ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්නය. මද්‍ය පානය නොකරන්නේය කියා ලියා තැබූවේ 1660 වසරේ සිට 1679 වසර දක්වා සිරකරුවකු වශයෙන් මෙරට ගත කළ රොබට් නොක්ස්ය. මද්‍ය පානය නොකළ සිංහලයා මද්‍ය පානයට පමණක් නොව හෙරොයින් නැමැති භයානක මත්ද්‍රව්‍ය භාවිත කිරීමටද මේ වන විට ඇබ්බැහි වී හමාරය.
අරක්කු බීමට මුලින්ම ඇබ්බැහි වී ඇති සිංහලයින් ඊළඟට අබිං හා ගංජා වලට පුරුදු වී තිබේ.
හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය වලට සිංහලයෝ ඇබ්බැහි වී ඇත්තේ ඉන් පසුවය.
පෙර දිග මුතු ඇටය යැයි කියා විරුදාවලිය ලත් අපේ මේ රමණීය මව් බිම අද වන විට කුඞ්ඩන්ගේ පාරාදීසයක් බවට පත් වී ඇති බවත් පැවසීම අතිශයෝක්තියක් නොවෙති.
කුඩු වෙළෙඳාම අද වන විට රට පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බව ද පැහැදිලිවම පෙනෙන්නට ඇත.
මත්කුඩු වෙළෙඳාම හා ඒවාට අපේ තරුණ පරපුර ඇබ්බැහි වීම මහා සමාජ ව්‍යසනයක් බවට පත් වී ඇත්තේ ඒ හරහා අපරාධ ක්‍රියාද බහුල වශයෙන් සිදුවන නිසාය.
හෙරොයින් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම ආරම්භ වී ඇති බව කියන්නේ 1977 වසරේ එවක ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමග යැයි කියති.
විදේශීය සංචාරකයන් විසින් මෙරට වෙළෙඳපොළට හෙරොයින් මත්ද්‍රව්‍ය හඳුන්වාදී ඇති බව ද පැවසේ.
හෙරොයින් මත්ද්‍රව්‍ය තොග වශයෙන් නිෂ්පාදනය කරන්නේ ඇෆ්ගනිස්ථානයේය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා ඒ හා සම්බන්ද කරුණු කාරණා හෙළි කරමින් මෙසේ කීය.
හෙරොයින් බහුල වශයෙන් නිෂ්පාදනය කරන්නේ ඇෆ්ගනිස්ථානය කියන රටේ. හෙරොයින් නිෂ්පාදනය කිරීමට රසායනාගාර භූගතව ඉදි කර තිබෙනවා. ඒ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබෙන්නේ හෙරොයින් නිෂ්පාදනය කිරීමයි. විශාල පිරිසක් හෙරොයින් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ කටයුත්තේ නිරතව සිටිනවා. හෙරොයින් නිපදවීමට යොදා ගන්නේ පොපි කියන මල් වර්ගයයි. ඒ නිසා මේ පොපි ගස් බහුල වශයෙන් ඇෆ්ගනිස්ථානයේ වගා කරනවා. පොපි මල් වලින් අබිං නිෂ්පාදනය කර ඊට පස්සෙ අබිං වලින් හෙරොයින් නිෂ්පාදනය කරනවා.
ඇෆ්ගනිස්ථානයේ නිෂ්පාදනය කරන හෙරොයින් තොග වශයෙන් පාකිස්ථානයේ පේෂාවර් ප්‍රදේශයට ගෙනත් එතැන් සිට කරච්චියට ගෙන ඒම සිදු කරනු ලබනවා. කරච්චියේ ඉඳලා තුර්කිය හරහා යුරෝපීය රට වලට හෙරොයින් විවිධ ක්‍රම මගින් ප්‍රවාහනය කරන්නේ. තුර්කිය යුරෝපයට විවෘත කර තියෙන දොරටුව වශයෙන් හැඳින්වීමට පුළුවන්. අන්න ඒ නිසා තමා තුර්කිය හරහා යුරෝපීය රට වලට හෙරොයින් තොග ප්‍රවාහනය කිරීම සිදු වන්නේ යැයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ බස්නායක මහතා පවසයි.
