IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පුංචි ඡන්ද කල් යයිද?

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට තවමත් කාලය තිබේ. 2023 වසරේ මාර්තු 20 වැනි දින වන විට එම මැතිවරණය පවත්වා නව සභිකයන් පත් කර තිබිය යුතුය. ජනවාරි 15 හෝ එදිනට පෙර හෝ මෙම මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට පිළිවන. අපි මේ සම්බන්ධයෙන් එම කොමිසමෙන් ලිඛිත විමසීමක් ද කළෙමු.

එහිදී පළාත් පාලන ආයතන මැතිවරණය පවත්වන නිශ්චිත දිනය සහ ඊට ඇති බාධා විමසුවෙමු. මෙම මැතිවරණය ප්‍රමාද කිරීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග ආණ්ඩුව ගනිමින් සිටින බව පැහැදිලිය. එබැවින් ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පැෆ්රල් ආයතනය මේ වෙන විටත් සූදානම් වෙමින් සිටියි.

2012 දී පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කළ ද සීමා නීර්ණය වාර්තාව සකස් කර නොතිබූ නිසා එම නව ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි විය. පනතෙහි පැවැති අඩුපාඩු ද ඊට බලපෑවේය. එහෙත් ඉන්පසු සීමා නීර්ණයක් පැවැත් වූ අතර අලුත් මැතිවරණ ක්‍රමය යටතේ මුල්වරට 2018 දී පළාත් පාලන මැතිවරණයක් ද පැවැත්වීය. එබැවින් ආණ්ඩුව අලුතින් සීමා නීර්ණයක් පැවැත්වුවත් නොපැවැත්වුවත් මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට එය බාධාවක් නොවේ. එනම්, එළියේ කුමක් සිදු වුවත් ඒවා නොතකා තාක්ෂණිකව මෙම මැතිවරණය පැවැත්වීමේ හැකියාව කොමිසම සතුය.

මෙම මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් උද්ගතව තිබෙන අවිනිශ්චිතතාවට අදාළව මැතිවරණ කොමිසම කාරණා දෙකක් මතු කරයි. එකක් නම්, ඉකුත්දා බලාත්මක වූ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත ප්‍රකාරව එය බලාත්මක වන දිනයේ සිට ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය අවසන් වීමය. එහෙත් ඊළඟ කොමිෂන් සභා පත්වන තෙක් ඒවාට ක්‍රියාත්මක විය හැකි බව ද එම ව්‍යවස්ථා සංශෝධනයෙහි සඳහන් වේ.

එහිදී මැතිවරණ කොමිසම මතු කරන ප්‍රශ්නය වන්නේ, මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම වැනි ප්‍රධාන කර්තව්‍යයක් අන්තර්කාලීන කාලපරිච්ඡේදයක දී කළ හැකි ද යන්නය. එබැවින් එම කොමිසම නීතිපතිවරයාගේ මතය විමසා තිබේ. කෙසේ වෙතත් අප සංවිධානයේ තර්කය වන්නේ, එවැනි අන්තර්කාලීන කාලපරිච්ඡේදයක දී වුවද මැතිවරණ කොමිසමට තීරණාත්මක තීන්දු ගත හැකි බවත් මෙය එවැනි තීරණාත්මක තීන්දුවක් නොවන බවත්ය.

මැතිවරණ කොමිසම මතු කරන දෙවැනි ප්‍රශ්නය වන්නේ, මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය අරමුදල් සහ පහසුකම් සපයා ගැනීම පිළිබඳ කාරණයයි. එය ප්‍රශ්නයක් ලෙස පැෆ්රල් ආයතනය සලකන්නේ නැත. ඒ, මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසු ඊට අවශ්‍ය අරමුදල් හා ඉන්ධන වැනි සෙසු දේවල් ලබා දීම රාජ්‍යයේ සහ ආණ්ඩුවේ වගකීමක් වන නිසාය.

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව දෙගුණයකින් පමණ අඩු කළ යුතු බව ජනාධිපතිවරයා මීට ඉහත දී ප්‍රකාශ කළේය. එසේම ඒ වෙනුවෙන් ඔහු මීට දින කිහිපයකට ඉහත දී සීමා නීර්ණය කමිටුවක් ද පත් කළේය. විෂය භාර අමාත්‍යවරයාට මැතිවරණය කල්දැමිය හැක්කේ උපරිම වසරක කාලයක් පමණි. ඒ අනුව පසුගිය වසරේ දී මෙම මැතිවරණය වසරකින් කල්දැමූ අතර එය ලබන වසරේ මාර්තු මස 10 වැනිදා වන විට අවසන් වේ.

එවැනි සන්දර්භයක මෙම මැතිවරණය කල්දැමීම සඳහා නීතිමය වශයෙන් ආණ්ඩුවට කිසිදු හැකියාවක් නැත. ආණ්ඩුවට කළ හැකි එකම දෙය නම්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමය. ආණ්ඩුව මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ එම උපාය භාවිත කිරීමටය. පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8000 ඉක්මවා තිබීම සහ පොදුවේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් සමාජයේ නිර්මාණය වී තිබෙන අප්‍රසාදය හමුවේ ආණ්ඩුවට ඒ සඳහා අවස්ථාවක් උදා වී ඇති බව ද පෙනේ. එය භාවිත කරමින් පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩුව සැරසෙයි.

