මුන්දල පොලීසියට ලැබුණු තොරතුරක් අනුව එහි නිලධාරීහු වහාම කි‍්‍රයාත්මක වූහ. පොලිස් නිලධාරීන් වෙරළට යද්දී එහි වූ ධීවරයෝත් තවත් විශාල පිරිසකුත් වටවී බලා සිටියහ. ‘‘ මහත්තයෝ මොකක්දෝ බර දෙයක් දැලේ පැටළුනා. බලනකොට කාලතුවක්කුවක්. අපි ඒක ගොඩට ඇදගෙන ආවා. මොනවා කරන්න ද කියලා දන්නේ නැහැ. ’’ එක් ධීවරයකු පොලිස් ස්ථානාධිපතිවරයාට කීවේය. තැන තැන කොරල් වැවී අතිශයින්ම දුර්වර්ණව තිබූ මෙය කාලතුවක්කුවක් බව පැහැදිලිය. මුහුදේ තිබී ගොඩගත් මෙය කවර වකවානුවකට අයත්දැයි කිසිවෙකුත් දන්නේ නැත. මෙහි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි දන්නා පොලිස් ස්ථානාධිපතිවරයා එය පොලීසිය භාරයට ගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළේය. 2006 වර්ෂයේදී එලෙස පොලිස් භාරයට ගැණුනු කාලතුවක්කුව පුරාවිද්‍යා නිලධාරින් විසින් සංරක්ෂණය කැරුණි. මුළුමනින්ම පිත්තලෙන් නිමවා ඇති එය අවසානයේ නතරවූයේ ගාල්ලේය. ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ මේ කාලතුවක්කුව තැන්පත් කෙරුණි. ඒ පිළිබඳ අවධානය යොමු කළ ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා ඇතුළු පිරිස කාලතුවක්කුව පිළිබඳ පර්යේෂණ ආරම්භ කළහ. මෙහි හැඩය, ප‍්‍රමාණය හා සංයුතිය අනුව එය පෘතුගීසි නෞකාවකට හෝ ලන්දේසි මුල් යුගයේ නෞකාවකට අයත් බව තීරණය කැරුණි. මෙය ගාල්ලේ සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයට 2009 වර්ෂයේ දී ලැබෙන විට එහි මතුපිට ආරක්ෂාව සඳහා රසායන ද්‍රව්‍යයක් ආලේප කැර තිබූ බැවින් තඹවලින් නිර්මිත කාලතුවක්කුව දක්නට ලැබෙන්නේ තද කළු පැහැයෙනි. සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන්ගේ අවධානය යොමුවූයේ කාලතුවක්කුව අයත්වූ නෞකාව සොයාගැනීමයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය නිමල් සිල්වා මහතා මේ ගැන වඩාත් උනන්දු වූවේය. හෙතෙම කියා සිටියේ කාලතුවක්කුව හමුවූ නෞකාව සොයාගැනීම ඉක්මණින් කළ යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය මගපෙන්විම ඔහුගෙන් නොඅඩුව ලැබුණු බව සමුද්‍ර පුරාවිද්‍යාඥයෝ පවසති. ඒ අනුව ඔවුහු පසුගිය ජූලි අගෝස්තු මාසයන්හි හලාවත, මුන්දල, කල්පිටිය, මන්නාරම ආදී ප‍්‍රදේශයන්හි මූලික ගවේෂණයක් කළහ. පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා මේ පිළිබඳ මෙසේ කීවේය. ‘‘ අප මුලින්ම මුන්දල පොලීසියට ගියා. 2006 කාලතුවක්කුව හමුවූ වෙලාවේ පොලීසියේ සේවය කළ නිලධාරින් දෙදෙනෙක් තවමත් ඒ පොලීසියේ සේවය කරනවා. ඔවුන්ගෙන් ලැබුණු තොරතුරු අනුව සින්නපාඩුව කියන ප‍්‍රදේශයට ගිහින් ඒ ගැන විපරම් කර කරුණු සොයා ගැනීමට වෙහෙසුණා. නමුත් ඒක ඉතාමත්ම අසීරු කාර්යයක්. මුහුදේ ඇති පුරාවස්තු සම්බන්ධ නීතියක් තිබෙන බව දන්නා එම ප‍්‍රදේශයේ ධීවරයන් කරුණු ලබාදීම ප‍්‍රතික්ෂේප කළත් ඔවුන්ගේ විශ්වාසය දිනාගත්තාට පසුව කරුණු ලබාගත හැකිවුනා. මේ සඳහා ලංකාදීප පුවත්පතේ පලවූ ලක්දිව මුහුදේ ගිලූණු නැව් සොයාගිය ගමනක් කියන ලිපි පෙලත් මහෝපකාරී වුනා.’’ කාලතුවක්කුව ගොඩට ගෙනවිත් ඇත්තේ මුන්දල මංගලඑළිය හන්දියෙන් හැරී කිලෝ මීටර නමයක් පමණ මුහුද දෙසට ගමන් කළවිට හමුවන සින්නපාඩුව ප‍්‍රදේශයෙනි. මංගල එළිය හන්දියෙන් හැරුණු විට කිලෝ මීටර නමයක දුර ගෙවා ඒ ගමට යාමට බස් රථයක් හෝ නැත. සම්පූර්ණයෙන්ම ධීවර කර්මාන්තයේ යෙදෙන මේ ගම්වාසීහු ගෙවන්නේ අතිශය දුෂ්කර ජීවිතයකි. මසුන් ඇල්ලීමට අමතරව මුහුදේ කිමිදී බෙල්ලන් හා මුහුදු කූඩැල්ලන් අල්ලා තම දිවි රැුකගන්නා කිමිදුම් කරුවන් සහිත පවුල් කිහිපයක් ද මේ ගම්මානයේ වෙසෙති. ගම්වාසීන් පවසන්නේ පොලිසිය විසින් ගෙනගිය කාලතුවක්කුව හමුවීමට පෙර එම ආකාරයේම කාලතුවක්කු තුනක් හමුවූ බවයි. එක් කාලතුවක්කුවක් කැබලි තුනකට කපා අළෙවි කළ බවද අනෙක් ඒවා ද විටින් විට විකුණාදැමූ බවත් ගම්වැසියන් පවසයි. වරෙක මුහුද යට තිබී නැවකයැයි සිතිය හැකි සීනුවක් ලැබුණු බව ද ධීවරයෝ පවසා තිබේ. ‘‘ මහත්තයෝ මුහුද යට දම්වැලක්, නැංගුරමක් විතරක් නෙවෙයි ලොකු කඹයක් තිනෙවා අපි කිහිප වතාවක් දැකල තියෙනවා. ඒත් ඉතින් ඕව ගැන ඒ තරම් උනන්දුවක් තිබුණේ නැහැ. ඒ නිසා වැඩිය හොයා බැලූවේ නැහැ’’ යනුවෙන් ධීවරයෝ කිහිප දෙනෙක් කීහ. ධීවරයන් පවසන්නේ මුහුදේ ගල්පර සහිත ප‍්‍රදේශයක මේවා දක්නට ලැබෙන බවයි. ඔවුහු එම ස්ථානය අලි කකුල් ගල යනුවෙන් හඳුනවති. විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරි ඇති අලි කකුල් ගලෙහි තැන තැන අලියකු කකුල් තැබූ ආකාරයෙන් ගිලා බැසීම් තිබෙන බවත් අලියකුගේ කකුල් මෙන් දිස්වන වංගෙඩි ආකාරයේ ඉහළට නෙරා ඒම් පවතින බවත් ධීවරයෝ පුරාවිද්‍යාඥයන්ට පැවසූහ. ‘‘ ජූලි අගෝස්තු මාසවලදී අපිට මේ තොරතුරු ලැබුණත් මුහුදේ කිමිදුම් කටයුතු කරන්න සුදුසු පරිසරයක් ඒ කාලේ තිබුණේ නැහැ. මුහුදේ රළු ස්වභාවය සහ නොපැහදිලි බව නිසා මුහුදු පත්ල ගවේෂණය කිරීම අප පසුවට තැබුවා. මෙම ප‍්‍රදේශයේ කිමිදුම් කටයුතුවල යෙදෙන පියපුතු දෙපලක් වන බන්දු සහ කැළුම් මෙන්ම, ලෙස්ලි සහ කැමිලස් ද , ඉලත්තඩියේ ලාල් මාස්ටර් ද අවශ්‍ය තොරතුරු සපයා දීමෙන් සහයෝගය ලබාදුන් කිමිදුම්කරුවන් බව මුතුකුමාරණ මහතා පැවසීය. මෙවර පුත්තලම සිට මන්නාරම දක්වා ප‍්‍රදේශයේ මුහුද පැහැදිලි වූ වහාම ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂකයෝ ගවේෂණ කටයුතු ආරම්භ කළහ. ‘‘ අපි මුහුදු ගවේෂණයේ යෙදුනේ ලෙස්ලි ඇතුළු කණ්ඩායම සමග ඔහු අලි කකුල් ගල කියන ස්ථානය පෙන්නුවා. මේ ප‍්‍රදේශය ඉතාමත්ම සමතලා ස්ථානයක්. ඔවුන් පවසන දේ සත්‍යයක්. මේ පරයේ අලි අඩි තිව්වා වාගේ පෙනෙන