ලාඕසය, බුරුමය හා තායිලන්තය ප්‍රධාන කොටගත් දේශ සීමාව තුළ ද පොපි මල් වගාවට ප්‍රසිද්ධියක් උසුලන අතර මෙය ප්‍රචලිතව ඇත්තේ රන් ත්‍රිකෝණය හෙවත් ගෝල්ඩන් ට්‍රෑන්ගල් වශයෙනි.
ඇෆ්ගනිස්ථානය අමතරව ඉරානය හා පාකිස්ථානය යන රටවලද පොපි මල් වගා කරන අතර මෙම රටවල් ත්‍රිත්වය හඳුන්වනු ලබන්නේ රන් චන්ද්‍රවංකය ලෙසිනි.
ඩයසෙටයිල් මොර්ෆින් ලෙස ද හඳුන්වනු ලබන හෙරොයින් පළමු වරට නිෂ්පාදනය කර ඇත්තේ 1896 වසරේදී පමණය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වසර 11ක පමණ කාලයක් රාජකාරී කර මේ වන විට විශ්‍රාම ලබා සිටින හිටපු පොලිස් අධිකාරිවරයකු වන එච්. චන්ද්‍රදාස මහතා මෙරට ක්‍රියාත්මක හෙරොයින් ජාවාරම හා සම්බන්ධ කරුණු ගෙන හැර පාමින් කීවේ මෙවැනි කතාවකි.
අපේ රටට හෙරොයින් මත්කුඩු එදා ඉඳලම ආවේ පාකිස්ථානයෙන් හා ඉන්දියාවෙන්. මෙයිනුත් වැඩියෙන්ම කුඩු අපේ රට ආවේ පකිස්ථානයෙන් 80, 90 කාලයේ අද වගේ ලොකු කුඩු ජාවාරම්කාරයෝ අපේ රටේ හිටියේ නැහැ. ඒ වාගේම අද වගේ කුඩු තොග මෙරට ගෙනවිත් නැහැ. පසුගිය කාලයේ හිතාගන්න බැරි තරම් කුඩු තොග අපේ අය අල්ලාගෙන තියෙනවා. ඒත් එක්කම කුඩු ජාවාමේ නිරත වී ඉන්න තෝරු මෝරුන් ගොඩක් දෙනෙක් අල්ලාගෙන තිබෙනවා. විශාල ප්‍රමාණයේ කුඩු තොග අපේ රටට විවිධ ක්‍රම ඔස්සේ රහසිගතව ගෙන එනවා. මෙච්චර ලොකු කුඩු තොග අපේ රටට ගෙන එන්නේ වෙනත් රට වලට ප්‍රතිඅපනයනය කරන්නයි. එහෙම නැතිව අපේ රටේ විකුණන්න නෙමේ.
වර්තමානය වන විට කාන්තාවන් පවා කුඩු ජාවාරම් වලට සම්බන්ධ වී සිටිනවා. 80-90 වගේ දශකවල කාන්තාවන් එතරම් මේ ජාවාරමට සම්බන්ධ වී සිටියේ නැහැ. කුඩු ජාවාරම් වලට කාන්තාවන් අපි රාජකාරි කරන කාලයේ අහුවුනේ බොහොම කලාතුරකින්. නමුත් වර්තමානයේ ඒ තත්ත්වය හුඟාක් වෙනස් වෙලා තිබෙන බව පෙනී යනවා. සැමියා, බිරිඳ විතරක් නොමේ. ඔවුන්ගේ දියණිවරුන් පවා කුඩු බිස්නස් කර පොලිසියට කොටු වූ අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. කුඩු විකුණා හිරේ විලංගුවේ වැටුණු කාන්තාවන් පවා ඕනෑ තරම් ඉන්නවා.