එය සද්භාවයෙන් යුතුව සිදු කරන සංශෝධනයක් නොවන බව අපගේ අදහසයි. ඊට හේතු කිහිපයක් දැක්විය හැකිය. එකක් නම්, සභික සංඛ්‍යාව වැඩි බව වසර පහකට අධික කාලයක් තිස්සේ සාකච්ඡා වුවද එය අඩු කිරීමට මේ දක්වා නිසි ක්‍රියාමාර්ග නොගැනීමය. දෙවැන්න නම්, මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත් කරන ලද කමිටුවක වාර්තාවක් ප්‍රකාශයට පත් වී තිබුණ ද ඒ අනුව ක්‍රියා නොකිරීමය. එහෙත් සභික සංඛ්‍යාව අඩු කිරීම සඳහා සීමා නීර්ණය කමිටුවක් පත් කිරීමට ආණ්ඩුව කඩිමුඩියේ කටයුතු කළේය. ඒ අරබයා දේශපාලන පක්ෂ අතර ප්‍රතිපත්තිමය එකඟතාවක් තිබේ ද යන්න ප්‍රශ්නයකි.

දෙවැනුව, සීමා නීර්ණය කමිටුවක් පත් කළ ද සභික සංඛ්‍යාව 4000 දක්වා අඩු කිරීම සඳහා මැතිවරණ කොට්ඨාස අඩු කරන්නේ කෙසේ ද යන්න ගැන එකඟතාවක් තිබෙන්නේ ද යන්න ද ප්‍රශ්න සහගතය. එය තීරණය කළ යුත්තේ ප්‍රතිපත්තිමය වශයෙන් මිස සීමා නීර්ණය කමිටුව නොවේ. 

සීමා නීර්ණය මාස තුනකින් අවසන් කළ හැකි බව අභිනවයෙන් පත් කරන ලද සීමා නීර්ණය කමිටුව ප්‍රකාශ කළ ද නියත වශයෙන්ම ඒ අරබයා පසුවිපරම් ක්‍රියාවලියක් පැමිණෙනු ඇත. ඒ සඳහා දැක්විය හැකි උදාහරණයක් ඇත. එනම්, 2012 දී පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 4000 සිට 8000 දක්වා වැඩි කිරීමට අදාළව පිළියෙළ කළ සීමා නීර්ණය වාර්තාවට දේශපාලන පක්ෂ එකඟ වූයේ නැත.

පසුව එම වාර්තාව සම්බන්ධයෙන් සොයා බැලීමට සමාලෝචන කමිටුවක් පත් කළ අතර එම කමිටුව වසර දෙකක පමණ කාලයක් කල්මැරුවේය. අවසානයේ දී අප ආයතනය අධිකරණයට ගොස් සීමා නීර්ණය කටයුතු නිශ්චිත දිනයක සිදු කිරීමට අවැසි නියෝගය ලබා ගත්තේය. යළි සභික සංඛ්‍යව 4000 දක්වා අඩු කළහොත් දේශපාලන පක්ෂවලට පළාත් පාලන ආයතනවල හිමි සභික සංඛ්‍යාව අඩු වන නිසා පක්ෂ මෙම සීමා නීර්ණයට විරුද්ධ වීමට වැඩි ඉඩක් ඇත. එවිට නැවත සමාලෝචන කමිටුවක් පත් වීමට ද ඉඩ තිබේ. එයින් සිදු වන්නේ 2012 සිදු වූ පරිද්දෙන්ම අවසන් නොවන සීමා නීර්ණයක් බවට මෙම ක්‍රියාවලිය පත් වීමය. වැදගත්ම කාරණය නම්, මේවා නොසලකා හැර මැතිවරණ කොමිසමට මෙම මැතිවරණය ප්‍රකාශයට පත් කළ හැකි වීමය.

මැතිවරණ ක්‍රමයක් සංශෝධනය කිරීම සහ සීමා නීර්ණයක් පැවැත්වීම මගින් ස්වාභාවිකවම මැතිවරණ කල්දැමීමකට ලක් වේ. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම වෙනුවෙන් මැතිවරණ තේරීම් කාරක සභාවක් ද ආණ්ඩුව යෝජනා කරයි. එමගින් උත්සාහ කරන්නේ සෙසු මැතිවරණ ද කල්දැමීමටය.

පළාත් පාලන සභික සංඛ්‍යාව අඩු කිරීම, සීමා නීර්ණය කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය විරුද්ධ නැත. අප ඒවාට සහයෝගය දීමට වුව සූදානම්ය. එහෙත් ඒවා භාවිත කරමින් ජනතාවගේ ඡන්ද අයිතිය ප්‍රමාද කරන්නේ නම් අප ඊට තරයේ විරුද්ධය. ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පැෆ්රල් සංවිධානය පසුබට නොවන බව ද සඳහන් කළ යුතුය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වයේ (පැෆ්රල්) විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

සටහන - උපුල් වික්‍රමසිංහ

 



අදහස් (0)

පුංචි ඡන්ද කල් යයිද?

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1369 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 8085 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 465 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 854 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 877 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 459 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37968 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site