කොටසක් තිබෙනවා. ඒ වගේම තැන තැන වංගෙඩි වගේ උස්වූ ස්ථාන තිබෙනවා. ඔවුන් ඒවා හඳුන්වන්නේ අලි කකුල් කියලා. කොරල් සහ මුහුදු පැලෑටි මේ ස්ථානයේ ඉතාමත්ම හොඳින් හැදිලා තියෙනවා. මුහුදු ජල මට්ටමේ සිට මිටර නමයක් දහයක් අතර ගැඹුරින් තමයි පතුල තිබෙන්නේ. ’’ මුතුකුමාරණ මහතා අපට ඔවුන් නැව සොයා ගවේෂණය කළ ස්ථානය පිළබඳ එසේ විස්තර කළේය. එක් තැනක මුහුදු පත්ලේ කැස්බෑවෙක් යම් ආවරණක් යට සිටින ආකාරය දුටුවා. පුදුමයක් මේ කැස්බෑවා තමන්ට ආවරණය සලසා ගන්නේ නැවක නැංගුරමකින්. මේ අප සොයපු නෞකාව විය හැකියි. ’’ රසික මුතුකුමාරණ මහතා තමන් සෙවූ නෞකාවේ නෂ්ඨාවශේෂයැයි සිතිය හැකි කොටස් හමුවූ ආකාරය එසේ විස්තර කළේය. ඔවුන් පවසන්නේ අහඹු ලෙස හමුවූ මේ නැංගුරම ගාල්ල කොටුවේ තැන්පත් කැර ඇති පිත්තල කාලතුවක්කුව අයත්ව තිබූ නැවේ නැංගුරම වියයුතු බවයි. ඉහත අවස්ථාවන්හිදී නැංගුරම් තුනක් හමුවූයේ ද මේ ආසන්නයෙන් බව ධීවරයෝ පවසා තිබේ. ඒ අනුව සින්නපාඩුව වෙරළට කිලෝමීටර දෙකක් පමණ ඈතින් ගිලීගිය නෞකාවක් සොයා ගැනීමට ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ ගවේෂකයන් කණ්ඩායම සමත්ව තිබේ. මෙම ස්ථානයේ නැවක් ගිලීගොස් ඇති බව පැහැදිලි කරුණකි. එම ස්ථානයේ පුරාවිද්‍යා ගවේෂණය කටයුතු ආරම්භ කිරීමට පෙර ප‍්‍රදේශවාසීන් විසින් ගොඩගත් කාලතුවක්කු සහ සීනුවත්, පුරාවිද්‍යාඥයන්ට හමුවූ ගල් පුවරුව සහ නැංගුරමත් එයට පැහැදිලි සාක්ෂි සපයයි. අදින් සියවස් කිහිපයකට පෙර වයඹ දිග වෙරළේ ගිලී ගිය නොහඳුනන නෞකාව හඳුනාගැනීමේ කටයුතු මේ වනවිටත් ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් විසින් ආරම්භකැර තිබේ. ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ ස්ථානභාර නිලධාරී ඩබ්ලිව්.එම්.චන්ද්‍රරත්න මහතාගේ මෙහෙයවීමෙන් සමුද්‍ර පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා, සමුද්‍ර පුරාවිද්‍යාඥ ඒ.එම්.ඒ.දයානන්ද මහතා සහ රුක්ෂාන් පි‍්‍රයංගන, සමීර කරුණාරත්න ඉන්දික උපුල්, මහින්ද කරුණාරත්න, රුවන් අසංක, කසුන් වීරසේකර, චමල් ගමගේ යන මහත්වරු සහ නදීකා කුමාරි මෙනවිය ද මෙම ගවේෂණයට සහභාගී වූහ.
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
පුත්තලමේ ගිලුණු නැවකට ගිය ගමන
ගිරිදු Sunday, 25 December 2011 12:54 PM
කැලයේ වැලි තලාවෙන් වැසී යන මෙවැනි උරුමයන් රැකගෙන ඉදිරි පරපුරට දායාද කිරීම යහපත් කාර්යයක්.
සදුන් සුරංග Sunday, 25 December 2011 03:21 PM
හොද ප්‍රවෘත්තියක්
janith kalpa Wednesday, 11 January 2012 01:17 PM
සුන්දර අවස්ථාවක්
kapila Saturday, 31 December 2011 08:31 AM
හොඳ ප්‍රවෘත්තියක්.
නිසංසලා Saturday, 31 December 2011 11:06 AM
ඉතා හොඳවැඩක්.. අනාගත පරපුර සඳහා මෙවන් උරුමයන් රැකගත යුතුයි....