නීති පොතේ හැටියට හෙරොයින් ග්‍රෑම් දෙකක් ළඟ තබා ගැනීම ලොකු වරදක්. මහාධිකරණයේ නඩු පැවරීමට පුළුවනි. මහාධිකරණය නඩු විභාගකරලා වැරදිකරු හෝ වැරදිකාරිය වුනොත් සමහර විට මරණ දඬුවම වුණත් නියම කිරීමට පුළුවනි. කුඩු ජාවාරම්කරුවන් අධිකරණයේ නඩු විභාග කරලා මරණ දඬුවම නියම කළත් කිසිම තේරුමක් නැහැ. මොකද එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කුඩු ජාවාරම්කරුවන්ට අධිකරණයෙන් මරණ දඬුවම ලබා දුන්නාට පස්සේ අනිවාර්යෙන්ම ඔවුන් එල්ලා මැරිය යුතුමයි. අපේ රටේ කුඩුජාවාරම මැඩපැවැත්වීමට ගන්නා එක් ක්‍රියාමාර්ගයක් අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. මම පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරිකරන කාලයේ කුඩු නඩු වලින් 99%ක්ම අධිකරණයේ නඩු විභාග වලදී ඔප්පුවුණා. මරණ දඬුවම නියමවන කුඩුකාරයන්ට මරණ දඬුවම ලබා දීමෙන් අනෙක් ජාවාරම්කාරයෝ බය වෙනවා.
හෙරොයින් කිලෝ 1ක තරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න අබිං කිලෝ 100ක් පමණ අවශ්‍ය වෙනවා. සුදු පැහැති හෙරොයින් වල මිල ඉතාම අධිකයි. සුදු පැහැති හෙරොයින් අපේ රටේ දකින්න නොමැති තරම් බවත් විශ්‍රාමික පොලිස් අධිකාරි චන්ද්‍රදාස මහතා පෙන්වාදෙයි.
පොලිසිවලට අසුවෙන මත්ද්‍රව්‍ය අවසානයේ අධිකරණ නියෝග අනුව විනාශ කර දමන බවද ඔහු පෙන්වාදෙයි.
මත්කුඩු මෙරට ගෙන ඒමේ ක්‍රමදෙකක් තිබෙන බවත් එයින් එක් ක්‍රමයක් ඉන්දියාවේ සිට ට්‍රෝලර් යාත්‍රා මගින්ද අනෙක් ක්‍රමය වනුයේ ගුවන් යානා මගින්ද බව පවසනුයේ විශ්‍රාමික පොලිස් අධිකාරි ඩී. ප්‍රේමරත්න මහතාය.
එක්තරා කාලයක බහුල වශයෙන් ඉන්දියාවේ සිට මත්ද්‍රව්‍ය තොග ට්‍රෝලර් යාත්‍රා මගින් ගෙනාවේ තොඩුවාව හා ආශ්‍රිත ප්‍රදේශවලටයි. තොඩුවාවේ මෝය කට ඒ කාලයේ ලොකු ප්‍රසිද්ධියක් ඉසිලුවා. ට්‍රෝලර් යාත්‍රා මගින් ඉන්දියාවේ සිට ගෙන එන හෙරොයින් අපේ සමහර ධීවරයන්ගේ කුඩා බෝට්ටුවලට පටවනවා. ඔවුන් තමා තොඩුවාව මෝය කටින් හෙරොයින් අරගෙන ඇවිත් ජාවාරම්කාරයින් අතට පත්කරන්නේ. මහ මුහුද මැද්දී වැටලීම් කරද්දී කුඩා බෝට්ටුවලින් ගෙන එමින් තිබෙන හෙරොයින් මුහුදට විසිකර තිබෙන අවස්ථාත් තිබුණා. මහ මුහුදට විසිකරපු හෙරොයින් පාර්සල් මාළු දැල්වලට පැටලී ඒවා ගොඩබිමට ගෙනවිත් විකුණන්න තියාගෙන හිටිය ධීවරයින් පොලිසියට කොටුවූ අවස්ථා පවා තිබුණා යැයි විශ්‍රාමික පොලිස් අධිකාරි ප්‍රේමරත්න මහතා කීය.
