IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


“පොඩි සාගරගේ” මළගෙදරට දේශපාලකයෙක්?

මේ කියන ප්‍රදේශවල සිටින වැලි, පස් හා බොරළු කපා විකිණීමේ නිරතව සිටින සමහර ව්‍යාපාරිකයින්ට ආපන ශාලා හිමිකරුවන් හා වෙළෙඳසල් අයිතිකරුවන්ට පොඩි සාගර හා ඔහුගේ ගෝල බාලයින්ගෙන් කිසිම බේරුමක් තිබුණේම නැත.


නියමිත දවසට නියමිත වේලාවට කප්පම් මුදල් ලැබුණේ නැත්නම් පොඩි සාගරගෙන් කිසිම සමාවක් නම් නැත.

 66  
කප්පම් මුදල් ලබාදුන්නේ නැත්නම් එක්කෝ ජීවිතයෙන් වන්දි ගෙවීමට හෝ නැත්නම් අත පය කඩා ගැනීමට සිදු වන බව දන්නා බොහෝ ව්‍යාපාරිකයින් ඉල්ලන ගාණ දික්කරගෙන සිටියේ පොඩි සාගරගේ තරම හොඳ හැටි දන්නා නිසාය.


පොඩි සාගරගේ හා ඔහුගේ ගෝලබාලයින්ට ඇති බිය නිසා ඔවුන්ට කප්පම් මුදල් දෙන ව්‍යාපාරිකයින් මේ වගක් පොලිසියට පැමිණිලි කිරීමට ගියේ ද නැත.


පාතාල ලෝකය හා දේශපාලනය අතර ඇත්තේ ගසට පොත්ත මෙන් බැඳීමකි.


සමහර දේශපාලනඥයින් හා පාතාලය අතර පවතින මේ සබැඳියාව පාතාලයින්ට ඔවුන්ගේ මැර ක්‍රියා රිසි සේ කරගෙන යාමට ඉඩ ලැබුණු අවස්ථා ද ඕනෑ තරම් තිබේ.

6
එවැනි සිද්ධින්වලට සාධක පාතාල ඉතිහාසය හාරා අවුස්සා බැලීමේ දී ඕනෑම කෙනෙකුට පැහැදිලිවම පෙනී යනවා ඇත.


පාතාල නායකයෙකු ලෙස සැලකෙන පොඩි සාගරට ද මේ කියන දේශපාලන සම්බන්ධතාවයක් තිබී ඇත.


පොලිසියට දැන ගැනීමට ලැබී ඇති ආකාරයට පොඩි සාගර බස්නාහිර පළාතේ ප්‍රබල දේශපාලනඥයකු සමග සහ හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයකු එක්ක ලොකු සම්බන්ධතාවයක් කාලයක් මුළුල්ලේ සිට පවත්වාගෙන ගොස් තිබේ.


මෙකී දේශපාලනඥයින් දෙදෙනාට මැතිවරණවල දී අතදිගහැර වියදම් පවා කර ඇති බව කියති.


මේ දේශපාලන හයියෙන් ද පොඩි සාගර පිම්බී සිටියේය.


හිතවත්ම විශ්වාසවන්තම ගෝලයින් දෙදෙනෙක් හැම මොහොතකම පොඩි සාගරගේ ආරක්ෂාවට සිටි අතර, මෙයින් එක් අයෙක් හිටපු සිවිල් ආරක්ෂක බළකා භටයෙකි.


පොඩි සාගර නිතරම සිටියේ පිස්තෝලය ඉනේ ගසාගෙනය. ඒ වෙන කිසිවක් නිසා නොව, කොයි මොහොතක හෝ ප්‍රතිවාදී පාතාල කල්ලියක තමා ගොදුරක් වේ යැයි සිතා ආත්මාරක්ෂාවටය.


ඒ වන විටත් පොඩි සාගර මිනීමැරුම් හයක්ම සිදු කර තිබිණි.


