1513 නිර්මිත මේ ලෝක සිතියම ගුවනේ සිට බලාවිත් නිර්මාණය කිරීමට හැකියාවක් නැත. මේ සිතියම අඳින්නට පාදක වූ කරුණු පිටසක්වළින් පැමිණ කළ සිතියමකින් ගත්තේද?
අලූත් ලෝකය සොයාගන්නටත් පෙර අඳින ලද අංගසම්පූර්ණ ලෝක සිතියමක් 1929 ඉස්තාම්බුල් හි ටොප්කාපි මාලිගාවෙන් සොයා ගැනීමත් සමගම ඉතිහාසඥයින්ට මෙතෙක් විසඳාගත නොහැකි ප‍්‍රශ්න වැලකට මැදිවෙන්නට සිදුවිය.
මේ සිතියම ඇන්ටිලෝප් නම් වනාත්තරයේ ජීවත්වෙන ගවයින්ගේ හමක ඇඳ තිබෙන අතර මේ සිතියම ලොව පුරා හැඳින්වෙන්නේ පිරි රිසි සිතියම (PIRI RISI MAP) යනුවෙනි. පිරි රිසි යන නම මේ සිතියමට තබන ලද්දේ වාසනාවකට මෙන් මේ සිතියමේ නිර්මාතෘ වූ වශයෙන් ඔහුගේ නම මේ ‘‘ඇන්ටිලෝප්’’ හමේ ශේෂව තිබූ නිසාය. තවත් භාග්‍යමත් දෙයක් නම් 1513 යනුවෙන් සිතියම අඳින ලද වර්ෂය එහි සටහන් වීමයි.
පිරිරිසි සිතියම
මේ සිතියමෙන් තුනෙන් දෙකක තරම් කොටසක් විනාශවී ඇති අතර ශේෂව තිබුණු තුනෙන් එකක කොටස කොතරම් නිවැරදි ද යත් ඉතිහාසඥයින්ට පමණක් නොව සෙසු අදාළ සියළුම විද්‍යාඥයින් සසල කරන ලදි.
1513 වනාහි කොලොම්බස් අලූත් රටවල් සොයාගෙන වසර කිහිපයක් ගතවූ කාලයකි. එපමණක් නොව ආක්ටික් රටවල් පිළිබඳව මිනිසා දැනගත්තේ මේ සිතියම ඇඳ ඇති කාලයට ශත වර්ෂ තුනකට තරම් පසුවය.
ශේෂව ඇති සිතියමේ යුරෝපයේ බටහිර වෙරළ ඉතාම නිවැරදිව පෙන්වයි. දකුණු අප‍්‍රිකාවත්, දකුණු ඇමෙරිකාවේ බ‍්‍රසීලය ඇතුළු ප‍්‍රදේශයන් ඉතාම නිවැරදිව පෙන්වාලයි. පිරි රිසි තුර්කි අද්මිරාල්වරයෙක් ලෙස හඳුනාගෙන තිබේ. භූගෝලවිද්‍යාව කෙරෙහි ද උනන්දුවක් දැක් වූ පිරි රිසි මේ සිතියම සම්පාදනය කොට ඔටෝමන් සුල්තාන්වරයාවෙත 1517 දී පරිත්‍යාග කොට ඇත. මේ ලෝක සිතියම සම්පාදනය සඳහා තමා යොදාගත් සිතියම ගැන ද පිරි රිසි සඳහන් කර ඇත. ඒ අතර ඇලෙක්සැන්ඩර් රජතුමාගේ දික් විජය ආශ්‍රීතව ක්ලෝඩියස් ටොලමි ක‍්‍රි.පූ. හතර වැනි ශත වර්ෂයේ අඳින ලද සිතියම් ගැන ද කොලොම්බස් ගේ සිතියම් ගැන ද සටහන්ව ඇත. මේ කරණු නිවැරදිවීම ඉතිහාසඥයින්ට බරපතල ප‍්‍රශ්නයකි.
