කැටවල කඩෙන් උදෑසනින්ම කටට හලාගත් තේ කහට උගුර අතර මග නැවතී පිට උගුරේ ගියේ කඩයේ හිමිකරු පැවසූ දෙයක් නිසාවෙනි. එවිටම කඩයේ තේ බොමින් සිටි අයකු මගේ පිටට පහර දෙකක් තුනක් ගැසුවේ සිදුවූ අපහසුතාවෙන් මා මුදවා ගැනීමට විය යුතුය.
මහත්තයාට තේරුනා ද මම කියාපු දෙය මුදලාලි නැවත පෙර ප‍්‍රශ්නයම මගෙන් අසයි, කඩයේ හුන් බහුතර පිරිස මා දෙස බලා සිටින්නේ මගේ පිළිතුර දෙසය.
අපි කොහොම හරි යන්න ඕනි මුදලාලි මා පැවසීය. කිවුවහම නාහන ගුරු උඩින් ගියත් එකයි මහත්තයෝ යටින් ගියත් එකයි මුදලාලි පවසයි. ඉස්සර මිනිස්සු මේ පාරේ ගියාට දැන් පාර හොයා ගන්න එතරම් ලේසි නෑ අතර මග වල් අලි කරදරය ඊට වැඩියි අනෙක මහ කැලයේ නවතින්නේ කොහේද කන්නේ කොහොමද? කඩයේ හිමිකරුගෙන් ප‍්‍රශ්න වැලකි.
කමක් නෑ කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් ගිහින් එන්නම් එහෙ නම් මුදලාලි නැවත පැවසුවත් එම වදන් අප වෙත දයානු කම්පාවෙන්ම පැවසූ වදන් යයි සිතින. ඒ මීට හෝරා කිහිපයකට පෙර සිදුවීමකි. අප කැටවල හන්දිය පසු කරමින් බොහෝ වේලාවක් ගමන්කර ඇත.
අපි ඉපැරණි බදුල්ල නුවර මාර්ගය ඔස්සේ නුවර දෙසට ගමන් කරමින් සිටිමු.
මා සමග පරිසර විද්‍යාඥ ආචාර්ය බන්දුල මැද්දදුවගේ මහතා ද මෙම ගමනට එක්ව සිටි අප දෙදෙනා එක්ව ලංකාවේ බොහෝ ප‍්‍රදේශයන්හි වනාන්තරවල කරක් ගසා ලබාගත් අනේක විධ අත්දැකීම් මෙම ගමනට ප‍්‍රයෝජනවත් විය. උතුරු ප‍්‍රදේශය සම්පූර්ණයෙන් ත‍්‍රස්තයන්ගෙන් මුදාගත්තායින් පසු මාදුරුඔය වේල්ලේ සිට තොප්පිගල පාමුලට මහවැලියේ පිරිස සමගින් ප‍්‍රථමයෙන් ගියේ අප දෙදෙනාය. (2009-11-01 ඉරිදා ලංකාදීපයේ පළ විය.) එමෙන්ම මහවැලි නදියට සමාන්තරව මාවිල් ආරු ප‍්‍රදේශය පසුකරමින් නිධන්ගලට ගොස් කැලෑව තුළ කරන මහා පරිමාණ නිධන් ගොඩදැමීම පිළිබඳ රටට හෙළිකළ ගමන කිසිදා අමතක නොවේ. (2010-05-02 ඉරිදා ලංකාදීපයේ එම ගමන පළ විය.)
මෙම ගමන් පිටත්වීමට ප‍්‍රථම යන මාර්ග සිතියම්ගත කළ නමුදු බදුල්ල හා නුවර කෙටි කැලෑ මාර්ගය පිළිබඳ නිශ්චිත ගමන් මාර්ගයක් ගැන දැනුමක් අපට නොවීය. එහෙත් 1766 සකසන ලද ඕලන්ද සිතියමක් හා එතරම් ප‍්‍රචලිත නොවූ සන්දේශ කාව්‍යයක් වන බදුල්ලේ සිට මහනුවර දක්වා වන්දනා කරුවකු ගමන්කර මග සලකුන නැමැති කාව්‍ය සංග‍්‍රහය අප සතු අතර මෙම මාර්ගයේ විස්තර එතුලින් සොයාගැනීමට අපට හැකිවේයයි අප බලාපොරොත්තු වෙමු.
