ සම්මේලනය කඩාකප්පල් කරන්න ආවොත් ඒ අයට ප‍්‍රථමාධාර ගන්න වෙයි” තිස්ස එසේ කීවේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීය. එක්තරා උත්සවයකදී තිස්සට පොලිස්පතිවරයා හමුවිය. ”මම පක්ෂ සම්මේලනයට පොලිස් ආරක්ෂාව ඉල්ලලා තියෙනවා” තිස්ස එසේ කීවේ පොලිස්පතිවරයාටය. ”එතැන වැඩි වැඩක් නෑ. පක්ෂද විපක්ෂද කියලා අත උස්සන්න විතරයි තියෙන්නේ. ඊට එහා දෙයකට කාටවත් ඉඩ නෑ...” තිස්ස දිගටම කියාගෙන ආවේය. පක්ෂ සම්මේලනයට එරෙහිව වාරණ නියෝගයක් ගැනීමට පිරිසක් සූදානම් බවට ආරංචියක් තිස්සට ලැබිණි. තිස්ස වහාම මේ ගැන රනිල්ට කීවේය. ” ඕනෑම කෙනෙකුට අධිකරණයට යන්න කියන්න, මට ඒක ප‍්‍රශ්නයක් නොවෙයි. මම කොහොමත් පක්ෂ සම්මේලනය තියනවා. පක්ෂයක කටයුතු පාලනය කරන්න අධිකරණයකට ඉඩ දෙන්න බෑ. මම මේ ගැන සම්මේලනයට කලින් දවසේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරනවා. පහුවදාට මම සම්මේලනය තියනවා. පොලිසියට ඕනනම් පුළුවන් මාව අල්ලලා ගිහින් කූඩුවට දාන්න” ඒ රනිල්ගේ පිළිතුර විය. අධිකරණයට යෑමේ උත්සාහය ඉන් වැළකී ගියේය. සම්මේලනය පැවැති දිනට කලින් දා රාත‍්‍රියේ තිස්සට යෝජනාවක් ආවේය. ඒ යෝජනාව පැමිණ තිබෙන්නේ සජිත් පාර්ශ්වයෙනි. මන්ත‍්‍රීවරියක් මෙම යෝජනාව තිස්සට රැුගෙන ආවාය. එම යෝජනාවෙන් කියැවුණේ පක්ෂ සම්මේලනයේදී පක්ෂ නායකයාගේ කාලය වසර හයක් නොව තුනක් දක්වා දීර්ඝ කරගන්නවා නම් අපේ සහයෝගය ලබාදෙන බවය. ”එහෙම වුණොත් අපි දෙගොල්ලොගෙම ආත්ම ගෞරවය රැකේවි” යෝජනාවත්් ඒ සමග ඒ වැකියත් කියැවිණි. තිස්ස වහාම මේ ගැන රනිල්ට කීවේය. රනිල් එයට දුන්නේ අපූරු උත්තරයකි. ”මට ප‍්‍රශ්නයක් නෑ. මම කොහොමත් ලජ්ජා නැති නායකයෙක් කියලනේ කියලා තියෙන්නේ. ඒ නිසා මට අලූතෙන් ඇතිවෙන ලැජ්ජාවක් නෑ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය කොහොමටවත් වෙනස් කරන්නේ නෑ.” රනිල්ගේ පිළිතුරෙන් පසුව සජිත් තිස්සට කතා කළේය. ”මට වාචිකව මගේ විරෝධය දක්වන්න පුළුවන්ද?” තිස්ස කියා සිටියේ එයට බාධාවක් නැති බවය. සම්මේලනය දා ඉර පහන් වූයේ ඔය වාතාවරණය මැදය. ”අවසර පත් තියෙන අය විතරයි ඇතුළට ගන්නේ. ඒ වගේම උදේ 9.30ට පස්සේ එන කාවවත් ගන්නේ නෑ. අඩුම තරමේ රනිල් වික‍්‍රමසිංහ නායකතුමා පහුවෙලා ආවත් එතුමාවවත් ඇතුළට ගන්නේ නෑ.” තිස්ස කලින්ම කියා තිබුණේ එසේය. එය එලෙසින්ම ක‍්‍රියාවට නැගිණි. පක්ෂයේ උප නායකයෙකු වන ජෝශප් මයිකල් පෙරේරා මන්ත‍්‍රීවරයාගේ පුත් ශ්‍රීනාත් පෙරේරා පැමිණියේද වේලාවෙන් පසුවය. එහෙයින් ඔහුට ඇතුළට යාමට නොලැබිණි. ඔහු සිටියේ එළියේය. සමුළුවට ආරාධිතයන්ගේ සංඛ්‍යාව 6143කි. ඉන් 5315 දෙනෙක් පැමිණ සිටියහ. පක්ෂනායකයාගේ නිල කාලය වසර හයකින් දීර්ඝ කිරීමේ පක්ෂ ව්‍යවස්ථාවේ 8.1 වගන්තිය සංශෝධනය කිරීමේ යෝජනාව විජයදාස රාජපක්ෂ මන්ත‍්‍රීවරයා ඉදිරිපත් කළේය. අජිත් පී. පෙරේරා මන්ත‍්‍රීවරයා එය ස්ථිර කළේය. සජිත්ට මයික‍්‍රෆෝනය දෙන්නැයි පක්ෂ නායකයා නියෝග කළේය. මයික‍්‍රෆෝනය අතට ගත් සජිත් ”හෘදය සාක්ෂියට එකඟව මම මේ යෝජනාවට විරුද්ධ”යැයි ඔහු කීවේය. දයාසිරි ජයසේකර, රංජිත් මද්දුම බණ්ඩාර, සුජීව සේනසිංහ හා බුද්ධික පතිරණ යන මන්ත‍්‍රීවරුද තලතා අතුකෝරාල මන්ත‍්‍රීවරියද ඇතුළුව 337 දෙනෙක් යෝජනාවට විරුද්ධව ඡුන්දය දුන්හ. ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ වැඩි ඡුන්ද 4978කින් ජයග‍්‍රහණය කළේය. මෙම සමුළුවේදී යෝජනා සම්මත වූයේ පක්ෂ නායකයාගේ තනතුර පමණි. නියෝජ්‍යනායක ඇතුළු අනෙකුත් නිලධාරීන්ගේ තනතුරු සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ නොවිණි. ඒ අනුව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ නායකයාගේ හැර අන් සියල්ලන්ගේම තනතුරු දෙසැම්බර් මාසයෙන් පසු අහෝසි වී යන බවයි. එමෙන්ම සිදුකළ ව්‍යවස්ථා සංශෝධනයට අනුව පක්ෂයේ තනතුරුවලට පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව තීරණය කරනු ලබන්නේද පක්ෂනායක රනිල් ය. ඒ රනිල්ගේ පක්ෂ නායකත්වය වසර හයකට ස්ථිරය. අන් සියල්ලන්ටම තනතුරු ලබාගැනීමට වසරින් වසර රනිල් ඉදිරිපිට සිටගෙන සිටීමට සිදුවේ. රනිල්ගේ ජයග‍්‍රහණයේ තරම තේරුම් යන්නේ එහෙම බලන විටය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පක්ෂයේ රැඩිකල් වෙනසක් කළ එජාප මහා සමුළුව
මුතු Sunday, 09 December 2012 02:05 PM
කට ඇති පුතෙක් සහ රුව ඇති දුවක්. (ස)
රිෂාඩ් Monday, 10 December 2012 09:44 AM
සජිත් අපි ඔබ සමග සැමදා ඉන්නවා (ස)
අචිනි Tuesday, 11 December 2012 02:29 PM
මොකද්ද රැඩිකල් වෙනස කියන්නේ (දී)
රූකාන්ත Sunday, 09 December 2012 09:48 PM
ජයවේවා රනිල් මහත්තයෝ (දී)
ජයවීර Thursday, 13 December 2012 10:53 PM
මොකද්ද රැඩිකල් වෙනස (දී)
ප්‍රසන්න Tuesday, 11 December 2012 11:47 AM
මේ දෙන්නටම පක්ෂයේ සහ රටේ නායකත්වය සදහා සුදුසුකම් නැහැ.. ඉදිරි ඡන්දවලදිත් ප්‍රතිඵලය වෙනසක් නොවෙයි..!(නු)