මිනුවන්ගොඩ, හීනටියන ප්‍රදේශයේ දී 2004 වසරේ ඔක්තෝබර් මස හතර වැනිදා තුෂාර සුරංග සිල්වා හෙවත් ලොක්කයියා නමැත්තා ඝාතනය කිරීම, එම ප්‍රදේශයේදීම 2005 වසරේ සැප්තැම්බර් මස 13 වැනිදා දිනයාදුරගේ ජගත් රූපසිංහ නමැත්තා ඝාතනය කිරීම සහ බන්ධනාගාර බස් රථයකට ගම්පහ ප්‍රදේශයේ දී 2005 වසරේ සැප්තැම්බර් මස 26 වැනිදා වෙඩි ප්‍රහාරයක් එල්ල කර බන්ධනාගාර ජේලර්වරුන් තුන් දෙනෙක් සහ එක් සිරකරුවකු ඝාතනය කිරීම ඔහුට එල්ල වී ඇති මනුෂ්‍ය ඝාතන චෝදනා වේ.


පාතාල කල්ලි නායකයකුව සිටි මිනුවන්ගොඩ දේවාගේ ඝාතනයට ද සැකකරු වන්නේ පොඩි සාගරය.


මේ අට දෙනාම ඝාතනය කර තිබුණේ වෙඩි තැබීමෙන්ය.

SLTK-8.qxd
මේ මනුෂ්‍ය ඝාතන හතට කාලයක් රිමාන්ඞ් බාරයේ පසුවූ පොඩි සාගර නමැත්තා අධිකරණයෙන් ඇප මත මුදාහැරීමෙන් පසු දිගින් දිගටම අධිකරණය මගහැර සිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබිණි.


“මාව ආයෙත් පොලිසිය අල්ලන්න ආවොත් වෙඩි තියාගෙන මැරෙනවා. ඒක ස්ථිරයි” යැයි කියා පොඩි සාගර නිතරම ඔහුගේ ගෝලබාලයන්ට කියා ඇති කතාවකි.


පොඩි සාගර නිතර කියන මේ කතාව ඔහුගේ ගෝල බාලයින් එච්චර ගණන් ගෙන තිබුණේ නැත.


මීගමුව මහාධිකරණය මගින් පොඩි සාගර නමැත්තා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදීත් පොලිසිය සමග කට්ටි පනිමින් ඔහු කප්පම් ගැනීම දිගටම කරගෙන ගොස් ඇත්තේ සිය ගෝල බාලයින්ගේ මාර්ගයෙනි.


සිය ගෝලබාලයින්ගේ ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් ද අත දිග හැර වියදම් කළ පොඩි සාගර ගෙන ගියේ කුමාර ජීවිතයකි.


කිසිම දෙයකින් ඔහුට අඩුපාඩුවක් තිබී නොමැති බව පැවසේ. ඒ වෙන කිසිවක් නිසා නොව ව්‍යාපාරිකයින්ගෙන් මාස්පතා ලැබෙන කප්පම් මුදල්වලට පින් සිද්ධ වෙන්නටය.


සමහර පස් බොරළු හා වැලි ව්‍යාපාරිකයින් මොනම හේතුවක් නිසා හෝ කප්පම් මුදල් දීම මගහැර සිටියොත් ඒ පළිය ගන්නේ පස් බොරළු වැලි ප්‍රවාහනය කරන රියැදුරන්ගෙනි.


ව්‍යාපාරිකයින්ගෙන් ඒ වාඩුව ගැනීමට බැරිව ගියොත් සිය ගෝල බාලයින් යවා රැක සිට ඒවා ප්‍රවාහනය කරන රියැදුරන්ට පහරදීමට සැලැස්වීමට පොඩි සාගර නමැත්තා කිසිවිටෙකත් පසුබට වන්නේ නැත.


පොඩි සාගරගේ ගෝලබාලයින්ගෙන් ගුටි කා අතපය කඩාගැනීමට අකමැති නිසා සමහර ව්‍යාපාරිකයින් කප්පම් මුදල් ගෙවා නැත්නම් රියැදුරන් ද සේවයට යාමෙන් වැළකී සිටිති.


මේ නිසා ව්‍යාපාරිකයෝ ද සිය ව්‍යාපාරය බංකොළොත් කර ගැනීමට අකමැති නිසා කප්පම් මුදල් ලබාදීමට පසුබට නොවෙති.


පසුගිය වසරේ නොවැම්බර් මාසයේ හතරවැනිදා උඩවලහේවගේ නලින්ද උදයකුමාර නමැත්තාට වෙඩි තබා මරා දමා තිබුණේ සීදූව, මුතුවාඩිය ප්‍රදේශයේ දී ය.