1630 දී කුස්තන්තිනු ද සා යටතේ පෘතුගීසීන් බදුල්ල නගරය වැටලීමට මහනුවර කඳවුරු බැඳසිටි හමුදා හා එක්ව එවකට දිතියතිලක පුරයවූ හඟුරන්කෙතින් පිටත්ව බෙලිහුල් ඔයෙන් හා හාල් ගරනා ඔයෙන් එතෙරව පරණගමත්, තුප්පිටියත් පසුකොට බදුල්ල අලූගොල්ල කඳුමුදුනට පැමිණ කඳවුරු බැඳගෙන ඇති බව ඉතිහාසය සාක්කිදරයි. ඕලන්දයෝ නුවර බදුල්ල මෙම කෙටි මාවත පිළිබඳ හොඳින් දැන සිටියහ. බදුල්ලට පැමිණීමට ප‍්‍රථම ඔත්තුකරුවන් යොදා උඩරට ගම් ප‍්‍රදේශ පිළිබඳ හොඳ දැනුමක් ඇති අයගෙන් මේ පිළිබඳ කරුණු අසා 1766 දී සකස්කරන ලද සිතියමක මෙම මාර්ගය පැහැදිලිව දැක්වේ.
කැටවල හන්දියෙ හමුවන ඉපැරණි අම්බලම මෙම මාර්ගයේ පැමිණි පිරිස් ගිමන් නිවා ගන්නට සකසා ඇතැයි ද එය අවු. 100 කට වඩා පැරණියයි ද කැටවල හන්දියේ දී හමුවූ වැඩිහිටියන් කිහිප දෙනකුම පැවසූ අතර එය වර්ථමානයේ ද ප‍්‍රයෝජනයට ගනී.
කැටවල සිට පානාකන්නිය ගම්මානය වෙත දිවෙන මාර්ගයේ කිලෝමීටර් 04 ක් පමණ ගමන් කළ පසු අලූතින් ඉදිවෙන නුවර බදුල්ල රජමාවතට පිවිසිය හැකිය. එවකට සිටි මාර්ග අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2007 වර්ෂයේදී මෙම මාර්ගය ඉදිකිරීමේ කටයුතු අරඹා ඇති බව මාර්ගය ඉදිකිරීමේ පුවරුවේ සඳහන් වෙයි.
මෙම මාර්ගයට කිලෝමීටර් කිහිපයක් ඉදිකර වර්තමානයේ නතරකොට දමා ඇතත් ඉදිරියේ දී මාර්ගය කඩිනමින් සකස් කරනා බව බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජල කළමණාකරන හා වාරිකර්මාන්ත අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පසුගිය දිස්ත‍්‍රික් සම්බන්ධීකරන කමිටුවේදී පැවසීය. මාර්ගය සෑදීම මගින් ඉතා කෙටි කාලයකින් නුවරට පිවිසිය හැකිය. අප ගමන් කරන මාර්ගය ද අලූතින් හැදීමට සලකුනු කරන ලද මෙම මාර්ගයද සමාන්තරව විහිදී යයි. අපි මාර්ගය දිගේ තවත් කිලෝමීටර් කිහිපයක්ම ඉදිරියට ගමන් කරන්නට වීම වලගම්බා රජු සමයේ ඉදිකරන ලද යයි සැලකෙන ඉපැරණි බෝගොඩ රජ මහා විහාරයේ දැවමය ලී පාලමද බෝගොඩ විහාරයද ඈතින් දිස්වන්නට විය.
වර්තමානයේ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මෙම ලී පාලම නැරඹීම සඳහා පැමිණෙන මාර්ගය දුෂ්කර බැවින් සංචාරකයන්ගේ නෙත එදෙස ගැටෙන්නේ ඉතා අඩු වශයෙනි. ඇටම්පිටියේ රාහුල හිමියන් වර්තමානයේ මෙම විහාරයේ විහාරාධිපති හිමියන්ය.
බෝගොඩ විහාරය පසුකර තවත් කිලෝමීටර් කිහිපයක් යත්ම උමා ඔය හරහා සුදු ජාතිකයන් විසින් 1919 වර්ෂයේ සාදන ලද දිගින් මීටර් 30 ක් තරම් වූ දැවැන්ත යකඩ පාලම හමුවෙයි. පාලම වර්ෂ 92 ක් පැරණිය.
උමා ඔයෙන් එතෙර වීමට නම් තැනින් තැනින් දිරාගිය එමෙන්ම හිඩැස් අතුරින් අඩි 100 ක් 150 ක් තරම් ගැඹුරින් වතුර පෙනෙන ජීවිතයත් මරණයත් අතර භයානක ගමනකින් කළු පාලම තරණය කළ යුතුය. හලාබේ ගම්මානයේ වැසියන් උමා ඔයෙන් එතෙරවීම සඳහා මෙම පාලම ප‍්‍රයෝජනයට ගනී. පාලමෙන් එතෙර හලාබේ ගම්මානයද මෙතෙර පනාකන්නිය ගම්මානයද වන අතර දෙගම් වැසියන් ගොවිතැනින් ජීවත්වන අතර සරුසාර ගම්මිරිස් වගාව ඔවුන්ගේ අතමිට සරුකරවයි.
