පොදු රාජ්‍ය මණ්ඩලයේ නවතම සභාවාරය මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේය. මෙයට සහභාගීවීම සඳහා බි‍්‍රතාන්‍ය මහ රැජින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එහෙත් ඉකුත් සතියේ දිනෙක එලිසබෙත් රැජින කොළඹ වරායට පැමිණ සිටියාය. දෙදහසක සංචාරක පිරිසකුත් සමඟ ඇය හදිසියේම කොළඹ වරායට ආවේ ඇයි? එසේ පැමිණී එලිසබෙත් රැජින ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන මණ්ඩලය සහ වරාය අධිකාරිය එක්ව සාදරයෙන් පිළිගනු ලැබූහ. ඇයට රාජ්‍ය නිලධාරීන්ගේ පිළිගැනීමක් නොලැබුණේ ඇයි ? සමාවෙන්න. මේ අපේ‍්‍රල් පළමුවැනිදා විහළුවක් නොවේ. ඉකුත් 30 දා කොළඹ වරායට පැමිණි ‘‘ක්වීන් එලිසබෙත්’’ වූ කලී එංගලන්තය සතු සුපිරි නෞකාවකි. බි‍්‍රතාන්‍ය ඕස්ටේ‍්‍රලියා, ජපන්, දකුණු අපි‍්‍රකා හා ප‍්‍රංශය වැනි රටවල සංචාරක පිරිසක් රැගත් මේ සුපිරි නෞකාව පසුදා පෙරවරුවේ මුම්බායි වරාය බලා නික්ම ගියාය. ක්වීන් එලිසබෙත් වූ කලී කුනාඞ් ලයින් සමාගම මගින් මෙහෙයවනු ලබන විශාලතම මගී නෞකා තුනෙන් විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා නෞකාවයි. ඔවුන් සතු විශාලතම නෞකාව ක්වීන් මේරි වන අතර අනෙක ක්වීන් වික්ටෝරියාය. කුනාඞ් ලයින් සමාගම තමන්ගේ ඊළඟ මෙහෙයවීම් නෞකාව ලෙස ක්වීන් එලිසබෙත් පිළිබඳව දැනුම් දුන්නේ 2007 වසරේ ඔක්තෝබර් මාසයේදීය. එතැන් පටන් වසර තුනක් තිස්සේ ඉතාලියේ පින්කැන්ටෙයරි ටොනිපැල්කන් ෂිප්යාඞ් සමාගම මගින් ඉදිකළ නෞකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 560 ක් වියදම් විය. මේ සුපිරි රාජිනිය දොරට වැඞීමේ උළෙල 2010 ඔක්තෝබර් 11 වැනිදා සවුත්හැම්ෆ්ටන් හිදී උත්සව ශ්‍රීයෙන් පැවැත්විණී. ඉනික්බිති ඇගේ මංගල ගමන කැනරි දුපත් දක්වා යෙදුණු අතර කපිතාන් ක‍්‍රිෂ් වේල්ස් ඇගේ ගමන් මෙහෙයවීය. අනතුරුව ඇගේ ප‍්‍රධාන චාරිකාව ඇරඹුණි. ඒ සවුත් හැම්ප්ටන් වෙතය. 2010 ඔක්තෝබර් 10 වැනිදා ඇරඹුණු එකී ගමනේදී විගෝ, ලිස්බන්, කාඩිෆ්, ග‍්‍රාන්කැනේරියා, ටෙනරිෆ්, ලා පැල්මා, මදෙයිරා වැනි වරායවල නතර කෙරිණි. කුනාඞ් ලයින් සමාගම මෙහෙයවන මහා රාජිනියන් තිදෙනාම 2012 ජුනි 5 වැනිදා එකම තැනකදී මුණගැසීමද විශේෂත්වයකි. ඒ සවුත්හැම්ෆ්ටන් වරායේ දීය. ඒ වත්මන් රැජිනියගේ දියමන්ති ජුබිලිය සැමරීම් වස්ය. මගීන් 2092කට ඉඩ පහසුකම් ඇති මෙම සුපිරි නෞකාවේ තට්ටු 16කි. ඉන් 12 ක්ම මගීන් වෙනුවෙන් වෙන්කර ඇති අතර නැවේ දිග මීටර් 294කි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට කලින් කොළඹ වරායට පැමිණි "බි‍්‍රතාන්‍ය රැජින"