IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පුංචි ඡන්දයට නීතිමය හරස් එපා

යෝජිත පළාත් පාලන මැතිවරණය ගැන ඇත්තේ බලවත් අවිනිශ්චිත බවකි. එයට අදාළව පළවන විවිධ පුවත් විසින් ඡන්දය නියමාකාරයෙන් පැවැත්වේ ද නැත්නම් නවතී ද යන සැකය පුරවැසියන්ගේ සිත් තුළ ජනිත කරමින් පවතී. ඡන්දය පැවැත්වීම බාර වී ඇති මැතිවරණ කොමිසම ඊට අවශ්‍ය මූලික නිවේදන නිකුත් කොට ඡන්දය පැවැත්වීමට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. එහෙත්, ආණ්ඩුවේ බලවත් පාර්ශ්ව විසින් ප්‍රකාශ කරනු ලබන්නේ පවත්නා ආර්ථික අර්බුදය නිසා මෙය ඡන්දයකට සුදුසු අවස්ථාවක් නොවන බැවින්, මැතිවරණය කල් දැමිය යුතු බවකි.

රජයේ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සතියේ කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ, මේ වන විට මහා භාණ්ඩාගාරය දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවයි. රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සහ සමෘද්ධි දීමනාව ගෙවීම පමා විය හැකි බවත්, පවත්නා අර්බුදයට තාවකාලික පිළියමක් ලෙස අයවැයෙන් සියලු‍ම අමාත්‍යාංශවලට වෙන් කළ මුදලින් සියයට 5ක් කපා හරින බවත්, අමාත්‍ය ගුණවර්ධන වැඩිදුරටත් පැවැසීය.

මෙම පුවත ප්‍රකාශ වූ පළමු මොහොතේම අපට සිතෙන්නේ රට මෙතරම් දරුණු ආර්ථික අර්බුදයක ගැලී සිටී නම්, මැතිවරණ පවත්වන්නේ කෙසේ ද කියාය. යෝජිත ඡන්දය සඳහා රුපියල් බිලියන 10ක් හෙවත් රුපියල් කෝටි 1,000ක මුදලක් වැය කළ යුතුය. ඒ සඳහා දැන් රජයට ආර්ථික ශක්තියක් නොමැති බව මෙම පුවතින් ගම්‍ය වේ.

එහෙත්, දැනටමත් වසරකින් පමා වී ඇති මැතිවරණය සම්බන්ධයෙන් මෙම නිදහසට කරුණු පිළිගත යුතු ද යන්න ප්‍රශ්න කරන පුරවැසියන් විශාල පිරිසක් සමාජයේ සිටින බව අමතක නොකළ යුතුය. ඒ අතර රජයේ අමාත්‍ය මණ්ඩලය මැතිවරණය සඳහා ඇප මුදල් බාර නොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන ලේකම්වරයා හරහා දිසාපතිවරුන්ට නියම කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා දිසාපතිවරුන්ට දැන්වූයේ, ඔවුන් දැනටමත් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් ලෙස පත්කර ඇති බැවින්, ඇප මුදල් බාරගත යුතු බවය.

කොමසාරිස් ජනරාල්වරයාගේ ලිපිය නිකුත් කර මඳ වේලාවකින් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා මුදල් බාර නොගන්නා ලෙස නියම කරමින් දිසාපතිවරුන්ට යැවූ ලිපිය ඉල්ලා අස්කරගත් බව වාර්තා විය. මෙවැනිම සිද්ධියක් වසර 2017දීත් සිදු විය. එකල පැවැති සීමා නිර්ණය කමිටු වාර්තාව සමාලෝචනයේදී වැරැදි සිදු වූ බව කියමින් අධිකරණයට ගිය පිරිසක් මැතිවරණය සම්බන්ධයෙන් තහනම් නියෝගයක් ලබා ගත්හ.

