ප්‍රවෘත්තියක් යනු සිදුවීමක් පමණක් නොවේ. ඇතැම් ප්‍රවෘත්තිවලට අදාළ සිදුවීම තුළ බොහෝ බරින් ගත යුතු යටි පෙළක් තිබේ. එම යටි පෙළ තුළ අප ජීවත්වන සමාජයේ කුරිරු අකාරුණික ඇත්ත ඇතුළාන්තය තැන්පත්ව තිබේ. එවන් අනුවේදනීය පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
‘බිලිඳාට දෙන්න කිරි නැතිව මවට ජීවිතය එපා වෙලා’ අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙහි සිරස්තලය එයයි. මෙම අනුවේදනීය පුවත වාර්තා වන්නේ, මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙනි. දින දහයක් වයසැති බිලිඳාට මවු කිරි දීමට නොහැකි වීම හේතුවෙන් සිත් තැවුලට පත් මවක නිවෙස අසල ළිඳකට පැන සිය දිවි හානි කරගෙන ඇති බව එම ප්‍රවෘත්තියෙහි සඳහන්ය. කිරි නොමැතිව දරුවා හඬන අයුරු අසා සිටීමට නොහැකිව ඇය ළිඳට පැන දිවි නසාගෙන ඇති බව විමර්ශනවලදී තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසන බව ප්‍රවෘත්තියෙහි සඳහන්ය. විසිනව හැවිරිදි මෙම කාන්තාව දරුවා බිහි කිරීමෙන් අනතුරුව දින 11ක් මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබා, පසුගියදා නිවෙසට පැමිණ ඇති බව ප්‍රදේශවාසීන් පවසන බව ද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
පළමුව අවධාරණය කළ යුතු වැදගත්ම කාරණාවක් තිබේ. එනම්, කුමන හේතුවක් මත පදනම්ව වුව ද ජීවිතය තොර කරගැනීමට සිතීම ඉතාම අනුවණ ක්‍රියාවක් බවය. එමෙන්ම එය අතිශයින්ම දුබල මනසක් ඇත්තකුගේ නරක තේරීමක් බවය. ඒ අනුව, මුලතිව් පුදුකුඩිඉරිප්පු අම්මා විසඳුම වශයෙන් තෝරාගත් මාර්ගය කවර අර්ථයකින් වුව ද සාධාරණීකරණය කළ නොහැක.
මුහුදට වැටුණු සිය පැංචාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වල්ගයෙන් මුහුද හිස් කිරීමට උත්සාහ කළ ලේන් කුලේ අම්මා කෙනකු සම්බන්ධ කතා පුවතක් බෞද්ධ සාහිත්‍යයේ එයි. දාරක ස්නේහය එපමණකටම බලවත්ය. දස මසක් කුස දරා මෙලොවට බිහි කළ දරු පැටවාට දීමට කිරි පොදක් නොමැති වීම ඒ අම්මාගේ මනසට දරා ඉවසා සිටිය නොහැකි වන්නට ඇත. කිරි බිඳක් ඉල්ලා හඬන දරුවාගේ හඬ ඒ අම්මාගේ ළය විනිවිදින කිණිසි තුඩක් බවට පත්වන්නට ඇත. කඳුළ වපුරා මරණය අස්වද්දන යුගයක මානව ඛේදවාචකයේ එක් හරස්කඩක් මෙම සිදුවීමෙන් නිරූපණය වන්නේ යැයි පැවැසීම අත්‍යන්තයෙන්ම නිවැරැදිය.
අප ජීවත්වන්නේ මානව අවශ්‍යතා සපුරා ගැනීම අතිශයින්ම දුෂ්කර වූ යුගයකය. තුන් වේලක් බඩ කට පිරෙන්නට කා බී සතුටෙන් දිවි ගෙවූ මිනිසාට අද සිදු වී තිබෙන්නේ දෙවේලකින් හෝ එක් වේලකින් හෝ සෑහීමට පත්වීමටය. ඒ කන එක වේල ද ව්‍යංජන දෙක තුනක් සමග නොව එක් ව්‍යංජනයක් සමග විය හැකිය. ලේ වඩන ආහාර යැයි වෛද්‍යවරුන් නිර්දේශ කරන ආහාර වර්ග සිහිනෙන් දිව ගෑ සුවඳක් බඳුය. කොවිඩ් මාරක වසංගත සමයේදී රුපියල් 10ට මිලදී ගත් බිත්තරයක අද මිල රුපියල් 65-70කි. ඉකුත් සමයේ එළවළු මිල අහස උසට නැග තිබිණි. ඒ මිල තවමත් සැලකිය යුතු මට්ටමින් පහළ බැස නැත. මාළු මිල ද එසේමය. මෙම පරිසරය තුළ පෝෂ්‍යදායී ආහාර වේලක් සපයා ගැනීම මාරාන්තික අරගලයක් බවට පත්වී තිබේ.
පුදුකුඩිඉරිප්පු අම්මාගේ අනුවේදනීය ඛේදවාචකය අප හඳුනාගත යුතු වන්නේ ඉහත තත්වය ද සැලකිල්ලට ගනිමිනි. මෙය මෙම සමාජය තුළ එක් අම්මා කෙනකු ලැබූ අත්දැකීමක් වශයෙන් හඳුනා ගැනීම නිවැරැදි නැත. මෙබඳු අත්දැකීම් විවිධාකාරයෙන් බොහෝ අම්මාවරු අත්විඳිමින් සිටිති. බොහෝ පියවරු අත්විඳිමින් සිටිති. එහෙයින්, මෙම ඛේදවාචකය පියමන් කිරීම සඳහා කළමනා කටයුතු හැකි වේගයකින් කළ යුතුය.
(***)
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුදුකුඩිඉරිප්පුවෙන් ඇසුණු සමාජ ශෝකාන්තය