දිනකට කෝටි 55ක් පාඩු ලබන තෙල් සංස්ථාව වසරකට සේවකයන් 5200ක් සඳහා බෝනස් තුනක් ගෙවන බවද ඒ වෙනුවෙන් රුපියල් කෝටි 150ක් වැය කරන බවද පසුගියදා රජයේ පුවත්පතක් මගින් හෙළිදරව් කර තිබිණි. ඊට අමතරව අතිකාල දීමනා සඳහා මාසයකට තෙල් සංස්ථාව වැය කරන මුදල කෝටි 25ත් 30ත් අතර වන බවද සඳහන් විය. මෙසේ බෝනස් සහ අතිකාල සඳහා කෝටි ගණනින් වැයකරන තෙල් සංස්ථාව රුපියල් බිලියන 750කට වඩා ණය බරකින් පෙළෙන විශාලම ණයගැති රාජ්‍ය ආයතනය යැයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරන බවද එම මාධ්‍ය වාර්තාවේම සඳහන් විය.
මේ කතාව බැලූ බැල්මට විශ්වාස කළ නොහැකි, වෙන්න බැරි කතාවකි. අප දන්නා තරමින් බෝනස් යනු කිසියම් ආයතනයක් හෝ සමාගමක් හෝ ලබන ලාබයෙන් කොටසක් සේවකයන් දිරිගැන්වීම සඳහා ලබාදෙන දීමනාවකි. පාඩු ලබන ආයතනවලට ඒ අර්ථයෙන් ගත් කල බෝනස් ලබාදීමක් කළ නොහැකිය. බෝනස් ලබාදීමේ මූලිකම කොන්දේසිය ආයතනය ලාබ ලැබිය යුතු වීමය. තෙල් සංස්ථාව රටේ ලොකුම ණයකරුවා වුවද වසරකට රුපියල් කෝටි 150ක් බෝනස් ලබාදීම වෙනුවෙන් වැය කිරීම වෙන්න බැරි කතාවක් යැයි අප මුලින්ම පැවසුවේ එබැවිනි. එයින් සිදුවන්නේ ආයතනයේ ණයගැති භාවය තවත් වැඩි වීමය.
තෙල් සංස්ථාව මේ වනවිට රටේ ප්‍රධානම මාතෘකා අතරින් එකක් බවට පත් වී සිටී. ඒ හොඳ වාර්තා නිසා නොව නරක වාර්තා හේතුවෙනි. සාමාන්‍යයෙන් ඕනෑම රටක තෙල් වෙළෙඳාම හොඳින්ම ලාබ ලබන ව්‍යාපාරයකි. බොහොමයක් රටවල් තෙල් වෙළෙඳාමේදී එය සම්පූර්ණයෙන් රජයටම පාලනය බාර කිරීමෙන් වළකියි. එය ජාතික ආදායමේ කොටසක් මෙන්ම ජාතික ආරක්ෂාවේද කොටසක් බව සැබෑය. එහෙත් පෞද්ගලික අංශය මගින් තෙල් ව්‍යාපාරය පාලනය කරන විට එය රටට බරක් වීමට ඉඩක් නැත. රජයේ නාස්තිකාර වැඩට තෙල් ආයතන මගින් නොමිලේ කිසිවක් ලබාදීමක් නොකෙරෙන අතර රැකියා ලබාදීමක්, රජයේ ගජ මිතු්රන්ට සියලු සැප සම්පත් සහ වරදාන සහිත තනතුරු ලබාදීමක්ද සිදුවෙන්නේත් නැත. බෝනස් ඇතුළු වෙනත් වරප්‍රසාද සේවකයන්ට ලැබෙන්නේත් ලැබෙන ලාබයේ තරමටය. මේ නිසා සේවකයන්ගේ කාර්යක්ෂමතාවද ඉහළය. එසේම වෙනත් ආයතනවලට ණයට තෙල්දීමක් සිදුවන්නේද නැත.
වෙන රටවල් එහෙම වුණත් ශ්‍රී ලංකාවේ එහෙම වෙන්නේ නැත. මේ රටේ පෞද්ගලික අංශය මගින් තෙල් වෙළෙඳාම පාලනය කෙරුණු පනහේ දශකයේදී එම සමාගම් කිහිපය හොඳින් ලාබ ලැබූ බවද සේවකයන්ට විවිධ වරප්‍රසාද ලබාදුන් ආයතන වශයෙන් ඒවා පවත්වාගෙන ගිය බවද සඳහන්ය. එහෙත් එවකට තිබූ රජය මගින් ලබාදුන් ඡන්ද පොරොන්දුවක් ඉටු කිරීමක් වශයෙන් එම තෙල් සමාගම් ජනසතු කරනු ලැබීය. එය එදා හොඳ ජනතාවාදී තීන්දුවක් වශයෙන් සැලකුණත් අද රටේ ආර්ථිකයේ මකර කටක් බවට තෙල් සංස්ථාව පත්ව තිබේ. අද තෙල් සංස්ථාව රටට ආඩම්බරයක් නොව රටේ ආර්ථිකයේ කඳ පණුවෙක් බවට පත්ව සිටී. එසේ සිටිමින් රටේ ජනතාවගේ බදු මුදලින් බෝනස් ගෙවයි. අතිකාල දීමනාද ගෙවයි.