ඒත් එකල සිටි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රශ්නගත නොවන පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා බාරගෙන ඡන්දය පවත්වන බව ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය වූ අවස්ථාවේදී දිසාපතිවරුන්ට ඇප මුදල් බාරගැනීම සම්බන්ධව මෙවැනි නියෝගයක් ලැබුණු නමුත්, මැතිවරණ කොමිසම ඔවුන්ගේ ස්ථාවරය වෙනස් නොකොට ඡන්දය පැවැත්වීය. 

මෙකී නීතිමය හරඹය නිසා පළාත් පාලන ඡන්දය පිළිබඳව බෙහෙවින් ව්‍යාකූල තත්ත්වයක් හටගෙන තිබේ. එසේම, රජය සහ මැතිවරණ කොමිසම අතර තිරය පිටුපස ගැටුමක් හටගෙන ඇති බව පෙනී යයි. මෙම ගැටුම අධිකරණයෙන් කෙළවර විය හැකි බවට දැනටමත් දේශපාලන විචාරකයන් අනාවැකි පළ කරන්නට පටන්ගෙන ඇත.

මෑත ඉතිහාසයේ මැතිවරණයක් සම්බන්ධව මෙතරම් ආන්දෝලනයක් හටගත් අවස්ථාවක් අපට මතක නැත. මේ ව්‍යාකූලත්වය නිසා මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන රජයේ සේවකයෝ සහ වෙනත් දේශපාලන තනතුරු දරන්නෝ ලොකු අමාරුවක වැටී සිටිති. ඔවුන් නාම යෝජනා දෙන්නට පෙර සිය තනතුරුවලින් ඉල්ලා අස්වී, වැටුප් රහිත නිවාඩු ලබාගත යුතුය. පවතින අවිනිශ්චිත ස්වභාවය නිසා මේ රාජ්‍ය සේවකයන් හා වෙනත් තනතුරු දරන්නන් තීරණයක් ගත නොහැකිව අසරණ වී සිටින බව දැනගන්නට ඇත.

බරපතළ ආර්ථික ප්‍රශ්න මෙන්ම භීෂණකාරී වාතාවරණ පැවැති කාලවල පවා මෙරට මැතිවරණ පවත්වා තිබේ. පළමුව ඡන්දය දෙන තැනැත්තන් මරා දමන බවට තර්ජන පිට තර්ජන සිදුවෙද්දීත් ඡන්ද භාවිත කළ ජනතාවක් සිටින රටකි මේ. එබැවින්, ඡන්දය සඳහා ජනතාවට අවස්ථාවක් සලසා දීම අසාධාරණ යැයි කිව නොහැක. මෙයට මාස ගණනකට පෙර මෙරට සිදු වූ අරගලයේදී පැවැති ආණ්ඩුව පලවා හරින්නට ජනතාව පෙරමුණ ගත්තේ, ආණ්ඩුව ජනතාවට සිය යුතුකම් සහ වගකීම් නිසි ලෙස ඉටු නොකළ නිසාය.

හිතුවක්කාර අත්තනෝමතික තීරණ, අකාර්යක්ෂම පාලනය ආදී කරුණු මත පීඩනයට පත් ජනතාව වීදි බැස සටන් කරන්නට පෙළැඹුණි. එම අරගලයේ රස්නය පහව යද්දී නැවතත් ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය යටපත් වන ලෙසට ක්‍රියා නොකිරීම හරවත් ප්‍රබුද්ධ දේශපාලනයක් ගැන කතා කරන ආණ්ඩුවේ යුතුකම හා වගකීම වන බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

(***)



අදහස් (1)

පුංචි ඡන්දයට නීතිමය හරස් එපා

sirimal Tuesday, 17 January 2023 08:45 AM

පුංචි ඡන්දය අපට එපා, දුප්පත් අපට බිත්තරයක් රුපියල් 20 දෙන්න

:       2       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1293 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 7874 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 460 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 851 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 869 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 458 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site