මෙම පාලම පිළිබඳ පනාකන්නිය ගම්මානයේ අවු 85 ක් වයසැති ආර්.එම්. බණ්ඩාරමැනිකා මෙසේ පැවසීය. ඉස්සර මෙම පාරේ මිනිසුන් නුවරට ගිය බව අපේ අම්මා කියා තිබෙනවා. නුවර මිනිසුන් බදුල්ල මුතියංගණ විහාරය වඳින්න මෙම පාරේ යනවා දැකලා තියෙනවා. අවු. 70 කට විතර කලින් පාරේ පිරිත් කිය කියා තමයි යන්නේ. දැන් මිනිස්සු මෙම පාර භාවිත කරන්නේ නෑ පාර කැලෑවැදිලා. සුද්දෝ අශ්වයන් පිටින් ගියා කියලා අහලා තිබෙනවා. අපි මෙම පනාකන්නිය ගමේ මුල් පදිංචි කරුවන්. මේ ගමනට පනාකන්නිය කියා හැදිලා තිබෙන්නේ වලගම්බා රජු මෙම ගම්මානය මැදින් යන දිනක හිස පීරූ පනාව අමතක වෙලා ගිහිල්ලා තිබෙනවා. නැවත නාරංගල කඳුමුදුනේදී හිස පීරන්න බලනකොට පනාව තිබිලා නෑ එතකොට රජුට මතක්වෙලා තිබෙනවා පනාව කන්ඩිය උඩ තිබුවා කියා පනා කන්ඩිය පසුව පනා කන්නිය වී යැයි පැරණි මිනිසුන් කියනවා.
මම කෙලි කාලේ හාල් සේරු නවයක් ගත්තේ රුපියලකට. රුපියලක කුම්බලා කරවල ඉල්ලූවාම කරවල කූරියෝ තුන් හතර දෙනෙක් දෙනවා. තනිවම ගෙදර ගේන්න බැරි තරමට බරයි යයි බණ්ඩාරමැණිකා පවසන්නීය. පනාකන්නිය ගම්මානයේ සිට යකඩ පාලම තෙක් කිලෝමීටර් 03 ක් පමණ වන අතර එය ඉතා ජනශූන්‍ය ප‍්‍රදේශයක් වෙයි.
අපි දැවැන්ත යකඩ පාලමින් එතෙරව උමා ඔයට සමාන්තරව ඔය පහළට ගමන්කරන්නට වීමු. මධ්‍යහනය පසුවී හෝරාවක් පමණ ගෙවී ගොස් ඇත. අප ගමන් කරන ප‍්‍රදේශයේ උමා ඔය පළලින් අඩි 70 ක් පමණවෙයි. එතරම් ප‍්‍රචණ්ඩ ස්වරූපයකින් තොරව ඉතා සාන්ත ගමනින් වතුර ගලා බසියි.මේ වන විට අපි නොනැවතී කිලෝමීටර් 35 ක් තරම් දුරක් උදෑසන සිට දුරගෙවාගෙන පැමිණ සිටිමු. තෙහෙට්ටුව අධික බැවින් මදක් නැවතී ඇඟපත සෝදා ගමු යයි යෝජනා කළේ බන්දු විසිනි. ගමන්මලූ පසක දමා ඔයට බැස වතුර දෝතක් මුහුණට ඉස ගත්තා පමණි. අන්නයයි බන්දු කෑගැසීය.
එවිටම ඔයෙන් වතුර ගැනීමට ආ යුවතියක් ආපසු දිව යන්නට වූවාය. කුඹුක් සෙවණට වී පවස නිවාගත් අප මදකින් ජනාවාසයක් ඇතැයි අරමුණු ඇතිව යුවතිය පැමිණි පැත්තට අපට ගමන් කරන්න ලැබුණේ මීටර් කිහිපයකි. අප ඉදිරියේ තරුණයන් කිහිප දෙනෙකි ඔවුන් අතේ පොලූ මුගුරුද වූ අතර එකෙකු මැටිතැවරුනු මට්ටම් පොල්ලක් අතැතිව සිටී මෙයාලා තමයි යුවතිය පසු පසින් සිට පිළිතුරු සපයයි.
ආයුබෝවන් මට ප‍්‍රථම බන්දු කීය. ඒ බන්දුගේ ජන්ම ගතියකි. තෙරුවන් සරණයි ආයුබෝවන් නැවත හමුවෙමු ගොඩක් පින් සිදුවේවා යන වචනයන් හදවතින්ම ඔහු නිතර භාවිත කරයි.
බය වෙන්න එපා අප ලංකාදීප පත්තරෙන් අප මේ නුවරට පයින් යන ගමන් මම කීමි.
”පයින්” වැඩිහිටි තරුණයකු පැවසූයේ නළල රැලිකරමිනි.