වෙඩි කා මියගිය නලින්ද උදයකුමාර නමැත්තා පොඩි කුමාරගේ හොඳම ගෝලයින් කිහිප දෙනා අතරින් එක්කෙනෙකි.


පොඩි සාගර නමැත්තා රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටියදී ඔහුට ඇප ලබාදීමට ඉදිරිපත්ව තිබුණේ ද නලින්දය.


ඝාතනයට ලක් වන විට නලින්ද ප්‍රාදේශීය සභාවේ රියැදුරෙක් ලෙස සේවය කරමින් සිටියේය.


පොඩි සාගර අධිකරණය මගහැර සිටීම නිසා ඔහුගේ ඇපකරුවා වූ නලින්ද පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.


ඒ විත්තිකාර පොඩි සාගර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම නිසාය.


රිමාන්ඞ් බාරයේ පසුවූ නලින්ද ද පසුව අධිකරණයෙන් ඇප මත මුදාහැරියේය.


“සාගර අයියේ ඔයා නිසා මම හිරේ ගියා. මෙහෙම ගියොත් මගේ රැකියාවත් නැතිවෙයි. ඔයා උසාවියට ගිහින් ඉදිරිපත් වෙන්න. නැත්නම් මම අමාරුවේ වැටෙනවා”


ඇප ලබා පැමිණි නලින්ද පොඩි සාගරට කිව්වේ වරක් දෙවරක් නොවේ. එහෙත් නලින්දගේ කීම පොඩි සාගර තුට්ටුවකටවත් මායිම් කළේ නැත.


“පොලිසිය කොයි වෙලාවක හරි ඇවිත් ආයෙත් මාව අල්ලගෙන යන්න පුළුවනි. සාගර අයියේ ඔයා අද හෙටම ගිහින් උසාවියට බාර වෙන්න. එහෙම කළේ නැත්නම් මම ඔයා ඉන්න තැන පොලිසියට ඔත්තුව දෙනවා” යැයි කියා නලින්ද කියා ඇත්තේ බැරිම තැනය.


නලින්ද වෙඩි තබා ඝාතනය කරන්නේ ඉන් පසුවය. 


පොලිසිය නලින්දගේ ඝාතනය ගැන පරීක්ෂණ පැවැත්වෙද්දී හෙළිවී ඇත්තේ මෙය පොඩි සාගරගේ වැඩක් බවයි.


පොලිසියට අල්ලා දෙනවා කියා පැවසීම නිසා ඇති වූ විරසකය නලින්දට වෙඩි තබා ඝාතනය කිරීමට ආසන්නම හේතුව බවට පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී ඇත.


නලින්ද ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය පොඩි සාගර පස්සේ පන්නන්නට විය.


මේ බව දැනගත් පොඩි සාගර ප්‍රදේශය අතහැර පලා ගියේ පොලිස් අත්අඩංගුවෙන් බේරී සිටීමට සිතාගෙනය.


මනික්කුගේ සුමිත් දයාරත්න හෙවත් පොඩි සාගර පදිංචිව සිටියේ කටුනායක බෝධිරාජ මාවතේය.


වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කරන වකවානුවේ නීතිය බලාත්මක කිරීමේ විශේෂ පොලිස් ඒකක පිහිටවනු ලැබුවේ පාතාල කල්ලි නායකයින් හා ඔවුන්ගේ ගෝල බාලයින් සොයා ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහාය.


මීගමුව කොට්ඨාසයේ නීතිය බලාත්මක කිරීමේ පොලිස් විශේෂ ඒකකයේ පොලිස් නිලධාරීන් පොඩි සාගරගේ ගෝලයින් දෙදෙනෙක් පොලිසියට කොටු වන්නේ විදේශයක නිෂ්පාදිත අත් බෝම්බ දෙකක් ද සමගය.


තවත් ගෝලයෙක් පොලිසියට පැමිණ බාර වුණේ ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයන බව දැන ගත් නිසාය.


පොලිසියට පැමිණ බාර වී ඇත්තේ යුද හමුදාවෙන් පලා ඇවිත් සිටි සෙබළෙකි.