මත් ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටි සුදර්ශනී නැමති කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 100ක පමණ සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ එවකට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරී කළ පොලිස් පරීක්ෂක පෝල් ප්‍රනාන්දු මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.
හෙරොයින් ජාවාරම්වල නිරතව සිටියදී කොළඹ ප්‍රදේශයේදී අල්ලාගත් මෙම කාන්තාව ළඟ සයිනයිඞ් කරලක්ද තිබී සොයාගැනීමට පොලිස් කණ්ඩායමට හැකිවී ඇත.
සයිනයිඞ් කරල ඇය ළඟ තබාගෙන සිට ඇතැයි කියන්නේ පොලිසියට කොටුවුවහොත් එය ගිල දමා සිය දිවිනසා ගැනීමේ අදහසින් බවද ඒ කාලයේ කට කතාවක් තිබිණි.
කෙසේ වෙතත් සයිනයිඞ් කා සිය දිවි නසා ගැනීමට ඉඩකඩ නොතබමින් ඇය කොටුකර ගැනීමට පොලිස් කණ්ඩායම සමත්විය.
මේ සම්බන්ධව නඩු විභාගය තවමත් මහාධිකරණයේ විභාගවන අතර මේ නඩුව විභාගවන්නේ ඇය නොමැතිවය.
පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනුයේ ඇය ආගිය අතක් සොයා ගැනීමට නොමැති බවය.
සුදර්ශනී විවාහ වී සිටින්නේ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන කිඹුලා ඇල ගුණාගේ සහෝදරයකු වන සුරේෂ් නැමැත්තා සමඟය.
කිඹුලා ඇළ ගුණා සහ ඔහුගේ මේ සහෝදරයා ද ඉන්දියාවට පලාගොස් සැඟවී සිටිමින් හෙරොයින් තොග වශයෙන් වරින්වර මෙරටට එවීමේ නිරතව සිටින බව තොරතුරු ලැබෙන බව පොලිසිය කියයි.
ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරයන් ළඟ සේවය කරන ඔහුගේ ගෝලයන් කුඩුත් එක්ක පොලිසියට කොටුවූ පසු ජාවාරම්කරු ගැන හෙළි කිරීමෙන් වැළකි සිටියොත් හිරේ විලංගුවේ සිටින තාක්කල් ඔහුගේ අඹු දරුවන්ට සලකන්නේ ජාවාරම්කරුවන්ය.
කුඩුත් එක්ක ගෝලයා කොටුවූ පසු කොච්චර ප්‍රශ්න කළත් තම ස්වාමියා ගැන කියා ඔහු පාවානොදීමට ගෝලයා වග බලා ගන්නේ ඔහුගෙන් ලැබෙන ඒ සුවිශේෂී වරප්‍රසාදය ගැන කල්පනාකර බලාය.
තමා හිරේ හින්නතාක් කල් ස්වාමියා බිරිඳට හා දරුවන්ට කිසිම අඩුපාඩුවක් වන්නට ඉඩ නොතබන බව ඔහු හොඳාකාරව දන්නා කරුණකි.
ජාවාරම්කරු එසේ කරන්නේ වෙන කිසිවක් නිසා නොව තමාව පාවා නොදීමට කෘතගුණ සැලකීමක් වශයෙනි.
ජාවාරම්කරු කවුරුදැයි කියා හෙළිකර පාවා දුන්නොත්නම් පැත්ත පළාතක්වත් බලන්නේ නැත.
කුඩු ජාවාරම්කරුවන්ගේ හැටි එහෙමය.
පසුගිය කාලය පුරාවට හෙරොයින් මත්කුඩු ගෙනාවේ පකිස්තානයේ සිටය.
අර්තාපල් ගෙනා කන්ටේනරයක් තුළ හෙරොයින් තොගයක් තිබී 2010 වසරේදී අල්ලාගන්නේ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසිනි.