තෙල් සංස්ථාව රජයේ විශාලම සේවා සපයන ස්ථානයක් වුවද එය මෙවැනි කරුමක්කාර ණයකරුවකු බවට පත් කිරීමේ පාපකර්මයට ඒවා ජනසතු කළ කාලයේ පටන් මේ දක්වා බලයට පත් සියලු ආණ්ඩු වගකිවයුතුය. තෙල් වෙළෙඳාම රාජ්‍ය ආයතනයක් යටතට පත්වූ පසුව එය තම හෙංචයියන්ට රැකියා ලබාදෙන මධ්‍යස්ථානයක් බවටත් හිතමිතුරන්ගේ මනදොළ සපුරන කප්රුකක් බවටත් පත් කිරීම එහි විනාශයට මුල විය. ඒ සමඟම සෙසු රාජ්‍ය ආයතන දෙකක් වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමට සහ ලංකා විදුලිබල මණ්ඩලයට ණයට තෙල් සැපයීමද ඒවා යළි ආපසු අය කර ගැනීමට සැලසුම්ගත නිසි ක්‍රියාමාර්ගයක් නොතිබීමද තෙල් සංස්ථාව තවදුරටත් දරාගත නොහැකි ණය බරකට ඇද දමා තිබේ. අද පැය ගණන් අඳුරේ සිටීමට සිදුව ඇත්තේද එහි එක් ප්‍රතිඵලයක් වශයෙනි.
විදුලි බල මණ්ඩලය අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනයක් බැවින් එයට ණයට තෙල් ලබාදීම් යම්තාක් දුරකට යුක්තිසහගත විය හැකිය. එහෙත් රටේ ඇතැම් බලවතුන්ගේ බොරු සෝබන අවශ්‍යතා හේතුවෙන් පවත්වාගෙන යන රාජ්‍ය සමාගමක තත්ත්වයට ඇදවැටුණු ශ්‍රීලංකන් එයාර් ලයින්ස් ආයතනයට ණයට තෙල් ලබාදුන්නේ කුමන හේතුවකටදැයි වටහා ගැනීම අසීරුය. ශ්‍රී ලංකන් ආයතනය ලාබ ලබන හෝ අඩුම තරමින් පාඩු නොවන ආකාරයට කළමනාකරණය කළ හැකි පාලනාධිකාරියක් පත් කිරීමට හෝ කිසිදු ආණ්ඩුවක් ක්‍රියා කළේ නැත. මේ සියලු වැරදි තීන්දු හේතුවෙන් තෙල් සංස්ථාව රටේ ලොකුම ණයකරුවා බවට පත්ව සිටී.
මේ කුමන හේතුවක් තිබුණත් සංස්ථාව බිලියන සිය ගණනින් පාඩු ලබද්දී බෝනස් සහ අතිකාල වෙනුවෙන් මේ තරම් මුදලක් වැය කිරීම අසාධාරණයකි. මෙවැනි කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවේ බලධරයන් අඳුරේ තැබීමට තෙල් සංස්ථාවේ පාලනාධිකාරිය කටයුතු නොකළ යුතු බවද කිවයුතුය.
(***)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාඩු ලබද්දී බෝනස් ගෙවන රාජ්‍ය ආයතන කුමටද?
nimal Saturday, 26 February 2022 07:16 AM
පාඩු ලබද්දී බෝනස් ගෙවන රාජ්‍ය ආයතන සියල්ල පුද්ගලිකරණය විය යුතුවේ. පුද්ගලික කරණය කිරීමට පෙර එම ආයතන තුළ පසුගිය වසර පහ තුළ සිදුවූ අලාබය එම ආයතන සේවකයන් සහ unions හට ලිඛිතව ලබාදී කළයුතු වන්නේ කුමක්ද කියා ඔවුන්ගෙන් පළමුව විමසා සිටිය යුතුවේ. පවතින ආර්ථික අර්බුදයට විසදුමක් වසයෙන් ආයතනය පුද්ගලික කරණය හෝ ලබා දෙන්නාවූ සියලු බෝනස් නවතා සහ වැටුප් 25% අඩුකිරීම කළහොත් ආයතනයෙන් පාඩුව අවම කරගැනීමට හැකියාවක් තිබෙන බවත් එසේ නොවන්නට ආයතනය වසාදැමීමට සිදුවන බවත් දන්වා සේවකයින් හට ඔවුන්ගේ අනාගතය තීන්දු කිරීමට ඔවුන්ට බැරකළ යුතුවේ...
ජුණ්ඩප්පුවාWednesday, 02 March 2022 08:41 AM
ආනන්ද පාලිත ගෙන් අහමු. තෙල් සංස්ථාව දියුණු කරලා, ණය බරින් නිදහස් කර ගන්න විදිය ගැන නියම උපදෙස් ටිකක් දෙයි.
Mahesh Sunday, 27 February 2022 03:13 PM
රටේ සියලු රජයේ සංස්ථා පුද්ගලීකරණය කළ යුතුයි. නැත්නම් එම ආයතනවල සිටින බොරුකාරයින්ගෙන් හා දේශපාලුවන්ගෙන් එම ආයතන බේරාගත නොහැක. එම සියලු ආයතන සේවක අතිරික්තයක් ඇති අතර 75%ක් සේවකයින් ඒ ආර්ථිකයට බරකි. තවද සියලු රජයේ මාධ්‍ය ආයතන 45%ක කොටස් පුද්ගලීකරණය කළයුතු අතර දේශපාලන අධිකාරියේ පාලනයෙන් මිදිය යුතුයි.