පදිංචිය අතහැර පලා ගොස් සිටින පොඩි සාගරගේ ජංගම දුරකතන අංක ඔස්සේ හා පොලිස් ඔත්තුකරුවන් යොදා මාස 1 1/2කට පමණ ආසන්න කාලයක් තිස්සේ කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයක් වශයෙන් ඔහු සිටින ඉසව්ව සොයා ගැනීමට මීගමුව කොට්ඨාසයේ නීතිය බලාත්මක කිරීමේ ඒකකයේ පොලිස් කණ්ඩායම සමත් වූ අතර, එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ආර්.ඒ.ජී. මනෝහර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් ගොකරැල්ල, කුඹුක්ගැටේ, මැදගම ප්‍රදේශය බලා පිටත්ව ගියේ ඔහු අල්ලාගෙන ඒමටය.


පොලිස් විශේෂ කාර්ය බළකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකගේ ද සහාය ලබාගත් පොලිස් කණ්ඩායම පොඩි සාගර සැඟව සිටි නිවස වැටලුවේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 10.45ට පමණය.


පොඩි සාගර සැඟවී සිට ඇත්තේ ඔහුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවකගේ නිවසේ ය.


“කවුදෝ කට්ටියක් ගේ ළඟ ඉන්නවා වාගේ” කියා අනියම් බිරිය පවසන අවස්ථාවේ පොඩි සාගර සිට ඇත්තේ සාලයේ රූපවාහිනිය බලමින් ය.අනියම් බිරිඳගේ ඒ කියමන කන වැකුණු සැණින් පොඩි සාගර පලා යාමට උත්සාහ කර ඇත්තේ නිවස වටලා ඇත්තේ පොලිසියෙන් විය හැකි බවට සැක කළ නිසාය.


හතර වටෙන් නිවස වටලා ඇති නිසා පලායාමට හැකියාවක් නොමැති බව වටහා ගත් පොඩි සාගර ඉනේ ගසාගෙන සිටි පිස්තෝලය ඇදගෙන හිසට තබා කොකා ගස්සවා ඇත්තේ දෙවරක් නොසිතා ය.


කපා හෙලූ කෙසෙල් ගසක් මෙන් පොඩි සාගර මූණින් අතට බිම ඇදගෙන වැටුණේය.


“මාව ආයෙත් කවදාවත් පොලිසියට පණ පිටින් නම් අල්ලා ගන්න ලැබෙන්නේ නැහැ. පොලිසියට කොටුවෙන්න ගියොත් මම වෙඩි තියා ගන්නවා” කියා පොඩි සාගර මාස ගණනක සිට නිතර කියා තිබූ කතාව ඔහුගේ ගෝල බාලයින්ට ද සිහිපත් නොවන්නට කිසිම හේතුවක් නොමැත.


පොඩි සාගරගේ නීත්‍යානුකූල බිරිඳ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, විවාහයෙන් පසු ඇය මාදුව ප්‍රදේශයට පදිංචියට පැමිණියා ය.

 

පොඩි සාගරගේ අවසන් කටයුතු සිදු කිරීමට නීත්‍යානුකූල බිරිඳ ඔහුගේ සිරුර මාදුවේ නිවසට රැගෙන ආවාය.


බස්නාහිර පළාතේ ප්‍රබල දේශපාලනඥයෙක් හා ප්‍රාදේශීය දේශපාලනඥයෙක් සමග කිට්ටු සම්බන්ධකම් පැවැත්තුවත් පොඩි සාගරගේ අවමඟුල් ගෙදරට පැමිණ තිබුණේ ප්‍රාදේශීය දේශපාලනඥයා පමණි.


බස්නාහිර උතුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති එල්.ජී. කුලරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර අබේවික්‍රම මහතාගේ උපදෙස් මත මීගමුව කොට්ඨාස නීතිය බලාත්මක කිරීමේ ඒකකයේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ආර්.ඒ.ජී. මනෝහර මහතාගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂක කේ.ඩී. දසනායක, පොලිස් සැරයන්වරුන් වන චන්දන (7000), පෙරේරා (51744), රවුෆ් (63188), කොස්තාපල්වරුන් වන ජයසේකර (15248) සහ අමල් (67229) යන මහත්වරු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.