ඔවු අපි උදේ තමයි පිටත්වුනේ අපි මූණ සෝදාගන්නකොට මේ නංගි බයවෙලා දිව්වා. මම පැවසීය.
පසුගිය දින කිහිපයේදී මෙසේ ගම්වලට පැමිණි තරුණයන්ට සිදුවූ දේ අපි කවුරුත්ම දනිමු.
ආ ඒක තමයි මහත්තයෝ අර මොන යකෙක්ද නිසා අපි පහු ගිය ටිකේ කරදරයෙන් හිටියේ වරදක් වුනා නම් හිතරිදවා ගන්න එපා යයි
එතැන සිටි වැඩිහිටිම පුද්ගලයා අපට පැවසූයේ තේ පානය සඳහා ආරාධනාවක් ද කරමිනි. උමා ඔය අසබඩ මෙම වැසියන්ගේ නිරහංකාරත්වය හා ආගන්තුක සත්කාරය මනාවට කැපී පෙනෙයි. සිරිසේනගේ අලූතින් සාදාගෙන යන නිවෙසින් කිරිබත් කැවුම් හා තේ කෝප්පයක් අපට ලැබුණු අතර ඉදිරි ගමන් මාර්ගය ද අප ඔවුන්ගෙන් අසා දැන ගෙන අපි නැවත ඉදිරියට පිටත් වීමු. වේලාව සවස 5 පමණ විට උමා ඔයේ ඌව පරණගම කෝතලා වළේ වැලි තොටුපොළට සේන්දු වන්නට අපට හැකි විය. මෙම වන විට ගමනේ කිලෝමීටර් 40 ක් පමණ දුරක් අප ගෙවා තිබිණි. බොහෝ දුරක් ඔයේ ගමන් කළ අප ඈත තියාම පෙනුනු නිසා වැලි ගොඩ දාන පිරිස අප දෙස බලන ආකාරයත් අපි දුටිමු ඔවුන් සුහදව අපව පිළිගත්තේය.
රාත‍්‍රී සමයේ වැලි පොලේ වාඩියට ආ අද්භූත අමුත්තා හා නැටුම් ගැයුම් රැඟුම් මැද වාඩියේ රාත‍්‍රිය ගත කළ අයුරු
ලබන සතියට
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
පෘතුගීසින් මහනුවරට ආ රහස් පාර දිගේ
Gehan Chandika Friday, 16 September 2011 03:32 PM
ඉතාම විශිෂ්ඨයි!! මගේ සුභපැතුම්!!!
haresh Friday, 16 September 2011 07:15 PM
මගේ හොඳම මිතුරෙක්ගෙ ගම බෝගොඩ. අවුරුද්දකට වතාවක් එහෙට යන එක අපේ පුරුද්දක්. ඔය පාලම් දෙකම හොඳින් ඇසුරු කරල තියෙනව. ඔය පැරණි මාවත ගැනත් අහල තියෙනව. නමුත් ඒක ගැන හොයන්න නම් ගිහින් නෑ. බොහොම ස්තූතියි මේ චාරිකා සටහනට!
viraj devinda Saturday, 17 September 2011 04:26 PM
ඉතාම විශිෂ්ඨයි!! මගේ සුභපැතුම්!!
රොහාන් Saturday, 17 September 2011 08:40 PM
ඉතාම විශිෂ්ඨයි!! මගේ සුභපැතුම්!!!
සුභාෂිනි Wednesday, 10 April 2013 11:50 AM
පාලමේ අගය තවත් වැඩි කිරීමට විනාශ වෙන්න නොදෙන්න. මගේ සුබ පැතුම් !(ස)
අනිල් වික්‍රමගේ Tuesday, 13 September 2011 03:02 PM
මෙවා කියවනකොට පිටරටට වෙලා අපි මොනවද කරන්නේ කියලා හිතෙනවා
රංජිත් රණසිංහ Monday, 12 September 2011 05:22 AM
ඉතා හොද ගමනක් නමුත් දුෂ්කරයි. මම ලි පාලම දක්වා ගමන් කර ඇත්තෙමි ඔබ සැමට සුභ පතමි.
සමන් ශ්‍රී ජයසේන Monday, 14 May 2012 03:28 PM
ගොඩක් හොඳයි
චතුර Tuesday, 12 June 2012 12:11 PM
මමත් කැඩවල ප්‍රෙද්ශයට ආසන්නව ජීවත්වන පුද්ගලයෙක්. මෙවැනි ලිපි තව තවත් දානවනම් අප්‍රසිද්ධව තිබෙන බොලාගොඩ පාලම, සංචාරකයන්ගේ අවධානයට ලක්වෙන තැනක් බවට බවට පත්කිරීම මගින් එම ප්‍රෙද්ශයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට පිටිවහලක් වනු නිසැකයි (ස)