අහම්බෙන් හමු වූ හැටි
ගස්ටාව් ඇඩොල්ෆ් ඩෙසිටන් නමැති තැනැත්තා 1929 ඔක්තෝබර් 09 වෙනිදා මේ සිතියම සොයාගත්තේ ඉතාම අහම්බෙනි. ජර්මන් ජාතිකයෙක් වූ ඔහු තුර්කි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සේවයට ගත්තේ ටොප්කාපි සරේ පුස්තකාලයේ (TOPKARPI SARAY) ඇති ඉස්ලාමීය නොවූ කඩදාසි අතර ඇති සිතියම් සහ ප‍්‍රස්ථාර පිළිබඳ ලේඛනයක් සැකසීම සඳහාය. සෙන්ටි මීටර් 90 දිග හැටපහක් (65) පළල මේ සිතියම සහිත හම අනිවාර්යයෙන්ම වටිනා සිතියමක් ලෙස සලකා එය ආයතනයේ කළමනාකාරවරයාගේ අතට පත් කළේය.
කොලොම්බස් ගේ සිතියම
පෙර රිසි ගේ ලෝක සිතියම කොලොම්බස්ගේ සිතියම ගැන ඇති සඳහන හේතුකොටගෙන ඉතිහාසඥයෝ මහත් සතුටට පත් වූහ. හේතුව කොලොම්බස් බටහිර ඉන්දීය කොදෙව්හි සිට අඳින ලද සිතියම අස්ථාන ගතවී තිබීමත් මේ සිතියමේ ඒ ගැන සටහනක් තිබීමත්ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් හෙන්රි ස්ටිම්ස් වහාම තුර්කියේ ඇමරිකානු තානාපතිට කතා කොට කොලොම්බස්ගේ මුල් සිතියම තුර්කියේ කොතැනක හෝ ඇත් දැයි ගැඹුරින් සොයා බැලූහ. එහෙත් එම වෙහෙසින් අර්ථයක් නොවීය.
පිරි රිසි සිතියම දැන් අධි සුරක්‍ෂිතව ඉස්තාම්බුල් හි ටොපොකායි මාලිගාවේ කෞතුකාගාරයේ තැන්පත්කර තිබේ. එහෙත් එය සාමාන්‍ය මහජන දර්ශනය සඳහා තබා ඇත.
එහෙත් තුර්කියේ මිලියන දහයෙ මුදල් නෝට්ටුව සැරසීම සඳහා පිරි රිසි සිතියම යොදා ගෙන තිබේ. 2005x2009 අතර කාලයේ අලූත් මීරා දහයේ නෝට්ටුවට ද පිරි රිසි සිතියම මුද්‍රණය වීය.
චාර්ල්ස් හැප් ගුඞ්ගේ න්‍යාය (CHARLS HAPGOOD)
වාර්ල්ස් හැබ් ගුඞ්ගේ න්‍යාය අනුව (ප‍්‍රකට සිතියම් විද්‍යාඥයෙක්) මේ පිරි රිසිගේ සිතියම එවකට ලෝකයේ පැවැති තාක්ෂණය ඉක්මවා නිර්මිත වූ සිතියමකි. ‘‘මේ වනාහි ආකාස වස්තුවක් උපයෝගී කරගෙන නිර්මාණය වූ සිතියමකි’’
‘‘ආක්ටික් කලාපය ගැන මේ කරුණු නිවැරදිව තොරතුරු මතුකර ගන්නට එදා තිබුණු දැනුමෙන් කෙසේවත් නොහැකිය.’’ ඔහු අවධානය කළේය. ‘‘ආක්ටික් කලාපය හොයාගත්තේ 1818 දී ඒ හා අදාළ සිතියමක් නිර්මාණය වූයේ 1949 දී’’
ග‍්‍රීන්ලන්තය
වඩාත් විශ්මිත දේ මේ පිරිරිසිගේ සිතියමේ ග‍්‍රීන් ලන්තය පෙන්වා ඇති ආකාරයයි. ග‍්‍රීන් ලන්තය වෙනම දුපත් තුනක් ලෙස මේ සිතියමේ පෙන්වා ඇත. මේ සිද්ධාන්තය සොයාගත්තේ මෙම ශතවර්ෂයේදීය. එහෙත් 1513 අඳින ලද සිතියමේ එය නිවැරදිව සටහන් වූයේ කෙසේද? FALK LAND ISLANDS ෆොක්ලන් දුපත් ඉතා නිවැරදිව මේ සිතියමේ පෙන්වා ඇත. මේ දුපත් ප‍්‍රථම වතාවට සොයාගත්තේ මේ සිතියම ඇඳ වර්ෂ අසූවකට පසුවය.