ප්ලාස්ටික් වලින් කෘතීමව සැකසූ අර්තාපල් ගෙඩි 384ක් තුළ සූක්ෂම ලෙස අසුරා තිබියදී සොයාගත් හෙරොයින් තොගයේ බර කිලෝ 50ක් වූ අතර එම හෙරොයින් තොගයේ වටිනාකම කෝටි 50කට වැඩිවිය.
2010 වසරේම අර්ථාපල් කන්ටේනරයක් තුළ කාණ්ඩ ලෙස සකස්කර තිබූ අර්තාපල් ගෙඩි 46ක් තුළ හෙරොයින් කිලෝ 2 1/2ක් සොයාගත් අතර ඒවායේ වටිනාකම එක්කෝටි විසිපන් ලක්ෂයක් විය.
මේවා සොයාගත්තේ රේගු නිලධාරීන් කණ්ඩායමක් වන අතර මේ කුඩු තොග ගෙනවිත් තිබුණේද පකිස්තානයේ සිටය.
පකිස්තානයේ සිට ගෙනා හෙරොයින් මත් ද්‍රව්‍ය අල්ලාගත් අවස්ථා එමටය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යොදා ඇති විශේෂ වැඩ පිළිවෙලක් යටතේ කුඩු ඇල්ලීමේ මෙහෙයුම් වේගවත් වී ඇත.
කුඩු ඇල්ලීමේ මෙහෙයුමේ හා පරීක්ෂණ සිදුකරනු ලබන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ උපදෙස් යටතේය.
හෙරොයින් කිලෝ 20ක් සමග ජාවාරම්කාරයෙක්ද කොකේන් කරල් 87්ක සමඟ වෙනිසියුලානු ජාතික කාන්තාවක්ද හෙරොයින් කිලෝ පහක් සමඟ ජාවාරම්කාරයෙක්ද, හෙරොයින් කිලෝ 3ක් සමග මාලදිවයින් ජාතිකයන් 04ක් ද ඔරුගොඩවත්ත රේගු බහාලුම් අංශයේදී කොකේන් කිලෝ 88ක් සමග ජාවාරම්කරුවන් තිදෙනෙක්ද හෙරොයින් කිලෝග්‍රෑම් 05ක් සමග පකිස්තාන් ජාතිකයක්ද වැල්ලවත්ත හා වාද්දුව යන ප්‍රදේශවලදී රුපියල් කෝටි දෙකක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග අඹු සැමි යුවලක් ඇතුළු තිදෙනෙක්ද වැල්ලම්පිටියෙන් හා ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශවලින් කෝටි 1 1/2ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් පිරිමින් දෙදෙනෙක් සහ කටුනායක ගුවන් තොටුපලේදී රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් මත් ද්‍රව්‍ය තොගයක් සමඟ පකිස්තාන් ජාතිකයෙක්ද අල්ලාගෙන තිබුණේ මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළදීය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාකිස්ථානය සහ ලංකාව අතර මහා මත්ද්‍රව්‍ය ජාවාරම
ටෙරාන් Friday, 08 July 2016 10:01 PM
ඉතා හොඳ ලිපියක්
රංග Monday, 04 July 2016 05:34 PM
පසුගිය වෙසක් පොහොය දිනයේ මරණ දඬුවම ලැබූ මහාපරිමාණ ජාවාරම්කරුවෙකුගේ දඬුවම ජනපති සමාව යටතේ වෙනස් වුණා. ඉන්පසු විවිධ රෙකමදෝරු මත මොවුන් නිදහස් වෙනවා. පොලිසිය සහ උසාවිය කොතරම් මහන්සි වුණත් වැඩක් නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නැවත නැවතත් බන්ධනාගාර ගතවීම සුලබ දෙයක් (නි)
සරත් බණ්ඩාර Tuesday, 05 July 2016 08:46 PM
අපි හැමදාම කිවුවේ මත්ද්‍රව්‍ය වෙළඳාමට උදවුදෙන දේශපාලකයන්ට නාමයෝජනා නොදෙන ලෙස. නමුත් ඔවුන්ට නාමයෝජනා ලැබුනා. මත්ද්‍රව්‍ය වෙළඳාමත් ඒ ලෙසටමයි. (නි)