පොලිස් විශේෂ කාර්ය බළකායේ කුරුණෑගල කඳවුරේ උපපොලිස් පරීක්ෂක එල්.එම්.එන්. විජේසිංහ, සැරයන්වරුන් වන නන්දන (32666) සහ උදය කුමාර (11948) යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද මෙම වැටලීමට සහභාගි වී ඇත.


පොඩි සාගර නැමැත්තා පරිහරණය කළ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලය ගැන පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේ එහි සඳහන්ව තිබූ අංකය ඔස්සේය.
මෙම පිස්තෝලය හිටපු අමාත්‍යවරයකුවන ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ ආරක්ෂාවට ඔහු වෙතට නිකුත් කර තිබූ එකක් බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවිය.


එවකට මහා මාර්ග සංවර්ධන අමාත්‍යධුරය දැරූ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ගම්පහ වැලිවේරිය ක්‍රීඩාංගනයේ පැවති අලුත් අවුරුදු මැරතන් ධාවන තරගයකට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවී සිටියදී මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයකින් මියගියේ 2008 වසරේ අප්‍රේල් මස 7 වැනිදාය.
ඒ අවස්ථාවේදී අමාත්‍යවරයා සන්තකයේ තිබූ ගිනි අවිය බිම වැටී තිබී අහුලාගත් අයෙකු එය පොඩි සාගර නමැත්තා අතට පත්කරන්නට ඇතැයි කියා පොලිසිය සැකකරයි.


කෙසේ වෙතත් මෙම ගිනි අවිය පාතාල නායකයෙක් අතට පත්වීම ගැන පොලිසිය තවදුරටත් ප්‍රබල පරීක්ෂණයක් පවත්වාගෙන යයි. 


පොඩි සාගරගේ ගෝලයින් දෙදෙනෙක් ගිනිඅවි සහ උණ්ඩ තොගයක් එක්ක කොළඹ ත්‍රස්තවාදී විමර්ෂණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක මාදුව ප්‍රදේශයේදී කොටුවූයේ පසුගිය 24 වැනිදාය.


ඒ ටී.56 අවියක්, මැගසින් එකක්, උණ්ඩ 30ක්, ඉතාලියේ නිෂ්පාදිත රිපිටර් වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ 10ක් සහ මිලිමීටර් 9 වර්ගයේ විදේශීය නිෂ්පාදිත පිස්තෝලයක් හා උණ්ඩ 09ක්ද සමගය.


සේනානායක හෙවත් බට්ටා සහ ප්‍රභාත් සිල්වා හෙවත් ප්‍රභා යන මේ දෙන්නා මාදුව ප්‍රදේශයේ පදිංචිකරුවෝය.


මොවුන් දෙදෙනාද පොඩි සාගර සමග මනුෂ්‍ය ඝාතන කිරීමට ගිය අයවෙති.


ප්‍රභා නමැත්තාගේ අයියා ද මෙම පාතාල කල්ලියටම සම්බන්ධවී සිටියදී අත් බෝම්බයක්ද සමග පොලිසියට කොටුවූයේ පසුගිය මාර්තු මාසයේය.
ත්‍රස්තවාදී විමර්ශණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නාලක ද සිල්වා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධ්‍යක්ෂ ජගත් ෆොන්සේකා මහතාගේ මෙහෙයවීම යටතේ මේ සම්බන්ධව පරීක්ෂණ මෙහෙයවනු ලබන්නේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.ඕ. පෙරේරා, ප්‍රධාන පොලිස් පරීක්ෂක රූකාන්ත පෙරේරා සහ සැරයන් දාසගුප්ත යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි. 

m



අදහස් (0)

“පොඩි සාගරගේ” මළගෙදරට දේශපාලකයෙක්?

ශශික Monday, 02 May 2016 11:47 AM

පාතාල කල්ලි නායකයන් වැජබෙන්නේ දේශපාලන රැකවරණ නිසාවෙන්..මොන ආණ්ඩුව ආවත් එකයි. (ම)

:       0       0

ජනක Sunday, 08 May 2016 08:36 AM

උසාවිය තමයි ඔය ඔක්කොටම වගකියන්ට ඕනේ.අමානුෂික මිනීමරුවන් කියා දෙනාගෙන කීපාරක් අැප දීලාද ??(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 604 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 82 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 101 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 330 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 225 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 117 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site