මේ අතර පිරි රිසිගේ සිතියමට පාදක වූ සිතියම් අතර අපේ මිහිතලය පිළිබඳ ගුවනේ සිට අධ්‍යයනය කරන්නට මුහුකුරාගිය අප මෙතෙක් සොයා නොගත් සංස්කෘතිය අප අතරම තිබී ඇත. එසේ නොවේ නම් පිට සක්වළින් පැමිණ මේ මිහිතලය පිටපත් කළ දියුණු තාක්‍ෂණයක් නිසැකවම තිබෙන්නට ඇත. නොඑසේ නම් පිරි රිසිට මේ ලෝක සිතියම 1513දී නිර්මාණය කිරීමට අදාළ සාධක කිසිවක් නොවීය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිටසක්වළින් පැමිණ සැකසූ ලෝක සිතියමක්
අමාසි Tuesday, 26 February 2013 03:18 PM
මේක වැදගත් ලිපියක්. (නි)
රුවන් Thursday, 28 February 2013 09:04 PM
ඔය වගේම අබිරහස් තවත් තිබෙනවා. අන්තර්ජාලයේ පොඩ්ඩක් හොයල බලන්නකෝ. (නි)
නුවන් Tuesday, 26 February 2013 09:09 AM
හරිම වැදගත් ලිපියක්.(නදී)
දීපාල් Friday, 01 March 2013 11:18 PM
හොදයි. නියමයි. (නි)
සුදේෂ් Friday, 01 March 2013 11:53 AM
නියමයි .. ! (ස)
චන්දන Monday, 25 February 2013 09:05 PM
මාර මාර දෙවල්තමයි තියෙන්නේ (දී)
අමිල Monday, 25 February 2013 09:53 PM
වැදගත් ලිපියක්. (නි)
බුද්ධික Wednesday, 27 February 2013 10:59 PM
දන්න දේට වැඩිය අපි නොදන්න දේ වැඩියි කියන එකට මෙන්න හොදම සාක්ෂියක්! (නි)
සනත් Tuesday, 26 February 2013 08:30 PM
රාවණ යුගය ගැන නොසිතේද? (නි)
කුරුවිට Saturday, 02 March 2013 07:03 PM
අති විශිෂ්ටයි! (නි)
සිරි Saturday, 02 March 2013 07:12 PM
සනත්, ඔය දේම මටත් හිතුනා. ඒත් අදට වඩා ඉතා දියුණු ශිෂ්ඨාචාරයක් මිනිසාටම තිබුණු බව පිළිගැනීමට අකමැති අය (සමහර විද්‍යාඥයන් පවා) මේ දේවල් පිට සක්වළ ජීවීන්ගෙ ගිණුම් වලට බැර කරන්න පුරුදු වෙලා. (නි)
ඩිලාන් Sunday, 24 February 2013 10:08 PM
ඉතාම වැදගත් ලිපියක්. මෙවැනි ලිපි තව තවත් පලකරන්න. (නි)